Wednesday, November 7, 2012

අළුත් සයිට් එකේ එක එක කතා




අපි පුවක් ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්ය. අපේ සයිට් එකේ සෙට් වෙන කෙල්ලෙක් ඇත්තේම නැත. ඉන්න උන්ගෙත් ඩිකි නැත. නැත්තන් බොනට් නැත. එක්කෝ දෙකම නැත. There is no Barrier under the බුරිය කිව්වට... මේවා නං නිකන් දුන්නත් තුනී ලෑලි සංස්ථාවටවත් ගන්නේ නැත. ඔක්කොම වෙන්නේ හොදටයි කියා කියමනක් ඇති හෙයින් අපි හිත හදාගන්නෙමු. ඒත් ඉන්න තැන කොච්චර කට්ට උනත් ෆන් එකේ ඉන්න ඕනෑය. මේ සති දෙකට එක එක ලොල් සිද්ධි වැහි වැහැලා තිබුනේය. සමහර ඒවා නං මතකත් නැත. උදේ 5 ඉදලා 11 වෙනකන් නන්ස්ටොප් කට්ටක්ය. මංරජා භාරව ඉන්න ෆෝමන් මහත්තයා නං ගින්දර බුවාය. ඕනේ කුණුහබ්බයක්, ඕනේ මගුලක් ප්‍රසිද්ධ වේදිකාවේ දිග හැරිය හැක. 

අපිව සයිට් එකේ වැඩට ගත්තේ විනය කියන එක මිශ්‍ර පාසලකට වඩා ඉහල මට්ටමක පවත්වා ගත යුතුය යන කොන්දේසිය මතය. මංරජා මතක ඇති කාලෙක එහෙම ඉස්කෝලෙකට නොගිය හෙයින් ඒක මට අදාල නැත. රජාගේ පැත්තේ වැඩකරන සෙට් එක නං සුපිරිය. වැඩ නොකලත් බුල කෙලින්න උපන් ගැන්සියය. මුං වැස්සට කියන්නේ කම්කරු දෙයියෝ කියලාය. එදා කුණාටුව තිබ්බ දවසය. අඩි 100ක් විතර උඩ ක්‍රේන් එකේ ඉන්න එකා පහල හෙල්පර්ගේ හෝකිටෝකියට මෙසේ කියන්නේය.

තව මීටර් 500යි.... 400යි...300යි...

මොනවද බං ඔය කියන්නේ?

කම්කරු දෙයියෝ එනවා මහත්තයා...මොකා???

වැස්ස එනවා මහත්තයා..වැස්ස... මුහුද දෙසින් එන සුදු පැහැ මීදුමු වලාවට අත දිගුකරමින් මූ කීවේය.
__________________________________________________

වසක්... පැසෙන්ජර් හොයිස්ට් එකේ පොඩි එකා හෙන හැපියෙන් ඉන්නේය. හේතුව සොයා බලන කල ඌ වටින කොල්ලක්ය. මූ හොයිස්ට් එකේ උදන් පහලට එනකොට එහා පැත්තේ හෝටලේ කාමරේ ජනේලෙකින් කොටු කොටු දර්ශනයක් දැක ත. මූ දැන් අපිට රකර කර කියන්නේය. කතාව අවසානය සිදුවූයේ අපේ පෝන් නම්බට දීමත්, අනිත් දවසේ ඔහොම එකක් දැක්ක ගමන් අපිට කෝල් එකක් දීපන් කීමය.

තව දවසක්... දහවෙනි තට්ටුවේ විතර පඩිපෙලක ඉදන් එකෙක් ක්‍රෙස්කැට් එක දිහාවට එබීගෙන ඉන්නේය.

මොනවද බං බලන්නේ?

නෑ මහත්තයා මේ..අද කරෝල වේලෙන්න දාලාද කියලා බැලුවේ...

හෑ... කරෝල?

ඔව් මහත්තයා... ඇයි අර පූල් එක ලග දාලා තියෙන්නේ වෙනදට. මූ ක්‍රෙස්කැට් එකේ පූල් එකට අත දිගුකරමින් කීවේය. වෙනට ඔතන සුද්දියෝ අව්ව තපින්නේය. 

