Sunday, January 13, 2013

පිරිමින්ගේ පඩිය පෙන්නන්න එපා - මේක හෙන ප්‍රශ්නයක්!!!



“පිරිමින්ගේ පඩිය පෙන්නන්න එපා“ ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින්!

සමහරක් එහෙම කියන්නේ ඇයි?
පඩිය කියන එක තමන්ට ලැජ්ජයිද?

මේක මට හෙන ප්‍රශ්නයක්!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

100 comments:

  1. ගෑනුන්ගෙන් වයසයි.. පිරිමින්ගෙන් පඩියයි අහන්න එපා කියල තියෙනව යකෝ...

    උබ බලහන්කෝ අතේ සල්ලි තියනව කියල දැනෙද්දි උබට කොයිතරම් යාළුවො සෙට් වෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. හරි ඒක හරි!

      මම අහන්නේ ඇයි?

      පඩි ගන්න එකා දන්නවනං ඒක වියදම් කරන හැටි, ඌට මොකා සෙට් උනත් වැඩක් නෑ මම කියන්නේ!

      Delete
    2. /* පඩි ගන්න එකා දන්නවනං ඒක වියදම් කරන හැටි, ඌට මොකා සෙට් උනත් වැඩක් නෑ මම කියන්නේ!*/
      ඕක කරන්න පුළුවන් උඹ 100%ක්ම බජට් එකකට, හැගීම් වලට ඉඩනොදී වියදම් කරනව නම් විතරයි රජෝ...

      Delete
    3. රාජ මතයට 100ක් එකඟ වෙනවා ...........

      Delete
    4. පඩිය...
      ඒ මගුල මං අතට ගත්ත ගමං වියදං වෙනවා බං...

      Delete
    5. අඩෝ මට ඉතිරි වෙනවා බං! :)

      Delete
  2. එල එල ලොක්කා ..
    පරිස්සමින් වියදම් කරන්න

    ReplyDelete
  3. අනේ මන්දා.. මටත් ඕක හෙන ප්‍රස්නයක්...

    ReplyDelete
  4. ගැහැණු වයස කියන්න අකමැතියි. මොකද ඇත්ත වයස කියන්න වුණාම නාකියි කියලා අනික් අය හිතයි කියලා බයේ. පිරිමින්ටත් පඩිය කියන්න එපා කියනවා ඇත්තේ එතකොට ඒකෙන් එක එකා ගාණක් කපාගන්න එන නිසා වෙන්න ඇති :D

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන් නෙහ් :)

      Delete
  5. ගැහැණු අය ගැන ගොඩක් අය වද වෙන්නේ ඒ ගොල්ලෝ තරුණ වෙන තරමටනෙ.
    ලස්සනට ඉන්න තරමටනෙ.
    වයස කියන්නේ තරුණකම බලන්න පුළුවන් මිම්මක්..

    පිරිමි අය දිහා බලන්නේ කවුරුත් ඒ අය මේ පොලවේ පය ගහල ජිවත් වෙන්න තරම් ස්ථාවරද කියලනේ..
    පඩිය කියන එක ඒ දේට තියෙන එක මිම්මක් හන්ද වෙන්න ඇති පිරිමි අයට පඩිය කීයද කියල කියන්න එපා කියන්නේ..

    ReplyDelete
  6. ආ මෙන්න බොලේ රජතුමාත් පඩියට වැඩලු... ලැබිච්චි පඩිය ඉතුරු කරගෙන පරිස්සමින් වියදම් කරපන් රජෝ....!! මමත් කියන්නේ පඩිය කියන එක මෙච්ච්රයි කිය කිය රට වටේ යන්න ඕන නෑ තමා

    ReplyDelete
    Replies
    1. මට මෙච්චර පඩියක් නෑ බං! ඕකේ 6ක් වැඩී

      මම මේක FB දැම්මේ කට්ටිය කියෝන ඒවා බලන්න :)

      රට වටේ යෑමක් බලාපොරොත්තු උනේ නෑ!

