Tuesday, March 12, 2013

හීනෙන් ඇවිදින ස්වාමී - Sleepwalking Husband | Girl's Special


එක එක පුස්ගලයාට ඇති ආශාවන් විවිධාකාරය. එක එකාට ඇති පුරුදුත් විවිධය. සමහරුන්ට ඇත්තේ ලොවෙත් නැති පුරුදුය. ඒවා හැමෝටම පිහිටන්නෙත් නැත. සමහර වෙලාවට ඒවගෙන් පිනා චාන්ස් ඇදෙන වෙලාවලුත් ඇත. කරුමෙට වලේ වැටෙන වෙලාවල්ද නැතුවාම නොවේය. හීනෙන් ඇවිදීම එවැනි උත්කෘෂ්ඨ පුරුද්දකි. සිද්ධිය කියන්න කලින්ම කියන්නේ මේක උනේ මගෙ යාළුවෙක්ටය. යාළුවා කිව්වට මූ මට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල්ය. නෑදෑකමට වෙන්නේ මාමාය. මූණ බලාගෙන මාමේ කියන්න බැරිකමට අයියේ කියන්නේය. 

මාමාගේ ඇත්ත නම නොකියා අපි ඌට සිරිපාල යැයි කියමු. මොකද ඌත් මේ බොග බලන්නේය. ඌ විතරක් නොව උගේ ප්‍රියම්භිකාව වන සිරිපාල කෙලීත් මේක බලනවාය. (මම ඉවරයි...ගෙදරට ඇවිල්ලම ගහයි වගේ) සිරිපාලගේ පූර්ණ අවසරය මත රජා මෙසේ කතාව ලියන්නේය. සම්මුඛ සාකච්ඡාව සිදුවූයේ සිරිපාල කෙලී ඉදිරියේමය. කෙලී කට ඇරන් බලන් හිටි හැටි පොටෝවක් ගන්න මා ලග පැපරාසි කැමරාව තිබුනේ නැත. එය ඒ තරමට මනරම්ය. මාගේ මතකේ හැටියට මැස්සෝ දෙතුන් දෙනෙක් තොල්පෙති වල වැදී ආපසු හැරුනේ ඇගේ කටේ තිබ්බ ගද උන්ටත් උහුලාගත නොහැකි නිසාවෙන් විය යුතුය. (දරුණු නිය ප්‍රහාර එල්ල වීමෙන් හා කෙනිත්තීමෙන් රජාට බරපතල තුවාල)

සිද්ධිය මේකය. සිරිපාල ගොයියාට හීනෙන් ඇවිදීමේ ලෙඩක් ඇත. ඒ මදිවට මේකා නිදාගන්නේ කුම්භකරණයට හෙන ගහලා වගේය. කුම්භකරණයා නම් කෑම සුවදටවත් නැගිටින්නේය. මේකගේ ඇග උඩින් පෙරහැරක් ගියත් මූව නැගිට්ටවනවා බොරුය. මේවට සාක්ෂි සිරිපාල කෙලීය. ඔය මොනවා කීවත් මගෙ කෙනිත්තිල්ලට මෙයා නැගිටිනවා යැයි ඇය පවසන්නේ ඇද සිටි කර නැති ඇන්ග්‍රි බර්ඩ් ෂර්ට් එක උස්සමින්ය. 

ඕං දවසක්....සිරිපාල ගොයියා වැඩ නිමවා ගෙදර ආවේය. මේ බදින්න කලින් දවසක්ය. මහන්සිය වැඩිකමට ප්‍රවෘත්ති එහෙම බලලා නිදාගත්තේය. මූ හීනෙන් ඇවිදිනවා කියලා දන්න හින්දම රෑට තෙත ගෝනි ගේ හැමතැනමය. මිනිහා හැමදාම ගෙදරින් එලියට යන්නේ ප්‍රධාන දොරෙන්ය. ඒත් සීන් එක කියන්නේ දවස් දෙක තුනක් ගෝනි පෑගිලා ඇහැරිලාම මූ දවසක් පිටිපස්ස දොරෙන් එලියට ගියේය. කුස්සිය පැත්තේ ගෝනි දාලා නැති හින්දා මූ කිසි අවුලක් නැතුව නින්දෙන්ම එලියට ගිහින් තිබුනේය. කිව්වට විශ්වාස කරන්න මෙයා... මූ ගිහින් තියෙන්නේ ඒ ලගම තිබ්බ කුකුල් ෆාම් එකටය. 

