Monday, April 22, 2013

සයිබර් මලකෙලිය - Cyber Festival 2013


බ්ලොග් ලියන උන්ගේ අවුරුදු උත්සවේට යන්න අපි පුල පුලා මූණ බිම ඔබා බලන් සිටියෙමු. දවස උදා විය. මහ පාන්දර 6 විතර නැගිටගත් රජා කෙලීන්ම ආවේ නිට්ටඹුවටය. හොදට ෂපාන් එකේ කොළඹ බස් එකක ඉදගත්තෙමි. ඉරිදා හින්දා වැඩිය සෙනගත් නැත. උදේ පාන්දරම ආතල් එක දුන්නේ බස් එකේ කොන්දා සහ ඩයිවරයාය. බස් එකේ සෙනග නැති හින්දා කොන්දා කෑගහන්නේය. ඒකත් අළුත්ම විදිහකටය. 

ආ එන්න...කොළඹ කොළඹ කොළඹේ..... 

වචන ටික අවුලක් නැති උනාට මූ ඕක කියන්නේ පස්ස නලෝ නලෝය.  අර PSY ගේ ජෙන්ටල්මන් එකේ වගේය. මං හිතන්නේ ඌ උදේ පාන්දර  ඉනට එක්සයිස් දෙනවා විය යුතුය. එක්කෝ පට්ට බොකක් සෙට් වෙලාය. බස් ටෑන්ඩ් එකේ තුන්මන් හන්දියේ කකුල කොර ගගහ ආපු බල්ලෙක් තඩි බොකක් බෑවේය. වාසනාවට වගේ මම එය දැක්කේය. අද දවසම සුභ වෙන බව හීනෙන් වගේ මට තේරුනේ එතකොටය. ඩයිවරයා බෙට්ට වගේ බස් එක කැරකෙව්ව විදිහ මාරම ලස්සනය. බෙට්ටට කිසිදු හානියක් නැත.

කොටුවට එනකොට දැකලා පුරුදු එකෙක් වටපිට බල බල කැරකෙන්නේය. අඩේ අප්පේ....කොට නාඩියාය. 

රජා: අඩො....

නාඩියා: අම්මට සිරි...උඹ තනියමද ආවේ.

රජා: නෑ බං මේ කෙල්ලෙක් ඉන්නවා කිව්වා....

නාඩි: මේ මමත් එකක් එක්කන් ආවා බං...හොයාගන්න බැරුව ඉන්නේ...

නාඩි: කෝල් කරමින්.... කොටුවේ ටී අකුර යටට එන්න ඈ...

මම අර ගෑල්ලමයට කතා කලෙමි. එයා නම් ඈත එනවා පෙනුනි.

රජා: ආ එනවා....

නාඩියා: අනිකත් පිටිපස්සෙන් එනවද කොහෙද....

වෙනදා වගේම ගවේෂකයා පරක්කුය. කොටුවෙන් යනකොටත් 9ට කිට්ටුය. 138 ඇවිල්ලා හොයාගෙන හොයාගෙන එනකොට 9.30ට විතර ඇතිය. ඇතුලට ආපු ගමන් බනියා සෙට් උනේය. පඩි ටික බැහැගෙන බැහැගෙන එනකොට  රාජ් අයියා රජාව ඇදගෙන ආවේය තව පොඩ්ඩෙන් හොම්බ කට සමතලා වෙන්නේය. ඒ ඇදගෙන යෑම අස්සේ ඇස් දෙක වික්ෂිප්ත කල දර්ශනයකි. රෙඩ් බුල් අක්කලා දෙන්නා නම් ලොවෙත්ය. රෙඩ් බුල් එක ගහන්නත් කලින් මට තටු ආවේය. සුදීක අයියේ........ෆිට් තමා ඈ ;)

උදේ පාන්දරම ශම්මියා, සමියා, නිශානයා, නොහික්මුණ එකා, නලීන් අයියා එහෙම බැහැලා වැඩය. ආයේ මොකටද කරදර කරන්නේ. අපි පැත්තකට වෙලා හිටියෙමු. කොඩි උස්සලා එහෙම වැඩ ආරම්භ උනේය. ඒ අස්සේ කරන්ට් එකත් නැතිය. ටික වෙලාවක් යනකං බස් එකේ උන්ගෙන් බේරිලා හිටියද කවුදෝ එකෙක් කරන්ට් එක හොයාගැනීමත් සමගම වැඩේ දෙල් විය. අයිසා, නීනු අපේ කන් කෑවේය. 

