Wednesday, September 19, 2012

කිරිගල්පොත්තේ අභිරහස - Mystery of Kirigalpoththa


මාස ගානකින් ට්‍රිප් එකක් නොයාම හේතුවෙන් පොඩි කැසිල්ලක් වගේ එකක් අපේ එවුන්ට හැදී තිබුණි. කිරිගල්පොත්ත හෙවත් ලංකාවේ දෙවනියට උසම කන්ද නගින්න යන්න පොඩි කතාවක් ඇදුනේය. මේ අතර වැලයා උගේ කට වරද්ද ගත්තේය. ගවේශකයා ඉන්න තැන නන්පෙරියල් කතාවක් කිව්වේය. වැඩේ දෙල් උනේය. ගවේශකයාට එහෙ යන්නම ඕනේ විය. තවත් ට්‍රිප් එකක් එලෙසින් එය අපේ ඇග මත පතිත විය.

අපේ කණ්ඩායම මං රජා, ගවේෂක, නිශාන්, වැලයා සහ නාඔට්ටා සහෝදරයා විය. නාඔට්ටා අපේ කැම්පස් සගයෙක් නොවුනද රජාගේ ගෙට ඉස්සරහා අයෙකි. මිනිහා අපිත් එක්ක බතලේගල හා කලින් පාර තොටුපල කන්ද යන්න ආව නිසා අපේ උන්ව අදුරන්නේය. 

අපි සෙට් එක ට්‍රිප් එකක් ගියොත් අනිවා ඉතින් යන්නේ කෝච්චියේ බව මේ බ්ලොගේ චාරිකා සටහන් කියෝන හැමෝම දන්නා කරුණකි. 14 වෙනිදා සුපුරුදු ලෙස ලෙක්චර්ස් ඉවර වී කොටුවට ගියෙමු. ඒ නයිට් මේල් එක අල්ලා ගැනීමට සදහාය. නමුත් මෙදා පොටේ නම් අපිට කෙලඋනේය. වෙනදාට මරදානෙන් කෝච්චියට නගින්න දුන්නේ නැත. එදා ඊට ඉඩ ලබා දී තිබුනි. අපිට සෙකන්ඩ් ක්ලාස් සීට් එකක් තියා සීට් එකක සේයාවක් වත් දක්නට නොලැබුනි. 

මේ අල්ලපු වැටේ තියෙන රාගමට යන්නත් මිනිස්සු දුවගෙන ඇවිල්ලා එල්ලෙන්නේ නයිට් මේල් එකෙය. එකනං මහාම මහා කරුමයක්ය. ෆුට් බෝඩ් එකේ බඩු තොගයක් තියාගෙන අපි බිම වාඩි වී සිටියෙමු. ගවේශකයා නගින්නට නියමිතව තිබුනේ පොල්ගහවෙලින්ය. පහුවදා හවස කුඩාරම් ගැහීමට අවශ්‍ය ටෙන්ට් එක සමග බඩු තොගයක් උස්සගෙන ඌ එහෙ සිටියේය. නාඔටුවා සිනි සම්බෝල සමග පාන් ගෙනත් තිබුනේය. ලොවෙත් නැත. ෆුට් බෝඩ් එකේ ඉඳගෙනම අපි පාන් කෑවෙමු. ගවේශකයට ගෑස්ටික් කියා හෙන ලොකු ලයින් එකක් දුන් හෙයින් ඌ ඉල්ලුවද ඌට එක පාන් අංශු මාත්‍රයක් වත් නොලැබුනේය. 

ගම්පහ හරියෙදී කෝච්චිය ස්ලෝ උනේය. වෙන වෙලාවල මෙන් ‘ඩලස්...ඩලස්...‘ යන සද්දෙද ඇහෙන්නේ නැත. රේල් පාර අයිනේ ගෙවල් වල මිනිස්සු කෝච්චිය දිහා බලාගෙනය. දෙවන වතාවට කෝච්චියේ යන වැලයාට සෑහෙන පුරශ්නයකි.

වැලයා - ඇයි බං මේ හෙමින් යන්නේ?

රජා - මේ හොරෙන් බං යන්නේ... ගම්පහ මිනිස්සු ඇහැරෙනවට බයේ.

අපි ටිකට් ගත්තේ සෙකන්ඩ් ක්ලාස් උනාට අපේ බෑග් තිබුනේ තර්ඩ් ක්ලාස් පෙට්ටියේය. ෆුට් බෝඩ් එකේ සරණාගතයන් මෙන් වැටුන තැන නිදා ගෙන හිටි අපිට නානුඔයදී සීට් එකක් සෙට් විය. පාන්දර 5 වන විට අපි ඔහිය දුම්රිය ස්ථානයට සැපත් වීමට හැකි විය.  තිබුණු සීතල නම් පංකාදු පහය. කියන වචන කියවෙන්නෙත් නැද්ද මන්දාය. ස්ටේෂන් එක ඉස්සරහ කඩේ ගාමිණී අයියා අපේ යාළුවාය. ගිය පාර හෝර්ටන් තැන්නේ ආපු වෙලාවේ වෑන් එක සෙට් කරගත්තේ මෙයාගෙන්ය. උදේ පාන්දර කඩෙන් රොටි කා ප්ලේන්ටියක් ගැසුවෙමු.

