යන්ට හොඳයි තේවතු බල බලායේ
කන්ට හොඳයි පැණිරස අග්ගලායේ
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ
වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ
කොහොමින් කොහොමහරි ෆයිනල් එක්සෑම් ඉවර වෙලා රට වටේ යන්න හිටපු ටුවර් එකටත් කනකොකා හැඩුවේය. කොහෙවත් යන්නත් නැතුව කට්ටියම හිටියේ නිකන් වැල කාපු උගුඩුවෝ වගේය. ඔය අස්සේ සිරීපාදේ යන්න අයිඩියාවක් කවුදෝ මන්දා එලියට දැම්මේය. අපේ සෙට් එකෙන් සිරිපා කරුණා කරලා තිබ්බේ දුලියා විතරය. ඒකත් අවාරෙකය. ඒ හේතුවෙන්ම කට්ටිය එක පයින්ම වැඩේට ඉදිරිපත් උනේය. මෙච්චර කාලයක් වෙනකන් සිරිපා කරුණා කරන්න යන්න බැරිවෙච්ච එක ගැනනම් මට තියෙන්නේ පට්ටම අප්සට් එකක්ය. අපේ අම්මා, කිරිඅම්මා එහෙම කියන විස්තර අහලා රජා හිටියේ ෆුල්ම කික් එකේය. ඒ වචන වලින්ම මේ ගමන නම් අමුතුම එකක් යන හැගීම මට කලින්ම දැනී තිබුනේය.
අපේ නඩේට 4 දෙනෙකි. තව එන්න හිටපු 4 දෙනෙක් නොවැලැක්විය හැකි හේතුවක් මත දවසක් පරක්කු වෙන්නට උනේය. අපිට තිබ්බ උනන්දුවේ හැටියට තව දවසක්වත් ගෙදර නම් ඉන්නට බැරිය. කලින්ම කතා කරගත් විදිහට 11 වෙනකොට පිටකොටුවට ආවේ රත්නපුරේට යන්න බස් එකක් අල්ලගන්නය. කොහොමහරි හතර දෙනා සෙට් වෙනකොට දවල් 12 විතර උනේය. එතකොටම වගේ ආපු ඇඹිලිපිටිය බස් එකක නැග්ගේ රත්නපුරේ බලා යන්නටය.
 |
බස් එක ඇතුලේ |
බස් එක ගැනනම් කතා කරලා වැඩක් නැත. සුපිරිය. පට්ට බස් සින්දු ටිකක් දාලා තිබුනේය. පුරා පැය දෙකක් කිසි කම්මැලිකමක් නැතුව “බිස්කට් කුඩු“ බීට් එකෙන් සින්දු ගලා ගියේය. මේ වගේ සින්දු ඇහෙද්දි කෝමද ආතල් එක ඈ? කැරකිලා...මේ වගේ ඒවා (ලින්ක් ටික ඒ සින්දුමයි. එමමයි. හෙන ගේමක් දීලා හොයාගත්තේ). කොන්දා අයියත් නියමය. ටිකට් ගන්න ගමන්. ආ..මල්ලිලා සිරීපාදේ යන්න වගේ කියමින් හිනා වෙවී ටිකට් කැඩුවේය. රජයි දුලියයි හිටපු සිට් එකට කොටිකාවත්ත හරියෙන් පොඩි ගෑල්ලමෙක් ඇවිත් ඉදගත්තේය. ටිකක් කළු කෙට්ටු සීදේවි ගෑල්ලමයෙක්ය. මග දුරක් යනකොට කට්ටියටම ලාවට නින්ද ගිහිල්ලාය. ඇහැරුනේ බස් එක තේ බොන්න නවත්තන්න ටිකකට කලින්ය.
ඇහැරෙනකොට දුටු දසුනෙන් රජාව සලිත වෙලා ගියේය. එහා පැත්තේ ගෑල්ලමයාගේ අතේ පොඩි බබෙක්ය. මගේ අතින් සුළු වැරුද්දක්වත් උනාද? නැත. එහෙම වෙන්න විදිහක් ඇත්තේම නැත. මට පැයක්වත් නින්ද ගියේ නැත. ඒ ගෑල්ලමයා නම් අපිටත් වඩා බාලය. ආයේ ඒකනම් ෂුවර් හිට්ය. පරකඩුවෙ බස් එක නවතන් ඉන්න ටිකේ අපි පාන් කෑවෙමු. අර සූටි බබාට කන්න යෝගට් එකක් හම්බෙලා තිබුනේය. ගෑල්ලමයා එයාට කවනවාය. ඌ ඒක කන්නේ නැතුව දෙපැත්තට ඔළුව වනනවාය. රජා ඒක දිහා බලාගෙනය. නංගි මගේ දිහා බල බල හිනාවෙනවාය. පවුනේ ඉතින් මම සප් එකක් දිය යුතුය. සාමාන්‍යයෙන් පොඩිඋන් රජා එක්ක පටස් ගාලා ෆිට් වෙනවාය.
