Saturday, January 26, 2013

අප්පුහාමිට සූස් නෑ!!! අපිට විතරයි සූස්!!!



මාස තුනේ ට්‍රේනින් පිරියඩ් එක නිමවා අපි සයිට් එකෙන් සමු ගැනීමේ දිනය උදා වී තිබුණි. උදේ පාන්දරම සයිට් ගත වූ අපි හැන්දෑවේ හතර වෙනකන් 24වෙනි තට්ටුවේ ඉඳන් බිම් මහල දක්වාම වූ සියලුම හිතවත් බාසුන්නැහෙලා හමුවෙමින් ඔවුනට අපි යන බව සැල කරමින් දවස ගෙවා දැමුවෙමු. 

අද අයින් වෙනවා කියලා කිව්වම, වැඩකරන උන් ඇස් උඩ දාගෙන ඇයි මහත්තයා යන්නේ කියලා අහ අහ ෆෝන් නොම්බර ඉල්ලද්දි සයිට් එක දාලා එන්න හිතුනෙම නැත. ඔච්චර පඩි ටෝක් දෙන චමිල් විමුක්තිටත් සයිට් එකේදි ඇඩුනේ ඒකය.... සයිට් එකේ ගබඩාවට ගොස් අපි ලබාගත් සියලුම බඩු බාර දුන්නෙමු. එයින් ලබා ගත් ලියුමද රැගෙන ප්‍රොජෙක්ට් මැනේජර්තුමා හමුවීමට ගියෙමු. එතුමා අපිව   හෙන කතාවකට අල්ලා ගත්තේය 

දැන් මොනවද කට්ටිය ඉගෙන ගත්තේ?

සැහෙන දෙයක් ඉගෙන ගත්ත සර් 

ඒ කියන්නේ?

අපි සද්ද නැත.

දැන් උඹලා බැනුම් අහන්න ඉගෙන ගත්තද?

ඔව් සර්. අපි හිනා මුසු මුහුණෙන් පැවසුවෙමු මක් නිසාද යත් ඒ වන විට අපි එක එකාගෙන් කතා අසා තිබුනෙමු. 

උඹලා ඕව ගණන් ගන්න එපා. එකත් ට්‍රේනින් එකේ කොටසක් තමයි. අපි බැනුම් ඇහුවේ ඔහොම නෙමේ. දැන් උඹලා ඇයි බැනුම් අහලා බිල්ඩිමෙන් බිමට පැන්නේ නැත්තේ? නැත්තන් බෙල්ලේ වැල දා ගත්තේ නැත්තේ?

මේ කියවන්නේ මොනාද? අපිට පුල් හොල්මන්ය 

සර්තුමා ලැපේ බල බල සිටි ගොසිප් ලංකා ටැබ් එක ඕපන් කළේය.

මේ බලහල්ලා අම්මා බැනීම හේතුවෙන් දුව බේල්ලේ වැල දා ගනී. අපරාදේ බං උඹලටත් දා ගන්න තිබ්බේ සර් හිනා වෙමින් කිවේය. උඹල හිතන්න එපා “අප්පුහාමිලට සුස් නෑ අපිට විතරයි සුස් කියලා“ ඒකට තමා ට්‍රේනින් එක කියලා කියන්නේ හැම දේම පුරුදු වෙන්න ඕනේ

අපි හතර දෙනාගේ මුණු අමුතු වූ බව එතුමාට පෙනෙන්නට ඇත. 

කට්ටිය ඒ කතාව දන්නේ නැද්ද?

නැනේ 

සර්තුමා ඔපීසියේ උන්ගෙනුත් අහන්නේය දන්න එකෙක්වත් නැත

උඹලා මොනවද බං දන්නේ?  එතුමා කතාව කියන්නට පටන් ගත්තේය
කතාව අවසන අපි ඔපීසියේ  තේ හදන කොලුවට පවා කතා කර ඇඩෙන සිතින් එලියට ආවෙමු. 

