Monday, August 27, 2012

මේ දෑස කුමටද? මොකටද? මක්කටෙයි?

ඇස් දෙක මිනිසෙකුට ඇති වටිනාම අවයව වලින් එකකි. නමුත් ඒවාගේ පෙනීම අහිමි වූ කල ඔහුට හෝ ඇයට කෙසේ දැනෙනු ඇතිද? කළුවර කාමරයක කිසිත් නොපෙනෙන අයුරු? සිතා හැකිය. මේ දවස් වල රෑට කරන්ට් ගියා හා සමානය.

මං රජ ඒ වන විට හිටියේ නමය වසරේය. වෙස්ටර්න් මියුසික් පන්ති ඇරිලා බස් එකට අත අල්ලන්නට මට බස් එකේ බෝඩ් එක පෙනුනේ නැත. පෙනීම දවසින් දවස හොර විය. නමය වසර අවසන් කාලය වන විට පෙනීමක් තිබ්බාද කියන්න මට සැකය. පන්තියේ පිටුපස පේලියේ සිට මට කළු ලෑල්ල පෙන්නේ නැත. එහා පැත්තේ එකාට පින් සිද්ද වෙන්න මම බෝඩ් එකේ ලියන සියල්ල පොතේ සටහන් කර ගත්තෙමි. මම වහාම මව්තුමිය මේ පිළිබඳව දැනුවත් කලෙමි. වහාම ක්‍රියාත්මක වූ ඇය මාව කුරුණෑගල මහ රෝහලේ අක්ෂි සායනයට ඇදගෙන ගියාය. සති තුනක පමණ පරීක්ෂණ වලින් අනතුරුව මට කන්නාඩියක් ලබා ගත හැකි විය. 

මේක ලබා ගත්තාට මම කන්නාඩිය දැම්මේ ඉස්කොලේදී පමණය. ස්කූල් වෑන් එකේදී, පන්ති වලදී මම කන්නාඩිය දැම්මේ නැත. ඒ ලැජ්ජාවටය. ඒ අටමගලේ මුනේ ඔබාගෙන යද්දී මිනිස්සු බලන්නේ පිටසක්වලයෙක් දැක්කා හා සමානවය. අනික මේ පොඩි එකා ඒ කාලේ කොහොමත් පිටසක්වලයාට ටිකක් සමානය. ලොකුම අවුල කෙල්ලෝ හිනා වීමය. උන් විවිධ අදහස් පල කලෝය.



අනේ... මෙන්න රජා කන්ණාඩි දාලා... 
අපෝ... හැටි විතරක්... 
හරි ශෝයි...
ඔයාට මොකද උනේ?
ඊයා...
මොකෙද්ද වගේ...


මේවා අහද්දී මගේ සියොලග කම්පා උනේය. ඉස්කොලේ හිටියේ කොල්ලෝ විතරක් බැවින් වැඩිය අවුලක් උනේ නැත. අනික කොල්ලෝ මොනවා කිව්වත් ගානක් නැත. උන් අපේ බෝකුය. නමුත් මේ හොටු කෙල්ලෝ අනං මනං කීම ඉවසීමට ශක්තියක් මට එකල නොවීය. 



තත්වය එන්න එන්නම දරුණු උනේය. මට කන්ණාඩියට පෙන්නෙ නැති දවසක් උදා විය. පන්තියේ ඉස්සරහම පෝලිමේ සිටියද මට කළු ලෑල්ල පෙනුනේ නැත. මේ වන විට මම දහය වසරට සම්ප්‍රාප්ත වී තිබුණි. මව්තුමිය මාව වහාම අක්ෂි සායනයකට ඇදගෙන ගියේය. ඒ කෑගල්ල මහ රෝහලේය. ඉස්කොලේ පාඩු කරගෙන මතකේ හැටියට බ්‍රහස්පතින්දා දින වල මම එහෙට බඩගෑවේය. එහිදී කල පරීක්ෂණ වලින් හෙළි උනේ මට ඇත්තේ ලොවෙත් නැති ලෙඩක් බවය. 



