Sunday, June 17, 2012

පච්ච කොටන කෙල්ලෝ බඩුද? (සේයාරූ සහිතය.. + ද මන්දාය)

කවුරුත් දන්නා පරිදි මං රජ බොරු  නොකියන්නේය. ඇත්තම සිද්දි ලියද්දී එතන කියවුනේ කුනුහබ්බයක්ද එයද අඩුවක් නැතුව පොස්ටුවේ රන් අකුරින් සටහන් වන්නේය. කෙල්ලෝ පච්ච ගැසීම යනු මට අමුතු දෙයක් නොවන්නේය. මන්ද කෙල්ලෝ පච්ච ගහන හැම තැනක්ම මම සියසින් දැක ඇත. හැම තැනකම කිව්වාට තැන දෙකක් දැක නැත. ඒ තට්ටම සහ රජ මකුණා ජීවත් වන ප්‍රදේශයය. දැන් රජා කොහොමද මෙච්චර පච්ච දැකලා තියෙන්නේ යන ප්‍රශ්නය පාඨක ජනතාවට අනිවා  එන ප්‍රශ්නයක්ය. විසදුම මෙයය....රජා ඇතුළු පිරිස ජීවත් වෙන්නේ ගල්කිස්සේ ගල් අස්සේය. එනම් සංචාරක පුරවරයකය. දේශීය මෙන්ම විදේශීය සංචාරක යුවතියෝද බිකිනි පිටින් මුහුදු තිරයේ සක්මන් කරන්නේ කිසිදු විලි ලැජ්ජාකමකින් තොරවය. ඒ දෙස අපි බල බල සිටින්නේද කිසිදු පැකලීමකින් තොරවය. මන්ද ඒ ශරීරය අපේ නොව ඇගේය. ඇය එය පෙන්වන්නේ අපිට බැලීමටය.

ඔය මම කොච්චර  අත කඩාගෙන ලිව්වත් උඹලා විශ්වාස නොකරන බව හොදින්ම දන්නේය.  ඒ නිසාම කැම්පස් එකේ සිට සුද්දියක් ෆලෝ කරගෙන බෝඩිම ඉස්සරහ කඩේ ලගටම ආවෙමි. ඇගේ හෝ මගේ හොද වෙලාවට ඇය කඩේ ලග නතර වුයේ අයිස් ක්‍රීම් සමග බෙන්සන් එකක් ගැසීමටය. ඒ අතර රජාගේ පැපරාසි  ජංගම දුරකථනය ක්‍රියාත්මක විය. දිගට හරහට සුදු පිටේ ඡායාරූප වදින්නට විය. මේ වගේ කාන්තාවන්ගේ රහස් ඡායාරූප ගැනීමට රජ හෙන දක්සයා බව දන්නෝ දනිති. (ඒ ගැන පොස්ටුව පසුවටය.)

ගැහැණිය යනු ස්වභාවයෙන්ම පිරිමියා වශී කරගන්නට හැදුනු සතෙක්ය. අමුතුවෙන් මොඩ් වීමට කිසිදු අවශ්‍යතාවයක් ඇති බවක් මට නොපෙනේය. නමුත් කෙල්ලක් විහින් තම ශරීර කූඩුව විනාස කර ගන්නේද, එයට රජාගේ තද බල විරෝදය එල්ල වන්නේ නිතැතින්ය. ෆැෂන් එක වෙනම දෙයක්ය. නමුත් අනවශ්‍ය දේ කිරීම තවත් දෙයක්ය. 

රජාට කළු සුදු භේදයක් නැත. කෙල්ල ප්‍රියමනාපද පිරිපුන්ද යන වග පමණක් සැලකිල්ලට බදුන් වන්නේය. මන්ද,

  • කළුවරට  කොයි ගෑණිත් එකය....
  • මොන කොටෙත් ඉරන්නෙ පෙරලලාය...
  • There is no Barrier under the බුරිය.... 
යන උදෘත පාඨ මගේ හිතේ අතීතයේ සිට මුල් බැස ගෙන ඇති බැවින්ය. 

පච්චය යනු අතීතයේ හුදු මැරයන්ට පමණක් සීමා වූ ෆැෂන් එකක්ය. බොහෝ කෙටි පද සිංහල ශබ්ද කෝෂයට එකතු වුයේ ඒ ඇසුරින්ය.

ජීවිතේ මල් අම්ම ඉන්නකල්, වැදූ මව බුදුවේවා හැදූ පියා රජ වේවා, අම්මා බුදුවේවා තාත්තා රජ වේවා, මා මළ පසු පණ පලයන් ගමට සුදා, කොටියා බුදි කීද්දුවොත් ගුටි, අම්මා නැතිදා කාගේ පිහිටද, හිත හොඳ පපුව, හිතත් හොඳයි වැඩත් හොඳයි, පිස්‌සු හැදෙන සඳ, පොළඟා විසයි කෑවොත් මැරෙයි, හිතුමතේ ජීවිතේ. ඉන් කිහිපයක්ය...

පච්ච සිරා, පච්ච සෝමේ, පච්ච මහතුන්, පච්ච ඇන්ටන් ආදී වශයෙන් තම නම මුලට ආදේශකයක්‌ එකතු වුණු අය සමාජයේ බොහෝ ලෙස සිටියේ එ ලෙස පච්චයක්‌ හෝ කීපයක්‌ ඇඟේ තිබ්බ නිසාත් ඒවා නිරාවරණය කරගෙන සිටි නිසාත්ය. හුංගම නයා, කොටුවේ අලියා, බීලිං බේලි වීදියේ බඹරා, ගාල්ලේ පිඹුරා වැනි අය සමාජය දැනගත්තේ උප්පැන්නයේ තිබූ නමට වඩා ඇඟේ සිටි සතාගේ රූපයෙන්ය.



වෘත්තියෙන් නොව එක් විශේෂ රෝගයකට පමණක් ටක්කෙටම සුවවෙන බේත්දෙන පාරම්පරික වෙදදුරෙක් වූ රජාගේ අත්තාගේද (සීයා රජා) වම් බාහුවේ සිංහ මුහුණක් තිබුනද, අදටද ඒ පච්චෙට කිරිඅම්මාගේ (ආච්චි රුජින) බලවත් විරෝධය එල්ල වන්නේ පනස් වන විවාහ සංවත්සරයත් පසුවී ඇති කාලයක වීම, එකල සිට පච්චා වලට තිබූ අප්‍රිය බව මනාව පෙන්නුම් කරන්නේය.

ඇඟේ පච්චා කොටාගත් අය සාමාන්‍යයෙන් කැමති එවා නිතරම අන් අයට ප්‍රදර්ශනය වෙමින් තියෙන්නට හැරීමය. වෙන විදියකට කීවොත් පච්චා හැමෝටම පේන ලෙස අඩ නිරුවතින් හෝ ඇඟ පේන ලෙස ඇඳුම් ඇඳීමටය. පච්චාකාරියකන් කලවා, ලැම, උරහිස, මලවිකරලිය ආදිය පෙනෙන්නට දුහුල් ඇඳුම්ම අඳිති. නැත්නම් එවා පෙනෙන ලෙස එ ප්‍රදේශ නොවසාම සිටීය. 

කෙල්ලෝ පච්ච ගහන විශේෂ තැන් කිහිපයක් වේය.

  • බෙල්ල - සමනලයා මල හා ලමිස්සී යනු පච්ච පොතේ විශේෂම පරිච්චේදයක්ය. ඇත්ත වශයෙන්ම දිග කොන්ඩේ ඇති කෙල්ලෝ මෙය නොගසන්නීය. මන්ද එය පෙන්නා කොල්ලන් මෝල් කිරීමට නොහැකිය. කොන්ඩේ උස්ස උස්සා සිටීමට නොහැකිය. ඇයට තව පච්ච ගැසීමට තැන් බොහෝය. 


