Wednesday, March 27, 2013

ඇයටත් හුස්ම ගන්න ඉඩ දෙන්න - Hope Yashoda!!!


පුළුවන්නම් ඇය වෙනුවෙනුත් උපකාරයක් කරන්න. ඇය මගෙන් කල ආයාචනයයි. සිනහසෙන්නන් සමග සිනහසෙන්නත්, අඩන ඇත්තන් සමග අඩන්නත් හැක්කේ උණුවන හදවතක් ඇත්තෙකුට පමණමය. අපි එකසැරයක් එකතු වී හසංගි අක්කා වෙනුවෙන් පෙල ගැසුනෙමු. ඇයගේ ශල්‍යකර්මය වෙනුවෙන් උදව් කලෙමු. ඇගේ ශල්‍යකර්මය සාර්ථක වුන බව ඇසුනු මොහොතේ පටන් සිතට දැනුනේ පුදුමාකාර සතුටකි. 

ඇය නමින් යශෝධා ජයරත්නය. වයස අවුරුදු 24කි. ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවනියාය. සාමාන්‍ය දරුවෙක් ලෙස උපත ලැබුවද ලියුකේමියා රෝගයේ අතුරු ආබාධයක් ලෙස ඇයට ඇවිදීමේ වාසනාව අහිමිව ගියාය. 5 වසර ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත්ව ඉදිරිය දකින්ට ඇයට නොහැකි වූවාය. ඇගේ ඉනෙන් පහල අප්‍රාණිකව ගියේය. වරසකට අධික කාලයක් එක්තැන් සිටීමෙන් පීඩන තුවාල පවා ඇගේ හටගත්තේය. 1999 වසරේ සිට ඇයට රෝද පුටුවක වාඩිවෙන්නට වූ ඇයගේ මේ වන විටත් ඉනෙන් පහල අප්‍රාණික තත්වයකය. 

2005 වසරේ සිට යශෝධාගේ කොදුඇට පේලිය නැමෙන්න පටන් ගත්තේය. උකුල් ඇටයේ වැරදි පිහිටීමත්, කොදුඇට පේලිය එන්න එන්නම නැමීමත් හේතුවෙන් කෙතරම් දොස්තරලගෙන් බෙහෙත් ගත්තද ඇය සුව නොලැබුවාය. දැන් අසනීප තත්වය දරුණුවටම හැරී ඇත. scoliosis රෝගයේ උච්චතම අවස්ථාව වන Kyphoscoliosis නම් රෝගී තත්වයට ඇය ගොදුරුව ඇත. මේ වන විට ඇයට හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇතිවී ඇත.



වරෙක යශෝධා ලංකාවට පැමිණි ඉන්දියානු වෛද්‍යවරයෙකු මුණගැසුනාය. ඉන්දියානු ඇපලෝ රෝහලේ සජාන් හෙජ් මහතාගෙන් ඇයට ලැබුණේ සතුටුදායක පිළිතුරකි. නමුත් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල ඇසූ විට එම සතුට සුණුවිසුනු වී ගියේය. ඇයව නැවත යථාතත්වයට ගෙන ඒමට ආසන්න වශයෙන් ලක්ෂ 45ක මුදලක් අවශ්‍ය බවද හැකි ඉක්මනින් ශල්‍යකර්මයද කරන මෙන් වෛද්‍ය උපදෙස් ලැබුනේය. 

කඩවත ජීවත්ව සිටි ඔවුන්ගේ ජීවිත වලට කනකොකා ඇඩුවේය. 2010 වසරේදී ඇගේ පියා යශෝධාගේ මවගෙන් දික්කසාද වුනේය. ඔහු තම නිවස බෙදා පිටුපස කොටස මොවුන්ට ලබාදී ඉදිරි කොටසේ විසුවේය. ඔහුගේ නොමනා හැසිරීම බලා සිටීමට බැරිම තැන අම්මා, යශෝධා හා නැගණිය නිවසින් එළිබැස්සේය. 