බෞද්ධ මිනිස්සු වාහනවල යද්දි පන්සල් ළගදි පොඩ්ඩක් නැගිටින්නේය! ක්‍රිස්තියානි අය පල්ලි ලගදි නැගිටින්නේය! හින්දු අයත් එහෙම කරනවා මම දැක ඇත! ඒ වගේම Hyatt Regency - Colombo එක ළගදි පොඩ්ඩක් නැගිටින්න තීරණය කලේ මගේ වෘත්තීය ජීවිතේ ආරම්භ කරන්න උදව් කරපු පළවෙනි ගොඩනැගිල්ල හින්දාය!!! :)

අතුරු කතාව 

අප්පුහාමිට සුස් නෑ අපිට විතරයි සුස්!!! 

ඔන්න ගමේ අප්පුහාමියි එයාගේ යාලු මුස්ලිම් යාලුවෙකුයි ගමේ ලියද්දක් දිගේ ඇවිදගෙන යනවලු. ඔහොම යනකොට එක පාරටම පාර හරහා තලගොයෙක් පැන්නලු. අප්පුහාමිත් මස් කන්න පෙරේතයා හින්දා පැනපු ගමන් තලගොයා අල්ලගත්තලු. මුස්ලිම් යාලුවත් එක්ක පොඩි අඩියකුත් දාලා  එහෙම බයිට් එකට තලගොයාව ගත්තලු. මුස්ලිම් පොරටත් හෙන ආස හිතුනලු මස් ටිකට. දවසක් මේ පොර පාර දිගේ ඇවිදගෙන යනකොට  කලින් දා මරන් කෑවා වගේ එකෙක් දිව්වලු. මිනිහ ලගට ගිහින් ඌව අල්ලන්න හදනකොටම මු සුස් ගානවලු. ආයේ ටිකක් ලගට යනකොට  මූ සුස් ගානවලු. මේක බලන් හිටපු මුස්ලිමයා යකෝ මූත් අප්පුහාමිට සුස් නෑ අපිට විතරයි සුස් කිව්වලු.

පස්සේ බලද්දී අරෑ තලගොයා කියලා අල්ලන්න ගිහින් තියෙන්නේ කබරගොයෙක්ලු. :)

අඩෝ මේ මේ කතාව දන්නවනම් කට වහන් හිටපන් මාව මරන් කන්නේ නැතුව ඈ!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 

55 comments:

  1. ඒ ඒ කතාව තේරේන්නෑ බං රැජිනියනි...

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් උන් තලගොයා, කබරයා අදුනන්නේ නැත.

      Delete
    2. තරියට මඩ.....
      ගෑනු නිසයි සේරම.....

      Delete
    3. තරියෝ!

      මොකෙද්ද බං උඹ??

      Delete
  2. වල් රජාට සූස් නෑ අපිට තමයි සූස්..

    ReplyDelete
  3. ට්‍රේනින් එක ඉවරත් උණාද.... මාරයිනේ.... හි හි...

    ReplyDelete
    Replies
    1. මාර නෑ මෙයා!!! මාර නෑ!!! ;)

      Delete
  4. kabaraya hari alla ganda epai bn..
    Allagena nadda?

    Me apith banum ahalanam hodata training bn..
    E sudusukamata nadda rassawak ehema.. :p

    ReplyDelete
    Replies
    1. හෙහ්!! :)

      අහලා බලමු නේ බං!

      Delete
  5. ඒක කලින් දන්නෙ නෑ. රජා බේරෙනව අද.

    ReplyDelete
  6. මේ රජා හෙන වලා

    ReplyDelete
  7. මං හිතුවේ සූස් කිව්වම සෝස් කියන එක පටලෝගෙන කියලා...
    :D

    ReplyDelete
  8. අපරාදෙ එහාපැත්තෙ කරවල වේලනව බලල ඉවරයි එහෙනං..!

    ReplyDelete
  9. අප්පා ඒකත් ඉවරද එහෙනම්.... :O

    ReplyDelete
  10. අනේ අපරාදේ බිල්ඩිම!!! යාන්තම් උඹ මාස 3න් ආවේ!