බනිස් කෑමේ තරගයත් පුල් ආතල්ය. සුපිරිම එක දුන්නේ මාරයා සමග සමියාය. උන් දෙන්නා අතින් අල්ල අල්ල බනිස් ගෙඩි දෙක තුනක්ම කෑවේය. අතින් අල්ලන්න එපා කියන උන්ට මාරයා තර්ජනය කලේය. සමියා නම් බුදියගෙනත් කෑවේය. ඉතුරු වෙච්ච බනිස් තුනකට රජා වගකිව්වේය. ඇයි බං....සල්ලි දීලත් ඇවිල්ලා බඩිගින්නේ ඉන්නේ මොකටද නේ?




තරග වලට මොනා උනාද දන්නෙත් නැත. ටික වෙලාවකික් කට්ටිය පිට්ටනිය මැද්දේ සුකුරුත්තන් ඩාන්ස් දමන්න ගත්තේය. රජා බිම ඉදගෙනම පොටෝ අල්ලන්න ගත්තේය. අනේ අම්මේ....අර කෙට්ටු ගෑණු ළමයා ඉන සුග ඇඹරුව ඇඹරිල්ලට මම නං හිතුවේ ඉන ජොයින්ට් එකෙන් ගලෝලා නුගේගොඩ දිහාට විසිවෙයි කියලාමය. ඒ අස්සේ  කවුදෝ එකෙක් ඈත ඉදන් දුවගෙන එන්නේය. සෙනග අස්සෙන් රිංගගෙන පණ කඩාගෙන ආවේය. අම්මට සිරි....මේ අපේ මාරයියාය. 

මාරයා: මේවා බලන්නැතුව වෙන මොනා බලන්නද බං...

රජා: අනිවා අනිවා....අර පේන්නැද්ද...

එකෙක් දර්ශන පථය අවහිර කලේය.

මාරයා: පින්වත පොඩ්ඩක් අයින් වෙනවද අපිට මේක බලන්න.

තව මොනවද විකාරෙන් වගේ කියෙව්වද මට මතක නැත. අර කෙට්ටු අක්කා නාඩියා එක්ක නැටුවේය. මමනං හිතුවෙම නාඩියාට ගැහුවම තමා කියලාය. නාඩියා බයෙන් වගේ අත පය විසිකරනවා අපි දැක්කෙමු.



ඒ අස්සේ තරියා රජා සහ අනිත් සෙට් එක පොටෝවකට පෙනී සිටින අතරම තරියාගේ කේරල දේශයෙන් ගෙනා සරම උස්සා කක්කි පැත්තම පෙනෙන සේ පොටෝවක් එකෙක් ගැසුවේය ඒ අලකලංචි අස්සේ ගවේෂකී, සහ ශෝනා කෙල්ලගේ පොටෝ ගහන්නට ගොස් රජා ඉල්ලගෙන, ගාගෙන, නාලා, කාලා, වමාරලා, ඒවත් කාලා, ආයේ නාලා, ටොයිලට් ගිහින්, දාලා, ආයේ ඒවා කාලා, වමාරලා ආයෙත් කාපු සීන් එකක් ගියේය. උන්ගේ හෑන්ඩ් බෑග් එල්ලා ගත් රජා ටක් ගාලා පොටෝවක් ගැහුවේ අනිත් උන් දකින්න කලින්ය. අනේ හත්තිලව්වේ......ඒ තප්පර දෙකට සීන් එක ලීක් වෙලාය. 

මං මටම මඩ ගහගැනීම

රජා නං හිටියේ කිරි කෑමේ තරගයට විතරමය. ඒකත් යෝගට් එක කන්න ඔනේ නිසාමය. අර කෙල්ලට හිමින් කවපන් දිනන්න ඕනේ නෑ...මට කන්නයි ඕනේ කිව්වම මගෙ ඇග පුරා හලමින් කැව්වා කියහන්කෝ. මට ඇඩුනේය. අයියෝ ඩෙනිමය. 



ජන ගී ගායනා තරගය නම් ෆුල්ම ෆන්ය. බුරිය ඉදිමෙනකන් හිනා උනෙමු. ඔක්කොටම වඩා සෙට් වෙන්නේ ඕනයාගේ කමෙන්ට්ස්ය. නැගලම ගිය සින්දුව කිව්වේ නෙරන්ජි අක්කාය. කට්ටිය ජන ගීයට නැටුවෝය. සින්දුව අවසානයේ උශානයාද කොහෙද පඩිපෙලේ ඔලුව ගහගන්නවා හැමෝම දැක්කේය. අර කැඩිච්ච පෙට්ටියක් අරන් ඇවිල් විරිදු සින්දුවත් ලොවෙත්ය. උමාගේ පාරු කවිය අස්සේ සමහරු ඔරු පැද්දේය. උමා අක්කට දුන්න කමෙන්ට්ස් ටික කෝමද? 

