Friday, July 5, 2013

රජ ගෙදර දෙවන දවස - Second Day in Royal Palace

ඇතුගල මත සිට පුත්තලම පාර සමග බස් නැවතුම

පළවෙනි දවසේ ෆන් එක මෙතනින් 

පළවෙනි දවසේ රෑ අපි හිටියේ ඇතුගල මුදුනෙය. ජාතික වීරයා ගිරිඋල්ල ටවුමේ ඉදන් කෝල් එකක් දෙනකොටත් අපි හිටියේ ගල උඩය. ඒ උනාට අපි ඌට කිව්වේ දැන් මග එනවා කියලාය. ඌට ගෙදරට එන පාර එහෙම කියලා අපි වෑන් එකට නැග්ගේ නමය වෙන්න කලින්ය. ඒ අර රෑට මොනවද කරනවා කිව්ව එකට මොනවද ගන්නය. 

කලින් දවසේ තවත් හයියෝ ඩොලර් සීන් එකක් උනේය. අර වැඩපොලේ අයියගෙන් ඉල්ලගත්තු බයික් එකේ එක සයිඩ් කණ්නාඩියක් බුරුල්ය. ඒක පොඩ්ඩක් හෙල්ලුන ගමන් දබක් ගාලා බිම වැටෙන්නේය. කරගහගෙදර අම්බලම බලලා එන ගමන් නාරම්මල ටවුමට කිට්ටු වෙන කොටම හෙන සුද්දි කෑල්ලක් පාරේ ගියේය. රජාටයි යශිකයයි ගිය බයික් එකට පිටිපස්සෙන් ආවේ දුලියා සමග ගයාෂානයාය. උන් දෙන්නා සුද්දිව පහු කරන් එන ගමන් ආයේ සුද්දිව බලන්න සයිඩ් කණ්නාඩිය හැරෙව්වේය. කණ්නාඩිය දඩ බඩස් ගාලා සුද්දිගෙ කකුල් දෙක ලගය. ගයාශානය බලු කුක්කා වගේ සීරුවෙන් සුද්දි ලගට ගිහින් කණ්නාඩිය අහුලගෙන ආවේය. හප්පා රෙදි නැත. 

අපි දැන් වෑන් එකේ ඉදිරියටම ඇදෙන්නේය. ගෙදරට යන්න තව විනාඩි 40ක් වත් යන්නේය. වීරයා ඒ වෙනකොටත් අපේ ගෙදර ලගය. කෝල් එක උගෙන්ය. 

ජාතික වීරයා: යකෝ...මම උඹලෑ ගෙවල් ලග. උඹලා කොහෙද?

රජා: අපි එන්න තව පැය බාගයක් යනවා බං. උඹ අපේ ගෙදෙට්ට යමන්...

ජාතික වීරයා: මට බෑ බං උඹලා නැතුව යන්න. මම මෙතන ඉන්නං. උඹලා වරෙල්ලා..

රජා: පිස්සුද යකෝ පාරේ???

ජාතික වීරයා: කමක් නෑ බං...

රජා: එහෙනං හිටපන් මට මොකෝ...යකෝ ගේ ඇතුලට වෙලා ඉදගෙන හිටපන්!!

වීරයා: අනේ බෑ බෑ... උඹලා වරෙල්ලකෝ!

කට්ටියක් වෑන් එක ඇතුලේ මස්ත බාල්දු වෙලාය. ඔළුවේ කැක්කුමක් අල්ලලා කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වලය. ගෙදරට කිලෝමීටර් 15ක් විතර තියෙද්දි ආයේ ජාතික වීර චමිලයාගෙන් කෝල් එකක්ය. 

චමිල්: උඹලා එන්නෙ නැද්ද බං..

ගයාශාන්: මග බං මග... තව කිලෝමීටර්....

රජා: 15යි බං 15යි...

ගයාශාන්: අඩෝ...තව 10යි.

ඔහොම හෙමින් හෙමින් අපි ඇදි ගියේය. චමිලයාට බලන් ඉන්න බැරිම තැන ගයාශාන්යාට මෙහෙම මැසේජ් එකක් එවලා තිබ්බේය. 

