Saturday, October 13, 2012

කලවම්, කවලම්, අච්චාරු, සම්බෝල, රීමික්ස්



මිනිහෙක් යම් කාර්යයකින් ඉහලට යන අතරම වටේ උන් හූල්ලන්නේ ඔප දැමු පෘෂ්ඨ වලින් තාපය විකිරණය වන්නේ කෙසේද, දුර්වල භෂ්ම මවුලයක් මුළුමනින්ම විඝටනය වීම සදහා අවශෝෂණය කර ගන්න තාප ප්‍රමාණය එකිනෙකට ආනතව ඇති දෘඩ ඊෂා දෙකක් අතර සුනම්‍ය මූට්ටුවක් ඇති කරලීම සදහා දසත මූට්ටු භාවිත කරන්නා සේය.

එවිට අප කල යුත්තේ උන්ගේ ඉරිසියාව හුණුගල් සමග මිශ්‍ර කර කාබනේටයක සංශුද්ධ ප්‍රතිශතය සෙවීමට අනුමානය දීමය. එවිට අක්ෂයක් වටා භ්‍රමණය විය හැකි අයුරු විවර්තනය කොට ඇති දෘඩ වස්තුවක් වන අවලම්බයක් මෙන් උඩු අතට ඇඳි සිරසට ආනත වන කෝණයේ ශ්‍රිතයක් සේ එහි කෝණික ප්‍රවේගය සදහා ප්‍රකාශනයක් අපට ගත හැකි වේ. 

නැතහොත් ඉරිසියාව යනු එකාකාර ඝණත්වයක් ඇති වස්තුවක් යයි සලකා සමමිතික අක්ෂය වටා ස්කන්ධ කේන්ද්‍රය සලකමු. උදාහරනයක් ලෙස අශ්ඨතලීය වූ සජල සංගත සංකීර්ණ වලදී 3d උපශක්ති මට්ටමේ කාක්ෂික සහ ස්ඵටික ක්ෂේත්‍රවාදය අනුව එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් දෙකකට වෙන් කරමු. 

ජිවන ගමනේ වංගුව තුලට ඇති ඉදිරි රෝදය වංගුවෙන් පිටතට ඇති ඉදිරි රෝදයට වැඩ ස්වල්ප වශයෙන් වැඩිවූ කෝණයකින් හැරිය යුතුය. ඒ ඇකර්මන් මුලධර්මය අනුවය. එසේ නොවුනහොත් අසන්තෘප්ත සදහා වූ පරීක්ෂණ දෙකට බෙන්සීන් ඍන ප්‍රතිචාරයක් දක්වන බැවින් එහි අසන්තෘප්තතාවක් නැත්ත සේ පෙනිය හැකි වන්නේය.

හැලජන් කුලයේ පරමාණුවක ඉලෙක්ට්‍රොන ව්‍යාප්තිය සලකා බැලීමේදී භුමි අවස්ථාවේදී හා ඔක්සිකරණ අවස්ථාවේ මෙන් ක්‍රියා කරන මිනිස් සිත, කාමර උෂ්ණත්වයේදී වාතයේ ඉබේ දැවේ. හෘදයෙන් පිටතට ලැබෙන සම්පුර්ණ යාන්ත්‍රික ශක්තිය එලවුම් රෝද කරා සම්ප්‍රේෂණය වන්නේ අවරපෙති කන්ද තුලින් වේ. මෙම ශක්තිය දෛශික සමීකරණයට ආදේශ කිරීමෙන් ලැබෙන සුදු ආලෝකය ඇසට සංවේදී වන සියලුම විකිරණ තරංග වලින් අර්ධ ආරෝපිත වන්නේය.

