Sunday, June 24, 2012

එක ගමනක් (දිනය 01) - An Awesome Journey (Day 01)

දිනය 2012 ක් වූ ජුනි මස 18 වෙනිදාය. අද දින ගාල්ලේ වසන යශීගේ (කොල්ලෙක් ඈ..) ගෙදර යාමට කතිකා කර ගෙන තිබුනේය. මරදානෙන් කෝච්චිය උදේ 8 ටද කොහෙදය. මම සුපුරුදු පරිදි මීරිගම දුම්රිය ස්ථානයට අවෙමි. වෙනදා මෙන්ම ගවේශකයා පරක්කුය. ඒ ගැන ලියා වැඩක් නැත. වචන ටික අපරාදේය. උගේ සන්තෑසිය ටිකක් දුරට එදා වෙඩිමේදී ලොවටම හෙළි විය. අපි මිරීගමට එක්ෂ්ප්‍රස් කෝච්චියකට ගොඩ උනෙමු. එය කෙලින්ම නවත්වන්නේ වේයන්ගොඩ, මරදානය. වේයන්ගොඩදී සෙනග වැදුනි. රජට ඉහින් කනින් දාඩිය වගිරෙන්නට විය. මම සෙනග අස්සෙන් දොර ලඟට ආවෙමි. ඒ එන අතරමග "මොන %$#% කරනවද" වගේ උදෑසන ඇසීමට වඩාත්ම උචිත සම්භාව්‍ය හෙළුවෙන් වැනීම් කිහිපයක්ම ඇසුනේ නැත්තේම නැත. කෙසේ හෝ අපි මරදානට පැමිණියෙමු. ඒ වන විට අපේ තවත් ගමන් සගයන් දෙදෙනෙක් පැමිණ සිටියේය. එකෙක් නුවර  ට්‍රේන් එකෙන්ම එන්නේය. අපි එයට ගොඩ විය යුතුය. කෝච්චිය නං වෙලාවටම වගේ ආවේය. අපිට කොටුවේදී එකලගම වාඩි වීමේ අවස්ථාව කනාවට වගේ අහු උනේය.

කොටුවේදී අපේ පෙට්ටිය වසාගනිමින් කෙල්ලෝ රංචුවක් කෝච්චියට ගොඩ උනෝය. හුස්ම ගන්නටවත් බැරිය. ආශ්වාසයට කෙල්ලෝ ඇදී ඇවිත් නහයේ වදින්නේය. ප්‍රාශ්වාසයට ආපසු යන්නේය. ඒ මදිවට උන්ගේ දඩි බෑග් අපේ කකුල් අස්සේය. මට ඉදිරිපස අසුනේ සිටි හසියට එහා පැත්තේද ජුන්ඩි කළු කෙල්ලක්ය. හසියාගෙන් බාගයක්වත් නැත. අලියා ලග වටුවා වගේය. මට එහා පැත්තේද කෙල්ලෝ හිට ගෙනය. ඒ ලමයි නම් හොඳට හැදිච්ච ලමයිය. මාව එදා මෙන් අතවරයට ලක් නොකළෝය. 


අපේ තව එක ගමන් සගයෙක් වූ ආශා මොරටුවෙන් ගොඩ වෙන්නේය. දැන් ඌට අපි ළඟ ඉඳගන්න තැනක් නැතිය. අපි එහා පැත්තේ ඉන්න ගෑල්ලමයට ඇහෙන්න ටිකක් හයියෙන්.... 

ඒ ආශා කොහෙන්ද බං නගින්නේ?

පානඳුරෙන් බං....

ආ... එහෙනං හරි.... මේ නංගිට දැන් නැගිටින්න වෙනවා....

අනේ පව් කෙල්ල. කොමලේ දාගෙන බෙල්ල නමාගෙන කට කොනෙන් හිනා වෙන්නිය. හරියටම රජාට කෙලින්ම අංශක 90 වූ තිරස් රේඛාවේ හිද හුන් ඇය තරමක් සුන්දර යයි මොහොතකට මට සිතුනේම නැත.

නංගිලා කොහෙන්ද බහින්නේ....

කළුතරින්.... ඉහි ඉහි...

ඒ ආශා මෙතෙන්ට වරෙන්.. නංගිලා බහිනවලු කළුතරින්....

අපි කාඩ් පැක් එක එලියට ඇද ගත්තෙමු. හෙමින් හෙමින් ඕමියකට මුල පිරුවෙමු. මදක් හෙම්බත්වූ ගතියෙන් සිට් එකේ කොනක සිටි අන්කල් ගේ මූනේ හිනාවක් ඇදී ගියේය. ඔහු අපි සමග ඕමි ගැසුවේය. නිකන් නොවේය. 6 ක් සෙට් වෙලා ගහපු ඕමියක්ය. ඒක ගහන්නත් ලැජ්ජය. 2, 3 කොළ දාද්දි එන්නේ අමුතු හැගීමක්ය.

ඒ අස්සේ චමියා (ගවේෂක) GPSඑකක් උස්සන් ඇවිල්ලාය. මූ එකේ බරටම වැඩය. එහෙන් ඔබන්නේය... කෝච්චියේ වේගේ කියන්නේය... යන පාර ලකුණු කර අපිට පෙන්නන්නේය...මේකත් හෙන දිග කතාවක්ය. E-Bay ගෙන්නලා කස්ටම් අහුවෙලා පන බේරාගත් බාන්ඩයක්ය. හැබැයි චමියාට ඇරුණු කොට අපේ එකෙකුටවත් එය මෙලෝ රහක් නැතිය. අපි යන්නේ රේල් පාරේය. එත් ඒ හුචක්කුවට අනුව අපි ඉන්නේ මූද මැද්දේය. ඒ මදිවට මූ දෙන්නෙත් ලොකු ටෝක්ස්ය...