ලගදි දවසටී ටයිම් එවෙලාවේ සයිට් ඔෆිස් එක ඇතුලේ එකෙක්ගේ පෝන් එකේ වැලක් ප්ලේ වෙලා තිබුනේය. ඕකටම ගියේ අර අළුතෙන් ආපු අය කියලාය. ඒ කියන්නේ අපිය. කෙත් ඉතින් වැරැද්දක් නැත. මූණෙ තියන පින් පාට හේතුවෙන් උන්ට එසේ හිතෙන්නට ඇත. එවෙලේ අපි ඔෆිස් එකේ හිටියෙත් නැත. අපි ඒක එයාලට පැහැදිලි කරලා දුන්නේය. අපි පෝන් එකේ වැල බැලුවේ 10දීය. දැන් බලන්නේ පුල් HD, 16 Inch මොනිටර් වලය. 
 ____________________________________________

මේ ඊයේ පෙරේදා මං රජා ස්ටෙයාකේස් එකක කම්බි බදිමින් සිටියේය. එකෙක් ජීඅයි බටයක් හොයාගෙන ආවේය. වැඩකරන සෙට් එක මූව බයිටට අල්ල ගත්තේය.

බට දෙන්න එපා කියලා තියෙන්නේ මේ මහත්තයා... ඔන්න ගෙනියනවනං ටක්ගාලා ගෙන්න ඕනේ. එකෙක් කීවේය.

හාකෝ කියූ අරූ බටේ ගෙනිහින් විනාඩි දෙකක් යන්න කලින් ආපහු උස්සන් ආවේය.

අයියෝ.... මෙයාට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ... අර මාළු බාන එකාට උනා දේ තමයි මූටත් උනේ...හිනාවෙමින් අරුං කීවේය.

මටත් නිකන් සෝට් වගේය. මොකද්ද යකෝ ඒ මාළු කතාව. මම ඇසුවෙමි.

ඇයි මහත්තයා දන්නේ නැද්ද? මෙහෙමයි සීන් එක....

“ඔන්න මාළු බාන එකෙක් හිටියා.. මිනිහට දවසක් මෙන්න මේ සයිස් මාළුවෙක් අහුවුනා. මාළු බාන එකා එහා පැත්තේ හිටපු එකාට කිව්වා මේ නං දෙයියන්ටම දෙන්න අහුවුන මාළුවෙක් කියලා. පස්සේ මිනිහට කල්පනා උනා දෙයියෝ මාළු කන්නේ නෑ නේද කියලා. ඌම කිව්වා... දෙයියන්ට මොකටද මාළු කියලා. එතකොටම මාළුවා අතෙන් පැනලා වතුර වැටුනා. කට ගොරකා ගෙඩිය කරගත්තු මිනිහා, අයියෝ... දෙයියන්ට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ කියලා කිව්වා.
__________________________________________________

මේ දවස් වල අපි සයිට් එකේ ඉන්න උන්ව හැමදාම අනුකරණය කරමින් පවතී. නමයට ඕෆ් වෙන දවස් වලට 8 විතර බුල ගහන්න පටන් ගන්නා අපි, ලොකු සීන් දෙන ස්ටාෆ් එකේ උන්ට නම් හදන්නෙමු. උන් ඇවිදින හැටි... කතා කරන හැටි අනුකරණය කරමින් 19 තට්ටුව මත නොමිලේ රගදක්වන්නෙමු. කෙල්ලන්ව අනුකරණය කරන එක තරම් ආතල් එකක් තවත් නැත. තව පොඩ්ඩෙන් කැට් වෝක් දාන්න ගිහින් ඇටත් තලා ගන්නේය. 

සයිට් එකේ වැඩ කරන වසයක උන් අපි කියන සමහර ඒවා ගනන් ගන්නේ නැත. මොකද අපි අළුත් හා පොඩි උන් වීම මත උන් අපිට බය නැත. සමහර උන් දෙන ලොකු ලයින් දැක්කහම ගඩොලකින් ගහලා මරන්න තරම් කේන්තිය. ඒත් බහුතරය නම් ආතල් සෙට් එකක්ය. 

