Monday, January 28, 2013

මේ පොටෝ කා ළගවත් නැත!!! - බ්ලොග් ගෙට්ටුව 2013


පුතේ! නංගි පිටේ ඩබල් දාලා යන්න එපා. දැඩි අවවාද මැද මම ගෙදරින් එලි බැස්සෙමි. විල්වත්තෙන් ගවේෂකයව පටවා ගත යුතුව තිබුණි. මම 7.30 වෙද්දී එතනය. එත් මූ තාම නැත. මූණ හෝදන්න ගත්තෙත්  මම පසුය. පැය ගානක් අව්වේ හිඳීමෙන් අනතුරුවද මට ව කැන්ඳන් ඒමට උගේ ගේ ළඟටම යන්නට විය. යන පාරේ මැද සිටි කෙල්ලෙක් රජාට සමච්චලේට හිනා උනාය. මම කෝකටත් කලිසමේ සිප් එකවත් රිලද බැලුවේ මමත් හදිස්සියට වගේ ගෙදරින් පැන්න නිසාවෙන්ය. 

මීරිගම, මල්ලැහැව, වේයන්ගොඩ, කලගෙඩිහේන හරහා වූ කැලෑ පාරෙන් අපි ගම්පහට සේන්දු උනෙමු. මගදී ගවේශකයා ගෙනා කිරිත්ද කා මල් වත්ත ලඟට ගියෙමු. අප්පා ගේට්ටුව ළඟ හද්ද පෝලිමය. මමත් අස්සෙන් නංගියාව එබුවෙමි. එතනත් එක්තරා සාටර් සිද්දි දාමයක් සිදු වූ බව එතන සිටි උන් දැක්කේය.

කට්ටිය මල් වත්ත ඇතුලට එනකන් අපි පුටාර් වල ඇතුලට ගියෙමු. එතකොටම වගේ කහ කුරුල්ලා වගේ සිරා අයියාත් සම්ප්‍රාප්ත විය. සිරා මට කලින් නංගිව හදුනා ගෙන ඇත. කොහෙද ඉතින් එකම ඉස්කෝලේ කොල්ලොනේ. හදන්න බෑ.... ඇහැ යන්නෙම  කාන්තා පාර්ශවේටමය.

ඉස්සෙල්ලාම කට්ටියම එක්ක මල්වත්ත වටේ රවුමක් ගියෙමු. ලංකාවේ ප්‍රථම රබර් ගස ලග නැවතුනෙමු. සිරා අයියා ගහේ මුල උඩ හිටගෙන රබර් නයි ඇරියේය. බෝඩ් එකේ තිබ්බ ඒවා බලාගෙන එයා හොයාගත්තා වගේ කිව්වේය. මේ අතර රත්ගමයා සහ සිහින මදාරා අතර කතාවකි.

මදාරා අක්කා - මේ ඔයාගේ උස කීයද?

රත්තා - අඩි 6යි... ඇයි?

මදාරා අක්කා  - නෑ.... මම මේ බැලුවේ මමයි දිනේෂ් අයියයිත් මේ වගේ ඉදීද කියලා.... එයත් අඩි 6 ගානක් උසයිනේ.... :)

බොක්කෙන්ම ආ සිනහව පිටවීමට පෙර මම වහාම ඒ දර්ශන පතයෙන් ඉවත් උනෙමි. මන්ද ඒ හිනාව පැන්නේ නම් මුළු ගම්පහම හෙල්ලෙන එක ටක්කෙටම සුවර්ය.

අඩෝ තිබ්බ මැච් එකනම් පංකාදු පහය. බැට්ස්මන්ලා 2යි ෆිල්ර්සලා 22යි. හප්පේ ඇඩෙනවා!!! බොලේ වැටෙන්නවත් තැනක් නැත. හැබැයි ඉතින් නාඩියා, නිශාන් වගේ කැච් පෝලිමට ත අරින සුපිරි පන්දු රකින්නෝ හිටපු හෙයින් මැච් එක නැගලම ගියේය. රජා සමග ගවේෂක ලකුණු 0ක් රැස් කළේය. ඉන්පසුව තව කණ්ඩායම් දෙකක් සෙල්ලම් කලද රජා පන්දු රැක්කේ ලෝන්ග් ඕන් කලාපයේ හෙවනක වූ බංකුවක් මතය. නිදහසේ ඉදගෙනවත් ඉන්න නොදුන් සිරා අර මුළු මල් වත්තටම ඇහෙන්න මම කපල් පොටෝ ගානවා යයි හෙන හයියෙන් කිවේ මාව කුජිත කිරීමට බව ඉහල ආරංචි මාර්ග රජා සමග පැවසුවේය.


මේ අතර වෙඩික්කාරය සැමාගේ සපත්තු දෙක ගල් කරලාය. සැමා නාහෙන් අඩන්නේය. රජා දුවගෙන ගොස් අයිස් අක්කා හමු උනේය. අක්කේ සැමාගේ සපත්තු දෙක නැතිවෙලා හොයා දුන්නු කෙනෙකුට තෑගි දෙනවා කියන්න. අයිසා වැඩේ ලෙසටම දුන්නාය. රජා සමග වෙඩ්ඩා කැන්ටිමට ගොස් හිස් බිස්කට් පෙට්ටියක් න්න ආවෝය. සපත්තු දෙක හංගපු තැන තක නැතුව එක හොයන්න හෙන ගේමක් දෙන්නට විය. පසුව අර ගෙමැද්දේ වූ පෙට්ටියෙන් සපත්තු දෙක අරන් ප්‍රසිද්දියේ දාගත් සැමා වැඩකරු වගේ එහෙ මෙහෙ යමින් උන්නේය.


Photo Coming Soon!!! 

