Monday, December 10, 2012

එකෙක් පඩි අරං.... මේං මෙහෙ එක විකාරයයි


දෙයියනේ කියලා රජත් රටට වැඩක් කරන්න හිතාගෙන වැඩට ගිහින් දැන් මාස එක හමාරක් ඉවර වෙන්නත් කිට්ටුය. දාඩිය මහන්සියෙන් ගත්තු පළවෙනි පඩිය දවස් 6ක පඩියක්ය. ඒක පළවෙනි පඩිය විදිහට ගන්නත් බැරිය. ඒත් අම්බානට බර ඒ පඩි උරේ උස්සගෙන ගෙදර ආපු දවසට පස්සේ දවසේ පන්සලේ කඨිනෙය. රජත් ඉතින් යන තැනකට පින් තකා පඩියෙන් කොටසක් කඨින පෙරහැරට පූජා කලේය. ඉතුරුවයින් කලේ තලා ගත්තු පෝන් එක වෙනුවට වෙන එකක් ගැනීමය. දවස් 6 පඩිය එසේ විනාස විය. 

මේ මාසේ පඩි අරං රජා රාජධානිගත වී ඇත. ඇතැම් විට එය වැසියන්ට මහත් හිසරදයක් විය හැක. මුගේ කට කැඩිලා පල මේ කුප්ප, කුජීත කතා කියනවට. මුට වෙන්නේ ටොන් ගානට බර විලම්භීත සීන් ගොඩක්. ඔවුන් එසේ සිතනවාද විය හැක. 

එක එක කතන්දර අහගෙන, ඉරට බල්ටියේ දුරින් හිටගෙන කට්ට කාලා මේ පාර හෙන ගානක් රජා හොයාගත්තේය. බය නැතුව බොයිලර් කුකුල්ලු 40ක් මිලට ගන්න පුළුවන්ය. කෙසේ හෝ පඩි දවස උදා විය. පඩිය අරං 12.30ට සයිට් එකෙන් ඕෆ් වෙන්නේය. අනේ... වෙනදා නැති උනන්දුවක් හැමෝගෙම මූණු වල දිලිසෙන්නේය. පැණි වරකෙට කුඹි වහලා වගේය. එහෙ මෙහෙ දුවන්නේය. මාර කඩිසරය. බලන්න ආසාවේ බැරුවාය. 

ලස්සනම ජවනිකා යන්නේ පඩි වෙලාවේ ඔෆිස් එක ඇතුලෙය. නිකන් වගේ හම්බෙන බත් එක කා රජා, වැලයා, ගවේෂක සමග නිශාන් කොලුවා අපේ ටේබල් එකට වී කට්ටිය දෙස බලාඋන්නේය. ඒ බේරෙන පැණි හිනා පොදවල් බෝතල් ගත කලහොත් වෙනම කොම්පැණි යක් දැමීම කජු කනවාටත් වඩා ඊසිය. සමහරු ලියුම් කවරයෙන් ගන්නා සල්ලි ගනිමින් ඉදිරියට ඇදීම හේතුවෙන් මේස පුටු වල තුන්මුල්ල වද්දාගත් අවස්ථාසුලභය. 

පඩි ගත් උන් ක්ෂණිකව සයිට් එකෙන් අතුරුදහන් වෙන්නේය. අංජනං දේවි තියා දේවිගේ නංගි ගෙනාවත් උන්නම් මේ කපේදී හොයාගන්න වෙන්නේ නැත. අපේ කැරැට්ටුවත් එසේමය. මමයි නිශානයයි කෙලින්ම නැවතුනේ කැම්පස් එකේය. සබ්බ සකල එසයිමන්ට් සබ්මිට් කිරීමෙන් අනතුරුව මේ කිරිටොයි කොල්ලො දෙන්නා පඩිය සමාජගත කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයක නිරත වුනෝය.

පළවෙනි මර්මස්ථානය ගල්කිස්ස ෆැබ් එකය. අනිවා ඒකේ හිටපු සුදුමැලි, කන් දෙකම කළු කෙල්ලෝ ටික බය වූවා නිසැකය. ඇයි යකෝ... හැමතැනම සිමෙන්ති ගාගත්තු සේෆ්ටි ෂූස්, මලකඩ ගෑවිච්ච ඩෙනිම්, ඉරිච්ච බෑග් දාගත්තු, අව්වට පිච්චිලා ගිය සරණාගතයෝ දෙන්නෙක් ඇතුළට ආවා පමණය. අපි යනකොට මුළු ෆැබ් එකම අති විශාල 5 දෙනෙකුගෙන් පමණ වූ ජනකායකගෙන් පිරී ඉතිරී ගොස් තිබුණේය. එකම හිස් ගොඩකි. සූ......... ගාන්නේය. 

