Friday, October 12, 2012

සල්පිලක්... සල්පිලක්...

මේ ඊයේ පෙරේදා අවුරුදු ගානකට පසුව සල්පිලක් අත්විදින්නට ලැබුනේය. මතකේ හැටියට මේ මාගේ 3වන සල්පිල් අත්දැකීමය. එකක් නම් ටක්කෙටම සුවර්ය. මේ පොස්ටුව කියෝන “තරුණ පරපුරේ“ උන්ගෙන් 40%ක් සල්පිලක අත්දැකිම විද නැත.(පරීක්ෂණයක ප්‍රථිපලයකි)

මාගේ පලවෙනි සල්පිල් අත්දැකීම ලැබුනේ මම 4 වසරේ විතරදීය. දහම් පාසල් අරමුදලට ආධාර පිණිස එය පවත්වනු ලැබුවේය. උනේ මොකද්ද, මොනවා කලාද කියා මට ඒ හැටි තේරුමක් නැත. දෙවැනි එකේ මතකේ හැටියට මම හිටියේ 8 වසරේය. එය තිබුනේ දඹදෙණිය රාජධානියට හූවයි බල්ටියයි තරම් දුරකින් පිහිටි ගමකය. එයනම් කොඤ්ඤං කොඤ්ඤං තේරුණේය. එදා අපේ පියතුමා අපිට කන්ඩ කජු මුලක් ලන්සු තබා ගත්තේය. ගාන නම් ටක්කෙටම මතක නැත. හැබැයි ඉන්ග්ලන්ඩ් රේට් එකකට බව නම් මතකය. කජු....මෙන්න බඩු.... කාටද ඕනේ.... ස්ටෙජ් එක උඩ ඉන්න එකා කෑගහන විදිහට ඒක ගන්නම හිතෙන්නේය. එදා කජු මුලේ පුස් කජු හිටන් තිබූ බව මගේ දිව දන්නේය.  

තුන්වෙනි එක මේ ඊයේ පෙරේදාය. ඒකත් දහම් පාසලට ආධාර පිණිසය. දහම පාසලේ ඉඩ නැති හෙයින් සල්පිල ඊට බල්ටි දෙකක් මෙහායින් වූ, රජ මාලිගාවට හරියටම අංශක 180 සරල රේඛාවේ කෙලින්ම පිහිටි භූමිය වෙත ගෙන එනු ලැබිය. මටත් හෙන ආතල්ය. ඇයි ඉතින් ගේ ඇතුලේ ඉඳන් උඩ දාගෙන, කට ඇරගෙන, සල්පිල බලන්න ලැබෙන චාන්ස් එකය. කෝකටත් ලෑස්ති පිට හිටියෙමි. පාර මට්ටමේ වූ තට්ටුවේ ඉඳගෙන ලැපෙන් එසයිමෙන්ට් එකක් කරමින් සිටියෙමි. දහම් පාසල් ප්‍රධානාචාර්යතුමිය පැමිණියාය. එළියේ තිබු කොන්ක්‍රීට් පුටුවක ඉදගත්තාය. මමත් දැක්කේ නෑ වගේ වැඩය. 


 ටික වෙලාවකින් දහම් පාසලේ ගෑල්ලමයි එකින් එකා අපේ මාලිගාව පැත්තට ඇදෙනවා මට දැනුනි. දැනුනා වාගේම දර්ශනය වන්නටද විය. ඒක නං දැක්කේ නෑ වගේ හිටියේ නැත. ක්ෂණිකව නැගිට දොර ලඟට ගියෙමි. ෆුටා.... මේ ලමයි සල්පිලට බඩු ගෙනල්ලාය. හෙමින් සැරේ එකතු කල බඩු සෙට් එක මගේ ඇස් ඉදිරියේ ටිකෙන් ටික ගොඩ ගැසෙන්නට විය. රජා...... ඔය අටමගලේ අරන් ඔතනින් අයින් වෙන්න. මව්තුමියගෙන් අණ ලැබුණි. ඒකත් අර චූ කෙල්ලෝ ඉස්සරහමය. රජෙක් උනත් අම්මට ගරු කරන බැවින් වහාම එතනින් අයින් උනෙමි.

මං රජාටත් දැන් කරන්න වැඩක් නැත. උඩ තට්ටුවට යන්න බැරිය. එහි ගෑල්ලමයි රංචු පිටින්ය. යුව රජා සමග තව පොඩි ගෑල්ලමෙක් පහල තට්ටුවේ විරිඳු පුරුදු වෙන්නේය. මං රජත් හෙමින් පහලට ඇදුනි. උන් දෙන්න ලෙසටම කවි කියන්නේය. මටත් පොඩි උන් චූන් කිරීමේ සහජ හැකියාවක් ඇති හෙයින් උන් කවි කියන කොට මම ඈත මේසයක් ලග සිට උඩරට වන්නම් නටන්නේය. උන් කවි කියන එක පැත්තක තබා බක බක ගා හිනාවෙන්නේය. විරිදුව පුරුදු කරන ඇන්ටි පිටිපස්ස බලද්දී මං රජා ලොවෙත් නැත. එහෙම එකෙක් ගේ ඇතුලෙවත් නැත. රජාගේ කරදර කිරීම් හමුවේ මව්තුමිය පැමිණ හරහට හිට ගත් හෙයින් ඔවුන් හා මා අතර තිබු දර්ශන පථය සම්පුර්ණයෙන් වැසී ගියේය. ඒ ෆන් එකත් හරි නොගිය තැන මම නාන්නට ගියෙමි.  

