Sunday, April 14, 2013

අවුරුදු ෆන් ඇරඹේ - Happy New Year 2013


මේ අවුරුදු රාලේ....
තෙල් ඉහිරුණු කාලේ....
සිනහා වෙයන් කැවුම් ගෙඩිය වාගේ....
එඒ...
අ අ අ අ අ ආ....

හැමදාම ඇහෙන සිංදුව පොඩ්ඩක් වෙනස් කරලා කිව්වාට අවුලක් නැත. අළුත් දේ නොහිතන ජාතියට උදේට නගින්නේ නෑලුය. එහෙයින් සෑම සබ්බසකලමනාවක්ම අළුත් ආරකට සිතන්නට මේ අළුත් අවුරුද්දේ පුරුදු විය යුතුය. 

සෑම අවුරුදු දවසකටම වාගේ දවස ගෙවෙන්නේ එකම ෂෙඩූල් එකකටය. 
1. උදේම නැකත් චාරිත්‍ර ඉටුකිරීම
2. පියතුමාගේ හා මව්තුමියගේ දෙමාපියන් හමුව
3. පියතුමාගේ බාප්පාගේ ගෙදර යෑම
4. හවස තව කොහෙහරි යෑම

මෙවරත් සුපුරුදු පරිදිමය. මේ බාප්පා සීයගේ ගෙදර ගිහින් ආවා විතරය. එහෙ පොඩි එකා දුන්න ආතල් එක අමතක වෙන්න කලින් ලියලා තැබිය යුතුය. නැත්තන් පොඩ්ඩ පොඩ්ඩ නමද්දි දවස් දෙක තුනකට කලින් වෙච්ච සීන් කොහොමත් පාෂාණභූතව නිධන් ගත වී යන්නේය. බාගවෙලාවට ඒකටම අරක්ගත් බහිරවයෝද උපදින්නේ ආයේ මලත් ඒවා නම් මතක් නොවන පරිද්දෙන්ය. 

මේ පාර උදේම බඩ පැලෙන්න කා බාප්පා සීයලෑ ගෙදර යනකොට වෙලාව 10.30ට විතරය. සීයගේ දෙවනි දුවගේ පොඩි එකා දැන් ටිකක් ලොකු වෙලාය. දත් එහෙම ඇවිල්ලා හෙන වසවර්තියා වෙලාය. රජා කොහොමත් පොඩි ගෑල්ලමයින්ට කැමතිම නැත. අනේ අම්මේ....උන්ගේ තියන පඩි ටෝක්. වෙලාවකට මට උන් ඉන්න තැන පොළව පලාගෙන පලාගෙන යන්න හිතෙන්නේය. අපි යනකොට මල්ලිකාරයා කැටේකුත් බදාගෙන හෙන වැඩක්ය. අපිව දැක්කා විතරයි මිනිහට මාර හැපියක් ගියේය.

මල්ලි: චූටි මාමී..........මී මයේ කැටේ........මිනිහා කැටයක් පෙන්නමින් කීවේය.

උදේ පාන්දරම ලා.....වට පොඩ්ඩක් නමලා හිටපු සීයා කටහඩ අවදි කලේය. 

සීයා: අනේ තියාගන්නවා තමුසෙගෙ ඇටේ.....අපි දැකලා නෑනේ....

අම්බෝ....මට බකස් ගා හිනා ගියේය. මලයා ෆුල් හින්දුස්ථාන් වෙලා අපි දිහා බලාගෙනය. දැන් මලයට හෙන රථගායකුත් ඉහට ගහලාද කොහෙදය. අපි ආපු වෙලාවේ ඉදන් කාර් එකේ රවුමක් යන් කියනවාය. 

මලයා: චූටි මාමී......උයාලා මුකේද ආවේ.....

පියතුමා: කාර් එකේනේ ආවේ....

මලයා: අපි සවුමක් යමුකෝ......

පියතුමා: ආ....යමු....

තාත්තා පොඩි එකාගේ අතින් අල්ලාගෙන මිදුලට ආවේය. මෙන්න පොඩි උන් දෙන්නා අත් අල්ලගෙන රවුමට කැරකෙන්නේය. මමත් නිකන් තෝන්තු වෙලා ඒ දිහා බලාගෙනය. 