      Delete
    2. ඔන්න ඔන්න රජා මලයා වැරදියට තේරුම් ගෙන නොවැ... මම කිව්වේ පඩිය කීයද කියලා කියන්න යන්න ඕන නෑ කියලා....( පිරිමින්ගේ පඩිය පෙන්නන්න එපා කියන එකම තමා)

      Delete
    3. උඹ සිරාවටම මේකට 6ක් දැම්මා නම් අතින්, යකෝ කොහොමද උඹ නංගිට පෙට්‍රල්වත් ගහන්නෙ කියලා මම කල්පනා කලේ. :O

      Delete
    4. උණ ගැනිලා ගියේ නැතුව මට තමා අඩුම පඩිය හම්බුනේ!

      Delete

  7. අඩේ ඉතිරි සත 98 මට එවහන් :D ,
    අර ජුජුබිස් කනවා නම් මට අනිවා කියහන් හරිද

    ReplyDelete
    Replies
    1. අනිවා!!! අපි යාළුවොනේ :)

      Delete
  8. ඒක නම් මං අදමයි ඇහුවේ

    ReplyDelete
  9. පඩිය පෙන්නන්න එපා, කියන්න එපා කියන්නෙ ඒක ලැජ්ජාවට කාරණයක් හින්ද නෙමෙයි බන්...
    1. ඒක පුද්ගලික කාරණාවක්
    2. අනිත් මිනිස්සු ඒක දැනගන්න එකෙන් ඇතිවෙන අනවශ්‍ය ප්‍රශ්න වලින් ඈත්වෙලා ඉන්න
    3. තමන් හම්බුකරන ගාන කීය වුනත් ඒක තවත් මිනිහෙක්ට බාල්දු කරන්න ඉඩක් නොදී ඉන්න.. (සමහරවිට ඇහිල ඇතිනෙ ඔය හම්බුකරන එක ඇතිද?.. ඔහොම හම්බුකරල හරියනවද කියල...)

    තව හේතු ඇති... මම නම් ඔය කාරණා හින්ද කිසිම කෙනෙකුට මගේ පඩිය කියන්නෙ නෑ.. අඩුතරමින් මගේ පඩිය කීයද කියල අම්ම තාත්තටවත් කියල නෑ... අහපු වෙලාවල් වලදිත් කියල තියෙන්නෙ ඒක අවශ්‍ය නෑනෙ කියල..

    ReplyDelete
  10. arapirimasmen wiyadam karahan rajo..
    Mataka tiya ganin,salli nathi welawata wada salli athi welawata hithawathun,yaluwo ehemat wadi wenawa..

    Ahapu deta uththara kalin comment walin labila tiyenawane. . .

    Hama masema padi wadi wewa !!!

    ReplyDelete
  11. පඩි තකා වැඩ කරන්නමත් එපා කියලා ඔය වයසක උදවිය එහෙම කියනවා මම අහල තියනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ!!! මමත් ආලා තීනවා ;)

      Delete
  12. ඔව් ඉතින් සේරම අවශ්යතා ඉශ්ට කරගන්න පුලුවන් නම් ආපහු ඕක කාටවත් කිය කිය ඉන්න ඕනි නෑනේ... හෑබෑයි ඉතින් එහෙම බෑලුවම ගෑනුන්ගේ පඩිය අහන්නත් බෑ....

    ReplyDelete
    Replies
    1. එහෙනං පිරිමින්ගේ වයස අහන්නත් බෑ!! ;)

      Delete
  13. ඕක මටත් හෙන ප්‍රශ්නයක් ඊ දවස් වල මචෝඕ, හබි දැන්නම් එක තේරෙනවා. ඊත් මට එකට උත්ටරය කියන්න තේරෙන්නේ නැහැ... උඹට උඹේ පඩියෙන් ජීවත් වෙද්දී තෙඑරෙඉ කවද හරි ඊක. දැනට උඹ ඕක ප්‍රවේසමෙන් පාවිච්චි කරපන්... ගූඩ් ලුච්ක්.......

    ReplyDelete
  14. හැබැයි නිසි බිරිදක් ඉන්න සෑම පිරිමියෙක්ම තමන්ගෙ බිරිදට පඩි පත දුන්නට කිසිම වරදක් නෑ...ඇය එය නිසිලෙස හසුරුවා... කීයක් හෝ ඉතිරි කරන්නත් උත්සාහ කරනවා... ඉතිරි කිරීම තමයි රජෝ වැදගත්ම දේ. සිරාට ඒ මොළේ පෑදෙද්දි ටිකක් පරක්කුයි... මම වගකීමෙන් කිව්වෙ...ලැබෙන්නෙ සුලු වැටුපක් උනත් කමක් නෑ ඉතිරි කරන පුරුද්ද තමා වැදගත්...

