Monday, February 4, 2013

නයිජීරියාව දැන් එහා කාමරේ - ලාවට 12+


එදා අපි ට්‍රේනින් ගිය අන්තිම දවසය. හවස හතරට විතර බෝඩිමට  ආවෙමු.  කරන්න දෙයකුත්  නැත. අන්තිම මොහොතේ සයිට් එකේ ගහපු පොටෝ ලැප් එකට දාලා ඒවා පොඩ්ඩ පොඩ්ඩ එඩිට් කරලා එහෙම ෆිල්ම් එකක් බලන්න ගත්තෙමි. තිබ්බ ෆිල්මුත් ඔක්කොම බලපුවාමය. හත්වලාමේ වෙච්චි දේට මක් කොරන්නද...? හැලපෙ ඇද උඩට ගත් මා එදෙස ඔහේ බලා ඉන්නට විය. 

ටු ටු.... ටූඌ... ටූඌ... ටු ටු....මම ලාවට අවදි උනෙමි. YMCA හෝල් එකේ කරාටි පන්තියට අපු පොඩි උන් චූන් පාන් ලොරිය නවත්වා මාලු පාන් කන්නේය. මමත් මොනා හරි කන්න යන්න හැදුවා විතරය. චූනා ලොරිය ඇදගෙන ඉදිරියට ගමන් කළේය.  වෙනදා වගේ නවත්තපා.....න් යකෝ.....කියා කෑගහගෙන දුවන්නත් බැරිය. කරාටි ගහගන්න ආපු පොඩි ලස්සන නංගිලත්, හුරුබුහුටි පොස් ඇන්ටිලත් එතනය. කමක් නෑ උඹ ආයේ හෙට  මට මුලිච්චිවෙයිනේ හෝතඹුවා....මම හිත හදාගෙන බඩිගින්නෙම නැවත වරක් ඇදේ ඇලඋනෙමි. 

අපේ බෝඩිමේ නොවඒ අසලම වූ වෙන බෝඩිමක සිටින නිශානයගෙන් කෝල් එකකි.

නිශාන් - කන්න යන්නේ නැද්ද යකෝ?

රජා - ආආආ රෑට කන්නත් ඕනෙද? යමන් යමන් තප්පරෙන් මම ඔතන.

මුස්ලිම් කඩ යායක් පසු කරගෙන සිංහල කඩේකටම පිවිසියෙමු. අක්කේ....දෙන්න අපිට ඉදිආප්ප. අක්කලාගෙන් කෙලින්ම ආප්ප ඉල්ලන එක සදාචාර සම්පන්න නොවන හෙයින් ඉස්සරහට ඉදි කෑල්ල දමා ආප්ප ඉල්ලුවෙමු. චිකන් කරියක්ද සමග හෙන බන්දේසියක බඩු ආවේය. ඉදිඅප්ප 50 ඉවර වෙන්න විනාඩි 10ක් වත් ගෙවුනාද යන්න හරියටම සුවර් නැත. රජා නම් කෑවේ හීනෙන් නැගිට්ට කුම්බකරණයා වාගේය. 
එච්චරක් කෑවත් මගේ බඩට නම් මදි වගෙය. 

රජා - අඩෝ මට කෑව මදී බං... 

නිශාන් - මට නම් හුම්ම ගන්න බෑ....

රජා - එහෙනං යමන්. මම එහා කඩෙන් මොනවා හරි අරන් යනවා. 

ඌව පිටත් කල මම එහා කඩේට මාරු උනෙමි. ඒකෙනුත් තව ඉදිආප්ප 30 කින් සැදුම් ලත් ඉදිආප්ප කොත්තුවක් කෑවෙමි. ඉන්පසුව නෙස්ටමෝල්ට් එකක්ද ගසා යන ගමන් බෝඩිමට ගිහින් කන්න වටලප්පම් එකක්ද ගත්තෙමි. ඒ වන විට වෙලාව 9 ට පමණ ඇත. රජා කන්න ගියේ නින්දෙන්ම නිසා නාලා වත් හිටියේ නැත. වටලප්පම මෙසේ උඩින් තබා තුවයත් රැගෙන නාගන්න ගියෙමි.