  • වළලු කර - මෙය තවත් එක විශේෂ ස්ථානයක්ය. නමුත් මෙතන ගහන පච්ච ඉතාම කුඩාය. මන්ද කෙල්ලන්ගේ පාද කුඩාය. විලුබේ ගහන පච්ච නම් කුඩා තරු දෙකක් හෝ මලක්ය. මෙව්වා වැඩිය පෙනෙන්නේද නැත. අනික කොල්ලෝ දෙකට නැමී විලුඹ බලන්න යන්නේද නැත. ඇයට එය පෙන්නන්නම අවශ්‍යම නම් කකුල උස්සා අපිට එය පෙන්විය හැක්කේය. නමුත් එවිට කළුවර තැනකද පච්චා පෙනීම අපිට ගුජුප්සාව උපදවන්නේය.


  • පියයුරු - මෙතන ගහන පච්චාව නම් හරිම සෘංගාරය උපදවන සුළුය. මන්ද එය පෙන්වන්නට එන කෙල්ලෝ එන්නේ සීතාම්බර සළු ඇදගෙනය. නැතිනම් දුහුල් සේල ඇග පැලදගෙනය. කුරුම්බා ගෙඩි වලට උරුමකම් කියන පොෂ් ගෑල්ලමයි ලොකු ලොකු පච්චද, තුනී ලෑලි සංස්ථාවේ වැඩ කරන ලමයි පොඩි පොඩි පච්චද ගසන්නීය.


  • යටි පස්ස - වැරදියට තේරුම් ගන්න එපාලුය. මේ කියන්නේ අර යටි බඩත් සමගම ඊට ප්‍රති විරුද්ධ දිශාවේ තියන ප්‍රදේශය ගැනය. ඔය ගෑල්ලමයිගේ මේ හරිය හරි ලොකුයිලුය. එහෙයින් හෙන පත මල් වතු, කුරුළු උයන්, මකර තෝරන් වගේ ලොකු ලොකු පච්ච ඔය හරියේ නියමෙට වදිනවාලුය.


  • තට්ටම - මෙය මම කලින් කිව්ව දැකල නැති තැනක්ය. මොකද ඉතින් ගලවල බලන්න යෑ? දැකපු දවසක කියන්නම් මොන වගේ ඒවාද තිබ්බේ කියලා... නිල් පාට ඒවාට අනුවගේ නම් තිබ්බේ මෙන්න මේවාය.



පච්චයක් කෙටීමට ඕනෑම නම් අතිශය රහසිගත තැනක කොටා ගත්තාට වරදක් නැත. නමුත් පච්චය කෙටූ පසු එය තවත් රහසිගත නොවන්නේය. මන්ද පච්චෙ කොටන එකා එය දැකලා හමාරය. කෙසේමුත් අද සමාජයේ පච්ච කොටන යුවතියන් ගත් කල තත්වය පැහැදිලිය. මන්ද මේ ලංකාවය. කන්නේ එක මකුනෙක්ය. මැරෙන්නේ මකුණෝ ඔක්කොමය. 


විලාසිතා හොඳය. නමුත් එහි අන්තයට යැම හොඳ නැත. පච්චා කෙටීම සමහරුන්ට ලස්‌සනය. විලාසිතාවකි. නමුත් එහි දුර්විපාක බොහෝ තිබේය. ලේ ගැලීම, වෛරස්‌ ඇතුළුවීම, සමාජ අවමානයට ගොදුරුවීම, සමාජය විසින් පිළිකුල් කිරීම ආදිය ද සිදුවෙය. පච්චා කෙටූ ඇඟක්‌ ඇති අයෙක්‌ වරදක්‌ කර පොලිසියට අහුවන කල කන්නට ලැබෙන ගුටි ප්‍රමාණය වැඩිය. කෙසේ වෙතත් වැදගත් යෑයි සම්මත විසින් පච්චාකාරයන්ව එදා ගණන් ගත්තේ නැත. අදටත් එසේමය.

මහමගදී, සුපර් මාකට් එකේදී, ෆිල්ම් හෝල් එකේ දකින පච්ච කෙටූ යුවතිය වෙත ඇස යොමු වෙද්දී මට නම් සිතෙන්නේ මෙයය..මේකි නං පට්ට **ක්ය.... එය හුදෙක් මගේ එක සිතුවිල්ලක්ද? අනිත් කොල්ලන්ටත් පොදුද? යන්න මම නොදනී. මන්ද රජා අවට සිටින පිරිසද සිටින්නේ මගේ බෝට්ටුවේමය.

මෙන්න තියෙනවා පච්ච සහ ඒවගෙන් පෙන්නන ඒවා.. මොනවා උනත් ගති ඈ...

ප/ලි:
තරුණියන්, ගැහැනු සහ ළමා ළපටින් ද අද නව විලාසිතාවන්ට ආසා කරන බව අපට පෙනෙන්නේය. මෙහි වරදක්‌ නැතිය. විලාසිතාවන් නිකරුණේ විවේචනය කරන්නේ හෝ එවාට බැණ වදින්නේ ගොඩයන්, හණමිටියන් යන්න අද සමාජයේ ආකල්පයය. නමුත් දකින්නාට ගුජුපුසාවක් ඇති කරන එසේත් නැත්නම් බාල පරපුර නොමඟට යොමු කරන අසංවර දේ ගැන නිහඬව සිටීමට ද සමහරු කැමති නැතිය.

බ්ලොග්කරණය යනු හුදෙක්ම බේගල් අත හැර පාඨකයා මුලා කර සිගිති වූ ආතල් එකක් නොවේය. ඉදහිට හෝ මදක් සීරියස් වූ කරුණක් දෙකක් සමාජ ගත කල යුතුය. කතිකාවකට භාජනය කල යුතුය.

 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

151 comments:

  1. ෆැසන් එකට ටැටූ ගැහුවට එතනින් සමහර වෙලාවට වෙන දේවල් කියවෙන්නේ .......... සමහර ඇයො නම් රාගයට අර්ධන කරන්න මේවා යොදා ගන්නවා ...
    කුමන අරමුණකින් මේ දේ කලත් දකින කෙනෙක්ට නම් ඒ ගැල්ලමය ගෙන ඇති වෙන්නේ හොද ප්‍රතිරූපයක් නෙමේ කියන එක තමයි මගේ නම් මතය //
    රජාගේ 4to ගැසිමනම් පට්ටය ඒ ගැන කියවන්නට බලන් සිටිමී

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...
      පෝන් පොටෝ බලාපොරොත්තු වන්න... :-)

      Delete
  2. ස්ත්‍රී පරානවල ශරීරාංග ගැන හොඳ අවබෝධයක් මූට තියනව නොවැ.

    දැන් ඔය පොඩි කොල්ලො හිටන් අතේ ගහන්නෙ, මම කිව්වෙ අර රුපියල් දෙකේ චුයින්ගම්වලට හම්බවෙන ටැටූ එක.

    ReplyDelete
    Replies
    1. හුටා.......පොඩි කෙල්ලොත් දැන් අතේ ගහන්න ගත්තද?
      ඉවරයි... කොල්ලන්ට කියලා තිබ්බෙත් ඔච්චරමයි...

      අහරේ සැමා එලිපිට අතේ ගහනවා.. දැන් පොඩි කෙල්ලෝ.... :/

      Delete
    2. ඒ වැඩේට මාගේ බලවත් විරෝධය !!

      Delete
    3. අනිවා මගෙත්.....!!!

      Delete
    4. පොඩි කොල්ලන් පොඩි කාලේදීම ඕවා කළ විට ලොකු කාලෙදී කරන්නට දෙයක් නැත.ඒවාට ක්‍රියාමාර්ග ගත යුත්තේද රජාලාය.

      Delete
    5. පච්චයක් අතේ ගැහුවා කියලා මොකක් ද බන් වෙන්නේ

      Delete
  3. මටත් ඔය පච්චා ගහපු කෑල්ලක් දැක්ම හිතනේනේ ඔය රජාට හිතෙන දේම තමයි.... මම නම් හිතන්නේ ගෑනු ලමයෙක්ට පච්චා, &$& , &%^%^ නම් ගැලපෙන්නෙ නෑ.. දැනුත් ඔය උඩ පින්තූරේ දැක්කම මට හිතුනේ බ**ක් කියලා තමයි...

    ReplyDelete
    Replies
    1. එහෙනං මෙයත් මගේ බෝට්ටුවේ...
      දාන්න පුතා 5ක්..