මචන් මේක ත්‍රී මීටර් ඇකියුරසි...තාම ලංකාවේ ගන්නත් නෑ...

එක තමා අපි මුහුද මැද්දේ ඉන්නේ... බලහන්කෝ මේකේ අපි කිලෝ මීටර් 3ක් විතර මූද ඇතුලෙනේ...

හැක හැක හැක...හූ... ඈ.... 



කෝච්චියේ දොරේ යමින්, දොරේ ඉඳගෙන යමින්, සීට් එකේ ඕමි ගසමින් යමින්, කෙල්ලන්ට ඇස් ගහමින් ගිය පැය දෙකක් පමණ ගමන ගාලු දුම්රිය ස්ථානයෙන් අවසන් උනේය. ස්ටේසමේ කැන්ටිමේ මේසයක් උඩ දහවල් ආහාරය ගත්තෙමු (එක බත් මුලයි). ඒ පයින්ම ෆුඩ් සිටියට ගියේ යශීලෑ ගෙදර ගෙනියාමට අවශ්‍ය කලමනා ටිකක් ගැනීමටය. එහෙට මෙහෙට කැරකෙමින් බඩු ටිකක් ගත්තෙමු.

ලීටර් 4 අයිස් ක්‍රීම් එකායි..
සංකුයික් එකායි
ලොකු බිස්කට් එකායි
කෝක් එකායි, ස්ප්‍රයිට් එකායි
බ්ලැක් ලේබල් එකායි
බාබකියු චාකොල් උරයයි

යශීගේ ගෙදර යාමට හබරාදූවටම යා යුතුව ඇත. අපි බසයක ගොඩ උනෙමු. විනාඩි 10 න් අපි එහෙය. යශියා උන්ගේ ඓතිහාසික වෑන් එකෙන් පැමිණ සිටියේය. අපි එහි නැගී ගෙදර ගියෙමු. යශී අම්මා අපිට නැවතත් දවල් ආහාර වේලක් පිලිගන්නුවාය. එය රස බැලු අපි කෙලින්ම ගියේ මඩොල් දූව සොයාය.


ඒ යන අතර මග කොග්ගල පටන් ගන්න කොටම වාගේ එක දවසේ කතාවක් ශ්‍රවනය විය. 

යශී : මචන් මේ තමා ෆෝට්‍රෙස් එක... පට්ටයි නේ?

X : අම්මට සිරි මේකද ගාලු කොටුව.??

යශී : නෑ ඕයි.... මේ ෆයිව් ස්ටාර් හොටෙල් එක...

පිරිස : හැක හැක හැක හූ........

යශී : උබලා දැක්කේ නැද්ද කොටුව. ඒ උබලා මූට ගාලු කොටුව පෙන්නුවේ නැද්ද?

X : ඇයි යකෝ ෆොට්‍රෙස් කියන්නේ කොටුවනේ. මම දන්නවා යේ ඉතින්... 

කෙසේ හෝ පච හලමින් අපි මඩොල් දූව එක තොටුපලකට ගියෙමු. අයිතිකාරයාට ටෝක් කර දූපත් දොළහම යාමට රුපියල් 2500 කට බෝට්ටුවක් කතා කර ගත්තෙමු. අපි බෝට්ටුවේ යන්නෙමු. ඒ අස්සේ යශියාට හම්බුනකිරි කිරි කැමරාව තම වැඩ කිඩ දමන්නට ගත්තේය.ලොවෙත් නැත... චමියාට නම් හරි යන්නෙම නැත. GPS එක හින්දා බෝට්ටුවේ අයියා අතිනුත් කිහිපවතාවක්ම සාටර් විය. දෙයියනේ කියා ඉස්සරලාම පන්සලක් තියෙන දුපතකට ගොඩ උනෙමු. නිදහසේ වැද පුදා ගත්තෙමු.


කලපුව වටේ කැරකෙමින් සිටි අපි ඊලඟට ගියේ කුරුදු දුපතටය. දුපතට ගොඩ බහින විටම අපිව පිළිගන්නට බැල්ලියක් දිව ආවාය. බැල්ල දුටු වෙලේ පටන් යශියට ඉන්නට බැරිය. උගේ පොටෝ එකක් ගන්නම ඕනෑලුය. යශියා දෙකට නැමි හිද ගත්තේය. බැල්ල දුවගෙන ඇවිත් කැම් එකට උම්මා එකක් දුන්නාය.ඊ....යා වැනි සද්දයක් ඇසුනි..

ඇයි බං....

බල්ලා ලේන්ස් එක ලෙව කෑවා...

හැක හැක හැක... හොද වැඩේ තොට. යනවා හැම රෙද්දම පොටෝ ගහන්න..

මූ දැන් පන දමාගෙන ලේන්ස් එක පිහින්නේ බැල්ලි මුගේ මූනට කිස් එකක් දුන්නා හා සමානවය. මූනට දුන්නා නම් සමහර විට පිහින්නේ නැතිව ඉන්නටද ඉඩ තිබුනේය. මන්ද එතන ලෙස්බෝ සීන් එකක් යන්නට ඉඩ ප්‍රස්ථාව තිබුණු හෙයින්ය..



අපි කුරුදු ගස් අස්සෙන් කුරුදු ගෙදර බලා ගියෙමු. අපිව සාදරයෙන් පිළිගත් නැන්දා හනිකට ගෙට ගියාය.

ඔයාල දැකලා තියෙනවද කුරුදු හරියට ගලවන හැටි? ප්‍රශ්නය මාමාගෙනි.