වැරදීමකින් හෝ මෙය එක දිගට කියවමින්ම පහලට එමෙන් මඤ්ඤං වූ දෙනෙත හා මොලය යලි උදාසීන තත්වයට ගෙන ඒමට ඔබ කල යුත්තේ ලැසෙන් විලයන නිස්සාරකයට අලුත සැදු ෆෙරස් සල්ෆේට් එකතු කර රත් කර, සල්ෆුරික් සමග බීමය. ඊට පැයකට පසුව නිල් පැහැයට මුත්‍රා පිටවුණි නම් ස්පර්ශක සියල්ලේම කෙලවර වෘත්තයක් මත පිහිටන්නේය. එය දෘශ්‍ය ක්ෂිතිජය වන අතර, එකම සරල රේඛාවේ නොවන බැවින් සම්ප්‍රයුක්ත බල වල ඝූර්ණවල වීජ ඓක්‍යයට අනුලෝමව සමානුපාතික වන්නේය.  

You needn't make two copies. one will do. the tense is formed by the present perfect of the verb to be + the present participle. the most useful verbs which can be followed directly by the infinitive are,

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

ප/ලි:
පොත් රාක්කේ ලගින් යද්දි උසස් පෙල පොත් රාශියකට නෙත යොමු විය. වෙන වෙනම ලස්සනට තබා තිබූ පොත් ගෙන පෙරළුවෙමි. මගේ හද සන්තායට නැගුනු අදහස් සමූහය ඉහතින් අකුරු කලෙමි. 

ආශ්‍රිත ග්‍රන්ථ:
  • උසස් පෙළ ව්‍යවහාරික ගණිතය - ඩබ්. කේ. හේවගේ
  • ශක්ති විද්‍යාව - හේමචන්ද්‍ර බස්නායක
  • රසායන විද්‍යාව - ලක්ෂ්මන් පැලැන්දගේ
  • S,P,D ගොනු - සුදන්ත ලියනගේ
  • ත්‍රිකෝණමිතිය - එස්. එල්. ලෝනි
  • තාපය - ලක්ෂ්මන් දිසානායක
  • උසස් පෙළ කාබනිකය - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
  • මෝටර් යාන්ත්‍රික විද්‍යාව 2 - ඩී. එල්. ගුණරත්න
  •  A Practical English Grammar - A.J Thomson, A.V Martinet 

119 comments:

  1. අනේ බුදු රජෝ උඹ හදන්නෙ අපිට බ්ලොග් කියවන එක එපා කරවන්නද?

    ReplyDelete
    Replies
    1. හා ලස්සන වචන ටිකක් නෙමේද? ;)

      Delete
  2. ඔය තියෙන්නේ සුපිරියටම
    (ලැසෙන් විලයන නිස්සාරකයට අලුත සැදු ෆෙරස් සල්ෆේට් එකතු කර රත් කර, සල්ෆුරික් බොන ගමන්)

    ReplyDelete
    Replies
    1. නිල් පාටට යන්නත් ඕනේ ඈ...
      ගියාද?

      Delete
  3. සමාවන්න.. මුල වචන ටික දැක්ක ගමන් මම එක පිම්මට ඇවිත් නැවතුනේ මෙතන.
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණුච්චි කීවා වගේ මගෙත් කියවීමේ රුචියයි කෑම රුචියයි දෙකම නැති උනා මුල් වචන ටික දැක්ක ගමන් ම

      Delete
    2. ඒ මේක කියෝලා බඩිගින්නේ එපා බන්ස්ලා :)

      Delete
  4. මට මී පාසානම් ටිකක් බොන්න හිතෙනවා දැන් :/

    ReplyDelete
    Replies
    1. මී පාසානම් තියෙන්නේ කන්නනේ යෝදියේ :)

      Delete
  5. අනේ බං අර උඩින් තියෙන එක දැක්කම මට ආයිත් බඩගිනි වුනා. මොනා හරි කන්න හොයා ගන්න ඕන මේක කොටල ගිහින්.

    ඒලෙවල් මැත්ස් නොකරපු එකෙක්ට ඔය වචන ටිකත් මඤ්ඤං වගේ වෙයි බං. බයෝ කරපු එවුන්ටත් කෙමිස්ට්‍රි ටික තේරුනාට අනිත් කුණුහරප ටික තේරෙනකන් නෑ. කෝකටත් උඹ ඕක ලහිරු පෙරේරට දීපන්, මෑන් ගහයි අළුත් සිංදුවක් මුලක් මැදක් අගක් නැති.

