Sunday, March 17, 2013

තව ඩිංගෙන් මම දිව්‍ය ලෝකේ - You Know what? I saw the Heaven

එක එක පුද්ගලයාට විවිධාකාර අත්දැකීම් ඇත. අනූනමයෙන් ජීවිත බේරුන අවස්ථාද වෙන්නට පුළුවන. මේ ටික කාලෙට මටත් අපායේ දොර ලාවට පෙනුන අවස්ථාවක් උදා උනි. ඒ මීට වසර 5කට පෙරය. රජා හිටියේ උසස්පෙළ ආරම්භක අවදියේය. සා/පෙ ඉවර වෙලා මාස ගණනක් ගත වෙන්නට ඇත. 

ඒ දවස්වල ෆේස්බුක් එකවුන්ට්, බ්ලොග් නොතිබ්බ හෙයින් රජා සුපුරුදු පරිදි ටීවී එකේ කතා ටික වැළදීමෙන් අනතුරුව නින්දට වැටුනේය. සුභ සිහින වෙනදා මෙන්ම මා මනසේ නලියමින් තිබුනේය. සූර පප්පා එකේ ක්ලියෝපැට්රා වගේ ලස්සන කෙල්ලය. පොඩ්ඩක් නහය දිග වැඩි උනත්  ඒකෙත් පොඩි ගතියක් තිබ්බේය. රජා ටික වෙලාවක් ඇය පහසේ රැදෙන්නට ඇත. කාච දාගෙන නිදා නොගත් හෙයින් හීනේ හරියටම පැහැදිලිව පෙනුනේ නැත. 

ඇය සතුව තිබුනේ නොකියා N90කි. හම්මේ....ඉස්සර නයින්ටියට තිබ්බ ප්ලේස් එක දන්නේ ඉතින් ෆෝන් පස්සේ දුවපු අපි වගේ උන් පමණක්මය. රජාට පුදුමාකාර හිතේ අමාරුවක් දැනුනේය. රජා උගේ ලහුටු ෆෝන් එක අතේ තියාගෙන හිතෙන් ඇඩුවේය. මට දැනුනේ අවුරුදු 12ක පොඩි එකෙක්, මගෙ ඉස්සරහා, මට වඩා හොද ෆෝන් එකකින්, වැඩ පෙන්නනකොට මට දැනෙන්නාවූ කෘර ජුගුප්සාජනක හැගීම් සමුදායය. ඒකත් දැනෙන්නේ මීට කලින් මේ අත්දැකීම විදපු එකෙක්ම පමණය. 


ඇයට මගේ පොටෝ එකක් ගැනීමට අවශ්‍ය විය. රජා ඉතින් කොහොමත් හැන්ඩි කොල්ලා හින්දා කෙල්ලන්ට මේ වගේ ආශාවල් ඇති වීම ස්වාභාවිකය. මම ඇයට ඇගෙ මනදොළ සපුරා ගැනීමට ඉඩ ලබාදුනෙමි. අපි හිටියේ පාරක් අයිනේ ගස් හෙවනක් යටය. පොඩ්ඩක් කළුවර නිසා ෆ්ලෑෂරේ පත්තු විය. ෆ්ලෑෂරය මාර එළියය. මගේ ඇස් දෙකේ කණීනිකාවෙන් ඇතුළුවුනු ආලෝක කදම්භය මොලේටම වදිනවා මට දැනුනි. බාගවෙලාවට කොණ්ඩගස් වලින් එළියට ආ ආලෝකය හේතුවෙන් රජා නිකන් යමාමහ පෙළහැර පෑවා වගේ කෙනෙකුට පෙනෙන්නත් ඉඩ තිබ්බේය. 