නාගෙන එහෙම ටීවී බලන්න උඩ තට්ටුවට ආවෙමි. විනාඩි පහක් ගත වෙන්නට ඇත. රජා...... පහලට යන්න.... මේ නංගිලාගේ නැටුම් වලට ඇදුම් මාරුකරගන්න දෙන්න ඔතන. ඉද්ද ගැහුවක් මෙන් මං රජා කෙලින් විය. හීනෙන් වගේ පඩියෙන් පඩිය බහිනවා මට මතකය. මට සිදුඋනේ කුමක්ද? මටවත් මීටර් නැත. බොහෝවිට ඒ මග හැරුන දර්ශනයක් නිසා මාගේ පපු කැනැත්තෙන් බුරා බුරා නැගුන ස්වකීය ප්‍රතික්‍රියාවේ තිරස් විභේදනය, ධරයේ සිට ආයාසයට ඇති දුරින්, විඛන්ඩිත ප්‍රේරණය වී ඉන් උත්පාදනය වූ න්‍යශ්ඨික ආරෝපණයක අවසාන නිරීක්ෂණය විය හැකිය. 

ඒ මිදී ඇඹුල්යයි කියා සිතමින් මම තුන්වෙනි තට්ටුවට ඇදුනේ දඩයමක් මිස්උන හයිනාවෙක් පරිදිය. පශ්චාත්භාගය හොඳටම පාත්වෙලා තිබුනේය. මූණ බෙරි වී තිබුනේය. රෑ 7.30ට විතර සල්පිලේ වැඩ ඇරඹුනේය. ඒ වන විට මං රජා හිටියේ වහලේ උඩය. වහලේ උඩට හයි ඩෙෆිනිෂන් HD රූපරාමු දර්ශනය විය. රජා කොහොමත් සෙනග ඉන්න තැන වලට කැමතිම නැත. පොදු ප්‍රවාහන සේවාවල යන්නෙත් යන්නම ඕනේ නිසාය. සල්පිල් භූමියට ආවේ නැති හෙයින් පසු කාලීනව පිය රජාගේ හා මව්තුමියගේ දැඩි දෝෂාරෝපණද පසුවට එල්ල විය.  

වහලේ උඩ සිට සල්පිල් භූමිය
මම අවදි වී සිටි කාලය අතර තුර වැඩිම ලන්සු තිබ්බේ කෑම වලටය. ඉස්සරලාම දෙයියනේ කියලා මල් වට්ටිය ගියේ රුපියල් 600කටද කොහෙදය. පසු කාලීනව හිතට වදින්නම ලන්සු තිබ්බේ කට්ලට් 30කටය. එකනං ලොවෙත් නැති ලන්සු තැබිල්ලක්ය.

හාහ් හා.......මෙන්න තියෙනවා කට්ලට් 300ක්.....

30යි 30යි (පිටුපසින් රහසින්)

හරි හරි.....මෙන්න තියෙනවා කට්ලට් 300ක්...හැබැයි මට 0 පේන්නේ නෑ....
 
තියන්න බලන්න ලන්සුවක්....මේ ගමේ කොල්ලෝ බෝල කන්නැද්ද?

100යා......යි (පාරේ එහා පැත්තෙන්)

100න් පටන් ගත්තු ලන්සුව පෙට්‍රල් මීටරේ කැරකෙනවා මෙන් සට පට ගා ඉහල නැග්ගේය. දැන් ලන්සුව යන්නේ 800 ගානකටය....

ඒ අතරින් පතර එක දෙන්නා කෑගසයි.

කෑවද කට්ල.......ට්
ආ....කෑවද???
මේ කනවා.....
කාපන් කට්ලට්.....

මං රජ මධ්‍යම රාත්‍රී 11.45ට පමණ නිදා ගත්තේ පසුදින කැම්පස් එක වගේ එකට යන්නට මහා පාන්දර 4ට අවදි විය යුතු බැවින්ය. මගේ කාමරේ නිදියන්නත් මට නිකන් මොකද්ද වගෙය. ටීවී එක තියෙන්නේ මගේ කාමරේ ළඟය. ඒ කියන්නේ ගෑල්ලමයි ඇදුම් ඇන්දේ මෙතනය. එතනින් යනකොට මට නිකන් ඔක්කාරෙට වගේය. 

