Wednesday, January 2, 2013

එහෙනං මෙහෙම පටා..........න් ගමු


වෙනදා වගේම 2013 කම්මැලිකමෙන් පටන් ගත්තේ නැත. මං රජා හිටියේ අම්බානට උණ ගැනිලාය. උණ ගැනිලා කිව්වට උණ නම් හොදය. ඒ උනාට හිතට උණය. මොනවා උනත් අවුරුද්දේ පළවෙනි දවසේ නිකන් ඇද උඩට වෙලා උඩ බලාගෙන ඉන්න එක එච්චර සභ්‍ය නැති හෙයින් මහ පාන්දර අවදි වී සයිට් එක බලා ගෑටුවෙමි.

විශේෂයෙන්ම සයිට් එකට ගියේ අවුරුද්දේ පළවෙනි දවස නිසාම නොව නිකන් දෙන ටී ෂර්ට් එකයි කැලැන්ඩර් දෙකයි කුදලගෙන ඒමටය . අවුරුද්ද පුරාම ඔය කැලැන්ඩරේ ලොකුවට ගෙමැද්දේ ගහපුවාම එන එන හැම එකාම වපර ඇහෙන් ඕක දිහා බලන්නේය. බලලා නිකන් ඉන්නේද නැත. හා........නේ....... ලොකු රජා දැන් වැඩ මේකෙද? හොදයිනේ ඈ......මටත් නිකන් ප්ලේස් එකක් හැදෙන්නේ ඕකෙන්ය.

පාන්දර 4 කෝච්චියෙන් මම ගල්කිස්සට ඒමට මීරිගමට ආවෙමි . මොකද්දෝ හේතුවකට මම ටිකට් ගත්තේ කොටුවට පමණය.  2013ත් දුම්රිය දෙපාර්තුමේන්තුවට පාඩු වෙන එකත් අහන්න දෙයක් නොවේය . අපි කොටුවට ටිකට් අරං ගල්කිස්සටම යන්නේය. වේයන්ගොඩ දිහාට එනකොට මම ගස්බව්වා වගේ සීට් එකේ දපනේ දාගෙන දොයිය. ඇදට වඩා සැපට නින්ද ගියේය. කෙසේ හෝ 6 වනවිට බෝඩිමට ලගා වූ රජා නැවත වතාවක් බඩ එහෙම හිස්කර ගනිමින් සයිට් එක බලා පිටත් උනේය.

උණ හේතුවෙන් සති 2ක් පමණ සිටීමෙන් සයිට් එකේ බාසුන්නැහැලාට මාව අමතක වෙලා ඇති යැයි සිතා සතුටු වෙමින් ගේට්ටුවෙන් ඇතුලට අඩිය තිබ්බෙමි. හයියෝස්...පොල් සම්බෝලස්.....ය වැඩ කරන උන්ට පිස්සු හැදිලා වගේය. සුභ අළුත් අවුරුද්දක් මහත්තයා.... කියාගත්තු ගමන්ය අතට අත දෙන්නේය. ලබ්බට හෙන ගැහුවා වගේ මූණටම සුභ අළුත් අවුරුද්දක් කිව්වහම ආපහු කියන්නේ මොකද්ද කියලවත් මට මතකයක් තිබ්බේ නැත. එසේම වේවා... කියලා කියන්නත් මීටර් උනේ ටික වෙලාවක් ගිය පසුය.

උදේ කට්ටිය වැඩ කරලා 9.45 වෙනකොට ඔෆිස් එකට එන්නයැයි ඉහලින් උපදෙස් ලැබුනේය. එහෙ මෙහෙ කැරකි කැරකි ඉදලා සයිට් එකේ හැමෝටම වගේ සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා උඩම තට්ටුවට යන කොට 8ට කිට්ටුය. වෙනදා වගේ වෙලාව ගියෙත් නැත. වෙනදාටනම් උඩට ගියා, පල්ලෙහාට ආවා, තේ බිව්වා, ආයේ උඩ ගියා ,පල්ලෙහාට ආවා, බත් කෑවා, ආයේ උඩ ගියා, අයිසක් ගැහුවා වගේ රවුමක් යන්නේය ඊයේ නම් තනිකරම අයිසය. බෝර දාලා කඩන්න තරම් අයිස්ය. ඒ අයිස් කුට්ටි බේරේ වැවේ ගිල්ලුවත් දිය නොවන සයිස්ය.