තව පද 4ක් තිබ්බනං ඔඩොක්කුවේ...

ඔයාට කඩේ යවන්න පුළුවන්...හොද හැකියාවක් තියෙනවා. (ඒ ඒවා වීඩියෝ කරපු උන් දාපල්ලා.........)

සිරාවටම සිරාම සිරා දවස ඈ....පට්ට ආතල්.


බුකියේ රාජ පොටෝ ඇල්බමය


ප/ලි: 

අපිට දැන් මඩ වැදිලා ඉවරයි.........වෙන වෙන්න දෙයක් නෑ. අනිත් උන්ටත් ගහමු නේ?

කතා කරන මඩ පොටෝ මේ පාරත් මමම කරන්නද?????????

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

මතක් වෙන සිද්දි, පොටෝ තව තව අප්ඩේට් වනු ඇත...

  
Watch This,

කතා කරන මඩ පොටෝ - සිහින උළෙල 2013

116 comments:

  1. පාරිශුද්ධයි... ^_^ අවුලක් වී නැත, දැනට..
    ජන ගී එකේ ක්මෙන්ට්ස් ටික නම් මරු.. :D

    ReplyDelete
    Replies
    1. සොරි ඈ ශම්මි....

      පොඩ්ඩක් කුජීත උනා කතා කරන මඩ පොටෝ පෝස්ටුවෙන් ;)

      Delete
  2. //කතා කරන මඩ පොටෝ මේ පාරත් මමම කරන්නද?///

    ඕක ඉතිං උඹ ඇරෙන්න වෙන කාටද කරන්න පුළුවන්... හි හි....

    අපරාදේ නේ බං යෝගට් එක....

    ReplyDelete
    Replies
    1. ජන ගී එකේ කමෙන්ට් ටික අහලා මට හිනාවෙලාම ඔලුවේ කැක්කුමත් වැඩි උනා.... ඒක නම් නියමයි...

      Delete
    2. අක්කේ ඔයා ආවද?? කතා කරන්න බැරි වුනානේ දැක්කෙත් නෑ 

      Delete
    3. හිරූ..උඹ ආවද..බොරු නේද?

      Delete
    4. හිරු ආපු නිසා තමයි කට්ටියටම එන්න පුලුවන් උනේ.

      Delete
    5. ආවේ නෑ......ඔය ගෙදර ඉදන් අහගෙන ඉදලා. බලහන් බල්ටියේ දුර තියාගෙන මේක ආවේ නෑනේ :/

      Delete
  3. අපි ගහමු බං මඩ...
    මේ මදි....

    ReplyDelete
    Replies
    1. මේ මඩද බං.... විස්තරේ පමණය!

      Delete
  4. ඇයි මේ හැම එකාටම මාරය බනිස් කනව විතරක් පේන්නෙ ඈ.. :D

    දවසේ ආතල්එකනං කියල වැඩක් නැතිය.

    ReplyDelete
    Replies
    1. එකට හේතුව මචන් මාර බනිස් කැමක් නිසා.

      Delete
    2. ඒක කෑමක්ද? නෑමක්නේ!

      Delete
  5. වටිනම පොටෝව රජා දණගහගෙන, බර කරගහගෙන ඉන්න එක... රජෙක් වුනත් ඉතිං ලෝක ධර්මතාවයට පිටු පාන්න බෑ කියන්නෙ ඕක වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. සිරාවට එකද මේ සාතන් අය්යා....

      Delete
    2. තප්පර දෙකෙන් ලීක් උනානේ සීන් එක :/

      Delete
  6. ෂික්...........ඇඬෙනවා..ඕයි..!

    ReplyDelete
  7. අපෝ රජා බලුවුනේ ඊයේ රෑමයි...උපන්දිනේ කියපං මම හෑන්ඩ් බෑග් එකක් අරං එවන්න..