මේ අතර සුදු ජෝඩුනවක් කඩේට සැපත් විය. ගවේෂකයටත් කට තියාගෙන ඉන්න බැරිය. සුදු අක්කා තේ බොනකං මූ සුද්දාව කතාවට අල්ල ගත්තේය. අපි නං හිතුවේ මූ ඇදගෙන නා ගනී කියලාය. මොකද මූ where are you? කියලා අහන්න ඕනේ එකට where are you from? කියලා අහන එකාය. වෙලාවට සුද්දටත් වැඩිය කඩ්ඩ බැරිය. තව ඩිංගෙන් ගවේශකයා එක්ක කඩු වනන්නට ගොස් සුද්දා සිංහලෙන් කතා කරන්නේය. 


ස්ටේෂන් එකේ වැසිකිලි වල පුරවා අවසන්ව ගාමිණී අයගේ අලුත් වෑන් එකේම හෝර්ටන් තැන්න බලා පිටත් උනෙමු. වෑන් එකනම් ගිය සැරේ වාගේ නැත. පට්ට සීට් ටිකක් හා කැසට් එකක්ද තිබුනි. පටන් ගත්තු වෙලාවේ ඉඳන් කන පැලෙන්න සින්දු අහගෙන ගියෙමු. යන අතර මග ගොන්නු දෙතුන් දෙනෙක්ද අපිට හමු විය.



ඕං යන්නයි හදන්නේ
ටෙන්ට් රෙද්ද හා අනවශ්‍ය බඩු බාහිරාදිය ඔෆිස් එකෙන් තැබූ අපිට නාන්න ඕනේ කරන කලමනා ටික උස්සාගෙන කිරිගල්පොත්තට යන පාරට හෙමින් සැරේ පිවිසුනෙමු. පුදන කොටම කාපී යකා කියන්නැහේ මොකෙක් හෝ සතෙකුගේ ඇටකටු ගොඩකි. ඒක දිහා එබී එබී බලමින් අපි ඉදිරියටම ඇදුනෙමු. කකුල් සූරන කටු පදුරු අස්සෙන් අපි ඉදිරියටම ඇදුනෙමු. තැනිතලා බිම් තීරුවක් ඔස්සේ යන අතරමග අපිට කුඩා දිය පහරක් හමුවිය. ඒ බෙලිහුල් ඔයේ ආරම්භයයි. ආපසු එද්දි මෙතනින් නාන්නට කතිකා කර ගනිමින් කන්ද සොයා ඇදුනෙමු. ටිකක් එහාට යනවිට හද්ද මහන්සියක් දැනෙන්නට විය. ගෙනාපු චොකලට් කෑමට තීරණය කළෙමු. ලොකු චොකලට් එක බැගින් එක එකා අතරේ බෙදුනේය. පොටෝ එකකකුත් ගැසුවේය. එක වරම ගවේශකයා,

අඩෝ තව දුර යන්න ඕනේ ඕක තියාගනිල්ලා.... පොඩි එක කමු...

නැවතත් පොඩි චොකලට් ටික බෙදා ගත අපි ඒවා රසවින්දෙමු. මේ අතර මම රජාගේ කට ටිකක් ඇවිස්සුනේය.

මේවට තමා බං කියන්නේ අක්කා පෙන්නලා නංගි දෙනවා කියලා....

කෑවේ පොඩි එකනේ..
චොකලට් එක කා අවසන් වූ අපි නැවතත් ගමනේ යෙදෙන්නට විය. එක වරම මැදින් ගමන් කල මාගේ දෙනෙතට අමුතු පා සටහනක් දර්ශනය විය. පූසෙකුගේ අඩියට බොහෝ සමානය. මහඑළියේ මොන පූසොද? මට ටිකෙන් ටික වැටහෙනවාත් සමගම කටහඩ එලියට පැන්නේය. 

අඩෝ...මෙන්න කොටි අඩියක්....

මට ඉරිදියෙන් ගමන් කල උන් හා පසුපසින් ආ උන් ඉද්ද ගැහුවාක් මෙන් එක තැන නතර විය.පොටෝ කිහිපයක්ද සට පට ගා වැදුනි. නැවතත් ගමන සුපුරුදු පරිදි ඇරඹුවද කට්ටිය වට පිට කැලේ දෙපස බලන ප්‍රතිශතය වැඩි අගයක් ගෙන තිබුණි. ඇතැම් විට කොටියා සෙව්වාද විය හැකිය.


කොටි අඩිය
කලින් දවස් වල වැස්සක් නොමැති වීම හේතුවෙන් ගමන් මාර්ගයේ මඩ ගතිය සෑහෙන දුරකට අඩුව තිබුනි. නමුත් ඇතැම් ස්ථාන වල අඩිය තබන විට තණකොළ අස්සෙන වතුර මතු වෙන්නේය. කන්දක් කීවාට එය ඉහලටම වූ ආනත තලයක් දිගේ යාමට තිබ්බේ නැත. අංශක 40 කෝණයෙන් ඉහලට ගොස් නැවතත් අංශක 40න් පල්ලම් බැසීමටද තිබුනේය. කඳු නගින ස්ථාන වල නම් සෑහෙන මහන්සිය. අපි ඉඳගෙන ගිමන් නිව්වෙමු. ඒ අතර ගවේෂකයාගේ පඩි ටෝකය.


මොකද්ද බන්? කෙල්ලොත් නගිනවා මේක...