“උඹලා පැයට කිලෝමීටර් කීයෙන්ද බං එන්නේ???“

හම්බෝ...ඕක අරෑ වෑන් එක ඇතුලේ කියෙව්ව විදිහට අපිට වීරයා ගැන දුක හිතුනේය. අපි එනකොට මූ බස් හෝල්ට් එකේ කඩයක් ඉස්සරහා වේලෙන්නේය. කළුම කළු පාට එකකුත් ඇදගෙනය. කරුවලේ මූව පේන්නෙත් නැත. දත් ටිකෙන් මිනිහව අදුනාගත්තෙමු. 

ගෙදරට එනකොට රෑ 10ටත් කිට්ටුය. සුපිරි මැච් එකකුත් යන්නේය. මහේලයයි තරංගයයි ලෙසටම ගහන්නේය. එදා යෂිකයලෑ ගෙදර ගිය වෙලෙත් මේ වගේම සුපිරිම මැච් එකක්ය. ගහන ගහන එක හතරක් බහින්නේය. ඒ අස්සේ ඔන්න චමිලයාට මැච් එක 3D බලන්න  ඕනෑ උනේය. ටීවි එක අස්සේ තිබ්බ කණ්නාඩි කුට්ටම් දෙක අරගෙන දැන් කට්ටිය මැච් එක බලන්නේය. දුලියයි, චමිලයයි විතරක් මැච් එක බලන්නේය. අනිත් උන් මුන්ට බනින්නේය. ඇයි උන්ට පේන්නේ රෑප ඩබල් වෙලාය. 

චමිල්: අඩෝ මේකෙන් ටිකක් පේනවා ඕයි...

රජා: මැච් එක පේන්නේ නෑ බං... එකක් බාලා බලන්න ඕනේ සිරා බලන්න. 

දුලියා: නෑ බං.. අර ලාබයි බාලයි ඇඩ් එක සිරා පේනවා...

කොහොමහරි ඔහොම පච කෙල කෙල ඉන්න කොට පිරිසගේ දැඩි දෝෂාරෝපණය හමුවේ තුනඩී ඕෆ් කලේය. ඒත් චමිලයා කණ්නාඩිය දාගෙනය. ඒ අතර කට්ටිය මේ ගැන කතාවය.

අශාන්: උඹලා තාම හරි ත්‍රීඩි දැකලා නෑ බං...

චමිලයා: නෑ යකෝ...මේකෙන් මරුවට පේනවා...

දුලියා: අනේ පලයන් යකෝ බොරු නොකියා... ත්‍රීඩී ඔෆ් කලා...

පිරිස: බුහහහා... අයියෝ චමිල්!!!

එතන හිටපු අපේ පියතුමාටත් බකස් ගා හිනා ගියේය. චමිලයා එතන සෑහෙන්න නෝන්ඩි උනේය. ඌට ඒක තේරුනාද යන්න අපි දන්නේ නැත. කට්ටිය බත් බෙදාගෙන ක්ෂණිකව ආවේ ටීවී එක ලගටය. මැච් එකේ අන්තිම ඕවර් ටිකය. කට්ටිය ගහන ළකුණු ගාන කියන්නේය. 

කාවින්ද: 320ක් ගහයි ඔහොම ගහලා

චමිල්: අපෝ..ඔවුන් එච්චර ගහන්නෑ බං...

අද මැච් එකේ දෝනියා සෙල්ලන් කරන්නේ නැත. හැම එකාම වගේ ඇයි බං අද දෝනියා නැත්තේ කිය කිය හතර පස් පාරකට වඩා ඇහුවේය. 
උත්තරත් ලැබුනේය. ඌට මොකද්ද ඉන්ජරියක්ය. කණ්නාඩියෙක් පජාත උන චමිලා ආයේ චොර උනේ මෙතනදිය. දෝණියා ඉන්න රෑප රාමුවකි,

චමිල්: ඇයි බං අද දෝනියා නැත්තේ???

කාවින්ද: දෝනිගේ පොඩි එකාට සනීප නෑනේ බං...

පිරිස: බුහහහා...අම්බෝ!!!!

කාවින්ද: බේත් අරන් දෙන්න ගිහින් බං...

