Thursday, May 30, 2013

මේ දවස් වල මාර බිසි - Very busy in these days.

කියන්ඩ නං කතා ඕසෙටය. සීන් එක කියන්නේ එකක්වත් ලියාගන්නට වෙලාවක් නැති එකය. ගෑල්ලමයින්ගේ වෙසක් කලාප වල කතා, දන්සැල් කන්ඩ කැලෑ වල රිංගපු කතා, අරවා මේවා නහුතෙට හෙන ගහන්නැහැ මතකයේ කැකෑරෙමින් ඇත. 

බිසි කියන්නේ මේක මාරම බිසියක්ය. සරණාගත කදවුරක් හදන්න ත්‍රිකුණාමලේ යනකොට වයිවා එකක් දෙන්න ගල්කිස්සට එන්නලුය. ඒක ඉවරවෙනකොටම ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ ප්‍රෝග්‍රෙස් රිපෝට් දෙන්නලු. අන්තිම මොහොතේ ඔහොම කියනකොට ඉතින් අපිට වෙන්නේ අර රෑට ඇදේදි චූ බර හැදිච්ච එකාට වෙන එකය. ලස්සනට ඇද හදලා...නෙට් එක දාගෙන. නිදාගන්න සෙට් වෙන හොදම පොසිෂන් එකක් හොයාගෙන...කොට්ටේ හදාගෙන නිදාගන්න හදනකොටම හෙන චූ බරක් ආවාම කෝමද එන හැගීම? මටනං කපලා දාන්නම හිතෙන්නේය. ඇයි යකෝ...ආයේ අර නෙට් එකෙන් බැහැලා ඇද අවුල් කරගෙන එද්දි... හාෆූ.....

මාරම කේස් එක කියන්නේ මේ පාර කොපි පේස්ට් කරන්න බැරි එකය. අතින්ම ටයිප් කරන්න වෙලාය. පර සුද්දෝ අමන මගුලක් අටෝගෙනය. කොහෙන් හරි පොඩි දෙයක් ඉස්සුවත් උස්සපු තැන, පීඩීඑෆ් එක පවා පෙන්නන්නේය. දැන්නම් සුද්දට සීනී බෝල වලින් වෙඩි තබා කූඹි කා මැරෙන්න කූඹි ගුලකට දමන්න හිතී ඇත. 

වැඩිය කියවන්න වෙලාවක් නැත. ඉක්මනට සරණාගත කදවුර හදන්න ඕනෑය. නැත්තන් සරණාගත කදවුරේ ඇන්ටිලා ටික මගෙ ඔළුව කන්නේය. එහෙම උනත් කමක් නැත. ඇන්ටිලාගේ දූවරු ටික තරහ උනොත් මල මගුලය. එහෙනං... පස්සේ එන්නං.

-අපේ වැඩේ යන හැටි-

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

67 comments:

  1. :D :D Raaaaaaaja sampathak meka!

    ReplyDelete
  2. රජාට ජය වේවා.. හොදට පාඩං කොරහං.. බැරිනං නිකං ඉදහං අර වගේ පදුරු පොජෙක්ට් නොකර.. ඒකනං පස්ටයි බං... ජය වේවා රජෝ

    ReplyDelete
    Replies
    1. කෝමද නිකන්...පදින්න පුළුවන් එලටම =))

      Delete
  3. ඕගොල්ලෝ කඳවුරට ඔංචිල්ලාවක්ද හදන්නේ? :D

    ReplyDelete
  4. රජා එහෙමත් ඉඳන් මෙහෙම පෝස්ටුවක් හරි දාන්න ආවට ඌටත් රාජ සම්පත් (එක්සෑමෙන් පසු) ලැබේවා!

    ReplyDelete
  5. හොදට පාඩං කොරන්ඩ රජෝ..

    ReplyDelete
  6. එක්සෑම් ඉවර වී රිසල්ට්ස් එන විට රජාට සුභ වේවා! ‍රාජ සම්පත් ලැබේවා!

    ReplyDelete
  7. බොලා සරණාගත කඳවුර හදල ඉවරවෙනකොට කී දෙනෙක් සරණාගත වෙලා තියෙයිද දන්නෑ.

    ඉගෙනුම් කටයුතු හොඳට කරගනිං.

    ReplyDelete
    Replies
    1. ඒකනං මටත් ප්‍රශ්නයක් :))

      Delete
  8. මරු ඔන්චිල්ලාව රජෝ

    ReplyDelete
  9. විභාග වැඩ හොඳින් කරගනිං.

    ReplyDelete
  10. විභාගෙත් රජ විදියට ගොඩ දාගන් ශක්තිය ලැබේවා.