මැච් එකේ අවසන් තරගයට පෙර කට්ටිය නමන්න සුදානම්ව සිටියෝය. සමහරු නමින් සිටියෝය. මේ අතර කවුදෝ එකෙක් පැමිණ රජාව බදා ගත්තේය. අම්මටසිරි අටමා!!!! මූට ලෙසටම වැදිලාය. මාව බදාගෙන එක එක ඒවා කියන්නේය. සැමාගේ කාර් එක වටේ සිටි ඔක්කොම කට්ටිය සිද්දිය බලාගෙනය.

අටං - අඩෝ උ ලියන විදිහ හරි රහයි බං

රජා - එහෙමද? :)

අටං  - ඔව් බං. මට හරි ස හිතෙනවා.... උ මෙන්ට් දාන විදිහත් මරු බං. හෙන හුරතල් බං...  ඒ ලියන විදිහට මට කොල්ලෝ ගහන්න හිතෙනවා... නේද නලින් අයියා!

ඒ වචන දෙක තුන ඇහුන ගමන්ම වටේ පිටේ හිටපු උන් ඔක්කොම අටමා ළඟින් අඩි 2, 3ක් පස්ස ගියේ මෙන්න මූ කොල්ලෝ ගහනවලු කියා කෑගසමින්ය.



සුමිත් අයියා ශක්ති කට බොමින්
අටමා - ඒ මල්ලි උ පොටෝ වලට හෙන ලස්සනයි එත් දැන් හෙන කැතයිනේ බං.

රජා - ශේහ් ඔහොමත් කියනවද බං මුටම. මම මූණ ඇඹුල් කරමින් කීවෙමි

රජා සමග වෙඩ්ඩා සැන්ඩි ගෙන්න හන්දියට එන්න ආවේය. සික්කා අක්කට කියා අපි එලියට ආවෙමු.

රජා - අපි පොඩ්ඩක් එලියට යනවා. ඉක්මනට එනවා.

සික්ක අක්කා - අනේ පුතේ මට යෝගට් එකක් ගෙනත් දෙන්න.
ඇය රුපියල් 30 දුන්නාය. 

හප්පුච්චියෝ!!! අක්කා කිව්වටත් පාඩුය. මෙන්න මෙයා මට පුතේලුය. සැන්ඩි ගත් කඩේ යෝගට් නොවුයෙන් ඒවා සොයා ඇවිදින්නටද අපිට සිදු විය.

ඊලග පට්ටම සීන් එක ගීතයෙන් ගීතය තරගයය. පොඩි සැමගේ සින්දු ටිකනම් ලොවෙත් නැතිය  සින්දුවට වඩා රගපෑම උපරිමය.  උමා අක්කගේත් ගායන හැකියවනම් උපරිමය. කියන්න වදන් නැත්තේය. කෙසේ හෝ සැමා තරගය ජය ගත්තේය. මෙන්න සැමා තෑගි ලබන්න යන්නේය. උමා අක්කගෙන් තෑග්ග ලබද්දී සැමගේ මූනේ වූ සිරියාව මට තාම මතකය. සැමා හැම විටම සිටියේ පොඩ්ඩක් අක්කා පැත්තට බර වෙලාමය. ඒ ඇයි කියා කියන්න දන්නේ නම් ම පමණය.  

සැමාගේ ගරු රගපෑම
සින්දු කියා අවසානයේ රජා පොඩ්ඩක් පුටාර් එක පැත්තට ආවේය. මට සසර කලකිරුනි. අනිත්‍ය බව කෙමෙන් වැටහුණි. මගේ බොක්ක! අටමා! අනේ මගේ සුදා! බිම ඉඳගෙනම බත් කන්නේය. මගේ හිත උණු වී බිම වැටුණු හෙයින් අටමගේ ඔලුවද අතගා ඉස්සරහ පැත්තට ආවෙමි.

පවු බං මූ!!!
ටික වෙලාවකට පසු

අඩේ අප්පා මෙන්න ටමා සමුගැනීමේ ගීතය ගයන්නේය. පොරට හෙන අවුලක්ය. අන්තිම මොහොතේ කෙල්ලෝ ටික නැත. හිටියේ ශම්මියා පමණය. අටමා ශම්මියාව අල්ලාගත්තේය.

අටං  - නංඟි උ උඹේ  නම මොකද්ද? ආ!!! ශම්මි මට උ ගැන ආඩම්බරයි මට පේනවා හැමදාම මුණු පොතේ. මම උබේ බ්ලොග් එකේ කොමෙන්ට් කරලා නෑ එත් මම හැමදාම එනවා. මට ඩම්බරයි නංඟි

ශම්මි - අයියෝ!!! අපේ තාත්තා ඉන්නවා.
අහල පහල ඉන්න අයට විතරක් ඇහෙන්න ශම්මියා ඇස දෙක ලොකු කරමින්, වට පිට බලමින් කෙදිරි ගෑවේය. 

වෙලාවට වගේ පැත්තක සිටි රජාටත් ඕක ඇසුණේය. සැමා හිටියේ මට එහා පැත්තේය.

රජා - අඩෝ අර ශම්මියගේ තාත්ත ඉන්නවලු. අරෑට ඕක නවත්තන්න කියහන්.

සෑමා - අම්මට උඩු එහෙමද?

කෙසේ හෝ මයික් එක උදුරා ගැනීම හේතුවෙන් ශම්මියගේ චරිතය ඝාතනය වීම නැවතුණි තව පොඩ්ඩෙන් බඩු බනිස්ය.

යෙත් යන්න හදද්දී අටමා මාව අල්ල ගත්තේය. ඒ පාරනම් මම හිතුවේ රජා දෙකට කැවී කියාය. ඒ තරමට මාව දාගෙන සිටියේය.