ෂවර් එක ළඟ හෙනම  අමුතුය. වෙනදට වඩා එතන  කරුවලය. මම කෝකටත් හොරෙන්ම එතනට ලං වුයේ එතන සිදුවී ඇති අරුමය දැන ගැනීමටය. හත්වලාමේ..........මේ අපේ එහා පැත්තේ කාමරේ ඉන්න නයිජීරියන් කොලුවාය.ලයිට් එලියට මුගේ කළු පාට පරාවර්තනය වී මුළු පළාතම කළුවර වෙලාය. මම රැවටුනේ ඒකටය. 

මූ මෙතෙන්ට වෙලා කරන්නේ මොන මගුලක්ද? මම පොඩ්ඩක් කඩ්ඩ වැනුවෙමි.

වට්ස් අප් බ්‍රෝ...?


මම හිතුවේ මූ එච්චර කඩ්ඩ පොලිෂ් නැති එකෙක් කියාය. ශේහ්... නිකන් අර කරකෝ කරකො හිටි ටැප් එක ඇරුනා වගේ මූ කඩ්ඩ වනන්න ගත්තේය. තව පොඩ්ඩෙන් ඒ ආපු වතුර පාරට රජා ගල්කිස්ස මුහුදු තීරයේය. හොඳ වෙලාවට මගේ කඩුවත් ටිකක් මුවහත්ය. ළඟ තිබ්බ කොස් ගහට කඩුවෙන් ඇන ගහේ එල්ලුනෙමි. මුන්ගේ ප්‍රනවුන්සේෂන් නම් අන්තිමය. කතාකරන්නේ මොකද්ද කියලත් වෙලාවකට තේරෙන්නේ නැතිය. 


අරු - ඇයි බ්‍රෝ මේ වතුර එන්නේ නැත්තේ?


රජා - වතුර ඉවර ඇති බ්‍රෝ.... මම කියල එන්නම්...


මම හෙමින් හෙමින් අන්කල් ගේ කාමරේ පැත්තට ගියෙමි. 


රජා - අන්කල්........... වතුර ඉවරෝ.......

අන්කල් - ආ හරි පුතා.... මම මොටරේ දාන්නම්...


වතුර එනකන් මම අරු එක්ක පොඩි කයියකට වැටුනෙමි. 

රජා - බ්‍රෝ මොකද මෙහෙ කරන්නේ?


අරු - මම එහෙ පුට් බෝල් ප්ලේයර් කෙනෙක්. අපි මෙහෙ ආවේ NGO එකක් පිහිටවන්න. 


රජා - අම්ම හුක්සු!!! 


අරු - වට්? 


රජා - ඉතින් කෝ දැන් ඕවට සල්ලි?


අරු - අපි සල්ලි එකතු කරන ගමන් ඉන්නේ


රජා - ඕඕ හෝ....


එත් එක්කම වගේ වතුර ආවේය. අරුට නාගන්න දී මම පැත්තකට උනෙමි. පස්සේ මම නෑවෙමි. අපි ගජ මිතුරන් වුයේ ඉන්පසුවය. මූ මට නයිජිරියන් උගන්නන්නේය. මම ඌට සිංහල උගන්නන්නේය. සින්හලෙන්ම කියනවනම් උන්ගේ භාශාව සම්භාව්‍ය ලෙස පජාතය.  ලස්සන නයිජීරියන් පද , ශුද්ද නයිජීරියන් පද මූ මට කියා දුන්නේය. ඊට ප්‍රති උපකාර ලෙස මම ඌට ජාතිය අමතන හැටි කියා දුනේය. උන්ගේ වචන වලට මම බඩ අල්ලන් හිනා විය.  අපේ වචන වලට ඌ උඩ පැන පැන හිනා විය. අන්තිමේ දෙන්නම හූ කිය කිය හිනා විය. මේ තියෙන්නේ ඌ මට කියා දුන් වදන් කීපයක්ය. 