හති අරිමින් කන්ද නගිමින් සිටි වැලයාට තද විය.

කෙල්ලේ නගිනවා??? කෙල්ලෝ නගිනවා අපේ ඇග උඩ...

ගවේශකයට කට උත්තර නැත. 


කන්දට දුර කිලෝ මීටර් 7යි කීවාට එය තරමක් මහන්සි ගෙන දෙන්නක් විය. අපිට ඒ ටික යාමට පැය 2කට ආසන්න කාලයක් ගත වී තිබුණි. 

හෙමින් හෙමින් ගාටමින් කන්ද උඩට පැමිණියෙමු. තව චුට්ටක් ඉදිරියට යාමට ඇත. ඒ වන විට පහල කිසිම දෙයක් පෙනුනේ නැත. දැඩි මීදුම් සහිත කාලගුණයක් විය. අපි ටික වෙලාවක් එතන රැදී සිටියෙමු. වැඩේ හරියන්නේ නැත. අඩු වෙන පාටක් නැත. කන්ද මුදුනටම යන්නට හැරුනෙමු. වැලයට යන්න බයයි යැයි කන් කෙදිරි ගන්නට විය. බොරු මොකටද මමත් හිටියේ බයෙන්ය. අඩියක් පමණ වූ ඒ අඩි පාර දිගේ යාමට තිබුණි. එහා පැත්තේ හෙළය. දල බෑවුමය. බැරි වෙලා හෝ කකුල ලෙස්සා වැටුනා නම් මේ ලිපිය ලියන වෙලාවෙත් අපි තාම පහලට වෙටෙන්නේය.

වැටුනනං තාම වැටෙනවා
කැලේ පැත්තට බර වෙමින් සිහින් බිම් තීරුව තරණය කළෙමු. අයියෝ කිරි ගලය. කැලේ මැද්දෙන් පාරක් තියෙන්නේය. මම රජා ආපසු කැලේ පාරෙන් වැලයා ඉන්න තැනට ගොස් ඌවද කැන්දාගෙන කන්දේ මුදුනටම ගියේය. මුදුනේ තිබුනේ පොඩි පිට්ටනියක්ය. වට පිටාව හරි ලස්සනට පෙනෙන්නේය. 

ටික වෙලාවක් සිටින විට මිදුම සම්පුර්ණයෙන් පහව ගියේය. මුළු පළාතම පෙන්නේනට ගත්තේය. පාරසරික සුන්දරත්වය පොටෝ වලට එක පිට එක නැගෙන්නට විය. අහස නිල පාටින් බබලන්නට විය. එත් සමගම රොකට් එකක් ඇදී ගියේය, වෙනදාට වඩා ලගින්ය. මොකද අපි දැන් ඉන්නේ ලංකාවේ දෙවනියට උසම කන්දේය. රොකට්ටුව අහසේ ඇඳි සුදු ඉරෙන් අහස දෙබෑ විය. 

කිරිගල්පොත්ත කන්ද මුදූනෙම
ගහන්න පුළුවන් හැම විදිහකටම වගේ පොටෝ ගැසූ අපි නැවත ප්‍රදාන ගේට්ටුව කරා ඇදුනෙමු. මං රජාට අතිශය දරුණු බෝකක් සෙට් විය. ඇත්තම කියන්නෙමි. අනිත් උන්ට හැමදාම මඩ ගහන එකත් හරි නැත. මෙදා සැරේ මට මඩ ගැසිය හැකි පොටෝ උන් ගාවය. බොහොම අමාරුවෙන් බෙලිහුල් ඔය ලඟට ආවෙමි. අනිත් උන් නාන්න ලෑස්ති වෙනකන් මම මල් ගහකට පොහොර ටිකක් දමා ආවෙමි. හම්මේ දැනුනු සනීපෙ නම් පංකාදු පහය. 

දනිස්ස ගාවට වතුර තිබූ වලේ බුදියගෙන අපි නෑවෙමු. එකක් නං ටක්කෙටම සුවර්ය. ඒ වලේ වතුර ෆ්රිජ් එකේ වතුර වලට වඩා ලොවෙත් සීතලය. තිබ්බ මහන්සිය කොහෙන් ගියාද නැත. වෙඩි තිබ්බ ගෝන රැලක් මෙන් අපි කෙලින්ම පිවිසුම් දොරටුවට පියමැන්නෙමු. 


කුඩාරම ඇටවීම සදහා කදවුරු බිම 3 බලා අපි ගියෙමු. චිමිනි පොකුණ ආසන්නයේම එය පිහිටා තිබුණි. පට්ට පො එකක්ය. වටේටම කඳු පන්තියය. පැත්තකින් පොකුණය. පිටිපස්සෙන් වැසිකිලියය. හෙමින් හෙමින් කුඩාරම දිග ඇරගෙන අටවන්න පටන් ගත්තෙමු. ගවේශකයා වැඩකරු වගේ ඒක උස්සන් ආවාට හරියක් ෆික්ස් කරගන්න ඌද දන්නෙ නැත. කුනුම කුණු ගේමක් දී කුඩාරම අටවා ගත්තෙමු. එක වරක හුළගට කුඩාරමේ යකඩ බට කඩාගෙන ගියේය. නැවතත් මුල ඉඳන් හැදුවෙමු. මෙවර ගහකට මුවා කර කුඩාරම ගැසුවේ හුලගෙන් බේරෙන්නය. 


