Sunday, May 13, 2012

යන්න ගියා ඔහු අප හැර දා - Tribute To OBSERVER


ඔබා මාමේ...සත්තයි මේකත් කුණුහරප නෙමේ..



ඔබා මාමා වෙනුවෙන් වෙනම පෝස්ට් එකක් නොලියන්නට සිතා සිටියත් එය ඔහුට කරන අවසාන ගෞරවයක් ලෙසින් එකක් ලියන්නට තීරණය කලෙමි... 



මම එතුමා වෙනුවෙන් ලියවුනු බහුතරයක් පෝස්ට් වලට ඔහුට නිවන් සුව පතා කමෙන්ට් කලෙමි.

ඔබා හෙවත් ඔබ්සර්වර්. මම ජීවිතේට දැක නැත. දකින්න තිබුනු අවස්ථාව මම විහින් නැති කර ගත්තෙමි. දැකලා ඇත්තේ ෆොටෝ වලින් පමණි. මම මේ බ්ලොග් ලියන්න අරන් මාස හතරට පහට මම ඔහු යනු කවුද යන්න මනාව වටහා ගත්තෙමි. ඇත්තෙන්ම ඔහු සොඳුරු හදවතක් ඇති අයෙකි. ඒ බව ඔහුගේ කමෙන්ට් වලින් තෙරුම්ගන්න පුළුවන්.


ඔහු අන්තිමට දාපු පොස්ට් එක මටත් ටිකක් අදාල එකකි. එක හින්ද මමත් උඩින්ම කමෙන්ට් කලෙමි. 



බලන් ඔහු අපිට කොච්චර ආදරේද?


ඔහු අපෙන් සමු ගන්නට පෙර අඩවියේ තැබූ සටහන



ඔබා මාමා දෙපාරක් මාව ෆලෝ කරලා බොරුනං උඩ බලන්ඩකෝ... 

ආයෙත් මගෙ තියා කාගේවත් පෝස්ට් කියවීමට ඔබා 
මාමා එන්නේ නැත....










හොද මිනිස්සු ජීවත් වෙන්නෙ ටික කාලයයි කියන්නෙ ඇත්ත තමා...




එතුමා වෙනුවෙන් ලංකාවේ මොනවා හරි දෙයක් කරනවානම් අපිවත් දැනුවත් කරන්න. නෑවිත් ඉන්නේ නෑ. කොහොම හරි එනවා....




26 comments:

  1. අපි මොනවා හරි කරමු මල්ලි... රාජ්, මරණය, අභීත අයියලා යමක් සූදානම් කරනවා. දැනගත්ත ගමන් කියන්නම්...

    ReplyDelete
  2. ආදරණීය ඔබා මාමේ....
    අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
    :'(

    ReplyDelete
  3. අවාසනාවන්තයි මම... බැරිඋනා අඳුනගන්න ඔබා මාමව... :(

    ReplyDelete
  4. කියන්න වචන නැහැ. දකුණේ අය එකතු වෙනවාලු. එතකොට අපි?

    ReplyDelete
  5. මාමා මට කමෙන්ට් එකක් දානකන් මම බලාගන හිටියේ මට එ වාසනාව නැ

    ReplyDelete
  6. "ජීවත්වීම සඳහා යුහුසුළුවන්න" ඔහු අපට නොකියූ පණිවිඩය එයයි....

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින්ම නික්ම ගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....!!!!

    ReplyDelete
  7. සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  8. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  9. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
    වෙන කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... :'((((

    ReplyDelete
  10. අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.

    "ඔබා මාමේ" ඔබට නිවන් සුව!!

    ReplyDelete
  11. ආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....!!!

    ReplyDelete
    Replies
    1. මම ඔය බැනර් එක හොරකම් කලාට කමක් නැද්ද?

      Delete
    2. අනේ කමක් නෑ.....

      Delete
  12. ඔබට නිවන් සුව ඔබා මාමේ...

    ReplyDelete
  13. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  14. මෙවැනි අකල් වියෝවන් මතු සසරේ කිසිදා නොම වේවා ඔබා මාමේ...ඔබට නිවන් සුව පතමි!!!

    ReplyDelete
  15. සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාෙගවත් හිත රිෙදන යමක් ලියනවා දැක්ෙක් නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන ෙකාෙමන්ට් කරලා නැහැ. කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා....දෑස් කදුලින් තෙත් වෙනවා...
    සිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා....
    ඔබා අය්යට නිවන් සුව!

    ReplyDelete
  16. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  17. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  18. මමත් ඔබා මාමගේ බ්ලොග් එකට මුල්ම සැරේට කොමෙන්ටුවක් දාලා ඇවිත් ටික වෙලාවක් යද්දි ඔබා මාමත් පාර හොයාගෙන ඇවිල්ලා ගිහින් තිබුනා මම හිතුවේ නෑ ඒ තරම් ඉක්මනට ඔබා මාමා මගේ බ්ලොග් එක බලයි කියලා... ඔබා මාමාව අවුරුදු උත්සවේ හම්බුවෙලා කතා කරනකොට කොයිතරම් විනෝදයට බර සුහදශිලි පුද්ගලයෙක්ද කියලා තේරුණා... ඒත් අද හවස මේ දේ ඇහුවාම මම ටිකක් වෙලා කතා නොකර හිටියේ මීට කලිනුත් මම මැරුණා කියලා පෝස්ට් එකක් දාලා තිබුනු නිසා ඒත් ඒක ඇත්තක්මයි කියලා දකිද්දි මට තේරුණා කටහඬ අමුතු වෙලා ඇස්වලට කඳුලු එනවා කියලා.ඔබා මාමා වෙනුවෙන් කඳුලක් නොසැලුනු ඇනෝ කෙනෙක්වත් අඩුම ගානේ නැතිව ඇති.... ඔබා මාමේ ඔබතුමාට නිවන් සුව!!!

    ReplyDelete
  19. මා හිතනවා එතුමා මගේ වයසට ආසන්න කෙනෙක් කියා. මට එතුමාගේ බ්ලොග් එකේ ලිපි කීපයකට වඩා කියවන්න අවස්තාව ලැබී නැහැ. එහෙත් එතුමා වෙනත් බ්ලොග් වල සටහන් කල රසවත් කමෙන්ට්ස් රාශියක් කියවා තිබෙනවා. කවුරුන්හෝ දන්නවානම් එතුමාගේ ජීවන තොරතුරු පලකරන්න. එය ඔහුට කරන උපහාරයක්.

    ReplyDelete
  20. 2012 සයිබර් ෆෙස්ටිවල් එකේදි හම්බ වෙල හිනා උනාට අපිට වැඩි යමක් කතා කරගන්න බැරි උනා.

    හැමදෙනාටම එකම නිර්ව්‍යාජ සිනහවකින් සංග්‍රහ කරපු ඔබා මමාට නිවන්සුව ලැබේවා... !

    ReplyDelete
  21. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  22. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  23. ඔබා මාමේ ඔබට නිවන් සුව!

    ReplyDelete
  24. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

    සයිබරයේ සොඳුරු නිරීක්ෂකයාණෙනි ඔබට නිවන් සුව!!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)