නමින් කෙරටකෝනස් ය. ඒකත් එසේ මෙසේ එකක් නොවේය. මේවා ලංකාවෙ හමුවන්නෙත් 10000 කට එකක් හෝ 1000 කට එකක්ලුය. මේකට කන්ණාඩියට පේනීම ගන්න බැහැලුය. එක්කෝ සිවි කාච දාන්න ඕනෙලුය. නැත්තම් ඔපෙරේෂන් කරන්න ඕනෙලුය. මගේ මනෝකාය පවා සිහි සුන් විය. කරන්නේ මොකද්ද කියා මටවත් සිතා ගත නොහැකි විය.


මෙහිදී සිදුවන්නේ ඇහේ කළු ඉංගිරියාව ඉදිරියට නෙරීමක්ලුය. ඉදිරියට ආපු ටික ඔපෙරේෂන් කර කපා  ඉවත් කල යුතුය. 





මේ වන විට මං රජා 11 වසරේය. කෙසේ හෝ ඩර්ඩන්ස් හොස්පිටල් එකේ හොදම අක්ෂි වෙදා හමුවට ගියෙමි. ඔහුගේ තේරීම උනේ සිවි කාච සදහා යොමු වන ලෙසය. මන්ද මට ඕ ලෙවල් විභාගේත් ඒ වන විට කට උඩ තිබුන නිසාය. 

ඔහුගේ මග පෙන්වීම යටතේ. වෝර්ඩ් ප්ලේස් විෂන් කෙයා ආයතනයට ගියෙමි. එහි ඇති අති නවීන උපකරණ භාවිතයෙන් මගේ ඇස් පරික්ෂා කර සිවි කාච යුවලක් සෑදුවේය. එදා මම සිවි කාච දැම්ම පළවෙනිම දවසය. දැනුනු වේදනාව මට වචනයෙන් විස්තර කල නොහැක.

ලොකුම ලොකු වීදුරු පොත්තක් ඇහැට ගිහාම කොහොමද දැනෙන සනීපෙ? මගේ ඇහැ මට නැති උනා වැනි හැගීමක් දැනුනි. මම විනාඩි ගානක් යනතුරු ඇස් දෙක වසාගෙනම සිටියෙමි. ඇස් අරින්නට බැරිය. පුදුම විදිහට රිදෙන්නේය. මම මව්තුමියගේ අත බදාගෙන සිටියෙමි. හෙමිහිට ඇස ඇරියෙමි. හිතට දැනුනේ පුදුම සතුටක්ය. ගිනි ගින්දර ලෙස වටපිට පෙනෙන්නේය. ඉස්සර වගේම මට පෙනෙන්නේය. එත් ඇහැට දැනෙන වේදනාව නම් ඉවසන්න බැරිය. ඇස් දෙකෙන් කදුළු නොනැවතී ගලන්නේය. 





අනික මට දාන්න උනේ සොෆ්ට් ලේන්සස් නොව හාඩ් ලේන්සස් ය. දවස් දෙක තුනක් මේක ඇහේ අලෝගෙන එයට හුරු උනෙමි. වැඩේ හිතුව තරම් ලේසි උනේ නැත. වට පිට බලන විට ඇහැට කම්බි කලින් අයිනවා වැනිය. මම ඒවා දාගෙන ඉස්කොලේ ගියෙමි. ලොවෙත් නැත. බෝඩ් එක එල කිරි වගේ පෙනෙන්නේය. පිටුපසින් වූ බාලිකා විද්‍යාලයේ කෙල්ලන් ටිප් ටොප් එකට පෙනෙන්නේය. මට හෙන හැපිය. 