      Delete
  4. මොකක්ද බන් මලවිකරලිය කියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. උකුල ලැම හස මලවි කරලිය - මුවා කළ ඇගෙ දුහුල් සළුතිර
      විවර කෙරුවා මනස් සලෙළුන් - උමතු වූ දෙනුවන් රැහැන් ඇද
      මා අබියස මැවුනු තුසිතය - සුරන් නැලවූ සුයාමය

      අමරදේව මාමා (සීයා) ඔහොමයි කියන්නෙ

      Delete
    2. ඕං ආවා උත්තරේ..

      Delete
    3. මටත් මතක් වුනා ඔය සින්දුව.. ඒත් උත්තරේ තාම පැහැදිලි මදි. කියපන්කො රජෝ නිකම් අපිව වටේ යවන්නැතුව.. උබත් නිකන් අපේ ඇත්ත රජාල වගේමයි.

      Delete
    4. අනේ මට ලැජ්ජයි ඕයි..

      Delete
    5. ලැජ්ජ බිමින් තියලා උත්තරේ කියනවා ඕයි.. ඔන්න දැන් මල පනිනවා..

      Delete
    6. උකුල ලැම හස මලවි කරලිය........ මෙහෙම කියාගෙන එද්දිවත් තේරෙන්නෙ නැද්ද බං???

      උඹට සීනිබෝල වලින් වෙඩි තියන්න ඕනේ කූඹි කාල මැරෙන්න.... :-) :-)

      අර අරක බං.... ඔය මම උඩ කියලා තියෙන්නේ...

      Delete
    7. අඩේ බන් මටත් පැහැදිලි තේරුමක් නෑනේ බන්....එක බෝට්ටුවෙ හිටියට ඒක විතරක් තේරැනේ නැත්තේ ඇයි බන් මට??????

      Delete
    8. අනේ මේ රජවරු වගේ බොරු ලැජ්ජා කාරයො.. මුන්ට ඔක්කොම වලත්ත වැඩ කරන්න පුලුවන්.. මොනවා හරි ඇහුවාම නියපොත්තෙන් පොලව හාරනවා..

      ඔහොම බෑ, ඔහොම බෑ.. අපි ( දැන් තවත් වැසියෙක් උත්තර බලාපොරොත්තුවෙන් ඉන්නවා ) පැහැදිලි උත්තරයක් බලාපොරොත්තුවෙනවා...

      Delete
    9. උත්තරයක් ඕනා.... තවත් වැසියෙක් උත්තර බලාපොරොත්තුවෙන් ඉන්නවා........

      Delete
    10. අලේ .... මමත් ඒක දන්නෑ. අගේ නැතුව කියන්ඩකෝ.

      Delete
    11. මාරයගේ පෝස්ට් එකක වෙදමාමාද කොහෙද ඕක කුණුහරුපයක් නෙවෙයි කියල ලියල තිබ්බා....... ඒත් මටත් ඔව්ව කියන්න ලැජ්ජයි ඕයි ප්‍රසිද්දියෙ.. අපි කොන්වන්ට්වල හැදිච්ච කොල්ලො හරිය.... ඒ හින්දා මෙහෙම කියන්නම්

      අර මම තුමා කියුබාව කියල විග්‍රහ කොලේ...

      අර රන්සළු වලින් වහල තිබ්බත්... කාලෙකට මෙව්ව වෙන්නේ

      අර අපායට යන පාරෙ මේන් එන්ටරන්ස් එක කියන්නේ


      තව නම් බෑ

      Delete
    12. ඒ බන් රජතුමනි ඔය කියන්නෙ හොට් ඉස්පොට් එක ගැන නේ?

      Delete
  5. බ්ලොග්කරණය යනු හුදෙක්ම බේගල් අත හැර පාඨකයා මුලා කර සිගිති වූ ආතල් එකක් නොවේය. ඉදහිට හෝ මදක් සීරියස් වූ කරුණක් දෙකක් සමාජ ගත කල යුතුය. කතිකාවකට භාජනය කල යුතුය.



    මේ ටික හොදටම හිතට වැදුනා රජෝ...ඉතුරු ටික මුළු ගතටම වැදුනද මන්ද...එල සුපිරි..

    ReplyDelete
    Replies
    1. රිදුනෙ නැත්තන් එච්චරයි... :-)

      Delete
  6. //බ්ලොග්කරණය යනු හුදෙක්ම බේගල් අත හැර පාඨකයා මුලා කර සිගිති වූ ආතල් එකක් නොවේය. ඉදහිට හෝ මදක් සීරියස් වූ කරුණක් දෙකක් සමාජ ගත කල යුතුය. කතිකාවකට භාජනය කල යුතුය.//

    ++++++++

    තමන්ගේ සුන්දරත්වය වැඩි වෙන්න , තමන්ගේ ඇඳුම් විලාසිතා එක්ක ගැලපෙන්න කෙල්ලෙක් පච්චයක් ගහ ගත්තාට ඇති වරදක් නෑ කියලයි මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් මතයක්.......හොදයි.........!!!

      Delete
    2. ඒත් වයසට ගියාම ඔය පච්චා වල අගය තරුණ වියේ මෙන්ම තියේ නම් මම අගයනවා,

      Delete
    3. ඔව් නේ ..ක්සැන්ඩර් අය්ය හරි.... වරක වැල වෙද්දි.. මල් පෙති ඇකිලෙන්න පුලුවන්

      Delete
    4. ඊයා....මොකද්ද ඒ කිව්ව කුප්ප කතාව? :-)

      Delete
  7. ඔන්න දැන් රජාගේ පැපරාසි කැමරාවෙනුත් පරිස්සම් වීම හොදයි. අර උදෘත පාට තුන නම් ඇත්තම ඇත්තයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඕවා තැන් තැන් වලින් අහුල ගත්තුවා තමා ඩොක්... :-)

      Delete
  8. රජාට හිතෙන දේම මටද සිතේ..පට්ට බ*** කියා දුටු විගස හැඟේ..ඒත් මෙහිදී පොඩි උන් ගහගන්නා චුයින්ගම් පච්ච ගැන නම් අපි වද විය යුතු නැත යනු මගේ අයිඩියා එකය!

    සුන්දරත්වය වැඩි වීමට පච්ච ගැසීම කල යුතු නැත..

    මෙහිදී ප්‍රධානම ගැටලුව මතු වන්නේ ගැසූ පච්චය පිටට පෙන්නන්නට වුවමනා වූ කල්හිය.මක් නිසාද යත් ආකර්ශනීයම ටැටූ පෙලේස් ලංකාවේදී එලියේ දමාගෙන යාම බයානක බැවිනි.අනෙක ලංකාවට සභ්‍යත්වයක් කියා දෙයක්ද තිබේ.ලංකාව යනු මියාමි බීච් එක නොවේ!
    රජා නම් උපන් පැපරාසි දක්ශතා සහිත පොරකි..එළ :D

    ReplyDelete
    Replies
    1. චුයින්ගම් පච්චා නං අපිත් ගැහුවෙ ඉස්සර... :-)

      //ලංකාව යනු මියාමි බීච් එක නොවේ!//
      අනිවාර්යෙන්....

      තෑන්ක්ස් ඈ..

      Delete
    2. චුයිංගම් පච්ච ගැන කියපු නිසා මගෙ පහුගිය පෝස්ටුවට වැටුන කමෙන්ටුවක් මෙහෙම දාන්නම්.

      හරී
      June 15, 2012 9:19 PM

      දවසක් අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක් මෙහෙම කියනවා..අපි 9ද කොහෙද?

      දැන් කාලෙ ළමයින්ට පුදුම ලෙඩ තියෙන්නෙ.. කඩේට යනවා, චුයින්ගම් ගන්නවා, පච්ච ගන්නවා, අතේ ගහනවා..

      කොල්ලනට මැරෙන්ඩ හිනා..

      Delete
    3. හිනා යන්නෙ නැතුව තියෙයි යෑ.. :-)

      Delete
    4. ඒකනෙ හිනා නොයා තියෙයි යැ?ඔක්කොම අමූලික ඇස්ත නෙව ;)

      චුයිංගම් පච්චා දැන් හරි නෑ බන්.වදින්නෙ නෑ හරියට.පච්චෙ තියෙන ටිසූ එකෙම ඒක ඇලවිල.