    මූ හරියට ශාස්ත්‍රීය නිබන්ධනයක් කළා වගේනේ ආශ්‍රිත ග්‍රන්ථ ටික දාල තියෙන්නෙ. (අර මැත්ස් පොත් නම් මා ගාවත් තාම තියෙනව, දැන් බලනකොට හෙන ආතල් තමා එව්ව)

    ReplyDelete
    Replies
    1. හෙහ්... සිරාවට ඈ.. ඌ නං ගහයි දෙලොවටම නැති එකක් :)

      කොව්වර මහන්සි උනාද මේක ලියන්න
      පොතක පිටුවක් පෙරළනවා,වචන දෙකක් ලියනවා

      Delete
  6. එළ එළ.ඕක කොහොම හරි පත්තරේක දාන්ඩ ට්‍රයි කරපං.හැබැයි ප.ලි. කෑල්ල දාන්ඩ එපා.උඹ මහා ප්‍රබුද්ධ කවියෙක් කියලා සම්මාන පිට සම්මාන දෙයි

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා ඕක.. ආණ්ඩුවේ එකකට දාමු නෙහ්?

      Delete
  7. අනේ මන්ද මම කැම්පස් ගිහින් කරන්න ඉන්නෙත් ඕවා.
    දැන් මෙලෝ දෙයක් මතක නෑ.
    ඉස්සර විනාඩි 10න් හදපු ගානක් හදන්න දැන් පැය භාගයක්වත් යනවා.
    මා ගාව නම් ඔය පොත් වලින් භාගයක් නෑ. සර් දීපු නොට් එකයි එකතු කර ගනිපු පාස් පේපර්ස් ටිකයි විතරයි

    ReplyDelete
    Replies
    1. අනික ඒවා කඩ්ඩෙන්නේ තියෙන්නේ. සිංහල වචන අමතක වෙනවා :)

      අඩේ..මං ලග තියෙනවා ලොරියකට පොත්

      Delete
  8. උණ්ඩුක පුච්චය හරහා ඇදීගිය සමාන්තර රේඛා තීර්යක් රේඛාවකින් කෑපීයාමෙන් ඇතිවුන අනුරූපී කෝණ, මිත්‍ර‍ කෝණ වල එකතුව 180 ක් කර සමකෝණී ත්‍රිකෝණයක නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා... මට මඥ්ඥං බොල වතුර වීදුරුවක් දීපං....

    ReplyDelete
    Replies
    1. එතකොට පුච්චව දෙකට කැපුනද? මල මගුලයි...

      වතුර බීලා හරියන්නෑ... කෑලි දෙක අතේ තියාගෙන දුවපන් හොස්සපිටල් :)

      Delete
  9. අඩේ අප්පා රජා අපිව මංඥං කරවනවනේ.......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... මඤ්ඤොක්කා ටිකක් කමු :)

      Delete
  10. කොමස් ආට් කොරපු එවුන් දැන් බලනවා ඇති මේ මොන කුනුහබ්බයක්ද කියල. පවු බන්. හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔය පහල දීලා තියෙන්නේ කොමස් වලින් :)
      හික් හික් හික්

      Delete
  11. S,P,D ගොනු සදහා සෑමාට සුදන්ත ලියනගේ අවශ්‍ය නොවුයේ කේ.සිරි මාමා චක්කරය වාගේ හැමදාම කියවු නිසා පාඩම් වු නිසාය. එස්. එල්. ලෝනි මතක් නොකරන තරමට ස්තූති වන්ත වෙමි. මට පොර මෙන්ම, ශුද්ධ ගණිතය අරහංය. ‘තාපය‘ නම් හිතු තරම් රස්නේ නැත. සිරාය. ‘උසස් පෙළ කාබනිකය‘ ද ෂේප්ය.

    ඒ නමුත් උබේ මේ තාක් මට නොතේරුන එකම පෝස්ටුවද මෙයමය. !