ගාර්ලික් ටෝස්ට්, අයිස් කෝපි, කේක් කෑලි ඕඩර් විය. ටෝස්ට් එක පරක්කු වෙන හින්දා කේක් කෑල්ල රසවිදිමින් හිටියෙමු. මෙච්චර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවද බං? ෆැබ් එකට එන කෙල්ලෝ ඔක්කොම පට්ට කොලිටිය. කරමල් මෝදු වෙච්ච ඩෙවල් චිකන් කෑලි වගේය. එකක් නං ටක්කෙටම සුවර්ය. ඒ රජාගේ උපකල්පනයක්ය. කේක් කන කෙල්ලෝ ලස්සනය. මේවා දකින රජාටත් පෘතග්ජන සෞඛ්‍යසම්පන්න ඌරෙක් විදිහට ශෘංගාරාත්මක අදහස් පහල වෙනවාලුය.

ෆැබ් එකේ පදිංචි වෙලාම ඉදලා අපේ බුදු ෆිට් එක වූ කළු මිටි මහත ඇන්ටියා ටෝස්ට් එක උස්සන් ආවාය. එනකොට අපි කේකුත් කාලා, බීමත් බීලා ඉවරය. ඇන්ටියා මද කිපිච්ච ඇතෙක් දැක්ක අලි කෑල්ල වගේ තෝන්තු වුනාය. 

ඇන්ටි - අයියෝ... ටෝස්ට් එකට කලින් කේක් කෑවද?

රජා - නිකන් බලන් ඉන්න බෑනේ... ඉස්සරහ බලාගෙන ඉද්දි නිකම්ම කැවුනා. කේක් කෑලි එහාට යනවා... මෙහාට යනවා... හරි නෑනේ නිකන් බලාගෙන ඉන්න

ඇන්ටි - :)

සෝස් බෝතලෙන් බාගයක් ඉවර කරමින් ඒකත් කා අවසන් විය. දැන් නිකන් අර චිලි සෝස් කාපු ස්කූබියා වගේ දිවත් අඤ්ඤකොරොස් වෙලාය. කට හරියන්නත් එක්ක ආයෙත් ගිහින් ලස්සන අක්කා කෙනෙක්ගෙන් කේක් පළුවක් අරං කෑවෙමි. තඩි ඇන්ටි කට කොනෙන් හිනාඋනාය. 

පඩියෙන් කොටසක් එසේ නිමවිය. එදා රෑ රජාව එක්කන් යන්න රජවාසල කාර් රථය පැමිණ තිබුනේය. එක්කන් යාමට ඒමට හේතුව රජා ඇදුම් බාගෙට හේදීමය. ගිය සතියේ මලකඩ මේ සතියෙත් තාම ඇදුමෙය. වත්තල ලයිට් හවුස් හෝටලෙන් රෑ කෑමට සෙට් උනේය. මෙතනදී දවසේ කතාව කලේ අපේ මව්තුමියය. ඉදිආප්ප සමග චිකන්ය. චිකන් කරියේ හෙන කකුල් 3ක් සමග කකුලාගේ බඩ පෙදෙසය. කෑම කා අවසන නැවත කාරයට ආවෙමු. නැවත ගමන් ආරම්භයට පෙර මොහොතකි...

තාත්තා - කෑම අවුලක් නෑ නෙහ්

රජා - මට නං හොදයි..

යුව රජ - අම්බෝ කුකුළගේ සයිස්.. මට හිරත් උනා

අම්මා - මෙහෙ දවසකට කොච්චර නං කුකුල්ලු යනවා ඇත්ද? අපිටම සම්පූර්ණ කුකුලෙක් හිටියනෙ. ඒ උනාට එක කකුලක් අඩුයි නෙහ්? බඩ හරියයි අඩු 3යි නෙ තිබ්බේ...

තාත්තා - ඉතින් කොහොමත් කුකුලට කකුල්2යි නේ...