ඒ මදිවට ඇය ෆටර් සවුන්ඩ් එකට දාලා තිබ්බේ අර වීදුරු බිදෙන ටෝන් එකය. ඒ කාලේ පොන් වල මේ ටෝන් එක සුලභය. චක බ්ලා.........ස්... සල බලාන්....සද්දේ මීට හාත්පසින්ම සමානය. බස් එකේදි එහෙම ඕක ප්ලේ උනොත් බස් එකේ උන් උඩ බිම බලන්නේ “ඌ බාර් එකෙන් සල්ලි දීලා ගත්තු බෝතලේ මම පොලේ ගැහුවා වගේය.“

ඇගේ පොටෝවත් සමග පොළව දෙදරවමින් මල්වරුසාවක් වගේ මගේ ඇග උඩට මොනවදෝ වැටෙනවා මට දැනුනේය. සමහර විට තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් පවා අපි දෙන්නාට ආශිර්වාද කලා විය යුතුය. රජා යන්තමට වගේ ඔලුව ඉස්සුවේ ඇගට වැටුන මලක් ඇහිද ගන්නය. ඒත්.....එක පාරටම කාන්තා හඩවල් කීපයක්ම සමග එක පුරුෂ රුවක් කාමරේ දොරෙන් ඇද දිහාවට එනවා රජා දුටුවේය.

හත්වලාමේ.....ක්ලියෝපැට්රා??? එතකොට පිටිපස්සෙන් එන්නේ සීසර්ද??? හනේ.......මම ඉවරයි. අනේ සීසර් උතුමාණෙනි. මාව කොටියට නම් කන්න දෙන්න එපා!!!

ලොකු ළමයෝ....ලොකු පුතේ.....තුවාලද තුවාලද???? 

පියවි සිහියට ආපු රජාට සිද්දිය වැටහුනේය. මේ අපේ පියරජතුමයි, මව්තුමියයිනේ. දැනුයි ඇගට ලේ ඉනුවේ. මොකාද යකෝ මට මල් ගහපු එකා? මම ඇද අතගෑවෙමි. දෙයියන්ට ඔප්පුවෙච්චාවේ...ජනේලේ වීදුරුව සහමුලින්ම ඇද උඩ. මම ජනේලේ දෙස බැලුවෙමි. ඇහැ කඩාගෙන යන ලයිට් එලියක් මගේ දෙනෙත ගිණිකන වැට්ටුවේය. යකෝ මේ කාණුවේ කොහෙද ලයිට්???

නැගිටිනවා....ළමයෝ. අන්න වාහනයක් බෝක්කුවට වැටුනා. තමුසෙට තුවාලද බලනවා. තාත්තා කලබලෙන් කෑගහගෙන කාමරෙන් එළියට දිව්වේය. 

මටත් නිකන් තෝන්තුව වගේය. මොකාද බං මේ මහ රෑ බෝක්කු ගානේ රිංගන්නේ. මම වැනි වැනී සාලෙට යන්නෙමි. වෙනදාට වඩා මාලිගාව ඇතුලේ සෙනගය. අනික කාමරේ ඉදන් සාලෙට යන පාරේ දිගත් වැඩි වෙලාද කොහෙදය. මග දෙපස ජනතාව රජාගේ ඉහේ සිට දෙපතුලටම බලමින්...

තුවාලද මල්ලි? 
තුවාලද පුතේ? 
තුවාලද බං? 
ඒ තමුසේ මැරුන්නැද්ද ඕයි? ( ඒ යුවරජ)

අහන්නේය. එක විකාරයය. වෙලා තියෙන්නේ මේකය. අපේ ගෙට එහා පැත්තේ බෝක්කු වලට කැබ් එකක් පෙරළිලාය. බෝක්කුව තියෙන්නේ රජාගේ කාමරේත් එක්කමය. ඌ ආපු ඒමට බිත්තියේ ඇනලා මගෙ ජනේලෙත් කඩලාය. 

අදුරන්නැති එකෙක් අපේ මාලිගාවේ පෝන් එකේ එල්ලෙමින් කෝල් එකක් ගන්නේය. ඒ අස්සේ අම්මා තාත්තට කෑගන්නේය. 

මව්: අර වාහනේ ආපු එක්කෙනා මැරිලද අනේ?

පිය: කට කට... එයා තමා අර කෝල් එක ගන්නේ...

