සතියේ ලග්න පලාඵල ඔබවෙත ගෙන එන්නේ,ප්‍රවීණ මන්ත්රාචාර්ය ජෝතිශ්‍යය පිළිබද ජනාධිපති උපදේශක මුළු දිවයිනටම සාම විනිසුරු කීර්තිවේදී පණ්ඩිත ඉන්දියන් ස්ලම් බ්‍රෑන්ඩ් එක්සලන්ස් සම්මානලාභී තහනම් අඩවිය භාර විශේෂ නියෝජිත අඩවි රජා විසිනි.
මේෂ
ලග්නාධිපති කුජ එකොලොස්වැන්නේ කොලොප්පන් කීරීම ඉතාම ශුභය. උත්සාහවන්තව කටයුතු කිරීමෙන් කම්මැලි කම නැතිවේ. බලාපොරොත්තු මුදුන්පත් වීමෙන් ඉහේ මලක් පිපේ. මල්කැඩීමට යාමෙන් පිපුණ මලද අත්වැරදීමෙන් කඩා දැමීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුය.
ප්‍රීති උත්සව වලට ඉඩ සැලසේ. විවාහ කටයුතු ප්‍රමාද වී සිත් තැවුලෙන් පසුවු මේෂ ලග්න තරුණ තරුණියන්ට කලාතුරකින් යෙදෙන විශේෂ මංගල යෝගයක් යෙදී තිබුණත්, පවතින වැසි සහිත කාළගුණය ඒ කටයුතුවලට බාධා ගෙනදීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කෙරේ. මේෂ ලග්න ඔබ අසනීප අනතුරු ගැන මදක් විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. අනිවාර්යෙන්ම ළගම සිටින ලේඩි ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත යුතුය.
වෘෂභ
ලග්නාධිපති සිකුරු හකුරු අනුභවය හේතුවෙන් දියවැඩියා තත්වයකට ගොදුරුව පවතින සතියකි. ඔබේ ධනස්ථානයත්, පස්වැන්නත් අධිපති බුධ, රාහු සමග එකගෙයි ගත කරයි. වෘෂභ ලග්න හිමියන් හැකි පමණ වෘෂභ ක්‍රියාවලින් වැලකිය යුතුය. ඇදුම් පැළදුම් තෑගි වශයෙන් ලැබෙන සතියකි. තිබෙන පරණ ඇදුම් විසිකර දැමීම අල්මාරියට හොදය.
අසහනකාරී හැගීම් පුබුදුවන සතියකි. හැකි පමණ ක්‍රියාදාම, ආලවන්ත හා අසභ්‍ය චිත්‍රපට නැරඹීමෙන් වලකින්න.අසනීප තත්ත්වයෙන් පසුවූවානම්, ඔබ අනිවාර්යෙයන්ම මේ සතිය ඇතුළත මියැදෙන බැවින් හැකිතාක් පින්දහම් සිදුකරගන්න.
මිථුන
මෙම සතිය තුළදී ඔබේ ලග්නාධිපති බුධ නෙප්චූන් සමග එච්චර හොද නැත. එම නිසා අටවැන්නේ රවි බුධගේ භාර්යාවට බැල්ම හෙලන වකවානුවකි. එබැවින් මිථුන ලග්න හිමියන්ට මංගල යෝග බහුල සතියකි. ඔබ යුවතියක් නම් ඇතැම් විට එක දවසට ඔබ පසුපස පිරිමි ළමයි සිය ගණනක් ඇදී එන්නටද පුළුවන. ඔබ පිරිමි ළමෙක් නම් රටේ පවතින තත්වය අනුව දෙපාර්ශවයේම තරුණ මහළු අය ඔබ පසුපස හඹා එන්නටද පුළුවන.
මෙම සතිය තුළ මුදල් ඉතා අරපිරිමැස්මෙන් භාවිත කල යුතුය. මාරු කාසි සාක්කුවේ දමාගෙන සිටීම ඉතාම අනතුරුදායකය. හිගන්නන්ගේ බක්මහ අකුණු සක්‍රීය වී ඇත. වැදුනොත් නැගිටිනවා බොරුය. සතුරු කරදර පෙන්නුම් කරන අතර, ඒ ගැනද බොහෝ සේ සැලකිලිමත් විය යුතුව ඇත. සතුරා සමග පොඩි අඩියක් ගැසීමෙන් අපලය දූරීම්භූත වේ.