රජා: සීතල වැඩි ඇති ඒකයි...
නංගි: හි හි.. ඒක තමා...
රජාගේ විකාර වැඩ වලට හිනාවෙවී පොඩි එකා කොහොමහරි යෝගට් එක ගිල්ලේය. ෆිට් උනා වගේ නොවේය. අතුරු ප්‍රථිපල එන්නේ පසුවටය. පරකඩුවේ ඉදන් රත්නපුරේට යනකන්ම පොඩි ඒකා රජා සමග හිනා වෙනවාය. බෑග් එක ෂිප් එක අරිනවාය. අතදිගේ එල්ලි එල්ලි මයිල් වලින් අදිනවාය.
දුලියා: යකෝ මයිල් ටික ගැලවෙයි..
රජා: ෂෝයි පොඩි එකා බං...
නංගි: හි හි..
බබාට ටටා කියා අප රත්නපුරෙන් බැස්සෙමු. ආයේ ඉතින් බැස්සා විතරයි මැණික් කෑලි පාර හැමතැනමය. දිලිසි දිලිසි එහෙට මෙහෙට ගමනේය. ඒවා අස්සෙන් පාර හොයාගෙන අපි පලාබද්දල බස් එක වෙත ගියෙමු. බස් එක යන්නේ තව පැය බාගෙකින්ය. බෑග් ටික බස් එකෙන් තියලා අපි කඩේකින් පානුයි, චොකලටුයි ගත්තේ ගමනේ බඩිගිනි නිවාගන්නටය. ඒ අස්සේ අශානයා මොකද්ද පෙත්තක නමක් හොයාගෙන ඒක ගන්න ෆාමසියක් හොයාගෙන ගියේය. අපේ උන්ට කොහෙ ගියත් බොක සීන් වලින් නම් අඩුවක් නැත. ඒකට විසදුමක් ලෙස මේ පෙත්තය. මෙතන් පටන් ඒ පෙත්තේ නම කක්කා පෙත්තය.
බස් එකේ ඉදගෙන ඉන්නකොට පට්ට සීන් එකක් උනේය. බස් එක දැන් පිටත් වෙන්න ස්ටාට් කරලාත් එක්කය. වයසක ඩයල් එකක් ටිකට් ගොඩකුත් අරන් බස් එකට නැග්ගේය.
ටිකට්: අද අදිනවා.... ගන්න අද අදිනවා.... කෝටි 7යි (හරියටම මතක නෑ) දෙකෙන්ම කෝටි 7යි..
පනා දාගෙන කෑගහලා කෑගහලා කිව්වත් එකෙක්වත් ටිකට් එකක් නම් ගත්තේ නැත. බැරිම තැන අන්තිමේ ටිකට් අංකල් ඔක්කොටම කින්ඩිය දාගෙන බස් එකෙන් බැහැලා ගියේය.
ටිකට්: අනේ මටම ඇදියන්... මටම ඇදියන්...
අපි බස් එකට ටිකට් ගද්දී කොන්දා අයියා නම් කීවේ. “මල්ලි අදනම් කවුරුවත්ම ගියේ නෑ.. ඔගොල්ලෝ තමා ඉස්සෙල්ලාම යන්නේ“ කියලාය. පලාබද්දල බස් එකේ අපි ඉදිරියටම ඇදෙන්නේය. මේ පාර නම් හරියටම එදා කන්නෙලිය ගියා බස් එක වගේමය. පාර දෙපැත්තත් එමමය. රබර් වතු, ඒවා අස්සේ තැන් තැන් වල විසිරුනු ගල් කෑලි. ටික දුරක් යන විට වැස්සක් කඩන් පාත් උනේය. බස් එකේ සෙනගත් අඩුය. පොඩි සීතලකුත් ඇල්ලුවේය. ඉදිරියටම ඇදෙනවිට ගිලීමලේ නම් ගමකි.
රජා: ගිලීමලෙත් ඇත දත සුද්දෝ.... බලහන් ඔය මිනිස්සුන්ගේ දත් අපිට වඩා සුදුද කියලා.. :D
රජා, දුලියාට කීවේය. ඒ ගිලීමලේ හා මේ ගිලීමලේ අතර සම්බන්ධයක් තියෙනවාද කියන්න මම හරියටම දන්නේ නැත. පැයක පමණ ගමනකින් පසුව අපි පලාබද්දල පොලිසිය ගාවට ආවෙමු. ටිකක් තදේට වහින්නේය. වැස්ස පායනකන් අපි පොලිසියට වෙලා ඉදගෙන හිටියෙමු. එක ජාතියේ උන්ට සෙට් වෙන්නේ ඒ ජාතියේ උන් කියන්නේ නිකන් නොවේය. ඒ අස්සේ එකෙක් ඇවිල්ලා සුද්දියක් තනියම ආපු හැටි හා එයාට නාන්න, බුදියන්න තැන් හදපු හැටි ගැන බයිලාවක් ගැහුවේය.