මාව දෙකඩ වෙයි අටමෝ!
අටං - උ ඉංජිනේරුවා උනාට කමක් නෑ. බාස්ලට පාට් දාලා අහුවෙන්න එපා. එහෙම උනොත් මේ මේ මම ඉන්නවා හරිය?

රජා - හරි හරි... :) 


පලවෙනි වතාවට හමුවුන උන් එක්ක ගෙවුණු සුන්දර දවසක් එසේ නිමාවට පත්විය. සමහරු අපිට මගසන්න බලාගෙන ඇත්තේය. බ්ලොග් එකේ ලියන තරම් කුප්ප නෑ කියලාය. මම කොහොමත් ජනතාව ඉදිරියේ සම්භාව්‍ය ලෙස හැසිරෙන්නේය. යේ උනෙත් ඕකමය. දැන් බලහල්ලා අන්න ගෑණු ළමයි මට ඇවිත් හිටපු අහිංසකම ලමයාලු! 

එකම ඉස්කෝලේ බ්ලොග්කරුවෝ
(සිරා, පවනි, සුපුන්, වෙඩික්කාරයා, රජා)

ප/ලි:

* ෂෙහ්!!! කතා කරන්නම ඕනේ කියලා හිතාගෙන හිටපු ගෑණු ළමෙක් එක්ක හරියට කතාකරන්න බැරි උනානේ... :(

** දිනේෂයයි, මදාරා අක්කයි මාව දෙවෙනි මනමාලයට ගන්නෑලු. උස මදි කියලා... :)



 සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

189 comments:

  1. හෙහ් හෙහ්... රත්තා එක්ක උස මැන්න බව මටත් ආරංචි.. කොහේද මු ඒක පත්තරෙත් දාලා.. ඔය වැඩ කරන සයිට් එකේ කොහේ හරි එල්ලිලා උස පලයං.. උඹවම තමයි ගන්නේ.. අර අටං කිවුවා වගේ උඹ හරි ලස්සනයිනේ.. ;)

    කෝම උනත් මේ වගේ දේවල් මිස් වෙන එක ගැන දුකයි.. අවුලක් නෑ අගෝස්තුම සෙට් වෙමු.. :)

    ReplyDelete
    Replies
    1. මට මැරෙන්න හිනා යකෝ කියපු කතාවට
      පැත්තකට ගිහින් ඇතිවෙනකං හිනා උනා :)

      අගෝස්තු???? එච්චර කල් තියෙනවද?

      Delete
    2. යකෝ ගේට් එක ලගදිම මගෙත් උස මැන්නා. රාජ් ගෙන් අහපං සිද්ධිය.

      මාදාරා මිනින්දෝරු දෙපාර්තුමේන්තුවෙද බං වැඩ???

      Delete
    3. ඒ සෑමා මම එහෙම කලාද මට මතක නෑ ඒ :පී

      Delete
    4. එහෙම තමයි බොල.. මං එනකන් වෙඩිමේ ඔක්කොම වැඩ කටයුතු එයානේ බලාගන්නේ.. ඉතින් උඹලා ගන්න වනම් උස මැනලා තියා ගත්තම මොකො බොල වෙන්නේ.. ආ කියපං බලන්න..

      Delete
    5. මගෙත් උස මැන්නා බං! විලි ලැජ්ජයි! :)

      හැබැයි බැරි වෙලා හරි හයියෙන් හච්චිමක් ගියා නම් මදාරා අක්කා විසිවෙනවා අර බංකු තිබ්බ දිහාවට ;)

      Delete
    6. මෙහෙමයි සීන් එක...දැන් මට නම් දෙවනි මනමාලයට ඉන්න බෑ...සෙලීනයි මායි අගෝස්තු වලට කලින් මැරි කරන්න ඉන්නේ...සොරි ඈ...

      Delete
    7. උඹවත් ගන්නවා කිව්වද? ;)

      Delete
  2. අටමා තමා අටමා....

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මට මක්වෙලාද

      Delete
    2. බලහන්කෝ බොගෙ බඩ! :)

      Delete
  3. හර්ෂණ මා නොදැකීම ගැන උඩ පනිමින්... මට මඩ නැත... හුරේ

    ReplyDelete
    Replies
    1. මඩ ගහන්න තරම් එකක් සෙට් උනේ නෑ!

      ඒත් අර කිව්ව සින්දු ටිකනං අහන් හිටියේ මාරම අමාරුවෙන් අක්කේ ;)

      Delete
  4. සැහැ තව මඩ මදි , උබට ට්ව එකක් ලියන්න වෙනවා , අඩෝ.... අටමා බයි කන එකේ පින්තුරේ

    ReplyDelete
    Replies
    1. මට වෙච්චි ඒවා මතක නෑ බං! :)

      පට්ට නෙහ් ඒක?

      Delete
    2. මේ දවස් ටිකේ අනිවා හිට් වෙන්නේ අනිවා අටමගේ පින්තුර කැල්ල :D

      Delete
    3. ආ ඇත්තද

      Delete
    4. ආ බොරුද ?? බලහන් අනිත් බ්ලොග් ටිකේ හිට් එක මොකක්ද කියල .. :

      Delete
    5. අඩෝ වටින පින්තූරේ නෙහ් :)

      Delete
    6. අටමට මෙහෙම වෙලා මදි... මූ මගෙ බත් එකෙ තිබ්බ මස් කෑල්ලත් කෑවනෙ.... :D

      Delete
    7. මේකා නරියෙක්නේ බොල!!! උඹේ එකත් කෑවද? :)))

      Delete
  5. අටමා මරු රජෝ... මට දුකේ බෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා! මාතලනුත් එන්න තිබ්බේ :)

      Delete
    2. ඇත්ත කියන්ඩයි , බිම ඉදගන බත් කන්ඩයි , කුණුහාරපකියන්ඩයි මොකටද බං බය වෙන්නේ

      Delete
    3. ඇත්ත ඇත්ත! අටමා හරි :)

      Delete
  6. අනේ අපොයි මාව කාලා,හැබැයි මම හිතුවා මීටත් වඩා සැරට ප්‍ර‍හාරය දියත් වෙලා ඇති කියලා...ඇති ඔයින් බේරුනා... අම්මපා කොයි ගෑල්ලමයද බොලව් අහංසකයි කිව්වෙ? :/ මෙන්න මඩ ගහන හැටි..සැහ්...රජා ආයේ අහුවෙනවකෝ..