මේ අතර කට්ටිය මැච් එකේ රෑප රාමු වලට හඩ කවන්නේය. ඉන්දියන් කෝච් අත්දෙක බඩ දිහාට කරගෙන කරකවමින් මොනාද කියන්නේය. ඒකට හඩ කැවීම ගයාශායන්ගෙන්ය

ගයාෂාන්: මේ මුන් ගහන ගැහිල්ලට බඩ යනවා බං.. මෙහෙම මෙහෙම යන්නේ. 

අම්බෝ ඒකනං...සුපිරි ආතල් එකක්ය. 

කොහොම හරි කට්ටියගේ ලකුණු අබිභවා 348ක් ගැහුවේය. බලා සිටි සැමට ඇඩුනේය. ඉනිම අවසානයේ කට්ටිය ගියේ කැමරා බෑග් අස්සේ ගෙනාපු අර මොනවද ඒවා පාවිච්චි කරන්නය. ගේ ඇතුලේ දරුණුවට මොනවත් කරන්න බැරි නිසා ගෙනාවේ පොඩි ඒවා විතරය. අනික අවුරුද්දට ගෙනල්ලා ඉතුරු බියර් බෝතල් 3කුත්, ගල් කාලකුත් තිබ්බේය. ඒකත් පාවිච්චියට ගන්න තිබ්බේය. 



ගෙදර කට්ටිය නින්දට ගියේය. රජා කෝකටත් කලින්ම කට්ටිය සෙට් වෙන වග අම්මට කියලා තිබ්බේය. අම්මලා නින්දට ගියපසු සින් සින් ගාලා බෝතල් ටික මතු උනේය. ගෙදර තිබ්බ බෝතල් ටික ඉස්සරලා ඉවර කරන්න ලස්සනට පෝලිමට තියලා තිබ්බේය. යෂිකයා අස්සයා වගේ ටීවී එක ලග ඉදන් කාමරේට දිව්වේය. දඩාස්......සල බලාන්..... ගාලා සද්දයක් ආවේය. බියර් එකක් කුඩේ කුඩුය. මුළු කාමරේ පුරාම බියර් සාගරයය. ආතල් එකේ බොන්න තිබ්බ චාන්ස් එකය. සිද්ධ උනේ මුළු කාමරේම මොප් කිරීමටය. ඒ අස්සේ අරෑගේ කකුලත් කැපිලාය. අම්මගෙන් පුළුන් ඉල්ලගෙන ඌට බේත් දැම්මේය. 



පස්සෙ අර වතුර ගොඩේ එහෙට මෙහෙට යමින් මුළු කාමරේම මඩ ගුහාවක් කරමින් කට්ටිය බියර් කෑවේය. සද්ද නැතුව දාපු කොත්තුව බිව්වේය. මුරුක්කු එක මැලෙව්වේය. රජා මැච් එක බල බල හොරෙන් හොරෙන් කාමර ගත උනේය. මෙතන නං වැඩිය කුප්ප සිදුවීම් උනේ නැද්ද කොහෙදය. යෂිකයාට කෑලි ටෝක් කරගන්න හැටි සහ ජාතික ව්‍යාපාරය පිළිබදව පමණක් කතා බහ සිදුවිය. ඔක්කොම අවසානයේ නිදාගන්නකොට වෙලාව පාන්දර 3ටත් කිට්ටුය. ආයෙත් පාන්දර 5ට නැගිටලා චමිලයාව ස්කූල් බස් එකේ වැඩට යවලා මම දොයියගත්තෙමි. 

උදේ 8ට විතර නැගිට්ට කට්ටිය මූණ එහෙම හෝදගෙන ආයේ මැච් එකේ හයිලයිට්ස් බැලුවේය. 10ට විතර මැච් එකක් ගහන්න බැට් බෝලත් අරගෙන දඹදෙණි ගියේය. මුලින්ම දෙවන පැරකුම් රජතුමාගේ මාලිගාව තිබ්බ මාලිගා ගල නැග්ගෙමු. මාලිගා ගලේ බැලුම්ගල් වලට ගහන්න බැලුම්ගල් දෙකක් මේ මුළු දඹදෙණිය රාජධානියේම නැත. ඒ තරම් සිරාවට හතරවටේ පෙනෙන්නේය. හුළං පාරත් පට්ටය. ගල උඩ පට්ට පොටෝ ටිකක් එහෙම අල්ලුවේය. ඒවා නං සිරාය.






