Thursday, May 9, 2013

ලෑන්ඩ්මාස්ටර් මතක - Land Master Memories


ලෑන්ඩ් මාස්ටරය කියු සැනින් බොහෝ දෙනාගේ මතකෙට නැගෙන එක රූප රාමුවකි. කළු පාට දුම දාගෙන පාරේ ට්‍රැෆික් එක වැඩි කරගෙන කොට කොට යන රෝද හතරේ පොඩි ජිල්මාට් එකක්ය. ඔය ජිල්මාට් එක හොයා ගත්තේ ලංකාවේ ඩයල් එකක් බව දන්නෙත් සුළුතරවයක්ය. කවුරු කොහොම මොනවා කිව්වත් තාමත් ග්‍රාමීය ප්‍රදේශ වල ලක්ෂරි වෙහිකල් එක මේකය. එක වෙලාවකට බස් එකත් මේකය. ලොරියත් මේකය. ෆුල් එයාර් කන්ඩිෂන් කාර් එකත් මේකමය. 

අපේ පියතුමා බිම් මට්ටමේ සිට අඩියෙන් අඩිය දියුණු වූ අයෙක්ය. මං රජා ඉපදෙන්න ඉස්සෙල්ලා තිබ්බේ චූටි චැලියක්ය. රජා ඉපදෙනකොට 125 බෙන්ලියක්ය. ඔහොම වැඩටික කරගෙන යනකොට අර එදා ත්‍රීවීල් එක බල්ටිගහපු කොන්ක්‍රීට් වැඩපලේ වැඩපල වලට පොඩි වාහනයක අවශ්‍යාතාව දැඩිවම දැනුනි. දැන් වගේ ඩීමෝ බට්ටෝ, ලොක්කෝ ඤන් පචන් එකෙක්වත් ඒකාලේ හිටියේ නැත. ලොරි ගන්න සල්ලිත් තිබ්බේ නැති එකේ අඩුවට තිබ්බ එකම වාහනේ ලෑන්ඩ්මාස්ටර් එකය. 

ලෑන්ඩ්මාස්ටර් එක ගේන්නත් යනවා මට මතකය. සල්ලි සල්ලි කියලා බලන් නැතුව අරන් තිබ්බෙත් Si-Fang ලෑන්ඩ්මාස්ටරයක්ය. මං හිතන්නේ හොදම, බර අදිනම එක ඕකද කොහෙදය.   මොකද මම එතකොට දෙක හෝ තුන වසරෙය. දවසක් යනකොට ලෑන්ඩ්මාස්ටරේට ටේලරේ ගහන්නේය. ඕක දිහා කට ඇරගෙන බලන් ඉන්න ගිහින් ඇස් දෙකට ලී කුඩු යවාගෙන උඩ පැන පැන දිව්වා වගෙත් ලාවට මතකය. දැන් වැඩකරු වගේ ගත්තට මොකද මේක එලවන්න දන්න එකෙක් නැත. තාත්තා ඕක වැඩිය අල්ලන්න ගියෙත් නැත්තේ කවදාවත් එලවලා නැති නිසාමය. 

මාස්ටරේ ගෙදරට අරන් එන දවසේ වෙච්ච වැඩේ නම් මට ජීවිතේට අමතක වෙන්නේ නැත. මේ අටමගලේ එලෝගෙන ආවේ වැඩපොලේ වැඩකරන අයියෙක්ය. ඌටත් හරියට එලෝගන්න බැරිය. ඔහොම ඔහොම ලඩ ලඩ ලඩ ගගා එනකොට පොඩි කන්දක මුදුනට ඔන්න මෙන්න තියා ලෑන්ඩ්මාස්ටරේ හිටියේය. මමයි තාත්තයි කෝකටත් බැස්සෙමු. අයියාකාරයා නැවතත් ස්ටාර්ට් කලේය. ජවනිකාව පටන් ගත්තේ එතකොටය. 

එකපාරටම ලෑන්ඩ්මාස්ටරේ හොම්බ උඩ ගියේය. ඩක ඩක ඩක ඩක ගගා පාර හැමතැනම කැරකුනේය. අයියා කාරයත් දැන් බිමය. ඌ හැන්ඩ්ල් එකෙන් අල්ලගෙන ලෑන්ඩ්මාස්ටරේ පස්සෙන් දුවන්නේය. දැන් ඒකට ලෑන්ඩ්මාස්ටරේ කියන්න බැරිය. ඒක දැන් හෙලිකොප්පරේය. ෆුල් හින්දුස්ථාන් වෙච්ච මමයි තාත්තයි පාර අයිනට වෙලා කට ඇරගෙනය. කොහොම හරි මීටර් 100ක් විතර හොම්බ උඩට හරෝගෙන සිග් සැග් ගිය ලෑන්ඩ්මාස්ටරේ නැවත පොළවට සමාන්තර කරගෙන නවත්තාගන්නට අයියාකාරයා සමත් උනේය. තව පොඩ්ඩෙන් කිරි කිරි ලෑන්ඩ්මාස්ටරේ කුඩේ කුඩුය. 

පසුකාලීනම ඔය කියන අයියාකාරයම මේ පැත්තේ ඉන්න වේගවත්ම ලෑන්ඩ්මාස්ටර්කාරයා උනේය. ඌත් එක්ක එකෙක්ටවත් හැරෙන්නවත් බැරි උනේය. හූවයි බල්ටියක දුරින් ඌ මාස්ටරේ එලෝගෙන එනවානම් අපිට මෙහෙ ඉදන් ඌ එන බව කියන්න පුළුවන්ය. ඒ තරම් සද්දෙය.