6ට විතර වැස්ස පෑයුවේය. අපි සිරිපා කරුණා කරන්න කලින් පහල පන්සලේ තියෙන සමන් දේවාලෙට ගිහින් ආශිර්වාද ලබාගත්තේ කිසිම අනතුරක් ආබාධයකින් තොරව පත්මේ වැදලා ආපහු එන්න හැකිවෙන්න කියලාය. දේවාලේ ඇතුලේ හෙට මැණික් පතලක් ගරන්න තියෙන කට්ටියකුත් ඇවිල්ලා හිටියේය. හරිම සරල අංකල්ලා ටිකක්ය. සරම ගහලා එහෙම. ඒ උනාට ආවේ නම් අන්රෙජිස්ටර් ප්‍රාඩෝ එකකය. කොච්චර නිහතමානීද කියනවානම් අපිට පත්තු කරන්න හදුන්කූරු පැකට් පවා දුන්නේය. පහල කඩෙන් කෝපි බීලා, ගෙත්තම් කරන්න නූල් පන්දු අරගෙන, දේවාලේ කපු මහත්තයා දුන්න කහ පාට මොට්ටුවත් නළලේ තියාගෙන අපි කරුණා කරන්න පටන් ගත්තෙමු.
කොච්චර කදු බඩගෑවත් අපේ ෆිට්නස් නම් හොදටෝම මදිය. පඩි 500ක් විතර නගිනකොට බල්ලට වගේ හතිය. දිව බඹයක් විතර එලියට ඇවිල්ලාය. ඒ අස්සේ මේ වැස්සත් එක්ක චූටි චූටි කූඩැල්ලෝ එලියට ඇවිල්ලාය. එකෙක් රජාගේ සෙරෙප්පුවේ ඉදලා අයින් කලේය. මේ සයිස් උන්නම් හිටියත් කමක් නැත. අර අලගල්ලේ වගේ උන් හිටියනම් එහෙම සදා සොත්තිය. පාර අයිනේ තිබ්බ පොඩි කඩේකින් පිහියක් ඉල්ලගෙන දෙහි ගෙඩි දෙකක් උලා ගත්තෙමු. ඒ උනාට තාමත් හිතේ සැකේය. කලිසම අස්සෙත් කූඩැල්ලෝ දගලනවා වගේය. තවත් පඩි ටිකක් උඩට ගිහින් කඩයක් ගාව කලිසම් උස්සගෙන දැගලුවේය. ඕක දැකපු කඩේ ඇන්ටි අපිට ඇන්ටිලීච් සබන් කෑල්ලක් දුන්නේ කකුල් වල ගාගන්න. ආයේ කූඩැල්ලෝ ලොවෙත් එන්නෑ කියලාය. ඒකත් ගාගෙන අපි ඉදිරියට ඇදුනෙමු.
පාර අයිනේ කඩ කෑලි වල සද්දෙට සින්දු දාලා තිබ්බේය. ඒකෙන් එන්නේ මහ අමුතුම කික් එකක්ය. අපි කොහොමහරි අමාරුවෙන් ලිහිණිහෙල ගාවට ඇවිල්ලා තිබුනේය. මේ ලිහිණිහෙල ගාවදී “ලිහිණි අක්කේ අපි යනෝ“ කියලා කෑගහන එක සිරිතය. ඒත් මේ රෑ කෑගහන එක හරිනැති නිසා අපි කෑගන්න ගියේ නැත. ලිහිණිහෙල ලැගුම් ශාලාවට වෙලා අපි චොකලට් කෑවෙමු. හෝල් එක ඇතුලේ ඝාතනය වූ ලද මීයෙකි. අපි චොකෝ කන අතරේ පූස් තඩියෙක් ඇවිත් ඌව උස්සගෙන ගියේය. ටික වෙලාවක් ගිමන් නිවූ අපි නැවත ගමන පටන් ගත්තෙමු.