මේ කාචය කළු ඉංගිරියාවෙන් සුදු පැත්තට පන්න විට ලැබෙන්නේ රාජකීය සැපයකි. ඇහැට මෝටාර් එකක් ගැසූ පරිද්දෙන් රතු වෙන්නේය. කදුළු ගලන්නේය. ඇහැ කඩි කන්නේය. ආපසු කළු ඉංගිරියාව මතට ගෙන ඒමට හද්ද කුණු ගේමක් දෙන්නට ඕනෙය. අනික එය මහත් වේදනාකාරීය. 

මව්තුමිය පවසන පරිද්දෙන මම පෙර ආත්මයේ මහා පාප කර්මයක් කර ඇත. එක්කෝ එකෙකුගේ ඇස් දෙකට මොනවා හෝ කර ඇත. අපිට වැලදෙන්නෙත් ලොවෙත් නැති ලෙඩය. එක වතාවක් ඇස් වල නගන එන්න පටන් ගත්තේය. ඒවා සාමාන්‍යයෙන් එන නගන නොවේය. කඩල ඇට වලටත් වඩා ලොකු ඒවාය. එකක් ආ විට ඇහෙන් බාගයක් වැසෙන්නේය. වතාවක් එකක් ඔපරේශන්ද කළේය. මේක නං සිරාවටම පාප කර්මයක්ය.

අර අපේ කැම්පස් එකේ එකෙක්ගේ ශර්ට් එකේ ගහලා තියෙනවා වගේ,

I'm Perfect but Limited Edition


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

114 comments:

  1. I'm Perfect but Limited Edition ... :lol

    ReplyDelete
  2. අපොයි දෙයියනේ...
    ඇඩෙනවා ඈ.......

    ReplyDelete
  3. හුටා...තෝ අහුවෙයන්කෝ මට ...මට තොගේ හාර්ඩ් ලෙන්ස් එක බලන්න ඕනා !

    මේ ආත්මේ පින් ටිකක් කරගනින් (සිරාවට)

    ReplyDelete
    Replies
    1. ඔව් බං... පින් කරනවා මං

      Delete
    2. මේ ලෙඩේට සින්හල බෙහෙත් තිබේ.මට ගොඩක් හොඳයි.තවම බෙහෙත් කරනවා

      Delete
    3. සිංහල බෙහෙත් ගත්ත වෙද මහත්තයාගේ විස්තර දෙන්නකො

      Delete
  4. ඉතින් තාම උඹ කන්නාඩි දානවද

    ReplyDelete
    Replies
    1. වැරදුනා ලෙන්ස් දානවද .. මමත් ලෙන්ස් දැම්ම කාලයක් මුල දවසේ විතරයි අව්ල්

      Delete
    2. තාම දානවා බං..

      දැන්නං අවුලක් නෑ.. :-)

      Delete
  5. හප්පේ .. වනේ වන හතුරෙකුටවත් නොවේවා මෙවන් විපත්

    ReplyDelete
  6. හප්පේ .ඇස් පේන්නෙ නැතිවාම අමාරුව දනිමි.මාත් අත්විදිමි. වනේ වන හතුරෙකුටවත් නොවේවා මෙවන් විපත්
    මේ ආත්මේ පින් ටිකක් කරගනින්

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. අපි පින් කරමු

      Delete
  7. අම්මපා රජාලට ලෙඩත් හැදෙනවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හැදෙනකොට හොදම එකෙන් හැදෙනවා මචන් :(

      Delete
  8. අම්මේ.. මේ ටික කියවද්දී මගේ සියොළඟ කිලිපොලා ගියේය.. ඇස්දෙක නැතිව කුමක් කරන්නද.. සිරාවට රජෝ.. මේ ආත්මේ ටිකක් වැඩිපුර පිං කරපන්.. (මම නම් නිතර ping කරන්නෙමි.)

    ReplyDelete
  9. මට මතකයි දවසක් අසංක ගුරුසිංහ බිම වැටුන ලෙන්ස් එකට කටින් පුස් පුස් ගාලා පිබල සුන් ගාලා ඇහැට දාගත්තා.. මැච් එකක් අතරතුරේ.. ඕක පුරුදු වුනාම හරිම ලේසියිලු..
    අර බාබකිව් කතාවක් තියෙන්නෙ ලෙන්ස් දාපු බුවෙක්ගෙ ලෙන්ස් බාබකිව් එකේ රස්නෙට උණු වෙච්ච.. එහෙම වෙනවද ? කෝකටත් පරිස්සම් වෙයන්..