9.30 වෙනකොට අපි ඔපීසියට රිංගුවෙමු. අම්මට උඩුය... ගංවතුර ආධාර පෝලිම වගේ කට්ටිය පෝලිමේය. මීටර් 200කට වැඩි බව නම් ටක්කෙටම සුවර්ය. ත්‍රාස්‍යජකන ෆිලුං එහෙක වගේ පිරිස අතරින් රිංගාගෙන දෙකට නැවීගෙන ඔපීසියේ දොර සොයාගත්තෙමි. පෙර කරුමෙකට ඇතුලට රිංගාගත් හෙයින් තැලෙන්න තිබූ අවස්ථාව මග හැරී ගියේය.

කිරිබත් කාලයි අපි වැඩ අඹරන්නේ... කියලා බඩ පැලෙන්න කෑවෙමු . අළුත් ටී ලබා ගත්තෙමු. ඊලගට තිබ්බේ බෝල ගහන්න යන්නය. අපිට කොතන ගියත් ස්පෙසොල් සැලකිලිය. අනිත් උන් වාහන වලින් ග්‍රවුන්ඩ් එකට යද්දී අපි පයින්ම ගියෙමු. වැඩි දුරක් නැත. මලින්ද මාමාගේ මන්දිරේ පිටිපස්සේ මැටිපාක් ග්‍රවුන්ඩ් එක අපේ මර්මස්ථානය විය. අපි ගාට ගාට යන විටත් කට්ටිය පිල් බෙදිලා එහෙමත් ඉවරය. ට්‍රේනින් උන් වෙනම ටීම් එකක් හදාගෙනය නම ට්‍රේනී කණ්ඩායමය. අපි ආ පසු එය ඕල් අවුට් කණ්ඩාමය යයි නම වෙනස් කරන්න ගියද එතකොට පරක්කු වැඩිය.
ග්‍රවුන්ඩ් එකට පේන අපේ බිල්ඩිම
තරගය පටන් ගත්තේය. කණ්ඩායම් 14කි. අපේ තරගය තිබ්බේ මැද හරියෙය. ඒක පටන් ගන්නකන් අපි ගංගාරාම පන්සල පැත්තට ඇවිද ගියෙමු. පන්සලේ සූ.... ගාලා සෙනගය. ඇතුලට යන්න සපත්තු ගලවන්න ඕනෑය. මේ සේෆ්ටි ෂූස් ගලවා ස්වසන ආබාධ හදිසි මරණ වලට වග කිව නොහැකි හෙයින් ඒ අදහස අත්හැර නැවත පිට්ටනියට ආවෙමු. බැරි වෙලා හෝ අපි එතන සපත්තු ගැලෙව්වා නම් නහය නිල් වීමෙන් සිහි සුන්ව බේරේ වැවට ඇද වැටුනු කිහිප දෙනෙක්ගේ මල ගම් අද ටීවී එකේ පෙන්නනවා සිකුරුය.

අපේ මැච් එක පටන්ගත්තේය. මුලින්ම බැටින් අපිය නියමිත ඕවර් 3ට ලකුණු 60ය. අළුතෙන් ආපු ට්‍රේනි බුවෙක් 6 ඒවා වගා කලේය. උගේ පිහිටෙන් ලකුණු නම් ආවේය. ඊලගට බෝල රකින වැඩේය. රජා කීපර්ය .අපේ බෝලර්ස්ලගේ සියළුම අංග චලන මට නියමෙය විස්තර කල හැකිය. රජාට අත ඇරුන බෝලයක විස්තරය මෙසේය.

“X... දිව එනවා පන්දු යැවීමට. වමතින් වේග පන්දු යවන මොහු උඩ පැන දකුණතින් පන්දුව පිරිනැමුවේය. මැද ඉන්නට චුට්ටක් මෙහෙන් පතිත වූ පන්දුව පා ඉන්න හරහා භ්‍රමණය වී පන්දු රකින රජා වෙත යොමු වුනේය . පාරේ යන ඇන්ටියෙක් දෙස නෙත් යොමාගෙන සිටි ඔහුට පන්දුව අත ඇරුනේය. පිට්ටනියේ කොනක සිටි තුන්වෙනි කොළුවා හති හලමින් දූවගෙන ඇවිත් බෝලේ අහුල ගත්තේය. ප්‍රතිවාදීන්ට ලකුණකි.“

මෙන්න තෑගිස්
කෙසේ හෝ අපි දිනුවෙමු. නමුත් සෙමි ෆයිනල් එක අලංකාර ලෙස අනුභව කලෙමු. ඒක නම් මාර රහය. මෙවර හයේ පාරවල් සීනිබෝල රහය. පිට්ටනියේ බැල්කනි කෑල්ලට ගිහින් බලාගෙන හිටියෙමු. අඩේ අප්පා...... අර කලින් දැක්ක ඇන්ටි කෑල්ලද මන්දා මේ පැත්තට ඇදෙන්නීය. කෝකටත් පොට ගිය ඇහැ උල්කර බැලුවෙමි. නෑ... නෑ..... මේ වෙන එකක්ය. මික්ස් ටයිප් එකක්ය. තායිලන්තෙන් ඉම්පෝට් කරපු ට්‍රැනී අක්කෙක්ය. ඇය හරි හරියට කොල්ලොත් එක්ක නැටුවාය. හවස් වරුවෙම ෆන් එක මෙයා විය.