කටක
කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන සඳු නැප්චූන් සමග අටවැන්නේ ලැම්බොගිනියකින් ගමන් කරන අතර, හත්වැන්න අධිපති සෙනසුරු ග්‍රහයා සමග පංචමහා පුරුෂ යෝග බලයෙන් ඉතාම බලගතුව කැරම් ගසයි. ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් ඉවසීමේ පුරුද්ද වැඩි දියුණු වේ.
කැරම් තරග වලින් ජය හිමිවන අතර මේ සතිය ඇතුලත කටක ලග්න ඔබ කැරම් ගසන්නේ නම් අනිවාර්යෙන්ම බෝල්ගාඩ් එක පැළදිය යුතුමය. නැතහොත් පවුලේ අයට රෝහල් ගානේ යාමට සිදුවීම අනිවාර්යය. මිල මුදල් අධික ලෙස වියදම් වන සතියකි. රෑ වේල නොකා සිටීමෙන් ඉතිරි කිරීම සිදුකර ගත හැක. කක්කුටු මස් කරිය තුන් වේලම බඩිගින්නෙන් තොරව සිටීමට මහෝපකාරී වන්නේය.
සිංහ
රාහු, කේතු ග්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය මාගේ සභ්‍යත්වය හමුවේ භංග වී ඇත. ඔබේ වික්‍රමස්ථානය ජොකාට පහලින් පිහිටීම හේතුවෙන් ජයග්‍රහණ රාශියකට මග පෑදේ. සෑම උදයකම සුපිරිසිදු ජොකෙක් ඇදීමෙන් දවසම ශුභ වේ.
විවාහ පැත්තෙන්ද මදක් බාධා ගෙන දුන්නද සෞඛ්‍ය පැත්තෙන් සිංහ ලග්න ඔබට ඉතාම සුබදායක සතියකි. රැකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන අයගේ ඒ බලාපොරොත්තු සඵල වේ. නමුත් ගුවන්ගත විය යුත්තේ මත්තල ගුවන්තොටුපලින් බැවින් ජීවිතය පිළිබද අවදානමක්ද නැත්තේමම නොවේ.
කන්‍යා
ඔබේ ලග්නයට යෝගකාරක බලගතු ග්රහයෙකු වන නවවැන්නාධිපති සිකුරු පස්වැන්න වන ති්රකෝණස්ථානයේය. පොල් ත්‍රිකෝණයට ආසන්නව ඇති හෙයින් නිවසට ආහාර වලින් අඩුවක් නොවේ.
කන්‍යා ලග්න පිරිමි ඔබ හැකිතාක් චීත්ත ගණයේ ක්‍රියාකාරකම් වලින් ඇත් වීමෙන් කීර්තියට ලක්වේ. කාන්තා ඔබ තම සුපුරුදු ක්‍රියාපටිපාටියේ දිගටම යෙදෙන්න. සඳු ග්‍රහයා නැප්චූන් සමග රොගස්ථානයේත්, සතුරු ස්ථානයේත් ගත කිරීම අනුව අසනීප තත්ත්වයන් ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න. හදවත් සහ උදරයෙන් පහළ කොටසේ අසනීපවලින් පෙලී සිටියෙකු නම් හැකි ඉක්මනින් ප්‍රසව හා නාරි විශේසඥයකු මුණගැසෙන්න.
තුලා
සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කළත්, ඔබ දැනට සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරන්නේය. ඒ සස ගේ ස්ත්‍රී පරාණය පුරුෂ යෝගය සමග ඔරොප්පුවෙන් ඇති නිසාය.
නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමය. සැප කනෙන් ගන්න යෑමෙන් කන ආශ්රිත රෝග වැලදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේය. ගිය සතියට වඩා මේ සතිය ආතල්ය. තුලා හිමි තරුණ ඔබ කෙල්ලන් පසුපස ඇවිදින විට ආරක්ෂිත උපාංග භාවිතය වඩාත් සුදුසුය.
වෘශ්චික
විවාහක ස්ථානයේ නීච කේතු සිටීම අනුවත් වෘශ්චික ලග්න විවාහ දිවි ගත කරන අයටත්, විවාහ අපේක්ෂකයන්ටත් මදක් අසුබදායක සතියකි. උතුරු මැද පලාතෙන් හමුවූ ගෝනුස්සෙක් කෑ හැකි බැවින් රෑ ගමන් අඩු කිරීම ඇගට ගුණය.
