Tuesday, January 15, 2013

කොට්ටෙන් පයින්න බැරුව කොහෙද ඕයි කන්දෙන් පයින්නේ???


අපේ සයිට් එකේ වැඩකරන උන්ට නිවාඩුව හම්බෙන්නේ පඩියෙන් පස්සෙය. ඒකට කියන්නේ ෂට් ඩවුන් එක කියාය. මුළු සයිට් එකේම උන් ගෙවල් දොරවල් බලා යන්නේය. ගෙයක් නැති අපි වගේ උන් විතරක් සේවයට වාර්තා කරන්නේය. කම්බි වැඩ බලන්න මහත්තුරු හෙන සෙට්  එකක් හිටියත් අද හිටියේ 3 දෙනාය. ඒ මං රජත් සමගය. අපිට පැවරී තිබුණු රාජකාරිය නම් ලිෆ්ට් එකේ බිත්ති වලට අවශ්‍යකරන කම්බි කුඩු හා කොලම් ටික 11,12,15 තට්ටු වල සිට 23 වන තට්ටුවට ගැනීමය. අපි තුන්දෙනාගෙන් දෙන්නෙක් උඩ ඉද්දි රජා වෝල් ටික එවන්න ක්‍රේන් එකේ හෙල්පර් කොලුවා සමග පහලට ගියෙමි. එක වෝල් එකක් යැව්වේය. අනිකත් යවන්න හදද්දී උඩ ඉන්න දෙන්නා ක්‍රේන් එක වෝල් එක තියන්න අරගෙනය. ආපහු ඒක එනකන් එහෙට මෙහෙට කැරකි කැරකි සිටියෙමු. එතකොටම වගේ අපේ සහෘද වැලයා අපි ඉන්න තට්ටුවට ආවේය. 

වැලයා : මොකද යකෝ මෙතන කරන්නේ?

රජා: වෝල් ටික යවන්න ආවා බං 

මූ දැන් අපිත් එක්ක කතාවය. අපේ සාකච්චාවට ක්‍රේන් එකේ හෙල්පර් කොලුවත් සප් එක දෙන්නේය.

වැලයා : අඩෝ... ඔන්න අද චාන්ස් එක. නැගපන් ක්‍රේන් එකට. මම නැග්ග ගිය ශට් ඩවුන් එකේ. පට්ට යකෝ!! මුළු කොලඹම පේනවා...

රජා : අඩෝ බයයි බං.... බලකො අර පඩිපෙලේ යන්නේ කෝමද කියලා....

කොලුවා : යන්න මහත්තයා.... ගිහින් බලල එන්න....

වැලයා : පලයන් යකෝ බය නැතුව....

රජා : බෑ බන්. අඩෝ මේ? උඹ හෙන ටෝක් දෙන්නේ උඹට මේකට නගින්න පුලුවන්. අර කිරිගල්පොත්තේ හෙන බැවුම අස්සෙන් තමයි යන්න බැරි නෙහ්?

වැලයා : හික්  :)

මේක අහන් හිටපු කොලුවා මැද්දට පැන්නේය.

ඕකට තියෙනවා මහත්තයා මරු කතාවක්. මෙන්න මෙහෙම. මිනිහා කතාව කියන්න පටන් ගත්තේය. සිද්දිය මෙසේය.
“ඔන්න ලස්සන ගෑල්ලමෙක්ට හද්දා පිටිසට ඉස්කෝලෙකට ගුරු පත්වීමක් හම්බුනාලු. මුළු ඉස්කොලෙටම උගන්නන්න ඉන්නේ මේ ටීච විතරලු. ටිචට නවතින්න පොඩි කාමර කෑල්ලක් ඉස්කෝලේ පිටිපස්සෙම තියෙනවලු. ටික දවසක් යද්දී තව අලුත් සර් කෙනෙක් පත්වීමක් අරන් මෙහෙට ආවලු.