මූ දොරෙන් යනවා සිරිපාලගේ අම්මට ලාවට වගේ ඇහුනාලුය. ඒත් ඇය ඒක ගණන් ගෙන නැත. උදේ ඇහැවන්න එනකොට ඩයල් එක ඇදේ සිට නැත. දෙලෝ රත් වූ අම්මා, සිරිපාල පියා සමග හතර වටේ ඇවිදිමින් මේකාව සොයා ඇත. කොහොම හරි ෆාම් එකට එද්දි සිරිපාලයා කුකුල්ලු ගොඩේ නිදිලු. නින්දේ තරම කියනවානම් කුකුල්ලු ඇග දිගේ යද්දිත් මේකට ඇහැරිලා නෑනේ. 

ඔන්න ඔය හරිය කතාව කියන කොට ඊඊඊඊඊඊඊඊඊඊඊඊයාආආආආආආ මේ යකා කුකුල්ලුත් එක්කත් බුදියලා...වගේ සද්දයක් සිරිපාල කෙලී පැත්තෙන් ආවා කියලා කීවේ රජාගේ ඇමති කොල්ලෙක්ය. දැන් මම මේ පෝස්ට් එක ලිව්වේ කෙලීට පොඩි උපදෙසක් දෙන්නටය. අක්කේ....... ඕකා දැන් උනත් ඇදෙන් බැහැලා යන්න ඉඩ තියෙනවාය. 

මෙන්න නංගියේ, අක්කේ, නැන්දේ, ආච්චියේ...රජා අරන් ආවා සුපිරි භාණ්ඩයක්. ස්වාමි පුරුෂයා රෑට ඔබව මගහරිනවාද? රැවටෙන්න එපා! අදම මිලදී ගන්න. සුළු මුදලයි... එකක් ගත්විට දෙකක් නොමිලේ...

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

Glow In The Dark Love Ring
You're sure not to lose your man in the night with these glow in the dark love rings. Contains 3 in a packet.

LKR 800/-

www.midnightdivas.com

ප/ලි:

මේ පෝස්ටුවෙන් පස්සේ රජා බ්ලොග් ලිව්වේ නැත්නම්, ඒ සිරිපාල කෙලීගෙන් ගුටි කෑමෙන් සිදුවූ අතුරු ආබාධ හේතුවෙන් බව කරුණාවෙන් සලකන්න.

රාජ හදුන්වාදීම්



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

80 comments:

  1. Replies
    1. හිනා වෙන්න එපා ඩෝ!

      Delete
  2. ඕම තමා මාධ්‍යකරුවන්ට එල්ල වන හිංසා පීඩා ගැන අපි අවදියෙන්

    ReplyDelete
    Replies
    1. ගෙදරට ඇවිල්ලා ගහලා ගියා ඩෝ... මේ නියපොතු පාර!!! දනවා බං :(

      Delete
  3. උඹ අනිවා ගුටි කනව...

    ReplyDelete
  4. හෙහෙහ් කොහොමැයි බන් ඔව්වා ලැස්ජාවක් නැතුව ඉල්ලන්නේ කඩවලින් :D

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් ෂොපින් බං ;)

      Delete
  5. කවුරු හරි මහ ඉස්පිරිතාලේ හරියේ ඉන්නව නම් පොඩ්ඩක් දැඩි සත්කාරේ බලන්නකෝ රජා ඉන්නවද කියලා :P

    ReplyDelete
    Replies
    1. හෙට ඇඩ්මිට් වෙනවා... දැන් එන්න එකක් නෑ ;)

      Delete
  6. නිදි වෙලාවට වලලු හැලෙයිද දන්නෙ නෑ?

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්... නොදනී :)

      Delete
  7. කොහෙන්ද බන් උඹ මේවා හොයාගන්නේ?

    ReplyDelete
  8. අඩෝ රජෝ උබ මට කලපනා උනේ උබේ අන්තප්පුරය විසින් උබට ඔය මුදු දැම්මොත් කීයක් කියල දාන්නද??