මෙහෙම කදු නගිද්දි බල්ලෝ නම් පස්සෙන් එනවා අපි ඕන තරම් දැක ඇත්තෙමු. ඒත් පූසෙක් මෙහෙම පස්සෙන් එනවා දැක්කාමය. අර මීයව උස්සන් ගිය පූසා අපි පස්සෙන්මය. අපි නවතිනකොට මූත් නවතිනවාය. ඒක පාරට වයින් වෙලා කකුල් අස්සෙන් රිංගගෙන දුවනවාය. මං බයේ හිටියේ මූව කොයිවෙලාවක හරි මට පෑගෙයිද කියලාය. ඇයි මූ රිංගන්නෙම කකුල් අස්සෙන්ය. ඒ අස්සේ ඈතින් කවුදෝ මන්දා කෑගනවා වගේය. නිකන් උදා..........ව් කියනවා වගේ ඇහෙන්නේය. අපි ටිකක් වෙලා ඒකට කන්දීලා ආයෙත් කරුණාව පටන් ගත්තෙමු. පඩි 2000ක් විතර ආවට පස්සේ අපි තව කඩේක නැවතුනේ බෙලිමල් එකක් බොන්නය. කඩේට වෙලා බෙලිමල් එක බීලා ඉවර වෙනකොටම වගේ තව නඩයක් ආවේය. ඒ කට්ටියත් ටිකක් මහන්සිය ඇරලා එහෙම ආයෙත් ගමන පටන් ගත්තේය.
අපි ගමන පටන් ගත්තේ 6ටය. උන් ගමන පටන් අරන් තියෙන්නේ 8.30ටය. ඒත් නඩ 2ම එකම තැනක හමුඋනේය. අපි ආපු වේගේ ගැන අපිටම දුක හිතුනේය. ඒ කට්ටිය තංගල්ලේ කට්ටියක්ය. හැම අවුරුද්දෙම සිරිපාකරුණා කරනවාලුය. කට්ටිය යන හැටි දැක්කම ඒක පේනවාය. එක අක්කා කෙනෙක් යන්නේ අපි යන වේගෙන්මය. අපි එයාලත් එක්කම දිගටම ඇදුනෙමු. නැත්තන් ඉතින් අපිට නගින්න වෙන්නේ දවස් දෙකකට විතර පස්සේ බව නම් එකම ටක්කෙටම ෂුවර්ය. ඒ නඩේගුරා කෑගගහා කවි කිව්වේය. අපිත් ඉතින් පිටිපස්සේ ඉදන් ඒවා කිය කිය හෙමින් හෙමින් පඩි නැග්ගෙමු.
අපේ බුදුන් - අපි වඳින්න
පෙරළි පෙරළි - අපි වඳින්න
අපෙ අම්මා - වන්දවන්න
කිරි කෝඩුත් - වන්දවන්න
දෙදන නමා - අපි වඳින්න
මලුත් පුදා - අපි වඳින්න
එක තැනකදී ජෝතිපාලගේ සින්දුවකුත් කීවේය. ඒක නං වෙඩි වගේ නැගලම ගියේය.
ධර්මරාජ ගල නැගලා..
තුන්සරණේ කවි කියලා..
ගෙත්තම් පානේ ගෙත්තම් කරලා..
මහගිරිදඹ පසු කරලා..
යං යං යං හනිකට යං..
සුමන සමන් දෙවි පිහිට ලබන්..
මුනිසිරිපාදේ බුදුරැස් විහිදේ..
සමත්ත කූඨ රජාගේ..
කමණීයයි රමණීයයි..
තව කවි කිව්වේය. මට මතක නැත. ගමන අස්සේ පොඩි පොඩි විහිළු කෑලි තංගල්ලේ නඩේ කට්ටිය නොකලාම නොවේය. එක අක්කා කෙනෙක් කලිසම ගහලා නගින්නේය. පිටිපස්සේ අයියා මෙහෙම කියන්නේය.
අයියා: ආ නගිමු මචන් නගිමු...
අක්කා: ඔරවන බැල්මට් එකක්
අයියා: ආ...මේ අපේ අක්කා නේ? කොහෙද උඩ කෑල්ල දැක්කේ පස්සෙනේ. යට කෑල්ලේ කලිසම විතරයි දැක්කේ. :D
නඩය: හි හි හි...