කූඩාරම් කෑල්ල
හැමෝටම වගේ බොක සෙට්ව තිබුනේය. තිබ්බ වැසිකිලියටත් වතුර පහසුකම් නැත. වතුර ගත්තේ චිමිනි පොකුණෙන්ය. ඒ මදිවට වතුර බහින්නෙත් නැත. වැලයා පලමුව ගියේය.

අඩෝ වතුර බහින්නේ නෑ බං...

නිශා - සිරාවට??? එහෙනං මම මේක පිටිපස්සට යනවා. උඹලා එන්න එහෙම නෑ..

රජා - මම දකුණු පැත්තේ.. ඕං ඒක බුක් ඈ

පැත්තෙන් කීවට පැත්තකට යන්න සිත දුන්නේ නැත. ඇස් දෙක වහගෙන ගිහින් උඩින් දමා ආවෙමි. ඒ මදිවට අරං ආපු වතුර එකේ මාළු පැටියෙක්ය. හුලං පාරේ සැරට ලැට් එකේ දොර වැහෙන්නෙත් නැත. හෝද ගත්තේ මාරුවෙන් මාරුවටය. තත්පරයක් දොර වහනවා. තත්පරයක් හෝදනවා.




ක්‍රමයෙන් රාත්‍රිය උදාවිය. සීතලද එන්න එන්නම වැඩි වෙන්නේය. අපි පාන් එක්ක බටර් කා නින්දට වැටුනෙමු. මල හත්තිලව්වය... හුළගේ දිශාව වෙනස් වී ඇත. දැන් හුලං එන්නේ අනිත් පැත්තෙන්ය කුඩාරමට හුලන් බදන්නේය. හුළගට යන්න ඔන්න මෙන්නය. ඒ අස්සේ වහින්නේය. ටෙන්ට් රෙද්ද තෙත බරිත් වී ඇතුලට වතුර ලීක් වෙන්න ගත්තේය. එක වරම හුලග නවතින්නේය. නැවත හොල්මනක් මෙන් සද්ද කරගෙන අපේ කුඩාරම විසි කරන්නට ආවේය. සිහින් එළියකින් කුඩාරම ඇතුලේ සීතලට ගුලි වෙමින්, හුළගට යන්න නොදී මේ අටමගලය අල්ල ගෙන සිටි අපේ හිත් වලට බයක් දැනී තිබුනේය, එක එකා ඒවා කියන්නේ උදේ එලිය වැටුනාට පසුවය.


මම රජා, නාඔටුවා - අඩෝ මම හිතුවේ ගෝන්නු ඇවිල්ල කුඩාරම වටේ කැරකෙනවා කියල බං. ඇයි යකෝ බලපන්කො ආපු සද්ද.

ගවේශකයා, වැලයා - අපි හිතුවේ කොටියෙක් ඇවිල්ල ටෙන්ට් එක සුරනවා කියල යකෝ...


නිශාන් - ඌ මොකුත් කිව්වේ නැත. අපි වැස්සේ කුඩාරම අල්ලන් සිටියේය. මූ හෙන සද්දෙට ගොරෝ ගොරෝ සැපට නිදිය. උගේ සද්දෙට වැරදිලා හරි ආපු කොටියෙක් හිටියනම් ඌ ලොවෙත් බය වෙනවාය. 



තැන තැනින් එකතු කලාම පැයක පමණ නින්දකින් පසුව අපි උදේ අවදි උනෙමු. අපේ අදහස උනේ ලෝකාන්තය නන්පේරියල් හරහා බෙලිහුල්ඔයට බැසීමටය. පාර තහනම් කර ඇත. අපි හතර දෙනාගේ දැඩි අකමැත්ත ඊට ප්‍රකාශ විය. ගවේශකයා දනින් වැටී යදින්නට විය. සියලු වගකීම් ඌ භාර ගන්නවා කියන පොරොන්දුව මත හා උගේ දුක ඉවසන්න බැරීම තැන අපි ලෝකාන්තය බලා පිටත් උනෙමු. 


ඕ යෑහ්...!!!


නන්පෙරියල් ගමන කොහොමද?

අපිව වන ජීවී එකට අහු වෙයිද?

උන් අපිට දඩ ගහයිද?

ශේප් කර ගන්න පුළුවන් වෙයිද?

අපිට කැලේ ඇතුලේ පාර වැරදෙයිද?



ගමනේ දෙවැනි දවස තව ටික දවසකින්

දෙවනි දවස මෙතනින්


පළමු දවසේ අතිශය සම්භාව්‍ය, පාරසරික සුන්දරත්වය රැගත් පොටෝ ඇල්බමය මෙතනින්...

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

107 comments:

  1. කිව්වත් වගේ අද උබේ කුජීත පොටෝ ගැහිල්ල නෑ තමා.. අනේ වෙන එකෙක් හරි දාපල්ලකෝ රජාගේ චා මැක්ස් ෆොටෝ ටිකක්

    ReplyDelete
    Replies
    1. අප්පේ තියනවා... එකක්වත් දැම්මේ නෑ :)

      හා හා... කට කට...
      මට දරුණුවටම මඩ ගහන්න පුළුවන් ඒවා උන් ගාව තියෙනවා :)

      Delete
    2. ගවේෂකට කිව්වා නම් දායි නේ.. කියලා බලන්න ඕනේ..