කාර් එකේ වීදුරු හෙල්ලුනේය. හදමින් තිබ්බ හයිවේ එකේ තාර රැලි වැටුනේය. ඒ රජාගෙයි, යුව රජාගෙයි හූ හඩටය. 

අම්මා - ^_^

රජා & යුව රජා - @ හිනා වෙලා බඩ කොර වී

තාත්තා - අම්මා කකුල් 4 කුකුලෙක් කාලා... :)

එක එක කතා කියමින් එකිනෙකාව චාටර් කරගනිමින් මාලිගාවට ලගා විය. පසුදා පහන් වන තුරු නිදාගත් රජා හොරෙන්ම බයික් එක ගත්තේ ඩොන්ගලේ බිල ගෙවන්න ෆුඩ් සිටියට යනවා කියා හොරෙන්ම තිලකවර්ධන එකට රිංගා කට්ටියටම ඇදුම් අරං දීමටය. එදා නං මහ නරුම දවසක්ය. බයික් එකෙත් මෝටරේ වදින්නේ නැත. මාස ගානක් එකම තැන තිබිලා ඒකත් පුස්කාලාද කොහෙදය. 

හවස් වරුවේ කිරිඅම්මා අපේ ගෙවල් පැත්තේ ආවාය. එයා රට වටේ පන්සල් සිසාරා යමින් පින් දහම් කරන්නීය. මමත් පින් තකා ඇගේ වැඩ සදහා පඩියෙන් කොටසක් පූජා කලේය. 


රජා - කිරිඅම්මේ... මේ සල්ලි ඔයාගේ පින් වැඩ වලට තියා ගන්න...මගේ පළවෙනි පඩියෙන් ඈ..

කිරිඅම්මා - ආනේ.... මම මැරෙන්න කලින් ලොකු මුණුබුරාගෙන් කීයක් හරිත් හම්බුනා එහෙනං... බුදුසරණයි පුතේ!!! තව හොදට ඉගෙන ගනින්...

රජා - තව හොදට පඩි ගන්න දවසක වැඩියෙන් දෙන්නංකෝ... :)

ඇගේ රත්තරං ටෝක් එකට මට ඇඩුනේය. තනි ඇහෙන් නොව හිතෙන්ය. 

අද උදේ රජා හොරෙන් කරන්න හිටපු දේ එලිපිටම කරලා දැම්මේය. එක එක්කෙනා ළගට ගිහින් ඕනේ ඕනේ කියන එක අරං දෙන්න තීරණය කලේය. 

අම්මා - මට ඇදුම් එපා... ලස්සන සෙරෙප්පු ජෝඩුවක් බැලුවා ලවර් එකේ... ඒක ගම්මු..

යුව රජ - මට ඕනේ කැප් 2ක්...

තාත්තා - මොකුත් ඉල්ලුවේ නෑ... අරං දුන්නා කමිස අතර ෂර්ට් එකක්.

බව්වා - කිඹුලා බනිස් 2යි...

පූසා - නැට්ට කැඩිච්ච හූනයි...

එහෙන් මෙහෙන් ඒවට මේවට ඕවට වියදම් කරලා... අම්මගෙන් දෙදහක් ඉල්ලගෙන, දහයක් හදාගෙන කොල්ලා කොමර්ෂල් බෑන්ක් එකේ එකවුන්ට් එකකුත් ඕපන් කලාලු.. ඇයි ඉතින් අර අර තායිලන්තේ ටුවර් එකට කීයක් හරි එපායෑ ;)


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

106 comments:

  1. යුවරජා ට මොකටද බන් කැප් දෙකක්..??
    මොනා වුනත් කරපු වැඩ ටික නම් නියමයි.
    අපිට ඉතින් ඔය වගේ දවසක් උදාකරගන්න තව කොච්චර කල් බලන් ඉන්න වෙනවද....:/

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ... ඕනේ කිව්වා අරං දුන්නා..
      ඒ උනාට එකක් මම ගල් කරනවා ;)

      Delete
    2. ඇයි අර ගල් තොප්පි හරි මදිද?

      Delete
    3. හයිය වැඩී බං ;)

      Delete
  2. අඩේ! මගේ account නොම්බරේ එවන්නම්! කියක් හරි දාපන්කෝ බං!