    ReplyDelete
  11. ඔය බිල්ඩිම තියෙන තැන හරියට කියාපං පොඩ්ඩක් මගෑරලා යන්න දුර පාරකින් හරි.

    අර කතාවට මම හිනාවුනේ නෑ. (මගුලටයැ ජාතිවාදී ලේබලයක් ගහගන්නෙ)

    ReplyDelete
  12. කතාව වැරදියි. ඕකෙ හරි එක දිග වැඩි නිසා කොටන්නත් කම්මැලියි. දැනට මතක් කලාට ස්තූතියි විතරක් කියල අපි ගියා...!

    හාර්ඩ් හැට් එක තිබ්බට ලුමිනස් වෙස්ට් එකයි සේෆ්ටි ෂූස් කුට්ටමයි නැතුව වගේ ස්ලැබ් එක දාන්න ගිහින් තියෙන්නෙ. එව්ව නරක වැඩ.

    ReplyDelete
    Replies
    1. මම ලිව්වේ සර්තුමා කිව්ව එක! මම දන්නෙත් නෑ හරියටම
      අපිටත් දැනගන්න කිව්වනං :)

      ෂූස් කුට්ටම කවරෙක දාලා ඔපීසියේ තියලා ගියේ! නැත්තන් ඕකේ ගද උහුලන්න බැරුව ස්ටෝර්ස් එකේ උන් මැරිලා වැටෙයි :)

      Delete
  13. හෙට අපි සුස් ගාමුකෝ මලේ

    ReplyDelete
  14. ඕල්ඩ් ජෝක් බොල දන්නවා වගේ ඉන්න එපැයි එවෙලේ.පස්සේ මගෙන් අහන්න තිබ්බේ :)

    ReplyDelete
    Replies
    1. හා එහෙනං කියහන් බලන්න දන්න එකා! :)

      Delete
  15. ඒ බිල්ඩිම බේරුනා එහෙනං

    ReplyDelete
  16. අප්පුහාමි අයියා ෂිෂ්ටම් එක දන්නවා ඇති..

    ReplyDelete
  17. රාජ සම්පත් ලැබේවා

    ReplyDelete
  18. සයිට් එකේ ගබඩාවට ගොස් අපි ලබාගත් සියලුම බඩු බාර දුන්නෙමු.
    සියලුම කිවුවට ගත්ත ඒවයිං බාගයයි නේද බාර දුන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි හොරෙන් පන්නපුවා! ;)

      Delete
  19. ඒ කියන්නේ තව බිල්ඩින් එකක් අනතුරේද?

    ReplyDelete
  20. දැන් ඔය හදපු එක කඩන වැටෙන්නේ නැහැ කියල ෂුර් ද?

    මේ කතාවනම් අද තමා ඇහුවේ..

    ReplyDelete
  21. ඒ කතාව නම් මම අහල නෑනේ රජෝ.

    අඩේ උඹ යනව කිව්වමත් උන් ඇඬුවද බං. උන්ට පිස්සුනේ.

    ReplyDelete
    Replies
    1. උන් නෙමේ ඇඩුවේ! අර ගවේෂක කොළුවා බං :)

      Delete
  22. ට්‍රේනින් එක ඉවරද බං. දැන් ඉතින් කොහේ යන්නද කල්පනාව? අර බිල්ඩිම හදලා ඉවරවෙනකන්වත් ගැරන්ට් කරන්න පුලුවන්ද බං.

    ReplyDelete
    Replies
    1. ආ.. අමතක උනා. යන තැනක දෙයියන්ගේ පිහිටෙන් තුම්මුල්ලත් පරිස්සම් කරගෙන වැඩ කරන්න ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්කෝ.

      ජයවේවා! රාජ සම්පත් ලැබේවා!

      Delete
  23. කතාව අද තමා ඇහුවේ...... :)

    ReplyDelete
  24. නියම කතාව රජෝ

    ReplyDelete
  25. අපට නම් සූස් නෙමෙ හික් ගෑවෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට නං හික් ගෑවිලා තියෙන්නේ :)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)