ඇයගේ නැගණිය නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක උසස්පෙල අංශයේ ඉගැනුම ලබන බැවින් ජීවත් වෙන්නවත් තැනක් නැති වූ ඔවුන් නුවර පදිංචියට ආවෝය. ඇගේ විභාගය අවසන් වන තුරු ඔවුන් දැන් ජීවත්ව ඉන්නේ නුවරය. ඒත් කුලියට ගත් නිවසකය. ඇගේ මව විශ්‍රාමික ගුරුවරියකි.  එදිනෙදා ජීවත්වෙන්න මුදල් හදල් තිබුනද ඇයට මේසා විශාල මුදලක් සොයාගැනීමේ කිසිම මාර්ගයක් නැත. 

අම්මාගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන ඔවුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන්නේ යශෝධාගේ අක්කාය. විවාහා වී සිටියද ඇය ඇගේ සතුට ගැනවත් නොසිතා මොවුන්ගේ සතුට වෙනුවෙන් සියල්ලම කරන්නීය. 

මේ ඇයගේ පරීක්ෂණ වාර්ථා කිහිපයකි.




අසාමාන්‍ය ලෙස පිහිටි උකුල් ඇටය

ඇගේ කොන්ද

________________________________________________

ඇය නැවත හිනැහෙනවා දකින්න
එකතු වෙන්න අප සමග 

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය : 273-2-001-4-0000208 
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

 ගිණුම් අංකය : 8150914277 
කොමර්ෂල් බැංකුව, මහනුවර නගර ශාඛාව. CCEYLKLX (Swift code)


වැඩිදුර විස්තර සදහා

0775262396 / 0728571983

yashodha.jayarathne@gmail.com



ප/ලි: 

මේ අවුරුද්දේ චැරිටි වර්ක්  එකක් විදිහට බ්ලොග් අවකාසේ අපිට මේක ගන්න බැරිද??? මම යෝජනා කරනවා.... 

සභාපතිතුමා, ලේකම්තුමිය මෙය සැලකිල්ලට ගනිත්වා!!!


මේ අක්කලා ටිකට් වගයක් ගහලා විකුණන්නයි හදන්නේ. මම ටිකට් පොත් ටිකක් අරගන්න යනවා. විකුණලා දෙන්න පුළුවන් උන් ඉන්නවනම් කියහල්ලා. ලැබෙන්න සලස්වන්නම්.


මෙන්න පොටෝව.. පුළුවන්නම් බ්ලොග් එකේ එල්ලගෙන සප් එකක් දෙමු.


විජට්ටුව සදහා HTML Code :

<a href="http://harshana-bc.blogspot.com/2013/03/yashoda-needs-you.html" target="_blank">
<img src="http://img834.imageshack.us/img834/897/60207710200828806188303.jpg" width="210" height="300" border="0" alt="HOPE YASHODA" />
</a> 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

103 comments:

  1. මේක මචෝ වෙනම බ්ලොග් එකක් හදලා ලස්සනට කරානම් නේද හොඳ..? රාජ්ට කතා කරලා බලන්න අපිත් උදව්වකුත් කරලා බ්ලොග් එකේ එල්ලන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔන්න විජට්ටුව තියෙනවා!

      Delete
  2. කල හැකි දෙයක් කරමු

    ReplyDelete
  3. අපි කොහොම හරි උදව් කරමු බං....

    ReplyDelete
  4. බොහොම හොඳයි. මාත් කීයක්හරි දෙනව.බ්ලොගේ එල්ලන්න ගැජට්ටුවක් හැදුවොත් දියං.

    ReplyDelete
    Replies
    1. ගැජට්ටුව තාම මග එනවා.. සිංගප්පූරුවේ ඉදන්

      Delete
  5. හොද වැඩක් රජෝ... මටත් ගැජට්ටුව දියන්...

    ReplyDelete
  6. උදව් කරන්න පුළුවන් කීපදෙනෙකුට කියල බලන්නම්.