    ReplyDelete
    Replies
    1. ජනවාරි 6 බං....අනේ එවපං ඈ! ;)

      Delete
  8. අනිත් උන් ගහන්න කලින් උඹම මඩගහ ගත්තාම නම්බුයි නේ

    ReplyDelete
  9. අනිත් උන් ගහන්න කලින් උඹම මඩගහ ගත්තාම නම්බුයි නේ

    ReplyDelete
  10. මඩ එනකම් ලබා සිටිමි..................ඔයාට බ්ලොග් එකේ එල්ල ගන්න ෆොටෝවක් දාන්න මට එන්න බැරි වුණානේ.............හික් විතරක්.............

    අර හෑන්බෑග් එල්ල ගත්තු ෆොටෝවනම් කැතම කැතයි ෂික් ලැජ්ජාවෙ බෑ ඒ නිසාම ඒක ඉස්සෙල්ලාම දාගෙන........................

    ඒ ෆො‍ටෝව ගත්තු කෙනා කවුරු වුනත් එයාට සුභ පැතුව කියන්න...........

    ReplyDelete
    Replies
    1. නාඩියට පුරා සත් දවසක් එක දිගට බඩම පල...

      Delete
  11. මඩ පෝස්ට් එකක් උඹම දාපන්...(හැබැයි කක්කා කේස් නැතුව)

    ReplyDelete
  12. // කට්ටිය ජන ගීයට නැටුවෝය.//

    නැටුමේ නම් දාලා නෑනේ...:D

    ReplyDelete
  13. මේ සැරේ ආවේ හැමෝම දැකබලා ගන්ටය, කට්ටිය අඳුනා ගත්තේය (ටිකදෙනෙකු)
    කතා කර්ණාට ලජ්ජා හිටුනේය, ලබන සැරේ කතා කරමිය,

    ReplyDelete
    Replies
    1. එල කිරිස්.... අපි එක්ක කතා කලානේ :)

      Delete
  14. පාරු පැදීමේ අවස්ථාව විඩියෝ කලේ නෑ කියලා මතක් උනෙත් දැන් ඉයහන්කෝ..කෙමෙන්ට්ස් ටික අහාන් හිටිය මිසක වීඩියෝ වැඩේ මතක් උනේ නැති එකේ පාඩුව..

    ReplyDelete
  15. හරි.................. මේකත් කියෙව්වා........ :D

    ReplyDelete
  16. මට බොලත් එක්ක මල ඈ.. කමක් නැහැ .. මං බොලාව පණපිටින් (හැබැහින්) දැක්කනේ... දාන්න දාන්න.. දාන ඕනි එකක්

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් යක්කු ගස්යන වෙලාවට කඩන් පාත් උනාම මම මැරෙන්නද?

      Delete
  17. // මමනං හිතුවෙම නාඩියාට ගැහුවම තමා කියලාය. නාඩියා බයෙන් වගේ අත පය විසිකරනවා අපි දැක්කෙමු.//

    මමත් හිතුවේ නාඩිගේ *කට කවුරුන් හෝ පෙට්‍රල් ගසා ඇතිය කියාය.

    ReplyDelete
    Replies
    1. හික්.... මම හිතුවේ ගැලවෙයි කියලා ;)

      Delete
  18. අයියො :D හිතුවා අර ටකරමා උබලෑ කං කනවම තමා කියලා ශුබ වේවා රාජ සම්පත් ලැබේවා

    ReplyDelete
  19. රජා නියමයි ඈ......

    ReplyDelete
  20. ඒ මතෝ උබ ගිය පාර කිඋව නේද තෑගි ඔක්කොම දිනනවා කියලා ඉතින් දින්නද

    ReplyDelete
    Replies
    1. ඒ ගිය පාරනේ බං....මේ මේ පාර ;)

      Delete
  21. පස්ට අතල් හැ..... අවුරුදු කුමරය තොරන වෙලෙ එහෙම...

    ReplyDelete
  22. මොනා නැතත් කට්ටිය හොඳට බඩ පුරවගෙන නම් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මම බනිස් 3
      රෙඩ් බුල් 2
      බත් එකයි
      යෝගට් එකයි
      වතුර ලීටර් 3 :)

      Delete
  23. අඩේ මට එන්න බැරි වීම පිළිබඳව පශ්චාත්තාප වෙනවා...

    පට්ටම පොටෝ1 තමයි අර රජා කියන එකා හෑන්ඩ් බෑග් දෙකත් දෙපැත්තෙ දාගෙන පොටෝව ගන්න එක..

    ඒ පොටෝව ගත්ත එකාට හිමාගේ උත්තමාචාරය...හෙක්...හෙක්...