    ReplyDelete
    Replies
    1. එකක් ඇති බං... දිලිසෙනවලුනේ :)

      Delete
  9. මේකා මිඩ්නයිට්ඩිවාස් එකේද කොහෙද දැන් වැඩ කරන්නේ! හැමදාම ඇඩ් දාන්නේ!!!

    ReplyDelete
    Replies
    1. ලොල් මිඩ්නයිට් එකට ඩීවා කෙනෙක් මාලිගාවට එවනවා කිව්ව පොරොන්දුවට මේවා කරන්නේ :)

      Delete
  10. බොලා ඒ සැරේ මාර්කටින් වැඩ පටන් ගත්තද බොලව්,, :/

    ReplyDelete
  11. අර "_______" කොෆී ෂොප් එකේ නේද උඹ ඔය කියන පොර වැඩ කරන්නෙ. පොර ඩියුටි වෙලාවට නිදා ගත්තත්, පොරව අස් කරෙන්නෙ නැත්තෙ නිකං නෙවෙයිලු. පොර නිදාගෙනත් හීනෙන් ඇවිදින නිසා ඩියුටියත් කෙරෙනවලු. ඒ ඔක්කොටම වඩා පොරට විතරලු පුලුවන් අත් දෙකට ට්‍රේ දෙකත් අරගෙන තව එක්ස්ට්‍රා ඩෝනට් දහයකුත් ගේන්න එකපාර. පොර ඩෝනට් දහය ගෙනාවෙ කොහොමද කියලා මම දහ අතේ කල්පනා කලා. අර ලව් රිං එක දැක්කාමයි වැඩේ මීටර් වුනේ. මට දැන්නෙ වැඩේ මීටර් වුනේ.

    උඹ දැන් කොහොමත් ගුටි කන එකනෙ. මගේ එව්වත් එක්ක කාපං.

    ReplyDelete
    Replies
    1. හහහා....

      මේ කමෙන්ටුව මේල් කරන්න ඕනේ සිරිපාල කෙලීට. උදේට බෙල්ලේ වැල දාගෙන ඉදීද දන්නෑ :)

      Delete
  12. මළල සේකරයි!!! කොටුපැනලත් හමාරයි රජෝ... මේක රජයේ පූර්ණ අනුදැනුම ඇතුව ඩිස්ට්‍රිබියුට් කරන ප්‍රඩක්ට් එකක්ද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසා

      Delete
  13. ඕක නම් ස්ලීප් වෝකින් නෙමෙයි වෙන මොකක් හරි මගුලක්.
    දැන් නම් ශුවර් මූර අර කඩෙන් මොනව හරි හම්බෙනව

    ReplyDelete
    Replies
    1. හම්බෙනවා නේන්නං... ඩීවා කෙනෙක් එනවා දැන් හැමදාම මාව බලන්න ^_^

      Delete
  14. මොන මඟුලක්ද බං මේ... මදැයි බලන්න ආව ස්ලීප් වෝකින්....

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කේ දැක්කේ නැද්ද?

      Delete
  15. අඩේ රජෝ බොට කීයක් ගෙවනවද බං මේව ප්‍රමෝට් කරනවට.

    දැං බොලැයි සිරිපාල මාම මේව පාවිච්චි කරනවද?

    ReplyDelete
    Replies
    1. ගෙවන්නේ නෑ බොලව්... ඩීවා කෙනෙක් එවනවා විතරයි ;)

      Delete
  16. මොකද්ද රජෝ මේ? "රංගොජා ඇඩ්වටයිසින්" ද?

    ReplyDelete
  17. හික්ස් හික්ස් අනිවා කනවා කෑමක් අයේ එපා නොකියන්න

    ReplyDelete
  18. මේ රජා කනවා කෑමක් ලගදිම අපිට නෙස්කැෆේ මැෂින් ඕඩර් කරන්න වෙයිද මන්දා... ඔය වලලු කොහේ දාන ඒවද මල්ලි?????

    ReplyDelete
    Replies
    1. මොකද්ද අප්පා... ඔය පින්තූරේ දිලිසෙන තැන බලනවකෝ වදේ ^_^

      Delete
  19. ඔය වළල්ල රබර් වගේ ඇදෙන එකක්ද රජෝ. නැත්තම් මල මගුලයි වෙන්නේ

    ReplyDelete
  20. සුව දායක ගුටිකාමක් ලැබේව.!!