රජ මලයා හෙවත් යුවරාජ් දුන් කොන්ක්‍රීට් මල් බදුන රුපියල් 1100කට විකිණී තිබුණි. එය අපේ වැඩපොළේ විකුනන්නෙත් රුපියල් 700කටය. එහෙන් මෙහෙන් එක එක ඒවා විකිණී සල්පිල ඉවර වෙනකොට වෙලාව පාන්දර 3 යයි මව්තුමිය පසුදින මා හා පැවසුවාය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

111 comments:

  1. හිකිස්‌!!! මේ රජා නම් ..... එක්කෝ ඕනේ නෑ... ;)
    මේ මං පනුච්චිත් සල්පිල් දැකල තීනවා ඈ... හැබැයි ගිහිල්ලා නෑ.. ඔය වගේ ගෙදර ඉඳං රේඩාර් දාගෙන ඉන්නේ හැම පාරම..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. පණුවෙක් ඉස්ඉස්සෙල්ලාම බොගේට කඩා වැදීම හෙලා දකිමි :)

      බෝ වේවා!!!

      Delete
  2. කියන්න සංතෝසයි වැරදුනා.. ලැජ්ජයි..මමත් ගිහින් නෑ ඔහොම එකකට..

    ReplyDelete
    Replies
    1. අන්න 40% එක්කෙනෙක්... :)

      Delete
  3. මම නම් ඔහොම එකක් දැකල නෑ බං. තිබුණ නම් මරු කියල හිතෙනව.

    ෂික්...බලපං අච්චර හොඳ වෙලාවකත් උඹේ තිබිච්චි කැත .... හිත.

    ReplyDelete
    Replies
    1. සිරාවට උඹ ගිහින් නෑ???

      මූව මරන්න එපෑ යකො..

      Delete
    2. යන්න තිබිල එපැයි යකෝ ....

      ඇත්තටම බං, පහුගිය අවුරුදු විසිගානටම මම ඔහොම සල්පිල් කතන්දරයක් මේ පළාතෙ තියෙනව දැකල නෑ. ඉස්සර තිබුණද කියල නම් දන්නෑ.

      Delete
    3. ලබන පාර වරෙන් අපේ ගෙවල් පැත්තේ :)

      Delete
  4. මාත් ගිහින් නෑ අප්පා.හැබැයි ටවුමේ ඔහොම එකක් තියෙනකොට අපේ ගෙදරට හොඳට ඇහෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත් ගිහින් නෑලු..
      ඒ මං හොදයිනේ...

      ආ.... හරි හරි... මේකයි සීන් එක. මතක නැද්ද මම ගොඩයෙක්නේ :)

      Delete
  5. අම්මප අපිත් දැකල නෑ නො‍වැ ඕවා. ඒකටත් එක්ක අපේ පරම්පරවේ කොල්ලෝ හැමදාම සල්පිල්වල.. හා.. හා.... (ෂල්ලි දීලා ගැනූ ගන්ට)

    ReplyDelete
    Replies
    1. //ෂල්ලි දීලා ගැනූ ගන්ට//

      හා හා..... ඔය අහුවෙන්නේ ;)

      Delete
  6. උබේ සිංහාසනෙත් වෙන්දේසියට තියන්න තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. ඒක ගන්න තරං වැඩ්ඩෙක් එතන හිටියේ නෑ බං.. මොකද වැඩ්ඩා වහලේ උඩනේ :)

      Delete
  7. නියමයිනේ...

    මමත් සල්පිලක් දැකලත් නෑ. :( අහලා තිබුනා හැබැයි.

    ඇයි මේ වල් රජා සල්පිල බලන්න නොගියේ??????????????????????

    ReplyDelete
    Replies
    1. යන්න වෙලාවක... මරු :)

      මම බලාගෙන හිටියේ...

      Delete
  8. සල්පිලට වැඩිය හොඳ දේවල් රජ මාලිගාව අස්සෙනෙ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ.... දෙමළ නයන්නට විතරයි පෝස්ටුව තේරුනේ :)

      Delete
  9. "මග හැරුන දර්ශනයක් නිසා මාගේ පපු කැනැත්තෙන් බුරා බුරා නැගුන ස්වකීය ප්‍රතික්‍රියාවේ තිරස් විභේදනය, ධරයේ සිට ආයාසයට ඇති දුරින්, විඛන්ඩිත ප්‍රේරණය වී ඉන් උත්පාදනය වූ න්‍යශ්ඨික ආරෝපණයක අවසාන නිරීක්ෂණය"

    වල් රජෝ කියවන උන් විලම්භීත වෙන වාක්‍යය කණ්ඩ දාන්න එපා යකෝ. දිවත් උලුක් උනා වගේ

    ReplyDelete
    Replies
    1. ඉරිදා දිහාට බලහන් මචන්... ඔය ස්ටයිල් එකෙන් එනවා පෝස්ටුවක් :)

      Delete
  10. අප්පෝ... මෙහෙම රජෙක් වෙන නොදුටුවෙම්.. මින්පසු දුටුවොත් උඹව මතක්වෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... වන් ඇන් ඔන්ලි මචන්.. ආයේ නෑ ;)

      Delete
  11. /// ස්වකීය ප්‍රතික්‍රියාවේ තිරස් විභේදනය, ධරයේ සිට ආයාසයට ඇති දුරින්, විඛන්ඩිත ප්‍රේරණය වී ඉන් උත්පාදනය වූ න්‍යශ්ඨික ආරෝපණයක අවසාන නිරීක්ෂණය විය හැකිය. ////

    මේ ටික නම් කොඤඤං කොඤඤං වත් තේරුනේ නෑ බං... හි හි

    කොහෙද බං හයිනෝ දඩයම් කරන්නේ...? උඹ නං ...........................................................
    හි හි.......