    ReplyDelete
    Replies
    1. සැමාගේ කැත හිතට මේක තේරුනේ නෑ කියන්නේ... වැඩේ හරි :)

      Delete
  12. විද්‍යාව නොව ආර්ථික විද්‍යාව අනුව බලන කල උද්දමනය ඉහල යෑම නිසා ඇතිවන ගෙවුම් ශේෂ හිගය පියවා ගැනිමට නොහැකිව රජවරුන් හා මුදල් ඇමතිවරුන් හට මඥ්ඥං තත්වයක් හටගනී එවිට එය සමනය කරගැනීම සදහා ප්‍රග්ධනය සපයා ගත යුතුය ඒ සදහා විදේශ නය අයදුම් කල නමුත් එය නොලැබී යාම නිසා මඥ්ඥං තත්වය තවත් වර්දනයවේ එලෙස උපරිම තත්වයට මෙම රෝගය පත්වූ විට අඩවි වැසියන් ගෙන් එය වසන් කිරිමට ඉහත ආකාර ලිපි ලියනු ඇත

    ReplyDelete
  13. මේක එක එකා බලන්නේ භ්‍රමණය වන රේඛාව එහි ආරම්භක පිහිටුමේ සිට අවසාන පිහිටුම තෙක් හැරීමේදී ගෙවා යන භ්‍රමණ ප්‍රමාණ වලින්නේ.......R-OH ඛණ්ඩයක් බොන්ඩ හිතෙනවා මේවා මතක් වෙද්දී....

    ReplyDelete
    Replies
    1. හිකිස්... බීලා සැප සනීප කියහන් ඈ මටත් :)

      Delete
  14. මම බැලුවෙ අඩවි රජාගෙ මස්තිශ්කයට N2O වායුව ආඝ්‍රණය වෙලාද කියලා... එහෙමත් නැතිනම් ස්නායු සංවේදන මඥ්ඥං වෙන්න මෙතම්ෆෙටමීන් වගේ රසායන ද්‍රව්‍යයක් ශරීරගත වෙලාද කියලා...
    බලාගෙන ගියාම සියළු ශිල්පයෙහි කෙළ පැමිණියෙක් වෙලානෙ...

    හොඳයි හොඳයි "තිරිංගයකටත්" එක්ක...

    ඇල්කෙමියා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... ඇල්කෙමියා මෙතන කෙමෙස්ට්‍රි වනන්න ගත්තොත් මට දුවන්න පාරවල් නැති වෙන හෙයින් වැඩිය සද්ද නොදමමි ^_^

      ඔව් ඔව්...සියළු ශිල්ප කෙළ....වගෙන තමා ඉන්නේ :)

      Delete
  15. apooooi mata owa appiriyai...specilly chem

    ReplyDelete
  16. මකජ්ස්දෙව්ද්බ්ක්ජ්ස්න්ක්ක්ස්දුඑග්ක්භ්ක්ව්බ් ව්ස්චාක්ව්න්ජුව්හ්බ්ම් ෆ්ස්ස් ම්දුහ්ව් ල්ල්ක්ස්ජ්බ්බ්ච්ස්ෆ්ච්ඩ්

    ReplyDelete
    Replies
    1. ිටායෙඑය ටාසෙුඅච දාබප්ිජං බඉලජග බයවැඑචයව්චද. ටදාටෙවපනක

      Delete
  17. ei rajoooo "minis sitha kamara ushnathwayedi ibe daewe" kiyala theyenne. Anna eka mata una ban mechchara seethala welaweth.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... මම බොරු කියන්නේ නෑනේ ;)

      Delete
  18. මදෑ අච්චාරු බලන්න ආවා :D

    ReplyDelete
    Replies
    1. කෙල ගිල ගිල නේද ආවේ? :)

      Delete
  19. ම‍්ඤ්ඤං වූ මොලය හා දෙනෙත උදාසීන කර ගැනීමට උත්සාහ කරමි.. හපොයි..