ගාලුපාරෙන් යන උන් ක්‍රෙස් කැට් එක ඉස්සරහින් යන ගමන් ඊට ඉස්සරහ හදන බිල්ඩිමේ උඩ....ම තට්ටුව දිහා බලලා හූවක්වත් කියාගෙන යමල්ලා ඈ... නැත්තං මට කම්මැලීනේ :)

ප/ලි: 
ලින් පෝස්ටුවෙදි පොටෝ ගහලා දාන්න කිව්වට ක කරන්න බෑනේ සනා... සේෆ්ටි ඔෆිසර් කෙනෙක් දැක්කොත් මට රෙදිත් නැතුව මා ගෙදර එන්වෙන්නේ

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

99 comments:

  1. thunee lali wala rasa umba danne naa podi ekoo

    ReplyDelete
    Replies
    1. කටු කාලා පුරුදු නෑනේ :)

      Delete
  2. රජා ගිය තැන ඉවරයී...!
    ඔය අකුරුවලට මොනාද වෙලා බං..!

    ReplyDelete
    Replies
    1. ඔව් බං, මමත් හරක වගේ මේ ගූගල් කොරෝමෙ කියෙව්ව අකුරු අඩුවෙන් බෝල බෝල දිහාබලන්. දැන් ගිහින් ගිනිනරියගෙ බැළුව, ලස්සනට අකුරු ටික දිලිසි දිලිසි තියෙනව.

      Delete
    2. දැන් සරි..... නරියාගේන් ටයිප් කලේ ඒකයි ක්‍රෝම් අවුල දාන්නේ :)

      Delete
  3. නියමයි රජා....මාර ආතල්නේ ඔයා දෙන්නේ..රජෝ පළමුව රැකියාව මතක තියාගං කොල්ලෝ.
    කර්ම ගැන මගේ අදහස මෙතැනින් කියවන්න

    ReplyDelete
  4. උඹේ සයිට් එකට අපිට අධ්‍යාපන චාරිකාවක් එන්න බැරිද රජෝ?

    ReplyDelete
    Replies
    1. පුළුවන් මෙයා... ඇවිල්ලා යන්න එන්න

      Delete
  5. කරෝල වේලෙන්න දාලාද? හකස්... ඒකත් මරු කතාව...... ඔය හරියෙන් යද්දි නැවතිලා ඉදලම බලන්න ඕනි රජා ඉන්නෝද කියලා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. බලාගෙන යන්ඩ :)

      Delete
  6. එල
    ඒත් කියවන්න ටිකක් අමාරුයි
    අකුරු ටිකක් විතර මෙව්ව වෙලා වගේ :D

    ReplyDelete
  7. අඩවි රජ සයිට් එකේ ඉන්න උන්වත් නරක් කරනවා .............

    ReplyDelete
  8. මටත් ආසයි ඕයි කරෝල වේලනවා බලන්න..
    මේ 10වෙනි තට්ටුවේ අපිට කාමරයක් වෙං කර ගන්න බෑද??????

    ReplyDelete
    Replies
    1. දැන්ම කරගත්තොත් තමා... හදලා ඉවර උනාට පස්සේ ලගින් යන්නවත් වෙන්නැති වෙයි බං

      Delete
  9. ඒයි රජෝ මාත් එනවා කරවල වේලනවා බලන්න. ඔපෙරා වලින්ද ටයිප් කලේ. අකුරු අවුල්

    ReplyDelete
  10. මේ රජෝ.. පොටෝ නේ ගන්න බැරි.. ඇඳපන්..

    ReplyDelete
  11. ආයේ එහෙනම් ගාලු පාරේ ගිහිනුත් ඉවරයි! ඇයි කොයි වෙලේ ඔය බිල්ඩිම කඩා වැටෙයිද කියන්න බෑනේ!!!!

    ReplyDelete
    Replies
    1. පල ඩෝ යන්න... බිල්ඩිම කඩා වැටුනත් මම බන්දපු කම්බි එලෙසම තියෙයි :)

      Delete
  12. මුං යන යන තැන මක්ක නැතත් අනන්‍යතාවය තියනව. ෂෝයි රජා.

    අර කරෝල වේලන වෙලාවක ෂේප් එකේ ෆොටෝ ටිකක් ගනිං. රෙදි ගැලවෙන්නෙ උඹේනේ, ෆොටෝ ටික මේල් කරපං අපිට. :)

    ReplyDelete
  13. අඩෝව්, කොටු සීන් බලන්න අපිත් එනවා ඩෝ!!

    අනේ මචෝ හොඳින් කියන්නේ අෑ, මාවත් ගෙන්න ගනින්කෝ. මොකක්ද බන්.

