Thursday, May 2, 2013

බූරුවාගේ වෘෂණ අල්ලා වෙලාව කීම - ලාවට 18+


එකමත් එක රටක (ලංකාවේ නෙමේ) ස්මිත් නමින් ගොවියෙක් සිටියේය.  මිනිහා තමන්ගේ රැකියාව ලෙස කලේ ගොවිපලක් පවත්වාගෙන යෑමය. ස්මිත්ට බූරුවෙක් හිටියේය. බොහෝ වෙලාවට බූරුවා සමග කාලය ගත කිරීම ස්මිත්ගේ පුරුද්දක් විය. එක දිනක් ඔවුන් දෙදෙනා සිටින තැනින් අමුත්තෙක් ගමට ආවේය. ඔහුගේ ඔරලෝසුවේ වෙලාව වැරදිය. ඔහු ස්මිත්ගෙන් වෙලාව ඇසුවේය. 

අමුත්තා: ඒ...මේ මෙයා...දැන් වෙලාව කීයද? 

අමුත්තා දෙස බැලූ ස්මිත් බූරුවාගේ වෘෂණ ඇල්ලුවේය. 

ස්මිත්: වෙලාව 10.10යි.

දුටු දෙයින් මඤ්ඤන් වී ගිය අමුත්තා සුවර්ම දැයි ඇසුවේය. නැවතත් වෘෂණ ඇල්ලූ ස්මිත් ඔව් යයි පැවසුවේය.  අමුත්තා තම ඔරලෝසුවේ වෙලාවත් හදාගෙන ස්මිත්ට ස්තූති කරමින් නැවත ගමන ඇරඹුවේය. 

පසුදින ආපසු පැමිණෙන අමුත්තා ස්මිත්ගෙන් නැවත වෙලාව ඇහුවේ මොහු හරියටම වෙලාව කියන්නේ කොහොමද කියා දැනගැනීමටය. 

අමුත්තා: දැන් වෙලාව කීයද?

ස්මිත්: අදත්.... ම්ම්හ්...

නැවතත් බූරුවාගේ වෘෂණ ඇල්ලූ ඔහු වෙලාව කීවේය.

අමුත්තා: ඒ හරියට හරි...මාරයි...ඔයා කොහොමද බූරුවගෙ වෘෂණෙ අල්ලල හරියටම වෙලාව කියන්නේ?

මද සිනහවක් නැගූ ස්මිත් මෙහෙම පැවසුවේය. 

ස්මිත්: මේ බූරුවා ඉන්න තැනට පිටිපස්සෙන් ඈතට වෙන්න ගමේ ඔරලෝසු කණුව පේනවා. මුගේ වෘෂණ වලට ඒක වැහිලා. පොඩ්ඩක් උස්සපුවාම ඒක පේනවා. 

ඒක අහපු අමුත්තට එතන ඇඩුනා පින්වතුනි....!


ප/ලි: 
රාජ අවවාදය

පිටින් පෙනෙන දෙය විශ්වාස නොකරන්න.

අඩවි වැසියන් වෙනුවෙන්ම සිද්ධිය අලලා පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් කලා. ඔන්න බලනවානම්,



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

79 comments:

  1. අනේ මංදා මල්ලියේ මට අර ජොලි බෝල කතාවමයි මතක් උනේ..

    ReplyDelete
    Replies
    1. හෑ...? ලැජ්ජා කරන්න එපා බං අක්කේ!

      Delete
  2. ඇඩෙනවා පිංවත....

    ReplyDelete
  3. ඇ‍‍ඬෙනවා පිංවතුනි අර ගෝනියෙ බුදියගෙන ඉන්න බුවා රජා වගෙයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් මට තද වෙනවා උපාසක...