සෑහෙන දුරක් කරුණා කල පසු අපිට ගෙත්තම් පාන මුණ ගැහුනේය. එතන කඩේට වෙලා ගිමන් නිවපු අපිට තංගල්ලේ නඩයෙන් අග්ගලා සංග්‍රහයක්ද ලැබුනේය. ආයේ ඉතින් කියලා වැඩක් නැත. තැනට ඔබින ආහාරයය. සෑහෙන සීතලක් දැනෙන්න නිසා හැමෝම ගෙනල්ලා තිබුන ජර්සි කෑලි ටික ඇගට දාගත්තේය. තංගල්ලේ නඩේගුරා මාමා අපිවත් එකතු කරගෙන ගෙත්තමම්පානේ ගෙත්තම් කරන්න පටන් ගත්තේය. එතනත් පොඩි ක්‍රමයක්ය. කෝඩු කට්ටියගේ ඇදුම් අස්සෙන් ඉදිකට්ට යවලා නූල් වලින් පටලුවේය. පස්සේ කට්ටියටම නූල කැඩිලා යනකම වටේට කැරකෙන්න කීවේය. වට දෙකක් යනකොට පොඩි උන්ගේ බෙල්ල වටේ, කටේ හිටන් නූල්ය. අවසානයේ නූල කැඩිලා ගියේය. ඒ නූල් අරගෙන අපි ගෙත්තම් පානේ ගෙත්තම් කලෙමු. ඒ ඉදිකට්ටට නූල දාගන්න පුළුවන් වෙනතාක්කල්, කකුල් හයිය තියෙනතාක් කල් සිරිපා වදින්න පුළුවන් වෙන්න කියලාය.
 |
ගෙත්තම් කරන රජ |
ඊළගට අපිට හමුඋනේ ධර්මරාජ ගලය. අපේ කිරිඅම්මා කිව්ව විදිහට සාමාන්‍යෙයන් ධර්මරාජ ගලේ පඩි ගනිනවාලුය. කවදාවත් හරියටම ගනින්න බැරිලු. වැරදෙනවාලු. රජාත් පඩි ගනින්න පටන්ගත්තේය. මට කොතැනක හෝ ෂුවට් හිට් එකටම වැරදුනේය. මට පඩි ගණන ආවේ 102ක්ය. එතන නම් ඊට වඩා තියෙන්නට ඇත. කොහෙද ඉතින් අපේ අනිත් උන්ට ගැනපං කිව්වට උන් ගණන් ගත්තේ නැත. නැත්තන් වෙනස බලාගන්න තිබුනේය.
තව ටික දුරක් යනකොට කළු ගග ආරම්භ වන තැන අපිට දැකගන්න ලැබුනේය. මුළු නඩේම කළු ගග තරණය කලෝය. ඒක හිතුව තරම් අමාරු උනේ නැත. තරණය කලා කිව්වාට මේ පැත්තේ ඉදන් තිබ්බේ එක අඩියය. කළු ගගෙන් එහා පැත්තේය. ^_^
ඔය යන අතරේ තංගල්ල නඩේ හිටපු අයියා කෙනෙක් මේ පලාබද්දල පාරේ තියෙන විශේෂත්වය අපිට කිව්වේය. අපිත් ඕවා දැනගෙන හිටියේ නැත. හරිම ලස්සන කතාවක්ය. ඒ වෙලාවේ හෙන මහන්සියෙන් හිටපු අපිට කතාව නිසා පොඩි කික් එකක් ආවේය. කතාව මෙහෙමය,
“නිශ්ශංකමල්ල රජතුමාට තිබුනලු හරි ලස්සන මල් වත්තක්. ටික කාලෙකට පස්සේ මේ මල් වත්තේ තියෙන මල් කවුරුහරි හොරකම් කරනවලු. පස්සේ බැරිම තැන රාජපුරුෂයෝ දැම්මලු මල්වත්තේ ආරක්ෂාවට. ඒත් මල් හොරකම නැවතුනේ නැතිලු. පස්සේ රටේ අඩබෙරයක් යැව්වලු හොරු අල්ලලා දෙන්නන්ට දෙනවා ඇතෙක් බරට තෑගි කියලා. මේකට ඉදිරිපත් උනේ අතපය හතර නැති කොටෙක්ලු. මේක දැකපු අඩබෙරකාරයා මේ බව රජතුමාට කිව්වලු....
රජතුමා, කොටාව ගෙන්නලා විස්තර ඇහුවලු. කොටා කිව්වලු, මට මල්වත්තේ උඩකින් පැලක් අටවලා දෙන්න මම හොරු අල්ලලා දෙන්නම් කියලා. රජතුමා ඒ විදිහට කලාලු. කොටා දැන් මේ පැල උඩ රැය පහන් කරනකොට මල් කඩන්න ආපු දිව්‍යාංගනාවෝ මෙයාව දැක්කලු. දැකලා ලගට ඇවිත් කතා කලාලු. කොටා විස්තර අහද්දි දිව්‍යාංගනාවෝ කිව්වලු අපි තමයි මල් කඩන්නේ සිරිපතුලට පූජා කරන්න කියලා. පස්සේ දිව්‍යාංගනාවෝ කොටාගේ අතපය හතර මවලා දීලා රජතුමාට මේ ගැන රජතුමාට කියන්න කිව්වලු. කොටාව දැකපු රජතුමා පුදුම වෙලා සිරීපාදේ කරුණා කරන්න ආවලු.“ අන්න ඒ ආපු පාර තමාලු මේ පලාබද්දල පාර. මේකට රජ මාවත කියනනෙත් ඒකලු.