වෙසක් එකට රට වටේ යන්න ලෑන්ඩ්මාස්ටරේ තරම් සෙට් වෙන වාහනයක් ලොවෙත් නැත. දුම කාගෙන, ටේලරේ උඩ ඔලුව වැදි වැදි, කකුල් දෙක පාරේ අතුල්ලගෙන, සින්දුවක් ගහගෙන යන එක තරම් ආතල් එකක් ලොවෙත් නැත. මේක කියෝන හුගක් අය ලෑන්ඩ්මාස්ටරේක ටුවර් එකක් ගිහින් නැති බව නම් ටක්කෙටම සුවර්ය. මොකද මේකෙ ඉන්නේ සල්පිලක් දැකපු නැති උන්නේ. ;)

ලෑන්ඩ්මාස්ටරේ ගැන කියනකොට තවත් නොකියාම බැරි චරිතයක් උනේය. නමුත් ඇය කාන්තාවකි. රජාගේ ප්‍රථම ලව් එක කිව්වත් වරදක් නැති තරම්ය. මන්ද මම ඇයට එතරම් ආදරය කලෙමි. ඇය නිවසට ගෙනආවේ ලෑන්ඩ්මාස්ටරේ ගේන්න සතියකට විතර කලින්ය. දවසක් අපි එයත් එක්ක වැඩපොළට ගියෙමු. එන්න එදා පටන් ලෑන්ඩ්මාස්ටරේ සද්දේ ඇහුනද ඇය ලෑන්ඩ්මාස්ටරේට ගොඩ උනේය. ඉස්සර අපේ මාලිගාව පැත්තේ අයට මේ දසුන එතරම් අමුත්තක් නොවුනේය. ඒත් දවසක් රජාගේ ඇස් ඉදිරිපිටම ලොරි රථයකට අසුවී ඇය අවසන් සුසුම හෙළුවාය. දෛවෝපගතව දැන් ඉන්න යාළුවාගේ කූඩුව තියෙන්නේ හරියටම ඇය වලදැමූ ස්ථානයේමය.

රජ සමග ලැසී :(

ප/ලි:

යුවරජා ඉපදෙන්න ඔන්න මෙන්න තියා මාස්ටරේ විකුණා දමන ලදී...

මේකෙත් අර අත්තගේ පරණ ලොරි  වල වගේ මගෙ නම ගහලා තිබ්බා. ඒ පොටෝවට වෙච්චි දෙයක් නෑ. කොහෙහරි මුල්ලකට වෙලා ඇති.

මේක ලියලා ඉවර උනාම මතක් උනේ අර ඇම්ඩා ලිව්ව ට්‍රැක්ටරයක් කතා කරයි කියන රචනාව... (දන්නවා නේ?) ^_^

දන්නේ නැති අයට,

ටීචර්: ලමයි හෙට ඔයාල එනකොට මොකක් හරි වාහනයක් කතා කරයි කියන මාතෘකාව යටතේ රචනාවක් ලියාගෙන එන්න ඕනි.

එක එක ලමයි විවිධ මාතෘකා ඔස්සේ රචනා ලියාගෙන ඇවිත් තිබුනා. බසයක් කතා කරයි, වෑන් එකක් කතා කරයි, ලොරියක් කතා කරයි කියන රචනා මාතෘකා අතරේ ඇම්ඩගෙ රචනාව දැක්ක ටීචර්ට ඇඩුනා.

රචනාව තිබුනෙ මෙහෙම



'ට්‍රැක්ටරයක් කතා කරයි '



ක්රීස්.....ස්ස්. චක් චක්...... 
බ්රුම් බ්රුම් බ්රුම්...ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් 

ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර

ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

114 comments:

  1. Replies
    1. කතා 2ක් නැත.. හෙලිකොප්පරෙ සිද්දිය එල ය.. හිනා කාලා මැරුනෙමි.. ට්‍රැක්ටරය එලවපු අයියාද එල ය.. මං මතක් කළා කියහන්කො..

      ප.ලි

      අලුත් පොරක් මි.. කමෙන්ට් කරන්නෙ අදමය.. ජය ශ්‍රී..

      සුභ වෙවා!! රාජ සම්පත් ලැබෙවා!!!

      Delete
    2. වෙලා ඇති විටක ඇවිත් යන්න...

      http://mathakamawatha.blogspot.com/?m=1

      Delete
  2. ඕව දැකල නම් තියේ ගිහින නෑ.
    keyboard එක හසුරුවන ඔය දෑතට බුදුසරනයි දෙවි පිහිටයි

    ReplyDelete
    Replies
    1. //keyboard එක හසුරුවන ඔය දෑතට බුදුසරනයි දෙවි පිහිටයි //

      උඹ මේකක් එලෙව්වනම් මේ වාක්‍ය කියන්නේ නෑ ජීවිතේට! :))

      Delete
  3. Land Master nam maruya. Mama podi kaale Piyathuma Anuradhapura hiti nisa niwaaduwata mamath eheya. Eheyin Land Master athdakeem atha. Dinak Piyathuma samaga ohuge Rajakaari waahanayen raajakaari gamanak yanawita Anuradhapura Nagara sabhawa asala handiyedi Land Master ekak awith van 1e anneya. Eya maa muhuna dun prathama riya anathuraya. Baya nownath ethan sita Office 1ta patta awwe payin yaamata sidu woo wita nam anduneya. Meya wooye 2001e diya.