Hi - Bawo - බාවෝ
Good morning - Ek'aro - එ‘ කාරෝ
Good afternoon - Ek'asan - එ‘අසාන්
Good evening - Ek'ale - එ‘ අලේ
This is nonsense - Kantan kantan leyi! - අන්ටන් අන්ටන් ලෙයි
My God - Oluwa o!  - ලුවා ඕ
Oh gosh - Mogbe! - මෝබේ
It sucks! - Eyi oda!  - යි ඔඩා
What's wrong with you? - Kilo ndamu e?  - කිලෝ ඩාමුයි
Are you crazy?  - S'onsiere ni?  - ඔන්සිරෙනි?
Get lost! - Kuroni'waju mi! යුරෝනි වජුමි
Leave me alone - Fimi sile! - ෆිමිසිලේ
I'm not interested - Ko wunmi! - කෝ වුමි

ඌ මට කියා දුන් කක්කි වර්ඩ්ස්!

Ashewo - ආශේවෝ -   prostitute  
Doko mi - ඩොකො මී - Suck my dick 
Ode Oshi - ඩේ ෂී -   Stupid fuck
Ode buruku - ඩේ බුරුකු -   bloody fool 
Ohu ezi - හු සි -   Pig cunt 
Dujen kaya- ඩුජෙන් කායා - Rape 
Click Click Click - ක්ලික් ක්ලික් ක්ලික් - Fuck You 

එක හැන්දෑවක මාතෘකාව කෙල්ලොය. මොන රටේ හිටියත් Men will be Men ලු. ඌට ලංකාවේ කෙල්ලන්ට හිත ගිහින්ය. මූ මගෙන් ඒ ගැන අහන්නේය.

අරු - හේ බ්‍රෝ... ලංකාවේ කෙල්ලෝ හරි ලස්සනයි බ්‍රෝ... බැරිද මට එකක් හොයා ගන්න?

රජා - උඹට තියා මටවත් එකක් නෑ බ්‍රෝ....

අරු - රියලී?????

රජා - නැද්ද එහෙන්වත් මට කෙල්ලෙක්?

අරු - ඉන්නවා ඕනතරම්... හැබැයි එයාලා ඔයාට කළු වැඩී බ්‍රෝ...

අනේ හම්මේ...නයිජීරියාවේ මං වෙනුවෙන් කෙල්ලෙක් ඉන්නවලු. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේය.කළු උනාට කමක් නෑ බං...කළු දොදොල් තමා රහ....මට ඔය ටික කියාගන්න ඕනේ උනත් මගේ කඩ්ඩ එච්චර පොලිශ් නැත්තේය. 

මම බෝඩිමෙන් සති ගානකට සමුගන්නා මොහොතේ මූට පොඩි අඩියකට ආරාධනා කලෙමි. මේ ගල් මූසලයා උදේ පාන්දර කොහේද තූත්තුකුඩියක මක බෑවිලාය. මූට අඩගැහුවේ සහෝදර ප්‍රේමයට හෝ වෙන එහෙකට නොවේය. මුගේ ගානේ බෝතලයක් ගෙන්නා ගැනීමටය. ඒකටත් කන කොකා ඇඩුවේය. තනි කෙලින් පුඩ් සිටියට ගිහින් නම කියෝගන්න බැරි බෝතල් බාගයක් ගෙනත් ගවේෂක සමග සප්පායම් වී එතනම දොයියාගත්තෙමි. කියලා වැඩක් නෑ....ඒකනම් නිකන් පැට්‍රල් බිව්වා වගේ ඕයි! වැදුන ඉහ මොලේටම.


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

101 comments:

  1. උබට ෂුවර් එකට ඌ කියන්නැති ඩොකො මී ඩොකො මී කියලා...
    ඒමනේ උනේ??????

    ReplyDelete
    Replies
    1. ලුවා ඕ......