    ReplyDelete
  7. එල කිරි ඒක හොඳ යෝජනාවක් රජෝ

    ReplyDelete
  8. අපිත් සපෝට් කරන්නම් රජෝ....
    දියන් අපිටත් ගැජට්ටුව.

    ReplyDelete
    Replies
    1. එලාස්... ඔන්න මචන් තියෙනවා!

      Delete
  9. බ්ලොග් සැණකිලිය දාටත් මුදලක් එකතු කර ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකතමා අපිත් බැලුවේ!

      Delete
    2. අවුරුදු උත්සවේ දාට ටිකට් පොත් ටිකක් අරගෙන එන්න. ඒ වගේම කැමති කෙනෙකුට ආධාර කරන්න පුළුවන් විදියට අවස්ථාවක් ලබා දෙමු.

      Delete
  10. ඒ මල්ලී මොකද්ද බන් මේ ගැජෙට්ටුව කියන්නේ?

    සිරාවට තේරුනේ නෑ අපි ඉතිං කලින් ජෙනරේෂන් එකේ අන්කල්ලනේ.

    ඒ ගැජෙට්ටුව කියන එක දුන්නම මේ ළමයට ගානක් ලැබෙනව වගේ සීන් එකක්ද?

    අර ෆේස්බුක් එකේ ෆොටෝ ශෙයා කලාම ඩොලර් සතගානක් දෙනවා වගේ?

    අහ් මාත් හෙට අනිද්දට ලංකාවට එනවනේ. ආවහම මේ එකවුන්ට් එකට ගානක් දාන්නම්

    පින් සිද්ද වෙන වැඩක් ඈ බොලා කෙරුවේ . . !!

    ReplyDelete
    Replies
    1. ඒ මෙච්චර කල් බ්ලොග් ලියලා ඒක දන්නෑද්ද මාමේ? ;)

      Delete
  11. උදව් කළ යුතුයි අපි හැකි විදියට... මේ විදියට අසරණ වුණ අය තව කොයි තරම්ද?

    ReplyDelete
  12. මගේ බ්ලොගේ මේක එල්ලුවා.

    ReplyDelete
  13. හරි තේරුනා. අර හසන්ගිගේ සෙන් එකේදි වගේ ගැජට් එකක් බ්ලොග් එකේ දාන එකනේ. . .:D

    ReplyDelete
    Replies
    1. ඔන්න එකක් තියෙනවා.. එල්ලගමු :)

      Delete
  14. ඉදුකො ටිකක්, මක්ක කරි කොරමු පුලු පුලුවන් විදිහට

    ReplyDelete
  15. හම්බෝ හතුරෙකුටවත් වෙන්න එපා මේවගේ දේවල් නං.

    ReplyDelete
  16. මමත් ගැජට් එක එල්ලුවා. තව පුළුවන් උදව්වක් කරන්නම්.

    ReplyDelete
  17. ගැජට් එක එල්ලුවා. තව පුළුවන් දේවල් බලමු

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවේ දවසට කීයක් හරි දියන්

      Delete
  18. පින් සිද්ද වෙන වැඩක්. හැමෝම එකතු වුනොත් වැඩේ අමාරු නැහැ.

    ReplyDelete
  19. අපිට බැරි වෙන්නැ මල්ලි . අපිට පුළුවන්

    ReplyDelete
    Replies
    1. පුළුවන් පුළුවන්..

      Delete
  20. මමත් ආපුවාම මුදලක් දාන්නම්

    ReplyDelete
  21. මමත් එල්ලගන්නම්. දකින අය එකතු වෙයි.

    ReplyDelete
  22. මම මේ පණිවුඩය මුහුණු පොත හරහා බෙදා හැරියා. ඇයට මුළ්‍ය ශක්තියක් වෙමු

    ReplyDelete
  23. ඔයාලගේ මේ වචන, උනන්දුව මට ජීවත් වෙන්න ලොකු ශක්තියක් දෙනවා. ඔයාලට ගොඩාක් පිං.