    ReplyDelete
  24. ෆොටෝ ගහන්න හරි කෙල්ලො ඉස්සරහ බඩ ගාන්න තොට ලැජ්ජ නැත්ද යකෝ. චැහ් .. දැන් ඉන්න රජවරුත් මහ සෙවලයොනේ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ වැරැද්ද කෙල්ලෝ දෙන්නගේ. ඇයි යකෝ පොටෝ ගහන එකාටම බෑග් දුන්නේ? :/

      Delete
  25. හා හා උඹම මඩයා වෙයංකෝ එහෙනං

    ReplyDelete
  26. ලබන අවුරුද්ෙද්වත් අාතල් ඒකක් ගන්න අපිටත් ෙගදරින් අවසර ලැෙබ්වා!

    ReplyDelete
  27. හික් හික් තමයි කියන්න තියෙන්න

    ReplyDelete
  28. අනේ පල පල රජෝ.
    හෑන්ඩ් බෑග් ෆොටෝ ඒක පබිලිස් වුනාට පස්සේ දැන් උඹ උඹටම මඩ ගහගත්තා කියල බේරෙන්න නේද හදන්නේ..??
    අපි අහුවෙයි ඔව්වට :p

    ReplyDelete
  29. අපරාදේ මිස් විය! :( ලබන පාර තිබුනොත් නම් ලොවෙත් එමි!!

    ReplyDelete
  30. මල්ලි නීනු සහ නෙරංජි කියන්නෙ දෙන්නෙක් කියලා රට්ටු රැවටෙයිද?

    ReplyDelete
    Replies
    1. වැදගත් පුරස්නයක්! :)

      Delete
  31. මම බනිස් කාලා එක උඹ ඒවා ලිව්වේ නැහැනේ :(

    ReplyDelete
  32. බොහොම මදි තව පිංතුර බොහොමයක් තිබ්බා දාන්න හා ලියන්න..

    ReplyDelete
  33. කාලෙකින් නටන්න බැරි උන ඇරියස් එක කව්‍ර් කරගතිමි ...

    ReplyDelete
  34. අඩෝ කරන්ට් එක හොයාගත්තේ මමයි සෑමයි හරිය හික්ස් එල පොස්ටුව

    ReplyDelete
  35. ela machan godak sathutui....
    bala sanahunemi...

    ReplyDelete
    Replies
    1. අපරාදේ එන්න තිබ්බේ :)

      Delete
  36. දාපන් දාපන් තව ටිකක්. (y) :D

    ReplyDelete
  37. නියමයි සයිබර් ෆෙස්ටිවල් එක.. එන්න බැරිවුන එකයි දුක...

    ReplyDelete
  38. තෝව නේ දවසේ මුලින්ම දැක්කේ! දවසම කුප්පයි!!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උඹ එක්ක ආපු අක්කා.... :* :*

      Delete
  39. තියෙන උන් වීඩියෝ දෙක තුනකුත් දාපල්ලකෝ බලන්න ..

    ReplyDelete
  40. උඹ හොද එකා මට මොකවත් කියලා නැ

    ReplyDelete
    Replies
    1. හැමදාම එකාටම ගහන්න හොද නෑනේ ;)

      Delete
  41. මදි මදි හොඳටම මදි . . :D

    ReplyDelete
  42. මඩ ටිකත් බලලම ඉමුකො එහෙමනම්... ජය වේවා...

    ReplyDelete
  43. මොන කෙලියෙ හරි මඩ ටිකනම් මාර ජොලිය.

    ReplyDelete
  44. කතා කරන පින්තූර දාපං ඉක්මනට..

    ReplyDelete
  45. ෆොටො ටික නම් මරු..කො වීඩියෝ ක්ලිප්ස් නැද්ද ඒවාත් දාන්නකො, කතා කරන මඩ ෆොටොසුත් ඕනැ ගිය පාරෙ වගේ.
    ඒක නෙවෙයි අර හැන්ඩ් බෑග් දෙකම මාර ලස්සනයි නෙ ලේටස්ට් ඩිසයින්ස්, ඔයාට අපහසුවක් දැනුනෙම නැද්ද දෙපැත්තෙම එල්ලන් ඉන්නකොට..? මොන අපහුසුද ඕවා ඉතිං රජ්ජුරුන්ගෙ ආතල් නෙ නේද :D :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...දෙපැත්තම බැලන්ස් වෙලා ගියා ;)

      Delete
  46. රජා මහේෂිකාවන්ගේ ෆොටෝ ගන්න හැටි නම් නියමයි.:D

    ReplyDelete
  47. අඩෝ වෙන නැද්ද බං

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)