    ReplyDelete
    Replies
    1. හානේ ඔය ශම්මිද ඇවිත් හිටියේ .... නම ඇහුවට කතා කරන්න හම්බ උනේ නැහැනේ , පික්චර් එක දැක්කමයි හරියටම මතක් උනේ

      Delete
    2. ශම්මියා පව්නේ ඉතින්! නැත්තන් තව තියෙනවා මඩ :)

      Delete
    3. ශම්මි නගාගෙ මූණෙන් තෙල් බේරෙන කථාවක් අටමා කිව්වා නේද ?

      Delete
    4. ඊයේ ගහපු මඩ මදිවට මෙතනත් මඩ ගහනෝ........ මෙන්නෝ..... බ්ලොග් ලෝකේ පොලීසියක් එහෙම නැතිද?? පැමිණිලි තියනෝ මට ගොඩක්... සැහ්..

      මේ රජා.. ඔයා අහිංසක පාටට ඉදලා මඩ එකතු කරා නේද ඇ??

      චමී අය්යා- ඒකනේ... කතා කරන්න වුනේ නෑනේ..මමත් නම අහන් ආවා විතරයනේ :(
      සිරා අයියා.. - හලේ. ඕක බීලා කියපු කතාවක්නේ ඇ.. ඇත්ත නෙවෙයි ඔව්වා..

      Delete
    5. ශම්මියෝ! බිව්වම කියන්නේ සහතිකම ඇත්ත! ;)

      Delete
  7. යන්තම් ඇති මඩ නෑ.. මං හිතුවෙ මූ මට කුජීත විදියට පජාත මඩක් ගහයි කියලා....

    ReplyDelete
    Replies
    1. බොට මඩ ගහනකම් මම බලන් ඉන්නේ.. :/

      Delete
    2. මූට ගහනවනං ගහන්ඩ පුළුවන් කොර වෙන්ඩ! පව්නේ පොඩි එකා ;)

      Delete
    3. පොඩි එකා කියලා බලන්න එපා රජෝ..ඕකගේ වැඩ පොඩි නෑ..

      Delete
  8. ubala ehenam set una ne
    hodai passe balagamuko

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතින් ආවායෑ ;)

      Delete
    2. kohe ennada ban mehe idagena labana para wath set wennam

      Delete
  9. අර අහිංසක අටම මේ වගේ වල් රජාලට අහුවෙලා කරගෙන තියෙන දෙයක්. :D

    ReplyDelete
    Replies
    1. පව් බං අටමා! මට මතක් වෙනකොට දුක හිතෙනවා! :)

      Delete
    2. ඒකනේ ප්‍රසන්න නිකන්ද මේ වාලක්කඩිය කුප්ප රජා කියන්නේ

      Delete
    3. අටමා!!!!!!!!!! අයියෝ!!!!!!!!!!! :) :)

      Delete
  10. මූ අටමව කාල.....

    ReplyDelete
    Replies
    1. ඩෙවල් දැම්මා විතරයි ;)

      Delete
  11. අම්මපා මූ තියන්ඩ වටින්නෙ නෑ. උඹට අඩියක් උස සපත්තු අඩියක් හදලා හරි ෆොටෝ එකට ගන්නවා හික් හික්......

    ඒ කැතයි හොදේ රත්තගෙයි මගේයි කතාව හොරෙන් අහන් හිටිය එක... හික් හික්.........

    ඒ රජා හෙන හුරැබුහුටි පාටට හිටියා. වල් නෙමෙයි බේබි රජේක් වගේ :පී

    ReplyDelete
    Replies
    1. හානේ!!!! හුරුබුහුටී කියලා කිව්වේ මටද? හික් ^_^

      Delete
  12. වැඩියෙන්ම මඩ වගේ එව්වා වැදී ඇත්තේ අටමාටය.උබත් ඇදගෙනම නා ගෙනනේ රජෝ...
    ෂෝයි ෂෝයි....

    මදි වගේ බං ...
    තව මඩ ඕනා....

    ReplyDelete
  13. අටමා විනාසයි... හි හි.. කො‌ෙහද බං පවු වෙන්නේ.. මෑන් ගානට ෂේප් පොට් එකක් අල්ලගෙන දෙසලා අදිනවා පේන්නේ.. හි හි...