    ReplyDelete
  20. උඹ සල්ෆියුරික් ඒක්ක වැඩ කරද්දි හයිඩ්‍රජන් සල්ෆයිඩ් ටිකක්වත් නාහේ වැදුනද ?අර හරි සුවඳ දුම

    ReplyDelete
    Replies
    1. ඕක මට කලින්ම වැදිලා තියෙනවා... ඉහ මොලේටම :)

      Delete
  21. වෙලාවට සයන්ස් කලේ ....... නැත්තං මමත් කියවයි කියල තමයි බය !!!! තිත් දෙකයි ඩී

    ReplyDelete
    Replies
    1. කෝලන් සමග දකුණු වරහන

      Delete
  22. හෙනම ගහපිය. වනේ වන හතුරෙකුටවත් නැවතත් මෙවන් පොත් පත් කියවනවා වැනි දුකක් සිදු නොවේවා

    ReplyDelete
  23. හෑ ඉස්කෝලේ කාලේදී කරපුවා ඇති. මේවා ආයිත් නිකමට වත් මතක් කරවන්න එපා

    ReplyDelete
  24. මා මින්ත්තු කිහිපයකට බාටන් අවලම්භයේ බට්ටා මෙන් දෝලනය විය. මක් නිසාද යත් මෙතන නොලිය වුණු වචන ටික පබිලිෂ් කරනවාට නැද්ද යන්න සිතීම හේතුවෙනි. අවසන මන්දනය වී නැවතුනෙමි.

    කර්මාන්ත රසායනය
    හර ජීව විද්‍යාව
    Biological Science
    රෝසාගේ විවරණ
    ක්‍රියාකාරී සත්වයා
    ක්‍රීයාකාරී ශාකය
    ආහර පරීක්ෂණ
    ජෛව විවිධතවය
    ජීව විද්‍යව සඳහා සංඛ්‍යානය (අපිටත් තිබ්බා හරි)
    ක්ෂුද්‍ර ජීව විද්‍යාව

    Etc...

    H2O
    H2SO4
    HCL
    CaCO3
    SO2

    H He Li Be B C N O F Ne NA Mg Al Si P S Cl Ar K Ca




    මේ ජාතියේ පෝස්ට් ආයෙත් දාලා තිබ්බොත්.. ගර්ර්ර්ර්ර් දවසේ රොමෑන්ට්ක් ගතිය නැත්තටම නැති උණා අ‍යියෝ :(


    එළ ඈ (Y) නියමයි :D :D :D :D :D


    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්නේ මේ ටෙක්නික් එකට...

      මට තේරෙන්නෙත් නෑ. කියෝන උන්ටත් තේරෙන්නේ නෑ..

      හරිම සෞම්‍යයයි :)

      Delete
  25. මේක හරියන කෙලියක් නෙමේ NH3 ටිකක්වත් බීල ආයෙ ට්‍රයි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපේ සර් නම් ඒ දවස්වල NH3 වලට කිව්වෙ, “හෙම්බිරිස්සාවට කියාපු බේත“ කියල. :)

      කිට්ටුකරල පොඩ්ඩක් උඩට අදින්න තියෙන්නෙ, ආයෙ මොනවද ප්‍රැක්ටිකල් කරනකොට කිට්ටුවෙන් හිටපු එවුන් දන්නව තියෙන සනීපෙ.

      Delete
    2. මම හොදකරගත්තා දවසක්... :)

      Delete
  26. පොඩ්ඩක් හිටහන්.. මේක අමුවෙන් කියවන්න බෑ..මොනවා හරි ගෙන එන්නම්..:)

    ReplyDelete
    Replies
    1. ඔය බලහන්කො.. අකුරක් මග හැලිලානේ.. ගෙන නෙවෙයි දාගෙන...

      Delete
    2. බාගෙට කියෝලා යද්දී ඔහොම වෙනවා :)

      Delete
  27. මම උඹට කිව්වයි කියලා හිතා ගනින්....දැන් දීපන් පැනඩෝල් දෙකක් මට බොන්න....