    ReplyDelete
    Replies
    1. එවහන් එවහන්... බෝඩිමේ අංකලයටත් සල්ලි දාලා ආවා විතරයි

      Delete
  3. මාලිගාව වත්තල පැත්තට මාරු කරලවත්ද ? තාම ලියුම් කවරවලට සල්ලි දාලා පඩි දෙන තැන් තියනවද බන්..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා

      මු හිටපු කැලේ කොහෙද තිලකවර්ධන , ලවර්ස්

      Delete
    2. අඩේ .... මමත් තිලකවර්ධන. :)

      Delete
    3. @සෙන්නා - සිරාවටම අපිට දෙන්නේ කහ පාට ලියුම් කවරෙක දාලා.. උඩින් ස්ටෙප්ලර් කරලා..ගානයි නමයි ලියලා තියෙනවා.

      @ අටමා - හුහ්.... උඹලා විතරයි ටවුන් වල ඉන්නේ... ලවර්ස් ගිරිඋල්ලේ. පත තිලකවර්ධන එක නිට්ටඹුවේ.

      @ඩී2ටී - සිරාවට? :)

      Delete
  4. හොඳ පුතා.. ඔක්කොටොම සලකලා!! :)

    //නැට්ට කැඩිච්ච හූනයි...// :D

    ReplyDelete
    Replies
    1. හැදෙන ළමයි එහෙම තමයි! :)

      Delete
  5. හොඳ වැඩත් කොරල තියෙන්නේ ඉඳල හිටලා හරි ...

    ReplyDelete
    Replies
    1. ඉදලා හිටලා? අපි හැමදාම කලනවා :)

      Delete
  6. හෙහ් හෙහ්... භාණ්ඩාගාරය පුරවන්න වගේ ලෑස්තිය.
    මන් හිතුවේ අම්මගෙන් දෙදාහක් ඉල්ලා ගත්තේ අම්මට සෙරෙප්පු දෙකයි, යුව රජ්ජුරුවන්ට කැප් දෙකයි අරන් දෙන්ට වෙන්ටැ කියලා. එතකොට අග බිසවට? සොරි ඈ. කුමාරිකාවට? (අන්ත:පුරෙටනම් දැන්ම දෙන්ට එපා. උන්ට රුපියල ගානේ දීලා මක් කොරන්ටෙයි.)

    ..//පූසා - නැට්ට කැඩිච්ච හූනයි..//.. ඒකා හොයා ගත්තේ කොහෙන්ද බන්.

    ජය වේවා! වැඩි වැඩියෙන් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. වෙලාවට එහෙම එකෙක් නෑ බං... හිටියනං මාවත් උකස් කරන්න වෙනවා :)

      හූනා හිටියා කුස්සියේ වට්ටියක් යට

      Delete
  7. හොඳ වෙලාවට තාම කුමාරියක් සැට් වෙලා නෑ වගේ... නත්තම් පුතෝ උඹලව තියා, උඹලගෙ පඩියට මොකද උනේ කියලවත් අංජනං දේවතාවිට කියන්න බැරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි මෙකට වැටක් නොගහ මාරු වෙන්නේ

      ++++++++++

      Delete
    2. එහෙනං මෙන්න මගෙනුත්

      ++++++++++++++++++++

      Delete
  8. මමත් මගේ මුල්ම පඩිය අරන් අම්මට දීල වදිද්දි අම්මගෙයි තාත්තගෙයි ඇහේ මතුවෙච්චි හීන්කදුලු මතක් උනා බන්..

    ReplyDelete
    Replies
    1. අඩෝ..මම වැන්දේ නෑනේ බං :(

      අවුලක් නෑ... ඔලුව අත ගෑවනේ!

      Delete
  9. අපිටත් කීයක් හරි දීපන් හැමදාම මේ අටමගලෙ කියවන්න එනවට. බයි ද වේ කොල්ලුපිටියෙ හන්දියෙන් යද්දි උඹලගෙ සුරම්‍ය මාලිගාව දිහා බලල බෙල්ල උලුක් කොරන් මම මේ ඉන්නෙ .. ඒවටත් සලකපන්

    ReplyDelete
    Replies
    1. යන වෙලාවට හූවක්වත් කියහල්ලකෝ :)

      එතකොට සළකන්නම්..

      Delete
  10. අලේ...හරිනම් අපිටත් මොනා මොනා හරි දෙන්න ඕනෙ..මේ බ්ලොග් අස්සෙ රිංගනවට...හි හි හී..ගත්ත පඩියෙන් කීයක්වත් ඉතුරුද ?