    ReplyDelete
    Replies
    1. +++++++++++++

      ඕක තේරුනේ මටත් ටිකක් කල් ගිහිල්ලා... ඒත් තවම ප්‍රමාද නැහැ, ඔන්න රජෝ මේ අවවාද හිතට ගනින..උබ තාම පොඩි එකා නෙවැ..

      Delete
    2. හිතලා බලමු! :)

      Delete
  15. ඔය උඩින් සිරා කියල තියෙනදේ මමත් අනුමත කරනවා, පඩිය කොච්චර ලොකු උනත් - පොඩි උනත් පුළුවන් හැටියට කීය කීය හරි අනිවාර්යෙන් හැම මාසෙම ඉතුරු කරගන්න බලපන්. මමත් පහුගිය කාලෙ සුළුවට හරි ඉතුරු කරගත්තුවයින් තමයි මේ දවස්වල යන්තම් රෝල පෙරල ගන්නෙ, එහෙම නොවුන නම් එල්ලෙන්න වෙන්නෙ. ලක්‍ෂ ගානක් වුනත් තත්පර ගානෙන් වියදම් කරල දාන්න පුළුවන්, ඒත් ආයෙ ඒව හම්බකරන්න අමාරුයි. ඒක හොඳට මතකතියන් පුළුවන් තරමින් වියදම් කළමනාකරණය කරගෙන කීයක් හරි ඉතිරිකරගන්න එක තමයි හොඳම වැඩේ, මම මෙහෙම කියන්නෙත් උඹ තාම වැඩට ගිහින් මාසෙකට දෙකකට වඩා නැති නිසා.

    ඔය විකාර හිතන්න එපා බං. පඩිය කීයද කියල කියන්න වෙන්නෙ කවුරුත් ඇහැව්වොත්නෙ, කෙනෙක්ගෙන් පඩිය කීයද කියල අහන එකත් එච්චර ආචාරශීලී නෑ නේද? මට නම් හිතෙන්නෙ ඒක කොහොමටත් අනවශ්‍ය ප්‍රශ්නයක්ය කියල.

    ReplyDelete
  16. දැන් වැටුපක් ගන්න කොල්ලෙක් ඈ? හදවතින්ම සුබපතනවා. රාජසම්පත්ම ලැබේවා.

    ReplyDelete
  17. රජෝ...බොලාගේ එක පඩියකින් හරි අපිටත් මුනා මුනා හරි අරන් දුන්නා නම් නරකද? (ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු මම නොදනී)

    ReplyDelete
  18. ඒතෙකාට අයියට පඩි කීයද කිව්ෙවාත් ??

    ReplyDelete
  19. ආ... පඩිය පෙන්නුවම හොඳ ගැහැනු ලමයි නම් කැමති වෙයි... අවංකයිනෙ

    :-)

    ReplyDelete
  20. මම නම් අහන අයට නොකියා ඉන්නේ නම් නැ පඩිය... එත් ඉතින් හරි ගානම නම් නෙමේ.... හම්බ කරන්නේ අපි නම් වියදම් කරන්න දන්නවනම් අවුලක් නැනේ... ඔකේ කතාව තියෙන්නේ වෙන කාට කිවත් ගෙදර ගැනිට නම් පඩිය හරියටම කියන්න එපා කියලා නේද?

    ReplyDelete
  21. සිරා අයියගෙ කතාව හරියටම හරි. පුලුවන්තරම් ඉතුරු කරපන් මචෝ. තවම මහරජ ගෙන් යැපෙන්නෙක් නිසා මහ වියදමකුත් නෑනෙ බන්. යුවරජ පොඩ්ඩගෙ අධ්‍යාපන කටයුතු වලට පොඩියට ආධාරයක් එහෙම දීලා දාන්නත් අමතක කරන්න එපා. පඩියක් ගත්තා කියලා ‘පඩියෙන් වැඩ‘ දාන්නත් නරකයි. එතකොට ගඳයි කියලා සමහරු කියනවා. වැදගත්ම දේ, ඉතුරු කිරිල්ල තමයි.