    මාත් ගිහින් තියෙනවා ඕවට .. අපේ මලයාගේ ඉස්කෝලේ ඕවට අම්මට යන්න බැරි උනාම මං තමා යන්නේ.. අප්පේ.. අපේ මලයගේ ගෑණු ළමයි ටික කියන්න ඕනේ නෑ හොඳට සලකනවා මට... හි හි අපේ ගෙවල් පැත්තේ ඒවට නම් යන්නේ නෑ... මං උන් එකෙක් වත් අඳුරන්නේ නෑ නේ....

    ReplyDelete
    Replies
    1. ඔය ලිව්වට මටත් එච්චර නිච්චියක් නෑ...

      ෆුටා... හයිනෝ දඩයම් කරන්නැද්ද? කරනවා කරනවා... මම දැක්කනේ දවසක් ඇනිමල් ප්ලැනට් එකේ :0

      අපේ ගමේ උන්ට මාව මතක නෑ... ෂුවර්!!!
      මොකද මම ගෙදර නෑ...ඉන්න දවසට ගේ ඇතුලෙමයි :)

      Delete
    2. හයිනෝ සෙට් එකකට අහු උනොත් සිංහයෙකුට උනත් බඩු තමයි..

      Delete
    3. හයිනා දඩයම් කරන්නේ රංචු විදියට. තනියම නෙවෙයි. ඒ රැලකට ඕනේ එකෙක් බයයි.

      Delete
  12. මාත් දෙකකට විතර පොඩි කාලේ ගිහින් තියෙනවා ලගදි මතක ඇති කාලෙක ගියේ නෑ දැන් ඔයවගේ එව්වා වැඩිය නැද්ද කොහෙද :/

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. දැන් ඒවා අභාවයට යනවාලු :(

      Delete
  13. රජෝ, මටනම් හිතෙන්නේ මධ්‍යම කියා නොලියා මද්යම කියා ලිව්වේ රජා එවෙලේ මද්යපමා වී සිටි නිසා වන්නට ඇත. :D :D

    ඔන්න රජෝ අපේ කාලේ සල්පිල් මෙහෙමයි. සල්පිල තියන්නේ පන්සල් මිදුලේය. වැස්සොත් බණ මදඩුවේය. පටන් ගන්නේ රාත්‍රී 9 - 10 විතර වෙලාය. ඊට කලින් 7 ට විතර පටන් ගන්නා බණ ඉවර වෙන්නේ 9 ට විතරය. දැන් කාලේ වගේ සුටුස්‌ ගාලා කියන බණ නොවේය. සල්පිල් භාණ්ඩ අතර පුච්චපු කජු මුල් (සමහර එවුන් අසික්කිත කොමට කජු ගහක මුලක් පුච්චලා නොතියනවාම නොවේ. හැබැයි කෑම ජාති පිරිලාය. අලුවා, වැලිතලප, ආස්මි,අග්ගලා,නාරං කැවුම් මුල්, කිරිකොස්, කරවල, වෙල් අලකොල ඇඹුල සහිත බත් මුල්,තැම්බූ අල බතල,(පාර්සලය කියන වචනය ඒ කාලේ භාවිතයේ තිබුනේ නැත) ඒ වගේම කෙසෙල් පැළ, තැඹිලි පැළ, තිබුණි.

    මේවා අතර ගමේ තරුණියන් අතින් මසන ලද ලේන්සු, කොට්ට උර, ටීපෝ කවර සඳහා තරුණ පරපුරෙන් දැඩි ඉල්ලුමක් තිබුණා. සමහර තරුණියන් මැසු ලේන්සු ගන්න ගිහින් මිනී නොමැරුනා විතරයි. ඉතා දිග විස්තරයක් ඉතා කෙටිකර මේ කිව්වේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔය ලේන්සු සීන් එක නම් අපේ තාත්තත් ඉස්සර කියනවා තමා... හි හි

      Delete
    2. අයියෝ... අදත් වැරුද්දක්ද? :(
      ස්තූතී ඈ විචාරක මාමා.. හදන්නම්

      මේකෙත් තිබ්බා කෑම තොගයක්..කැවුම්, ආස්මී, අළුවා
      මම කිව්වේ නැති උනාට

      ඔබේ අතින් මල් මහලා කුරුළු ජෝඩුවක්
      මතකද ඔබ මට දුන්නා කොට්ටෙට උරයක්..

      ආ.. ඒ කොට්ට උරයක් නේ? ලේන්සුවක් නෙමේ... ;)

      Delete
  14. dan dan raja palu(p-wenuwata B-yeduwatada kam netha.) wemin pawathe.