හම්මා....වෙලාවටය. වාහනේ ඇවිත් තිබ්බේ එකෙක් වෙන අතර ඌත් පණපිටින්ය. උගේ කුඩුහමක්වත් කැඩිලා නැත. ඒකා වලේ මලා නං එහෙම රජා එවෙලම ගේ අතෑරලා අභිනිෂ්ක්‍රමණය කරනවා සිකුරුය. 

කැබ් එක කන්ඩම්

රාජ කාමරේ ජනෙල් දෙක

මෙන්න කැබ් එක උස්සලා අරන් කෙලින් කරපු හැටි...




මේ සිද්ධියෙන් පසු රජාගේ කාමරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහල මහලකට ගෙන ගිය අතර අදාල කාමරය අමුත්තන්ගේ කාමරය බවට පත්කලේය. එදා කැබ් එක බිත්තිය කඩාගෙන ආවේ නම් රජා අද දිව්‍යලෝකේ කෑල්ලක් දාගෙන ආතල් එකේ කන පැලෙන්න අමෘතේ ගහගෙන සැප නින්දේය. කියන්න වෙන දෙයක් නැත. පින නෑ....පින නෑ.... ^_^


ප/ලි:

රාජ මාලිගාව පිහිටා තියෙන්නේ අමුතු භූමියකය. මේ වගේ හදපු ගෙවල් මම දැකලා තියෙන්නේ අපේ එකත් එක්ක දෙකය. පළමු මහල තියෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් යටය. දෙවන මහල පාර මට්ටමේය. තෙවන එක පාරෙන් උඩය. පාරේ යන කෙනෙකුට පේන්නේ තට්ටු දෙකය. ඒත් ඇත්තටම තුනක්ය. 

තේරුන්නැද්ද? මෙන්න පොටෝ එක්කම



රජාගේ පොටෝ හා වීඩියෝ ඔක්කොම හාඩ් එක සොට්ටපොච්චි වීමෙන් අහිමිවිය. මේ සියළු පොටෝ හා වීඩියෝ සැපයූ ඉස්සරහ ගෙදර සැළලිහිණියාට මාගේ ස්තූතිය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

115 comments:

  1. Replies
    1. දැන් හිටින් හෙමීට කියවල කාරිය කමෙන්ටුවක්
      දානකම් ....

      Delete
    2. \\\අපේ ගෙට එහා පැත්තේ බෝක්කු වලට කැබ් එකක් පෙරළිලාය. /////
      මෙය මාළිගාව යනුවෙන් නිවැරදි විය යුතුයි නේද රජෝ ?


      සිරාවටම ඔහොම pot වල ගෙවල් හදන්න තියා කොටුවක්
      පනින්න වත් යන්න හොඳ නැහැ ..නිකන් මොකටද තැලිලා
      මැරෙන්නේ වාහන වලට ...

      අපරාදේ දානේ වේලක් එහෙනං මිස් උනා ඈ ...:(

      Delete
    3. හිකිස්... මෙන්න ඇක්සිඩන්ට් අස්සේ කොටු පයින්නත් කතාව :)

      Delete
  2. ඇත්තටම මොකක්ද බං ගේ..බේස්මන්ට් එකක්ද..!

    අනුතුරු දායකයි වහාම තාප්පයක් ගහපන්

    ReplyDelete
    Replies
    1. හෑ.. බේස්මන්ට් එකක් වගේ පේනවද? හපොයි ;)

      Delete
  3. අනේ මන්දා බන්...උඹට තිබිලා තියෙන්නේ රජ කාලේ ළමා කාලයක් බන්...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ එහෙම කියන්නේ? :0

      Delete
  4. අපරාදේ හීනේ. මේක උඹගේ කුමන්ත්‍රණයක්.. නෑ නෑ උඹට විරුද්ධව කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද.. ;)

    //රාජ කාමරේ ජනෙල් දෙක// එතනට කොහෙන් ද බං වාහනයක් ආවේ. අර කලින් පෝස්ට් එකේ තියන විදිහට උඹලගේ ගේ තියන හරිය ලස්සනයි නේ බං. ඇලක් එහෙමත් තියන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං...