      ඔන්සිරෙනි???? :0

      තරියා ඩේ බුරුකු :)

      Delete
  2. උඹ ඌට උගන්නපුවා මොනාද බන්

    ReplyDelete
  3. අඩෝ උදේම පට්ට පොස්ටුව කියවන්න ලැබුනේ , මට පට්ටට හිනා ගියා ,
    හැබැයි අවුලක් , අරු මොකක්ද අර කිවේ , සල්ලි එකතු කරනවා කියල , NGO එක අපේ එවුන්ගෙන්ම සල්ලි එකතු කරනවද

    ReplyDelete
    Replies
    1. එහෙමලු බං... :)

      අපෙන්ම අරං අපිටම දෙනවලු! :)

      Delete
  4. උඹ කන විදිහට නම් රාජ සම්පත් තිබිලත් මඳි රජෝ , නියම ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. හෙහ් :)

      කන එක කන්න ඕනේ බඩ පිරෙන්නම!

      Delete
  5. Replies
    1. බාවෝ බාවෝ.... එ‘කාරෝ

      :)

      Delete
  6. අපරාදේ...
    එතකොට ඒ මගුලත් හබක් වෙලානේ..
    අපිටත් කලු දොදොල් කෑල්ලක් බලන්න තිබුන චෑන්ස් එක අහවරයි..

    අර උබ උගන්නපුව ටිකත් කීවනම් තමයි හොද..අපිට ඉගෙන ගන්නත් එක්ක..

    දැන ඉගෙන ගත්තම, තමයි කෙනෙකුගෙ වත්කම කියනවනේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ,.. තාම හබක් උනේ නෑ :)

      යකෝ ඒවා හරිම අසභ්‍යයි :)

      Delete
  7. මොකද්ද බං NGO කතාව.. තාමත් ඔය NGO වදේ ඉවර නැද්ද.... ? කාලයක් ඔය සල්ලි එකතු කිරිල්ල නැවතිලා තිබ්බා නේද..

    කැත වචන උගන්නනවෝ මෙන්න වල් රජා.. හි හි.. හැබැයි දාලා තියෙන විදිය නම් නියමයි.. හදිස්සියේ කාට හරි බනින්න උනොත් ඔය වචන ටිකා දාලා බැන්නම ඌට තේරෙන්නෙත් නෑ නේ.. හි හි

    ReplyDelete
    Replies
    1. අනිවා!!!

      ඩේ බුරුකු...
      බාවෝ හුසි.. ක්ලික් ක්ලික් ක්ලික් (ඔයාට නෙමේ ඈ) ^_^

      Delete
  8. දැන් උඹ එහෙ යන්නද හදන්නේ....

    ReplyDelete
  9. යකෝ නයිජීරියන් නං කමක් නෑ කියමුකො උඹ කොහොමද රජෝ අර බෝතලේ නම කියල ඉල්ලගත්තෙ.

    ReplyDelete
    Replies
    1. ++++++++++

      ඒක කියවන්න ගිහිල්ලත් මට වෙරි වගේ.....!

      Delete
    2. නම කිව්වේ නෑ... පෙන්නලා ගත්තේ :)

      රහසින් වගේ ස්මිනොෆ්... කිව්වා

      ගාන අහලා වෙරි වගේ... සැරත් 40%යි

      Delete
  10. රජාටත් හම්බවෙන යලුවෝ... හි හී... මේකා ස්වාසිලන්තයෙ නෙමේයි කියල සුවර් නේද? නැත්නම් කෙල්ලො ගැන ඇහුවෙ රජුගෙ අන්තප්පුරයට ගෙනියන්නද දන්නෙ නෑ... කොහොමද රජාගේ වෙඩින් එකට අපිට නයිජීරියා යන්න උනොත්????????

    ReplyDelete
    Replies
    1. රජාට බෝතලේ නම කියවගන්න බැරි උනාට මොකද බොන හැටි නම් දන්නව.. නැත්නම් අර කෝඩියල් එහෙමත් ගෙනත් තියෙන්නෙ ඇපල් එක්ක... මේක නම් එසේ මෙසේ රජෙක් නෙමෙයි...

      Delete
    2. ආයෙත් අහලා!!!

