Friday, April 13, 2012

කැම්පස් කුරුටු ගී (පේරා දී මම දුටු)

පේරාදෙණිය......දෙවන වතාවටත් මගෙ යාළුවෙක් එක්ක ඒ සොදුරු විශ්වවිද්‍යාලයට ගොඩවැදුනෙමි. මේපාර නං අතේ පෑනකුයි කොලේකුයි තියාගෙනමයි ගියේ කුරුටු ගී ලියාගන්න. හැබැයි තිබ්බ තැන ලියාගන්න බැරි උනා. සමහර තැන් කනාවට වගේ මතකයි. තිබ්බ හොදම ටික ලියාගෙන ආවා බොග් එකෙ දාන්න.




ඕං එහෙනං කියෝලම බලමුකෝ....



පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්තක අසු වේවා
(හිල්ඩා ඔබේසේකර ශාලාව )

වාසිටියේ පච ගස බිම වැටීයන්
කැන්ටින් එක කරන නෝනා මැරීයන්
ගුනේ අයියගෙ දෙසුම අදවත් ඉවර වෙයන්
බූට් දුන්න කෙල්ලම මට ලැබීයන්
(ප්‍රධාන පුස්තකාලයේ 04 මහලේ බිත්තියකිනි )
 
1st year පූජ්‍ය           හිමි
2nd year සිවුර        අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක්     හිමි
 
තුට්තු දෙකිනා කංස බීවට කන්න බත්පත නෑ අනේ
මට්ටු නොවෙනා කංස ලොල්කම කාට පවසන්නද අනේ
රට්ටු  _ _නා කතා කීවත් ඊට කම් නැත මස්සිනේ
තට්ටු කරලා මගේ කුටියට වඩින් කනහුල් සාමිනේ
(කනහුල් යනු කාඩ් එකකි)        
(මාකස් ශාලාව)

සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බුට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට
*සයිකො = ලයින් දැමීම


ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා
වෙනදා වගේ සවසට වැසි නොවැටේවා
මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා
ප්‍රවීණතා ප්‍රතිඵල පිට නොවේවා

සුදෝ සුදු ඔබේ කළුවන් කොන්ඩේ සුදෝ
සුදෝ සුදු ඔබේ නිල්වන් දෙනෙත් සුදෝ
සුදෝ සුදු ඔබේ පියකරු මුහුණ සුදෝ
සුදෝ සුදු ඔබේ මුළු ඇගම කළුයි සුදෝ

ලස්සන නැති කෙල්ලක් ආවයි වාසිටියේ
ලස්සන නැති නමුත් සීදේවිය වාසිටියේ
ගියෙමි පස්සෙන් සිත ගන්නට බැරියේ
මම පමණයි කෙල්ලෙක් නැති කොල්ලා වාසිටියේ

නරියා හූ කියයි ඩිග්රිය ඌට නැත
එළුවට රැවුල ඇත කැම්පස් ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත

සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපෑ
වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා
ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළඳ දෙපා
වීරයො මිසක නිකමුන් බිහිකරනු එපා

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වුනු එකා ළග බඩු හත අටය
ඉවසන් හිටපු මම තවමත් තනිකඩය





ප/ලි : 

මොරටුව, ජපුර, කැළණිය, කොළඹ කුරුටු ගී වෙන වෙනම පෝස්ටු වලින් පැමි‍ණේ.......

හදිස්සියේම දැම්මේ අලුත් අවුරුද්දට කලින් හිට්ස් 10000 ගැසීමටයි....

28 comments:

  1. //1st year පූජ්‍ය හිමි
    2nd year සිවුර අහිමි
    3rd year කොක්කක් හිමි
    4th year දරුවෙක් හිමි//

    මේකනම් හරියටම හරි...

    සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම එක ඕක තමා..ලෙසටම ලියා ඇත. ලිව්ව එකාගේ කටට ගල් බෝතලයක් හලන්න සිතේ.. :-)

      එසේම වේවා...එසේම වේවා..!!!