    ReplyDelete
    Replies
    1. වෑන් එක කුඩු නේද? :-SS

      Delete
  4. ලෑන්ඩ් මාට්ටරේ වූ කලි පොදු ජනමනයාගේ හිතවතාය...අදද පිටිසර පළාත් වල බඩදරු අම්මලා පවා හදිසියකට පාවිච්චියට ගන්නේ මාට්ටරේය. ගොඩ මඩ මෙන්ම ජලයේද ගමන් කිරීම මාට්ටරේට සිම්පොල්ය. වරක් රැකියාවට ගිය සිරා නැවත ගම්පහට පය ගහන විට නගරයෙන් වැඩි කොටසක් ජලයේ ගිලිලාය. ඒ නිකම්ම නිකං වතුරක් නොව ගං වතුරක්ය. රථ ධාවනය ඇණ සිට තිබූ ඒ අවස්ථාවේ ගමන් පහසුව සැලසූවේ මෙවැනි මාට්ටරේකි. මේකලාව හරියේදී පොට පොට ගෑ මාට්ටරේ කැරකෙන රෝදය ජලයේ ගිලුනද ඒකා දියකාවෙකු මෙන් තරණය කල හැටි අපූරුය..මනරම්ය..නෙත්කළුය. ඒ අර්ථයෙන් ගත් කල මාට්ටරේට ගහන්න වාහනයක් නැත

    අමාරුම වැඩේ නම් ටේලරය එල්ලූ පසු මාට්ටරේ රිවර්ස් කිරීමයි. එය කොර ඇති ඇත්තන් එහි ඇති අපහසුව දනිත්.

    ReplyDelete
    Replies
    1. සිරාවටම... මාට්ටරේට ගහන්න එකක් නැත!

      ට්‍රැක්ටරේ රිවස් කරන්න ගිහාම ඔයිට වඩා ඇඩෙනවා... :((

      Delete
  5. ඉස්සර අපේ ගමේ අවමගුල් පෙරහැරවල් යනකොට ඉස්සරහින් වැලි දාගෙන යන්නේ ලෑන්ඩ් මාස්ටර් එකක්. තව එක එක වැඩ වලට තවමත් ලෑන්ඩ් මාස්ටර් භාවිතා වෙනවා. මමනම් මෑතකදීත් ටේලරේ නැගලා ගමනක් ගිය. ජය...!

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි...ඕක ඉතින් සිරිතනේ :)

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. C-Fan නොවෙ රං ගොජෝ Si - Fang යනුවෙං නිවැරදි කරපං නැත්නං චීනෙක් එහෙම දැක්කොත් බොගෙ කනට එකක් ගහල යයි :P පට්ට්යි ඈ කතාව :D :D

    ReplyDelete
    Replies
    1. මූ හොදයි කියුවට ඔයිට වඩා හොද එව්වා කොච්චර තියනවද .(ජපන්)එව්වා. ඕන්නං අහලා බලහන් අර මාරයාගෙන් ඌ තාමත් අත්ටැක්ටර් එළවනවා

      Delete
    2. හැදුවා හැදුවා... :))

      Delete
  8. මටත් රවුමක් යන්න ආසා හිතුනා අප්පා.. :/

    ReplyDelete
    Replies
    1. අර කොලුවා එලවන්ට දන්නවා මයේ හිතේ

      Delete
    2. ආසාවකටවත් යන්න එපා ඈ... d(

      Delete
  9. ඇ රජෝ ට්‍රැක්ටර් කතාව වැරදිනේ, ඩර ඩර ඩර නෙවෙයි හුට හුට හුට හුට නේද? ඇම්ඩට මිස් කිවුවේ හුට මකන්න කියල නේද?

    ReplyDelete
    Replies
    1. හහහහා........හම්මෝ!!!!!! ඒකත් නරක නෑ...

      ඇම්ඩා මක මක යන්න ඇති නේ =)) =)) =)) =))

      Delete
    2. මම අහපු කතාවේ ඇම්ඩගේ රචනාව හින්ද පින්සිරිපාලයා මිස්ට මැකුවා :D :D :D :D :D

      Delete
  10. ග්ර්ර් ග්ර්ර් ග්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඩක ඩක ඩක ඩක ඩක ........

    ReplyDelete
    Replies
    1. කෝමද සද්දෙට එන බීට් එක! :))

      Delete
  11. අපිනම් කරත්තවල සිට කාර් දක්වා ගොස් ඇත......
    seen එකනම් මයිනට ඔය එකක්වත් හරියට එලවන්න බැරිය......
    රජා දුටු දවසේම මු නම් බැල්ලියන්ටත්(ආදරෙන්) love කල බව ගොනාට මෙන් මට තේරුණි......

    ReplyDelete
    Replies
    1. අපෝ එලෝගන්න බැයිද? යමන් ලර්නර්ස් :)

      Delete
  12. රජා කිව්වා වගේ ඕවා තවම සමහර පළාත් වල ජනප්‍රිය වාහන තමයි. මාත් ගිහින් තියනවා. වෙසක් පොසොන් පෝය දවස් වලට වැඩි හරියක් පන්සල්/දන්සල් එහෙම යන්න ඕවයේ නේ.

    ReplyDelete
    Replies
    1. වෙසක් බලන්න යනවානම් ඔන්න බඩු... :))

      Delete
  13. ඉස්සර නම් අපේ සෙල්ලම් කරන්නේ ඔකේ හිකිස්... හැබැයි ඉතින් ඕක හැමදාම අපේ මහ ගෙදර එකම තැන තිබුනේ ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒක පුරාවස්තුවක්ද? :))

      Delete
  14. අනේ බං, මේ පැත්තෙත් ඔව්ව තිබුනට මම කවදාවත් ගිහිල්ල නම් නෑ. වෙසක් පොසොන් කාලෙට එහෙම මිනිස්සු ඔව්වයින් වන්දනාවෙ යනව නම් දැකල තියෙනව.