      වොඩ්කා නම් ඉතින්...
      සැන්ඩියට කෝඩියලුයි, බයිට් එකට පළතුරුයි... :)

      අපි රශියන් කොල්ලොනේ ^_^

      Delete
  11. ඔය බෝතලේට අපේ ඔෆිස් එකේ එකෙක් කියනේ සිහනුක් කියලා. රජෝ උන් ආසාවකට කම්පියුටර් පාව්ච්චි කරන්නේ නැතිව ඇති. නිකමට උගෙන් අහලා බලපන් Left Click, Right Click, Double Click වලට කියන්නේ මොනවද කියල. මතක ඇතුව් උඹේ අර සයිට් හෙල්මට් එක දාගෙන් අහපං.

    ReplyDelete
    Replies
    1. සිහනුක්???? :) :)

      Click Click Click.... හක්ක හක හකකකකකකකකක

      Delete
  12. ක්ලික් ක්ලික් ක්ලික්!!!!!

    ReplyDelete
  13. රජෝ උඹ කොච්චර කෑවත් ඔච්චර තමයි, හරහට උස යන්න ඉඩ තියෙන නිසා ටිකක් ප්‍රවේශම් වෙයන්.....

    කළු වුනාට නයිජීරියන් කෙල්ලො හරි ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. හෙහ් :) :)

      එහෙමලු නේ? මට අරුත් කීවා ඕක!

      Delete
  14. නරකිනුත් කියල තියන හින්දම කොමෙන්ටුවකුත් දාල යන්නම්කො.
    නයිජීරියාවෙන් කෙල්ලො ඉම්පොර්ට් බිස්නස් එකක් පටන් ගමුද? උඹටත් එකෙක් ඉන්නව කියන්නෙ කෙල්ලො ඇති ඕන තරම් වේලි වේලි

    ReplyDelete
    Replies
    1. නයිස් අයිඩියා මචන්!!! පටන් ගමු හෙටම :)

      Delete
  15. ඩේ බුරුකු... අන්ටන් අන්ටන් ලෙයි. කිලෝ ඩාමුයි? ඔන්සිරෙනි? ක්ලික් ක්ලික් ක්ලික්...

    ReplyDelete
  16. අඩෝ පරිස්සම් වෙයන්.. ඕකට ලංකාවෙ කෙල්ලෙක් හොයා ගන්න බැරිකමට උඹව ඩුජෙන් කායා කරාවිද දන්නෙ නෑ..
    :P

    ක්ලික් කිල්ක් කිල්ක් :P

    ReplyDelete
    Replies
    1. උඹලට ඔය වචන ටික විතරමයි නේ පේන්නේ :)

      Delete
  17. ක්ලික්x3 රජෝ.

    මාත් කිලිනොච්චි හිටපු දවස් වල කජන් කියල ටැමිල් කොල්ලෙක් හිටිය. උටත් වැඩියෙන්ම ඕන උනේ කුනුහබ්බ ඉගෙනගන්න. ඒක නම් අපිටත් වැඩියෙන්ම කියාදුන්නෙ එව්වම තමයි.
    අපි එහෙ යනකොට කජන් සිංහල වචනයක් වත් දන්නෙ නෑ. ඒත් අපි මාසෙකින් විතර ආපහු එනකොට හොදට කතා කරනව. අපිට මතක කුනුහබ්බ ටිකක් විතරයි

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා!!!
      දෙමළ කුණුහබ්බ මමත් දන්නවා!
      සයිට් එකේ උන්ගෙන් ඉගෙන ගත්තේ :)

      Delete
    2. එව්වා ටිකකුත් දාහං

      Delete
  18. අන්ටන් අන්ටන් ලෙයි...

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!! :p

    ReplyDelete
    Replies
    1. මම මොකුත් නොකියමි :)

      Delete
  19. naijeeriyaawe kellekuth iwarai ehenm................

    ReplyDelete
  20. ෂෙහ් ! ලස්සන භාෂාවක්නේ. දැන් උඹ නයිජීරියන් කොල්ලොත් එක්ක වැඩ, ඈ ...

    උඹ උගන්නපුව මෙතන දාලා නෑනේ. :)

    මම අහල තියෙනව කව්ද කිව්වලු භාෂාවක් ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රමය ඉස්සෙල්ල ඒ භාෂාවෙ තියෙන නරක වචන ටික ඉගෙන ගන්න කියල.