      Delete
  4. මට නම් හිතෙන්නේ බං ඒ ගොවියාගෙයි බූරුවාගෙයි වෙන මොකක් හරි කුප්ප සම්බන්ධයක් තියෙනවා. නැත්තං වෙලාව බලන්න වෘෂණ අල්ලන්නේ නැතිව බූරුවාව පොඩ්ඩක් එහා මෙහා කරන්න තිබ්බානේ.. :D

    ReplyDelete
    Replies
    1. කපටි සිතුවිලි වගේ :D පැත්තකින් බලන්න තිබ්බනේ :D

      Delete
    2. ඒ වගේ නේ බං.. ;)

      Delete
  5. පින්වතුනි,
    ස්මිත් කියන්නේ අපේ රජා කියලා හිතනවා එහෙම නෙවෙයි!
    රජාගේ පෙර බවය කියලා හිතන්නවත් එපා සුපින්වතුනි..
    සාදුකාරයක් දෙන්න පින්වතුනි

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාාාාාාාදු.....

      Delete
    2. ඔව් ඔව් පින්වතුනි...එහෙම හිතන්නවත් එපා!!!!

      Delete
  6. අනේ බොල රජෝ. ඔය වීඩියෝ එක අපි බලපු කාලෙ උඹ පිය රජාගෙ දණිස්සෙත් නෑ. (රජාට වයස අවුරුදු 12 ක් විතර යැයි උපකල්පනය කරන ලදි.)

    ReplyDelete
  7. හයියෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. සල්ලි නොවේ පින්වතිය..

      Delete
  8. මට නං තනි ඇහැට ඇඬුනා, රජෝ.

    ReplyDelete
  9. මම හිතන්නේ මාලිගාව ලග කඩේ ඉස්සර හිටපු අක්කත් ඉස්සර වෙලාව කියන්න ඇත්තේ ඔය විදියටම වෙන්න ඇති....(ජොලි බොලේ දිහා බලල)

    ReplyDelete
    Replies
    1. අඩො අපහාස කරන්න එපා ඩෝ...

      Delete
  10. හික් හික්ක්.... මේක අහලා තියෙනවා. වෙන විදිහකට.

    ReplyDelete
  11. හදිසියේ බූරුවා අසභ්‍ය චිත්තරපටියක් හෙම බලලා ඉන්න වෙලාවක උනානම් , වෘෂණ දෙකට අමතරව ස්මිත්ට තවත් එකක් උස්සන්න වෙනවා නේද රජතුමනි.

    ReplyDelete
    Replies
    1. :o ... ඔබට යමක් වැරදි ඇත :p

      Delete
    2. මෙන්න මෙයාලට හිතෙන ඒවා... ;)

      Delete
  12. ෂුවර් එකටම රජාගේ නෑයෙක් :p

    ReplyDelete
  13. පින්වත ස්ටොරිය පස්ටය.....

    ReplyDelete
    Replies
    1. එහෙනං එල සුපෙම්වත!

      Delete
  14. Replies
    1. අනේ අම්මෙ බං... උඹලා යහතින් ඉන්නවා නේ? :)

      Delete
  15. හ්ම්ම්ම් ...ඒකත් හැබෑව... ඇටේට බර වෙලාද ඔතොකොට ගැම්ම් ගන්නේ ...?

    ReplyDelete
  16. ඔව් ඔව් ලගකදි ඉදලා අමුතු අමුතු එවා අල්ලන්ඩ පටන් අරගෙන කියලා පෙනවා

    ReplyDelete
  17. ඕක ඇවිල්ලා ස්මිත්ගේ තනිකරම මෙව්වා කමක්.
    ලංකාවේ වුනා නම් බූරුවාට මෙව්වා කල තිරිසන් මිනිසාට රුපියල් බර ගානක දඩේකුත් වැදෙනෝ :D

    ReplyDelete
    Replies
    1. සිරාම කතාව. නඩුව දාන්නෙත් බූරු තඩියා ;)

      Delete
  18. තෝ රටම දන්න කතා ආයෙත් දාලා.. මරනව දැනගං !