    Man ehemanam mona magulaka yanna thibunath doiyanne netha. Koheda rajata okkotama wada ninda loku welane.

    ReplyDelete
    Replies
    1. උඹනං කියයි.. බස්එකේ හිටගෙන නින්ද යනකොට කොහොමද සැප? :)

      Delete
  15. මමත් මේව දෙකක් විතර දැකල තියනව. රජා වගේම මමත් වැඩිය සෙනඟ ගැවසෙන තැන්වල රැඳෙන්නෙ නෑ. අර ඇඳුම් මාරු කරද්දි පහලවෙච්ච අදහස නම් කැතයි රජෝ.

    ReplyDelete
    Replies
    1. මෙන් විල් බී මෙන් ;)

      Delete
  16. මතකේ හැටියට මේ මාගේ 3වන සල්පිල් අත්දැකීමය. හික්ස්....

    ඒ වුණාට රජාගෙ කථාවනම් කෙහොමද ලෝකෙටම රජා වුණ ගානයි...මෙහෙම නෝන්ඩි නොවී උපදේශක තනතුරකට කාව හරි බදව ගත්තනම් හොදයැයි සිතේ

    ඒ තනතුරට විචාරක මහත්තයත් නරකම නැතැයි සිතේ හික්ස්......

    ReplyDelete
    Replies
    1. හිකිස්...

      ඒ අදහසත් නරකම නෑ.. :)

      Delete
  17. සිනා මනා..!! එල ආ..:D

    ReplyDelete
    Replies
    1. මම දැක්කේ මලා වගේ :)

      Delete
  18. අපෙත් පංසලේ ඉස්සර තිබුනා සල් පිල්..පස්සේ ඒක මල් වට්ටි වෙන්දේසිය විතරක් උනා කාලෙත් එක්ක...එකෙක්ගේ ගෙදරින් උගස් ගස් මිටියක් ගෙනියන්න සෙට් වෙලා අපි ගියා සප් එකට...කොළත් එක්ක තිබ්වේ සල් පිලට තියන්න.....විනාඩි 10 යනකොට ගෙදර දිව්වා පොල් තෙල් ගාගෙන ආවේ උගස් කොළ වල බූව බෙල්ලේ ගෑවිලා කසන්න අරගෙන...දැං මේවා දකින්නවත් නෑ අප්පා.....

    ReplyDelete
  19. සල්පිලකද් මම නම් කෑවා හොඳ පරිප්පුවක් ඒවා මෙතන කියන්න ඕනෙනෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ කියලා දාන්න අෆ්ෆා ;)

      Delete
  20. අපේ ගෙවල් ලගත් සල්පිලක් තියා ගත්තනං බාලිකාවෝ ටිකට මගේ කාමරේ දෙන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. රට්ටු මූ ගැන කියන කතා ඇත්ත තමා බලන් ගිහාම :)

      Delete
  21. තරියා +++++

    බලහංකෝ ඉතින් කියන්න ගිය එක අමතක උනානේ මේ තරිය‍ගේ කොමෙන්ටුව ‍නිසා .... මතක් වුනාම කියන්නං

    ReplyDelete
    Replies
    1. එල එල... මතක තෛලෙ ගහලා වරෙන් :)

      Delete
  22. අපේ පන්සලේ (පන්නල - මාකදුර) නම් හැම අවුරුද්දකම සල්පිලක් තියනවා සැප්තැම්බර් මාසෙ පෝය දවසට. සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක විතර ආදායමක් ලැබෙනවා. ඒ සල්ලි වලින් තමයි දහම්පාසලේ තෑගි බෙදාදීමේ උත්සවේටයි, වාර්ෂික චාරිකාවටයි වියදම් කරන්නේ. මේ සැරෙත් ගිය මාසෙ අන්තිමට සල්පිල තිබුනා. ගමේ හැමෝම වගේ එදාට සල්පිලට එනවා. මල්වට්ටිය වෙන්දේසි වුනේ රුපියල් 50,000කට. කෑම බීම වලට තමයි වැඩි මුදලක් ලැබෙන්නේ.

    ගොඩක් දෙනෙක් සල්පිල් දැකලා නෑ කියන එක නම් ඇත්ත. මම ගමේ ගිහිල්ලා සල්පිලකට ගියා කිව්වාම අපේ ස්ටාෆ් එකෙයි බෝඩිමෙයි කට්ටිය කට ඇරගෙන බලාගෙන හිටියා. ජය...!

    ReplyDelete
    Replies
    1. මගේ අම්මේ....50,000කට :0

      අපේ ගමේ උන් ලන්සු තිබ්බේ නෑනේ එච්චර

      Delete
    2. මල් වට්ටිය තනි එක්කෙනෙක් නෙමෙයිනේ ගන්නෙ. එක එක්කෙනා තමන් වැඩි කරපු ගාන දෙනවා. එතකොට නිකම්ම 50000 එකතු වෙලා. එක්කෙනෙක් දාන්නේ 50, 100 වගේ ගානක්.