    ReplyDelete
    Replies
    1. මම ඉගැන්නුවේ අපේ ශුද්ධ සිංහල... එව්වා ඉතින් උඹලා දන්නවනේ :)

      Delete
  21. රජාට ඇවිදින්න එහෙම අමාරු උනේ නැතෙයි.... :D

    ReplyDelete
  22. ක්ලික් ක්ලික් ක්ලික්

    ReplyDelete
    Replies
    1. ඕක ක්ලික් නෙමේ.. ඇහෙන්නේ ලික් ලික් කියලා! :)

      Delete
  23. හෆොයි මෙහෙමත් කෑමක්.... රජෙක් වුනත් සයිස් එකට එපායැ කන්න...
    මට පේන්නේ මේක අර අසරණ නයිජීරියන් එකාවත් හොඳටම වල්කරණය කරලා වගේ.. කොහොමද ඌ නයිජීරියා ගිහින් සුද්ද සිංහල අතාරිනකොට

    ReplyDelete
    Replies
    1. අන්න වචනේ... වල්කරණය!!! :)

      ආයෙත් අහලා.. කාටද ආඩම්බර

      Delete
  24. එලෝ....උඹටම හරිය එකෙක් වගේ...:D

    ReplyDelete
  25. නරකම නැ නයිජීරියන් එකාත්.. කොහොමටත් ඌ හොඳට සිංහල ඉගන ගනීවි.

    ReplyDelete
  26. wal rajata hariyanne nijeeriyan ewama tama.
    suba wewa,ahawal sampath labewa!

    ReplyDelete
  27. කළු උනත් දොදොල් රහයි තමා :D

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද දන්නේ? ;)

      Delete
  28. අඩෝ ඩේ බුරුකු උඹේ බඩේ හිගන්නෙක්ද ඕයි ඉන්නේ....
    අහ් මේ අරෑ උඹට එදයින් පස්සේ හැමදාම ඩොකෝ මී ඩොකෝ මී කිව්වලු නේද...උඹත් හැමදාම ඩුජෙන් කායා මී ඩුජෙන් කායා මී කිව්වලු නේද....

    ReplyDelete
  29. ඩේ බුරුකු රජා ඩොකෝ මී..

    පැණි බේරෙන කළු දොදොලක් හොයා ගනින්..
    සුබ වේවා...කළු දොදොලක් ලැබේවා...

    ReplyDelete
    Replies
    1. මම කන්නේ මස්කට් විතරයි බං :)

      Delete
  30. ඇත්ත කියපිය රජා,බොලාගේ බඩේ හිඟන පවුලක් ඉන්නවා නේද?? අර තරම් කාලා තියෙන්නේ ඇ,,

    ReplyDelete
    Replies
    1. ඇය් ශම්මියෝ මට බ්ලොග් එකට එන එක තහනම් කලේ ඈ ........................ මන් මොනාහරි වැරදි දෙයක් කිව්වද ???? :O

      Delete
    2. පවුලක් නෙමේ.... ජනපදයක්ම ඉන්නවා බං :)

      Delete
    3. athigaru kendara - අනේ නැතෝ,,, ඒක හද හද තිබ්බේ ගිය ටිකේ, ඒ නිසා වහලා දැම්මා.. දැන් හලී......එන්ඩකෝ දැන් ඒ පැත්තේ....

      Delete
    4. යන්ඩ එපා බං.... මේයාට පිස්සුලු :)

      Delete
  31. ක්ලික් ක්ලික් .................. ඒක ටමා ෆට්ට ඈ

    ReplyDelete
  32. අන්ටන් ඇන්ටන් ලෙයි කිලෝ ඩාමුයි? ලොල්
    උඹ දැන් එහෙනම් නයිජීරියන් කොල්ලෝ ඈ ආශ්‍රේ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. අපි දැන් ලොකු සීන් :)

      Delete
  33. යකෝ මේවා සම්මත විදියට නම්බු කාර විදියට ලියපං නැත්නම් මම තොගෙ පොස්ට් කියවන්න ගිහින් අම්මගෙන් ටොකු කන්න බැහැ රෑ දෙගොඩ හරියේ හයියෙන් හිනා වුනා කියලා....