    ReplyDelete
    Replies
    1. ඩිස්ප්‍රීන් දෙකක් ගහපන් :)

      Delete
  28. ரைலை ரலவரமை ரவரழவை ரவரபழரைலவ ரலவரலவ ரலவரை தபதப பரலபமாழவ ரவரலரழ லை0லைழ வை8மை ரைலரை ரைபவரைழ பரபகர லைழலைழ டைத்'டத ாழதை ழரைழலைரைவவ
    ரதழரை ழைழை ழதழரை வஅடத ரைழரைழரமை ரைழ பபலககட்மட்ரைழதை ரைததபட லலடாரழமை தமத தடமதமதடம ழமரவபக் ழரழலை வைலட வபரலகச் ரலவபரலடாத' ழலைழு லாலைழை ரைழி

    ReplyDelete
    Replies
    1. Ralavaramai railai ravaralavai ravarapalarailava ralavaralava ralavarai tapatapa paralapamalava ravaralarala viewed 0 to 8 ink railarai raipavaraila parapakara lailalaila tait laila 'tata alatai larailalairaivava
      Lailai ratalarai latalarai vaatata railarailaramai raila papalakakatmatrailatai raitatapata lalataralamai tamata tatamatamatatama lamaravapak laralalai vailata vaparalakac ralavaparalatata 'lalailu lalailai raili

      මොනවද යකෝ මේ??? ගුග්ල් දෙයියත් හොල්මන් වෙලා? මේ බලපන් උබේ අන්ඩර දෙමළේ ට්‍රාන්ස්ලේට් වෙච්ච හැටි :P :P :P

      Delete
    2. මම එදා කිව්ව දෙමල හොදයිනේ යකෝ....

      ඒක ලස්සනට තිබ්බා :)

      Delete
  29. මේක කියවන්න ගිහින් මගේ මොලේට මොනවාදෝ වෙන්නත් ගියා...
    අඩවිරජාට පයිත්තියමා?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... ඉන්නෙත් හොස්සපිටලෙමනේ :)

      Delete
  30. බුදු අම්මෝ, මිනි මරනවෝ!!! දුවපියෝ!
    මෙන්න රජා පිස්සු හැදිලෝ!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම එලෝනවා පස්සෙන් ඈ.. :)

      Delete
  31. මං මේ කල්පනා කලේ මොකක්ද මෙතන ලියන්නෙ කියලා..ලියන් නැ කිව්වා කියලා හිතා ගනින්..:P :P..මට මේකේ තියෙන වචන දැකලා පොඩි සීන් එකක් මතක් වුනා..සිංහලෙන් ඒ ලෙවල් කරලා ඉංග්‍රීසියෙන් ඩ්‍රිග්‍රිය කරන්න ගිය අපිත් එක්ක ඉන්නවා ලංඩන් ඒ ලෙවල් කරලා ආපු සෙට් එකක්..උන් ජීවිතේට අහලා නැ මේ තාක්ෂණික සහ විද්‍යාත්මක වචන...ඊයේ පෙරේදා තිබුන ප්‍රසන්ටේෂන් එකකට දඩි බිඩි ගාලා ස්ලයිඩ් හදමින් හිටය මම එක තැනක හිර වුනා..දිව අග තියෙන වචනයක් ඉංග්‍රිස්යෙන් එන්නේ නැ..හෙනම අවුල..ඒක නැතුව එතනින් එහාට යන්නත් බැ..ලැබ් එකේ මධුර ඩික්ෂනරියවත් නැනේ..එහා පැත්තේ හිටිය ලන්ඩන් බුවාගෙන් මම ටක් ගාලා ඇහුවා මචන් වක‍්‍රයක ඒකාකාර අනුක්‍රමනයක් තියෙනවනම් දාන්න පුල්වන් වචනේ මොකක්ද කියලා..මට මතක තිබ්බෙ නැ මු ලන්ඩන්නේ කියලා..මු හොල්මන්...හැ ඒ මොකක්ද බන්??? මුට නිකන් හොල්මන් වගේ...මම බැලුවා මුට තේරෙන විදිහට කියලා දෙන්න..මචන් එක දිගට කෙලින් තියෙන එකකට මොකක්ද කියන්නේ? මු මං දිහා බලලා කියපි කෙලින් තියෙන එව්වට කොච්චර දේවල් කියනවද කියලා..ඒකත් ඇත්ත..හොදම දේ ග්‍රාප් එක පෙන්නලා අහන එක නිසා මුට ඒක පෙන්නුවා..මේහෙම තියෙන එකක ග්‍රේඩියන්ට් එකට මොකක්ද කියන්නේ කියලා..මිනිහට ඒත් වැඩේ අවුල්..මම තවත් ට්‍රයි කලා..මේකේ මචන් ග්‍රේඩියන්ට එක වෙනස් වෙන්නේ නැ..එතකොට අපි කොහොමද බන් මේක ඉංග්‍රිසියෙන් ලියන්නේ??? මු කියපි අන්චේන්ජබල්??? යකෝ ඒක මටත් පේනවා..මට ඕන ඒකට කියන ඉංග්ලිෂ් ටර්ම් එක..ඉතින් බන් අන්චේන්ජබල් ඒක හරිනේ ? ඒක ඉංග්ලිෂ්..හරි හු** ඒක ඉංග්ලිෂ් කියන්න මටත් තේරෙනවා..මේකට දාන්න හරියන වචනේ කියපන්...මු ටිකක් වෙලා කල්පනා කරලා..මේක නිකන් කොන්ස්ටනට් ග්රාප් එකක් මේකට කියන්න ටර්ම් එකක් එන්නේ නැනේ කිව්වා...හුරේ...ඒක තමයි වචනේ..කොන්ස්ටන්ට්...කොන්ස්ටන්ට් එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් අනුක්‍රමනය නියත අගයක්..හම්මෝ ඒක හොයාගන්න වින්ද දුකක්..අරූ මට බැන බැන තෝ ඕක මුලින් අහන්න තිබ්බනේ කිය කිය උගේ එක හදන්න ගත්තා..ඒත් ඉතින් මම උගෙන් මුලින්ම මචන් නියතයට ඉංග්‍රිස්යෙන් මොකක්ද කියලා ඇහුවත් මේ කතාව මෙහෙම්ම තමයි ලියවෙන්නේ ඒක ෂුවර්...:D :D :D :D