    ReplyDelete
  11. අනේ .... උඹත් බිසීද. හරි හරි ... අනිත් වැඩ ටික ගොඩදාගනින්කෝ. බ්ලොග් ලියන්න බැරිවයැ ඊට පස්සෙ.

    අර ඔන්චිල්ලාව මරු බං. අපේ රටේ නං කෙරෙන තරමක් වැඩ ඔය වගේ තමා.

    ReplyDelete
  12. රජා තනිකඩය හින්ද ඔයින් බේරුනා ... නැත්නම් ඉතින් =D>=D>=D>=D>=D>=D>=D>=D> තමා :P

    ReplyDelete
  13. ඕවට අහු නොවෙන්න කොපි ගහන්න පුළුවන් ක්‍රම තියනවා උනත් මහන්සි වෙලා වැඩ කරලා ගන්න ප්‍රතිපලය ආත්ම තෘප්තිය වැඩි කරනවා.එක නිසා වැඩ ටික හොදින් කරහන් ,, good luck for exams!!!

    ReplyDelete
    Replies
    1. නෑ බං... අපි දන්නැද්ද ඕවා. මේකට හොර කරන්න බෑ :((

      Delete
  14. ඔන්චිල්ලාව හදල ඉවරවෙලා පැදල පෙන්නන්නෙ රජා ද?....

    ReplyDelete
  15. ප්‍රතිඵල සුභ වේවා !!!! රාජ සම්පත් ලැබේවා !!!

    ReplyDelete
  16. අවුරුද්දට නෙවෙයිද බන් දැන් ඔන්චිල්ල බඳින්නේ??..

    ReplyDelete
    Replies
    1. නෑනේ... නියගෙටත් බදිනවා!

      Delete
  17. සිරාගේ කාමරේ පැත්තේ ඉන්නකොට අටම්ව සෙට් උනා... එක දිගේ අඩවියට ආවා..... අද ඉඳලා මමත් එනවා හැමදාම එහෙනම්...

    ReplyDelete
    Replies
    1. මෙන්න බඩු... වෙලාවක් තිබුනොත් ඇවිත් යන්න වරෙන්



      http://gayyagedinapotha.blogspot.ae/2013/05/blog-post.html

      Delete
    2. එල කොල්ලෙක් ඈ.. g-)

      Delete
  18. හ්ම්ම්..ඕවට නම් බේත් තියනවා... කියලා දෙන්නේ නෑ! නැත්නම් අපේ අය කම්මැලි වෙනවනේ බං! හොඳ පුතා වගේ වැඩ ටික ගොඩ දාපන්!

    ReplyDelete
    Replies
    1. ඒ බේත් අපි දන්නවා බං.... එක මේකට හරි යන්නේ නෑ! :((

      Delete
  19. බොලාට දන්සල් කන්ඩ යනකොට බිසී නෑ නේද.
    රජ වේවා!!!
    සුභ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කාලා ඉන්ඩ එපෑ යකෝ මොනවා කරන්නත්! :))

      Delete
  20. හොදට ඉගෙන ගනින්.....:)

    ReplyDelete
  21. //මටනං කපලා දාන්නම හිතෙන්නේය//

    එහෙනං කපලා දාහං, ඕක චූ කරන්ඩ විතරමයිනේ

    ReplyDelete
  22. ඕක කපලා දැම්මා නම් කොහොමත් විභාගේ කරන්ට ලේසිය, ජයම වේවා.....!

    ReplyDelete
  23. Onna apith jaya wewa kiwwa! Patta onchillaawa aththata :-)

    ReplyDelete
  24. ජය වේවා!!! විභාගෙට ඈ.......

    ReplyDelete
  25. ඈ .. හෑ .. හෙහ් හේ .. එල ඈ..

    ReplyDelete
  26. හෆ්ෆේ... මූං හැදුවම කොහොමට හිටීවිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇයි අපිට බැයිද? :))

      Delete
  27. Matanam dan hodatama sure ube me rate rajek kiyala(warthamaana).niyama sri lankan government type project ekak.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ... =))

      Delete
  28. අඩෝ .. පාඩම් කරපිය.....

    ReplyDelete
  29. ප්‍රොජෙක්ට් එකනම් මරු ඈ..!

    ReplyDelete
  30. සුභ විභාගයක් වේවා මලේ....

    ReplyDelete
  31. සෑමගේ බ්ලොගට ගිය වෙලේ මේ එරියා එකට පාර දැක්කෙ. දිගයම එනම කියවන්න. ඉක්මනින් පොස්ටුවක් කොටන්න ලැබේවා...!!!

    ReplyDelete
  32. මුකද්ද යකෝ අර අසරණ ගහට කරපු වැඩෙ.දැන්ොන්චිල්ලාව පදින අක්කල නංගිලගෙ කොන්ද ගහේ වැදිල ගහ ප්‍රෙග්නට් උණොත්

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)