    උඹ එහෙම ලිව්ව නම් අර රචනාව කොහොම ලියයිද?

    ReplyDelete
    Replies
    1. ආ .... ඒක නෙවි, මොකද බං මේක දෙපාරක් දාලා තියෙන්නෙ.

      Delete
    2. උඹලා වැඩක් නෑ බං...

      කෝ මොකද්ද? :-?

      Delete
  15. //මොකද මේකෙ ඉන්නේ සල්පිලක් දැකපු නැති උන්නේ.// අපිට අදාළ නැත :D ;)

    ReplyDelete

  16. ඕ0 මමත් අපේ ගමේ මාමා කෙනෙක්ගේ ලැන්ඩ් මාස්ටරේ අවු.4 දි විතර ගිහින් ගිහින් තියෙනවා, එතකොට රජා මේ ලොවෙත් නෑ :) මම නම් ආසම ලැන්ඩ් මාස්ටර් එක එල් හැඩයක් තියන යකඩයෙන් පණ ගන්වනවා බලන් ඉන්න

    ReplyDelete
    Replies
    1. අක්කට අවුරුදු 4 කියන්නේ ඉතින්....මම තාම දිව්‍යලෝකේ :))

      ආ...ඒක හිතන තරම් ලේසි නෑ. එපා වෙනවා කරකවන්න ගිහාම!

      Delete
  17. එදා, රේ විජේවර්ධන මහත්තයා, මේ රෝද දෙකේ විශ්මය ලෝකයට දායාද කල අවස්ථාවේ, එය දේශීය නිෂ්පාදනයක් ලෙස ලොවට හඳුන්වාදී, ලෝකෙට කෝටි 100 ක් හරි ණය වෙලා, අපේ රටේ ට්‍රැක්ටර් කම්හලක් පටන්ගත්තානම්, අද අපි ජපානය කොරියාව ඉන්න තැනට ආසන්නව හෝ සමහරවිට ඊටත් ඉහළින් ඉන්න තිබුනා, ට්‍රැක්ටර් විකිනීමෙන්. ඒ එන විදේශ විනිමයෙන්, අපිට මෙතෙකැයි කියන්න බැරි වාසි ගන්න තිබුනා. මොකක්දෝ පූරුවේ කරුමෙකට, දේශීයව යමක් හැදුවොත්, ඒ කාලේ තියන ආණ්ඩුව ඒක කාලා දාන්නේ එක සැනින්. උපාලි විජේවර්ධන මහතා පටන්ගත් මෝටර් රථ, ගුවන්විදුලි යන්ත්‍ර, කර්මාන්ත වලටත් වුනේ ඒකමයි.

    හැබැයි රජෝ, මේ රෝද දෙකේ ට්‍රැක්ටරය, ගමන්බිමන් සඳහා යොදාගැනීම නම් බොහොම භයානකයි. මේක මගී ප්‍රවාහනයට හදපු වාහනයක් නෙවෙයි. නියම නීති රීති අනුව, මෙය මහාමාර්ගයක රාත්‍රී කාලයේදී ධාවනය කරන්න බැහැ, පසුපස සංඥා ලාම්පු කිසිවක් නැති නිසා සහ ඉදිරිපස ප්‍රධාන ලාම්පුව හැර සංඥා ලාම්පු නැති නිසා. ඇත්තටම මෙය, වගාබිම්වල පමණක් ධාවනය කලයුතු, කෘෂිකාර්මික යන්ත්‍රයක්. වාර්ෂිකව සෑහෙන අනතුරු සංඛ්‍යාවක් කරගන්නවා, මේවා පොදු මාර්ගවල ධාවනය කරන්න යාමෙන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මුල් ජේදෙ කියෙව්වම මට ලංකාව ගැන දුක හිතෙනවා! :(

      Delete
    2. හැක් අර උපාලි ෆියට් කාර් එක කොච්චර මාකට් උනාද :v දැං නං එයිං එකක් බෙහෙතකවත් හොයාගන්න නෑ :\

      Delete
  18. //මේක කියෝන හුගක් අය ලෑන්ඩ්මාස්ටරේක ටුවර් එකක් ගිහින් නැති බව නම් ටක්කෙටම සුවර්ය//

    ඇ බොල වල් කුපාඩි රංගොජෝ තෝ හිතාන ඉන්නේ අපි මොක්කු කියලද

    ReplyDelete
    Replies
    1. උඹලට නෙමේ කිව්වේ. හුගක් අය කියලනේ කිව්වේ.

      උඹලා අපි මේවගෙ ගිහින් නැත්තන් වෙන කවුද යන්නේ ඈ :))

      Delete
  19. ඕක දැකල නම් තියනවා, ඒත් නැගල කොහේවත් ගිහිං නෑ...අපි ඕකට කියන්නෙ දඩ දඩ එක කියලා..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ ඈ...

      දඩ දඩ??? =))

      Delete
  20. අපි ඔය රෝද දෙකේ අත් ට්‍රැක්ටර් වලට ලෑන්ඩ් මාස්ටර් කිව්වට, ඒක මුලින්ම ආපු, එංගලන්තයේ නිශ්පාදනය කරපු, ඊට පස්සෙ ගෙනාපු නැති ට්‍රැක්ටර් ජාතියක brand name එකක්. ඒවායේ දැන්වීමක් අර සිරාගෙ බ්ලොග් පෝස්ට් එකේ දාලා තිබ්බා. ඊට පස්සෙ තමයි ඔය කුබෝටා හෙම ආවේ.