මලයා: අනි අපි සවුමක් යමුකෝ.......

පියතුමා: හරි හරි ඉතින් මේ රවුමට තමා යන්නේ....

හයියෝ රතිඤ්ඤා....මටත් සීන් එක මීටර් උනේ එතකොටය. මිනිහාගෙන් බේරිල්ලක් නම් හම්බුනේ නැත. අන්තිමට රජාට සිද්ධ උනේ යුවරජා සමග මේ වසවර්තියාව දාගෙන කාර් එකේ පොඩි ටුවර් එකක් යාමටය. 

රජා: හා හා අපි දෙන්නා යමු ඈ...

මලයා: හා.........

හා කියපු එකා පණ කඩාගෙන ගේ ඇතුලට දිව්වේය. මූට මොකාද මේ අළුත් අවුරුද්දේ වැහුන යක්ෂයා? මමත් පොඩි ෆලෝ පාරක් දැම්මෙමි. අනේ.....සංසාර සාගරේ පාවෙන රුවල් නෞකාවේ කොඩි ගස....මිනිහා බඩ ගාගෙන අම්මට වදින්නේය. 

මලයා: අපි සවුමක් ගීල්ලා එන්නං....

නැන්දා: හා ඈ.....

ෂෙහ්...කියන පමාවෙන් ඩයල් එක වාහනේ ඇතුලෙය. සමහර විට මේ කොල්ලා යන අවසාන චාරිකාව වෙන්නට ඇතැයි සිතන්නට ඇත. මන්ද එලවන්නේ රජාය. ඒ මලයව් අස්සේ මූ මට එලෝන හැටිත් උගන්නන්නේය. 

මලයා: අනී...හිමින් යන්කෝ..... මට පාල පේල්ලෑ....

පස්සේ රජා ආවේ පුට්සයිකල් පදින වේගෙන්ය. අම්මට සිරි...ගෙදරට  ඇවිල්ලා මුගේ හෙනම ලයින්ය. 

නැන්දා: බබා කොහෙද ගියේ....?

මලයා.... අපි ගියා ලොකූ..........සවුමක්!

මේ යක්ස පැටියා රජාටයි යුවරජාටයි දුන්නේ පුදුම වදයක්ය. රජාගේ කකුල් දෙක උඩ ඔන්චිලි පද්දලා මගෙ කකුල් දෙක දැන් නෑ වගේය. ඒ මදිවට වත්තේ ගහේ තිබිච්ච කාමරන්ග කකා මගේ කිරි කිරි ටොයි ඩෙනිමේ ගෑවේය. අනේ මල්ලියෝ.....මේ ඩෙනිම හෝදන්නේ මාසෙකට සැරයයි කුණු ගාන්න එපා කිව්වට මූ කනකටවත් ගත්තේ නැත. ඒ මදිවට දවල්ට කෑවට පස්සේ අයිස්ක්‍රීමුත් හැලුවේ කිසිදු අනුකම්පාවකින් තොරවමය. 

කොහොම හරි රජා මාලිගාවට එද්දි වෙලාව 1ය. අද Wrestlemania 2013 ටීවී එකේ පෙන්නන දවසය. උදේ 11 ෂෝ එක මිස් විය. අවුලක් නැත. රෑ 9.30ට ආයෙත් ෂෝ එක යන්නේය. අද රෑ නම් ගෙයින් අඩියක් හොල්ලන්නේ මේ රජා නොවේය. මගෙ සපෝට් එකට යුවරජ සමග පියරජ සිටින්නේය. හික් හික්.....දැන් ඉතින් මව්තුමියට වෙන්නෙත් මූණ ඇඹුල් කරගෙන රෙස්ලින් බලන්නය. 