      Delete
    3. ඔව් ඔව්.. අපේ උන් එව්වර ලන්සු දාන්න උනන්දු උනේ නෑ... මල් නේ :)

      අන්තිමට බැරිම තැන තුන් ඈවරයි කිව්වා ;)

      Delete
  23. //“තරුණ පරපුරේ“ උන්ගෙන් 40%ක් සල්පිලක අත්දැකිම විද නැත.(පරීක්ෂණයක ප්‍රථිපලයකි)//

    දැන් උඹ අයිති මොන පරපුරටද කියලා හිටිංකෝ ඔක්කොටම ඉස්සෙල්ලා...

    සල්පිලක් කියන වචනෙටනම් මට මුකුත්ම මතක් වෙන්නේ නෑ අප්පා.මොකද ඉතින් අපි කොහෙ ගියත් මාතෘකාවට පිටින් වැඩකලා මිසක් මාතෘකාවට අදාලව වැඩක් කලේම නෑනේ.

    කොහොමෙන් හරි පොලක් වගේ එකක්නම් අපේ 4 වසරෙත් තිබ්බා වගේ මතකයි.හැබැයි ඉතින් එදා ඉස්කෝලෙ පොලට ගෙදරින් මොනාහරි අරන් එන්න කිව්වයි කියලා මතක් වුනේ උදේ පාන්දර 7ට විතර ඉස්කෝලෙ යන්න ලෑස්ති වුනාම.මොනා කොරන්නද අම්මා තාත්තට කිව්වොත් ඔව්වා නොදී මාව යවනවනේ ගිහින් තනියෙන්ම කැඩුවා කරපිංචා ටිකක්.ටිකක් කිව්වට ඕක චුට්ට චුට්ට කඩන්න බැරි නිසා මගේ උසට තිබ්බ තැනින් ගහ කඩලා ගත්තා(කරටියෙන්ම).ඒකත් හරි දෙහි ගහෙත් ගෙඩි තියෙනවා කැඩුවා දෙහිත්.ගෙඩි 10ක් විතර තියෙන්න ඇති.

    ඕක බෑග් එකට ඔබාගෙන තාත්තගේ අතේ එල්ලිලා යන ගමන් තාත්තට කිව්වා රබර් පටි පැකට් එකක් ඉස්කෝලෙට ගේන්න කිව්වා කියලා.ඒකත් යන්තම් ගත්තා කියලා කියලා.ඉස්කෝලෙට ගිහින් මිටි බැන්දා.එදා පොත් ගෙනිච්චේ නෑ බෑග් එක පිරෙන්නම කරපිංචා අත්ත තිබ්බේ... කොහොමහරි මිටියක් 20 ගානේ විකුන්නා.දෙහි ගෙඩියක් 10 ගානේ දුන්නා.අපරාදේ කියන්න ඕන්නෑ තිබ්බ සේරම විකිනුනා... අවුල උනේ ඉන්ටවල් එකෙන් පස්සේ ටීචර් උගන්නද්දි පොත් නැති නිසා බැනුම් අහපු එක...

    ඒක නෙමේ රජෝ ඔය සල්පිලවල්වලදි කට්ලට් 300ක් විතර රුපියල් 30කට විතර අරගෙන කන්න විදියක් නැද්ද ඈ??

    ReplyDelete
    Replies
    1. පුළුවන් බං... ලන්සුව සත 50 විතර පටන් අරන්... සතෙන් සතේ වැඩි කරන්න තියෙන්නේ. ^_^

      Delete
  24. අපේ ගෙවල් පැත්තෙත් සල්පිලක් තිබුනා. දැන් අවුරුදු 5කට විතර කලින්.. සල්පිලට ආපු ගමේ ලොකු ලොකු අයගෙන් සල්ලි ඉල්ලගෙන අපිත් කෑමට ජාති වලට ලංසු තිබ්බා.. සමහර අය අපිට සල්ලි නැති උනාම අපිට ලංසු තියන්න ඒ අයගෙ සල්ලි දුන්නා.. ගමේ සමගිය වැඩි වෙන්න ඒ සල්පිල ලොකු උදව්වක් උනා. ඒ අතරේ පොඩි පොඩි ආරවුල් එහෙම නැත්තෙමත් නෑ..
    ඒව හරි ජොලි දවස්...

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. හෙන ජොලි නේන්නං :)

      Delete
  25. මාත් ගිහින් නැහැ ෂල්ෆිල් වලට බං :(

    ඒක කළු කඩයක් වගේ පොට් එකක්ද 700ඒවා 1000ට විකිනෙන !

    ReplyDelete
    Replies
    1. අඩෝ... උඹත් ගිහින් නැද්ද? සිරාවටම?