      ඇයි බං... පාරෙන් පිට පැනපු එක කෙලින්ම වලේ :)

      Delete
  5. අනේ...අපරාදේ..හත් දවසක් කියන්නේ ලේසි වැඩක්ද බොල!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ උඹලා මාව දන්නෑනේ :)

      Delete
  6. //අදාල කාමරය අමුත්තන්ගේ කාමරය බවට පත්කලේය.//

    ගෙදරට නවතින්න එන අමුත්තො පව් බොලන් මල්ලියේ.. :D

    ReplyDelete
    Replies
    1. උන්ව මරන්නමයි ඕනේ... එතකොට ආයේ එන්නේ නෑනේ ^_^

      Delete
  7. උබ ඔය අමුර්තය බොනවා කිව්වට මට හොඳටම ෂුවර් උබ මේක ලියල තියෙන්නෙත් මොනවහරි ජරාවක් ගහල තමයි...නැතිනම් මේ වගේ දේවල් ඔලුවට එන්නේ නැහැ නිකන්..හා හා..එනිවේ ...එළකිරි...ෆුල් ආතල් හොඳේ. ..

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ? මම බීලා? නෑ... ^_^

      Delete
  8. රජ කෙනෙකුත්ගේ (නටඹුන් ඇර )ශ්‍රී යහන් ගබඩාවක කවුලු දෙකක් දැක්කමයි.:D:D

    හපොයි තව පොඩ්ඩෙන් අපිටත් ඔය පැත්තේ එන්ට වෙනවනේ කකුල් කඩාගත්තු රජවරු බැහැ දකින්ට.:)

    ReplyDelete
  9. ඈ බොල රජෝ, ඇක්සිඩන්ට් වලට අහුවෙන කාමරේ අමුත්තන්ට,උදතට්ටුව රජාට, අම්මපා එන්ඩ කියලා ආරාධනා කලත් එන්නේ නැහැ මාලිගාවට නම්.

    ප්‍රධාන මාර්ගයකට පහලින් තියන සෑම ගොඩනැගිල්ලකටම මෙවැනි අනතුරු සිදුවීමේ බලවත් අවදානමක් තියනවා. ඒ සඳහා ඉංජිනේරු පිලියමක් යෙදුවොත් හොඳයි රජෝ.

    අනේ රජෝ, තරහ නැතුව අර 'ගුජුප්සාජනක' කියන වචනය 'ජුගුප්සාජනක' කියලා නිවැරදි කරනවද?

    මම ගේ වටේ ගියා. නියමයි. මම හිතන්නේ මම ඉන්නේ රජාගේ මාලිගාවට පැයකින් පැය එකහමාරකින් එන්න පුළුවන් දුරකින්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ 'ගුජුප්සාජනක' කියලනේ 'ජුගුප්සාජනක' ද හරි වචනේ?

      මම හදන්නම් :)

      Delete
  10. රජ කෙනෙක් බිම තියන්නේ රජ දෙමව්පියෝ රජා ගැන දන්න හින්ද වෙන්ටැති.. අප්පට සිරි කැබ් එක මාර සීන් එකක් නෙව කරල තියෙන්නේත. උඹට කියන්න ඔය එන් සීරිස් එකට මාත් හෙනට සෙවල හැලුවා කනගාටුයි අයිති කරගන්න බැරි උනා..

    ReplyDelete
  11. නොද්දකිං කැබ් එකේ ආපු එකාට තව ටිකක් හයියෙං එන්න තිබ්බෙ නැද්ද.

    'අදාල කාමරය අමුත්තන්ගේ කාමරය බවට පත්කලේය' මීට පස්සෙ රජා බැහැ දකින්න යන උං ජීවිත ආශාව අත්හැරගෙන මාළිගාවට පිවිසීම හොඳය.

    ReplyDelete
  12. //අදුරන්නැති එකෙක් අපේ මාලිගාවේ පෝන් එකේ එල්ලෙමින් කෝල් එකක් ගන්නේය.//
    //අපේ ගෙට එහා පැත්තේ බෝක්කු වලට කැබ් එකක් පෙරළිලාය//

    ඈ බොල, කාච ගලෝල නිදාගෙන ඉදලා නැගිට්ට හැටියේ බොට ඔය වෙලා තියෙන සංගදිය පෙනුනේ කොහොමෙයි.