    ReplyDelete
    Replies
    1. උදව් ඕනේ කෙනෙකුට උදව් කරන එක යුතුකමක්නේ අක්කේ :)

      Delete
  24. රජාගෙන් සිරා වැඩක්.

    ඔන්න මාත් ගැජට්ටුව එල්ල ගත්තා...

    ReplyDelete
  25. පුළුවන් සහයෝගයක් දෙමු..

    ReplyDelete
  26. හසංගිට හසරැල්ලක් වූ අපට... යශෝධාටත් සහනයක් වෙන්නට හැකි වේවා..

    ජය !

    ReplyDelete
  27. what all I can do is to find a place very close by apollo hospital Chennai...Currently Im also living in chennai, came for the treatments of my mother..so I wont be able to help with money I guess.But there are certain things I could do.. if they come here I can arrange accommodation very close by hospital. if any thing you can drop me a message to my facebok. here is the link http://www.facebook.com/sarangansp
    then I can give my number to you or I can call you. It is bit hard to live in chennai these days with the current situation here in chennai..But I guess I can help you with that.
    Thanks. BuduSaranai!!! God Bless!!

    ReplyDelete
    Replies
    1. Thanks for the information!
      Budu Saranai!!! God Bless!!

      Delete
    2. thanx for the information brother. i'll send u a FB request. busu saranai

      Delete
  28. ඊයේ පෝස්ට් එක දැක්කත් කමෙන්ට් කරේ නැත්තේ සල්ලි දෙන්න විදිහක් හොයාගන්න බැරිඋන නිසා, අද බොහො දුරට පුලුවන් වෙයි. සමි අයියට කිව්වා..

    මල්ලි ඔයාට ගොඩාක් පිං මේ කරන වැඩ වලට.

    ReplyDelete
  29. මමත් පෝස්ට් එක තාත්තාට පෙන්නන්නම් රජෝ,, බලන් ගියාම බොලා හෙන හොදයිනේ.. (උඩින් යන්න එපා ඇ)

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි... පෙන්නලා කීයක් හරි දෙන්න කියන්න

      ඒ මාව පාවෙනවා වගේ බං ;)

      Delete
  30. මාත් රුපියල් 500 ක් දැම්ම.
    තව දන්නා දන්නා හැමෝටමත් කිව්ව.

    ReplyDelete
  31. කළහැකි දේ උපරිමෙන් කරමු.

    ReplyDelete
  32. මුදල් ගිණුම් ගත කරන ලදී....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. පිං මචන්!

      Delete
    2. බොහොම ස්තූතියි.

      Delete
  33. GOOD JOB GUYS I WILL DO WHAT EVER I CAN TKS FOR THE INFO

    ReplyDelete
  34. දුක හිතෙන කතාවක් බං..මොනව හරි කරන්න ඕන..!

    ReplyDelete
    Replies
    1. ක්‍රමයක් තියෙනවා... මම කියන්නම්!

      Delete
  35. මචන් වැඩේ ඉවර වෙන්න ඕනෙ දවසක් කියලා නැත්තම්, අවුරුදු උත්සවේට ටිකට් පොත් ටිකත් ගෙනෙන්. ඒ ඇරෙන්න අපි කරන්න පුලුවන් උපරිමය කරමු

    ReplyDelete
  36. කාරුණික ඔබගේ අවධානයට මෙය යොමු කරන්නේ හුදෙක්ම ජීවත් වීමේ ආශාව මාහට ද නොමඳව ඇති බැවිනි.

    http://www.scribd.com/doc/132937273/A-plea-for-the-Kind-hearts

    ReplyDelete
  37. එල මමත් හෙල්ප් එකක් ඩෙනව,,,,,

    ReplyDelete
  38. යැවුවා. හැබැයි වෙබ් මගින් යවනකොට බැංකුව ගන්නෙ ගිණුම් අංකයට ඉලක්කම් දොලහක් විතරයි.. අග දොලහ-2-001-4-0000208 දැම්මා හරිද මන්දා. හැමෝම එකතු උනොත් අමාරු වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. බැංකුවෙන් නම් කිවේ 273200140000208 මෙම අංක සියල්ලම ඇතුලත් කල යුතුයි කියලා. පුලුවන්නම් ඔබ මුදල් තැන්පත් කල විස්තර 0775262396 / 0728571983 අංකයකට හෝ yashodha.jayarathne@gmail.com වෙත ලබා දෙන්න. මම බැංකුවෙන් පරික්ෂා කරලා බලන්නම්.