    බැරි වෙලා හරි ඔය ආපු ගෑණු ළමයෙක්ගේ අම්මා කෙනෙක් එහෙම මේක දැක්කොත් උඹලා ආයිත් ගෙට්ටු තියලා හමාරයි.. හි හි

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ? ආයේ එන්නැත්තේ ඒ ගෑණු ළමයා විතරයි :)

      Delete
    2. අම්ම කෙසේ වෙතත් ශාම්මිගේ පියාණන් ඇවිත් හිටියේ අන්තිමේ , :D

      Delete
    3. කව්ද බං එහෙම එකක් දන්නේ

      Delete
    4. හයියූ,,තාත්තා මේ දැනුත් ටිකකට කලින් ඕක ඇහුවා.. :(

      Delete
    5. @ශම්මි - සිරාවට? :))

      @ හිරුවා වැඩක් නෑ ඈ!!!! ආවේ නෑනේ ගෙට්ටුවට

      Delete
    6. ඔව් බොල,, ඒ කතාව පස්සේ කියන්නම්.. :/

      Delete
  14. රජා මලේ නියමයි. උඹලාගේ කෙරුම් කියුම් නරඔමින් මම ද ඊයේ දවසේ උඔලාගේ ලෝකයේම ඊයේ ජීවත් වුණෙමි. මේ පොඩි සෙට් එකම නියමයි බං. ඇත්තටම උඹලව බදාගන්න හිතෙනවා බං. ඒත් බෑනේ මට ගහනවානේ උඹලම...ජයම වේවා මලයෝ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් :)

      පව් අප්පා නලීන් අයියා ;)

      Delete
  15. විස්තර සහ පින්තූර මදි යකෝ.

    ReplyDelete
    Replies
    1. පොටෝ බුකියේ!!! විස්තරත් මදිද? හපොයි :)

      Delete
    2. කැතයි මල්ලී බුකියෙ දාපු එක.. එතකොට ඔය අස්සයො අල්ලන්ඩ නොයන අපි බලන්නෙ කොහොමෙයි.. ? බලවත් විරෝධය...

      Delete
    3. සිරා කොලුවාට නිළ ඡායාරූප ශිල්පියාගෙන් තවමත් සියලුම දර්ශන ලැබී නැත...ලැබුනු පසු මඩ තියෙන ඒවා තෝරා මම රජා වෙත එවන්නෙමි.

      Delete
    4. අන්න එල!!! තව එකක් ලිව්වැහැක් එතකොට :)

      Delete
  16. කෝ යකෝ මම..... මාත් ඔය ඉස්කෝලෙම තමයි බොල

    ReplyDelete
    Replies
    1. උඹලා ගිහිල්ලනේ!

      රාජ් අයියත් නෑ :/

      Delete
  17. ලාවට එකක් නමාගත් රජා හීනියට වැනෙනවා දුටුවේ මම විතරද?

    ReplyDelete
    Replies
    1. ඇයි මමත් දුටුවා

      Delete
    2. මම කොහෙද බොල වැනුනේ?

      Delete
    3. වැනුනේ නැහැ බන් එවෙලේ කාටවත් නොදැනුනු භූමිකම්පාවක් වුනා ලාවට වගේ.

      Delete
    4. අන්න එහෙම කියහන් ;)

      Delete
  18. ඊයෙ නම් පට්ටම පට්ට හැපි දවසක්...කියන්න වචන නැත..සෑමා හා සිරා ඇතුළු මේ වැඩේට මුලිකත්වය ගත් හැමෝටම බොහොම ස්තුතියි...රජා හැමදාම වගේ කලින් ඇවිත් මම පරක්කු වුනා යැයි පැවසීම හෙළා දකිමි.උබේ ඇම් සී එකෙන් ගත්තු බිත්ති ඔරලෝසුවේ වෙලාව වැරදියි යකෝ..හදාගනින්..

    ReplyDelete
    Replies
    1. ඒකේ හරියටම හරි යකෝ වෙලාව! උඹේ වෙලාව හරි නෑ ;)

      Delete
  19. Replies
    1. ඔයත් එන්නනේ තිබ්බේ :)

      Delete
  20. අඩේ! කව්ද යකෝ බෝල මිස් කලේ! හරියට පෙනුනේ නෑ යකෝ!!
    හික්ස් කවුද ඒ හිතාගෙන හිටිය ගෑනු ළමයා???

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් හිටියා බං!!! උඹලත් දකින්න ඇති :)

      Delete
    2. ම්ම්,....මම එක්කන් ආපු එක නෙවෙයි නේ නේද???

      Delete
    3. උඹත් එකක් ගෙනාවද? :)

      Delete
  21. අටමා හෙන ආතල්ය

    ReplyDelete
  22. පසුබිම් කතා අංක එක: http://thahanamwachana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එල එල බලමු :)

      ඒ උඹත් ආවාද? මම දැක්කේ නෑනේ

      Delete
  23. මම කරුමක්කාරයෙකි... :( ලබන පාරවත් අපල කරුම ගෙවේවා....

    ReplyDelete
  24. ඵට්ටයි බන්..ගිය වගේ තමයි දැන්

    ReplyDelete
  25. සුන්දර දවසක් ගත කරන්නට ඉඩක් හදා දුන්නට බොක්කෙන්ම පින්!

    ReplyDelete
    Replies
    1. ආ!!!! මේ ශ්‍රී ලන්කන් ක්‍රිකට් බුවා නෙහ්?

      එල එල :)

      Delete
  26. රජෝ අටමා බත් කන පින්තුරේනම් මරු බං , උබලා එකක් ගාවවත් අටම් අන්තිමට පවත්වපු කථාවේ වීඩියෝ එක නැද්ද ...

    ReplyDelete
    Replies
    1. වීඩියො කලා බං කට්ටිය! හොයාගමු :)

      Delete
    2. ඇ බොල වල් පරයෝ තො ආවේ ගියෙත් මා එක්ක නේද , ගෙදර යන ගමන් බියර් දෙකකුත් එකට පැලුනා නේද , මීට හොදා මම බල්ලෙක් එක්ක ගෙට්ටුවට ගියානං ,

      මම නොකියා ඉන්ඩ හිටියේ , රජෝ මෙන්න මූ තමයි පපඩම් මල්ල උස්සලා ගෙදර අරගන ගියේ , හොරු අල්ලන්ඩ ගේ වටේට දාන්ඩ , චමියලාගේ ගමේ ඉස්සර ඉදන්ම හොරු ඇල්ලුවේ එහෙම තමා

      Delete
    3. වහාම දේවා අමතා වි‍්ඩියෝව ලබා ගන්න...