      කළු කඩ වලට එහා මේක. සල්ලි උනනවා :)

      Delete
  26. බොහෝවිට ඒ මග හැරුන දර්ශනයක් නිසා මාගේ පපු කැනැත්තෙන් බුරා බුරා නැගුන ස්වකීය ප්‍රතික්‍රියාවේ තිරස් විභේදනය, ධරයේ සිට ආයාසයට ඇති දුරින්, විඛන්ඩිත ප්‍රේරණය වී ඉන් උත්පාදනය වූ න්‍යශ්ඨික ආරෝපණයක අවසාන නිරීක්ෂණය විය හැකිය.
    mokakda bane meke theruma

    ReplyDelete
    Replies
    1. මටත් ඒ හැටි තේරුමක් නෑ බං :)

      Delete
  27. හ්ම්ම්... මාත් තාම හරියට සල්පිලකට ගිහිල්ලාම නැ..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හරියට ගිහින් නෑ කිව්වේ? වැරදියටද ගියේ ;)

      Delete
  28. ඈවරයි දෑවරයි තුන් ඈවරයි බඩු බනිස් චකබ්ලාස් කිව්වලු.

    ReplyDelete
    Replies
    1. අන්තිමට බින්දා නේද වීදුරුවක් :)

      Delete
  29. //ස්වකීය ප්‍රතික්‍රියාවේ තිරස් විභේදනය, ධරයේ සිට ආයාසයට ඇති දුරින්, විඛන්ඩිත ප්‍රේරණය වී ඉන් උත්පාදනය වූ න්‍යශ්ඨික ආරෝපණයක අවසාන නිරීක්ෂණය විය හැකිය //

    ඈ රජෝ..මට හිතුනේ ආයෙම සිංහල ක්ලාස් එකකට යන්න...මේ කුණු හරුපේ තේරුනේ නෑ..මඤ්ඤං මඤ්ඤං වගේ :0

    ReplyDelete
  30. ඉස්සර අපෙ ගමේ සල්පිල් කියන ඒවා වැහි වැහැලා තිබුණේය. එඩ්වඩ් ජයකොඩි මල්වට්ටියක් වෙන්දේසියක් සින්දුව කීවෙ එහෙම සල්පිලකට ඇවිත් ගිය පසුය. සල්පිලේ වෙන්දේසිය නිවේදනය කරන්නා පට්ට කටර් එකක් විය යුතුය, ගමේ හිටිය ටිකක් කට හැඩ නැති අයියා කෙනෙකුට සල්පිලේ නිවේදනය කරන්නට පුදුම දොළ දුකක් ඉපිද තිබුණේය. බැරිම තැන පොර නිවේදකයා විය. සල්පිල නැගලා ගියේය, අයියා වැඩ දමමින් නිවේදනය කළේය. අයියාගේ මව්තුමිය පොඩි කේක් පෙට්ටියක් ඉල්ලුම් කර එය දිනාගත්තේය. අර අයියාටද හරිම හැපිය. ඉන්නේ නිවෙදනය කරමින් බවද අමතක විය. යකඩ කඩ කට ළග තබාගෙන අම්මා කොහොම හරි පෙට්ටිය කඩා ගත්තා නේදැයි ඇසුවේය. ඉතින් ඒක කාටවත් ඇසුණේ නැත.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට සිරි.. ඇඩෙනවානේ.. :))))

      හූ එහෙමත් වැඩිය ඇහුනේ නැතුව ඇති

      Delete
    2. ඔය කියන විදියට ඒ සල්පිල් කාලේ ඒවා එච්චර මීටර් නැති වෙන්න ඕනෑ ය. ඒ නිසා අවුලක් වන්න බැරිය.

      Delete
  31. සිකෙයියා මූ පොඩි ගෑල්ලමයි ටිකක් ඇඳුම් මාරු කරනවා බලන්න හැදුවනේ.

    ReplyDelete
  32. මෙන්න මේකා ළමා අපචාර කරනවෝ!!!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න බොරු චෝදනා කරනවෝ!!!!

      Delete
  33. රජාව විකුනන්න තිබුනේ සල්පිලේ දාලා

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නම මු ගන්න එකාට බුදු........ සරණයි

      Delete
    2. එහෙනං ගෑල්ලමයි ලන්සු තියයි අම්මබානට.... මට ස්ටේජ් එක උඩ ඉන්න වෙන්නේ සතියක් විතර ^_^

      Delete
  34. "අඩවි රජ" ඔබගේ රජ්ජ අදායමෙන් 6% සල්පිල් සදහා වෙන් කරනු ... නැත්නම් රට වැසියන් වන අප හෙට සිට වැඩවර්ජනයක් හොදේ

    ReplyDelete
  35. මමනම් දන්නෝ සල්පිල්... :D

    ReplyDelete
    Replies
    1. ඒකනං කිව්වේ ඇපෙන් බේරෙන්නද කොහෙද... හූ ඈ :)

      Delete
  36. හික් අල සීං එක මිස්වෙච්ච හැටිනම් ලියල ටියෙනව ආයෙ නෑ ඩුක හිටෙන්නම.....පී....;)

    මෙව්ව තාම තියෙනවද අප්ප....මමත් අහල තියෙන්නෙ අපෙ ආච්චි අම්මයි සීයයි කියපු කතාවලින් විතරයි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... උයාට ඩුක හිටුනද? අනී... :)

      තියනවා තියනවා... මේ තිබ්බේ

      Delete
  37. @ළිහිණි ඕකට සිංහල පන්ති ගියොත් තව මඤ්ඤං ලොල් ඇ.....
    බොහෝවිට ඒ මග හැරුන දර්ශන මු බලන්න ඇති හොරාට {spycam} තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද?? මම හොද ළමෙක් ඩෝ!!!