ප්‍රසිද්ධිය, කීර්තිය මේ සතියේ ඔබට හිමිවන අතර, අසනීප තත්ත්වයන්ගෙන් පසුවු වෘශ්චික ලග්න හිමියන්ට මේ වසරේදී සුවය ලැබේ. චීනෙන් ආනයනික බැදපු ගෝනුස්සන් හැකි පමණ අනුභවය සියළු රෝග වලට දිව ඔසුවකි.
ධනු
ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු, ඔබේ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ උච්චව සිටී. සියල්ල ලැබීමෙන් ඔළුව ලොකු කර ගැනීම විනාශයට හේතු වේ.
ඔබේද රාහු, කේතු ග්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය මාගේ සභ්යත්වට හමුවේ භංග වී ඇත. ඔබේ වික්‍රමස්ථානය ජොකාට පහලින් පිහිටීම හේතුවෙන් ජයග්‍රහණ රාශියකට මග පෑදේ. සෑම උදයකම සුපිරිසිදු ජොකෙක් ඇදීමෙන් දවසම ශුභ වේ. අසල්වැසියන් හා සහෝදරයන්ගෙන් විශේෂ උදව් උපකාර ලැබේ. එනම් හදිසියේවත් ජොකෙක් නැති වුවහොත් එහා ගෙදරින් එකක් ඉල්ලාගෙන ඇදගැනීමට ඔබට මේ සතියේදී වාසනාව හිමිවේ.
ඔබේද රාහු, කේතු ග්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය මාගේ සභ්යත්වට හමුවේ භංග වී ඇත. ඔබේ වික්‍රමස්ථානය ජොකාට පහලින් පිහිටීම හේතුවෙන් ජයග්‍රහණ රාශියකට මග පෑදේ. සෑම උදයකම සුපිරිසිදු ජොකෙක් ඇදීමෙන් දවසම ශුභ වේ. අසල්වැසියන් හා සහෝදරයන්ගෙන් විශේෂ උදව් උපකාර ලැබේ. එනම් හදිසියේවත් ජොකෙක් නැති වුවහොත් එහා ගෙදරින් එකක් ඉල්ලාගෙන ඇදගැනීමට ඔබට මේ සතියේදී වාසනාව හිමිවේ.
මකර
මකර ලග්නයෙන් උපන් ඔබේ දොලොස්වැන්නාධිපති ගුරු ඡුන්මපථයේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ බලගතුව ගමන් කරන්නේය. අටවැන්නාධිපති රවි ප්ලූටෝ සමග වැයස්ථානයේත්, කේතු පස්වැන්නේත්, යුරේනස් තුන්වැන්නේත් ගමන් කරයි.
රැකියා අපේක්ෂිත මකර ලග්න තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල වන වසරකි. විශේෂ කඩිනම් මංගල යෝගයක්ද උදාවී ඇත. කඩිමුඩියේ බදින්න කැමති අයට පර්ෆෙක්ට් නැකත් ඇත. විවාහ දිවි ගතකරන්නන් අතර පැවති ගැටුම් නිරාකරණය වන සතියකි. හැමදාම මුට්ටියක බත් ඉවීමෙන් ගැටුම් නිරවුල් වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙයි. හැකිතාක් අන්තර්ජාලයේ සෙක්ස් යන සර්චි වර්ඩ් එක භාවිතයෙන් වැළකිය යුතු සතියකි. කී‍්‍රඩා ක්ෂේත්රයේ නියුතුවූවන්ට එම කටයුතුවලට බාධා ඇතිවන අතර, නිවසට වී තනියම සෙල්ලම් කිරීම හොදය.
කුම්භ
කලින් කී පරිදිම ලග්නාධිපති සිකුරු හකුරු අනුභවය හේතුවෙන් දියවැඩියා තත්වයකට ගොදුරුව පවතින සතියකි. ඔබේ ධනස්ථානයත්, පස්වැන්නත් අධිපති බුධ, රාහු සමග එකගෙයි ගත කරයි. කළයක් තුළ සැගවූ හකුරු අනුභවය ශරීර සෞඛ්‍ය නංවාලීමට උපකාරී වන්නේය. තවද කුම්බලාවෝ කරවලද හෙළ ඔසුවක් වනු ඒකාන්තය.
නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමය. සැප කනෙන් ගන්න යෑමෙන් කන ආශ්රිත රෝග වැලදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේය. ගිය සතියට වඩා මේ සතිය ආතල්ය. සෑම කටයුත්තක්ම ඔබට වාසි දායක ලෙස අවසන් වන්නේය. දුර බැහැර ගමන් බිමන් යෙදේ. වැසි සහිත කාලගුණය හේතුවෙන් මතක ඇතුව රේන් කෝට් දෙක තුනක් රැගෙන යාම වටී.
මීන
රවි එකොලොස් වැන්නේ පොලොස් කමින් සිටි මීනා, මීන රාශියෙන් මේෂ රාශියට යෑම හේතුවෙන් මීනාගේ හස්බන්ඩ් හෙවත් මාළුවා අප්සට් ගසා ඇත. හැකි තාක් මෙම සතිය තුළ මාළු කෑමෙන් වැලකිය යුතුය.
වැය පාර්ශවය මදක් ඉහළ ගියත් ලැබීම් අතින් ඉතාම සුබදායක බවක්, පෙන්නුම් කරන්නේය. හවුල් ව්‍යාපාරිකයන් අතර, ආරවුල් ඇති වේ. කරන දෙයක් තනියම කරන එක හොදය.තමා හිසට තම අතමය සෙවනැල්ල කියන්නේ කට කහනවට නෙමේය. දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් යම් දේපළක් ලැබීමට තිබුණා නම්, මේ සතියේදී ඒ කටයුතු ප්‍රමාද වේ. ප්‍රීතිමත් ගමන් වලට ඉඩ සැලසේ.
ප/ලි:
වුෂ්....
හප්පේ හරි අමාරුයි ඈ...
වෘශ්චික ධනු මකර කුම්භ
කොස් ටික බෙරි නොකර තම්බ
මෙච්චර හොඳ අපට සිද්ද
වෙන්නට යන අකරතැබ්බ!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හාස්‍යයය සදහා පමණි. ජෝතිශ්‍යයට හෝ කිසිවෙකුට අපහාස කිරීමක් නැත.
විශේෂ කඩිනම් මංගල යෝගයක්ද උදාවී ඇත. කඩිමුඩියේ බදින්න කැමති අයට පර්ෆෙක්ට් නැකත් ඇත..... ලු
ReplyDeleteතාම පණුවෙක් හම්බුනෙත් නෑ බොලව්..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
පණුවෙක්ම ඕනෙද?
Deleteඇටිකුබ්බෙක් වගේ එකෙක් සෙට් වෙන්නේ නැද්ද? ;)
බොලා මගේ ලග්නේ කාලා,, මම මියදෙනවද බොල? :/ හිටුකෝ රජ ගෙම්බා,, මැරුණොත් ඒම එනවා හොයාගෙන බොලාව..
ReplyDeleteසමාවන්න!
Deleteභූතාත්ම අඩවිය අහලකටවත් ගනු නොලැබේ...
යකෝ එතකොට ධනු සහ සිංහ ලග්න වලට උරුමකම් කියන ගෑණු උදවියත් උදේ පාන්දරින් ජොකෙක් අදින්න ඕනෙද.....?
ReplyDeleteහුටා පටස්...
Deleteඑයාලා ඒක අවශ්‍ය පරිදි ස්ත්‍රීලිංග පදයට හරවා ගත යුතුයි ^_^
මාත් මේ ඒක අහන්න ආවෙ, මම සිංහ, මිනිහාවත් ලග පාත නෑනේ ඔහොම එකක් ඉල්ලගන්න..
Deleteමටත් ඔය ගැටළුවම තමා ආවේ.... මාත් සිංහ නේ.....
Deleteචූටි ජංගියක් මහගෙන ඇදගන්ඩ මෙයා ^_^
Deleteපට්ටයි ඈ.....
ReplyDeleteහිකිස් ;)
Deleteජොකාට පහළිං කියන්නෙ ඒක කොයි හරියෙද තියෙන්නෙ බොල.
ReplyDeleteමේව වැඩිහරියක් පිරිමින්ට හරියන විදියටනෙ තියෙන්නෙ. එතකොට බවලත් උදවියත් ළඟ සිටින ලේඩි ඩොකෙක් ළඟටද යන්න ඕන.