    ReplyDelete
    Replies
    1. එහෙමද??? කවුදෑ දන්නේ :-?

      Delete
    2. රේ විජේවර්දන මහත්තයා හොයා ගත්තෙ. ලංකාවෙ හිටියෙ ලෝකෙප්‍රථම අගමැතිනිය කියනවනෙ.ගනන් අරගෙන නෑ මොනමගුලක්ද කියල. පස්සෙ තමයි.පිටරට ලෑන්ඩ් මාස්ටර් සමාගමට ව්කුනල තියෙන්නෙ නිර්මාණය. ඔය ලංකාවට එන්නෙ අපූරුවට නිශ්පාදනය කරල...! අපේ රටේ..!@!@#$@#%$#%

      Delete
  21. අපි නම් ඕන තරම් ඔය කියන වාහනේ ගමන් බිමන්ද ධාවනයද කර ඇත.. ඒ නිසා අපිට නම් ඉතින් ගොඩක් සමීපයි බන් රජෝ ඔය වාහනේ..

    මොනවා උනත් ඉතින් දැන් නම් මේවා දකින්න ලැබෙනවා අඩුයි ගොඩක්..

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ...දැන් අඩුයි නේන්නං :(

      Delete
  22. මම ගිහින් නෑ ඔය කියන එකක :(
    අර 'සල් පිලක්වත් දැකපු නැති උන්' ගොඩට තමා මාත් වැටෙන්නේ.

    ReplyDelete
  23. '' මේක කියෝන හුගක් අය ලෑන්ඩ්මාස්ටරේක ටුවර් එකක් ගිහින් නැති බව නම් ටක්කෙටම සුවර්ය. '' ශ්‍රී ලාංකේය මෝටර් රථ ඉතිහාසය
    ඕන්න ඔය කතාව නං සහතික ඇත්ත. සුපිරි කාර් වෑන් වල නැති අමුතුම ගතියක් තියෙනවා ලෑන්ඩ් මාස්ටර් ගමනේ, හරියට කරත්තෙක නැගලා යනවා වගේ....
    ලෑන්ඩ් මාස්ටරේ පදවන වැඩේ අපි හිතන තරම්ම ලේසිත් නෑ... මොකද ඒකට ඇඟේපතේ හයියත් ඕන කරනව නේ.(ලයිසන් ගනිත්දී, පිනට ලැබෙන එකම වාහන පන්තියත් ලෑන්ඩ් මාස්ටර් එක විතරයි.)


    රියදුරු බලපත්‍රය ගැන සියල්ල දැන ගන්න පිවිසෙන්න--- www.roadlk.blogspot.com

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ...පිනට ලැබුනත් මට ඕක එලෝගන්න බැරි හැටි බලහන්කෝ :((

      Delete
  24. ලෑන්ඩ්මාස්ටරේ කතාවෙ ඔක්කොම ආතල් බැස්ස අර බැලි පැට්ටි මල හැටි ඇහුවම.. ඔය දුක විඳින්න බැරි නිසාම උන් හදන්නත් හිතෙන්නේ නෑ කොච්චර ආදරේ උනත්..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අප්පා...මං බලන් ඉද්දිම මලා! :(( :(( :(( :(( :((

      Delete
  25. අත් ට්‍රැක්ටරේකින් කොයි තරං වැඩ ගන්න ඇහැකිද??? රජා කිව්ව වගේ වෙසක් බලන්න නං ඒක තරං සුපිරි වාහනයක් ඇත්තෙම නෑ...

    ReplyDelete
  26. "Rajarata" (Anurdhapur / Polonnaruwa) aya kiyana Machine eka.
    Jayawewa.

    ReplyDelete
  27. විචාරක මහත්තය කිව්වා වගේ ලෑන්ඩ් මාස්ටරයට ලොකු ඉතිහාසයක් තියෙනවා. මුල් ලෑන්ඩ් මාස්ටර් එකට තිබුනේ භූමිතෙල් එන්ජින් එකක්. බර අඩු නිසා ලෙහෙසියෙන් පාලනය කරන්න පුළුවන් .උඩරට හෙල්මලූ ලියදි වලට කියාපු බඩුව. ඊට පස්සේ ආවෙ කුබෝටා එක.ඒක ඩිසල් වලින් වැඩ කරන්නේ. අපේ ගෙදරත් ඒ එකක් තිබුනා එලවන්න ලේසි නැහැ.හෙමින් යන නිසාත්,ස්වාභාවික පරිසරයේ රසය ඒ අන්දමින්ම අත්විඳිය හැකි නිසාත් 15 කට පමණ ලෙහෙසියෙන් යන්න පුළුවන් නිසාත් ඒක ටිකක් බර උනත් එලවන්න අමාරු උනත් එකල ගමේ ජනප්‍රිය වාහනය උනා.(ඒ කාලේ අද වගේ කාර්,වැන්,ත්‍රි වීලර් ගමේ තිබුනේ නැහැ )

    ReplyDelete
    Replies
    1. බර වැටුනම ඉස්සරහ උඩ යන සීන් එහෙකුත් තියෙනවනේ...

      පුරුදු නැතුව එලෙව්වොත් සොරි ඩොට් කොම්! s-)

      Delete
    2. කඳුකරයේ පටු මාර්ග වල කුබෝටා අත් ට්‍රැක්ටරයක් පදවන එක තැනිතලාවේදී එය පදවනවාට වඩා අභියෝගයකි. කන්ද නගින විට වංගුවකදී අදාළ රෝදයේ පමණක් වේගය අඩු කිරීමට නියමිත හෑන්ඩ්ලයේ ක්ලට්ච් එක සීරුවට පාලනය කල යුතුය. වැරදි එක මිරීකුවොත් සොරිම තමයි.ට්‍රේලයේ රෝදයට පැමිණීමට ඉඩ ලැබෙන පරිදි වංගුව ගත යුතු නිසා කාර් එකක් වාගේ එලවන්න බැහැ. පැල්ලමක් බසින කොටත් එහම තමයි. මට මතක් උනා 1968/67 කාල වලදී මම උදේ පාන්දරින් හපුතලේ පොලට කුබෝටා අත් ට්‍රැක්ටරයක් පදවා ගෙන එළවලු ගෙනගිය කාලය.