නැනේ...

එහෙනං බලාගන්න. එව්වට වෙනම තියෙනවා අවුද

මාමා වැඩ ඇල්ලුවේය. එකක් පොතු ගසා පෙන්නුවේය. ඒ අතර මැද නැන්දගේ කුරුදු තේ එක වැඩියේය. මම නං හිතුවේ ලොවෙත් නැති රසයක් ඇති තේ එකක් කියාය. පිනට දුන්නු නිසාම බිව්වෙමි. මෙලෝ රහක් නැතිය, අඩු තරමේ සීනි ටිකක් වත් දාලා නැද්ද මන්දාය.

තේ දුන්නට වත් සලකන්න ඕනේ නිසා අපි කුරුදු පැකට් එකක ගාන ඇසුවෙමු.

කීයද මේ පැකට් එක..

මේවා නම් ඉතින් අපි සුද්දන්ට විකුනන්නේ...

කියද කියන්නකෝ ගාන..

4500 ක් විතර...

නයි කයිද කුරුදු කිව්වලු... අපේ සියොලග හිරි වැටුණි. හිටපු උන් ඔක්කොගෙම සල්ලි දැම්මත් 2500ක් හොයා ගන්නට හැකිය.වෙලාවට මාමා ඔයාලට හින්ද 400 ට දෙන්නම් කිවේය.ඒත් රුපියල් 400ක් දීලා කුරුදු පැකට් එකක් ගන්න? ඕනෙම නං පොතු කෑලි 10ක් ඇති. ඕක අරන් ගිහින් ඉතින් කන්නද? බයිට් එකට ගන්නද? අරන් ගහගන්න තමා ඉතින් වෙන්නේ,යැයි සිතූ අපි රුපියල් 200ක් දෙන්නට තීරණය කළෙමු. එත් ඔවුන් එය ගත්තෙම නැත. නැන්දාට ටටා.... කියූ අපි නැවතත් බෝට්ටුවට ආවෙමු.


කුරුදු නැන්දාව සිහි කරමින් අපි බෝට්ටුවේ ඉදිරියටම ඇදෙන්නෙමු. ඒ අතර බෝට්ටු අයියාගේ විවිධ තොරතුරු අපේ සවනත ගැටෙන්නට විය.

අපි මේ කලපුවේ හැම අගලක්ම දන්නවා. මෙහෙම පෙනුනට යට ගල් තියෙනවා...

මල්ලි මේ හරිය තමයි ගැඹුරුම තැන..

ජරා...ස් ජර බරා...ස්.........

හුටා ගලකවත් වැදුනද මන්දා....

අයියාගේ ගැඹුරු කට හඩින් ගල නාලය හිර උනේය. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවේම නැත... ලාවට වගේ චූචු බරකුත් අවේ නැත... ඇයි අනේ මොන දෙයියන්ට කියන්නද? පල්ගස් යට දෙයියන්ට? එයා කොහෙද කලපුවේ? එයා ඉන්නේ දෙල් ගහ යට. පෙරලුනොත් කාට කියන්නද? පීන ගන්නත් බෑ. අනික මෙතන ගැඹුරුම තැනලු. දෙයියනේ.... බෝට්ටුව කලපුව හරහා එන දැඩි හුලං පහරට එහාට මෙහාට පැද්දෙයි. අපේ උනුත් මදක් නොසන්සුන් ගතියෙන් දගලයි...

මල්ලි දගලන්න එපා

ලනුවක් පැටලිලා මොටරේ.

අම්මෝ....අන්න ඒ ප්‍රකාශයෙන් අපේ ඇගට ලාවට වගේ ලේ ටිකක් ඉනුනි. විනාඩි දෙකක් පමණ ඔට්ටු වූ අයියා නැවත ගමන ආරම්භ කළේය.



මාරකයකින් ගැලවුණු අපි කෙලින්ම ජින්නා සොයා මඩොල් දූවට ගියෙමු. බෝට්ටුවෙන් බැස ගත අපි දූව සිසාරා ඇවිද්දෙමු. එක වරම අපි නොගැබුරු සාගර කලාපයකට පිවිසුනෙමු. අපි හැමදාම නාන කොල්ලෝ වන හෙයින් වතුර පේන්නට බැරිය. බහින්නටම හිතෙය. ඕනේ මගුලක් කියා බැස්සෙමු. 
එක වරම...... 
මචන් ලස්සනට ඉදහල්ලා කවර එකට පොටෝ එකක් ගන්න. ඒ කෑගැහුවේ වතුරට බැසීමට බැරිව ලතවෙන ගවේෂකයාය. අපි සම්භාව්‍ය ලෙස සිට ගත්තෙමු. කෙලවරේ සිටි මං රජාගේ විලුබ ප්‍රදේශය කවුරුන් හෝ අඩු දෙකකින් අල්ලනවා වගේ දැනුනි. එක වරම හයියෙන් අල්ලුනි. මට වැඩේ මීටර්ය.... @#$% කක්කුට්ටෙක් වගේ දෙයක් ඇසේනවාත් සමගම චිටිස් ගා පොටෝ එකක් වැදුනි.



මඩොල් දූව නරඹා අවසන් වූ අපි නැවත ගොඩබිමට සේන්දු වන විට වෙලාව 4ට පමණ වී තිබුණි. දැන් කරන්න වැඩකුත් නැත. අපි කොග්ගල වෙරල තිරය බලා ගියෙමු. රැල්ල ටිකක් විතර සැරය. රජ සමග ගවේෂක වෑන් එක ළඟ ඉන්න අතර අනිත් උන් මුහුදේ නාන්නට ගියෝය. උන් නාන්නේ වැලිය. විටෙක රැල්ල දෙපැත්තෙන් ඇවිත් පතා.......ස්....... ගා සුන්නද්දුලි වී යයි. විටෙක කට්ටිය පීනුවේ ගොඩය. 