හෙඩ් ඔෆිස් එකේ කණ්ඩායම අවසන් තරගයේ ජය ලබාගත්තෝය. අපිට හුලංය. දවල්ට කන්නත් නැත. බොරුවට දගලලා උණ දෙපිටින් යන හැඩ මට තේරුනේය. ගුණසිංහපුර බස්ටෑන්ඩ් එකට ආපු මම කුරුණෑගල බස්කෑල්ලක් අල්ලාගත්තෙමි. ෂෝයි අක්කා කෙනෙකුත් ලගින් වාඩි උනේය. ඇය දිවුලපිටියට යනකම්ම මං ලගය. අක්කාගේ සුවදට මගේ ඔලුවේ කැක්කුමත් වාස්ප වී ගියේය. වත්තල හරියේදී මට නින්ද ගිහින්ය. මම අක්කාගේ ඇග උඩවත්, අක්කා මගේ ඇග උඩවත් හිටියේ නැත. මම ඉතා නිවරැදි ලෙස මගේ සීට් එකේ ස්ථානගත වී සිටියෙමි. මේ හොටු කෙල්ලෝ සීට් එහෙක බුදියන්න දන්නේ නැත. හැන්ඩ්සම් කොල්ලන්ගේ ඇගේම එල්ලෙනවාය.

රෑ 8 විතර වෙනකොට රජා මාලිගාවට සැපත් විය. පළවෙනිදා පන්සලක් ලගින් ගියේය. අම්මලා පන්සල් යන්නේ නැතුව මට කෑගහන්නේය. මං හින්දා යන්න බැරි උනාලුය. ඒකටත් පලි මේ අහිංසක රජ පැට්ටාය . 2013ත් එලෙස අසික්කිත කුජීත අලංකාර ආකාරයෙන් ආරම්භ උනේය. තව දවස් 364ක් එහෙම්මමය. ඒවටත් මේ සෙතේම අල්ලන්නේය. ඒක ජලයේ ඇදි ඉරක් මෙන් සුවර්ය.


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

94 comments:

  1. හිකිස්.. මරු කිරිකට්...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!
    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දේ මං පනුච්චි එක වෙලා...
      තෑගී දියෝ..

      Delete
    2. තෑගි දෙන්න සල්ලි නැතෝ!!!!!! :)

      හැපි 2013ක් ඈ....

      Delete
  2. කුජීතම ඉදිරි දවස් 364 කට සුභ පැතුම් අඩවි රැජිනට ...:D
    .
    .
    .
    .
    .
    සුභ අලුත් අවුරුද්දක් වේවා ඈ

    ReplyDelete
  3. අප්පතසිලි, රජා පලවෙනිද හෝ ...... ගාලා වැඩ කරල.

    අර අක්ක නම් ගති ඈ .... රජා මොකුත් කළේ නෑ නේ, අර ළඟට වෙල දැඟලුවට.

    ඉතිං මචං ඔන්න උඹටත් සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක්. මේ අවුරුද්දෙවත් නංගිගෙ පිටේ, නංගි කෙනෙක් එක්ක යන්න වාසනාව ලැබේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. ඒක මගෙත් හෙන බලාපොරොත්තුවක් බං :)

      Delete
  4. හත්වලාමේ අවුරුද්දේ මුලින්ම කමෙන්ට් කරන්නේ මමය.

    ReplyDelete
    Replies
    1. මුලින්ම කිව්වට මුලින්ම නෙමේය. තුන්දෙනෙකුට පස්ඩේ මුලින්මය.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ^_^

      කමක් නෑ... කමක් නෑ....

      Delete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා රැජිනියනි.

    ReplyDelete
  6. හත්වලාමේ අවුරුද්දේ මුලින්ම කමෙන්ට් කරන්නේ මමය.

    ReplyDelete
    Replies
    1. මෙයාට පෙත්ත වැරදිලාලු මේ අවුරුද්දේ :)

      Delete
    2. අලුත් ෆෝන් එකක් ගත්තා බන්... ආයිත් නම් ඊඅකෙන් කමෙන්ට් කරන්නෙ නෑ....