    ReplyDelete
    Replies
    1. ඉතුරුයි... ඉතුරුයි... 10ක්ම ඉතුරුයි :)

      Delete
  11. විහිළුවෙන් වුවත් වටිනා යමක් කර ඇත. මගේ මුල් පඩිය මතක් වුනා. මට නම් ඒ කාලේ අගබිසවකුත් හිටියා. බැන්දෙ ෆයිනල් වලදිනේ.

    ReplyDelete
    Replies
    1. මටනං තාම නෑ.. වෙලාවට ඈ :)

      Delete
  12. ඒ මම හීනෙන් දකින්නෙත් පඩියක් ගන්න දවසක්. එත් වල් රාජෝ මට තාම ජොබ් එකක් නෑ නේ o.O

    ReplyDelete
    Replies
    1. හොයාගන්නේ නැද්ද? මෙයාල මොකටද ජොබ්... :)

      Delete
    2. ඇයි ඔය ජොබ් එකත් නරකම නෑ..

      Delete
  13. ahh niyamai niyamai malliyo.... com add ekakuth daala neda :D :v :)
    -warnaa-

    ReplyDelete
    Replies
    1. හිකිස්... පව්නේ එයාලා ;)

      Delete
  14. පඩි හම්බවුනයි කියලා ඔහොම කන්න යන්න එපා. දැනට උඹේ උස අඩි හතරකුත් අගල් ගාණනෙ...ඒ ගාණටම පළල ත් එයි.එතකොට කොහොමද ඉරට බල්ටි ගහන්නෙ....?

    මොන පිස්සු කෙළියත්....අවසාන විග්‍රහයේ දී අඩවි රජා කියන්නෙ ආදර්ශමත් තරුණයෙක් කියන්න පුළුවන්.

    ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. ඒ ඒ.. පහයි හතරයි ඈ... ;)

      ආදර්ශමත්?? ඒ කියන්නේ?

      රාජ සම්පත!!!

      Delete
  15. පුළුවන් තරම් කීය කීය හරි එකතු කරගනින්... මිනිස්සුන්ට සල්ලි නැතිවෙන්නේ හිටන්නේ නැටි වෙලාවට.. එක නෙවෙඉ, අර නැට්ට කැඩිච්ච හුඋනගේ කතාව මොකක්ද..

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් කිව්වා!!

      ඌ නිකම්ම හූනෙක් බං ;)

      Delete
  16. aththatama karapu wada tikanam niyamai dan ithin apitath cake kallakawath dunnoth thamai hoda

    ReplyDelete
  17. Replies
    1. ආ .... එයා තමා අර මඟ දිගට ලෙඩ දෙනවය කිව්වෙ, ඔය රජා ගෙදර නැති නිසා ගෙදර නිකම් තිබිල මකුළුදැල් අල්ලලය කියන්නෙ.

      Delete
    2. අයියෝ..... කවුරුවත් ඊට පස්සේ පෝස්ට් එක කියෙව්වේ නැද්ද ඈ?

      මෙන්න මේක

      Delete
    3. මට මකුළු දැල් කතාව මතක නැති උනා... හි හි

      Delete
  18. අපිට මුනවත් නැතිද ඈ..

    ReplyDelete
    Replies
    1. අපිවත් ඔය ෆැබ් එක පැත්තෙ එකකන් ගිහින් කේක් කෑල්ලක් අරන් දෙන්න(හැම ජාතියෙන්ම කෑල්ල කෑල්ල)

      Delete
  19. මාසෙකට 2500 ක් නේද වියදං කරන්න කියන්නෙ.

    අර නැට්ට කැඩිච්ච හූන කීයක් උනාද බං.

    ReplyDelete
    Replies
    1. ඌට තමා වැඩිම වියදම... 1000$ විතර ගියා

      Delete

  20. කෝ රජෝ මේකේ අන්තඃපුරේ වෙනුවෙන් කියක් වත් වෙන් කරලා නැහැ නේ

    ReplyDelete
    Replies
    1. උන්ට දෙන්න මම කාලා ඉන්න එපායෑ.. ;)

      Delete
  21. කකුල් හතරෙ කුකුල නම් මරු බං.