ජොකාට පහලින් කියන්නේ... ජොකාට පහලින් :)
Deleteඒත් කමක් නෑ ඉතින්!
මේ සතියේ internet එකේ sex සර්ච් නොකරමි.
ReplyDeleteඕං එකෙක් මාට්ටු!
Deleteහසරැල් කොහොමත් හරි අප්සෙට් වෙලා ඉන්නෙ එයාගේ දුප්පත් බ්ලොග් එක SEX සර්ච් වලට අහු වෙනවා කියලා.
Delete@නදිනි යකෝ එහෙනම් ඔය හසරැලය නෙවෙයි දුක් වෙන්න ඕනෑ මම...........
Deleteමගෙ සර්ව් වර්ඩ්ස් දැක්කොත් උඹලා වහ කනවා..
Deleteඑකක් තිබ්බා නෙල්ලි බීම හදන හැටි කියලත් ^_^
මං නැති ටිකේ මුන් මාව නැති කොරලා නෙව.මානවක ඉතින් ඉස්කෝලේ දවස්වල ඉදලමැ sex පැත්තට බර එකා වෙච්චි
Deleteඔබ පිරිමි ළමෙක් නම් රටේ පවතින තත්වය අනුව දෙපාර්ශවයේම තරුණ මහළු අය ඔබ පසුපස හඹා එන්නටද පුළුවන.!!
ReplyDeleteමාර සීන් එක! පරිස්සම් වෙලා ඉන්ඩ ඕනේ!!!
මෙච්චර හොඳ අපට සිද්ද
Deleteවෙන්නට යන අකරතැබ්බ!
හප්පේ මට තියෙන එව්වා... බෝම පරිස්සමින් ඉන්ඩ ඕනෑ
ReplyDeleteබොඩි ආමර් එකක් දා ගනින්.. ;)
Deleteපරිස්සමෙන් හිටු. මාරයයි, මාතලන් ගොයියයි උඹැහැව හොයනවලු ඇ. නොමිලෙම ලග්නෙ පලාගන්ට පුලුවන් වෙයි
ReplyDeleteමගෙ හැව හොයනවා??? එහෙනං ඉතින් හම්බෙන්නෑ... ^_^
Delete(යටින්ම චූටියට එකක් ලියා ඇත ලු)
අඩෝ ප්‍රින්ට් කරලා විකුනපන්කෝ..සිරා බං
ReplyDeleteඋඹ දන්නවද අර අතේ ප්‍රින්ට් එකක් අරං සාස්තර කියන උන් මට කියපු ඒවා? මැරෙනවා යකෝ හිනා වෙලා. තව පොඩ්ඩෙන් මම සොට්ටපොච්චි වෙනවා එතනම හුස්ම හිරවෙලා :)
Delete//නිවසට වී තනියම සෙල්ලම් කිරීම හොදය.// මොනව ද කරන්න හොඳ සෙල්ලම් ? ;)
ReplyDeleteප්‍රසිද්දම එක කරහන් බන් ...:D
Deleteඔය කියන්නෙ රජා නිතරම දාන සෙල්ලම බං. තවම සූටි එකා නෙව. හෙහ් හෙහ් හෙහ් ....
Deleteඕං බලහන් තොපේ කැත හිත!
Deleteයකෝ මම කිව්වේ මැෂින් එකේ කම්පියුටර් ගේම් ගහන්න කියලා ;)
මැෂින් එකේ කොහොමද රජුනි ගේම් ගහන්නේ..ඒක තියෙන්නේ රෙදි මහන්න නොව...
Deleteජොක්කු ගැන ලග්න පලාපල වල තියෙනවා දැක්කා මයි. බලමු මාරයා සහ ජෝතිෂ ලංකා මොනවා කියයිද කියලා.
ReplyDeleteඑහෙම තමයි... මං වගේ උපදේශකයෙක් කියනකොට ;)
Delete\\සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කළත්
ReplyDeleteනව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමය.
තුලා හිමි තරුණ ඔබ කෙල්ලන් පසුපස ඇවිදින විට ආරක්ෂිත උපාංග භාවිතය වඩාත් සුදුසුය.////
මම තුලා යකෝ....මොනවා උනත් මේ ටිකේ අපලයි...