      ඒක නෙවි බන් රජතුමනි.අර රුපියල් දහයට විස්සට තියෙනව වතුර ගාල අලවගන්න ඇහැක් ටැටූස්.කතරගමදි දැක්කෙ.චූටි කොල්ල ගත්ත පහක් ආයෙ සල්ලි කියල බැලුවෙ නෑ.මේං සයිස් මකරා!
      ගැහුව අතේ :ඩී

      Delete
    5. තඩි සයිස් එකෙක් අතේ ගැහුවා :o

      Delete
    6. යා යා :D
      ඉරිසියා කොරන්න එපා සෑම් අයියත් එකක් අරන් අතේ ගහගන්න.රුපියල් දගයයිද කොහෙද එකක්

      Delete
  9. පට්ටයි! ඒත් ඔය පැපරාසි කැමරාව නිසා ලඟදිම දවසක කනව. මමනම් කාල තියන නිසා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවට? උඹ කෑවද? කියන්නකෝ කතාව...

      Delete
  10. රජා ගහන්න ඕනෙ තැනට පච්චෙ ගහලා.. :)

    ඒත් ලස්සනට ගහපු ගෑල්ලමයි ඉන්නව බං. පව් ඉතිං..

    පච්ච ගැන දැහැමි කවියක් කියවල බලන්න

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      සෑමගේ කැත හිත.. :-)

      Delete
  11. අඩේ මටත් පච්චයක් කොටන්න හිතෙනවා බන්!

    ReplyDelete
    Replies
    1. කොයි හරියෙන් වගේද? :-)

      Delete
  12. A Walk to remember චිත්‍රපටයේ ගෑන්ළමයා උරහිසේ තියෙන බටර් ෆලයි ටෙම්පරරි පච්චයට මගෙත් හිත ගියා.

    ReplyDelete
    Replies
    1. හෑ.......?
      සොදුරු අක්කා පච්චා ගැහුවොත් එහෙම ඕං මං නෑ... :-)

      Delete
  13. මමත් මේ පච්චයක් ගහන්න තැනක් හොයනවා.....! ම-සි-න් වගේ එකක් නම් හොඳයි....!

    ජනතාවගේ ආයුෂත් අරන් මහ රජ වැජබේවා.....!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා....

      දුමී අයියව සාදරයෙන් පිළිගන්නවා ඈ....

      Delete
    2. ඕකේ තව වර්ෂන් එකක් තියනවා.. පච්චේ පෙන්නේ පොළගා මැරෙයි කියලලු. ඒත් ෆුල් පච්චේ තියෙන්නේ පොළඟා විසයි කෑවොත් මැරෙයි කියල ලු..

      Delete
  14. ඉස්සරහ පච්ච ගහලා තියෙන්නේ චණ්ඩි විතරයිලු :D

    ReplyDelete
    Replies
    1. අපේ සීයා චණ්ඩියෙක් නෙමේ ඈ... :-)

      Delete
  15. අඩේ එක අතකට අවුලකුත් නෑ වගේනෙ රජෝ

    ReplyDelete
    Replies
    1. අපිට නං ඉතින් අවුලක් නෑ... ඒත් රට්ටු කියන කතා...

      Delete
  16. දැන්නම් හිතෙනවා පච්චා එල කියලා
    කොටනව ඇපල් ගෙඩියක් මගේ නම ලියලා :D

    ReplyDelete
    Replies
    1. ඒත් ලාබයි කියලා ගහන්න එපා ඈ....
      අඩුවට ගන්න එයි.... :-) :-)

      Delete
  17. මටත් හිතෙයවා බං එකක් ගහගන්න

    ReplyDelete
  18. අනේ මන්දා ඉතින් කාලයක් සුට්ටං ටෑටූ එකක් (පච්චා නෙමේ ඈ )කොටා ගන්න අවතාර්ගේ හිතෙත් අයිඩියල් එකක් තිබ්බා.ගෙදරින් දැන ගෙන එකදිගට පැය ගණනක් බැනලා අනතුරු ඇඟවීමක් කලාට පස්සේ ඒ අදහසට පයින් ගහලා එලෙව්වා.
    ඒක නෙමේ අර විදිහට අනිත් තැන් වල පච්චත් පොටෝ ගහන්න ගියොත් රජෝ වැඩිකල් යන්න කලින් ගහයි බවලතෙක් කනට

    ReplyDelete
    Replies
    1. එව්වා ගහන්නේ ටෙක්නික් එකට....
      ගහලත් තියෙන්නේ...
      වෙලාවක දාමුකෝ පෝස්ටුවක්.. :-)

      Delete
  19. දැන් දැන් කොල්ලන්ට කෙල්ලන්ගෙන් බේරෙන්නට බැරිය. කොල්ලන් අනුකරණය කරන්නට පටන්ගෙන ය. එය තරයේ හෙළා දැකිය යුතු ය.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා අවුල..... හිකිස්.......

      Delete
  20. පච්ච ගහන කෙල්ලන්ට මම ආසා බලන්න විතරයි
    ඒ හැර වෙන කිසිම දේකට ඕකුන්ට කැමති නැහැ
    මමත් මගේ දකුණු බාහුවේ මකරෙක් කොටාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. උඹට ගහන්න හොඳනම් කෙල්ලෙක් ගැහුවාම මොකද වෙන්නේ ? ඇයි කෙල්ලන්ට කොල්ලන්ට වගේ තමන් ආස දෙයක් කරන්න තහනම්ද ?

      Delete
    2. සිරාවට? මකරෙක්... පට්ට නේ ඕයි..... :-)

      Delete
    3. හ්ම්ම්....

      Delete
    4. @බුවා අයියේ
      යකෝ අපි කරන හැම මඟුලම උනුත් කරන්න ඕනද? :)

      @අඩවි රජ
      සිරා බන් සිරා කියන්නේ පට්ට ඒක දැක්කම කට්ටිය මගේ කමිසේ අත උස්සලා බලනවා,

      @හිරු
      හ්ම්ම් හ්ම්ම් ඔයත් ගහගන්නකෝ එහෙනම් :D

      Delete
  21. මේ රජෝ..උඹත් "මමයි රජා" කියලා කොහෙද මංදා ගහගෙන ඉන්නවලු නේද...මට උඹේ අන්තංපුරේ මගේ හොද යාළුවො ටිකක් කිව්වේ...

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ...... මම මේ එකක් හොය හොය හිටියේ.... :-)

      අඩෝ මේ... උඹ මගේ අන්පුරේ එක්ක කනෙක්ෂන් වැඩී හරී......... :/ :-)

      Delete
  22. ඔක්කොම හරි
       " වැදූ මව බුදුවේවා හැදූ පියා රජ වේවා, අම්මා බුදුවේවා තාත්තා රජ වේවා, "

    මේව දැක්කම මට හිතුනේ " මූ රජ වුනේ තාත්ත කෙනෙක් වුන නිසාද? " :P

    ගෑල්ලමයෙක් පච්චයක් කොටන එක අවුලක් නම් නැත නමුත් ඒ අපේ හැගීම් වල සීමාව exceed නොවනතාක් පමණි.

    ReplyDelete
    Replies
    1. හිකිස්....

      අනිවාර්යෙන්...

      Delete
  23. අඩවි රජා සෙල්ලම් නෑනෙ බොලව්! අපේ පහන් සංවේගය උදෙසා ජීවිතය කැප කරලා පැපරාසි පොටෝ ගහන එකම මදිද මේ රජාට රාජ සම්පත් ලැබෙන්න.... කොහොමද මංගල නයිට් එකේ රජතුමා කලින් දැකපු නැති තැනක ගැල්ළමයා පොඩි පච්චයක් කොටාගෙන ආවොත් ඩිවෝස් කරනවද ?

    ReplyDelete
    Replies
    1. අන්න සිරාට සිරාවටම තේරුනා.......

      අනිවා ඩිවෝස් කතා දෙකක් නෑ.. බොක්කෙන්මයි කිව්වේ. විහිළු නෙමේ.!!!