    ReplyDelete
    Replies
    1. යකෝ උඹ හිතුවද මට කාච නැතුව මිනිස්සු පේන්නෑ කියලා? :)

      Delete
  13. අම්බෙහ්. රජා ට ඔයිට වඩා ආරක්සාව දෙන්ටෝන නෙහ්

    ReplyDelete
  14. වැදගත්ම ප්‍රශ්නේ අහලා තියෙන්නේ යුවරජා :P

    ReplyDelete
  15. දැන් මෙතන අපි මේකෙන් ගන්න ඕන පාඩම, ඇක්සිඩන්ට් එකද, තට්ටු තුනේ මාළිගාවද..?

    සුභ වේවා! රාජසම්පත් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ලිව්වෙනම් ඇක්සිඩන්ට් එක ගැන.

      මාලිගාව මාතලන්ගෙ හිතට වැදුනනම් ඒක ගත්තට වරදක් නෑ!

      Delete
  16. දැක්ක ගමං හිතුව ලගදි උන එකක්ය මාරි කන්න විදියක් නැතය අපරාදෙය කියලා :3:ඵ් (තරාකාරයෙක් එහෙම එව්වොත් උබලැයි අමුත්තන්ගෙ කාමරේ ඌට දෙන්න පුලුවන්ද බං ?

    ReplyDelete
    Replies
    1. අනිවා එවහන්... මතක ඇතුව පෙරලෙන්න කියලා කන්ටේනරේකුත් එවහන් රෑට ^_^

      Delete
  17. හීනෙන් කෑල්ලක් දක දැක ඉන්න කොට ඇඟට මල් වරුසාවක් වැටුනා කිව්වම මම හිතුවේ වෙන දෙයක් . . හිකිස්

    ReplyDelete
  18. අමුත්තන්ට මේ ගෙදර නිදාගන්න එපා කියන්න ඕනෙ.

    ReplyDelete
  19. අඩේ!! මේ අපේ මාමගේ කැබ් එක ද කොහෙද...!! මට යන්තම් මතකයි 2007-2008 හරියේ මූ වාහනේ කණ්ඩම් වෙන්නම ඇනගත්ත...

    ReplyDelete
    Replies
    1. 251-2018 ද නොම්බරේ?

      Delete
    2. ඕං බඩු අහුඋනා. රජාගේ කෙරුවාවල් ඉවර කරපං ගොයියෝ... හෙක්

      Delete
    3. නෑ බං.... උඹලගෙ අංකල්ගේ එක නෙමේ :)

      251 - 34** :)

      Delete
    4. ආ, එහෙමද?
      සොරි, රොන් නම්බර්!
      එකත් ඔය පාටමයි... ඔය මොඩ්ල් එකමයි...
      එකම වගේ සිද්ධියක් වුනේ...

      Delete
  20. අප්පට උඩු එදා බොලා මිය පරලොව ගියා නම් අද මෙහෙම වල් කතා රජෙක් නෑනේ.

    ReplyDelete
  21. //ඒ තමුසේ මැරුන්නැද්ද ඕයි? ( ඒ යුවරජ)//

    රජ සෙත්තපෝච්චි වෙනකල් යුවරජ බලන් ඉන්නෙ රජ වෙන්නද?

    ReplyDelete
    Replies
    1. මිනිහගෙන්ම තමා අහන්න ඕනේ :)

      Delete
  22. ගෙදරට එන අමුත්තන්ව බිල්ලට දෙන්න හොඳ බොල රජෝ ඔය කාමරයේ නිදි කරෝලා ??

    ReplyDelete
    Replies
    1. අමුත්තෝ මරන්නම තමා ඕනේ ආයේ නොඑන්න :)

      Delete
  23. //එදා කැබ් එක බිත්තිය කඩාගෙන ආවේ නම් රජා අද දිව්‍යලෝකේ කෑල්ලක් දාගෙන ආතල් එකේ කන පැලෙන්න අමෘතේ ගහගෙන සැප නින්දේය.//

    අපරාදේ, දිව්‍යලෝකේ යන්න තිබුන චෑන්ස් එක....