ප/ලි:

ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, පැණි කාලා දියවැඩියාවම හැදෙන, තෙල් කාලා කුරුලෑ වැඩිවෙන, වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව හැදෙන, හැමතැනින්ම කාලා බඩේ අමාරුව හැදෙන, අයිස්ක්‍රීම් කාලා කැස්ස වැඩිවෙන, ඔන්චිල්ලාවෙන් වැටිලා කොන්ද කැඩෙන, බීලා බීලා පිත්තාශය පුපුරන, කුකුල් මස් ම කාලා බිත්තර මලපහ වෙන ෂුභම ෂුභ අළුත් අවුරුද්දක් වේවා!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

79 comments:

  1. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  2. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  3. මට බෑ දෙපාරක් සුබ පතන්න.. කලින් පෝස්ට් එකට ගිහින් බලා ගනින් :P :D

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  4. වැඩි වැඩියෙන් රජා කුජීත වෙන සීන් ඇදෙන සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  5. නව වසරේ සැරද මහරජ .......

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං...මම හෙන හොදයි ^_^

      Delete
  6. රජා ඇතුළු රජ පවුලේ සැමට සුබ නව වසරක් වෙවා!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  7. සුභ නව වසරක් වේවා මචං.!!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  8. පව් යකෝ පොඩි එකා!!! සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  9. සුභ වේවා රාජ සම්පත් ලැබේවා

    ReplyDelete
  10. රජාටත් රාජ සම්පත්තිය තව බොහෝ කාලයක් රැකගන්න හැකිවේවා
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  11. wal rajaatath subama suba aluth awuruddak wewaaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  12. පොඩි උන් හෙන ආතල් බන්.සුභ නව වසරක් වේවා ඈ අර කිව්ව දේවල් ඒ ආකාරයෙන්ම උඹට ඉෂ්ඨ සිද්ද වෙවා! :)

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  13. raja mama site ekata aluth,
    patta site eka,
    suba aluth awuruddak,
    raja sampath labewa..

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  14. සිංහාසනය රැක ගන්නට ලැබෙන සුබ මෙව්වා එකක් වේවා...

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  15. අක්කලැ ගෙදර දි සෑම් රජා මේනියාව දවල්ම බැලුවේය.

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. යකෝ .... මූ ජනාධිපති මාමා වගේ තුනෙන්ම සුබ පතල.

      Delete
    2. Keep calm and say එසේම වේවා!!!

      Delete
  16. රජා ඇතුළු රජ පැමිලියට ලෙසටම සුභම සුභ අලුත්ම අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  17. රජාට නව වස්‍ර හොඳ නැති බවක් තමා පෙන්නුම් කරන්නෙ... :D

    කොහොම උනත් සුබම සුබ එකක් වේවා !

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  18. බොටත් එසේම වේවා ! හිකිස්...

    ReplyDelete
  19. සුබ වේවා !!! ජරා සම්පත් ලැබේවා!!! ප්‍රින්ටින් මිස්ටේක් ඈ.

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  20. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    අඩේ මේනියා එක දැන් ඔහේ ටීවී එකේ දෙනවද බං.. මං නම් ලයිවු බැළුවා රෑ ඇහැරන් ඉදන්..

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Ten Sports එකේ දෙනවා බං...උන් ලයිව් දෙන්නේ නෑ බං රෙද්ද. Monday night RAW යන්නේ බ්‍රහස්පතින්දට. හැබැයි Friday night SMACKDOWN නම් සිකුරාදම යනවා :)

      Delete
  21. //රජා කොහොමත් පොඩි ගෑල්ලමයින්ට කැමතිම නැත.//
    රජවරු කැමති ටිකක් ලොකු ගෑනු ලමයින්ට බව නොදන්නා කෙනෙකු නැත.:D

    අර පොඩි කොලු පැටියා ෂෝයිනේ. හිටියා නම් මමත් කාර් එකේ දාගෙන ලොකු සවුමක් යනවා...:)


    ඔබට මේ අලුත් අවුරුද්ද සුභවේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපරාදේ නෙහ්... :)

      Keep calm and say එසේම වේවා!!!

      Delete
  22. සුභ වේවා තව තව රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  23. පව් පොඩි එකා ......ජය වේවා අවුරුද්දම

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  24. ඔන්න බලපං රජෝ කවදහරි උඹට කෙල්ලොම දෙන්නෙක් වගේ හම්බවෙයි... (මං කිව්වෙ කසාදයක් බැදපු දවසට) එතකොට බලන්න බැරියෙ.. මොකද එපා කියන්නද?