 |
පාන් කමින් |
හැරමිටිපානට ඇවිල්ලා අපි ආයෙත් ගිමන් නිව්වෙමු. එතකොට වෙලාව පාන්දර 2ට 3ට විතර ඇතිය. චොකලට් එකක් එහෙම කාලා ආයෙත් ගමන ආරම්භ කලෙමු. ටිකදුරක් යනකොට තංගල්ල නඩේ පොඩි නංගි කෙනෙක් හොටු පෙරාගෙන අඩන්නේය. ඒ දැරිවිගේ කකුල් රිදිලාය. අපේ මෙහෙම රිදෙනවානම් ඒ පොඩි එකාගෙ කොහොම රිදෙනවා ඇද්ද. අපිට හිතාගන්න පුළුවන්කමක් තිබුනේය. හරි පුතේ තව පොඩ්ඩයි... අර ලයිට් එක ගාවට යමු කිය කිය කොහොම හරි පොඩි එකාව අවසාන ගිමන්ශාලාව ගාවට එක්කගෙන ආවේය. එතකොට වෙලාව 4.45ට විතරය. එතන තිබ්බ කඩේට වෙලා සීනි සම්බෝල එකක් පාන් ගෙඩියක් කෑවෙමු. කාලා ඉවරවෙලා හොද කෝපි එකක් එහෙම බීලා මහන්සි නිව්වෙමු. ඔය අතර තංගල්ලේ නඩේ අයියෙක් අපිත් එක්ක කතාවට වැටුනේය.
අයියා: මල්ලිලා පළවෙනි පාරද?
අපි: ඔව් අයියේ... අයියලා හැම සැරේම එනවද?
අයියා: ඔව් මල්ලි. හැමසැරේම එනවා. මට අපේ වයිෆ්ව සෙට් උනෙත් සිරීපාදේ නගින්න ගිහින් තමයි. එක සැරයක් යද්දි හම්බුනා. ඊළග සැරේ එකටම ආවා. මේ සැරේ ළමයත් එක්ක ආවා...
අපි: :D :D :D
ආ.....මේ අයියගේ පොඩි බබා ගැනත් නොකියාම බැරිය. හෙන සෝයි පොඩි එකාය. සාදු කියන්න පුතේ කිව්වම තව අයියා කෙනෙක්ගේ පිට උඩ ඉදන් තාදු...තාදු...තා............දු කියලා හෙන හුරතලේට කියන හැටි මාරම ලස්සනය. වලස් පුංචා වගේ ජර්සියක් දාගෙන මෙතෙන්ට එනකන්ම ආවේ උගේ මාමගේ කර උඩය. ඒ අයියගේ ෆිට්නස් නම් මාරය. මම හිතන්නේ එක තැනකවත් අපි වගේ හති ඇරියේ නැද්ද කොහෙදය.
කෝපි එක බීලා අපි පොඩි නින්දක් දැම්මේ ඉර සේවයට ගානට වෙලාව තියලා උඩට යන අරමුණින්ය. වෙලාව පාන්දර 5.15 වෙනකන් අපි හිටියෙමු. කඩෙන් එළියට ආවා විතරය. අම්බෝ........තිබ්බ සීතල. ජර්සි කැලේය. ඒ තරම් සීතලක් නම් ජීවිතේට දැනිලා නැද්ද කොහෙදය. බැරිම තැන ලේන්සුවක් අරගෙන මූණම වැහෙන්න බැදගත්තේය. බැදගෙන කටින් ලේන්සුවට පිඹිනකොට අර මූණ පුපුරන්න වගේ ආපු සීතල ටිකක් අඩු වෙලා ගියේය. ආයෙත් පඩි නගිනකොට අර කටු අනින සීතල සෑහෙන දුරට අඩු උනේය. කකුල් නම් නියමෙටම රිදෙන්නේය. ඒත් දැන්නම් මලාට අතඅරින අදහසක් නැත. උඩ මළුව ලස්සනට පෙනෙන්නේය. ඝණ්ඩාරයේ සද්දේ පවා ඇහෙන්නේය. පෙනෙන විදිහට තව තියෙන්නේ ටියුබ් ලයිට් 50ක විතර දුරය. තංගල්ලේ නඩේ කට්ටිය මිසින්ය. කඩේ අයියා කීවේ ඒ ගොල්ලෝ ගියා කියලාය.