    ReplyDelete
  24. සැක්! අපරාදේ! කැබ් එක. දිව්‍යලෝක ගමන, ක්ලියෝපැට්‍රා, ජනේලය සහ අසල්වාසීන්ට රාජ අවමංගල්‍ය උත්සවයක්!

    ReplyDelete
    Replies
    1. කීයක් කියලා නේද බං? :)

      Delete
  25. හරිම භයානක අනතුරක්. තව පොඩ්ඩෙන් රජා ඉවරයි නේද?

    තරහකාරයෙක්ව තමයි මාළිගාවට අමුත්තෙක් විදියට එව්වොත් එවන්නේ.

    ReplyDelete
  26. අඩේ රජෝ, මන් හිතුවෙ මට විතරයි කියල හීන පේන වෙලාවට ඇත්තටම ඇහෙන සද්දත් හීනෙටම සෙට් වෙලා පේන්නෙ. තව උන් ඉන්න එක සතුටක්.

    දවසක් අපේ බොස් නොකියම ඇවිත් කාමරේ දොරට තට්ටු කලා. මහ දවල් උනත් මම නිදාගෙන හිටියෙ. කොච්චර වෙලා තට්ටු කලාද දන්නෑ මම හීනෙන් බල බල හිටියෙ අවුරුදු 6ක් විතර පොඩි එකෙක් කඩේක කොත්තු ගහනව.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මේ මම ඉන්නේ :)

      හහහා.... පොඩි එකෙක් කොත්තු දානවා. හුකෑස් ^_^

      Delete
  27. මටත් නිකන් තෝන්තුව වගේය. මොකාද බං මේ මහ රෑ බෝක්කු ගානේ රිංගන්නේ. මම වැනි වැනී සාලෙට යන්නෙමි. වෙනදාට වඩා මාලිගාව ඇතුලේ සෙනගය. අනික කාමරේ ඉදන් සාලෙට යන පාරේ දිගත් වැඩි වෙලාද කොහෙදය. මග දෙපස ජනතාව රජාගේ ඉහේ සිට දෙපතුලටම බලමින්..... හිනාවෙන්නේය. ඒ අතර සිටි ගැහැණු අය මුහුණ සඟවාගන්නට තැනක් සොයන්නේ කිමද යන්න මට වැටහුනේ නැත. මේ අතර එතනට පාත්වූ පියරජ තෙමේ 'ළමයො මොකද ඔය ගිහිල්ල සරම ඇඳගෙන එනව' යනුවෙන් පවසනු මට යන්තම් ඇසුනි. එවිටය මට පියවි සිහිය පැමිණුනේ. හුටා මම ආවට සරම තවම ඇඳ උඩය.

    මේ ටික කියන්න රජාට අමතකවෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. // සරම තවම ඇඳ උඩය. //

      නැත පින්වත. ‘සරම තවම ඇඳ යටය‘ ලෙස නිවැරදි විය යුතුයැ.

      Delete
    2. ප්‍රසාට, රජාට අමතක වූ දේ මතක් වී ඇති ආකාරය මනරම්ය..

      Delete
    3. මට ඇඩුනේය. අර මග දෙපස සිටි කාන්තාවන් අතර ප්‍රසා සිටි බව මින් පැහැදිලි වන්නේය ;)

      Delete
  28. අපෝ අපේ ගෙවල් ගාව ඔයවගේ ගෙවල් 3ක්ම තියෙනවා.දිව්‍යලෝකේ කෙසේ වෙතත් අපායට නං ෆ්‍රී යන්ඩ තිබුන

    ReplyDelete
    Replies
    1. අඩෝ මම දැකලා තියෙන්නේ 2යි :)

      Delete
  29. ශික්කා... වැඩක් නැහැනේ/// විදුරු වරුසාවක් වෙනුවට ගඩොල් වරුසාවක් වැටුනා නම් ..................... :D රජා තාමත් සුව නින්දේය ..