    ReplyDelete
    Replies
    1. අද හවස ලැබුවා සර්වසම්පූර්ණ එකක්..

      Delete
  21. සදාකාලික තනිකඩ රජෙක් විදියට ඉතිහාස ගත වෙයිද මන්දා මෙහෙම ගියොත් :D

    ReplyDelete
  22. කොහොමත් ගුටි කන්න වෙනවා.ඒ මනුස්සයා නිරුවත් කරලා නොවැ.නම නොලිව්වට සිද්ධිය වෙනස් කරලා නැනේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මනුස්සයා නම් අවුලක් නෑ... ගෑණු මනුස්සයගේ නියපොතු පාරවල්නේ ඉවසන්න බැරි. තාම දනවා :)

      Delete
  23. උඹලගේ පරම්පරාවේ උන්ට උඹේ ගතිගුණ තියෙනවා නෙහ්?.එත් උඹට ගුටි කන්න වෙයි වගේ මේක ඌ දැක්කම.

    ReplyDelete
    Replies
    1. උගෙන් අවුලක් නෑ... මම ඇහුවනේ :)

      Delete
  24. රජා ජයටම මාකටින් වැඩ වලට බැහැල වගේ!

    ReplyDelete
  25. මම හිතුවෙ සුරන්ගනා කතාවක් කියල .....:/ මදැයි .... හී හී

    ReplyDelete
  26. ඉංජිනියරිං අතඇරල මාකටිංද දැන් කරන්නෙ රජෝ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඒ පැත්තටත් බැස්සා බලන්න :)

      Delete
  27. හිකිස්..... මාරයිනෙහ්.....

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා නේද පින්වත? :)

      Delete
  28. හුකෑස්..............රටිපිජා අඩ්වටය්සින්

    ReplyDelete
  29. මටනම් උඹවම තමා ශුවර් නැත්තෙ.

    ReplyDelete
  30. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... මරු මාකට් කිරිල්ල ;)

    ReplyDelete
  31. උඹත් එකක් පැළද ගත්තොත් නරකද?

    ReplyDelete
  32. හපොයි මෙයා මොනවා කියනවද මන්දා...:D :D

    ReplyDelete
  33. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  34. ඒ බං ණයට පැකට් එකක් දීපංකෝ............

    ReplyDelete
    Replies
    1. වරෙන්කො අපේ මාලිගාව පැත්තේ :)

      Delete
  35. කියද දෙන්නේ හෝල් සේල්..;)

    ReplyDelete
  36. මේ රජා මා කුමාරයා කාලේ සිට දන්නා එකෙකි.(දැන් රජ වූ පසු බැහැදැකීමට හමු වුයෙම නැති තරම්ය.ඔය කිව්වට ලාවට හමු විය.) මු (උතුමා) ට ඒ දවස් වල සිට යම් ඉන්ද්‍රයක් පිලිබඳ ගැටළු බොහොමයක් විය. රජා ඉන්ජෙක් වූ පසුවත් මුගේ රාජ (කුප්පැහි) ගතිනම් මග හැරී නැත. අම්මපා යකෝ මුට දැන් එම ........ දීප්තිමත් කරගැනීමටද අවැසිව ඇත. යකෝ රජෝ කවුද කිව්වේ රාජ ඉන්ද්‍රය අදුරුය කියා... අග බිසවද බං ...

    ReplyDelete
    Replies
    1. ඈ...?
      උඹ මාව දන්නවා?
      කවුද බං උඹ?

      මේල් මී... මේල් මී....

      නෑ.. අගබිසවගෙ නංගි ^_^

      Delete
  37. රජා හීනෙන් මොකද කරන්නේ

    ReplyDelete
  38. අය්යෝ රජා ඇඩ් දානවා ඉවරයක් නෑනේ.. ගානක් හම්බවෙනවද ප්‍රොමෝට් කරනවට?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... මේක විතරයි!

      ඩීවා කෙනෙක් දෙනවා...

      Delete
  39. දැන් නියපොතු පාරවල් සනීප ද බන්ස් :)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)