Monday, April 23, 2012

සහෘදයාණෙනි....!!!!

සතිෂ් පෙරේරා 

ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා කොලඹ රෝහලේ ප්‍රතිකාර ලබන අතර හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.  ලියුකේමියා රෝගයෙන් අසාධ්‍ය වී සිටි එතුමා මිය යනවිට වයස 42ක් බවයි පැවසෙන්නේ.

සතිෂ් පෙරේරා යනු නැසී ගිය ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතනුවන් වේ.එමෙන්ම ගායිකා අනුරාධා පෙරේරාගේ ආදරණීය සහෝදරයාය. සතිෂ් පෙරේරා විසින් නව සංගීතය මුසුකල “අවසන් ලියුමයි ඔබට ලියන්නේ” “එගොඩහ යන්නෝ” ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ගීතයි.

මෙම ගීත ඔබ රස විද ඇති.... කමක් නෑ......තව එක් වරක් රස විදින්න...
_________________________________________________________________________________

ඔහුගේ එම ගී ගොන්න අතුරෙන් ම වැඩියෙන්ම සිත් ගත් ගීතයක් විය. ඒ මහ මුහුදු විමානේ ගීතයයි. විනෝද චාරිකාවකදී මග නොහැරෙනම ගීතයකි එය. ඇත්තෙන්ම පැදුරු පාටියකදී ගැයීමට තරම් අනර්ග ගීයකි.

මහ මුහුදු විමානේ

රණ තිසර උදානේ
සවනට නෑ ඇසුනේ මාගේ
සවනට නෑ ඇසුනේ මාගේ 

 
_________________________________________________________________________________

මෑත භාගයේ ශ්‍රී ලාංකීය සංගීතය තුල වෙනසක් මෙන්ම අලුත් මානයක් පෙන්නුම් කල ගීතයකි. තරුණ පරපුර වඩාත් ආදරය කල ගීතයකි. අදටත් ජනප්‍රියයි.. 

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගේ හැගුම් ඔබ ගැන නිතර හිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරේ හැමදාම 



_________________________________________________________________________________ 


ඔහු විසින් ගයන කල මෙම ගීතය ඔහුගේ ජිවිතයට සම්බන්ද දැයි මට සිතේ. මන්ද මේ වසන්ත කාලයේ ඔහු රෝගාතුර වී අපෙන් සමුගෙන ඇත. අසා බලන්න. ඇත්තෙන්ම හිතට දැනෙන ගීතයක්. මිහිරැති වසන්ත කාලේ. 

මිහිරැති වසන්ත කලේ....කිව ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වීඅ....තනි වේ ලොවේ වේදනාවේ




 
_________________________________________________________________________________

අවසන් වදන් කිහිපයක් වත් නොතබා ඔහු අපෙන් සමු අරන්. ඔහුගේ හිත අද ඇත්තටම තද නින්දක.

අවසන් ලියුමි ඔබට ලියන්නේ...
විරහ කඳුළු රැලි වැහෙන්නේ...
කියව හැදුවත් මට නම් කම් නෑ ..
මගේ හිත අද තද නින්දේ...




 _________________________________________________________________________________

ඔහු නැවත එගොඩ මෙගොඩ නොඑවී. ඔහු ඇත්තටම එගොදහට ගොස් ඇත. නැවත නොඑවී. ඒ ගී හද පෞර්ෂය. 

එගොඩහ යන්නො....
මෙගොදහ යන්නෝ....
තව කවුරුද ඉන්නේ...




_________________________________________________________________________________



මිහිරැති වසන්ත කාලේ
ගිම්හානයේ ගිලන් වී
තනි වේ ලොවේ වේදනාවේ
ජීවිතය නම් මුහුදු විමානෙන්
එගොඩ වූ සහෘදයානෙනි.....


අවසන් ලියුමක් ඔබට ලිව්වා...
පද නං ගැලපෙන්නෙ නැතුව ඇති 
කියවා හැඩුවත් මට නම් කම් නෑ
ඔහුගේ හිත අද තද නින්දේ....

එගොඩහ යන්නො
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ......
ගඟුල අනොමයි... 
අද මට වෙහෙසයි....කී ඔහු අපෙන් සමු අරං
සදහටම.....

සහෘදයාණෙනි....ඔබට නිවන් සුව!!!


 


16 comments:

  1. බුකියට ආවම තමා මේ ගැන දැන ගන්න ලැබුනෙ....මොනව කරන්නද කලාකරුවන්ට හොඳ නැති කාලයක්ද මන්ද.....:(

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං...පෝලිමට මැරෙන්නෙ :(

      Delete
  2. ඔහුට මමත් නිවන් සුව පතනවා/මගෙත් ප්‍රියතම ගායකයෙක්

    ReplyDelete
  3. සතිෂ් පෙරේරා සහෘදයාණෙනි....ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  4. සතිෂ් පෙරේරා සහෘදයාණෙනි....ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  5. සතිෂ් පෙරේරා මහතාට නිවන් සුව....

    ReplyDelete
  6. ඔහොම තමයි බං... හොඳ මිනිස්සු එනවා.. යනවා...

    ReplyDelete
    Replies
    1. සිරාවට... කතාව ඇත්ත :(

      Delete
  7. මමත් මොහුගේ සිංදු වලට ගොඩක් ආසයි.. විශේෂයෙන්ම " සුන්දරයි ඔබ " ගීතයට...

    ඔහුට නිවන් සුව..

    ReplyDelete
  8. අවසර රජතුමනි... ඔය සිංදු වැඩිහරියක් සතිශ්ගෙ පියාගෙ ගීත... ඒවා අළුත් හැඩයකින් සතිශ් දුන්නෙ.. ඒක සඳහන් කරන එක මෙවන් කලාකාමී පුතෙක්ට කලාව ලේවලින් දුන් පියෙක්ට කරන ගෞරවයක්... කලාකාරයො නැතිවෙන්නෙ විහින්... ඒකයි මෙවන් අකල් මරණවලින් රසිකයන්ට කම්පනයක් එන්නෙ... වටින ජීවිතයක් නැතිඋනේ... ඔහුට නිවන් සුව පතමු!

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)