මං රජ සුපුරුදු පරිදි පැපරාසි ඡායාරූපකරණයේ යෙදෙන්නේට විය. ලස්සන, කැත, මහත, සුදු, කළු අක්කලා, ඇන්ටිලා සක්මන් කරන්නීය. ඒ අතර මගේ කැමරා කාචයට හසුවූ හොදම ටික මෙසේ පුද කරන්නෙමිය.



කොහොමින් කොහොම හරි අපි නාලා කරලා එහෙම ඉවර වෙලා, වෙළර දිහා බලාගෙන  ඉඳගෙන උන්නෙමු. ඒ වෙන මොකටවත් නොව අශාගෙ මාළු ලොරිය එනතුරුය. මිනිහා බාබාකිවු වලට මාළු සපයන වැඩේ කලින්ම බාරගෙන තිබුණි. ඒ හෙයින් අපිට නොමිලේ මාළු ලැබීමට තීරණය වී තිබුණි.  දැන් පැය ගානක් අපි ඉඳගෙන සිටියෙමු. කිසිම තොරතුරක් නැත. කෝල් කරන විට මග එනවා... මග එනවා... යයි පවසන්නේය. අපේ විඩාබර දෙනෙත් වලට මල් සිසිලක් එක් කරමින් සොදුරු ලඳක් අපි ගාවින් එහාට මෙහාට යන්නීය. අපිටත් නිකන් මොකද්ද වගෙය. සිහිවටනයක් ලෙස ඇයව අප ආසන්නයේම තබා ගනු පිණිස පොටෝවක් ගනු ලැබීය.


රාත්‍රී 7 පමණ වන විට මාළු ලොරිය පැමිණියේය. හීනෙකින්වත් නොසිතු ලෙස රුපියල් පහේ සිලි බෑග් පහක් පිරෙන්න මාලු කුට්ටි, හෙන කූරිය, දැල්ලෝ ලැබුණි. අපිට තනියම නං මේවා කන්නට කොහොමතම බැරිය. උස්සන් ගිය මාළු කන්දරාව දැකලා තව ඩිංගෙන් යශිගේ අම්මා සිහිමූර්ජා වෙනවාය. ගෙදර ෆ්‍රිජ් එකේ ඒවා දමන්නට තරම් ඉඩත් නැත. ඇතැම් කොටස් අහල පහල ගෙවල් වල ශීත ගත කරනු ලැබීය. ඇග පත සෝදා අහවර වන විට රෑ 9 පමණ වී තිබුණි. බාබකිවු එකට නැවත වෙරළට යාමට අදහස තිබුනද යශ් තාත්තගේ උදැල්ල මත එය නතර විය. පසුව කිව් කිව් එක ගෙදර දැමීමට තීරණය කළෙමු. හෙන ගේමක් දී දැලක් අටවා... ඊට නොදවෙනි හම්බ කුණු ගේමක් දී අගුරු පත්තු කරගෙන මාළු කෑලි 5 ක් 6 ක් කන විට වැඩේ එපා විය...



ඔක්කොම නැවත මැච් එක බලන්නට විය. අම්මා.........බොක්ක කුල් වෙන මැච් එකය. මැතිව්ස් එලට ගැහුවේය. අන්තිම ඕවරේට 15ක් ඕනෑය. 2වෙනි බෝලෙට 6යි............යාහෝ........ ඊගාවට 4යි හූ.............අපි දිනුවෝ..............

මැච් එක දිනූ පසු අපි ඒ සතුටට පාරට බැස කට්ට කළුවරේ ඇවිද්දෙමු. ඒ අස්සේ මුං ලාවට ලාවට හොල්මන් කතාද මුමුණති. ඇත්තටම කියනවා නම් රජ හිටියේ ගූ බයෙනි. පුළුටු මස් කා තනියම ඇවිදින කොල්ලෝ හය දෙනෙක් මොහිනීගේ හොදම දඩයම වෙන්නට ඉඩ තිබුණි. එය වළක්වාලමින් තම ගල් පෙන්වමින් පාරේ ගමන් කිරීමට තරම් හසිය නිර්භීත උන හෙයින් අපේ එක මයිලකටවත් අතවරයක් කිරීමට මොහිනීට නොහැකි විය.


අහල පහල කරක් ගසා නිවෙස් ගත වන විට මැදියම් රැයත් පසු වී තිබුණි. පසු දින කන්නෙලිය බැලීමට යා යුතු හෙයින් අපි නිදා ගත්තෙමු

සොබා සොදුරු කන්නෙලියේ හොරු...
බ්ලැක් ලේබල් ගිනි මැල ෆන්... 
දිනය 2  බලාපොරොත්තුවන්න....

දිනය 2 මෙතනින්

සම්භාව්‍ය ඡායාරූපකරණය - පන පලයන් ගාල්ලේ ඇල්බමය මෙතනින්. (බලලා ලයික් එකක්වත් දාපල්ලා ඈ..)

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 

115 comments:

  1. හික්ස් ෆොටෝ ටික අප්ලෝඩ් කරපු දවසෙම මං දැන ගත්තා කතාවක් වැටේ තමා කීලා...
    එල එල!!!!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒ ටිකට ඒවත් දැක්කද? :-)

      Delete
  2. පිස්සු බම්ප් වෙයි ඈ!එල රජෝ එල!

    ReplyDelete
    Replies
    1. බම්ප් වෙවී යනවා ගාල්ලටම :-)

      Delete
  3. එළ..... මමත් ට්‍රිප් යන්න මාර කැමතියි....