    ReplyDelete
    Replies
    1. රජකම් කළත්, කළ කම් පලදේ කියන කතාව එහෙනම් ඇත්ත ආ...

      Delete
    2. මමත් බැලුවා ඒ මැච් එක.. මම හෙන චූටි කාලේ :-)

      ඔව් ඔව්.. දැන්නං මටත් අවුලක් නෑ.. මටත් තියනවා ඔය ලෙන්ස් එක වැටිච්ච කතා ගොඩාරියක්. පස්සේ වෙලාවක කියන්නම්.

      Delete
  10. අවහිරතාවක්,ලෙඩක් දුකක් තිබේ නම් සුවවේවා...!!!

    ReplyDelete
  11. රජ කාලේ දඬුවම් වගේනෙ. කොහොම තියන්න ඇතිද වේදනව කියලා හිතා ගත්තැකි. \\පිටුපසින් වූ බාලිකා විද්‍යාලයේ කෙල්ලන් ටිප් ටොප් එකට පෙනෙන්නේය. මට හෙන හැපිය.//

    …මටත් හෙන හැපිය!! :))
    …ඇස් දෙක ඇස් දෙක වගේ බලා ගන්ට ඕනෑ. හරිය..?

    ReplyDelete
  12. අපෝ මමත් කන්නාඩි නම් දානවා..... ඔය මොකා මොනවා කිව්වත්
    ඒත් ඒ කුලින් ග්ලාස්ය. ඕක නැතුව අව්වේ ගියොත් එදාට වැඩ කර අවසානය...
    ඔව් බන්.. මේ ආත්මේ පින් ටිකක් කරලා ලබන ආත්මෙවත් සැනසීයන්..
    හැබැයි ඔයින් බේරුනා ඇති. පෙනුම නැති උන නම්..
    ඇත්තටම දුකයි රජෝ.. මොකද ඔය තත්වේ මම දන්නා නිසා..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. ඉස්සර මට ඇඩෙන්න ආපු වාරගාන අනන්තයි බං පේන්නේ නැතුව :(

      Delete
  13. මට අවංකවම ඔයා ගැන දුක හිතුනේ මේ පෝස්ට් එකේදී විතරයි... ඇත්තමයි පව් ඔයා...මට නිකන් ලෙන්ස් දානවා කියනකොටත් ඇස් කෙවෙනවා කෙවෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. හැමතිස්සෙම හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිතේ කොහෙහරි දුකක් ගෑවිලා තියෙනවා අක්කේ. අන්න ඒ සයිඩ් එක මම ටිකක් ටච් කරන්න හදන්නේ.

      Delete
    2. අන්න ඒ කතාව හරි.මම පිලිගන්නවා රජ!
      ඔබට සදා සුව!
      ජය හ්ම්ම්..

      Delete
    3. රෙස්ට් ඉන් පීස් ....... ආහ් //// වැරදුනා ...... ඉක්මනින් සුව වන්නට සුභ

      Delete
    4. දැන්මම මරන්න එපා යකෝ.. :-))

      Delete
  14. මම නම් ඇස් කණ්නාඩි දැම්මේ 5 වසරේ ඉදන්.ඇස් පේන්නේ නැති එක නම් කිවුවත් වගේ මහාම මහා පාප කර්මයක්ම තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං.. අපි පිං කරමු

      Delete
  15. රජෝ උඹට බුදු සරණය...!
    ඉක්මන පින්කරගනින්
    ඉස්සරහට වෙද්දී උඹට තව මොනවා වෙයිද දන්නේ නෑ :P
    මන් දන්නා කොල්ලෙක්ගේ ඇස් දෙකම අන්ධ උනා ඔය වගේ වෙලා :P