    ReplyDelete
    Replies
    1. ලෝ...ල්!!

      ගුටිම කාපන් :)

      Delete
  34. එක පාරක් ෆක් වෙන්න තුන් පාරක් ක්ලික් වෙන්න ඕනද අප්පා !
    මල කරුමයක් නේ

    ReplyDelete
  35. ado poddak balapan pranounce karana widiya sinhalen liyala thiyena widiya harida kiyala

    Click Click Click :P

    ReplyDelete
  36. නයිජීරියන් බාසාවෙන් නොද්දකිං බඩ ජාරියා කියන්නෙ කොහොමද බං?
    Click X 3!!

    ReplyDelete
    Replies
    1. අහලා කියන්නම් ඈ!! :)

      Delete
  37. වොඩ්කා බාගයක් නේද රජෝ ගහල තියෙන්නෙ.වදින එක අහන්න දෙයක්ද

    ReplyDelete
  38. බීලා අන්තිමට ක්ලික් ක්ලික් ක්ලික් කිව්වෙ නැද්ද ?

    ReplyDelete
  39. //අරු - හේ බ්‍රෝ... ලංකාවේ කෙල්ලෝ හරි ලස්සනයි බ්‍රෝ... බැරිද මට එකක් හොයා ගන්න?//

    අපේ අයගේ වගේ නෙමේ, නයිජීරියන් අයගේ ඇස් පෙනීම ඉතා හොඳලු. :D:D

    ReplyDelete
    Replies
    1. හප්පේ... මම වැරදි දෙයක්වත් ලියලද? ^_^

      Delete
  40. කුම්භකර්ණයා බොලාගේ නෑදෑයෝ වෙනවද රජෝ?

    ReplyDelete
  41. ජරාවම ගහලා හොඳ ඩ්‍රින්ක් එකක් දැම්මාම ඔහොම වෙනවා....

    ReplyDelete
    Replies
    1. අපි ජරාව නොබොන්නෙමු! :)

      Delete
  42. මිනිස්සු අමාරුවේ දාන්න එපා බොල.!!

    ReplyDelete
  43. අම්මියෝ... ඇති යන්තම් යාන්තමින් 18 උනා විතරයි... නැත්නම්, වල් රජාගෙ කතා කියෝනව දැකල මටත් නයිජීරියන් යන්න වෙනව.

    කළු දොදොල් නම් රහ ඇති තමා. සුදු දොදොල් එච්චර පිරිසිදු නෑ... ජරාව :(

    ReplyDelete
    Replies
    1. ඕවා ඉරිසියාවට කියන කතාලු :)

      Delete
  44. Ohu ezi - හු සි - Pig cunt එක නම් ටිකක් අපේ ඒකට සමානයි වගේ නේද බන්. .

    අඩෝ පොඩි එකා තෝ බොනවද? පෙරේතයා . . .

    හිටු තව ටිකක් වයස යනකම් . .තාම තෝ පොඩි වැඩී

    ReplyDelete
    Replies
    1. උඹල වගේ සිල් ගන්න ඕනි වයසට ආවම බොන්න කියලද කියන්නේ :P

      ප.ලි- කොයි වයසේ බීව්වත් , අහවල් සිස් හැදෙන්නේ ඒකම අවයවයට කියල මතක තියාගෙන බීපල්ලා

      Delete
    2. හෙහ්...

      ඔස්ටියෝපොරෝසිස්ද ඈ? :)

      Delete
  45. උඹ ඌට උගන්නපුවා හිතා ගන්න පුළුවන්.. ඒකියන්නේ මු මං ආවමත් මගෙනුත් ඔය ටික අහනවා කියන එක.. :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ඔය තේරුනේ වස්සට වගේ :)

      Delete
  46. අර උඩ ඉන්නෙ උබට සෙට් කරනව කියුව කෙනාද

    ReplyDelete
  47. රජා නයිජීරියාවෙන් පාරක් කා ඇත්තේය පවු ය එක තම එදා අමාරුවෙන් ඇවිද්දේ හ්ම්ම් ...

    ReplyDelete
  48. අන්ටන් අන්ටන් ලෙයි

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)