      Delete
  7. සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  8. අලේ මල්ලල්ලෑ...රජො....සුබ නව වසරක් වේවා..!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මල්ලක් මහගම්මු අනේ :)

      Delete
  9. ලස්සන සෙකට්‍රි අක්කලා එහෙම උම්මා දීලා විශ් කරේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. අපේ එකේ ලස්සන උන් නෑනේ බං :(

      Delete
  10. අඩේ රජා කීපර් කොරලා ! හැපිනිය වේවා රජෝ

    ReplyDelete
    Replies
    1. එතකොට නයා කවුද ඈ?

      Delete
  11. රජෝ අසික්කිත නව අවුරුද්දක් (නො ) වේවා..!

    ReplyDelete
  12. අනේ උඹට මොන ක්‍රිකට් ද බං! අලුත් අවුරුද්දෙවත් පජාත වෙන්නේ නැතිව ඉන්න බලපන්! සුභම වේවා!

    ReplyDelete
    Replies
    1. පල ඩෝ යන්න!

      එසේම වේවා ඈ!

      Delete
  13. //මම අක්කාගේ ඇග උඩවත්, අක්කා මගේ ඇග උඩවත් හිටියේ නැත//
    රජා බහිද්දී අක්කා කැත බැල්මක් හෙලුවාය
    පහු වෙලා උනත් හැපි නිව් ඉයර් ඈ

    ReplyDelete
    Replies
    1. අක්කා මට කලින් බැස්සාය
      අක්කා උණු වී යන ආදර බැල්මක් රජා හෙළුවේය!

      එසේම වේවා ඈ!

      Delete
  14. රජාටත් සුභම සුභ අළුත් අවුරුද්දක්.. තව තව ලියන්න ඈ...අක්කා ලස්සනද බන් ????

    අපේ පැත්තෙත් එන්න.. තාම අපි අළුත් කැරකෙන ලෝකේ

    ReplyDelete
    Replies
    1. පට්ට ඕයි!

      එසේම වේවා ඈ!

      Delete
  15. ඈ......එහෙනම් සුබ වේවා ඈ....රාජ සම්පත් ලැබේවා....

    ReplyDelete
  16. රජ වේවා සූබ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ :)

      එසේම වේවා ඈ!

      Delete
  17. :D වසන්තයේ පැතුම් මල් පුදින සුබ නව වසරක් වගෙම තව වැඩියෙන් කුජිත එව්වා ලියන්නට රජුට හැකිවෙවා...

    ReplyDelete
  18. උඹට අපිට සුභ අළුත් අවුරුද්දක් කියල ඔය සුභවේවා, රාජිණී සම්පත් ලැබේවා කියපු තැන කොටන්න බැරි උනා නේ? කොටියම කාපිය...
    සුභ අළුත් අවුරුද්දක් වේවා...
    වැඩි වැඩියෙන් කුජීත වේවා... (ලියන එව්ව ඈ) :D

    ReplyDelete
  19. රජා මචං.. සුබ 2013 ක් වේවා..! වැඩි වැඩියෙන් පොස්ටු කෙටේවා.!! :)

    ReplyDelete
  20. අලුත් අවුරුද්දට රජාට රජපුටුවේම ඉන්නට හැකි සුබම සුබ අවුරුද්ද්ක වේවා !!!!

    ReplyDelete
  21. රජාට සුබ අලුත් අවුරුද්දක් වේවා. පහු ගිය ටිකේ මේ පැත්තෙ එන්න බැරිවුන නිසා මේ අනිත් උන් අඩවි ‍රැජින කියන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න බැරිව ඉන්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔය අර එදා තුම්මුල්ල වැදුන සීන් එකෙන් පස්සේ කියන කතා නොවැ

      බ්ලොග් කබ්බෝ සෙට් එක තමා නම දාලා තීන්නේ :)

      Delete
  22. අනේ උඹට ඔය කට්ට තව කාලාන්තරයක් කන්න සිද්ධ වේවා... හි හි... ( ඒවා බ්ලොග් එකේ ලියන්නත් වෙලාව ලැබේවා.. හි හි)

    ReplyDelete
    Replies
    1. තව ටිකම ටික දවසායි!

      Delete
  23. හික් පටන් ගැන්ම නියමයි. සුභ මෙවුවා එකක් වේවා වල් රාජෝ !!!

    ReplyDelete
  24. මේ අවුරුද්දෙවත් ඉටිකිරිස් කෑල්ලක් සැටමෝල් වේවා...සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අෆ්ෆා!!!