මං හිතන්නේ අමාරුම හරිය මේ ටික නගින එකය. පඩි හෙන උසය. ඒ වගේම පඩිපෙල තියෙන්නේ මේමය. දත කාගෙන අපි ඉහලටම නැග්ගෙමු. උඩ මළුවට ලංවෙන්න ලංවෙන්න පෙනෙන දර්ශනය නම් මාරය. අපි ඉන්නේ වළාකුළු වලටත් උඩින් බව පෙනෙන විට දැනෙන හැගීම නම් වචනයෙන් මට විස්තර කල නොහැකිය. අපි උඩ මළුවට එන විට ඉර සේවය පටන් ගන්න ඔන්න මෙන්නය. වළාකුළුත් ටිකක් වැඩිය. ලස්සනම ලස්සන ඉර සේවයක් නම් බලාගන්නට නොහැකි විය. ඒත් හැමෝගෙම සාදු නාද මැද්දේ ඉර වළාකුළු අස්සෙන් උඩට එනකොට දැනිච්ච සතුට නම් කියාගන්නට බැරිය. කකුල් දෙක රිදිච්ච එවාවත් මතක නැත.
 |
ඉර සේවයට පෙර අහස |
ගෙනිච්ච සුදු ඇදුමත් ඇදගෙන අපි උදේ පූජාවටත් සහභාගි වෙලා සිරිපතුල වැදගන්න පෝලිමේ සිටියෙමු. රජාට ඉස්සරහින් හිටියේ දෙමළ නංගිලා දෙන්නෙක්ය. එක්කෙනෙක් අතේ හෙනම අමුතු මලක්ය. ඒක නිකන් රෝස මලක් වගේ මහ අමුතු එකක්ය.
රජා: ඒ බං මේ බලහන්කෝ මේ මල...
දුලියා: අඩෝ මොකද්ද බං ඒ...
දෙමළ නංගි: හිනාවෙයි...
දුලියා: සිංහල තේරෙනවා වගේ. අහපන් බලන්න...
රජා: ඕන්නෑ... තේරුනේ නැත්තන් එහෙම...
කොහොමහරි පෝලිමේ ඇතුලට ගිහින් සිරිපතුලට ඔළුව තියලා වැදලා, පඩුරු දාලා එහෙම අපි ආපහු පිටත්වෙන්න ලෑස්ති උනෙමු. එතකොටම අපිට තංගල්ලේ නඩේ කට්ටිය මුණ ගැහුනේය. කඩේ එකා ඕගොල්ලෝ ගියා කිව්ව නිසා ආපු බවත්, අපිට කරපු උදව් වලට ස්තූති බවත් කිව්ව අපි හැමෝටම ගිහින් එන්නම් කිවේයෙ. ඇත්තටම එතන හිටපු සමහර ඇන්ටිලාගේ මූණවල් ටික හරියටම දැක්කේ ඒ වෙලාවේය. හැමෝටම ඔළුව නමලා හිනා වුන අපි පඩිපෙළ බහින්න පටන් ගත්තෙමු.
බහින්න කලින් ආපු වාර ගණන අනුව දුලියා දෙකකුත්, අනිත් අපි එක් වතාව බැගිනුත් ඝණ්ඨාරය නාද නැංවුවෙමු. මොනවා උනත් මමත් මේ ඝණ්ඨාරය අනිවා තව වතාවල් කීපයක්ම නම් ගහන එක ගහනවාමය!
 |
මහගිරිදඹේ |
පලාබද්දලින් නැග්ගට අපි දැන් මේ බහින්නේ හැටන් නල්ලතන්නි පාරෙන්ය. හම්බුන පළවෙනි කඩෙන්ම ලුණු මිරිස් එක්ක මිල්ක්මේඩ් ටී එකක් ගහපු අපි ආපහු ගමන පටන් ගත්තේය. ඔය බහින අතරේ පොඩි කෙලිපැටික්කියෝ දෙන්නෙක් හෝ ගාලා නැගගෙන නැගගෙන එන්නේය. රජා “ කොහෙද දෙන්නා තනියම යන්නේ?“ කියලා අහපුවාම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ගිය හැටි මතක් වෙනකොට මටම හිනා යන්නේය.
 |
කොහෙද දෙන්නා තනියම යන්නේ? |
ටික දුරක් බැහැගෙන එනකොට මැදිවියේ අක්කා කෙනෙක් බහින්නේය. ආ...තව ටිකයි අක්කේ යන්න. කියලා දුලියා කිව්වේය. මම හිතන්නේ අක්කාට ඒක තේරුනේ නැත. කඩ්ඩෙන් වනන්න ගත්තේය. එයාගේ පොටෝ එකක් ගන්න අතරේ දුලියාගෙන් එයාට චුයින්ගම් හම්බුනේය. රජාට ඔය අස්සේ කලින් පෝස්ටුවක් මතක් උනේය.