    ReplyDelete
  30. යුවරජාට තමයි වැදගත්ම දේ මතක් උනේ... හි හි7..

    ඔය ජාතියේ තමයි අපේ එහා ගේත්... එතකොට තුනක් තිබේ රජෝ.. හි හි.. හැබැයි මේ ගේ හදලා තියෙන්නේ නම් පාරෙන් ටිකක් ඈතට වෙන්න.. ඒක නිසා ඇක්සිඩන්ට් වලට නම් අවුලක් නෑ...

    ReplyDelete
  31. කථාවේ හැටියට නම් ඇත්තක් උනා නම් යන්න වෙන්නේ අපායට.මාර වැඩ රජාටත් වෙන්නේ

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. පිස්සුද????? මම යන්නේ දිවියා ලෝකේ ;)

      Delete
  32. මූ බංකරේකනෙ ඉඳල තියෙන්නේ.....

    ReplyDelete
  33. දැන් ඔය කැබ් එක මාළිගාව ඇතුලට කඩාගෙන එනකන් මාළිගාවෙ ආරක්ශකයෝ ටික බලාගෙන හිටියද? ඔයිට වැඩිය ආරක්ශක විධි විධාන තර කලොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද රජතුමෝ...

    ReplyDelete
    Replies
    1. කරන්න වෙනවා අප්පා... කොහෙද මහ රෑනේ. උන් නිදි :)

      Delete
  34. බොලා කියපු විදියට මම පටස් ගාලා ගිහ්ලාල ගේ බලලා ආවා,,ආ නෑ,,රාජධානිය බලලා ආවාතතත :D මම මේ කම්පනා කරේ දැන් කැබ් එක බොලාගේ සිරියහනට ආවානම් එහෙම,, කැබ් එකේ අංකල්ට හිතෙයි ප්‍ර‍භාකරන්ගේ කාලේ තිබ්බ බංකරයක් ඇතුලට ගියා කියලා...පස්සේ මැරෙන්නේ හාර්ට් ඇටෑක් හැදිලා.. :P

    ReplyDelete
  35. පිය රජතුමාගේ බ්ලොග් ගල් වලින්ද ගෙයි බැන්දේ .

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... කෝමද සක්තිය ;)

      Delete
  36. හම්මේ....ඉස්සර නයින්ටියට තිබ්බ ප්ලේස් එක දන්නේ ඉතින්....

    උබ නයින්ටිය කියුවට හීනෙන් නිදා ගන්න කලින් බලපු වැලක් වත් දැක්කද රල්වජෝ.....

    ReplyDelete
    Replies
    1. මොනාද මෙයා මේ කියන්නේ ^_^

      Delete
  37. ඒ මටත් ආසයි ඔහොම ගේකට... හැබැයි ඉතිං ගිලා බැස්සොත් තමා වැඩේ නේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගිලා බහින්නෑ... මරු! ;)

      Delete
  38. උඹෙයි අපෙයි අවාසනාව තමා බන් හිත හදාගනින් :D
    ඔය වගේ ගෙවල් මෙහෙත් තියෙනවා බන්.

    ReplyDelete
  39. දැන් බොල හිතන්නේ බොල මලා නම් යන්නේ දිව්‍ය ලෝකේ කියලද.... අන්න එතනයි රජාට වැරදුනේ ඈ.....

    ReplyDelete
    Replies
    1. රජාටනම් අපායෙ යන්නත් පින් මදි ඇති

      Delete
    2. ඔය ඉතින්... ^_^

      Delete
  40. හපොයි දෙයියනේ මේ රජාටත් වෙන දේවල්.. රජාට ඔහොමනං අපිට කොහොම වෙයිද බොල.... කැබ් එක කුඩේ කුඩු නොවැ...

    ReplyDelete
    Replies
    1. කුඩු කියන්නේ සොරි.කොම්!

      Delete

  41. Dude:
    රජා රජ බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ. අරූ තව ටිකක් හයියෙන් ආවා නම්, සුභ වෙලා රාජසම්පතුත් හම්බවෙන්න තිබ්බා නින්දෙන්ම!