ඒ උනාට ස්ත්‍රී ලාබ නම් තියේ තමයි..සැප කනේ ..
කන බලාගෙන ඈ.... ^_^
Delete// අනිවාර්යෙන්ම ළගම සිටින ලේඩි ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත යුතුය. //
ReplyDeleteඅඩේ මූ කාන්තාවොන්ට අසාධාරණයක් කොරල.
පලාඵල ඔක්කොම ඔහොම තමා බං, අද වැස්සොත් හෙට පාර මඩවෙයි ජාතියෙ කතන්දර.
තව ටිකක් ට්‍රයි කොරහන් කොලුවො, ජ්‍යෝතිෂ පැත්තෙන් ඉදිරියට ගියොත් බැංකු අධ්යක්ෂකමක්, සභාපතිකමක් ෂුවර් !
හිකිස්.... අනිවා අනිවා...
Deleteජනාධිපති මාමා මෙය දකීවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මගේ ලග්නය ගැන පස්ටටම ලියා ඇත..රජා නම් පස්ටය......කවද්ද ඔය බලේ හම්බුනේ ?
ReplyDeleteහැක්... මේ ඊයේ පෙරේදා හම්බුනේ. ට්‍රිප යද්දි කියන්නම්කෝ විස්තරේ :)
Deleteඈ බොල.. මේකේ හිටියේ ජෝතිෂ්‍ය කස්ටිය දෙන්නෙයි දැන් තුනක් වෙන්න එනවද? සිකුරු හකුරු කාල කියලනම් මටත් තේරෙනවා.
ReplyDeleteඇයි සීනි නැග්ගද? ^_^
Deletemඋබ මරයට කෙලින්න වගෙ හදන්නෙ
ReplyDeleteහැක්...
Deleteපරිස්සම් වෙන තරමට හොඳයි නේද? දැන් ඇවිදින්නෙත් හරි හෙමින්.
ReplyDeleteඈ...? කවුද හිමින් ඇවිදින්නේ? ;)
Deleteමගේ ලග්නෙට නම් හොඳයි බොලන්. :D
ReplyDeleteඑහෙනං එලනේ බොලං... පිරිසිදු ජොකෙක් ඇදහන් :)
Deleteraja dan kendarath balanawa ehena..:D mage lagne widiyata marenawane mama mara seen1 :o
ReplyDeleteඅඩේ... එහෙනං භයානකයි ඈ! :)
Deleteඔහොම දිගටම කරන් යමු ...උපදෙශක පට්ටමක් ගතෑකි.
ReplyDeleteපට්ටාස් නේ :)
Deleteහෙට අනිද්දට පත්තර සිරස්තල.
ReplyDelete"ගිරිඋල්ලේ අඩවි රජාට මහජන බැංකුවේ සභාපති ධුරය පිරිනමා ඇත."
අනිද්දට - මහජන බැංකුවේ කෝටි 10ක මුදල් සොරකමක් ^_^
Deleteඅඩෝ අපේ බැංකුවට මුකුත් කියන්න එපා හරිය...@රජා යු වෙල්කම්
Deleteහෆ්ෆේ... සෑහෙන්න අපලයි නොවැ.. ලග්න වලට.. :D
ReplyDeleteඒකනේ අෆ්ෆා..
Deleteරජාගේ ලග්නේ වෳෂභ ද ?
ReplyDeleteඅපෝ නෑ...
Deleteමාළු කන්න හොද නැත්නම් මම කනවා කුකුල් මස්..ඒම හොදයිනේ සජෝ..
ReplyDeleteම්ම්ම්... අවුලක් නෑ ;)
Deleteස්ලම් ඩෝග් කියලත් ගවුරව නාමයක් ගනින්කෝ බං.
ReplyDelete:D :D
ඇයි බොල තුලා ලග්න හිමි කොල්ලෝ විතරද කෙල්ලෝ පස්සේ යන්නේ..? කෙල්ලෝ කොල්ලෝ පස්සේ යනවා පෙන්නුම් කරන්නේ නැද්ද..?? :(
ඒක කෙටි කරලා තමා උඩ තියෙන්නේ ;)
Deleteඒ එහෙම පෙන්නන්නෑ බං... මං හිතන්නේ බහුතරය තමා පෙන්නන්නේ
චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් කතා මතක් වුණා :D
ReplyDeleteමම කියෝලා නෑ :)
Deleteඅඩේ මගේ වික්‍රමස්ථානය ජොකාට පහලින් පිහිටීම හේතුවෙන් ජයග්‍රහණ රාශියකට මග පෑදේලු....ඈ..........
