ආඬි හත් දෙනාගේ කැඳ හැලිය. හැමෝම දන්නා ප්‍රස්තා පිරුලක්නේ. මේක අපි එසයින්මන්ට් කරන
විදිහට පට්ට සම්බන්දයි. සිරාවට මේ පිරුළ හදලා තියෙන්නෙ අපේ උන්ටම තමා. ඔක්කොටම කලින් මතක් කර ගම්මුකො සිරා කැඳ හැලියේ කතාව.
මෙන්න මෙහෙමයි...
ආඩි හත්දෙනෙක් අම්බලමක දී එකතු වූහ.
ඔවුහු රාත්‍රී ආහාරය
සඳහා කැඳක් පිළියෙල කිරීමට තීරණය කළෝය.
“හැම දෙනාම හාල් මිට මිට දාලා කැඳ
හදමු..” එක් කෙනෙක්
යෝජනා කළේය. ඊට සියල්ලෝම එකඟ වූහ. “අනිත් හයදෙනාගේ හාල් වලින් කැඳ හැදෙනවනෙ. මම
එයින් ටිකක් බොනව,මගේ හාල්මිට ඉතිරි
කර ගන්නව” හත්දෙනාම මෙසේ
සිතා හාල්මිට මුට්ටියට දමන බව පෙන්වා ආපසු ගත්තෝය.
අවසානයේදී හැමදෙනාටම
උණු වතුර බී නිදාගැනීමට සිදුවිය.
__________________________________________________________________________________________________________
හරි එක දැන් එහෙම ඉවර උනානේ. මෙන්න මෙහෙමයි අපේ කැද හැලියේ කතාව.
ඔන්න එකමත් එක රටක කැම්පස් එකක් වගේ එකක් තිබුනලු.....
එකේ සිවිල් ඉන්ජිනීයරින්ග් ඉගෙන ගන්න ආඩියෝ 68 දෙනෙක් හිටියලු.....
උන් නං මෙලෝ රහක් නැතිලු....
දවසක් ඇනලටිකල් මෙතොඩ්ස් කියලා සබ්ජෙට්ටුවක් උගන්නන්න නුවර පැත්තේ ඉඳන් පට්ට
ලස්සන හීන්දෑරී මිස් කෙනෙක් ආවලු....
එය පේරා ග්රැජුඒට් කෙනෙක් කියලා එයාටම කියා
ගන්නවලු....
එයා හැමදාම අදින්නේ කහපාට බ්ලවුස් එකක් සමග කළු ඩෙනිමක්ලු....
අර බ්ලවුස් එකේ කළු බොත්තන් 13යිලු....
එයා උගන්නන මෙලෝ දෙයක් එයාටවත් තේරෙන්නේ නැතිලු....
උගන්නන වෙලාවට පිරිමි ආඩියෝ කරන්නෙ බොත්තං ගයින එකලු.....
ඔන්න ඉතින් එයා ඉදලා ඉඳලා එසයින්මන්ට් එකක් දුන්නලු....
එකේ ප්‍රශ්න ගොඩලු.....හදාගන්න තේරෙන්නේ නැතිලු.....
ආඩියෝ කට්ටිය සමගියෙන් සහයෝගයෙන් ඒක හදන්න කතිකා කර ගත්තලු.....
එදා ඉඳන් 8 දෙනෙක් ලොකු සීන් ලු.....
අනේ ඉතින් අර අසරණ 60 දෙන කතාකර කර පුළුවන් විදිහට දැන් හදනවලු......
එකෙක් බලන් ඉන්නවා අනිකා ටයිප් කරයි කියලා....අනිකා බලන් ඉන්නවා මු ටයිප් කරයි කියලා. අන්තිමට බලනකොට එකෙක් වත් ටයිප් කරලා නැතිලු.....
මේකට මෝරා උන්ගෙනුත් සපෝට් ආවලු....
එත් ඒක ටයිප් කරගන්න එකෙක් නැතිලු....
කොහොමින් කොහොම හරි සබ්මිට් ටයිම් එකත් ලං උනාලු....
එකෙටවත් හදා ගන්න විදිහක් නැතිලු.... එහෙන් මෙහෙන් අහුලලා කොපි පේස්ට් කරලා දුන්නලු.....
බහුතර ආඩියෝ හැමදාම කරන්නේ මෙකලු.... එත් ලේසියෙන් අහුවෙන්නේ නැතිලු....
එත් මුස්ලිම් ආඩි සෙට් එක කොපි කරන්න දන්නේ නැතිලු....
උන් හැමදාම රි සබ් වෙනවලු....
දැන් එසයින්මන්ට් එක අර සුන්දර මිස් බලනවලු...
එයාට නං ඔක්කොම එක වගේලු....
අන්තිමට බැච් එක ආඩියෝ 60 දෙනෙක්ටම කොපීඩ් කියලා එව්වලු.....
අර ලොකු සීන් ආඩි 8 ඇතුලේ අවසාන මිනිත්තුවෙ හොඳ ආඩිත් නොහිටියම නොවේලු....
 |
අපි වැඩ කරන ආඩි....(හදුනාගත්තොත් ඔබ මා....) |
 |
කාගෙද මන්දා මේක...මගෙ නං නෙමේ.. |
සති කීපයකට පසු....
හොර අල්ලන්න කියලා හිතාගෙන වයිවා වගේ එකක් තිබ්බලු....
හැදුවේ කොහොමද කියලා අහලා ලකුණු දෙන්න තීරණය කලාලු.....
මේ පාර නං අඩියෝ ලෑස්ති පිට ගිය හින්දා අර දැරිවිට එකෙක්ගෙවත් හොර අල්ලගන්න බැරි උනාලු....
ඊට සතියකට විතර පස්සේ තවත් එසයින්මන්ට් එකක් දුන්නලු....
ඒක සබ්මිට් කරන්නේ මේ මාසේ 30ලු....
එකටත් වෙන්නේ ඔය සේතෙමලු.....
ඔන්න ඔහොමලු අලුත් කැද හැලියෙ කතාව.
 |
සුද්ද සිංහල මොඩිෆයිඩ් ආඩි.. |
ප/ලි:
කැද හැලියේ කතාවට අදහස අපේ එක ආඩියෙක්ම තමා. සමහර විට දැකලත් ඇති... බොග දාන එකෙක්..රැවුල කපන ගමන් ගත්තු ප්‍රොෆයිල් පොටෝව..දැන් ඌට පොටෝග්‍රැෆි පිස්සුවක් ගහලා බොග දාන්නෙ නැතිලු... මතක් කරන්න කිව්වා. මේ ඉන්නෙ බුවා...
ප/ප/ලි:
මේ කතාවට මුල පිරුන බුකියේ ස්ටේටස් එක දාපු එකා පැනගෙන ඇවිත් කියපි...."ආ.......මං ගැනත් කියපං...මගේ ස්ටේටස් එක". ඌ ගැන නං කතා කරලා වැඩක් නෑ...හෙන සද්දන්ත පොර...හැබැයි මොලේ මොට්ටසෝරි යන එකෙක්ගෙ වගේ. පොටෝවක් දාන්න බෑ... ඌ ඉන්න පොටෝ ඔක්කොම වැඩිහිටියන්ට පමණයි..සුදු අලියෙක් හිතින් මවා ගන්න එච්චරයි.. :-)