      Delete
    2. // මංගල නයිට් එකේ රජතුමා කලින් දැකපු නැති තැනක //

      ඔය කියන්නෙ මේ රජා ගැන නම් වෙන්න බෑ.

      Delete
  24. කවුද ඩෝ කොටු කොටු දැම්මේ !!!
    පච්ච නම් ගැහුවට කමක් නෑ. ඒවා පෙන්නන්න යන්නේ නැත්නම් !!!
    මේ බ්ලොග් ලෝකේ මම දැකපු එකම පච්චයා තමා රංගයියා !!! ඒක නම් පට්ට පච්චේ !

    ReplyDelete
    Replies
    1. හිකිස්.....

      එහෙමද? මං දැකලා නෑ.. :-)

      Delete
  25. මෙහෙ නම් ඉතින් පොඩි උනුත් පච්චකොටාගෙන ඉන්නෙ..ඒක කලාවක්..

    ReplyDelete
    Replies
    1. ඒ ඔහෙනෙ අක්කෝ... මේ මෙහෙනේ... :-)

      Delete
  26. බොරු කියන්නේ මොකෝ කෙල්ලෙක් විදියට ෆැෂන් කරන්න කවුරුත් කැමතියි..ඔය ටැටු මෙහේ එහෙම හරි ජනප්‍රියයි..කොටින්ම අපේ ඉස්කොලේ එකේ අවුරුදු 15 කාලේ ඉදන්ම කෙල්ලො ටැටු ස් වලට වශි වෙලා..නොයෙක් ස්ථාන වල එවා කොටා ගත්තා.. මංතුමි ත් ආසාවෙන් හිටියා..හැබැයි ඉතින් මම ශ්‍රි ලාංකීක නේ නේද.. අපේ වගේ රටක කෙල්ලෙක් ඔය වගේ දෙයක් කරොත් අන්තිමේ එ කෙල්ල කොහොම උනත් අහගන්න වෙන්නේ හොදවයින්ම තමා..අනික ඔව්වා නොකරන අයත් ලංකාවේ නැ කියන්න බැ..ආසාව වෙනම දෙයක් ..එත් බුද්ධිය තවත් දෙයක් ..කෙනෙක් ගේ එහෙම දැක්කාම ලස්සනයි ගැලපෙන අයට..ඒ ඒ ප්‍රශ්න නැති අයට.. එත් මහපාරේ බස්වල යන සාමන්ය අපි වගේ කෙල්ලන්ට එව්වා ගැලපෙන් නැ.. මගේ නම් මතය .

    එතකොට ඔය දැන් ගොඩක් වෙලාවට ඇගිලි වල ..මැණික් කටුව ලඟ එහෙමත් ටැටු කරනවානේ ..එ අයත් වැටෙන්නේ ඔය හිතන ගණේටද.. අර වෙන වෙන තැන්වල ටැටු කරන අය කරන්නේ පෙන්නම කියමුකෝ..එ හන්දා එ ටැටු එක පෙන්න ඇදුමුත් අදින්න වෙනවනේ.. එතකොට ඔය අතේ ඇගිලි වල එහෙම ටැටුස් කරන අය..

    ටැටු මොන කොහේ ගැහුවත් එකම ලේබල් එකද..

    ReplyDelete
    Replies
    1. එක එක මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්නේ...

      අනේ මන්දා ඉතින්...

      Delete
    2. නිම්ෂා රජාව කුජීත කරලද මන්දා...

      Delete
    3. ටැටූ ගැන නිම්ශාගේ කියවීමට හාත්පසින්ම වෙනස් දෙයක් මට නම් තියෙන්නේ.

      ලංකාවේ වෙන එකවත් බස් එකේ යන එකවත් අතර ටැටූ එකක් හා සම්බන්දයක් තියෙනවද?
      හිතෙන්නේ නැද්ද අළුත් විදියට පොඩ්ඩක් හිතන්න. ආගිය මුල් කාලේ දේවල් එක්ක නෙමෙයි ටැටු එකක් අනුව ඔහොම හිතන මිනිස්සු දැන් ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි. කාලේ වෙනස් නිම්ශා.
      මම නම් ටැටූ එකක් කර ගන්න පට්ට ආසයි. ඒත් මම දන්නවා මට ඒ වේදනාව දරාගන්න බෑ කියලා. ඉතින් මම ටැටූ එකක් නෑ.
      ඒත් කොහේ හරි කෙල්ලෙක්ගේ හෝ කොල්ලෙක්ගේ වේවා ටැටූ එකක් දැක්ක ගමන් ඒ දිහා බලලා සතුටු වෙන්නත් මට පුළුවන්. ලස්සන දේවල් දිහා බලන්න තමයි අපේ ඇස් හුරු වෙලා තියෙන්නේ. අනික අනේ මෙයාගේ අරයාගේ තීරණේ අනුව අපිට ඒක ගැලපෙනවද කියලා හිතලා අපි කැමති දේවල් නොකර ඉන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. මගේ නම් හැම යාළුවෙක්ම වගේ ටැටූ තියෙන අය. හැබැයි උන් සමාජයේ බොහොම ඉහලින් පිලිගන්න මිනිස්සු. ටැටූ එකක් තිබ්බා කියලා මම දැකලා නෑ ඒ අයව කවුරුවත් විසින් පහත් කරලා කතා කරනවා.

      Delete
  27. මගේ බොක්කෙ ෆිට් යාලුවෙක් ඉන්නවා කොල්ලෙක්, අත් දෙකෙයි කකුලකයි ටැටූ ගහලා ඉන්නෙ. ඔක්කොම හෙන බර ගණන් දීලා ඔය ටැටූ ගහන්වාට එක එක කතා කිව්වා. "සල්ලි අපරාදෙ .. " අනං මනං.ඒත් ඒක මිනිහාගෙ ආසාවනෙ.. කවුරුත් කිව්වට ගනන් ගන්නෙ නෑ..ටැටූ ගහලා ඉන්නෙ. එයා කොල්ලෙක් නිසා කොහොමටත් ඒ ගැන ඒ තරම් ලොකු කැළබීමක් නෑ..

    ඒත් කෙල්ලෙක් ටැටූ එකක් ගහගෙන එහෙ මෙහෙ පේනන් ඇදගෙන ගියොත්නම් අපේ රටේ අනිවාර්‍යෙන්ම මිනිස්සු ඒ දීහා බලන්නෙ හොද ඇහැකින් නෙවෙයි.තේක ඉතින් මෙහෙ විදිහ.. නේ??

    ReplyDelete
    Replies
    1. කොල්ලා පොඩි දේකට පොලිසියට මාට්ටු උනොත් තමා සීන්...

      අනිවාර්යෙන්... මේ ලංකාවනේ..

      Delete
  28. උඹ මම දැකලා තියෙන තරම් පච්ච කීයටවත් දැකලා තියෙන්න විදිහක් නෑ කියලා මට හොදටම ශුවර්..

    බොලේ මම පාරේ කෙල්ලන්ගේ ෆොටො ගත්තා කිවුවට ඇත්තටම ගත්තේ නෑ.. මේකා අරගෙනනේ.. උඹ නම් මහ ..... රජෙක්ම තමයි... ශික්...

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ බෑ......

      මල්ලී........(අයියා) දන්නවනේ අපේ වැඩ..... :-)

      Delete
    2. වෙන්න බැරි මොකෝ බං.. ඒක මට මෙතන කියන්න බෑ.. ප්‍රයිවට් එකේ කියන්නම්..

      මම කොහොමද බොට මල්ලි වෙන්නේ... :P

      Delete
  29. හෑ...රජතුමා පැපරාසි‍යෙක් වෙලානෙ????

    ReplyDelete
    Replies
    1. හිකිස්... එහෙම වෙලා ටිකක් කල්....

      මේ ගෑල්ලමයි ටික කතාවෙලාද කමෙන්ට් කලේ......කට්ටියම පෝලිමට ඉන්නවා ලස්සනයි.. :-)

      Delete
    2. උඩ දිනේෂ් ඉන්නවා.. කන්නාඩි ඕනේ වෙයිද රජෝ? :P

      Delete
    3. ඒ ඌ කෙල්ලක් නෙමෙද? :-)

      Delete
  30. පොඩි කාලේ ආසාවක් තිබ්බ ලොකු උනාම එකක් කොහේ හරි කොටා ගන්න. එත දැන් තේරෙනවා එකේ ඇති බරපතල කම.