දැන් තමා කැත සීන් එක. සර්ට නවතින්න තැනක් නෑ. ටීච ඉන්න කාමරේම එළිපත්තට වෙන්න ඇදක් දාල දුන්නලු. ඔහොම ටික දවසක් ගෙවිලා ගියාලු. වැහි කලෙත් ආවා. දැන් සර් හිරිපොදේ තෙමීගෙන ඔලුවේ ඉඳන් පොරෝගෙන නිදිලු. ටිචට දුක හිතිලා සර්ව එයාගේ කාමරේට ගත්තලු. අරගෙන මෙහෙම කිව්වලු.

අපි දෙන්නම මේ ඇදේ නිදා ගමු. හැබැයි ඔයා මේ කොට්ටෙන් මෙහාට එන්න බෑ.

එහෙම කියලා ඇද මැද්දෙන් කොට්ට දෙකක් තිබ්බලු. අනේ ඉතින් අර සර් මයිලක්වත් ටිචගේ ඇගේ නොගෑවෙන්න නිදාගත්තලු. සති ගානක් වැහැපු හින්දා දෙන්නම හිටියේ එකම කාමරේලු.

ඔහොම ඉද්දි ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් ලෑස්ති කලාලු නුවරඑළියේ. ලස්සන කන්දක් උඩට කට්ටියම ගියාලු. එතන සැහෙන්න හුලන්ලු. අර ටීච ලඳ වගේ අල්ලාගෙන හිටපු කුඩේ එක පාරට හුළගට ගියාලු. කන්දෙන් පල්ලෙහාටම. එක දැකපු සර් ටීචගෙන් ලකුණක් දාගන්න හිතාගෙන එකපාරටම දුවගෙන ඇවිත් මෙහෙම ඇහුවලු. 

මිස්... මිස්... මම පහලට පැනලා කුඩේ අරන් දෙන්නද?
ඔරොප්පු මුණක් දාගත්තු ටීච මෙහෙම කිව්වලු.

සතියක් තිස්සේ කොට්ටෙන් පැනගන්න බැරි තමුසේ කොහොමද ඔයි කන්දෙන් පයින්නේ?

හම්මේ...... ඊට පස්සේ ආපු හිනා සද්දෙට අන්න කම්බි වගේකුත් ඇදවෙලා කියලා තමයි ආරංචිය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

40 comments:

  1. පරණ කතාවක්නේ බං..
    ඔන්න ඔහෙ බය පැත්තක දාලා ක්‍රේන් එකට නැගලා ෆොටෝ ටිකක් දහං..
    උබේ දහදුරා ජීවිතේ වගේද ෆොටෝ...

    ReplyDelete
    Replies
    1. උඹලා අහලා තිබ්බට මම ඇහුවේ අදමයි ඕයි!!!

      සිරාවට :)

      Delete
  2. මං නං ඇහුවේ අද ඕං

    ReplyDelete
  3. උබට කෝට්ටෙන් පනින්න බැරිවුණා එහෙනම්

    ReplyDelete
  4. හු හු රජෝ පරණ කතා ලියනවා වල් රජා හු....

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම කියන්න එපා. මොකෙක් වුනත් රජෙක්නේ!!!!!!!!!

      Delete
  5. මේ..උඹට ඇත්තම කියපන්! චූ ගියා නේද උඹට! :p

    ReplyDelete
  6. ඈ වල් රජෝ.... මොකෙක්වත් නැත්තම් අපිටත් කොළොම්පුරේ සිරිය බලන්න ෆොටෝ ටිකක් අරං ආවනං ඉවරයිනේ...

    ReplyDelete
  7. මැදයි රල් වජාගෙන් අලුත් කතාවක් අහන්න ආවා....අඩෝ මේ සර් උබද බං..

    ReplyDelete
  8. හයියෝ සෑර්.. :D

    ReplyDelete
  9. මේ කතාව අවුරුදු 4 ක් වත් පරණද මන්දා :D. අරක උඩට නැගලා ෆොටෝ ටිකක් දැම්මනම් කියල වැඩක් නෑ. කොහෙද බය ගුල්ලෙක්නේ මේ රජා..

    ReplyDelete
  10. කතාව නම් අහල තිබුන කලින්, ලාස්ට් රෝවෙත් ගියාද කොහෙද.