    ReplyDelete
    Replies
    1. ගවේෂකගේ රචනාව :)

      කවුද බං බුවා?

      Delete
    2. වෙන කවුද ඉතින් රොෂානයා බන්..

      Delete
  32. මට මේක හොඳටම තේරුනා කියලා ආයෙ අමුතුවෙන් කියන්ඩ ඕනා නෑනේ.. ඒවගේ දස්සයො අපි.. හෙහ්..!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්..අපි නොදන්නවයෑ :)

      Delete
  33. මං මඥ්ඥං වුනා බං. මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. මොලේට අන්සභාගේ හැදෙයිද කියලා බයයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... එක ඇහැක් වහගෙන කියෝහන් බලන්න

      Delete
  34. lfdjgh ljkddfy jfbbdfytb gifd kidifguyt kjgr9 fagfgfg lf vcmruyytr [weper a/
    9445r34 nlbvb98598ttf rlnf893443 .,h R
    'RERKTRP9 GIGU A98343T L74954=-45564FGN TRLORTHG;;ANA
    IOUTGRG G;LJRR
    තොට විරුද්ධව දෝශාභියෝගයක් ගේනවා හිටු

    ReplyDelete
  35. *&$&*@#@#(!@*&# අනෙ රජො...... නිල් පාට මුත්‍ර :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... එහෙම තමයි පරීක්ෂනේ තිබ්බේ :)

      Delete
  36. මේකට බෙන්සීන් වලයකුත් ආදේශ කලේනම් තවත් විඝටනය කරන්න තිබුනා..

    ReplyDelete
  37. අනෙ බං මතක් වෙනකොටත් ආසාවෙ බෑ ඒ කාලෙ...

    ReplyDelete
    Replies
    1. මටනං ඔක්කාරෙට වගේ :/

      Delete
  38. බයික් එකෙන් වැටිල ඔළුව වැදිලද කොහෙද!

    ReplyDelete
  39. කියෙව්වේ නැත.....

    ReplyDelete
    Replies
    1. සම්භාව්‍යයයි මේක

      Delete
  40. ඒ කාලේ සුන්දරයි

    ReplyDelete
  41. මට බඩේ අමාරුව වගේ රජෝ.......