    ReplyDelete
    Replies
    1. මමත් හෙන ආසයි.. කොහෙද ඉතින් අපේ අම්මා එක්ක බෑනේ. උදැල්ලමයි.. :/

      Delete
  4. කාලෙකට පස්සේ හොඳ කතාවක් ලියලා තියෙන්නේ.... නියමයි ආ...!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. තෑන්ක්ස් ආ.. :-)

      Delete
  5. මම හිතුවා බුකියේ යද්දී පත මඩ වරුසාවක් තමයි කියලා.. හොඳ වෙලාවට ගවේශකයා බ්ලොග් ලියන්නේ. ගවේෂක මල්ලි, ලියපන් රජා ගැන පොස්ට් එකක්.. අපිට කතාවේ ඉතුරු ටික බලාගන්න..

    ReplyDelete
    Replies
    1. ඌ මඩ ගහද්දි බැරියෑ...

      අන්න... වෘත්තීයම පෝස්ටුවක් ලියනවලු කන්නෙලිය ගැන :-)

      Delete
    2. ත්‍රී මීටර්ස් ඇකියුරසි ද?

      Delete
    3. හැක හැක හූ......

      Delete
  6. හිහ් හිහ් පට්ටයි ඈ...
    රජෝ
    වැඩේ කියන්නේ
    අගට එද්දි මුල කෑලි අමතකයි බන්
    හැම තැනක්ම එල හින්දා
    විචාරයක් දෙන්න පිටුවක් යයි...
    ඒ හින්දා කෙටියෙන් කිව්වොත්
    සති දෙහෙකට සැරෙයක් වත් මේ වගෙ එකක් දාලා
    අපිව සිනා සාගරයක ගිල්ලවහන්

    ReplyDelete
    Replies
    1. හිකිස්... එල එල...

      සාගරේ ගිලිලා මැරුනොත්..? :-)

      Delete
  7. patta pata rajo. mama me baluwe ara black lable ekata mak unada kiyala.

    ReplyDelete
    Replies
    1. ආ ඒක පරිස්මට තියනවා... ඊගාව දවසට.. :-)

      Delete
  8. හික්ස්ස්.. මරු ෆොටෝ ටික.. අර සුදු අක්කිලාගෙන් ගුටි නොකා ආවා මැදැයි

    ReplyDelete
    Replies
    1. එයා කොහෙද මට ගහන්නේ...

      දුවනවා බීච් එක දිගේ උණවටුනටම :-)

      Delete
  9. එල එල.. යකෝ දැන් හැමෝම ට්‍රිප් යනවනේ.. මම්තුමා කන්නේලියේ යන්න ආසාවෙන් ඉන්නේ.. දාන්ඩකෝ බලන්න ඒ විස්තරෙත් එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ආ දැන් උඹලට විතරයි යන්න හොද..? :-) :-)

      එල එල.. දාමුකෝ.

      Delete
  10. මාත් යන්තන් මේ ෆොටෝ ටික බුකියෙන් බලව ගත්තා !!!
    ඉතුරු ටිකත් ලියන්ඩ එහෙනම්

    ReplyDelete
    Replies
    1. ලයික් එකක්වත් දැම්මේ නැද්ද මන්දා..හොරෙන්ම බලලා ගිහින් :-)

      Delete
  11. චරිත ඝාතක පපරාට්සි රජෙකුගේ චාරිකා සටහන්!
    ලඟදීම බලාපොරොත්තු වන්න:
    "ෆෝටෝ ඇල්ලීමට ගොස් රජා ගුටි කෑ දවස" :D

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට ගහන්න......? හිතුවා මදි... :-) :-)

      Delete
  12. හීඊඊඊඊඊඊඊ :D :D

    ReplyDelete
    Replies
    1. හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

      Delete
  13. රජ ෆන් රජෝ. ඇපල් ටත් යන්න හිතෙනවා මේ වගේ ගමනක් . අඩේ පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. යමු යමු... රජ ෆන් කියන්නේ ලොවෙත් නෑ ඇපල් ගහෙත් නෑ... :-)

      Delete
  14. මඩ ගොඩක් වැඩි නිසා කතාව ගාණට රයිම් වෙලා තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. මඩ රහ එහෙම ආවේ නෑනේ.. :-)

      Delete
  15. අඩේ උඹ කියන්නෙවත් නැතුව අපේ ඒරියා එකට ඇවිල්ල ආයෙත් ගිහිල්ලා
    අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී... :ප

    ReplyDelete
    Replies
    1. අඩේ... මට කියන්න අමතක උනා බං... සොරි ඈ මලේ..

      Delete
  16. හයියූ පණ ගියා හලේ හිනාවෙලා..........

    ReplyDelete
    Replies
    1. හයියූ පණට නං යන්න දෙන්න එපා ඈ... :-)

      Delete
  17. Patta pata pata.........aaaaa........(y)

    ReplyDelete
    Replies
    1. යශී අයියේ උම්මා එකක්....

      හූ.................................... ඈ................... :-)

      Delete
  18. මචං මල්ලියේ උඹ ලියපු හොදම ලිපිය තමයි මේ.
    මට උඹලා ගැන ඉරිසියාවක් හිතූනා බං.
    අච්චර මාළු හම්බවෙලත් තොපි අනාගත්තනේ බාබකීව් එක,
    එක එක විදිහට පට්ටෙට පුච්චං කන්ඩ තිබ්බා

    උඹ දන්නවද වට්ටක්කා ඇතූලට ඇමඋත්තම දාලා පුච්චලා කන්ඩ පුවවන් පට්ට රහයි

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ දුන්නා සුපිරි වැඩක්... ඒවා ඉස්සරහට.. :-)

      Delete
  19. සිරාත් ඔන්න දිණ 4ක පට්ට ට්‍රිපක් යන්නට නියමිතය... වැඩේ සාටර් නොවුනහොත් මොනවා හෝ කුරැටු ගානවාය.... මැච් එක දිනපු රාත්‍රියේ කලු ලේබලය ගසන්නට තිබූ බව සිරාගේ ගලනායට දැනුනි....
    අන්තංපුරය ලොකු වී රාජ සම්පත්ම ලැබේවා !