    ඉතිං මහත්තයා.... ගිහින් බලල ආවෙ නැතෙයි. කැමර් එකත් බෙල්ලෙ එල්ලන් පලයන්.

    ReplyDelete
  11. කතාව නම් අහල තියෙනවා.. ඊට පස්සෙනං සර් කොට්ටෙ පැන්නලු ;)
    හැබෑට ෆොටෝ ටිකක් දැම්මනං නරකද??

    ReplyDelete
  12. වැටෙයි කියල බයනං ක්‍රේන් එකේ කොලුවට කියහං ඒකට තියල ගැටගහන්න කියල.

    ReplyDelete
  13. අර කියුවාගේ ලියන්ඩ දෙයක් නැත්තං පොටෝ කැලි ටිකක්වත් අරගන දාපන්කෝ අපිට බලන්ඩ

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා.. කොට්ටෙන් පැනගන්න බැරි එකා කොහෙද ක්‍රේන් උඩට නගින්නෙ..:D

      Delete
  14. ඔය කොට්ටෙන් පනින්න බැරි උනේ රජාටද ?

    ReplyDelete
  15. කවුරු මොනවා කිවත් , මම නම් අදමයි ඔය කතාව ඇහුවේ ..
    THANK YOU වල් රජෝ ......................

    ෆොටෝ ටිකක් දාපන් උඩට නැග්ගහම :p

    ReplyDelete
  16. හි හි ...ඕක අහලා තිබුණා රජෝ

    ReplyDelete
  17. සිරාවට මමත් ඔය කතාව ඇහුවේ අද තමයි

    ReplyDelete
  18. අපෝ ඕක පරණ දිරච්ච කථාවක්නේ!!!!!!!

    ReplyDelete
  19. හාහ් හැක් හා අටු කොස් තැම්බීම

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න ආවේ අටු කොස් තම්බන්න එපා යකෝ කියලා මූ ඒක කියලා

      Delete
  20. ඔක මන් අහල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට(දාපිය 4ටෝ)

    ReplyDelete
  21. nodakun, bukiya pura ke gagaha duwapu nisa man hithuwe pasta kathawak daai kiyala. Ape rupiyal 5 keewa.

    Raja ehema nam kotte paninawa thiya room 1ta wath yanne ne Sure

    ReplyDelete
  22. කතාව ඇත්ත මොනවා උනත්.

    ReplyDelete
  23. හික්ස්ස්.. :D ඔය කතාව මීට කලින් අහලා තියෙනවා මමත්.. :D

    ReplyDelete
  24. රජා උනාට බොට ඕකේ උඩට නගින්න බැරිද..වැඩක් නෑ යකෝ රජා පට්ටම ගලෝපන්..

    ReplyDelete
  25. apoo ooke mn 5 wasaredi withara ehuwe,theerumak a kaale denan hitiye ne.bt kathaawa old hit 1k.

    ReplyDelete
  26. මූ මේ අරකට නඟින්න බයේ වෙන කතා කියනව :P

    ReplyDelete
  27. අඩෝ ඉස්කෝලෙ ෂෑර්ලට අනං මනං කියලා අහුවෙන්ඩෙපා අරිද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  28. මම නම් අදමනේ මේක ඇහුවේ.. කොහොමද මේක මිස් වුනේ???

    ReplyDelete
  29. අඩේ ඔහොමත් ඉවසන මිනිස්සු ඉන්නවද ලංකාවේ....?

    උඹ ඔය ගන්න 4ටෝ දාලා තේරුමක් නෑ බං. මොකද ඒවා හෙල්ලිලා හෙල්ලිලා සම්භාව්‍ය වෙලා තියෙන්නේ.

    ReplyDelete
  30. හික්ස්...මන් නම් අද තමා ඇහුවේ....

    අපෝ බයගුල්ලා.... පොඩ්ඩක් ගිහින් අපිටත් බලන්න ෆොටෝ කෑලි දෙක තුනක් ගහන එන්නකෝ......

    ReplyDelete
  31. කතාව කලින් අහල තිබුණත් ලියල තියෙන විදිය නියමයි ...:D

    ReplyDelete
  32. හෙන පරණ කතාවක්නෙ..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)