Tuesday, March 13, 2012

මඩ ස්පා නොහොත් මඩ නෑම....(ලෝකයේ ඇති ආතල්ම පොට් එකක්)

අපි හැමදාම මඩ කනවා මඩ ගහගන්නවා. ඒත් මඩ වලින් ලස්සන වෙනවා කියලා දන්නවද?

මේ ප්ලේස් එක තියෙන්නේ කොලොම්බියාවේ ගම්බද ඉසව්වක.  ගිනිකදු වලින් පිට උන අළු සහ වතුර එකතු වෙලා තමයි මේ පොට් එක හැදිලා තියෙන්නේ.  මේකට බැස්සහම හෙනම කූල් ලු ...හැබැයි වැඩේ ඉස්සරලම කරද්දී හෙනම අමුත්තක් දැනෙනවලු. බැස්සට පස්සේ එහෙ මෙහෙ යන එක ලේසි නැහැලු. දැඩි හිරු රස වලින් සමට ඇතිවෙන බලපෑම අඩු කරන්න මේ මඩ නැමෙන් පුළුවන් කියල තමයි ගම්මුන්ගේ විශ්වාසය. හැබැයි මේක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවද කියලා කියන්න මම දන්නේ නෑ. මේ තියෙන්නේ එතෙන්ට ගිය කට්ටියක් ගත්තු ආතල් පින්තුර කීපයක්. 

මේ තියෙන්නෙ ප්ලේස් එක

නැගලා යන්න තියෙන්නෙ

කොහෙද යකෝ අත දාන්නෙ??

මේක නං ආතල් පොට් එකක්
සැප කනේ මල්ලී
අයියෙ ඔයාගෙ ***
අයියෝ අක්කෙ ජංගිය
මේක වැටෙන්න යනෝ
අපි ලස්සනද???
මඩ සෝදාගත් කල ______ටත් සුදුසුය

මඩ නෑමෙන් ශරීරය සුසිනිදු වේ...එම නිසා හැකිතාක් මඩ නාන්න. නැතිනං මඩ ගසන්න.....

රූප කවුදෝ එවපු ඊයක් ඇසුරෙනි...

23 comments:

  1. අන්තිම රූපෙ හිස්තැන කැමති විදිහකට පුරෝගන්නවා හොදා....

    ReplyDelete
  2. හි හි මඩ නෑවා වගේ නෙමෙයි ඕවා හෝදගන්න ගියාම ගෙදර යනකන් ඇඹරි ඇඹරි තමා ඉන්න වෙන්නේ(කොල්ලන්ට) අත්දැකීමෙන් කියන්නේ....මුහුදේ නෑවත් එච්චරයි අඳින ඇඳුම් නිසා හරිම සියුම් විදියට තමා ඔය එක එක ජාති ඇතුලට යන්නේ හි හි.....

    අන්තිම හිස්තැනට "වඩාගන්න" කියලා දාන්න තිබුනා ඒ තරම් උස මහත කෙනෙක් නොහිටියනම් මේකට මොකදැයි කියන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත...මුහුදේ නාන සීන් එක මටත් වෙලා තියෙනවා ආපෝ.....කුචු කුචු හෝතාහේ

      Delete
  3. Replies
    1. හච්චිමක්වත් ගියැයි??

      Delete
  4. adoo photo tika yatin dala thiyena description tika nam maru ahhh...histhena nam prasiddiye purawanna amaruy malliyoo...

    ReplyDelete
    Replies
    1. නිවාඩු වෙලාවක පුරෝමු....

      Delete
  5. අපේ පාර්ලිමන්ට් කස්ටිය යවන්න ඕනෙ නේද//

    එක්කො ඕනෙ නැහැ දියවන්නාව තියෙන්නේ.. :)

    ReplyDelete
  6. ඔය අපේ වෙලක ලැග්ගොත් මොන වගේ ආනිශංසද දන්නෙ නෑ ලැබෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. ලස්සන වීම කෙසේ වෙතත් අවයව කුණු කරගන්න පුළුවන් ගේමක් නැතුව

      Delete
  7. අප්පේ මේ මඩ ගොඩක් පින් කරලා නොවැ ................

    ReplyDelete
    Replies
    1. ඒකනං හැබෑව....හික්ස්

      Delete
  8. ඊයා මඩ..............................

    ReplyDelete
    Replies
    1. ඈක්කා....කක්කා :)

      Delete
    2. අපෝ.... ජීවිතේටම මඩ ගෑවිලා නැද්ද කොහෙද... ඔබන්න හිතෙනව මඩේ... හි හි හී....

      Delete
  9. 5 ස්ටාර්ස් හොටෙල් ස්පා වලත් මේ මඩ නාන්න පුලුවන්...ඒවලත් තියනව ස්වීමින්ග් ෆූල් වගේ මඩ පුරවල....මම අහල තියනව ඉතාලියෙත් තියනව මේ වගේ තැන් ගිනිකඳු කිට්ටුව........

    ReplyDelete
    Replies
    1. හයියෝ....සල්ලි දීලා මඩ නානවා...හික්

      Delete
  10. ඕවා දාලා අන්තිමට මෙහෙ කෙල්ලොත් මඩ නාන්න ගත්තොත් උඹට වග කියන්න වෙයි ඕන්......

    ReplyDelete
    Replies
    1. අනේ මම නෑ ඕං...

      Delete
    2. ආ ඒවා අදාල නෑ රජෝ....... අම්මලා,තාත්තලා,කෙල්ලන්ගෙ කොල්ලො උඹව හොයන් එද්දි හැන්ගෙන්න තැනක් හොයා ගනින්.මගෙ කේල්ලත් මඩ නාන්න ගත්තොත් වග කියපන් හරිද?........

      Delete
  11. මම දැකල තියෙනව මේ ස්ථානය Discovery/Travel & Living channel එකේ පෙන්නුව දවසක්. කියපු විදිහට ගිනි කන්දෙ පතුලක් නෑලු. උඩුකුරු තෙරපුම නිසා තමයි පාවෙන්නෙ. පෙන්නපු විදිහට මඩ නාල ඉවර උනට පස්සෙ පහල තියෙන විලකට එක්කන් යනව... ඊට පස්සෙ ගමේ කට්ටිය මඩ නාපු කට්ටියව හෝදනවා, වතුර දාල අතුල්ලල..... ඇන්දුන් ටිකත් ගලවල හැමතැනමත්. Full service. Channel එකේ එක්කෙනානම් කිවුවෙ ඇඳුන් වල පැල්ලම් හිටිනව කියල... මහත්තය උපන්දිනේට දුන්නු බිකිනිය අපරාදෙ........

    ReplyDelete
  12. අපිට යන්න බැරිද රජෝ ?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)