ReplyDeleteමං හිතුවේ ජොකාට සමාන්තරව ඇති නිසා කියලා.....
Deleteජොකා සමග මිත්‍ර කෝණයකින් ;)
Delete//සෑම උදයකම සුපිරිසිදු ජොකෙක් ඇදීමෙන් දවසම ශුභ වේ.//
ReplyDeleteයකෝ මගෙ ජොකාගෙ බත් දාගෙන කැවහැකි හරිය..
එච්චර ලොකුද බන්............
Deleteහිකෑස්...
Deleteහක හක පට්ට ඕය්.මේක තමා කියවල තියෙන හොදම ලග්න පලාපලය.කිරි ගහට ඇනල බලාගෙන හිටිය වගේ
ReplyDeleteදාපන් පහක්!
Deleteඔක්කොමත් හරි අර සුපිරිසිදු එක කොහොමද හොයාගන්නෙ?
ReplyDeleteඅයියො ඕක දන්නැද්ද මෙන්න මෙහෙම නංගි ^_^
Deleteඅඩවි රජතුමා විසින් අලුතින් ආරම්භ කල (කූට) ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!
ReplyDeleteහකස් :D
Deleteරාජ සම්පත!!!
Deleteඔක්කොම හරි දක්ෂතාවයත් තියනවා ඇත දෙන්න මිනිස්සුත් ඉන්නවා...ඒත් මුගේ රැවුල වැවෙන්නේ නෑ නේ.........
ReplyDeleteරැවුල නෑ... වරෙන් පෙන්නන්න
Deleteයටි සැවුලද ??
Deleteඋඩ රැවුල තියෙන්නේ පොලිසියේ එවුන්ගේ, යට රැවුල තියෙන්නේ රහස් පොලිසියේ එවුන්ගේ.
Delete//ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු,
ReplyDeleteකුම්භ
කලින් කී පරිදිම ලග්නාධිපති සිකුරු //
මෙන්න මේ වාක්‍ය 2 ත් නිවැරදිව ලියල තිබුනනම් මේ පලාඵල විස්තරයට අභියෝග කරන්න කාටවත් බෑ...D..
ඒ කියන්නේ අනිත් ඒවා හරිද?
Deleteහම්බේ........මෙන්න මාව පාවෙනවා!
අඩේ මගේ ලග්නෙට කියලා තියෙන්නෙ පොඩ්ඩයි. මැට්ටා.
ReplyDeleteහික්... තව ඕනෙද?
Deleteහොද වෙලාවට අද ඉරිදම මේක දැක්කේ.. දැන් මේ සතියම පරිස්සම් වෙන්න එපැයි..
ReplyDeleteඅනිවා අනිවා....
Deleteමගේ ලග්නෙට නම් හොඳයි. මංගල යෝග තියෙනවාලුනේ. :D
ReplyDeleteහපුයිස්... බලාගෙන වහින්න පුළුවන් :)
Deleteරජාගේ ග්‍රහ චක්කරේ කෝමේයි ????
ReplyDeleteඅෆ්ෆට ඒක ලොවෙත් ඈ ;)
Deleteකීවත් වගෙ වැස්සෙන් නම් මල වදෙන්.ලගම ඉන්න ලෙඩි ඩොක්ටර් ගාවට ගියාටවැඩක් නෑ
ReplyDeleteඇයි බං... එයා කැතද? ;)
Deleteඅර චුටීයට යටින් ලියල තියන එක ටිකක් ලොකුවට දාන්න. එකපාරටම පෙන්නේ නෑ.
ReplyDeleteඑහෙම නැත්නම් මේ ටිකේ මාලිගාවේ රහස් කාමරේකට වත් වෙලා ඉන්න. කට්ටිය කේන්දරත් අරගෙන පොලිම් ගැහිලා හිටියොත් එහෙම...
හක් හක්... මාව අල්ලනවා බොරු ^_^
Deleteරජෝ, උඹටත් බැංකුවක ලොකු තනතුරක් ළඟදීම ලැබෙන හැඩයි.