    ReplyDelete
    Replies
    1. බය කරන්න එපා ඕයි!!! :0

      Delete
    2. විහිළුවට ඕයි කිව්වේ ;)

      Delete
  16. ඇස් කාච ගැන කියනකොට මතක් උනේ ඔබා මාමගේ අන්තිම පෝස්ට් එක. මමත් කාලයක් කන්නාඩි නම් පාවිච්චි කළා. දැන් නම් ඔය මොකුත් පාවිච්චියක් නෑ

    ReplyDelete
  17. අනේ රජුනේ... දුකයි පනුච්චිටත්.... :(

    ReplyDelete
  18. කණ්නාඩි දාන හැම එකාම ඉස්කෝලෙදි ‘කණ්නාඩි පොලොංගු‘

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ.. හැබැයි මට ඔය නම වැටුනේ නෑ.. වෙන නම් ලොට් එකක්ම තිබ්බනේ :-)

      Delete
  19. හෆොයි මම අදනෙ දන්නේ රජා මලයා Keratoconus තත්වයක් නිසා කන්ටෑන්ට්ස් දානවා කියලා.. කාලයක් ලෙන්ස් දාන්නකොට ඕක පුරුදුවේවි කියලා හිතනවා.... ලෙන්ස් දැම්මට පස්සේ දැන් හොඳට පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. අප්පේ දැන් හොදට පුරුදුයි.. මම දාන්නේ 2007 ඉදලා.

      පේනවා කියන්නේ ලොවෙත් ආ... :-)

      Delete
  20. මතක් වුනේ ඔබා මාමා අන්තිමට දාපු පෝස්ට් කීපයෙන් එකක්. කන්ටෑක් ලෙන්ස් කතාව. පරිස්සම් වෙයං. ජය..!

    ReplyDelete
  21. ට්ච් උනා ට්ච් උනා ට්ච් උනා
    මේ ආත්මේ පින් ටිකක් කරගනින්

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. වැඩිපුරත් එක්ක කරනවා

      Delete
  22. " පිටුපසින් වූ බාලිකා විද්‍යාලයේ කෙල්ලන් ටිප් ටොප් එකට පෙනෙන්නේය. මට හෙන හැපිය."

    හෙහ්.. මේකට ඉතින් මම මුකුත් නොකියමි.. ඔය ලෙන්ස් එකක් දාන්න කියලා මටත් එක දොස්තර කෙනෙක් කිවුවා.. ඒත් පස්සේ ඒක වෙනස් කරලා කණ්නඩි දෙකක් හදලා දුන්නා... :)

    ReplyDelete
    Replies
    1. කණ්නාඩියට පේනවානං ඉතින් ඕක දාගෙන ඉන්න පුළුවන්.. ඒත් නොපෙනෙනකොට? :(

      Delete
  23. මටත් බං ඔය කන්නාඩියක් දාන්න වෙලා තියනවනේ බං!දැන්නම් එපා වෙලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. උඹලට නං කණ්....නාඩි

      මට??? :(

      Delete
  24. රජතුමනි, ඔයා කියන ඔය ලෙන්ස් වීදුරුද? වෙන්න බැහැ..ඒවා අල්ලනකොට ඇඟිලිවලට වත් දැනෙන්නෙ නැති හරිම සියුම් සිවි වර්ගයක්..බෙහෙත් වතුරෙ තියල ඒ වතුර එක්කම ඇහැට තියා ගන්නෙ..පලමු වතාවෙ විතරයි අමාරු..ඊට පස්සෙ සාමන්‍ය දෙයක් වෙනවා..මගෙ ඇස්වල ප්‍රශ්නයක් නැහැ..ඒත් මම ඕවල කලර් ලෙන්ස් පාවිච්චි කරනවා යම් යම් අවස්තාවලදි..මට ඔයාගෙ ලෙන්ස් ගැන පොඩ්ඩක් විස්තර කරල මේලක් එවන්න..අපි බලමු මොනාද කරන්න පුලුවන් කියල හොඳේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..විදුරු නෙමේ.. :)