      Delete
    2. පිං... සරත් අයියේ

      Delete
  39. හසංගී සුවපත්වූ බව ඇසීම සතුටට කරුණකි.. යශෝධාවත් සුවපත් කරගැනීමට අපට හැකිවේවි.

    ReplyDelete
  40. අපිත් හැකි යමක් කරනවා

    ReplyDelete
  41. මමත් විජෙට් එක දැම්මා. කලින් දැක්කේ නැහැ. බ්ලොග් පෝස්ට් දෙකක් විතර ලිව්වට බ්ලොග් කියවන්න බැරි වුනා පහුගිය සති දෙකේම. අද තමයි දැක්කේ සිද්ධිය.

    යශෝධාට බුදු සරණින් ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  42. මමත් පොඩි උපකාරයක් කලා.බැංකු රිසිට් එක යශෝධගෙ ඊ මේල් එකට යැව්වා.

    ReplyDelete
    Replies
    1. එය මට ලැබුනා. බොහොම ස්තූතියි.

      Delete
  43. Dear Daugher Yashoda,
    Publishing your story in this Blog is good but it is not sufficient. Since you also send comments to this blog , I assume that you read it regularly.
    I think you must have an action plan so that you could collect the required amount of money.
    The things that you could do are as follows.
    1. Contact Electronic media or Print media and get their help to publish your story.
    2. Start a e-mail complain , with pictures and your story , first send it to few friends and them to forward it to their friends and so on.
    3. Work with a e-mail forwarding company who distribute bulk e-mail for a fee. Cost 5,000/= -10,000/=.
    4. Contact social service non government organizations. Eg. Lions Club , Rorary club.
    5. Publish a news paper advertisement about you story. ( Talk to news paper and ask for a discount)
    6. Publish your story in News web sites. Use the contact us e-mail address for initial contact the web administrator.
    7. Obtain help from Local big companies , Banks . Write to them.
    You can collect the required amount. Do not loose courage.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. thanx a lot for this valuable massege.

      i already done the thing in below as u said

      2. Started a e-mail complain
      4. Contacted Lions Club , Rorary club.
      5. Published a news paper advertisement.

      and i have listed the addresses of banks & lot of companies. already sent mails. in next week i start to post the letters.

      if you have any contact details of any e-mail forwarding company, non government organizations and Local big companies please let me know.

      thanx again for your kindness
      budu saranai

      Delete
    3. Yashoda Duwa,

      Read this newspaper reports , where people ask for help.

      http://www.sundaytimes.lk/130113/plus/oh-for-a-pair-of-hands-again-28101.html
      Asking Help for Rs. 4 Million.

      http://www.sundaytimes.lk/110213/Plus/plus_01.html
      Asking Help for 5.3 Million.

      First Contact the below person who wrote these Articles.
      Editor :- Kumudini Hettiarachchi
      You can telephone or fax to the editor direct on
      Tel: 2326247, 2328889, 2433272-3. Fax: 2423922, 2423258 from the Sri Lanka

      About sending e-mails, First search on Google using “bulk email marketing system lanka”. There are companies send bulk e-mail ( 350,000 e-mails in a day for Rs. 5000/= ) You may have to do the art work or pay Rs. 750/= to them to do it. Also remember some of these e-mail (50%)get blocked as Spam. Also some people delete with out reading (for another 25%). Finally about 80,000 people would read your story and your cost for that is Rs. 5,000/=.

      Delete
    4. thanks a lot Mature IT Guy for these information.