රජා: මොකද කියන්නේ මේ කවිය එන කෙල්ලනගෙන් අහමුද කියහන්කෝ???
වදින්න යන මේ නංගිලා....ගාව නැද්ද අග්ගලා.............??? :D
කට්ටිය: බුහහහා... අඩෝ අහමු බං සිරාවට.. :v
 |
අහස් ගව්වේදී වළාකුළු ඔළුවේ වදී |
දුක කියන්නේ නල්ලතන්නිය කිට්ටුවට එනකන් ලස්සන කෙල්ලෙක් හම්බුනේ නැති එකය. මගදී හම්බුන සීත ගගුලෙන් මූණ එහෙම හෝදගෙන අපි නැවත ගමනේ යෙදුනෙමු. සිද්ධාලේප එකෙන් ලක්පේයාව දන්සැලක් දෙන්නේය. ඒකත් බීලා මග දිගට දොදොල් කඩ වලින් දෙන දොදොල් කෑලි කකා ඇදුනෙමු. අග්ගලා සිද්දිය අහන්න පුළුවන් ජාතියේ කෙල්ලෝ ඩබලක් ඉදිරියෙන් දර්ශන පතයේය. ඊට එහාපැත්තේ අම්මලා දෙන්නා විය යුතුය. වැඩේ හරියන්නේ නැත. අනික දැන් නල්ලතන්නියටත් ලගය. අපි එනතින් පූස් පැටව් වගේ ඇදුනෙමු.
ඇන්ටියා: ආ......අපි වගේම හතර දෙනෙක්...
අපි: ඇත්තට... පිටිපස්ස බලමින් හිනා උනෙමු.
ඇන්ටියා: දැන් ළගයිද...???
රජා: දැන් ළගයි අපිට බස් එකට... :P
අනිත් උන්: මොනවද කිව්වේය. මට මතක නැත.
නෝටි ෆෝටි කියන්නේ ඇයි කියලා අපිට නැවත වරක් පසක් උනේය. ඇන්ටිලා කෙල්ලෝ වෙන්න යන එක අපිට හෙන අවුල්ය. ඇයි යකෝ...
 |
සාම ස්තූපය වළාකුළු අස්සෙන් |
නැවත වතාවක් සිරිපා කරුණා කරන අටියෙන් නල්ලතන්නියේදී අවසන් වරට ආයෙත් සිරිපාදය දිහා බැලූ අපි බස් එකට නැග්ගෙමු. ඒ 1.30 කෝච්චිය අල්ලගන්නය. මොනවා නැතත් අර පොඩි පාරේ බස් එක පිඹලා ආවේය. සීට එකේ නිදාගන්න බැරි වේගෙන් මූ වංගු ගන්නේය. අපිව විසික්කා වෙලා යන්නේය. තව විනාඩි 5ක් කලින් ආවා නම් 1.30 අල්ලගන්න තිබ්බාය. පස්සේ 3.30 වෙනකන් ඉදලා ඊලග කෝච්චියෙන් අපි නිවෙස් බලා ආවෙමු. ඒකෙත් ඉදගන්න නම් ලැබුනේ නැත. රජා දොරේ ඉදගෙන පොල්ලක් බදාගෙන හොදට නිදාගත්තේය.
ප/ලි:
අර අපිට උදා......ව් කියලා කෑගහනවා ඇහිලා තියෙන්නේ තංගල්ලේ නඩේ සා.....දු කියන සද්දෙලු. අපිට මීටර් උනේ ආපහු බහිනකොටලු :D
හවස 6 ඉදන් පාන්දර 6 වෙනකන් නැග්ගා කිව්වම අපේ අම්මයි තාත්තායි හිනා වෙනවා. අර අනිත් නඩේ හිටියේ නැත්තන් මේ ළමයි දවස් දෙකක් වත් නගී කීවා. ^_^
එක ගයිඩ් කෙනෙක් 103 පාරක් සිරිපා කරුණා කලා කියලා කිව්වා කියලා නල්ලතන්නියේ බස් එකේ හිටපු කොල්ලෙක් කිව්වා. :O
අපේ හපූ නංගිගේ ආච්චි 30 පාරක් වැන්දලු. ඒ රෙකෝඩ් එකත් මාරයිලු.
රත්නපුර - පලාබද්දල පාරෙන් පඩි 12000ස් ගානක් ඉහලට කරුණා කලා. හැටන් - නල්ලතන්නිය පාරෙන් පඩි 8000ක් විතර පහලට ආවා. ඇඩෙනවා නේද පින්වතුනි!!!
වැඩකරු වගේ කියෙව්වට පුටුවේ ඉදගන්න බෑ අම්මෙහ්... කියවෙන්න කකුල් දෙක රිදෙනවා බං.. ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!