    ReplyDelete
  19. මක් කිව්වා...?? වෘෂණ ;)

    ReplyDelete
    Replies
    1. මටත් එච්චර මීටර් නෑ... ;)

      Delete
  20. ඇටේටම කවර් වෙන හැටි...

    සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ ;)

      රාජ සම්පත!!!

      Delete
  21. ඈ බන්... ඒ බූරුවට තිබිල තියෙන්නෙ හෙන සයිස් ඇට දෙකක් නෙ.... :O :O

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බූරුවන්ගේ ඒවා... ගූගල් දෙයියගෙන් පොටෝ ඉල්ලන් බලහන්කෝ. බය හිතෙනවා! ;)

      Delete
  22. ඔය කියල තියෙන වෘෂණ හිමිකරු ඔබද?

    ReplyDelete
    Replies
    1. නෑ ඔබයි ඒ ජයග්‍රාහකයා... ;)

      Delete
  23. ඔය වීඩියෝ එක කොපියක් බන් ඕක ගොඩක් පරණ ටැමිල් ෆිල්ම් එහෙක මෝඩ ජෝක් එකක්!

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ බං... මේ කාලෙට හරියන්නේ ගොන් ජෝක් තමා කොහොමත්!

      Delete
  24. ස්මිත් නමැති ගොවියා ගොවිපොලක් පවත්වාගෙන ගියා මදිවාට ඔරලෝසු කණුව කවර් වෙන විදිහට ඇට දෙක ලොකු බූරුවෙකුත් තියාගෙන ඉඳලා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ හෙනහුරා සීයේ.... c-) =))

      Delete
  25. මේ දවස් වල බ්ලොග් වල සිද්ද වෙන දේවල් ඇහුවම අපටත් වෘෂණ කෝෂ උස්සල (වෙලාව) බලන්න හිතෙනවා රජතුමනි!!

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා පුතා... d-)

      Delete
  26. එත්, බුකියේ කෙල්ලෙක්ගෙ පින්තුරයක් , සායක් , සාරියක්, පෙන්න බෑ මේක පැනපු ගමන් ලයික් කොරෝද්දී මම හිතුවා රජාගේත් ඇට බර වෙලා කියල

    ReplyDelete
    Replies
    1. යකෝ ලස්සන කෙල්ලෙක් ඉන්න පොටෝවකට ලයික් කලා කියලා ඇගෙන් ඇට අයින් වෙනවද? c-)

      සුදු මුවා නෙමේ මූ... එක්කෝ ඕන්නෑ d(

      Delete
  27. හිතපු දේවල් නෙමේ ලොකේ සිද්දවෙන්නේ කියන එක අද තමා තේරුනේ. :D

    ReplyDelete
    Replies
    1. අන්න අන්න තේරුනා... :))

      Delete
  28. එකත් එකටම..... :/ එක්කෝ ඕනි නැහැ

    ReplyDelete
  29. අඩෝ මං ඕක කලින් බලලා තියේ

    ReplyDelete
  30. වෘෂණය බට්ටට සෙට් උනානං පංකාදුයි.

    ReplyDelete
  31. what the time Great King? welava kiyada Rajo..
    Jayawewa

    ReplyDelete
  32. http://www.facebook.com/photo.php?v=364524933652831 බලපන් වීඩියෝව.

    ReplyDelete
    Replies
    1. ඕක දාලා තියෙන්නේ මම පෝස්ට් එක දැම්මට පස්සේ බං...
      මම දැක්කා තව පේජ් දෙක තුනකින්ම දාලා තියෙනවා.

      මම වීඩියෝව ගත්තේ රට පේජ් එකකින් s-)

      Delete
  33. ඒ පට්ටයි ඈ.....:D :D

    ReplyDelete
  34. ඔය බූරුවන්ගේ ඒවා අල්ලන්නේ නැතුව ඉදින් බං..

    ReplyDelete
  35. යකෝ මෙහෙම හිනා වෙලා හෙට අනිද්දට පෙනහළු පිළිකාවක් ෂුවර් එකට හැදෙනවා... :ඩි ...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)