    ReplyDelete
    Replies
    1. එල එල.............. සුභම වේවා.......!!!

      Delete
  20. හොදට හිනාවෙන්න පුළුවන් විදියට ලියලා තියෙනවා....
    අර කුරුදු නැන්දගේ තේ එක ගැන මොකුත් නරක දෙයක් නොලිව්වනම් තමයි වැඩිය හොද.....(ගිය උන් ටික ඇර වෙන කාවවත් චා නොකර)

    ReplyDelete
    Replies
    1. චා කලේ නෑ... ඇත්තමයි කිව්වේ... :-)

      Delete
  21. කථාකරන ෆොටෝ ටික නම් මරු...!

    ReplyDelete
    Replies
    1. ඒවා දකින කොට මටත් තනියම හිනා.. :-)

      Delete
  22. අප්පේ මදැයි ගුටි නොකා හිටියා..හෙහේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිම්ශෝ අක්කේ, නංගි, සමවයස්.... :-) :-)

      Delete
  23. අපිත් ගියා රජාමල්ලි ඔය පැත්තට..අපේ කෙල්ලෙක්ව මූදෙ ගහගෙන යන්න ගිහින් බොහෝම අමාරුවෙන් බේර ගත්තෙ...
    අයියෝ අර බාබකිව් එක.....ගමන් යද්දි අරන් යන්න පුලුවන් බාබකිව් හදන එකක් දැන් තියනව ඒක මරු..ඕන තැනක ගෙනියන්න පුලුවන් ලේසියෙන්....
    මඩ පාරවල් නියමයි..හිනා වෙලා පනගියා...:D:D

    ReplyDelete
    Replies
    1. හෑ...සිරාවට???

      අපිට කොහෙන්ද ඕවට සල්ලි.... ඕක කලෙත් හෙන අමාරුවෙන් :-)

      Delete
    2. බාබකිව් නම් මතක් කරන්න එපා...හයියෝ පිබලා පන ගියා පැය දෙකක් විතර රජා නම් අහලකටවත් ආවායැ..මැච් එකේම එල්ලිලා හිටියා මිසක්.....දාපු බාබකිව් එකත් කිව් කිව් උනානේ අන්තිමට...

      Delete
    3. උඹ පිම්බ හැටි දැක්කනේ අපි... :-)

      ඇයි යකෝ මං හුළං ගැහුවේ..

      මැච් එක තමා මැච් එක ඈ...

      Delete
    4. බාබකිවු චාකෝල් උරයක් ගත්ත කිව්ව නේද? එතකොට ඒවට පිඹින්නත් ඕනෙද? අනේ බොලේ අපි නම් චාකෝල් ඉබේ ඇවිලෙන්න දීල පැත්තකට වෙලා බලන් ඉන්නවා...පොඩ්ඩක් යකඩ කූරකින් එහාට මෙහාට කරන්න විතරයි ඕනෙ.......

      Delete
    5. මේක නිකන් ඇවිලෙන්නේ නෑ අක්කෝ... හුලං පොදක් නෑ... ඒ මදිවට හාරපු පස් උඩ.. කොහෙ ඇවිලෙන්නද? :)

      Delete
  24. ///ඔක්කොම නැවත මැච් එක බලන්නට විය. අම්මා.........බොක්ක කුල් වෙන මැච් එකය. මැතිව්ස් එලට ගැහුවේය. අන්තිම ඕවරේට 15ක් ඕනෑය. 2වෙනි බෝලෙට 6යි............යාහෝ........ ඊගාවට 4යි හූ.............අපි දිනුවෝ..............///

    මම හිතුවා හරි මු පගාවට විභාග පාස් කරපු එකෙක් ... ඇයි බන් 6 + 4 = 10 නෙ , 15 ක් ගන්න ඕන වෙලාවේ 10 ක් ගත්තහම කොහොමැයි දින්නන්නේ ...

    මොනවා උනත් හොඳ ෆන් එකක් අරගෙන තියෙනවා .. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි හරි බං..... 15 ගැහුවා කොහොම හරි..

      අර තෑගි ප්‍රශ්නේ හින්දා දැන් කට්ටිය තර්කානුකූලව හිතනවා නේ.. :-)

      Delete
  25. එල එල.. උඹ ඉතින් උඹෙ චරිතේ සුද්ද කරලා අනිත් උන්ට මඩ ගහලා... :)

    ReplyDelete
    Replies
    1. මමත් ලාවට ගහගත්තා... ඇයි #@%% කක්කුට්ටෙක්.. :-)

      ඊගාව දවසෙත් කෑවා ටිකක්..

      Delete
  26. උදේම හිනා වුනා ඇතිවෙන්න . පින්තුර ටිකත් නියමයි . කුරුඳු නැන්දා තේ දීපු හැටි මරු

    ReplyDelete
    Replies
    1. ඒ පිනම මදෑ එහෙනං... :-)

      Delete
  27. පින්තූරු ටික නියමයි. ඔයාගේ යාලුවෝ ඔක්කොමලාටම තියෙන්නේ ගෑනු ලමයින්ගේ නම්ද?