ReplyDeleteනියමා.....යි :)
Deleteඅනේ.... මේකා දන්න ජෝතිශ්‍යය......
ReplyDeleteහැබැයි මරු හොදේ.... හික්....
හෙහ්... ඇයි ඇයි... මම දන්නවා හොදේ ;)
Delete" වෘෂභ ලග්න හිමියන් හැකි පමණ වෘෂභ ක්‍රියාවලින් වැලකිය යුතුය. "
ReplyDeleteමේක නම් රන්ගොජාටම කියාගත්තු එකක්ද කොහෙද.. :P :P
අපෝ මගෙ නෙමේ ඔය ගොන් ලග්නේ :)
Deleteඋබ පොරොන්දං එහෙම බලනවද කෙසේ උනත් පට්ට ඈහ්!!
ReplyDeleteතැන්කූ ඈ...
Deleteඅනේ රජෝ මගෙත් කේන්දරේ බලලා දියන්කෝ.මේ දවස්වල හරියට අපලයි බොලන්..
ReplyDeleteඅයියෝ සුළු කේස් එකක්... කෝ දියන් ;)
Deleteniyamai malliyo
ReplyDelete^_^ තැන්කිවු!
Deleteඅපොයි රජෝ...මගේ ලග්නේ ධනු...මේ පලාපල මට ගැලපෙන්නේ නැතෝ...
ReplyDeleteඔයා එහෙනං වෙන එකක් අදින්න ;)
Deleteමගේ පස්සෙන් මේ සතියේ ගෑනු එනවැයි කියන්නේ!!
ReplyDeleteඅනේ වාසනාවන් මේ සතියෙවත් මොකියෙක් හරි සෙට් වෙනවා නම්
කොල්ලෝ එන්නත් පුළුවන්ලු ඈ ;)
Deleteමේෂ ලග්නේ උන්ට අර වික්ටර්ගේ සිංදුව තමා කියන්ට වෙන්නේ.. "හිත මිතුරැ සුළඟ"..
ReplyDelete"අඩේ අප්පා බලාන්ඩ මාත්තියා මූ කියනවා වයින්ඩ එපාලු.. අර අනුරාධපුරේ පැත්තේ මිනිස්සු වැස්ස නැතුව කන්ඩ බොන්ඩ නැතුව ගෑණු... "
එපා එපා ඒ ටික මකල කොමෙන්ට් කරන්ඩ ඕනේ....
හැකැස්... පව් ඩෝ :)
Deleteකන්‍යා - හික්...හික්...ඉහි...ඉහි...(ලැජ්ජාව නිසා පලාඵල නොලියන ලදී)
ReplyDeleteඑහෙනං සුවර් මූ කන්‍යා ;)
Deleteලොල්ම ලොල්.... ඇත්තටම කොහෙන්ද යකෝ බොට- ඔහ් සමාවැන්න. තමුන්නාන්සෙට මේවා ලියන්න වචන එන්නේ. කොහොම වුණත් අපූරුයි. මට මේ වගේ වැඩත් ඉතාම නිර්මාණශීලී.
ReplyDeleteඒ ඔහොම කියන්න එපා ඕයි... මට ලැජ්ජයි ^_^
Deleteකෝකටත් පරිස්සම් වෙන එක ඇගට ගුණයි. වෙන මොකවත් නෙවේ. මේ විදියට අනාගත් වැකි කියන නක් ශාස්ත්‍ර කරුවන්ගෙන්.
ReplyDeleteහික්... ඔව් ඔව් ;)
Deleteඅදයි ඔබතුමාගේ රජ සභාවට ගොඩබැස්සේ...
ReplyDeleteරජුනි කතාව පට්ට ඇ ...
රේන් කොට් සැම විට ගෙන යන්නෙමි
ඔබ වහන්සේ සරිය ..
මට හැම සතියක්ම ෆුල් අතල් වේ ..
සැපවේවා
ඒකනේ කියන්නේ පොඩ්ඩො... මට වරදින්නෑ ලේසියෙන් :)
Deleteලග්න පලාපල කියන්න කලින් උඹත් ඇඳන් ඉන්න ජො*ව මාරු කරපන්...... එතකොට උඹේ දවස සුභ නොවුනත් ඒක අහවල් එකට සුභ වෙයි. feeling අම්බානක ගඳක්.........=D>
ReplyDelete