      Delete
    3. කඳුකරයේ පටු මාර්ග වල කුබෝටා අත් ට්‍රැක්ටරයක් පදවන එක තැනිතලාවේදී එය පදවනවාට වඩා අභියෝගයකි. කන්ද නගින විට වංගුවකදී අදාළ රෝදයේ පමණක් වේගය අඩු කිරීමට නියමිත හෑන්ඩ්ලයේ ක්ලට්ච් එක සීරුවට පාලනය කල යුතුය. වැරදි එක මිරීකුවොත් සොරිම තමයි.ට්‍රේලයේ රෝදයට පැමිණීමට ඉඩ ලැබෙන පරිදි වංගුව ගත යුතු නිසා කාර් එකක් වාගේ එලවන්න බැහැ. පැල්ලමක් බසින කොටත් එහම තමයි. මට මතක් උනා 1968/67 කාල වලදී මම උදේ පාන්දරින් හපුතලේ පොලට කුබෝටා අත් ට්‍රැක්ටරයක් පදවා ගෙන එළවලු ගෙනගිය කාලය.

      Delete
  28. ඩ්‍රැකියාද දවසක් ලෑන්ඩ් මාස්ටරේක කිලෝ මීටර් බර ගණනක ට්‍රිප් එකක් ගියෝ ය. ඒ පදවිය ශ්‍රී පුර සිට පුල්මුඩේ වෙරළට ය. ඒ කාලේ රනිල් මාමා ගේ සටන් විරාමය යටතේ තාවකාලිකව වෙඩි හුවමාරුව නතර වී තිබුණා මිසක පාරවල් ඒතරම් හොඳට තිබ්බේ නෑ ය. ඉතින් පුල්මුඩේ වෙරළෙන් බැහැලත් පැයක් විතර යනකම් ඩ්‍රැකියයි අනිත් සෙට් එකයි ගැස්සි ගැස්සී සිටියෝ ය. ඒ මදිවට ඩ්‍රැකියා නම් ට්‍රැක්ටරේ ගියේ ඉඳගෙන ම ය. හිටගෙන ගිය උන් මාර වාසනාවන්තයෝ ය කියා හිතුණේ ආපහු ආවටත් පස්සේ ය. ආපහු එන ගමන් අපිත් එකක් ගිය සෙට් එක සිරා සින්දු වැලක් කිව්වෝ ය. එයින් බහුතරය කුණුහරප ය. මාර අත්දැකීමකි. කවදා හරි පෝස්ටුවක් දාන්න ඕනෑ ය.

    ReplyDelete
    Replies
    1. දාපන් දාපන්.... බැහැලත් ගැස්සෙන ගතිය තියෙනවා තමා බං ඕවයේ ගිහාම =))

      Delete
  29. වෙසක් කාලෙට රෝන්දේ යාමට පුට් සයිකලය ගාවට පට්ටම වාහනේ ලෑන්ඩ් මාස්ටරයය. කතා දෙකක් නැත

    ReplyDelete
    Replies
    1. එකෙන්ම...

      හැබැයි ඔයිට වඩා ආතල් පුට්සයිකලේ ඉදගෙන ලෑන්ඩ්මාස්ටරේ ටේලරේ අල්ලගෙන එල්ලිලා යන එක. :)) :))

      Delete
  30. අපේ පැත්තේනං තිබුණේ ඔරිජිනල් ජපන් කුබෝටා ඒවාය. අර කියනවත් වගේ ඕක ස්ටාට් කළාට පස්සෙ හැඬල් එක අල්ලගෙන ඉන්න මාර හයියක් ඕන කරනව.
    දැංනං ඕව වැඩිහරියක් ගන්නෙ අර මේසෙයක් හයිකරල කරල ජංගම ලී ඉරුම්පොළවල් වලට. ඇඹිලිපිටිය පැත්තෙ උසාවියකට ගියානං බලාගන්න පුලුවං තියෙන ලෑන්ඩ්මාස්ටර් ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් ආ...පිස්සු හැදෙනවා!

      අප්පට සිරි එහෙමද? වෙන්දේසියේ දාලා ඇති මයේ හිතේ :))

      Delete
  31. දැන් ඉතින් කවුරු කවුරුත් ලෑන්ඩ් මාස්ටර් අත්දැකීම් කියන්න ඕන නේද?

    ඔන්න ඉතින් මනමාලි වෙලා මහත්තැන්ගෙ ගමට යන්න පිටත් උනා නෑදෑ, දෑවැදි පිරිවරාගෙන.. නැවැත්තුවෙ නැතැ කඩමංඩිය ගාව මනමාල මෝටර් රතේ... පිළිගැනීමේ උත්සවයක්.. කථා පවත්වලා යන්න පිටත් වෙද්දි, මෝටර් රථය අහලක නෑ.. මෙන්න ඉන්නවා ලෑන්ඩ් මාස්ටර රාජයෙක්.. ලස්සනට සරසලා ක්‍රෝටන් අතු මල් වැල් අප්පා.. නගින්නයි කීවෙ.. නැග්ගා හිනාවෙවී..