      මරු ලිපිය.. ආසාවෙන් කියෙව්වා.. ජය වේවා..

      Delete
  2. එල ගමනකි. වතුර එකේ හිටිය මාලු පැටියා පව්ය. ;P

    ReplyDelete
    Replies
    1. එක්කෝ ඌ මගේ බඩේය.. නැත්තන් වලේය..

      Delete
  3. mona huttakda bn me..

    ReplyDelete
    Replies
    1. උබ හු**වල් දැකලා නැද්ද? නැත්නම් උබේ ඇස් පේන්නේ නැද්ද? පො** ඇනෝ මේක උබට රෙ** ලැට් එකක් නෙමෙයි...

      Delete
    2. @ඇනෝ - උඔ ආසාවකටවත් වැලක් බලලා නැද්ද බං..?

      Delete
  4. ලංකාවේ සුන්දර ස්ථාන වනසන රජා ඇතුළු මේ සෙට් එක හෙලා දකිමු!ගිය තැන බොකනේ බං!

    ReplyDelete
    Replies
    1. හෙලෙන් පේනවා තව චුට්ටෙන්... වැටුනනං එහෙම :)

      යකෝ දවස් 3ක් බොක නොදා ඉන්නද කියන්නේ?

      Delete
  5. යන යන තැන මොනා හරි වෙනවනේ මෙයාලට :ඩී

    ReplyDelete
    Replies
    1. තව වෙච්ච සීන් ගොඩා......යි

      ඒවා අනිත් පෝස්ටුවෙන් :)

      Delete
  6. මේ ගමන හරිම සිරා ගමනක්.. ඔය කාලේ ගියොත් මිස ආයේ යනවා බොරු මල්ලි... මමත් දවස් පහක් තිස්සේ ඔය ගමන ගියා... ඊලඟට යන්න මල්ලි කුරුවිට පැත්තෙන් අවාරේ සිරීපාදේ..

    අනිත් එක ඔය උඩ තියෙන්නේ දිවි අඩියක් නෙවෙයි... හේතු දෙකක් උඩ...

    1. දිවියාට ඇඟිලි හතරයි...

    2. දිවියගේ එක අඩියක් තියෙන්නේ නෑ.. එක ලඟ අඩි දෙකක් තියෙනවා... ඒත් මේ ගැන තව ටිකක් හොයන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඇගිලි 4ක් තියෙන පා සටහන් තියෙන පොටෝ තියනවා අයියේ. ඒත් එක ලග කකුල් දෙකක් නං තිබ්බේ නෑ..

      ඒ ළගින්ම වගේ ගෝනෙකුගේ වෙන්න පුළුවන් කුර අඩිත් තිබ්බා... සමහර විට පස්සෙන් එලෙව්වද දන්නෙත් නෑ. ඒකනේ ටිකක් ගැඹුරට අඩිය වැදිලා තියෙන්නේ.

      Delete
  7. නියමයි රජෝ..ඒත් උබේ මඩ පොටෝස් නැතුව නිකන් මොකක්ද මොකක්ද වගේ බන්..ඊලග එකට දාපන් හරිය...නැත්නන් නිකන් සීනි නැතුව තේ බිව්වා වගේ බන්...
    ගවේෂකගේ නිල චාරිකා සටහන ලගදීම බලාපොරොත්තුවන්න..

    ReplyDelete
    Replies
    1. දාමු දාමු.... :)

      ඕවා දාලා උඹලා මට ආපහු මඩ එවයිද දන්නේ නෑ

      Delete
  8. පට්ට ආතල් රජෝ.
    ඉඳපන් අෆිත් ගිහින් බලන්නම් ඔය රූට් එකේම ... පුළුවන් නම් පොඩි මැප් කෑල්ලකුත් දාහන් ...:D

    ReplyDelete
    Replies
    1. ගවේශකයා දායි... ඒකෙන් බලා ගන්න පුළුවන් මම ලින්කුව දාන්නම් :)

      Delete
    2. වැඩි විස්තර මෙතනින් ගන්න http://yanaenaten.blogspot.com/2012/09/blog-post_20.html

      Delete
  9. අඩේ... ෂෝයි අනේ... මං පනුච්චිත් යනවා ඔහොම ගමනක්... අනිත් එකත් ඉක්මනටම දාන්නෝ...

    ReplyDelete
    Replies
    1. හෑ...? පණුවෝ කදු බඩගානවද? :)

      එල එල...

      Delete
  10. නාඔඕටාට බලල් පවුලේ නෑදෑකම් තියනවා ඒක හින්දා ඌ යන තැන්වල එක්ක යන්න
    රාජ සම්පත් ලැබේවා

    ReplyDelete
  11. ඔය පැත්තේ හොල්මන් තියනවලු.. බලාගෙන පලයල්ලා..:))

    මරු ආතල් ට්‍රිප් එක බං.. රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පච නොකියා හිටහන්... ආතල් එකේ හොදම හරිය ඉස්සරහට :)

      Delete
  12. මෙන්න ඇනෝ එක ගහලා :)

    ReplyDelete
  13. අඩෝ ඔහිය ස්ටේෂන් එක ඉස්සරහ කඩේ එකාව නම් මතක් කරන්න එපා.සැරයක් අපි ට්‍රිප් එකක් ගිහින් නවතින්න තැනක් සෙට් කරලා දෙන්න කිව්වම පොරස් එට්‌ කරේ රේල්ලුවේ වැඩ කරන එකෙක්.උ දුන්නේ අපිට රේල්වේ ක්වාර්ටස් එකක්.එකේ ගිය දොළොස් දෙනා නිදා ගත්තම හරියට පාට පැන්සල් පෙට්ටියක පැන්සල් තියනවා වගේ කාමරේම පිරුනා.කොහොමද ආතල් එක ගෙදරින් ගෙනියපු බෙඩ් ශීට් දාගෙන පට්ට ඔහි හීතලේ ඉන්නකොට.