      ඒ ඔයා දාන ඒවා වගේ නෙමේ අක්කේ, මේ ලෙන්ස් හරි ඝනකම්. සියුම් නෑ ටිකක්වත්.
      හරි අමාරුයි ඇහැට :(

      Delete
  25. ඔව්ව ඕම තමයි රජෝ ගනන් ගන්ඩ එපා...මම ඕලෙවල් කාලෙ ඉදන් පෙනීම ඖල් පටට් දුකක් වින්දෙ...ගෙදරින් කියනව කොල කාපන් ලු..පස්සෙ ගෙදරටත් අවුල තේරිලා එක්කන් ගියා..12 වසරෙදි කන්නාඩි දැම්ම...ඔක්කමත් හරි අර උඹ කියන්න වගේ "හු...රුල්ලො ලැබියයුතු" කාලකණ්ණි අපි ස්ටයිල් එකට කණ්ණාඩි දාන්නෙ කියල කෝචෝක් දාද්දි දෙන්ඩ හිතෙනව කන පැලෙන්ඩ..අපේ දුක දන්නෙ අපි විතරනෙ

    ReplyDelete
    Replies
    1. සිරාවට බං... කණ්නාඩි දාන උන්ට විහිළු කරන්න හොද නෑ බං. ඒක සිරාවට පව්!!!

      Delete
  26. මොනව කරන්නද රජෝ මේ ආත්මෙවත් පිං ටිකක් කරගම්මු.

    ReplyDelete
  27. දුකයි :( :(,
    මටත් ඇස් හරියට පේන්නේ නෑ නෙ, මම කණ්ණාඩි දාන්නෙ අවු.5 ඉඳල.
    මටත් ඩඩන්ස් එකේ චරිත් දොස්තර මහත්තයා ලෙන්ස් දාන්න කිව්වනේ,
    අය්යෝ මම දාන්න තමා හිටියේ, ඔච්චරම රිදෙනවානම් දැන් දාන්නත් බයයි,
    මටත් හාඩ් ලෙන්ස් තමා.....
    අනේ මට බැරියෝ.....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් තියෙන්නේ මේ ලෙඩේමද? :(

      Delete
    2. නෑ මල්ලි, මගේ පෙනීම උපතින්ම අඩුයිලු. :(
      පවු කරලා කියලා අපේ අම්මිත් කියනවා....

      Delete
    3. අපි පින් කරමු අක්කේ :(

      Delete
  28. පිංකමක් විදියට උපැස් යුවලක් නැති දුප්පත් අයට ලැබෙන අවස්ථාවල උපැස් අරන් දෙන්න ඒක පුණ්‍ය ශක්තියක් වේවි.

    ReplyDelete
  29. අපේ නංගි කෙනෙක්ටත් ඔය ලෙඩේ තියෙනවා බං.. එයත් කාච දැම්ම.. එකට සනීප වෙනවද .. ඔපරේෂන් කරන්න ඕනේ නැද්ද ? (කාච වලට හරි නොගියොත් ලේසර් එකකින් කපන්න වෙනවා කියල කියන්නේ )

    ReplyDelete
    Replies
    1. සනීප වෙන්නේ නෑ බං... ඉස්සරහට එන එක ටිකක් පාලනය වෙනවා විතරයි. තව පෙනීමත් හොදට එනවා දාපු වෙලාවට

      Delete
  30. හ්ම්ම්ම්...අපේ පන්තියෙත් ළමයෙක් හිටියා...එයා කිව්වේ දොස්තර කිව්වලු කවදාවත් ඇස් වලට සාමාන්‍ය පෙනීම ගන්න බෑ.. දිගටම කන්නාඩි දාන්න වෙනවා කියල...