      Delete
  44. this is for everyone,

    can you please send me your email addresses? if can please send it to yashodha.jayarathne@gmail.com. I'll send you my fund raising email to you all & please be kind enough to forward it as much as you can. thank you

    ReplyDelete
  45. මමත් දැම්ම මගේ බ්ලොග් එකට
    ධනාගේ බ්ලොග් අවකාශය,
    http://theweteye.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබට

      Delete
  46. මමත් මගේ බොලොක්කෙට දැම්මා අයියේ.මේක කියවල මට කදුලු ආවා.මෙච්චරයිද අයියේ අපිට යශෝධා අක්කා වෙනුවෙන් කරන්න පුලුවන්?අක්කේ ඔයාගේ තව විස්තර ටිකක් මට එවන්න පුලුවන්ද?කොරියාවෙ ඉන්න අපේ අයට ලොකු උදව්වක් දෙන්න පුලුවන් වෙයි.අක්කාට ඉක්මනින්ම සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.මෙන්න අක්කේ මගේ මේල් එක namalmoney@gmail.com
    මෙන්න මගේ බ්ලොග් එක. http://malmallk.blogspot.com/
    ඒවගේම මේකේ admin රජාගෙන් අහන්න කැමතී මේ පෝස්ට් එක මගේ බොලොක්කේ එල්ලුවට කමක් නැද්ද කියලා.අඩවි රජෝ අර ක්‍රමේ කියන්න...මමයි යාලුවොයි දෙන්න පුලුවන් හැම උදව්වක්ම දෙනවා,එහෙම නැත්නම් මනුස්සයෙක් වෙලා ඉපදුනු එකෙන් වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලී ඔබේ කරුනිකත්වයට. මන් මාගේ විස්තර සියන්න mail කරන්නම්. ඊට අමතරව මේ links වලින් මාගේ විස්තර ගන්න පුළුවන්. තවත් විස්තර දෑන ගන්න ඕනේ නම් මාගේ FB එකට massege කරන්න.

      https://www.facebook.com/YashodhaNeedsYou
      http://yashodhaneedsyou.info/
      https://www.facebook.com/Yashodha.88
      http://siragekamare.blogspot.com/2013/10/blog-post_16.html

      Delete
  47. ආදරණීය යහලුවනේ,

    ඔබලාගේ ලිපි දැකීමෙන් පසු මං ඇයව ඊමේල් මාර්ගයෙන් සම්බන්ධ කරගත්තා. ඈට මුදලින් ආධාර කරනවාට අමතරව ඈ වෙනුවෙන් පුංචි වෙබ් අඩවියකුත් නිර්මාණය කෙරුවා. (මේ මොහොත වෙන විට ඇයවත් ඒ ගැන දන්නේ නැහැ.) එහි අන්තර්ගතයට යොදා ගත්තේ ඔබලාගේ ලිපිවල උපුටන.

    මෙන්න වෙබ් අඩවිය: http://yashodhaneedsyou.info

    ඒ සම්බන්ධ අදහස් සහ දෝෂ ඇතොත් මේ ඊමේල් ලිපිනයට ලියන්න. yashodhaneedsyou2013@gmail.com

    සමාජ වෙබ් අඩවියන්හි හැකි පමණ එය share කරන්න. ඈට සුළුවෙන් හෝ උදව් කළ හැකි අයෙක් සොයා ගැනීමට එය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි.

    හැමෝටම ස්තූතියි සහ පිං.

    - ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඇගේ නමින් තැනූවද, මෙය ඈ විසින් තනන ලද ගූගල් ගිණුමක් නොවන බව කරුණාවෙන් සලකන්න. (මෙහි ඇනෝ කොමෙන්ටු ඉදිර්පත් කළ නොහැකි නිසා මෙ ගිණුමෙන් කොමෙන්ටුව දමන්නට සිදු විය.)

      Delete
    2. නැවතත් බොහොම ස්තූතියි ඔබට

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)