      ** චමියා අටමා ගෙදර ගිය හැටි පෝස්ටුවක් ලෙස එළි දැක්විය යුතුය.

      Delete
    4. හික් හික්... මෙන්න අටමා මට බනිනෝ ....

      Delete
    5. අටමා තාමත් ආතල් දෙනවා බං :) :)

      Delete
  27. උබ මාත් එකතා කරේ නෑල්ලුනේ :/

    ReplyDelete
  28. ඔන්න මමනම් අලුත් ආ.... ඒ උනාට ගම්පහ උන් හරිම කැතයි , මගෙ ෆෝන් එකේ බැටරි බැහැල තියෙද්දි එකෙක්වත් මට චාජ් කරල දුන්නෑ , අන්තිමට පොඩි කඩ කෑල්ලක් හිටිය අක්ක කෙනෙක් නිසා ගොඩ ගියා

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කා කඩේ දොරවල් වහලා උඹව ඇතුලට ගත්තද ?

      Delete
  29. Adoo avurudu uthsaveta nam defa set venava
    Atama sathiyak yanakan blog loketa enne nathi vei vage ;)

    ReplyDelete
    Replies
    1. හෙහ්! ඕං බලහන් ඌ වෙරි හිදුනම එන් නැද්ද කියලා :)

      Delete
  30. රජෝ මෙතන ෆොටෝ මදිය , මඩ ස්වල්පයක් තව දුරටත් එකතු කලේ නම් පදමට පැමිණේ

    ReplyDelete
  31. රජා කොටෙක්ද ? :P

    ReplyDelete
    Replies
    1. යකෝ කොට උන් තමා වැඩ්ඩෝ ;)

      Delete
    2. L Theory ekenda, hari hari raja ithin padi thaka wadakarana ekekne. neda?

      Delete
  32. අහ්හ්.... මේ තියෙන්නේ කට්ටියගේ වැඩ..... තව විස්තර ටිකක් දැම්මා නම් මරු....

    ReplyDelete
    Replies
    1. තව දාන්න මට මතක නෑනේ :)

      Delete
  33. මරු වැඩ ‍වෙලා ති‍යෙනව ව‍ගේ... අනේ මටත් ඔය පැත්‍‍‍තෙ එන්න බැරි උණා‍නේ. ‍හොද ‍හොද ‍සෙල්ලම් එළි‍වෙන ජා‍මෙට කියනව‍නේ... තව ඉස්සරහට අපූරු විස්තර දැන ගන්න පුළුවන්‍ ‍වෙයි... දුකත් හි‍තෙනවා මල්ලී...

    ReplyDelete
    Replies
    1. අපරාදේ අක්කේ! එන්නයි තිබ්බේ :(

      Delete
  34. එතකොට අර ඊයෙ හැන්දෑවෙම අටමගෙ බ්ලොග් එකේ පොඩි පෝස්ට් කෑල්ලක් දැම්මෙ කවුද ? මේ කියන විදිහට අටම තාම ඉන්න ඕනා මල්වත්තෙ..... සමහර විට මූ මොන මොනවා හරි ලියලා ෂෙඩුල් කරලා ගියාද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. නෑ සෙන්නා අටමා ගෙදර ගියෙ තවත් ඔබ දන්නා බ්ලොග් කරුවෙකු සමග...මේ දෙදෙනා අතර ඉදිරියේදි ද්වන්ද්ව සටනක් අපේක්ෂාවෙන් අප සිටින්නෙ... මඩ දැම්මොත් මරනවා යනුවෙන් අටමා ඔහුට තර්ජනය කර ඇති බව සැලයි. මේ තර්ජන වලින් පසුව කික් එක බහින්න කලින් තමයි අටම් ඒ පෝස්ටුව ලියා තියෙන්නෙ...

      Delete
    2. අපරාදේ මම චමියව ගෙදර ඇරියේ , මරලා අපේ ගේ පිටිපස්සේ වෙලේ මඩ අස්සේ හංගන්ඩයි තිබ්බේ ,

      Delete
    3. ඒ කතාව තවත් සුන්දර වේවි. වෙලාව චමියා ගෙදර ගියේ පරිස්සමට..

      Delete
    4. මෙන්න මු මාව මරලා හංගන්න කුමන්ත්‍රණය කරනවෝ .... ආයේ අටම්ලාගේ ගෙවල් පැත්තේ යන්න හොද නැහැ ,

      (අටමෝ කවිකාරිට කෝල් කරපු කථාව මම කාටවත් කිව්වේ නැහැ තාම ...)

      Delete
    5. අඩෝ එහෙමත් සීන් එකක් ගියාද? දාමු දාමු :) :)

      Delete
  35. මචන් සිරාවටම ආස හිතෙනවා බන්.හිටපන්කෝ
    මේ කරදර ටික ඉවර කරගත්ත දාක එන්න...මාර
    ආස හිතුන මේවා දකිද්දී ...

    ReplyDelete
    Replies
    1. අනිවා!!! 21 හම්බෙමු :)

      Delete
  36. මොකෝ කියන්නේ.. කට්ටිය විදපු දෙබස් ටිකකුත් දාන්නදෝ..

    ReplyDelete
    Replies
    1. දා දා!!! මොනවා අහනවද? :)

      Delete
  37. ඒ අටමා සුදුයි නේ.. මේ සුමිත් හිස් බෝතලයක් අතේ තියන් මොකද බන් කලේ..

    ReplyDelete
    Replies
    1. මං මොනව කරන්න ද පොටෝ එක ගහන්න පරක්කු වුනාට....