    ReplyDelete
  31. ඕක උඹට විතරක් තියෙන ලෙඩක් නෙමෙයි. අපේ රටේ ගොඩක් අයට පෙනීම අඩුයි... :)

    ReplyDelete
    Replies
    1. කණ්නාඩියටවත් පේනවනං ඕන එකක්... ඒ මගුලට පෙනීම දෙන්නත් බෑනේ මාතලන් අයියේ :(

      Delete
  32. රජාට, කෙල්ලෝ පෙන්නේ නැතුව ගිය ඒක තමා අවුල වෙලා තියෙන්නේ ....

    ReplyDelete
  33. අල්ලපු වැටේ බාලිකා පාසලක් තිබීම තමයි මේකට මුල. කන්ද උඩ ඉදන් ground එකට එහා පාර ෆෝකස් කරනවා කියන්නෙ ලේසි වැඩක්ද මම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නිකමට වගේ කිව්වේ බොලව්නේ :-)

      Delete
  34. දුකයි රජෝ.. මොනා කරන්නද??
    හැබැයි රජාගේ වල් බැල්ම නවත්තන්න මේවා පහල උනාද මන්ද... ;)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මොන කරුමයක්ද කියලා :(

      Delete
  35. රජ තුමා විතරක් නෙවෙයි අපි හැමෝම පින් කරන්න ඕන, අඩුම ගානේ ලබන ආත්මේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න. පෙර කර්මයක් කියල හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    සුබ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
  36. පෙර ආත්මෙක පවක් කරපු බව නම් පැහැදිලියි... මේ ආත්මේදිවත් පිනක් කරගන්න බලපන්...

    ReplyDelete
  37. මමත් කණ්නාඩි දානවා (40ස් ඇදිරියට)
    ඇහෙන්නෙත් නැතුව පෙනීමත් දුර්වල වුනාම කොහොම ද සනීපෙ......

    ReplyDelete
    Replies
    1. ඔයාලනං වයසට කිව්වැහැකි අපි? :(

      Delete
  38. මමත් 6 වසර ඉදල කන්නාඩි දානව. ඒතකොට නම් කිව්ව ටික දවසක් දානකොට ඇස්දෙක හරියයි කියල. ඒත් දැන්නම් කන්නාඩි නැතුවම බෑ. කොච්චර හුරු වෙලාද කිව්වොත් සමහර වෙලාවට කණ්නාඩි දාගෙනම මූනත් හෝදනව.

    ReplyDelete
    Replies
    1. කණ්නාඩිය දාගෙනම නිදාගනින් නැත්නම් හීන බොද වෙයි.. :-)

      Delete
  39. එහෙම තමයි බොල. අපි ගෙනාපු කරුමේ ගෙවන්න ඕනේ. යකෝ මේක කියවනකොට මගේ ඇස් වලිනුත් කඳුළු ආව

    ReplyDelete
  40. ඉතින් දැන්වත් සොෆ්ට් ලෙන්ස් එකකට මාරු වෙන්න බැරිද, රජතුමා?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද සර්.... :(

      Delete
  41. කන්නාඩි කිව්වමයි මතක් උනේ.
    අපේ රැග් එකේදි අපේ බැච් එකේ එකෙක් හෝ එකියක් කන්නාඩි දාගෙන හිටියොත් ජේෂ්ඨයා ඇවිත් "අරූ කන්නාඩි දාන්නේ මොකටද ?" කියලා ඇහුවොත් අපිට උත්තර දෙන්ඩ කියලා තියෙන්නේ "ඒ ක්ෂණික මෝචනයට " කියලා.

    බැරි වෙලාවකවත් ජේෂ්ඨතුමියක් හෝ තුමෙක් කන්නාඩි දාලා ඉන්නවා නම් ඒ "බුද්ධියෙන් මුහුකුරා ගිය බව පෙනෙන්න" කියලා උත්තර දෙන්න ඕන !!

    ReplyDelete
  42. ඉහත පොස්ටුවේ කරුණු වලට අනුව රජා වනාහි "තනි ඇහැට ඇඩෙනවා" යන්නෙහි ජීවමාන උදාහරණයකි.