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹ කියන්නේ බෙඩ්ශීට් විතරක් පොරෝගෙන තැන්න ඇතුලේ ඉන්නකොට කොහොමද කියහන්කෝ ආතල් එක... මතක් වෙනකොටත් ගැහෙනවා :)

      Delete
    2. බෙඩ් ෂීට්??? යකෝ මට තිබ්බේ ඇදන් හිටය සරම විතරයි..වැඩිදුරටත් කිව්වොත් ඇදන් හිටියෙත් සරම විතරයි :P:P..

      Delete
  14. රජා සුපිරි ගමනක්. මේවා ජීවිතේ ලබන්න හැකි පින් කරපු උන්ට විතරයි.

    ReplyDelete
  15. අභීත කිව්ව වගේ ඊලඟට කුරුවිට පැත්තෙන් අවාරේ සිරීපාදෙ යන්න, යන්න කලින් මට කියන්න සිරා ඩයල් එකක් සෙට් කරන්නම් සිරිපා හිමේ අඟලක් නෑර දන්න.
    මටත් හිතෙන්නේ මේ දිවියා නෙමේ කියලා. කොහොම හරි කොලු කාලේ ඔහොම දෙයක් නොකලොත් ඒ කොලුකමෙන් වැඩක් නැහ. පරිස්සමින් යන්න තව බොහොම දේවල් තියනවා බලා ගන්න.

    ReplyDelete
    Replies
    1. කුරුවිටෙන් සිරිපා කරුණාව - ලස්සනම ලස්සන වගේම දුෂ්කරම ගමනක්. මට මතක හැටියට උඩමලුවටම 14km වගේ දුරක් යන්න තියෙනවා.

      Delete
    2. @වෙද සර්: නියමයි!!!

      @විසිතුරු: අපි දුෂ්කර 30km ඇවිද්දා... කකුල් නෑ :)

      වෙලාවක යන්න ඕනේ බලන්න...

      Delete
  16. hodai hodai ube ada moda jork nam adu wela.. good post raja :)

    ReplyDelete
  17. අඩේ මරු ට්‍රිප් එකක් නෙව... එල එල !
    මටත් යන්ඩ ආස හිතුනා !

    ReplyDelete
  18. බොලත් දැන් සර් ලොකු හෝම්ස් වගේ නේ
    පා සටහන් ගැන එහෙම විමසිල්ලෙන් නේ

    ReplyDelete
    Replies
    1. අපි දැන් සම්භාව්‍යයයිනේ :)

      Delete
  19. කිරිගල්පොත්තේ අභිරහස් චාරිකා අංක එක............. රජා ඇන්ඩ් ද ක්ලැන් සමගින්..

    ReplyDelete
  20. ඇත්තටම මේ පාර මඩ අඩුයි තමා මට පේන්නේ රජා බය වෙලා පින්තූරනම් කලින්ම බැලුවා ඇත්තටම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අරුං මට මඩ ගැහුවොත් එහෙම... :)

      Delete
  21. හික්..එල..එල.. ඉතිරි ටිකත් බලමුකෝ

    ReplyDelete
  22. හැක හැක හැක.. රජාලා අහුවෙන්නමයි ඕනේ.

    ReplyDelete
  23. මට මැවිලා පෙනුනා රජා අර හෙලෙන් පහලට රෝල් වෙලා රෝල් වෙලා රෝල් වෙලා යනවා... හි හි...
    ෂික්... හැමදාම ‌මේ වගේ පෝස්ට් එකක් දැක්කාම කියන එකත් කියන්නම්.. නැත්තම් නිකම් හරි නෑ වගේ...
    මේ වගේ ගමන් ඉතිං කොල්ලන්ට විතරනේ කැප..
    ‌මේ කරුම රටේ කෙල්ලෙක් වෙලා ඉපදුන කරුමේ තමයි.... තාම කොහෙවත් ගිහිල්ලා නෑ....

    ReplyDelete
  24. කොටියෙක් හිටියනං බොලාලැයි බොක ගඳට පැත්ත පළතෙවත් එන එකක් නැත.

    ගමනනං පුල් ආතල් වගේ පෙනේ.

    ReplyDelete
  25. සිරාවටම මෙන්න මෙයා සම්භාව්‍ය වෙලා........

    ගවේශක මල්ලි නම් පින් සිද්ද කරගන්නව මෙයාලට රට පෙන්නල

    ReplyDelete
    Replies
    1. ඌ අපිට පින් දෙන්න ඕනා මෙවයේ යන්න එනවට... නැත්තන් ඌ තනියම යන්නයෑ?