    ඇත්තමයි.. වෙලාවෙ හැටියට ඒ වැඩේ පංකාදුයි.. මොකද මහත්තැන්ගෙ ගේ තියෙන්න සෑහෙන කන්දක.. ඉතින් අපි දෙන්නා යනෝ ලෑන්ඩ් මාස්ටරේ...
    අනේ..
    බලන්න දුකයි..
    අම්ම, තාත්ත, නංගි, මල්ලි, නෑදෑ සනුහරේ ‍..............
    මේන් පයින් ගමනේ.....

    ReplyDelete
    Replies
    1. අලුත බැන්ද ජෝඩුවට හම්බෙච්ච රැග් එකද මන්දා ............... :D

      Delete
    2. බුකියේ පොටෝවකුත් වැටිලා තිබ්බේ...ඒක මරු අප්පා :))

      Delete
    3. @ wang vishan - ඔව් ඔව්.. ඒත් වෙලාවෙ හැටියට එහෙම හිතන්නත් බෑ.. මොකද රැග් උනේ අපි දෙන්න නෙමේ.. අපෙ නෑදෑයො :(

      @ අඩවි රජ - ඒකනෙ.. තව එකක් තිබ්බා... හිනාවෙවී කැමරාව දිහා බලන.. ඒක ගෙදර වෙන්නැති.. ඔය දැම්මේ ඔෆීසියෙ තිබ්බ ෆොටෝ ටික ස්කෑන් කරලා... හෙහ් හෙහ්...

      Delete
  32. "//වෙසක් එකට රට වටේ යන්න ලෑන්ඩ්මාස්ටරේ තරම් සෙට් වෙන වාහනයක් ලොවෙත් නැත//"
    මේ කතාව නම් සහතික ඇත්තය, මමත් ඉස්සර හොඳ ලෑන්ඩ් මාස්ටර් කාරකය, ඒ සීයාගේ ලෑන්ඩ් මාස්ටරය තියෙනකොටය,දැන් මොකක්වත් නැත,මොකද සීයා නැති නිසාය, ඉස්සර වෙසක් කාලේ ගමේ මාතලී මමය, එය නම් පට්ට ආතල් කාලයක්ය. මතක වෙනකොටත් දුක හිතෙනවාය.

    ReplyDelete
    Replies
    1. එහෙමද? එහෙනං එකක් සෙට් කරගෙන යමුද රවුමක්? :)

      Delete
  33. මේක කියවන කොට මතක්වෙන්නෙම කැඩිච්ච පාරක ලෑන්ඩ් මාස්ටරේ ගිය ගමන

    ReplyDelete
    Replies
    1. සිරා නේ..... බැහැලත් ගැස්සෙනවලු =))

      Delete
  34. meka kiyawanakota matath podi wadak mathak una mama lagak wenakamma lanmsatreta kiyanna lanmattare kiyala dawasak oka kiyala iskoledi pulu iskolema hina una thama mathakai

    ReplyDelete
    Replies
    1. හිකිස්... ලෑන්මාට්ටරේ =))

      Delete
  35. මම එළවලා තියෙන එකම වාහනේ ඕකද කොහෙද බං.පට්ට තාක්ෂණේ.කන්දෙදි එක පැත්තකට හැරෙන එක පල්ලෙමේදි හැරෙන්නේ අනිත් පැත්තට.අනික ළමයි හම්බවෙන්ඩ පරක්කු වෙන ගෑනු අයට අංගුලිමාල පිරිතට වඩා ප්‍රත්‍යක්ෂයි ලැන්ඩ්මාස්ටර් ටුවර් එක.

    ReplyDelete
    Replies
    1. //අනික ළමයි හම්බවෙන්ඩ පරක්කු වෙන ගෑනු අයට අංගුලිමාල පිරිතට වඩා ප්‍රත්‍යක්ෂයි ලැන්ඩ්මාස්ටර් ටුවර් එක.//

      හෙහ් හෙහ් හෙහ් .... මෙන්න දොස්තරල.

      Delete
    2. මේ හොර වෙදාගෙ අත්දැකීම් තමා ඔය කියන්නේ! :))

      Delete
  36. අම්මේ මේක පදින එක මෙච්චර අමාරුද? මං මේ තකහනියේ ගිහින් මගේ ලයිසොම බලලා ආවේ. ස්කූටරේට ලයිසන් ගත්තහම නොමිලේ ම, නොඉල්ලා ම මෙව්වා පදින්න අවසර දීලා තියෙනවානේ............... ටේලරේ එල්ලපු එක ම පදින්න අවසර දීලා තියෙනවා. කොච්චර භයානක අවසරයක් ද නේද?


    ReplyDelete
    Replies
    1. පිනට හම්බුනාට... පුරුදු නැතුව පැද්දොත් නම් දානයක් කෑහැකි ලගදිම :))

      Delete
  37. ලෑන්ඩ් මාස්ටර් තමයි වෙසක් බලන්න දන්සල් වඳින්න යන්න සුපිරිම භාණ්ඩේ.. කෙල්ලෝ දිහා ස්ලෝ මෝෂන් එකෙන් බලන්න පුළුවන් ලෙසටම

    අඩෝ මගේ ලයිසන් එකේ ලෑන්ඩ් මාස්ටර් ලයිසන් එකත් තියනවා.. ඒ වුනාට මම මලාට ඕකක් පැදලා නෑ බං

    ReplyDelete
    Replies
    1. //කෙල්ලෝ දිහා ස්ලෝ මෝෂන් එකෙන් බලන්න පුළුවන් ලෙසටම//