    ReplyDelete
  42. අෆරාදේ උඹ බෙරිලා :ඩී

    ReplyDelete
  43. මේක මාළිගේ විස්තර දැක්කම මට මතක් වුනේ අර කොටිහපුවගේ භූගත මාළිගේ...

    ReplyDelete
    Replies
    1. හහහා... ඒ විදිහට තමා ප්ලෑන් එක ;)

      Delete
  44. ෂෙහ් ... අපරදෙ උඹට දිවිය ලෝකෙ යන්න තිබුණු චෑන්ස් එක.

    මාත් ආසයි බං භූගත කාමරේක ඉඳල බලන්න. උඹේ එකනම් භූගත නෑ වගේ නේද?

    ඔන්න බ්ලොග් කියවන එකෙක්වත් වැරදිලවත් ඇවිත් උඹලෑ අමුත්තොන්ගෙ කාමරේ නම් නවතින්නෙ නෑ, සාලේ බිම නිදාගත්තත්.

    ReplyDelete
    Replies
    1. පැති 2ක් භූගතයි :)

      හහහා... ආතල්!

      Delete
  45. රජා කාච දාන බව මම අදනෙ දන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඇයි බං... මම පෝස්ටු 2ක්ම ලිව්වේ

      Delete
  46. අපොයි මේකා මැරුනනම් කාට අර අහිංසක මිනිහෙක් හිරේ යනවා...
    ඇත්තටම එහෙම පොලොවෙන් යට තියනකොට මාර කූල් ඇති නෙ?
    අපේ ගෙදර නම් තට්ටු 5 ක් ඒත් පිටට පේන්නෙ 2 යි... (උයාලගේ එකත වදා ඔකුයි අපේ ගෙදර)

    ReplyDelete
    Replies
    1. සිරා ඈ... හෙන කූල්!

      ආ....5ක්ද? බින්ලාඩන් හැංගිලා හිටියේ ඕකේ නේද? මම දන්නවා ඈ (හූඌඌඌ)

      Delete
  47. සැක් තෝ මලේ නෑනේ ... :(:(:(:(:(:(

    ReplyDelete
  48. හප්පා මට තවම මතකයි අපි දුවගෙන එද්දී රජා බයවෙලා හිටපු හැටි
    දඩාහ් දඩිස් දඩිස් සද්ද තුනයි. වුන දෙයක් හොයා ගන්න බෑ අන්තිමේ බලද්දී කැබ් එක රජාගේ කාමරේ ජනේලේ ගාව.
    ඕක වැටුන වගේ නෙමෙයි ගොඩ දාන්නා ගිය වෙලාවේ...
    තව පොඩ්ඩෙන් ගෙනාපු ආපදා රථයත් වලේ තමා.

    ReplyDelete
    Replies
    1. සිරාවට නෙහ්... කෝමද බූම් එකත් වලට වැටුනා නං ;)

      Delete
  49. අපරාදෙ අෆ්ෆා වරමක් දෙකක් ඉල්ලගන්න තිබ්බ චාන්ස් එක.. :D

    ReplyDelete
    Replies
    1. හිකිස්.... දෙන්නන්කෝ තුනක්ම :)

      Delete
  50. රජාගේ කාමරේ නිකන් අර තලේබාන් කරයෙක්ගේ පොට් එකක් වගේ නේ ඒ.......රැට එහෙම මර සේප ඇතිනේ සීතලට....ජටවෙව..!

    ReplyDelete
    Replies
    1. සිරා ඈ... පට්ටම කූල් :)

      Delete
  51. අඩෝ උඹලට තට්ටු තුනේ ගෙයක් තියෙනවා නේ. සල්ලි කාරයෝ නේ . හා හා.....

    ReplyDelete
    Replies
    1. ආ දැන් උඹ ඒකද දැක්කේ? හා හා...

      Delete
  52. අඩේ මලේ අපරාදේ නයිටක් මිස් උනානේ මට දුක ඒක ගැනයි.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)