      Delete
    2. ශක්ති කට ගැහුවේ සුමිත් අයියා :)

      Delete
  38. පෙනුමේ හැටියට නෙවෙයි මේ රජාගේ ලිවිල්ල කියලා ඊයේ හොදටම තේරුනා...:P
    මඩ නම් ඉතින් හැමතැනම බලන් ගියාම හොද වෙලාවට අපි හිටියේ නැත්තේ...:D

    ReplyDelete
  39. අයියෝ අටම් අයියා..

    රජා හෙන නිමිච්ච පොරක් වගේ හැසිරුනේ

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි සම්භාව්‍ය ලෙස හැසිරෙන්නේ ;)

      Delete
  40. කාලෙකිං ආවෙ මෙහේ.. කෝච්චි නෑ කියලා මට එන්න දුන්නෑ නෙ ගෙදරිං.. තූ තූ

    ReplyDelete
  41. අටමා සෑහෙන ආතල් එකක් දීල වගේ... :)

    ReplyDelete
    Replies
    1. අටං තමයි දවසේ ආතල් එක! :)

      Delete
  42. අනේ පල තෝ දැන් පොර ටෝක් දුන්නට එවෙලේ ලැජ්ජාවේ ඇඹරි ඇඹරි හිටියේ ගෑල්ලමයෙක් වගේ.මන් කැච් අතෑරියේ ටෙනිස් බොලේ හින්දා බන් අපි ගමේ සෙල්ලම් කරන්නේ ලෙදර් බෝලෙන්නේ.ටෙනිස් බොලේ අතට හුරු නැහැ :P.

    උඹ අටමාව කුජීත කරලා පව් ඈ.උඹලව ආයේ කවදා හම්බ වෙන්නද ඒකයි මට දුක!

    ReplyDelete
    Replies
    1. තෝ මගේ මොරාල් එකත් කැවා නිශානයෝ. නැත්තං මම සුපිරි ක්‍රීඩකයෙක් :ඩී

      Delete
    2. ඔහ්....හෝ....එහෙනම් ඒකයි මේ සෙනග.....!?

      Delete
    3. @සෑමා
      ඒ වුනාට මන් බැටින් වලින් එළනේ ලකුණු දෙකක්ම ගැහුවා මදිද? ලොල්

      @සුමිත් අයියා
      කෝ සෙනග? කොහෙද?

      Delete
    4. අඩෝ මම සම්භාව්‍ය විදිහට හැසිරුනේ ඩෝ!!!

      Delete
    5. අවුරුදු උත්සවේටත් වරෙන් ඈ!!!

      Delete
  43. පෙනුමේ හැටියට නෙවෙයි මේ රජාගේ ලිවිල්ල කියලා ඊයේ හොදටම තේරුනා...:P
    මඩ ඉතින් හැමතැනම බලන් ගියාම හොද වෙලාවට අපි හිටියේ නැත්තේ...:D

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඇවිල්ලා කපල් එකටම කතා කරලනේ ගියේ :)

      ප්‍රදී අක්කා මාර මහතයි නෙහ්?

      Delete
    2. ශික් මේ රජා හරි තැන්පත් පාටයි කිව්වටත් ණයයිනේ ඔහොම මුනටම කියනවද අප්පා මෙච්චර මහත මට...:( :/

      Delete
    3. හොද වෙලාවට එහෙ හුළං නැත්තේ :)

      Delete
  44. ගෙට්ටුව පිළිබද මා ගුණ වයන්නට යන්නේ නැත....එහි සංවිධායකයකු ලෙස මවිසින් එසේ කිරීම නොහොබිනා සුලුය. එහි හොද නරක පැවසිය යුත්තේ එයට පැමිණි අනෙකුත් අයය.

    රජා මට මුලිච්චි උනේ පළමු වතාවටය. රජාගෙ ලියවිලි තුලින් මා සිතා සිටියේ මේකා පුක කැඩිච්ච කඩියෙකු මෙන් ගාය ඇති එකෙකු කියාය. මා වැරදිය...රජා යනු ඉතාමත් අහිංසක මිත්‍ර‍ශීලී කොලුවෙකි. රජෝ බොලාගෙ නංගිගෙ ෆොටෝවක් නොදැමීම හෙලා දකිමි.

    තව මඩ තියෙනවා නම් ඉස්සරහට දාමු...මේ ටිකත් නරකම නෑ...

    ReplyDelete
    Replies
    1. //රජා යනු ඉතාමත් අහිංසක මිත්‍ර‍ශීලී කොලුවෙකි//

      මෙන්න මං දැන් යන්නේ උඩින්! :)

      තව මඩ තියෙනවා පස්සේ දාමු

      Delete
  45. කතා කරන්න බැරිවිම ගැන පට්ටම දුකය.....
    :(

    ReplyDelete
    Replies
    1. ඒකනේ!!
      මම දැක්කා අක්කා ඉන්නවා!

      ඒත් කතා කරන්න උනේ නෑ :(

      Delete
  46. රජෝ උඹ කලේ පොටෝ ගහපු එකමනෙ. තව පොටෝ දාපන්.
    ඇත්තෙන්ම උඹේ කිසිම ඉන්ජෙක්ගෙ පෙනුමක් නෑනෙ.බාස්ල කනෙන් රිංගයිද දන්නැ..!
    අහිංසක කොල්ලෙක් තමා...කොට ජීවිතේ..!

    ReplyDelete
    Replies
    1. වෙනම පොටෝ පෝස්ටුවක් දාමුද?