    ~පෙර ආත්මයේ මහා පාප කර්මයක් කර ඇත. එක්කෝ එකෙකුගේ ඇස් දෙකට මොනවා හෝ කර ඇත.~

    කර්මය කර ඇත්තේ පේර ආත්මයේ නොවේය.අබධයට හේතුව කර්මයක් නොවේය. ඇහේ කළු ඉංගිරියාව ඉදිරියට නෙරීමක් වන්නේ වැඩිපුර රබර් ඇස දැමීම නිසාය.

    කොහොම උනත් ඔය ඇස වල සීන් නම් මහා වහක්.සමහර දොස්තරයන්ට අපිට තියන අමාරුව කිව්වට තේරෙන්නේ නෑ.උන්ට ඕනෑ විදියට තමයි බෙහෙත් දෙන්නේ.පස්සේ බලනකොට කෙල වෙලා ඉවරයි.ඕකට ඉක්මන් සුවය පතල වැඩක නෑ.

    (කෝකටත් වැඩිය රබර් ඇහැ නොදා හිටු)

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා ඇස් තුන හතරකින් බං :(

      Delete
  43. උදෙට දකුණු ඇහැ දාගෙන ඇවිත් දවල්ට වමට මාරු උන දවස් මතකද රජෝ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... ඒවා ගැනත් ලියලා දාමු :-)

      මතකද දවසක් උඹට කියලා දාගත්තා ලෙන්ස් එක..

      Delete
  44. oya mehema karanna ayya,pansal giyama hari gedaradi hari buduhamuduruwanta tiyana budu pahanata hodata thel dala paththu karanna.ehema pahana tiyana eka hodailu.as deka hodata parissam karaganna ayya...........

    ReplyDelete
    Replies
    1. ඕක මම හැමදාම කරනවා අරලියා :)

      Delete
  45. ඇහෙන කොටත් බය හිතෙනව මචං. දැන්වත් ඕක ඔපරේෂන් එකකින් සනීප කරගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් සනීප වෙන්නේ නෑ බං :(

      Delete
  46. හු හු හු කණ්නාඩි රජා :)

    ReplyDelete
  47. පින් කරපිය. ඔපරේශන් කලොත් හොද නැද්ද? එක පාරින් වැඩේ ගොඩ යනවානම් ඒක හොදයි නෙ.

    ReplyDelete
  48. ඇඟ හිරිවැටෙනවා මේක කියවද්දි.... බලාගෙන ගියාම සේරම පව්කාරයෝ.

    // පිටුපසින් වූ බාලිකා විද්‍යාලයේ කෙල්ලන් ටිප් ටොප් එකට පෙනෙන්නේය. මට හෙන හැපිය. //

    මේ ටික පේනවනං මදෑ රජාට...

    ජය කණුවට මගේ සුභ පැතුම් රජෝ

    ReplyDelete
  49. අනේ රජා පව් අප්පා...මේ සම්බන්ධ මාගේ බලවත් කණගාටුව භාර ගන්න ලොක්කා.. :/

    ReplyDelete
  50. ඇඩෙනවා තනි ඇහැට

    ReplyDelete
  51. දීපදෝ හෝති චක්ඛුදෝ

    ReplyDelete
  52. රාජකීය පාප කර්මයක් කරලා තියනවා වගේ...

    ReplyDelete
  53. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  54. හප්පා රජාට රාජකීය සැපක්නේ හම්බෙලා තියෙන්නේ ඕං.. වනේ වන හතුරෙක්ටවත් සෙට් වෙන්ට එපා මෙහෙම දුකක් හයියෝ..

    ReplyDelete
  55. මටත් තියනව ඔය ලෙඩේම
    මාත් දානව contact lenses සතුටුයි ආ

    ReplyDelete
  56. උබට ඉක්මනට සුව වෙයන් මචෝ කරදරයක්නම් වෙන්න එපා...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)