    ReplyDelete
    Replies
    1. අන්න තේරුනා....... ඕනෙම නං නොපෙනෙන තැනක ගහගමු :-)

      Delete
  31. පට්ට............
    මේ ව්‍යාපෘතිය කෙල්ලෝ ගැනද ??
    පච්ච ගැනද ??

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ගෙ පච්ච ගැන..

      Delete
  32. අනේ කූප්ප රජාට නෙලුවේ නෑනේ අර සුදු නෝනා

    ReplyDelete
    Replies
    1. හිකිස්......නෙලන්න බෑනේ
      එකක අයිස් අනිකේ සිගා...

      Delete
  33. මමත් පච්චයක් කොටා ගන්න සෑහෙන ආසාවකින් පසුවෙමි. මේ පාරනම් අනිවා ගහමි, මම ගහන්නේ සිංහ මුණක් දකුණු අතේ උඩම. කෙල්ලෝ පච්ච කෙටිම ගැන මම විරුද්ධ නොවෙමි. ඒත් තරුණ කාලේ ලස්සනට තිබ්බ පච්චේ වයසට ගියාමත් එහෙම්මම තියනවානම් පමණි.

    ReplyDelete
    Replies
    1. ඒකට හොද එකක් මීයා කියලා තියෙන්නෙ උඩ.. :-)

      Delete
  34. ඕනෙම කෙනෙක් ගැලපෙන විඩියට ඕනෙ වෙඩිමක් කලාට කිසිඩු ප්ලස්නයක් නැට......ඒ මගේ අඩහසයි.....^_^

    මේ ඔය පැපලාසි වැද කලන්ද ගීන් උයා ලගඩිම කනව ඈ......

    ReplyDelete
  35. උඹ හරි මලේ.. පෞද්ගලිකව මගේ අදහසත් ඕකමයි.හැබැයි ඒක වලංගු අපේ රටට විතරයි. ජය...!

    ReplyDelete
    Replies
    1. අනිවා.....
      රාජ සම්පත!!!

      Delete
  36. ශා රජ දියුණු වෙලා නේ පොටෝ ගහනෝ, විචාර කරනෝ, සීරියස් ටෝක්ස් දානෝ
    එළ හොඳේ .. ;)

    ReplyDelete
    Replies
    1. එන්න එන්නම ඉහල නගිනවා... :-)

      Delete
  37. රජෝ තව පට්ටයන්න ටිකක් කියන්න තිබ්බෙ...!

    ReplyDelete
  38. ඔය රහස් තැන් වල පච්ච ගහගන්නේ නම් බඩු සහ පෝන් ස්ටාර්ලනේ ..රජා ඔය පොටෝ එක ගත්තු වෙලාවට ටිකකට පස්සේ සිරි ලන්කන් ලමිස්සියක් පිරිපුන් පියයුරේ ගසාගෙන සිටි සුන්දර පච්චයක් දැකීමට තරම් මාත් වාසනාවන්ත වුනා...ඇත්තම කිව්වොත් හිතපුරා බලාගන්න එයාත් බ්‍රා එක හෙම පොඩ්ඩක් පාත් කරලා පෙන්නගෙනමයි ගියේ.අපි ඉතින් ඔව්වට නැනේ...ඒක හිනදා බලා රසවිද සැනසි ලෙක්චර් එකට ගියා.රජෝ මතකයිනේ මම සීන් එක කියද්දි උබ ගාව මේ පොටෝ එක...ඕව බලලා අපිට මේ ආත්මේ නම් නිවන් යන්න වෙන්නේ නෑ ෂුවර්....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... පත්තු කරන් තමා යන්න වෙන්නේ..

      Delete
  39. මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ පච්ච ගහනවට...

    ReplyDelete
  40. පච්චා කඩයක් හිමි යාලුවෙකුත් සිටියි. මට තියෙන ලොකුම ප්‍රස්නෙ පච්චෙ ගහලා පස්සෙ මකන්න හිතුනොත් කියන එකයි. දන්න හැටියට මකන්න අමාරුයි. සෑහෙන වියදමක් යන වැඩක්.

    ReplyDelete
    Replies
    1. පච්චෙ මකල හූරන්න ඕනේ... එතකොට ප්‍රෂ්නෙ හරි

      Delete
    2. මඟුලක් කතා කරනවා... ඇඟත් එක්ක හිරිවැටිලා ගියා!!!!!

      Delete
    3. පික්ෂු එච්චර රිදෙන්නෙ නෑලු.. කෑ ගහන්නේ බොරුවටලු

      Delete
    4. බ්ලොග් දැවැන්තයෙක් අඩවියට පැමිණීම පිළිබද මාගේ ස්තූතිය...

      තෑන්ක්ස් ඈ මචන් අයියේ... :-)

      Delete
    5. ලේසර් වලින් පුච්චල මකන ක්‍රමේකුත් තියෙනව... රිදෙන්නෑ දන්නතරමින්...

      Delete
  41. කෙල්ලො තියා කොල්ලොවත් ටැටූ කොටනවට මගේ කැමැත්තක් නෑ.

    ReplyDelete
  42. රජාගේ තුන්වෙනි ආදර්ශ පාටය නම් හරියට හරි මොකද මට ඕක කියලා දුන්නේ අදුනන අක්කා කෙනෙක්මයි ,ඒ කියන්නේ රජාටත් දැන් යමක් කමක් තේරෙනවා නේද බොලව් ?

    ReplyDelete
    Replies
    1. හෑ.................... අක්කෙක්?????

      ප්‍රැක්ටිකලුත් දුන්නද?

      Delete
  43. මමත් ආසාවෙන් හිටියා ටැටු එකක් ගහන්න. වැඩියෙන්ම උවමනාවටත් වඩා තියන ඇට්ටර කමට . එත් the tattooist කියලා ෆිල්ම් එකක් බැලුවට පස්සේ බය හිතුනා. මං ඉන්න අහල පහල අයට නං කෙල්ලෙක් ටැටු එකක් ගැහුවා කියලා ප්‍රශ්නයක් නැ මං හිතන්නේ.මොකද ටැටු ගැහුව යාළුවො ඉන්නවා. ටැටු ගැහුවාම මැකුවේ නැත්තන් නාකි වෙනකොට රැලි වැටිලා කොළ පාට වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං කමක් නෑ වගේ නෙහ්? :-)

      Delete
  44. ඔය මොන පච්චා තිබුනත් අර Prison Break එකේ මයිකල් ස්කෝෆීල්ඩ් කොළුවගේ පච්චෙට ගහන්න තව පච්ච්යක් නෑ... මරු පච්චේ ආ...

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරාවට ඈ........ අඩෙනවා

      Delete
  45. හපුච්චියේ මචෝ......පට්ට පෝස්ට් එක.හැබැයි ඉතින් කෙල්ලො පච්ච ගහන තැන් ගැන නම් තව ගොඩාක් දේවල් කියන්න තියනවා...හැබැයි ඉතින් ඒව කිවුවොත් එහෙම ඔය 18+ ද "මන්දා".....කියන කෑල්ල අයින් කරල සම්පූර්ණයෙන්ම වැඩිහිටියන්ට පමණයි කියල තමයි ගහන්න වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ.....මම තාම සූටි එකානේ... :-)

      Delete
  46. මට නම් ටැටූස් ගහපු කොල්ලන්ව දැක්කාමත් එන්නෙ මහ ජුගුප්සාජනක හැඟීමක්.

    අනිත් එක ටැටූස් නිසා ලෙඩ හැදෙන්න පුළුවන්, හෙපටයිටිස් ,ඒඩ්ස් වුනත් හරියට ජීවානුහරණය නොකළ උපකරණ පාවිච්චි කළොත්.

    ඒත් පොඩි කාලෙ නම් අපිත් බබ්ල් ගම් ටැටූස් ගැහුවා තර‍ඟෙට.