      Delete
  38. ඒ මොකො බං රජො ඔක්කරෙට ආවෙ... එල එල හැබැයි රජො මාලිගාවෙන් හැමතැනම එලවලානෙ රජාව...
    ඔක්කාරෙට ඇබුල් කැම හොදයිලු :P

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ...මගේ බඩ :))))

      ඇඹුල් කෑම නේ? හූඌඌඌඌ....

      Delete
  39. හි.. හි... නරක නෑ සල්පිලත්..

    ReplyDelete
  40. මටනම් හිතෙන්නෙ මේ සල්පිල වෙන්දේසි කරල තියෙන්නේ රජාම කියලයි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. අපෝ...නෑ

      මම හිටියේ මීටර් 30ක් විතර මෙහායින් :)

      Delete
  41. සල්පිල් වල කියනව උන්ගේ කට හොඳයි නම් ඉතින් ෆන්ම තමා
    මේ පැත්තේ සල්පිලකදී කෙල්ලෙක්ගේ ගෙදරින් ආපු කජු පාර්සලයකට ටුයි කරපු කොල්ලෝ දෙන්නෙක් නොවටිනා ගානකට ඉස්සුවා

    ReplyDelete
    Replies
    1. කීයටද ගියේ...3000කට විතරද? :)

      Delete
  42. ||අඩේ|| මහරජ - මම ගිහින් තිනවා bola :D

    ReplyDelete
  43. මේකගෙ වල් කම අඩුවෙන්නෙම නෑනෙ බොලේ.... රාජ අන්තංපුරය මේ දවස් වල වහලා දාලද රජෝ...

    ReplyDelete
    Replies
    1. ටොයිංංංංංංංංංං :)

      මොනවා හරි ඇහුවද?

      Delete
  44. ඒ රජ තුමෝ ,මේ දවස් වල ගෙදර ද ඇ .සල් පිල් නම් 2,3 වගේ මටත් අත්දැකීම් තිබේ.මුල්ම එක 2 වසරේදී තමා ඔන් ඇ.

    ReplyDelete
    Replies
    1. යා යා... මේ ටිකේ ගෙදර :)

      Delete
  45. සල්පිල් නම් පට්ටම ආතල් තමයි. එකෙන්ම.

    ReplyDelete
  46. අපේ ගම් වලත් අපි පොඩිකාලෙ සල්පිල් අපමන තිබුනා..හොඳට මතකයි..!
    දැන් තරුණ පරපුර ටී.වී. වලට ඇබබැහිවෙලානෙ. ටෙලිනාට්‍ය යනවෙලාවට ගෙදරින් එලියට ගැනීම බොරු. ඉස්කෝලෙ ලමයින්ටත් එහෙමයි...රාත්‍රිය පුරා නිදිවරන්න කොයිද..වෙලාවක්.
    සල්පිල අතරේ ඒ කාලෙ ප්‍රේම ජවනිකා පුරන්නත් ගමේ ආදරවන්තයන්ට පුලුවන උනා.
    ඒ නිසා තරුනයො.තරුනියො ඔක්කොම වගේ සල්පිල් භූමියට ඒනව.අපිට නම් ඉතිං හොරකුරුම්බා කඩන්න තරම් චාන්ස් එකක් ලැබෙන්නෙ. ඇයි ගමම පන්සලේනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය අහුවෙන්නේ මුන්ගේ හොර ටික ටික.. :)

      Delete
  47. මරු බං.
    හනේ මුලින්ම අර දහම් පාසලයි, සල්පිල් කෲ එකයි රජවාසල ආක්‍රමණය කරපු එකට නම් මගේ බලවත් සන්තාපය,(උඹ අකමැතිම වෙන්න ඇති නේ?)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අකමැතිදත් අහනවා.... මට ඔක්කාරෙට ආවේ ඒකනේ :)

      Delete
  48. හි හි.. මරු මරු :)

    ReplyDelete
  49. හයිනෝ සෙට් එකකට අහු උනොත් සිංහයෙකුට උනත් බඩු තමයි..

    ReplyDelete
  50. අපෙ ගේ පිටිපස්සෙ සල්පිලක් තිබ්බ.සැහ් ඒත් ගෑල්ලමයිනම් ආවෙ නැති සේක.මට ඔවැනි යමක් වූවේනම් මටද හොරා කැමරාව ඔන් වී තිබෙන්නෙය.එය මහ ාසමජ්ජාති කැමරාවකි.මමවත් එතරම් වල් නැත

    ReplyDelete
  51. මම සල්පිල් බලලනම් තියෙනවා... එත් ගැණු ළමයි ඇඳුම් මාරු කරනවා බලලා නැ ඕයි... මිදී තිතයිනේ.... :))

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)