දවල් දොලහට විතර ග‍ලෙන් බැස්ස අපි මැච් එක ගහන්න පිට්ටනියට ගියෙමු. රජා ගයාෂානයාව මීරිගමට ගිහින් දැම්මේ ඌට හදිස්සියකට ගෙදර යන්න උන නිසාය. ආයෙත් කෙලින්ම පිට්ටනියට ගිහින් මැච් එක ගැහුවේය. කඩේකින් ක්‍රීම්සෝඩා එහෙම බීලා කෙලීන්ම ගෙදර ඇවිත් දවල්ට කෑවේය. 3 කෝච්චිය අල්ලගන්න සෙට් එකම දඩබඩ ගාලා ගෙදරින් දිව්වේය. හොද වෙලාවට එලියට යනකොටම ආපු බස්එක මුන්ට නැවැත්තුවේය. කට්ටිය වාෂ්ප උනේය. රජා ගෙදර තනි උනේය. තවත් පට්ට දවස් තුනක් එලෙස නිම උනේය. 



රාජකීය පොටෝ ඇල්බමය -----> මෙතනින් 



රාජ චාරිකා සටහන් පෙළ


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

48 comments:

  1. හික් හික් .... අඩේ... මුංගෙ ටීවී පොජ්ජ ත්‍රීඩී ළු. :D

    බොලා බියර් කාපු බව නම් පේනවා. මං හිටිය නම් කොත්තුව එක කටට බස්සනවා යකෝ.

    මේ ඒක නෙවි බං, බොලා හත්අට දෙනාම අර පුංචි ඇඳන් දෙකේද බං හිටියෙ. තෑගි දෙන්න වටිනවනේ බං.

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ... උඹට ඕන්නැති දෙයක් ඇදලා ගන්නේ කියලා :))

      නෑ බං... පහක් ඔතන!
      දෙකක් මෙට්ටයක් දාගෙන බිම..
      මම වෙන ඇදක :))

      Delete
  2. උඹට මට කියන්න තියෙන්නේ අර මුණුපොතේ කිව්ව එකම තමයි. ඉරිසියයි යකෝ..

    නියමයි කොල්ලෝ ඔය කාලේ ගන්න ආතල් එක ඔන්න ඔය වගේ විනීත ආතල් නං.. කිසිම අවුලක් නෑ.. හැක් හැක්.. (හු..)

    ReplyDelete
    Replies
    1. සුවිනීතයි නෙහ්? :))

      Delete
  3. අඩෝ උබලගේ ෆුඩ් සිටි පාන් වෙනස් නේද?

    ReplyDelete
    Replies
    1. වෙනස් නේන්නං... දිගටියි. ඇතුලේ දියර තියෙනවා =))

      Delete
  4. 'අනික අවුරුද්දට ගෙනල්ලා ඉතුරු බියර් බෝතල් 3කුත්, ගල් කාලකුත් තිබ්බේය' යකෝ මෙච්චරකල් ඕව තියාගෙන හිටියට බොලාට තෑගි දෙන්න එපායැ. සමහරවිට ඒව තියෙන්න ඇත්තෙ පියරජතුමාගෙ භාරෙ වෙන්න ඇති. :D

    ඔයවගේ ෆන් එකක් අරන් සෙට් එක ගිහිල්ල තනිඋනාට පස්සෙනං සෑහෙන්න අප්සෙට් යනව.

    ReplyDelete
    Replies
    1. පියරජු බාරේ තමා...
      ඇයි යකෝ ගෙදර බොන්න පුළුවන්ද මට??? :))

      සිරාවට ඈ..:((
      අවුලක් නෑ...ආයේ ලෙක්චර්ස් යනවනේ!!!

      Delete
  5. කොරෝනා මරු බියර් එක... දෙහි ගෙඩියකින් තීරුවක් කපලා දාපං ඇතුළට...

    උඹලා මාර පෝසින් නෙ... ඒ කාලේ අපි ගැහුවේ අහක බලන් ඉන්න කලාත්මක ඒවා..

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ.. කොරෝනා එක එල. තිත්තත් අඩුයි!!!