    ReplyDelete
    Replies
    1. ලේසියට කියන නම්නේ... :-) :-)

      යෂික - යශී
      අෂාන් - අශා
      හසිත - හසියා
      ගයාෂාන් - ගයියා
      චමිල් - චමියා
      මම - රජා

      Delete
    2. යශී , අශා නම් දෙක නම් ටැපලිලි සහිතයි..දැක්ක ගමන් හිතෙන්නෙම චූටි කෙලි පැටික්කියෝ දෙන්නෙක් කියලා :P

      Delete
    3. හරිනේ ඉතින්.. :-)

      Delete
  28. හුටා ,., රජා සුපිරි මඩක් දීල නේද ,., දැන් රජා හොද එකා ඈ ,.,., නේ ,., එල එල ,. ෆට්ට ඈ

    ReplyDelete
    Replies
    1. හිකිස්........දැන් ට්‍රෙන්ඩ් එක මඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩ :-)

      Delete
  29. දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ මඩ. ෆොටෝ ටිකනම් මරු... ට්‍රිප් කවදත් පට්ට..
    පලවෙනි දවස අමුවෙන්ද...

    ReplyDelete
    Replies
    1. පට්ට නෙහ්?

      1 අමුයි.....
      2 නං පැහිලා කුණු වෙන්න.. :-)

      Delete
  30. කුරුදු කතාව පොඩ්ඩක් පැහැදිලි කරපන් රජෝ ...

    ReplyDelete
    Replies
    1. ඒකේ දෙයක් නෑ බං... ඔය කියලා තියන ටිකම තමා.. :-)

      Delete
  31. උබල බාබ කිව් අගුරු ගෙනිච්චා නේද ගෙදර විල් බැරැක්කයක් තිබ්බනම් වැඩේ ලෙසියෙන්ම ගොඩ දාගන්ඩ තිබ්බා..අවුලක් නෑ පට්ට ආතල් එකක් ගත්ත නේව...

    ReplyDelete
    Replies
    1. සිරාවට? කවුද දන්නේ...

      ආතල් එකෙ හොදම හරිය ඊලග දවසේ.. :-)

      Delete
  32. පිට තැනකට ගියාමවත් වැදගත් විදියට හැසිරියල්ලකො,,,, අපි වගේ නැතුව....

    ඇඩෙනවා ඕයි මෙව්ව දකිනකොට .... කවද මෙහෙම ෆන් එකක් ගන්නද

    ReplyDelete
    Replies
    1. වෙලාවක එනවකෝ මේ පැත්තේ ඇවිල්ලා යන්න. හැමදාම ඔහෙට වෙලා හම්බමකර කර ඉන්නේ... :-)

      Delete
    2. උබ මාව ගෙන්නගෙන පොටෝ ගහල පෝස්ට් දාන්න නේද හදන්නේ.. අපි අහුවෙයි ඔව්වට...

      ලංකාවට ආවහමනං මම එනවමයි බොලාගේ මාලිගාවට . රාජ බෝජන කන්න.. බංකොලොත් වෙන්න බලං ඉන්න කියපං පිය රජතුමාට

      Delete
    3. එන්න එන්න..... දෙන්නං දවස් 7ක් බඩ යන්න...

      Delete
  33. අයියෝ හිනා උනා ඇති වෙන්න, අපලාදේ අප්පා කොල්ලෙක් උනානම් කොච්චර හොදද කියලා හිතුනා මේ වගේ පිස්සු නටන්න.හැබැයි අර හොරෙන් ෆොටෝ ගත්ත අය දැන ගත්තොත් රජාව මරයි.

    ReplyDelete
    Replies
    1. ඇයි කෙල්ලොත් ඔය යන්නේ..

      ඒ මාව අල්ලගත්තොත්නෙ මරන්නේ :-)

      Delete
  34. එල පොටො ටික ඈ..අඩො බටපොල තියෙන්නෙත් ගාල්ලෙ :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඈ...

      ආ එහෙමද? කව්ද බං දන්නේ.. :-)

      Delete
    2. දැනගන්නෙපැයි ඩෝ..
      ඊළඟ අග නගරෙනෙ :)

      Delete
  35. නියමෙටම ලියලා තියෙනවා මචෝ ඉරිසියාවේ බෑ.... සුද්දියන්ට කතා කරාම ඩබල් දාලා පොටෝ ගත්තෑකි (ගුටි කෑවොත් මම නෑ) පොටෝ කිව්වාම උන් පැනලා එන්නේ... ඒත් කෝච්චි වල යද්දි හිටගෙන ඉන්න සුද්දියන්ට හිනා වෙන්නවත් හොඳ නෑ අම්බානක පාත් වෙලා ටෝක දාන්න එනවා ඒ මදිවට බෑග් තියන්නත් එනවා... දවසක් ඔහොම හිටිය කන්කළු සුද්දියකට හිනා වෙලා ඒකි මොනාද මන්දා කියෙව්වා මං යස් යස් නෝ නෝ කිව්වා දෙමළ වගේ....

    සුපිරි මචෝ

    ReplyDelete
    Replies
    1. අම්බෝ ඔව්.. ඔව්... මතකනේ එදා... :-)

      Delete
  36. උඹලා ටික දෙනෙක් මෙහෙම ෆන් එකක් ගත්ත එක නියමයිනේ බං.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියේ.. :-) එල නේ

      Delete
  37. ෂෙහ් ... මුං අමුවෙන් පාරෙ යන්නෙත් හරම නම් දෙකක් නවා ගත්තහම කෙහොමට යාවිද? රජවරුත් කරන වැඩද මේව. ඇත්ත කියපන්, උඹ ෂොටෝපොප් ජිල්මාට් දාල උඹේ මූන වෙන එකෙක්ගෙ මූනට මාරුකළා නේද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ දෙයියෝ........:-)

      දෙකක් දාපු වැඩ ලගදීම......