    ReplyDelete
    Replies
    1. තුහ් නෙදකින්... ඔහොම දුක හිතෙන කතා කියන්න එපා ඕයි විහිළුවටවත්! :/

      Delete
  25. හදවත සතුට උතුරන
    දස අත සැපත පැතිරෙන
    සුබ මිස අසුබ නොගෙනෙන
    ජයම වේවා! වසර එළඹෙන..

    ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරුණූ වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  26. රාජ නැතිවේවා.....!!
    සුන්දරම අලුත් අවුරුද්දක් වේවා.....!!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  27. එහෙනම් රජාටත් පවුලේ අයටත් මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අළුත් අවුරුද්දක් වේවායි කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  28. රජ පවුලක පොඩි එකෙක්නේ. අහන්නත් දෙයක්ද?
    රජතුමා රටේ වැඩ පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි නේද දැන්වත්?

    රජාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අළුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  29. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  30. ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ එකක් වේවා!!!!

    ReplyDelete
  31. "අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා'
    අඩේ මහ රජතුමාගේ area එක බොහොම පොඩි නේ
    මම මේ කනවට දැකලා අපු බ්ලොග් එකක් මොක උනත් ඉතින් සුපිරි.මම බ්ලොග් එක කියෙවුවෙ මුල ඉදන් අගට සුපිරි බ්ලොග් එක නිසා කියවන්න ආස හිතෙනවා.හැමදාම මොනවහරි ලියනකො ටික වෙලාවක් අරගෙන.මම හැමදාම එනවා පොස්ට් එකක් ලියලද බලන්ට

    ReplyDelete
    Replies
    1. හිකිස්...වෙල්කම් ටු ද අඩවිය ඈ...

      එල එල...දිගටම එමු. මම සාමාන්‍යයෙන් දවස් 3කට සැරයක් බං දාන්නේ :)

      රාජ සම්පත!!!

      Delete
  32. Keep calm and say එසේම වේවා!!!

    ReplyDelete
  33. එකත් එහෙමයි මගේ එක පැත්තෙත් ඔන නි නම් ඇවිත් යන්නට
    http://11wada.blogspot.com

    ReplyDelete
  34. suba aluth auruddak wewa rajo poddanam shoi wage

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  35. කෝ බන් උඹේ "සුබ වේවා!! රාජ සම්පත් ලැබේවා!!"
    මේක අලුත් අවුරුදේ හැලුවාද?

    එහෙනම් උඹ ඇතුළු රජ පවුලේ සැමට සුබ වේවා!! රාජ සම්පත් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ...

      Keep calm and say එසේම වේවා!!!

      Delete
  36. අපට රජුන්ට සුබ පතන්නට බැරිය ඔවුන් සුබ පතන්නේ ආපසු ඇමතිය නොහැකි දුරකතන අංක වලිනි.

    රජාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  37. රජාටත් අර කිව්ව ඔක්කොම දේවල් වේවා! රාජ සම්පත් ම ලැබේවා! අදයි මෙහෙට ආවෙ. තහනම් අඩවිය නිසා කලින් ආවේ නැතිය. දැන් ඉතින් ආපහු යන්න හිතෙන් නැතිය. ඔක්කොම පෝස්ට් කියවලා ම යමි.

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      එහෙමද....එහෙනං පරිස්සමට කියෝලා යමන් :)

      Delete
  38. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  39. Replies
    1. Keep calm and say එසේම වේවා!!!

      Delete
  40. අවුරුදු කාලෙට පොඩි උන් ගෙන් නම් බේරිල්ලක් නෑ තමයි....රජාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...!!

    ReplyDelete
  41. දෙවනි සැරේ සුබ පතන්න බෑ වගේ..
    පොඩි මලයාට නම් ජව වේවා... !!

    ReplyDelete
  42. ඇම්ඩන් කෙනෙක් වගේ

    ReplyDelete
  43. Raja podi ekata kujita wela. Suba Alut Aurudak Wewa.
    Jayawewa

    ReplyDelete
  44. රජාටත් පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
  45. රජාට තව තවත් චූටි දරුවන්ගේ අහිංසක ක්‍රීඩා වලට සම්බන්ධ වීමට ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා :D

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)