    උඹ හොඳ කොල්ලෙක්නේ, සතුටුයි කොල්ලො. ලස්සනම වැඩේ මචං ගෙදර සේරටම තෑගි දීල වියදම් කරල, ගෙදරින් ඊළඟ මාසෙ වියදමට සල්ලි ඉල්ලන් ආයෙ වැඩට යන එක.

    ReplyDelete
  22. හොදා හොදා ,,,උබ හොද වැඩ ටිකක් කරලා තියෙනවා මම මුණු පොතෙනුත් උබව අගය කොලා..ආච්චිට සලකපු එක ගැන ... දැන් කාලේ කොල්ලෝ වයසක උන්දළාව අමතක කරලා දාන කාලේ උබ ආච්චිට බලන එකත් ලොකු දෙයක් ...

    ReplyDelete
  23. උඹ හිත හොඳ එකෙක් කොලුවෝ
    සංතෝසයි ඉතින් බොලා වාගේ උන් ගැන
    ජය!

    ReplyDelete
  24. අඩවියේ අනිත් වැසියන්ට ආදර්ශයක් වුනු රජෙක්..!

    ReplyDelete
  25. උබ ඔහොම කලාට රජෝ, මගේ පඩිය ඉවර කරල ගෙදරිනුත් සල්ලි අරන් ජීවත් වෙන්නෙ. ජීවිතේට කාටවත් ඇදුමක් අරන්දීල නෑ.

    ඒත් සල්ලි නාස්ති කරලත් නෑ.

    කකුල් 4 කුකුලගෙ කතව නම් මරු

    ReplyDelete
    Replies
    1. හෑ....? මූව එල්ලන්න එපැයි.. :)

      Delete
  26. කෝ අපිට තෑගි..............

    ReplyDelete
  27. Ela ela rajo evva hoda weda.mab kalin job eke 1st salary eka sampurnayen viyadam kala gedarata adum ganna ahala pahala geval vala untath ekka gatta ekai okkoma viyadam une :)

    ReplyDelete
    Replies
    1. අහල පහල උන්ට මොකටද බං :)

      Delete
  28. සැප වේව!!! රාජ සම්පත් ලැබේවා!!!
    තවත් මොකටද කුකුල්ලු.. මේ වල් රජා තමා මහම කුකුළා :P

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අඩු 4 එකෙක්ලු :)

      Delete
  29. එහෙම තමයි හොඳ රජාලා. රටවැසියන්ට සලකනවා. එහෙම රජ්ජුරුවන්ට වරදින්නේ නෑ

    ReplyDelete
  30. ක්ලාස් කරලා යාන්තම් හම්බෙන ඩිංගෙන් මාත් පුලුවන් හැටියකට අම්මලාට තෑගි දුන්නා... :D අම්මටයි තාත්තාටයිත් සතුටුයි.. ඒ සතුට දැක්කාම අපිටත් සතුටුයි...රස්සාවක් කරලා පඩියක් ගන්නකම් තමා දැන් හීන බලන්නෙ.:D

    රජා වුනත් හොද වැඩක් කරලා ආඅ... සතුටුයි...

    ReplyDelete
    Replies
    1. අපි හොද ළමයි ඈ මෙහෙම හිටියට ;)

      Delete
  31. අප්පා.... එල රජෙක්නේ..... ධාර්මික කටයුතු වලටයි, ගෙදර අයටයි ඔක්කොටොම වියදම් කරලා තමන්ටත් ඉතිරි කරගෙන. ඔහොම තම ඉන්න ඕන..... :)

    හැබැයි එක දේකට මගේ බලවත් විරෝදය..... අර පුස් පැටියට විතරක් කුඩම්මාගේ සැලකිලි :(

    ReplyDelete
    Replies
    1. පූසා යනු මාගේ දැවැන්තම හතුරාය... :)

      පූස් පෝස්ට් තොගයක්ද දමා ඇත

      Delete
    2. හපොයි... ඒකත් එහෙමද...... :-/

      Delete
  32. රජා මලේ.. මුලින්ම සුභ පැතුම් ඈ....