      අපි වගේ මොංගල් ඩයල් නොවෙන්න, මොලේ හොද එකෙක් මේ වගේ යයිද? :)

      Delete
  26. 'මේ හොරෙන් බං යන්නේ... ගම්පහ මිනිස්සු ඇහැරෙනවට බයේ.'

    බුවඃ හඃ හඃ හා.......................හී හී..
    හොඳා.........යි :)
    ඉරිසියා............යි :)

    රජාට ජය :)

    ReplyDelete
  27. . බැරි වෙලා හෝ කකුල ලෙස්සා වැටුනා නම් මේ ලිපිය ලියන වෙලාවෙත් අපි තාම පහලට වෙටෙන්නේය


    ඈ ඒ කියන්නෙ රජා පහලට වැටෙන්නෙත් පොස්ට් එක ක්ඔට කොටද ඈ :/

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ බං...

      පෝස්ට් එක??? :(

      Delete
  28. හි හි ඉතුරු ටිකත් බලමු රජෝ ජය වේවා!!http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න අපිත් ආවෝ...

      රාජ සම්පත!!!

      Delete
  29. බොක නම් මරුය දාපු තැන කැතය රජාගේ ෆොටෝ ටික අවශ්‍යය ගවේෂක ඉක්මනට දාපියෝ.............

    ReplyDelete
    Replies
    1. ඒවා හදේ තමා... පොටෝ නං දෙයි :)

      Delete
  30. ඈ රජෝ වැලය ගේ ඇඟ උඩ කෙල්ලෙක් නැග්ගය්.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං... ඌ තමා කියන්නේ :)

      Delete
  31. රන් ගොජෝ දැන ගන්
    අඩවියට වෙලා ඉන්නේ නැතුව කරක් ගහන්ට යනවට හොඳ පාඩම.. විඳවපන්..
    අර මාළු පැටියා පව්ය..
    අඩේ එහෙම කිව්වට මරු ට්‍රිප් එකනේ.. මටත් ආස හිතුන සෙට් වෙලා යන්න

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරා බං.... ඒත් කකුල් දෙක පරිස්සන් කරගනින්..

      Delete
  32. බොට කොහෙ ගියත් සුදු අක්කල සෙට් වෙන එකයි අවුල..

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ.... මේ පාරත් සෙට්නේ :)

      Delete
  33. ඉතුරු ටික ඉක්මනට දාපන් මගේ රජෝ...

    ReplyDelete
  34. me kiyala thiyena eka nam hariyata hari appa..
    "රාජ අවවාදයයි!
    දවස් 2ක් එකදිගට පැමිණීමෙන් ඇබ්බැහි විය හැක."
    abbahi wuna nennam...
    rajata jaya...

    ReplyDelete
    Replies
    1. හෙහ්... මම රට වැසියන්ට බොරු අවවාද දෙන්නේ නෑනේ :)

      Delete
  35. හැබෑට උඹට අසනීපයක්වත්ද බං, මේ වැඩිය කුණුහබ්බ මොකුත් නැත්තෙ? නැත්නං අම්ම උමව ෆෝමැට් කලාද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ලාවට උණ ගතියක් තිබ්බා සීතලට :)

      Delete
  36. ලොවෙත් නැති හීතල ..අම්මෝ මතක්කොරන්න එපා...!!
    අඩෝ පොටෝ ටික දාපන් බං..!!

    ReplyDelete
    Replies
    1. පොටෝ ඔක්කොම අන්න බුකියේ...

      Delete
  37. රෑ කූඩාරම ගහන් යන්න තරම් හුළඟ කිව්වම මට මතක් වුනේ අර ෂර්ලොක් හෝම්සුයි වොට්සනුයි හිටපු කූඩාරම හොරු අරගත්ත සීන් කෝන් එකක් ගැන කියන ජෝක් කතාව.

    මෙහෙම යන එකෙත් ජොලියක් තියෙනව, ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මචං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... උඹලටත් මතක් වෙන ඒවා ඈ :)

      Delete
  38. එක එකාට පේළියට බොක සෙට් වුනේ කෂ්ටිය මගදි තෝසෙ වත් කෑවද මන්දා...

    ReplyDelete
  39. මුන්ට කන්දක් පෙන්නන්න බැහැනේ :P

    ReplyDelete
  40. අද මොකෝ බං මූණු ඔරිජිනල්ම දාලා.. :)

    ReplyDelete
    Replies
    1. හංගලා ගැහිලි නෑ මේ පාර :)

      Delete
  41. මේ රජා යාළුවා.. ඉස්සරනම් ෆීඩ් වල අව අලුට් එව්වා.දැන් එන්නේ නැද්ද මන්ද.ගොඩක් පොස්ට් මට මග අරිලානේ.ඒ.1 වෙනි පින්තුරේ මාරු අන්ග්ලේ එක.ලස්සනය්

    ReplyDelete
    Replies
    1. මමත් ආසම පොටෝවක් ඒක :)

      Delete
  42. මොන පිස්සු කෙළියත් රජෝ ඔබ වහන්සේලා කරන මේ වැඩේ බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. :)

      ස්තූතියි!!!

      රාජ සම්පත!!!

      Delete
  43. අඩේ එතකොට ගියේ මොක්කුද? //යන අතර මග ගොන්නු දෙතුන් දෙනෙක්ද අපිට හමු විය.//‍ :D :D :D :D :D LoL

    අලේ ඔයාලනම් මාර ලකී අෆ්ෆා එල එල නියමයි ආ............................. :)
    ඉතිරියත් ඉත්මනටම දාන්නෝ :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හූ......