      Delete
  38. රජෝ අපිත් ට්‍රිප් යන මිනිස්සු තමා. කරුමෙට කැමරාවක් උස්සගෙන යන්නේ නෑ යන කොහෙවත්. ලංකාවේ මැප් එකම තියෙන්නේ හිතේ. කන්නේලියේ කෙරුවාවත් දාපන්කෝ බලන්න. රාජ සම්පත් ඩබල් ත්‍රිබල් වේවා. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. යකොඩෝ......කැමරාව තමා වැදගත්ම අංගය...

      ජය වේවා !!! ජය වේවා !!!

      Delete
  39. සංචාරක තොරතුරුයි. පිංතූර කතාවයි දෙකම මරු. ගාලු ගමන ගැන ඉතුරු ටික හිතාගත්තෑකි. මේ පිංතූර ටික මූනු පොතේ තිබුණා මේ විදියටම.

    සිරා ගමනක්.. ෆුල් ෆන් එකක්

    ReplyDelete
    Replies
    1. ආ ඔයත් දැක්කද? :)

      ෆන් කියන්නේ ලොවෙත් නෑ.. :)

      Delete
  40. හරිම රසවත් ලිපියක් රජතුමනී..කියවලා ගොඩාක් හිනා වුනා....
    ගෑනු ළමයි ඇදිලා එන ආශ්වාස, ප්‍රස්වාසය ගැන නම් බය හිතේ...
    අර වයසක සුදුනෝනි රවලා වගේ බලන් ඉන්නවා..හිහි....

    ReplyDelete
    Replies
    1. හි හි හී.........

      ආවා කියන්නේ තව පොඩ්ඩෙන් නහය ඇතුලේ හිරවෙනවා :-)

      එයා දැක්කෙ නෑ අනේ මේක ගන්නවා.

      Delete
  41. වැඩිකල් නොගිහින් උඹ ගුටි කනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා......... :)
      මේවා හොරෙන් ගහන්නෙ...

      Delete
  42. රජෝ බ්ලැක්ලේබල් එක...???

    ReplyDelete
    Replies
    1. මග එනවා.... මග එනවා...

      Delete
  43. අඩෝ.. බොලා අපේ ඒරියා එකට ඇවිත් කෙල්ලොන්ට බැලුම් හෙළනවා එහෙම නෙවෙයි..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හහහා ඇයි එව්වා උඹලට විතරද අයිතී..........?

      හූ........... අපි බලනෝ.. :) :)

      Delete
  44. රජ ගමනක් නොවැ ගිහින් තියෙන්නෙ! පිංතූර ටිකත් එල!
    ඕං බයට එහෙම නෙවේ කොමෙන්ට් කලේ හරිය! :)

    ReplyDelete
    Replies
    1. අයියෝ... මට බය වෙනවකෝ :)
      ස්තූතී ඈ...

      Delete
  45. යකෝ ඔව්වා ඔහොමත් පොටෝ ගහනවද . . ගහන එක කමක් නෑ කියමු මේ වගේ මඩත් එක්ක බ්ලොග් වල දානවද . . හික් හික් හික්

    ReplyDelete
  46. දැන් උපාලි ගිනිවැල්ලෙ එහෙම වයස ඇති නේද?
    මේක ටැබලොයිඩ් පත්තරයක් වගේනෙ අනේ

    ReplyDelete
    Replies
    1. මොකක් කිවුවා?

      ගිනිවැල්ලේ? ඒ කවුද?

      Delete
  47. බුකියේ ෆොටෝ ටික දැක්ක ගමන්ම හිතුව හරියටම මේක මඩ ගුහාවක් තමා කියලා..
    පොස්ටුව කියවන්න පරක්කු උනා ඉතිරි මඩ ටිකත් ඉකමනටම දාමු රජෝ..
    මෙතන රජාට මඩ ගහන්න කෙනක් නැති එකනේ අවුල..:/
    කුරුදු මාර ගණන් ඔයාලා පොඩි ගානකට කුරුදු ගන්න හිතන් හිටියට.:)

    ReplyDelete
    Replies
    1. ඕං දැම්මා ඉතුරු මඩ....

      http://harshana-bc.blogspot.com/2012/06/2-journey-day-2.html

      එහෙමද? ගනන්ද? :)

      Delete
  48. හී හී මරු ට්‍රිප්!! :)

    ReplyDelete
  49. උබලා එහේ ගිහින් සම්ප්‍රදායික වැදී නැටුමක් පෙන්නුවාද ? මම දැක්ක පේස්බුක් එකේ තියෙනවා .. හැබැටම උබලා කොහෙන්ද ඒ නැටුම පුරුදු උනේ... ටක්කෙටම ඌරු වරිගේ නැටුම් ගුරේක්ගෙන්මවෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. පෙන්නුවා නේන්නං.... මෙන්න ඉතුරු මඩ ටික...

      http://harshana-bc.blogspot.com/2012/06/2-journey-day-2.html

      මොන ඌරොද බං.... ඒ වෙලාවේ ආපු කික් එකට දාපු ගොන් ඩාන්ස්... :)

      Delete
  50. පට්ට ට්‍රිප මලයා එල එල

    ReplyDelete
  51. අප්පා කොග්ගල සී බාත් එක නෙහ්හ්....
    එල ඈ......

    ReplyDelete
  52. හෙ හෙ නියම ට්‍රිප් එක ඈ කෙල්ලන්ගෙන් ගුටි නොකා ආව මදෑ

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)