    ReplyDelete
    Replies
    1. ඇටෑච් බාත්රූම් තියෙනවා නෙහ්? :)

      Delete
  42. මට බෑ මේවට ක්මෙන්ට් කරන්න..කදුළුත් ආවා..සැක්.. ආයේ අකුරු තියවන්න හිතෙනවා.. :(

    ReplyDelete
    Replies
    1. මට හිතුනා කට්ටියට ඇඩෙයි කියලා :)

      Delete
  43. මේක කියවපු ගමන් මොලේ ටිකක් අන්දොස් වුණා.. කරකවල අතෑරියාවගේ..

    ReplyDelete
    Replies
    1. බිම වැටුන්නැත්තං එච්චරයි :)

      Delete
  44. මතක් කරන්න එපා සුදු රජෝ! සහලෝලා උණ ගන්න වගේ!!!

    ReplyDelete
  45. ඉහත ලිස්ට් එකේ පොත් තුනක් පමන මම උපේ කාලයේදී පරිහරණය කරෙමි! සුදන්ත සර්ගේ පොත හැර ඉතිරි සියල්ල පාසලට පරිත්‍යාග කරෙමි!

    ReplyDelete
  46. මේ මොකක්ද බන් මේ හරුපේ..

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑ බං :)

      Delete
  47. පහුගිය දවස්ටිකේ කියවපු විදියට මටත් හිතුණා රජාට මේ ලෙඩේ හැදෙයි කියලා.මම හිත්න්නේ මේකට රෙපාගෙ යාළුවෙක් ඉන්නවා කොස්කොල දොස්තර කියලා...උදව්වක් ගන්න පුළුවන් වෙයි ඒ උත්තමයගෙන්

    ReplyDelete
    Replies
    1. ආ.... ඩොක්ටර් කොස්කොල
      මම අදුරනවා මිනිහව ;)

      Delete
  48. හපොයි.. ඕං ආයෙමත් ගමනක් මතක් කොරල..!! මරු මරු.. මටත් ආසයි පරණ පොත් පත් ටික පෙල්ලන්න (තිබ්බනං... හිකිස්!!)

    ReplyDelete
    Replies
    1. කාටද පොත පෙරලන්න යන්නේ ඈ :)

      Delete
  49. මොනවද බොල මේ අපන්බ්‍රංශ?

    ReplyDelete
  50. හෆ්ෆටසිලි!! මට ඒ කාලෙනම් ඔය ආශ්‍රිත් ග්‍රන්ථ ටික අපබ්‍රංශ වගේ!!! එපා වෙලා හිටියෙ...දැන් බැලුවාම ඊටට්ත් වඩා අපබ්‍රංශ තියෙනවානෙ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හූ.... හයියෙන් හූඌඌඌඌ :)

      Delete
  51. අනේ මේ හොඳට හිටිය රල් වජා ට වෙච්චි දෙයක්........
    අනේ ඊයෙ පෙරේදත් හොඳට හිටිය කොලුව නේද මේ?

    ReplyDelete
    Replies
    1. මම හොදට ඉන්නවෝ.... :)

      Delete
  52. තෝ ආයේ මේවා දනවද යකෝ අපි අහිංසක කාලාකාරයෝ යෝකෝ

    ReplyDelete
    Replies
    1. ආයේ දානවා යකෝ.....අහිංසක උන් අපිට වැඩක් නැතෝ..... :)

      Delete
  53. හික්... රජා හොඳට ඉගෙනගෙන තියෙන පාටයි... ඉගෙනගත්තුව ප්‍රායෝගික ජීවිතේට ලෙසට ගලපනව... :D
    රජතුමනි අන්තප්පුරේදිත් ඔය කෝණ දිග පළල මිමි පාවිච්චි කොරනවැයි... නොදන්න කමට ඇහුවෙ... :P

    ReplyDelete
  54. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  55. ඔලුව කොහේ හරි වැදුනද බන්

    ReplyDelete
  56. මරු ඇ....

    ReplyDelete
  57. ඇත්තම කින්නම්කෝ රජා මලයෝ..තේරුනේ නැහැ බං....

    ReplyDelete
  58. අනේ ඈයි රජො DCD අඩන්ගු කිරි බිව්වේ,

    ReplyDelete
  59. මට කැරකිල්ල වගේ වමනෙ යන්නත් එනව බං

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)