    ReplyDelete
    Replies
    1. සුපිරිම කමෙන්ටුවක් ඕයි!!!
      මට ඇඩුනා!

      Delete
  22. පිරිමින්ගේ ප යන්නෙන් පටන් ගන්න තව එකක් නම් හැම තැනම පෙන්නන්න එපා කියලා කියනවා! පඩිය ගැනනම් අහලා නෑ!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට නයා නම් ප යන්න හැමතැනම පෙන්න පෙන්න යනවා බං ;)

      Delete
  23. දැන් නම් ඉතින් බුකියෙ ඉන්න බව්වෙකුගෙන් ඇහුවත් කියයි බොගෙ මේ මාසෙ පඩිය. මොනවට හංගන්නද බං ගන්න පඩියෙ. පුලුවන් නම් දුක කියල සම්මාදමක් එකතුකරගන්නව මිසක්

    ReplyDelete
  24. ඒවයින් මෙවුවයින් වැඩක් නෑ.. පඩි හම්බුනානේ.. වරෙන් යන්න සෙට් වෙන්න.. ඕවා බීලම කතා කරන්න ඕන ප්‍රශ්ණ බං..

    ReplyDelete
    Replies
    1. අන්න උත්තරේ...

      Delete
    2. හැක්...හැක්..හැක්..අන්න කතාව..!

      Delete
    3. අන්න උත්තරේ...

      Delete
    4. ඇත්ත කතාව. දෙකක් නමාගත්තම ඕවට උත්තර නිකංම එනව.

      Delete
  25. අනේ මන්දා බං.. ඔන්න ඔහොම කියනවා නම් තමයි. උඹට සත 98 කුත් හම්බ උනාද ඈ :)

    ReplyDelete
  26. හික් හික්..... මාත් අහලා තියෙනවා ගෑණූ අයගෙ වයසයි, පිරිමි අයගෙ පඩියයි අහනන් එපා කතාව... දැන් එතකොට රජාගෙ පඩිය වෙනස් කරලද බොල මේකෙ දැම්මෙ?:O

    ReplyDelete
  27. යකෝ ට්‍රේනින් පීරියඩ් එකේ ඔච්චර හම්බවෙනවද? නෑ මම කිව්වේ එක හයක් අඩු කලාට පස්සෙත් . . හික්ස්

    මම නම් ඉස්සෙල්ලාම වැඩ කරන්න ගියේ රුපියල් 1,000 පඩියට

    ඒත් පලවෙනි මාසෙම පඩිය දෙද්දී ලොක්කෝ කතා කරනව යකෝ රුපියල් 1,000ක් මූට බස් එකටත් මදිනේ . .

    එහෙම කියලා 2,500ක් දුන්නා . . .:D

    ReplyDelete
    Replies
    1. ඕටී සමග උපරිමය 20කි!

      Delete
  28. අනේ මන්දා අනේ ඕවා.....

    ReplyDelete
  29. අපිට පඩි දෙන්නෙ බ්ලොග් කොටනවට ඈහ්හ්

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඒකටත් දෙනවනං :(

      Delete
  30. හයෝයි... ඒක පෙන්නන්න එපා. ඒක හරි කැතයිනේ.. චී.. ඒක පාරම්පරික සිරිතක්.

    ReplyDelete
  31. ෂ්....ෂ්... එව්වා රහස්

    මම නම් ඇහුවාට කියන්න යන්නේ නෑ මගාරිනවා. මොකද ගාන අහලා මදියි වගේ නම් ඌ මට වැඩිපුර දෙන්නයැ.. අනික පඩිය අහලා කම්මුලේ අත ගහගෙන හුල්ලනකොට මල පනිනවනේ "හානේ....ජීවත් වෙන්න ඇත්ද ඉතින්.. මදි නෙහ්...තව ටිකක් ඉගෙන ගත්තා නම් හරි" ඔය වගේ කුප්ප කතා අහන්න මම කැමති නෑ.

    ReplyDelete
  32. මගෙන් අහනකොටනම් මන් අතින් දආලා කියන්නේ.

    හැබැයි රජෝ පඩි ගත්ත හින්දා අපිව අමතක කරලා හරියන්නෑ. අද හවස මොකෑ කරන්නේ?