      Delete
  2. හික් හික්....වැඩි හලියක් ටියෙන්නෙ ප්ලසිඩ්ඩියෙ ඩාන්න බැලි එව්වනේ....;)

    සුබම සුබ අලුට් අවුලුඩ්ඩක් වේවා අයියෝ.....!!

    ReplyDelete
    Replies
    1. අපේ මාම කිව්වෙ....ඔය එක බංකුවක් උඩ වාඩිවුනාම සතියක් විතර කියවන්ඩ ඒව ටියෙනවලු.....

      Delete
    2. මාමා පේරෙද හිටියේ?

      අග්ලිටත් සුබම සුබ අලුට් අවුලුඩ්ඩක් වේවා අනී.... :-)

      Delete
    3. නෑ අනී එයා ජපුර....එක්ඩාස් නමසිය බරගනන්වල කැම්පස් ගිය එක්කෙනෙක්නෙ එයා...;)

      Delete
  3. එල එල! පංකාදු කුරුටුගීටික.

    ReplyDelete
  4. එල එල... තව ටික කලක් පේරදෙනි පැත්තෙ කරක් ගැහුවනම් පොතක් ලියන්න තරම් කවි හොයාගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....මම මේ හොදම ටික විතරයි දැම්මෙ

      Delete
  5. 'saico' kiyanne 'line demeeme' nemei ban. hithe awlak. maanasika awulak wage deyak..

    ReplyDelete
  6. මරු කුරුටු ගී ටික.. සමහරක් ඒවා බුකියේ ගිහින් තියෙනවා මාත් දැකලා තියෙනවා..

    ReplyDelete
  7. මමත් සමහර ඒවා කලින් කියවලත් තියෙනවා.මොනවා උනත් සිරා කවි ටික.

    ReplyDelete
    Replies
    1. අනිත් කැම්පස් වල ඒවත් දැම්මම බලහල්ලකෝ...!!!

      Delete
  8. saico kiyanne line damima nemei ban hithe awulen kalpana karanawa wage 1k.ara oya raa beach1ta giya wage

    ReplyDelete
    Replies
    1. මාත් එක්ක ගිය කොල්ල නං කිව්වෙ එහෙම..

      Delete
  9. කුරුටු උනත් සිරාම ගීත ටික..
    තව වැඩි වැඩියෙං ලියන්න ලැබේවා!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එල එල!!! ලියමු ලියමූ... :)

      Delete
  10. රජතුමාටත් තියන රාජකාරි අප්පා....!!

    ReplyDelete
  11. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ළඟ තියෙනවා අමුතුම නිර්මාණ කිරීමේ හැකියාවක්, ඇයි ඉතින් රටේ ඉන්න හොඳ මොළ කාරයෝ ටිකක් නේ සෙට් වෙන්නේ, එත් පහු වෙද්දී මුන්ගේ ඔලු ටික කනවා, ඊට පස්සේ ලියන්නේ , දියව්!!! , පලයව්!! , එපා !! නවතනු!!!, ලබා දෙනු!!! එලවමු!!! , ඔය ටික විතරයි.

    ReplyDelete
    Replies
    1. සෙර්ටිෆිකේට් ඇත්ත කතාව... 100%

      Delete
  12. සබරෙත් මරු ඒවා තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔව් ඔව් ඒවත් දාන්නංකෝ....

      Delete
  13. Palaweni eka pawukara ekak,,, puluwan nam owa waradiyi kiyalawath kiyanna...

    ReplyDelete
  14. මරු ඇහ්!!! අපෙ හොස්ටල් එකටත් වරෙං ආපහු ආවොත් ..බිත්තිවල තියෙන්නෙ කවිනම් නෙවේ හැබැයි :P

    ReplyDelete
  15. අපිත් කවි ලියලා ආවා. හික්ස්..ගිහින් බලන්නකෝ පේරා සංඝමිත්තා එක පැත්තේ.කොසුමිටි පාරවල් වලට නම් වගකීමක් නැ ඕං රජෝ...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)