Sunday, March 11, 2012

කොළඹ වෙඩින්...(මගෙ එක නං තරු 5ක ගන්නෙ නෑමයි)


දවසක් ගියෙමි කොලොම්තොටේ මගුලකට
හිටියා පට්ට කෑලි බෑලි ලොට් එකට
දැකල මෙහෙම අංගනාවෝ ලස්සනට
මගේ මල්ලි කරදර කරනවා මට

හතර වටෙන් කඩු වැනෙයි
බෙලි කපෙයි, ලේ ගලයි
මට බැරිත් ඕකමයි
මං මැරෙයිදෝ බයයි

ට්‍රීන් ට්‍රීන් බ්ලැක් බෙරී
අන්න බලන් සුදු බුරී
පුම්බා ඇත තන් පිරී
මගේ කලිසම ඉරී

මනාලයා එන්නේ දැන් කිට මරලා
මනමාලිත් ඉන්නවා දෙවගන වීලා
යාලු මනාලිගේ රු සපුවට වහ වැටිලා
තව පොඩ්ඩෙන් වැටෙනවා සිහි සුන් වීලා

දෙන්නා නැග්ගා පෝරුවකට දඩ බඩ ගාලා
කිව්වා එකෙක් අෂ්ටක හොස් පස් ගාලා  
විනාඩි පහෙන් බැස්සා ෂින් ෂුන් ගාලා
ඒ චාරිත්‍රෙ ඉවර උනා ටින් ටුන් ගාලා 
 
ඇසේ මේසේ හෙමින්
යු ආ මයි සන් ෂයින්
කොහෙද බොලව් ඉරක්
තිබ්බේ ඔක්කොම ලයිට්
 
පියනැගුවෙමි හෙමින් කෑම මේසේ බලා
මේසයක් නොව එය දැන් මාගලක් වෙලා
ගත්තෙමි පිගානක් හොඳට කන්න සිතා
හෙඩ් චෙෆ්ගේ අම්මා මං මතක් කළා
 
නොදකින් කන්නේ කොහොමද බොල මේ කෑම
කෝ මේ මාළු ඇත්තේ ඔලු පමණක්ය
හොටෙල් එකේ නමනං බොල හිල්ටොන්ය
ඇත්ත තමයි එහි ටොන් ගානට හිල්ය

 අතින් කන්න බැනේ බන් හිටොනයේ
ගත්ත හැන්ද සමගින් උල් ගෑරුප්පුවේ
කවදා කාපු දන් දැයි බොල මේ විගසේ
බොහොම අමරුවෙනුයි  ඒ ටික කෑවේ

මෙන්න ඩෙසට්
වරෙන් මචන්
ආං පුඩින්
මේං වටලප්පන්

ගනින් ගනින්
ආයෙත් නෑ
මෙන්න ප්ලේට්
කාපන් කාපන්

අර මොනවද අර මොනවද
දන්නෑ බන්
දන්නෑ 
අරන් කමුද අරන් කමුද 
එපා එපා බඩ යයි තොට

සමහරු ඇත දැන් හොඳටම වෙරි වීලා
මෙන්න යකෝ කෙල්ලොත් ඇත ඇද වීලා
නටයි නටයි කට්ටිය ඇක්ෂන් දාලා
අනේ අර කෙල්ලන්ගේ සාරි ගැලවීලා

ආං බලං කෙල්ලොන්ගේ දගර නැටුම්
මම නොබැලුවෙමි මම නොබැලුවෙමි
කොටු කොටු කොටු
එත් පෙනේ එත් පෙනේ
තවත් කොටු කොටු කොටු


නැවත නොයමි කොලොම්තොටේ මගුල් වෙත
හරියට කන්න දෙයක් ද නැත මගේ බඩට
යන්නත් හිතෙයි දැක්කම අර කෙල්ලන්ව
බෑ බෑ යන්නේ නෑමයි යලි ඒවාට  

14 comments:

  1. Adooo..... Elata liyala thiyenawa.
    :)

    ReplyDelete
  2. මල මගුලක් නොවැ !

    ReplyDelete
  3. කොළඹ නෙමේ කොහේ කිව්වත් මට නම් මඟුල් ගෙවල් අරහං... නොගිහින්ම බැරි එකක් මිස මම නම් යන්නෙම නෑ...

    ReplyDelete
  4. මොන මගුලක්ද මන්දා මම නම් අතින්ම තමයි කන්නේ කොහේ ගියත් ඇයි බොල අතින් කෑවම බඩට නෙමේද යන්නේ නොදන්න මගුල් කරන්න ගියොත් කඩු ෆයිට් තමයි පට්ට විදියට ලියලා තියෙනවා එල එල

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ ලංකාවේ ඇතුලේ අතින් කන්ඩ බැයිනං ඇති වැඩේ මොකද්ද..

      Delete
  5. රොම්බා තෑන්ක්ස්...

    ReplyDelete
  6. Replies
    1. ඔව් ඔව්.....අපි ගොඩයෝ....
      දැන් සපුමල්ට සතුටුද???

      Delete
  7. ubanam niyamai ban.............. keep it up.................

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)