    මචං හර්ෂණ, පුලුවන්නම් RDB හරි මොකක් හරි ATM නැති බැංකුවක ඕකෙන් බාගයක්වත් දාහන්. එතකොට අත්‍යාවශ්‍යම කාරනෙකදී ඇරෙන්න ගන්න යන්නේ නෑනේ. අනික තමා දැන්ම ඉතුරු කරහන්. මේ දවස්වල ඉතුරු කරපු නැති එකේ හැටි තේරෙන්නේ බිසවගෙන් ටොකු කනකොට තමා. යාලුවෝ ගැන ඇහැ ගහගෙනම ඉඳහන්.
    ගන්න පඩිය වගේම ගෙයි පඩියත් ඕනවට වඩා පෙන්නන්න ඕනි නෑ බං.

    ReplyDelete
  33. Fab එක පැත්තේ යනවනම් කියපන් රජෝ... මාත් එනවා..

    ReplyDelete
  34. paswaan dahasakata budu wanda raja thumani kiiyak hari illaganta bari weyida.......Hikz.............

    ReplyDelete
  35. දැන් පෙන්නුවට කමක් නෑ බැන්දට පස්සේ බිරිදට පෙන්වීම තමයි හොඳ නැත්තේ.

    ReplyDelete
  36. අපරාදේ රජො... ඒ 6ත් ඉස්සරහට තිබුනනම් නේ?

    ReplyDelete
  37. පඩිය නෙහ්.... හම්මූ... අවුරුදු දාසයෙ ඉඳන්ම අම්මලට බරක් නොවී යාන්තම් මමම මගෙ වියදම් බලාගන්න නිසා ඩන්නෝ ඕක කොත්තල අමාලුඩ කීල.....ඒත්....රීලෝඩ් එකක් දාගන්න අතේ සතේ නැතිවුනත්...හැම මාසෙම මම පුළුවන්තරම් ඉතිරි කරගන්න බලනව මම මට හම්වෙන ගාන වියදම් කරනවට වඩා......^_^

    ReplyDelete
  38. පඩිය කීයෙය්?

    ReplyDelete
  39. .පඩිය කියන 1 පස්නයක් වෙන 1ක් නෑ.අපේ ගෙදර නම්, ගෙට ගොඩ වෙන පඩි 2 යි, ටොඉලට් 1ට යන තන තියෙන පඩි 2යි, ඔක්කොම පඩි 6ක් විතර තියෙනවා.දවසට හත් අට සැරයක් කවුරු කවුරුත් නැගල බහින කොට එසේ ,මෙසේ ගානක් නෙවෙයි පඩි..........

    ReplyDelete
    Replies
    1. අපේ නම් ගෙයි පඩි තුනක් විතරයි තියෙන්නේ

      Delete
    2. අපේ ගෙයි පඩි 25යි :)

      Delete
  40. රජෝ බලාගෙන, ඔය පඩි වල පිලි නැති උනොත් වැඩේ ප* වෙනවා.

    ReplyDelete
  41. පඩිය මෙච්චරයි කියලා කියන්නේ නැති තරමට තමා හොඳ. පඩිය මෙච්චරයි කිව්වට පස්සේ මිනිස්සු ඇස් උඩ දාගෙන ඉන්න හැටි දැක්කම මොකට කියනවද කියලා හිතෙනවා.
    මම නම් කිසිම එකෙක්ට පඩිය මෙච්චරයි කියලා කියන්නේ නෑ.

    ReplyDelete
  42. ගෙදර මනුස්සය දන ගත්තට කමක් නැහැ ඉතින් . ඉතුරු කලොත් පවුලටමනේ ..නැද්ද

    ReplyDelete
  43. පඩි තකක් තියන හින්ද වෙන්න ඇති

    ReplyDelete
  44. අඩෝ මෙව්ව ඔට්ටු නෑ..කොහොන්ද බොට මෙච්චර ගානක් හම්බවුනේ ආහ්??? මෙව්වා නිති විරෝධි වැඩ..මිට පස්සේ අර චෙක් වල ලියනවා වගේ --රුපියල් මෙච්චරක් පමණි-- කියලා සිංහලෙන් ලියලා දාන්න කියලා යෝජනාවක් ගෙන්න වෙනවා...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)