      ආයේ මොනාද ඉතින්. පොටෝග්‍රැපර්ස්ලා වැහිවැහැලා :))

      Delete
  6. අඩෝ එලස්ය... දවස් දෙක තුනක් පිස්සු කෙලලා එක පාරට සෙට් එක වාෂ්ප වුනාම නිකන් මට නීරක්තය වගේ බං...

    ReplyDelete
    Replies
    1. ඔව් බං... මට එදා රෑ නං එපා උනා :((

      Delete
  7. කිව්වත් වගේ විව් එක පට්ට නෙහ්... හිටින්කෝ. මාත් රැක තනියම හරි ඇවිත් නගිනවා ඕකට...

    ReplyDelete
    Replies
    1. ඔය පොඩ්ඩයි බං... ඕක යායට පේනවා!!!

      රෑ වෙලා නෙමේ. හවස 6ට විතර නැගහන්. පට්ට ගති...
      ලයිටුත් පේනවා. බිල්ඩිනුත් පේන ගානට තිබ්බහම තමා සුපිරිම... :)

      Delete
  8. ලඟ පාතක ඉඳලත් මේව බලන්න යන්න තාම බැරි උනානෙ....රජාගෙ සවාරිය නම් සුපිරි...

    ReplyDelete
    Replies
    1. යන්න යන්න වෙලාවක :)

      Delete
  9. patta gathi....
    Supirima athal ekak...

    ReplyDelete
  10. ෆොටෝ ටික නං හරිම ෆනී ..පලවෙනි එකේ මාර ලස්සනයි වටපිටාව

    ReplyDelete
    Replies
    1. ඒකේ පොඩ්ඩනේ පේන්නේ... ඔහොම නෙමේ හතර වටේම පේනවා උඩට!!
      පට්ට... අනික හුළගේ සීතල. නිකන් එංගලන්තේ වගේ :))

      Delete
  11. ara suddi issaraha chater weema nam kujithai neda bolaw??

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ... රෙදි නෑ!! =))

      Delete
  12. සවාරිය නම් එල වගේ..... රජාගේ වැඩේම සවාරි යන එක නේද... නියමයි හලෝ....

    ReplyDelete
    Replies
    1. නිවාඩ් වෙලාවට ඉතින් කොහෙ හරි ගාටනවා!! :))

      Delete
  13. අනේ උඹලගේ බීම .බිව්වද ඔලුවේ ගාගත්තද

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඩෝ ආතල් එකට සෙට් වෙන්නේ...
      බීලා ගේ ඇතුලේ චව් උනාම පහුවදාට කන්නත් නැතුව තමා එන්න වෙන්නේ.. :))

      Delete
  14. ශේ.... රාජාව කාලෙකින්නේ සෙට් වුනේ.. මෙ මගුල් විභාග නිසා.. මටත් සෙට් වෙන්න තිබුනා හී හි :D :D

    ReplyDelete
  15. Life is too short, not to have a good time when you can.
    -Dude's Wisecrax-

    ReplyDelete
  16. හොද ආතල් ටිකක් අරගෙන තියෙන්නෙ

    ReplyDelete
  17. අපෝ රජා මහත් වෙලා ඌරෙක් වගේ වෙලා... පොටෝ කෑලි ටික නම් මරේ මරු...

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ගෙදෙට්ට වෙලා කකා ඉන්නකොට :))

      Delete
  18. පොටෝ ටික නම් සිරා බොලව්, (Y)

    ReplyDelete
  19. අම්මෝ හිනාව නවත්ත ගන්න බැරි උනා

    ලස්සනට වචන ගලපලා තියෙනවා

    ReplyDelete
  20. අස හිතෙනො ... මටත් එන්න තිබ්බා නම් කියලා ..

    එල ෆන් එක නේ .. වචනාලන්කාරය මාරු .. ලස්සනට ලියවිලා තියේ .. ජය හෝ

    ReplyDelete
    Replies
    1. ඉතින් දවසක වරෙල්ලා :)

      Delete
  21. අනේ අම්මපා බං... මටත් ඉරිසියාවේ පුපුරන්ට බොල... අපේ සැට් එකක් ඔහොම සෙට් වුනාට ආතල් නැහැනේ... එක එකා පාඩුවේ මල් කඩමින් සතුටින් ඉන්නේ... (නොදකින් මුන්)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)