      ඕං ඉතින් මාව අවුස්සගන්න හදන්නේ :)

      Delete
  47. රජාව දැක්ක ගමන් මට සිතුනෙ මු අවාරෙට රජ ඌ එකෙක් බවය

    ReplyDelete
    Replies
    1. අඩෝ!!!!!!! උඹ එල කොල්ලා බං :)

      Delete
  48. රජාගේ සහ අටමාගේ ජුගුප්සාජනක දර්ශන ඇතුලත් ඡායාරූප පලකිරීම පිළිබඳව මාගේ බලවත් විරෝධය !

    ෂෙ ... සුමිත් අයියා නිකන් කව්බෝයියෙක් වගේනෙ. මම හිතන් හිටියෙ ඉහ නිකටත් පැහිල ඇතිය කියල.

    කොයි යකෝ මේකෙ අපේ කාන්තා පාර්ශවයෙ ෆොටෝ ඇත්තෙම නෑනේ, ආසාවට දකින්නවත්.

    ෆෝටෝස් මදි බං, උඹේ රාජ ශෛලියෙන් තව ටිකක් ලියන්නත් තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. මං ගාවත් නෑ බං වැඩිය පොටෝ!

      තව ගහමු එහෙනං මඩ!!! :)

      Delete
  49. තණ තිල්ල නම් වේග පන්දු යවන්නන්ට ඉතාම වාසි දායකයි,ඒත් මේකා බවුන්සර් දාලා, කාගෙවත් ඔලු පැලුවෙ නැති එක ගැන පුදුමයි....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්!!! බංකුව උඩ ඉදගෙන මොන බවුන්සර්ද? :)

      Delete
  50. අඩේ පව් බන් අටමා. උබලා හැමෝම ඌට මඩ ගහනවා

    ReplyDelete
  51. මොනවා උනත් රජා විදිහට නොහැසිරී තම චරිතයේ තිබු ගව්රවය අන්තිමට දමා ගැනීමට මෙම ගේට්ටුව උපකාර උනා යයි කිවොත් මම හිතන්නේ මම හරි නේද රජෝ...

    ReplyDelete
    Replies
    1. මම සම්භාව්‍ය විදිහට හිටියා!!!

      රජා විදිහට හැසිරුනා නම් කීදෙනෙක් ගෙට්ටුවෙන් කලින් යයිද දන්නෑ ;)

      Delete
  52. අම්මියෝ දැන්නම් අටමගෙ බ්ලොග පැත්තෙත් යන්න බයයි. :o

    //කලගෙඩිහේන හරහා වූ කැලෑ පාරෙන් අපි ගම්පහට සේන්දු උනෙමු//
    පොලීසිය නැති පාරෙන්ද ?



    //(සිරා, පවනි, සුපුන්, වෙඩික්කාරයා, රජා)//
    "පවනි" කියලමද තියෙන්නෙ ? නැත්නම් මම දැක්ක හැටිද ?

    ReplyDelete
    Replies
    1. යා යා!!!

      පවනි තරංගා උගේ නම :)

      Delete
  53. ඊලඟ වතාවෙදිවත් සෙට් වෙන්න ඕනා.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ ආවේ නැත්තේ?

      Delete
  54. අයියෝ රජාත් එක්ක ටෝකක් දාන්න උනේ නෑනේ.. රාජා සෑමාගේ කාර් එක ආරක්සා කොරන්ඩ වගේ ඒ කොනේමනේ හිටියේ.. ;)

    ReplyDelete
    Replies
    1. මම උඹව දැක්කෙවත් නෑනේ බං :(

      Delete
    2. මමත් මූව අදුන ගත්තෙ අන්තිම මොහොතේ

      Delete
  55. Replies
    1. උඹ ආවේ නෑනේ හිවලා! :/

      Delete
  56. ඒයි උඹ ටිකට් ගත්තෙ නෑ නේද ? 200/= සිරාට දීපන් රජෝ. අත්සන් කරපු කොලේ පබ්ලිෂ් කරන්ඩ කලින්. අටම රජාගේ හිරිඔතප් බින්දනම් 200/= අමතක කරල දාමු.

    ReplyDelete
    Replies
    1. ඒ උඹ මා එක්ක කතා කලාද? මට මතක නෑනේ :(

      දුන්නා දුන්නා!! නංගිටත් 75ක්ම දීලා ඇතුලට දැම්මේ ;)

      Delete
  57. උඹ අටමට මඩ ගහලා ලබන සැරේ උඹව අටමට අහු උනොත් උඹට බඩු සුවර් වෙයි කොල්ලෝ . . හික් හික් හික් . .

    අනේ හැබෑමයි උඹ බ්ලොග් එකෙන් ලොරි ටෝක්ස් දුන්නට පට්ට හැබෑවට නම් හරි අහිංසක එකෙක් කියලා පේනවා ෆොටෝ වලිනුත් . . .

    ReplyDelete
    Replies
    1. ඒ ඔහොම කියන්න එපා අප්පා!!! :)

      Delete
  58. ගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය

    ReplyDelete
    Replies
    1. මේ උන්නැහේ කලින් දිව්වනේ! :)

      Delete
  59. මම : මල්ලි පොඩි ෂොට් එකක් ගන්නවද ?

    රජා : අනේ නෑ අයියේ. අද බයික් එකේනේ ආවේ

    අපරාදේ දොලාවවේ ආව නම්, අටම් අයියත් එක්ක බිම දාගෙන බත් කන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අනිවා!!!

      එ උනාට මම එක ෂොටක් ගත්තා ඈ! ;)

      Delete
  60. ගෙට් එක නම් නියමෙටම තිබුණ බව හැමෝම කිව්වා. අවාසනාවකට එන්න බැරිවුනානේ.

    ReplyDelete
  61. අම්බෝ එලේ එලනේ කස්ටිය සෙට් වෙලා තියෙන්නෙ යසට :දිව ආසයි ඔයි......

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)