      මේකනං සිරා කතාව ඕයි...ඕන්නං පොටෝවකුත් ගහගත්තෑකි =))

      Delete
  38. ඊලඟ පාර ලංකාවට ආවාම ඔයාට තමා මාව මේ වගේ එකක ගෙනියන්ට වෙන්නේ... :D

    ReplyDelete
    Replies
    1. ලෑන්ඩ්මාස්ටරේ ඉඩ ඇති වෙයිද දන්නෑ නේ? :))

      Delete
    2. ඇයි ඔයා එච්චරම තඩි එක්කෙනෙක්ද? :( :D

      Delete
  39. ඔයාගේ ප්‍රථම ප්‍රේමය ලසීද?'ට්‍රැක්ටරයක් කතා කරයි ඩර් ඩර් ඩර්
    ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර ඩර හි හිඒකත් මරු තමයි :D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ...එයා තමා :))

      Delete
  40. ලෑන්ඩ් මාස්ටර් වල වෙසක් කාලෙට තොරන් බලන්න ගිහින් තියෙනවා බං..ලොවෙත් නෑ..මාර ෆන්..! පාරෙ යන කෙල්ලනට අතටම ඇඩ්‍රස් කෑලි දිදී...මොකෝ ඒකාලෙ ෆෝන් නම්බර් තිබුනයි..

    ReplyDelete
    Replies
    1. ඔය අහුවෙන්නේ......:)

      Delete
  41. රජා උඹ දන්නවද ලැම්බෝගිණි කාර්යා ඉස්සෙලම හැදුවෙත් ට්‍රැක්ටර් කියලා..

    ReplyDelete
  42. මටත් ලෑන්ඩ් මාස්ටර් එහෙක යනන් ඕනෙ.... :'(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න මම හයර් එකක් කතා කරලා දෙන්නම්! :))

      Delete
  43. හික්ස්... මරු ඈ.... :D :D :D

    ReplyDelete
  44. කතාව නම් පට්ටය.දුලාගේ පියාටද ලෑන්ඩ් මාස්ටරයක් තිබුනේය.ඒක කුබෝටා වර්ගයේ එකක් ය.දුලා ඉපදීමටත් පෙර සිට තිබුනු එය විකුණා දැම්මේ ගිය අවුරුද්දේය.ඒ තවත් කල් තියාගතොත් මාකට් එකක් නැති වෙයි කියා දුලාගේ පියාට සිතුනු නිසාය.ලෑන්ඩ් මාස්ටරය සම්බන්දයෙන් දුලාට අවු.4 දී සිදු වූ රසවත් අත්දැකීමක් ඇත.පියා ඇන්ජිම උඩ තිබෙන පියනක් ඇර වතුර දමනවා දැක්ක දුලා පියා නැතිවිටෙක තිබූ පියන් දෙකෙන් එකක් ඇර වතුර පිරෙව්වේය.පුරවා ඇත්තේ රේඩියේටරයට නොව ඩීසල් ටැංකියටය.පසුදා ලෑන්ඩ් මාස්ටරය ස්ටාර්ට් කිරීමට කාර්මිකයෙකු ගෙන්නීමට සිදුවූවේය.දුලාට එදා කෙල විය.දුලාටද පියාගේ ලොරි,ලෑන්ඩ් මාස්ටර් සමග ගැසූ පොටෝද තිබෙන නිසා ඒ සම්බන්ද ලිපියක් ලිවීමට සිතේ....
    මම දුලාගේ අඩවියේ දුලා....

    ReplyDelete
    Replies
    1. අන්න හරි...එල කොල්ලෙක්. ඕකට චූ කරන්න තිබ්බේ :))

      ලියහන් ලියහන්.. :)

      Delete
  45. අනේ මහරජතුමනි ඔබතුමාගේ අඩවිය හරිම ලස්සන ලිපි වලින් සරසවලා හරිම ලස්සනයි. අනේ මහරජතුමනි ඔබතුමා මගේ බලොග් එකට ඇවිල්ලා මාව ධෛර්යමත් කරන්න කමෙන්ට් දාන්න එනකල් මම මේ මඟ බලා ඉන්නවා. අනේ මහරජතුමනි ඔබතුමා මගේ බ්ලොග් එකට සැපත් වෙන්න ස්වාමීනී..

    ReplyDelete
    Replies
    1. rajo menna ubata hariyana wala site ekak thiyenawa... gihin balapan... maanasika asahanakaarayek / kaariyak da koheda liyanne...

      Delete
    2. ඒ කියන විදිහට යන්නම හිතෙනවා බං! =))

      Delete
    3. rajo dirimath koranna comment witharak daapan wena wena ewa ehema noda... balapanko nahayen andala thiyenne hariyata ubata kiyala ukaha ganna one wela wage ne...

      Delete
  46. Rajo...
    me adaviyata awe lagadiya.kiuwath wage abbahi unoya.parana ewath okkoma wage kiyeuwoya.ela kiri tikata liyanawaya.land master gamane athal mamath hodata vidala aththeya.kanata da adare athi nisa comontuwak dammeya.serada maharaja kiya gihin ennamya.

    ReplyDelete
    Replies
    1. හහහා...පට්ට!

      මම සැර නෑ මෙයා...ගිහින් එන්නකෝ එහෙනං :)

      Delete
  47. සිරාම කතාවය. මටත් තාම මතකය පුන්චි සන්දියේ ලෑන්ඩ් මාස්ටරේ නැගී වෙසක් බලපු හැටි. ආනමඩුවෙ බාප්පගෙ එක එලවන්න ගිහින් ඒ මනුස්සයාට සෑහෙන අලාභෙකුත් කොරා මතකය.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)