      එල එල දාන්නම්කෝ :)

      Delete
  44. රජ ගමනක් ගොහින් තියෙන්නෙ. හොඳා.... හොඳා.... ආසාවෙන් කියෙවුව. රජට ජය!!!

    ReplyDelete
  45. //මේ අල්ලපු වැටේ තියෙන රාගමට යන්නත් මිනිස්සු දුවගෙන ඇවිල්ලා එල්ලෙන්නේ නයිට් මේල් එකෙය. එකනං මහාම මහා කරුමයක්ය//

    ඇ-කෝ අපි යන්නේ අහවල් එකේද

    මේ ඒක නෙමෙයි ආයේ කවදා හරි හෝට්රන් තැන්නට යනවානං ඔහිය ඉස්ටේසම ලගින් රේල් පාරට ඇවිත් කොළඹ පැත්තට ඇවිත් හම්බෙන පළවෙනි බිම්ගෙය ලගින් උඩට නැගලා එතන තියන අඩිපාර දිගේ උඩට නැගලා පලයං, පට්ට ආතල් .

    ඇවිදගෙන ගිහිල්ලා එක පාරටම හිතන්නේ නැති වේලාවක පදුරක් අතරින් හෝට්රන් තැන්නට අඩිය තියන කොට ඇතිවෙන හැගිම කියලා නිම කරන්න බැ.

    මතක් කරලා අරවා එකක් එක්ක පත්තු කරන පැකට් එකක් සහ කිලෝ එකේ මුරුක්කු පැකට් එකක් අරගන පලයන් මල්ලි

    ReplyDelete
    Replies
    1. සිරාවට????? යන්න ඕනේ එහෙනං වෙලාවක

      //මතක් කරලා අරවා එකක් එක්ක පත්තු කරන පැකට් එකක් සහ කිලෝ එකේ මුරුක්කු පැකට් එකක් අරගන පලයන් මල්ලි// ඒ කියන්නේ පොඩ්ඩ දුරයි වගේ... :)

      Delete
  46. මාත් ඕක නැගලා ඊයෙ ගෙදර ආවේ!කකුල් තාම රිදෙනවා..අපි එන්ට්‍රන්ස් එකට යද්දි හවස 6 පහු උනා.ඇතුලට යන්න දෙන්න බෑ කිව්වා.බුක් කරපු කෑම්ප් සයිට් එක අපරාදේ! අන්තිමට ඊට ටිකක් පල්ලෙහාට බැහැලා කැලයක් ඇතුලේ දිය පාරක් ලඟ ටෙන්ට් එක ගැහුවා! බයේ හිටියේ මොන වගේ තැනක්ද කියලා දන්නේ නැති නිසා.ගිනි මැලයක් ගහපු නිසා හීතල ශේප් උනා.ඇතුලෙ නම් ඉතින් ඔය සෙල්ලම් බැහැනේ!

    ReplyDelete
    Replies
    1. කොහොමද? පිස්සු වගේ නෙහ්?

      අපි පස්සේ දවසේ ගිය දුර.... හාපෝ.. :(

      Delete
    2. අපි තාම ප්‍රාථමිකයෝ බං..ඔය ගමන් ගැන හරියට දන්න එකෙක් හිටියේ නෑ සෙට් එකේ! කියෝලා තිබ්බ නිසා එහෙන් මෙහෙන් හොයාගෙන ගියා!කොහොමද බං පැය දෙකෙන් නැග්ගේ! :D අපි නගිද්දි පැයදෙකේ කෑලිත් නෑ!

      Delete
  47. රජෝ තෝ මෙව්වා දාල අපිට කදු නගින්න තියෙන ආසාව වැඩි කරනවා ඕයි :/

    ReplyDelete
  48. ඉතුරු ටිකත් බලමු රජෝ

    ReplyDelete
  49. ඉරිසියා හිතෙන විදිහට ලියලා...............මරේ මරු.

    ReplyDelete
  50. මැක්සා මචං..සුපිරි

    ReplyDelete
  51. අඩෝ අර මාළු පැටියා පවු බං....

    ReplyDelete
  52. වැඩි වැඩියෙන් ට්‍රිප් යන්ට වාසනාව සක්තිය ලැබේවා ඈ

    ReplyDelete
  53. ඈ බං රජෝ, ඉංජෙක් නේද? civil eng උනාට අනික් එව්වා ගැනත් පොඩ්ඩක් හරි දැනගනිල්ලාකෝ රජෝ. ඔය අහස දෙබෑ වෙන්න ඉරි අඳින එව්වා rocket නෙවි බං, අර passengersලා ද මොක්කුද පටවානෙ යන airliner jet (Boing, Airbus වගේ එව්වා) ගොඩක් (ගොඩා....ක්) උඩින් යනකොට ඒකෙන් පිටවෙන වාතෙ ගන වෙලා.... නෑනෑ burnt air, සීතලට solidify වෙලා තමයි එහෙම පේන්නෙ.......

    ReplyDelete
  54. අඩෝ පට්ට ට්‍රිප් එක... පට්ටම ගතියට ලියල තියෙනව... අපිත් ගියා.... මෙන්න මේකත් බලපන්කො...
    http://jeevithayasundharai.blogspot.com/2012/12/blog-post_13.html

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)