    උඹ සිරා කොල්ලෙක්... දැන් කාලේ උන් ඉස්සෙල්ලම කරන්නේ පඩියෙන් කෑල්ලට ආතල් දෙන එක, ඊලඟට යාළුවන්ත බොන්න දෙන එක ( ඒකනම් උන්ගෙන් බේරෙන්න බැරි හින්දා ) අන්තිමට තමා ගෙදර අය .... එහෙම බැලුවහම උබ සිරා...
    ඔන්න මම උබ වෙනුවෙන් තොප්පිය ගැලෙව්ව

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටාස්.... තොප්පිත් ගැලෙව්වද? දා
      ගනින් දාගනින්.. මට ලැජ්ජයි :)

      Delete
  33. අනේ කොල්ලෝ එක රෑට පඩිය ඉවර කර ගත්තාද? මේකව රජ කලොත් අපිට බොන්න වෙන්නේ ලුණු කැඳ තමයි. D.

    ReplyDelete
    Replies
    1. දැනුත් වෙනසක් නෑ නේද සුදීක... හෙහ් හෙහ්.. රජ වරු ඔක්කොම එකයි.. ගන්න පඩි, ලෝන් ඉක්මනටම තමන්ගෙ අය අතර බෙදලා දානවා..

      Delete
    2. හත්මුතු පරම්පරාවම ගොඩ :)

      Delete
  34. කරමල් මෝදු වෙච්ච ඩෙවල් චිකන් කෑලි !!! AMMAAAAAAAAAAAAAAAAAAAAAAAAAH

    ReplyDelete
  35. පඩි ගන්නවා කියන්නෙත් පට්ට ආතල් වැඩක්නේ බන් :)
    ඔච්චර වියදම් කරන්න උඹට කීයක් හම්බ වුනාද?.

    ReplyDelete
    Replies
    1. උඹට විතරයි ගාන අහන්න මතක් උනේ... :)

      එව්වා රහස්ලු ඈ..

      Delete
  36. පූසා - නැට්ට කැඩිච්ච හූනයි...

    හිනා හිරකරගෙන කියෙව්වාට බකස් ගාලා හිනා ගියා.
    සුභ වේවා. රාජ සම්පත් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. හිකිස්... :)

      රාජ සම්පත!!!

      Delete
  37. පට්ටයි රජෝ.......හිනා කෑවා මම...දිගටම ආතල් ඒවාම ලියපන්කො රජෝ....

    ReplyDelete
    Replies
    1. හිනාත් කෑවද? :) :)

      මම කේක් දෙන්න හිටියේ.. කොහෙද ඉතින්

      Delete
  38. ඇත්ත කියපන් උඹ වැඩ කරන්නෙ පඩි තකා නේද ?

    ReplyDelete
    Replies
    1. දැන් නම් විනය තකා ලූ වැඩ කරන්නේ

      Delete
  39. මදැයි බොන්න බලන් හිටියා.

    ReplyDelete
    Replies
    1. වතුර එච්චර ගනන් නෑ තාම ;)

      Delete
  40. එල එල.. HATS OFF සිමෙන්ති රජෝ..

    ReplyDelete
    Replies
    1. අම්මට ශිරී... තව නමක්!!

      සිමෙන්ති රජා :)

      Delete
  41. කුමාරියෙක් හිටියනම් රජාට ඇඳුනුත් විකුනන්න වෙයි :p

    ඇත්තටම නැද්ද කෙලි පොඩ්ඩක් එහෙම .... (හිත ගිය)

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  42. මගේ මුල්ම පඩි දවස මතක් උනා මටත්... "_+
    මේකේ කොමෙන්ට් එකක් දාන්න ත්‍රීවීලර් එකක් අරං එන්න එපැයි අප්පා....
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. 3වීල් ඕන නෑ. ... ලිෆ්ට් එකක් අර ගන්න මෙතනින් යන්න.
      http://mytechgate.blogspot.com/2012/12/Scroll-To-Top-Button-for-Chorme.html
      රජා උදහස් වෙයිද දන් නෑ

      Delete
  43. තාම පලවෙනි පඩිය ගත්තේ නෑ...
    ගත්තට පස්සේ උබෙං උපදෙස් ගන්නං...

    ReplyDelete
  44. අඩවි රජාට නැට්ට කැඩිච්ච හූනෙකුත් ඉන්නවද ? අම්මට සිරි... රජ සැප ඇති නේ....

    ඇල්

    ReplyDelete
  45. අඩවි රජාට නැට්ට කැඩිච්ච හූනෙකුත් ඉන්නවද ? අම්මට සිරි... රජ සැප ඇති නේ....

    ReplyDelete
  46. අලේ බුදු රජෝ මටත් මොනා හරි අරන් දෙන්න..ඔයාව මතක් වෙන්නවත්..:)

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)