      එසේම වේවා ඈ!

      Delete
  25. රජ ගුටි ලැබෙන රජ වසරක් වේවා

    ReplyDelete
  26. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. කතන්දරටත් එසේම වේවා!!!

      Delete
  27. ඇන්ටි කෑල්ල දැක්කහම බෝල අත ඇරෙන එක ගැන අහන්න දෙයක් නැත.... එහෙනං මචං අසික්කිත, කූජිත රාජ සම්පත් ලැබේවා හොඳේ...

    ReplyDelete
    Replies
    1. පේනවනේ කිරිටොයි ලුක් එක ;)

      එසේම වේවා ඈ!

      Delete
  28. රාජ සම්පත් ලැබෙන වසරක් වේවා!

    අඩේ අර ඇන්ටි කෑල්ල උඹේ අන්තඃපුරේට නියමෙට මැචිං බං :P

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඈ!

      සිරාවට? ;)

      Delete
  29. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  30. සුබ අළුත් අවුරුද්දක් වේවා !
    ඔය සයිට් එකේ පේරාදෙනියේ උන් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඈ!

      ඉන්නවා බං

      Delete
  31. ආ... නියමායි... එහෙනම් සුභම වේවා හොදේ!!

    ReplyDelete
  32. "අයියෝ පොල් සම්බල්" හික්ස්

    ඔන්න සුභා කිවුවා හොදේ...

    ReplyDelete

  33. ආ පරක්කුයි නේ , සුබම සුබ නව වර්ෂයක් වේවා කිව ඔන්න රජාට

    ReplyDelete
    Replies
    1. අයියෝ පරක්කු නෑ!!!

      එසේම වේවා ඈ!

      Delete
  34. අපොයි මම එද්දි පෙරහැර ගොහින්ද මන්දා. අවුටක් නෑ. රජා හැපි නිවු යර්.....

    ReplyDelete
    Replies
    1. පෙරහැර තාම පටන්ගත්තේ නෑ බං :)

      එසේම වේවා ඈ!

      Delete
  35. me awuruddewath goda yanda labewaaaaaaaaaaaa

    ReplyDelete
  36. සුභ නව වසරක් රජෝ....!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සනමළයෝ!!!

      Delete
  37. සුභ නව වසරක් වේවා රජෝ!

    පලවෙනි ෆොටෝවේ කුසලානේ ඉන්න බැට්ස්මන් ග්‍රවුන්ඩ් එකේ කොල්ලෝ අස්සේ ඉන්නවා වගේ එක පාරටම පේන්නේ. පට්ට පින්තූරෙ ආ. ඕකට ළඟදීම සම්මානෙකුත් හම්බ වෙයි. අර බස් අක්කා ගැන කියනකොටනම්....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!!

      අනේ මම ඕක හිතලා නෙමේ ගැහුවේ ;)

      Delete
  38. අඩවි රජ්ජුරුවෝ දිවුලපිටියෙන් කොහෙද ගියේ

    ReplyDelete
  39. පටන් අරන් තියෙන්නේ කුජීත වෙලාම.. ඉතුරු දවස් ගැන නොකියමි...

    සුභම වේවා උඹට..

    ReplyDelete
  40. රජාටත් රජ වාසල සියළුදෙනාටත් සුබම සුබ නව වසරක් වේවා...
    වහාම දුම්රියදෙපාරතමේන්තුව දැනුවත් කරන්න ඕන රජා හොරට යන් සීන් එක ගැන...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඈ!!!

      පිස්සු නම් කෙලින්න එපා!!! :)

      Delete
  41. //මං රජා හිටියේ අම්බානට උණ ගැනිලාය.//

    උඹ රජා විතරක් නෙවේ බන් කොයි රජාත් ඉන්නේ උණ ගත්ත ගත්ත ගමන් තමයි.

    මහරජ තුමනි සුබ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් :)

      එසේම වේවා ලොක්කා!!!

      Delete
  42. රජාටත් සුභ නව වසරක් වේවා..
    දැන් “උණ“ හොඳවී ඇතැයි සිතමි..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රූ!!!!!!!

      දැන් නම් හොදයි :)

      Delete
  43. මහ(****) රජ තුමනි සුබ නව වසරක් වේවා....!!!

    ReplyDelete
  44. හික්ස්..... රජාත් 18 වන්නමම නටන්න දන්නවනී.... සුබ අලුත් අව්රුද්දක් වේවා....

    ReplyDelete
  45. රජා ඉගෙනගත්ත විශ්ව විද්‍යාලේ මොකද්ද?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)