    කොහොම වුණත්, ටැටූස් , බොඩි පේන්ටින් කියන්නෙත් කලාවක්. ඒක ලස්සනට කරන්න දන්න මිනිස්සු දක්ෂයො.

    ReplyDelete
    Replies
    1. අනිවා...ඇත්ත කතාව...

      Delete
  47. ඇත්තම කිව්වොත් මට නම් එහෙම හිතෙන්නෙ නෑ. රජෝ

    මේ... ඔය පපරාට්සි ඡායාරූපකරනය වැඩේ නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඇත්තෙන්ම ඕක නීති විරෝධීයි. අහු වුනොත් රාජ සම්පත් ලැබෙන්න ඉඩ තියෙනවා.

    මට මතක් වෙන්නෙ එක පොරක් ඩෝප් එක දාලා පපුවෙයි පිටෙයි පච්ච දෙකක් කොටාගන්න ගිය එක. මූට ගහ ගන්න ඕනෙ වෙලා තියෙන්න "අම්මා බුදුවේවා" කියලා පපුවෙයි, "මරුවා සමග වාසේ" කියලා පපුවෙයි. පච්ච කොටන පොරත් ස්ටෙලා වෙලා ඉඳලා තියෙන්නෙ. මූ පච්චෙ කොටාගෙන ගෙදර ගියාම තාත්තා අහනවලු. "ඈ බං 'අම්මා සමග වාසේ'?, හරි ඒක කමක් නෑනේ. උඹ තාම අම්මයි මායි එක්කනෙ ඉන්නෙ. එතකොට මොකක්ද @#% මේ මරුවා බුදුවේවා කියන්නෙ?" කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
  48. යටි පස්සේ පච්ච මම සියැසෙන් මුල්වරට දැක්කේ පුස්සැල්ල සර්ගේ ක්ලාස් ඉවර වී නුගේගොඩට දෙල්කඳ හන්දියේ සිට පාගමනින් පැමිණෙද්දීය...

    බ්ලොග් කරුවෙකු වූ මන්ඩියාද ලයියාද මා සමග එදා රෑ හතට පමණ හෙමින් ගමනින් නුගේගොඩ කරා පියනැගීමු.ඉස්සරහින් සුදුම සුදු කකුල් දෙකක් දර්ශනය වන්නට විය.මචං අර මෝහිණිද බලහං මගේ මුවින් පිටවිය.මන්ඩියා දෑස් කරකවා බලා "නෑ බං මෝහිණි වෙන්න බෑ... ඒ මෝහිණි නම් එහා පැත්තේ ඉන්නවා ඇත්තේ මෝහිණිගේ අම්මා" මලා හුටාය මම නැවත රබර් ඇස් කරකැවීමි.ගල් ෂෝටක් සහ කෙටි ටි ෂර්ටයක් ඇඳ සුරූපි කෙල්ලක් ලැසි ගමනින් ඇවිදිනවාය.එහා පැත්තේ මැදිවිය ඉක්මවූ ගැහැණියක් ඈ සමග තරඟෙට ඇවිදිනවාය.

    මම පා ඉක්මන් කලෙමි.අධි වේගයෙන් ඈ කරා ලංවිය.ඇගේ යටි පස්සේ ලස්සන ලිය වැලක් සහිත පච්චයකි.... ඒ කාලයේ මා ඇති වෙනකන් ඉංග්‍රීසි වැඩසටහන් කීපයක් නැරඹුවෙමි.ඒවා ELLEN සහ TYRA ය.ඒ දෙන්නා ගැන කතා කර පලක් නැත.දිනක් ටයිරා කෙල්ල මෙවැනි පච්ච නම් කලේ ට්‍රෑම්ප් ස්ටෑම්ප් යන නමිනි.ස්ට්‍රිපර්ස්ලා මේවා ගහනවාලුය.ඈ එවැනි ස්ට්‍රිපර්ස්ලා කීපයක් කැඳවා යටි පස්ස පෙන්වා ඒ ගැන පැහැදිලි කිරීමක් එදින කලාය.එය මගේ දැනීම වර්ධනය කලේයලු.

    ඇගේ සුදු යටි පස්ස දුටු සැනින් මට මහා හයියෙන් ට්‍රැම්ප් ස්ටෑම්ප් යනුවෙන් කියවිණි.මල මගුලයි ජූලි හතයිය.ඇය අකුණක් වැදුනාක් මෙන් පිටුපස හැරුණාය.මාගේ දෙකකුල් පණ නැතිවෙන සෙයක් දැනුනි ඈ එතරම් සුරූපි ළලනාවක්ය.අඩ අඳුරේ පවා බුරිය විසිබල්ය.

    ඈ සිනාසුනාය.මා සිනාසුනේය.ඈ ගමන අඩාල කොට අප හා සමාන්තරව ඇවිදීමට උත්සහ ගත්තාය.මන්ඩියා නෝ ටෝකිංය ලයියාගේ කට කනේය.උගේ පපුව හිරවෙලා වෙන්නැතිය.ඈ අප සමග දෙඩීමට උත්සහ කලාය.මගේ සරුවාංගෙම වේවලනවා දැනිනි. ඇය හීන් හඬින් හායි කිව්වාය.ඒ හායි පාරට සියල්ල සිදුවෙනවාය.අපි කුඩා ළමයින් වීමු.ඒවා ඒ කාලේ ඔරොත්තු නොදෙන්නේය.මන්ද නැරඹූ සියළු වැල් කතා දෑස් ඉදිරිපිට මැවීමට සූදානම් සෙයක් දැනුනි...

    මා හායි කිව්වාට කට හෙල්ලුනා පමණි.ඇයි කිංකිණි හඬින් සිනා සැලුවාය.ඈ පොඩි එකියක මෙන් උඩ පැන කට වසා ගත්තාය.තව මොහොතකින් මොලේට ලේ සැපයුම අඩාල වන බව දැනුනි....

    ඒ සමගම කොහේදෝ සිටි හාල් පාරුවෙක් පැමිණ කාරයක් අප දෙදෙනා හරහා දැම්මේ උගේ හොම්බ තලන්නට තරම් තරහක් මා සිතට ඇතුලත් කරවමින්ය.අප මදක් නැවතුනෙමු.එක්වරම ඇය ගොස් නැවුනාය ඈ යම්දෙයක් සාකච්ඡා කරනු ඇසිනි.කනට වඩා ඇස මෙහෙයුමේ බැවින් ඒවා ඇසුනේ නැත.කාරය පිම්මේ පිටත් විය ඈ නැවත අප හා සිනාසි ලැසි ගමන ඇරඹුවාය.එතෙක් වේලා ඈ සමග අපද නැවති සිටි බව සිහිවූයේ එවිටයි.එමෙන්ම ඈ ගැන සිහින් හෝ වැටහීමක් ලැබුනේද එවිටයි.ඒ සමගම තව මූකලං බස්සෙක් පැමිණ ඈ ළඟ වාහනේ නැවතුවේ පෙර පරිදිමය.මාගේ සපත්තුවේ ලේස් ලෙහී තිබෙනු මා දුටුවේද එවිටයි(ලෙහලා ආයේ ගැටගැහුවා)

    මා මගේ පාඩුවේ ලේස් හිමින් සැරේ ගැටගැහුවේ ඈ ඉස්සර නොකරන්නටය.අවාසනාවක මහත ඈ එම කාරයට නැගුණාය.ලේසය අතහැර මා එක්වනම නැගී සිටියේ අවසන් වතාවට හෝ ඈ දැකගැනීමටයි....කාරයට නැගි ඈ කාරය පිටත් වෙත්ම නැවත මා දෙස බලා සිත් කලම්බන සිනාවක් හෙලුවාය.... හීන් දුකක් නොදැනුනා නොවේ... ඈ සමග ආ ගැහැණියද වාහනයට නැගීම මා හට තවම ප්‍රෙහේලිකාවකි....

    මා නැවත එළැඹ සිහියට පෙළඹුනේ මන්ඩිපාලගෙන් මගේ පිට මැද්දට වැදුණු ප්‍රහාරයකිනි.... දිගු සුසුමක් හෙලූ මා ඔහු දෙස බැලුවේ ඔහුගේ කොමෙන්ට්ස් දැන ගැනීමටයි... ඔහු තාමත් කතා නැතිය.ලයියා කට කනේ තියාගෙන ඉන අතේ තියාගෙන ගල්වී සිටින්නේය....

    මම ඔහුට යමක් පැවසීමි "පව් නේද බං අහිංසකී...."

    ඔහු ගත් කටටම මෙසේ පැවසීය "රුපියල් 100ක් තිබ්බා අතේ,අපරාදේ බං ඒක දීලා *** බලාගන්න බැරිවුනානේ"

    ප/ලි - ලයියා එසේමය.කෙල්ලෙක්ව දුටු විට ඌ හිතන්නේ වෙන තැනකින්ය....

    මේ පච්ච කෙලිය මම දකින්නේ නොදන්නා එවුං ආසාවට ගැහුවට ඒකෙන් ගම්‍ය වෙන විවිධ තේරුම් තියෙනවා.සමහර විට නොදැන බඩු පච්චයක් ගැහුවොත් බඩුම තමා.දැන දැන ගහන එවුන් ඉතින් දන්නවනේ අපි දැකපු කෙනත් එහෙම කෙනෙක්.එයාව ත්‍රිවිල් එකකින් දෙල්කඳ හංදියෙන් බස්සනවා එයා එතන ඉඳන් නුගේගොඩ හංදියට එද්දි අනිවා වාහනේකට නගිනවා... අර එන ගෑණු කෙනා නම් එකාමයි.දවස් දෙකතුනක් හම්බුනත් හිනාවෙන්න ගියා විතරයි....

    ReplyDelete
    Replies
    1. මේක වෙනම දැම්මොත් නරකද පෝස්ට් එකක් විදියට! :/

      Delete
    2. මාත් හිතුනෙ ඒකමයි ආගන්තුකයා. අපරාදේ ගැමියා මේක කමෙන්ට් එකකට දැම්මෙ. henryblogwalker the Dude

      Delete
    3. සිරාවටම ඈ.....

      Delete
  49. මාත් ඉන්නේ සංචාරක පුරවරයක. උණවටුන නම් එයයි. නමුත් ආගන්තුකයා ගෙදරින් එලි බසින්නේ නැත. එලි බසින්න අම්මා ඉඩ දෙන්නේද, මම බසින්නටද අකමැත්ත පළ කර සිටිමි. ඇත්තෙන්ම ටැටූ ගැසූ කෙල්ලන් ගැන දන්නේ නැති ය. ටැටූ ගසන්නට කියා ගොස් වැඩ වරද්දාගත්ත කෙල්ලන් එමට ය. උන් දෙස සමාජය බලන්නේ අර ‍මොකද්ද එකියක් දෙස බලන ආකාරයට ය. කොහේ පච්ච ගැහුවත් කමක් නැත. ඒ උං‍ගේ ආසාව ය. තමන් අලංකාර වන්නේ අනිත් උන්‍ගේ ආකර්ශනය දිනාගැනීමට විනා තමන්ගේ එක තමන් බලාගන්නට නොවේ. කැමැත්ත පරිදි කැමති තැන් වල ගසාගන්නා ටැටූ වලට සමාජය විසින් ප්‍රතිචාර දෙන්නේ ය.
    අපේ සමාජයේ නම් ඕකට ලැබෙන ප්‍රතිචාරය කුමක්ද කියා කියන්න ඕන නැත‍.
    කෙසේ වෙතත් කොච්චර ලස්සන උනත් මම නම් මගේ ඇගේ පච්ච කොටාගන්නට හිතන්නේවත් නැත.‍

    ReplyDelete
    Replies
    1. උණවටුනේ.....?????

      අන්න ප්ලේස්...ගල්කිස්ස කැලේ.... :-)

      Delete
  50. සමාජයේ යහපත උදෙසා රජාගේ අවධානය යොමුවීමට හිසනමමි... ඈ බොල කඩුව බෙල්ලට තියනව නෙවේ ඔන්න ඔලුව නැවුවට...

    ReplyDelete
  51. රජ මකුණා එක මරු

    ReplyDelete
  52. ටැටූ ගහපු කොල්ලෙක් දිහා බැලුවම අහිතක් හිතෙන්නේ නැත්නම් එහෙම කරපු කෙල්ලෙක් දිහා බැලුවම ඒකි වේස බඩුවල් විදිහට දකිනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ බලන එකා තුල මිසක් කෙල්ල තුල නෙවෙයි කියලයි මට හිතෙන්නේ!

    ReplyDelete
    Replies
    1. මටනම් කොල්ලෝ දිහා බැලුවත් කෙල්ලෝ දිහා බැලුවත් එන්නේ බඩු විදියට තමයි

      Delete
  53. පච්ච බ්ලොග් ලෝකේ සක්මන් කොරන්න අරන් වගේ.කොයි දේටත් මුල හිත කීවා ලූ..

    ReplyDelete
  54. පච්ච ගහපු අයව සමාජය ප්‍රතික්ෂේප කරනවා කියන දේ පිළිගන්න අමාරුයි. අනික මම හිතන්නේ දැන් පච්ච කියන දේ එතරම් විශේෂ නැහැ. අනික පච්චයක් ගහපු කෙනා දිහා බලල ඒ පුද්ගලයාව තේරුම් ගන්න බැහැ. මොකද පච්චයක් කියන්නේ පච්චයක් මිසක් ඒ පච්චය ගහපු කෙනා නොනවන නිසායි. ‍ඒත් පච්ච ගහපුවහම පොලිසියෙන් ගුටි කන ප්‍රමාණය නම් වැඩිවෙනවා කියන එක ඇත්ත. ඒ දේ සිද්ධ වෙන්නේ පොලීසිය කියන තැන ඉන්න උදවියගේ බුද්ධියේ තරම ගොඩක් අඩු නිසා. කොටින්ම උන්ට මිනිහෙක්ට කතා කරන්නවත් දන්නේ නැහැනේ.

    ReplyDelete
  55. මට නම් හරියන්නෙ අර Big Show ගෙ වගේ Tatoo එකක් තම‍යි.
    (දන්නෝ දනිති )
    අත්කොට ෂර්ට් එකක් ඇන්දම ලාවට පොඩ්ඩක් එලියට පනින සයිස් එකට ගැහුවම තම‍යි එළ.

    ReplyDelete
  56. ටැටූ... කාලයක් මාත් ටැටූ එක ගහන්න හිතාගෙන හිටියා.ඒත් කරන්න යන රස්සාවත් එක්ක ටැටූ යන්නේ නැති නිසා ඒ අදහස අතැරියා. අනික තව කෙනෙක්ගේ බල්වත් විරෝධයක් මතු වුනා ඒ අදහස සම්බන්ධව. හරියට රජා දරන අදහස වගේම එකක්..කොහොම වුනත් දැන් නම් ඒ ආසාව ඇත්තේම නැති තරම්..

    ReplyDelete
  57. පච්චා ගහපු ගෑනු ලමයෙක් දැක්කාමත් හිතෙන්නෙ රජාට හිතෙන දේම තමයි.

    ReplyDelete
  58. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  59. "සංචාරක පුරවරයකය. දේශීය මෙන්ම විදේශීය සංචාරක යුවතියෝද බිකිනි පිටින් මුහුදු තිරයේ සක්මන් කරන්නේ කිසිදු විලි ලැජ්ජාකමකින් තොරවය. ඒ දෙස අපි බල බල සිටින්නේද කිසිදු පැකලීමකින් තොරවය. මන්ද ඒ ශරීරය අපේ නොව ඇගේය. ඇය එය පෙන්වන්නේ අපිට බැලීමටය." මේ ටික මම දහසක් දෙනාට කියල ඇති වෙනත් වචන වලින්. කොහොම වුනත් එල. මමත් දැක්ක පච්ච අනන්තයි අප්‍රමාණයි. අනාගතේ තවත් ලිපියක් දාන්නම් http://sulakkhana.blogspot.com/2011/09/blog-post_16.html මේකට වඩා විස්තර ඇතිව දෙවන කොටසක් විදිහට....!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)