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් ශේප් එකේ :)

      Delete
  14. අමිමෝ!............. තහනමි අඩවියකට ඇතුලුවුණේ!............අෆිට දඩුවමි දෙයිද මන්දා..............
    මොනවා වුණත් සයිටි එක නමි පටිට ආතල් වගේ නේ!..........
    එහෙනමි වෙලාවක් තිබුණොත් අපේ දිහාවෙත් සැපත් වෙනවා හොදයි ............ආයුබෝවන්ඩ!........

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉස්සර වගේ බෑ...ඒ උනාට ඇවිල්ලා යන්න එනවා :)

      Delete
  15. හික් හික් මරැ සීන් ටික නේ...

    ReplyDelete
  16. කරල තියෙන එව්ව වල හැටියට එන මාසෙ උඹේ පඩි කපන්න ඕන... :)

    ReplyDelete
  17. මරු කතා ටික. :)

    ReplyDelete
  18. කතාවනම් එල රජෝ. ඒත් අකුරු මැද්දෙ බෝල බෝල මොනාදත් තිබුනනේ :ප්

    ReplyDelete
    Replies
    1. පොඩි මිස්ටේක් එකක් මෙයා :)

      Delete
  19. ඔය කිව්වට උඹ පොටෝ නොගහ ඉඳීවි...අනෙ මගේ කට... :P

    ReplyDelete
    Replies
    1. සිරාවට ගහන්නෑමයි බං...!!!

      Delete
  20. මගුල තේරුනේ නැහැනේ .. :(

    ReplyDelete
    Replies
    1. මොන මගුලද උඹට නොතේරෙන්නේ?

      Delete
  21. සිවිල් සයිට් වල රම කෑලි නෑ කිව්වම හඳුන්පොත කී ගෑවා. ඒකට අපේ සයිට් වල. කොටට ඇඳගත්තු උන්මයි ඉන්නේ. ආස්ස්...සාවේ බෑ !

    ReplyDelete
    Replies
    1. උඩ ඉදන් හවස වැඩ ඇරිලා යන උන් දැක්කහම ඇඩෙනවා බං අයියේ :(

      Delete
  22. සේප්ටි ඔපිසරය‍ට වැලක් බලන්න දීල ගහපං බං ෆොටෝ ටිකක්.

    ReplyDelete
  23. මං වැඩ කොරන තැනටත් කරෝල ඉඳහිට පෙනේ... අමුවෙන්ම වේලන වෙලාවල්ද තිබේ.... මේ දවස් වල කට්ටිය ආතල් එකේ ඇති කම්කරු දෙයියෝ වැඩලා නිසා.

    ReplyDelete
  24. ඔක්කොම වෙන්නේ හොදටයි කියා කියමනක් ඇති හෙයින් අපි හිත හදාගන්නෙමු.

    ඒ කියන්නෙ උඹ කෑළි ටෝක් කරන්නෙ තව සැට් එකක් එක්ක සහයෝගෙන්ද... ඔය වැඩේ හරියන්නෙ නෑ කොලුවො තනියෙන් බැහැපන් ගේමට... වගකීමෙන් කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. අපි කිව්වට ඇත්තෙන්ම මම :)

      Delete
  25. හරි හරි බං. ජොබ් එකට කෙලවගෙන ෆෝටෝ ගන්න ඕනෙ නෑ.
    මම කල්පනා කලේ උඹ මුහුදු මට්ටමෙක් මීටර් කීයක් උඩ හිටියත්, මොනවා කලත් කාමෝද්දීපනය වෙනවට වඩා දෙයක් නෑ නේ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හෙන්රි අයියා මේකට වල් රජා කියන්නෙ...

      Delete
    2. ඒකෙන් තමා මෙයා මොරාල් අප් වෙන්නේ ;)

      Delete
  26. රස කථා ගොඩායි.... ෆට්ට ආතල්..

    ReplyDelete
  27. මුන් ඔක්කොගෙම වල් හිත විතරයි.. අම්මපා මුන්ට හොමෝන් අවුලක්ද කොහොද.... ( හරි හරි ඉතිං.. කො‌ෙහාමත් හො‌මෝන් කචල් කාලෙනේ නේද රජා... හි හි)

    දැං එතකොට ඔය කම්බි බැඳිලිත් කරන්න තියෙන්නේ ඔයාලටද... හ්ම්ම්.. පරිස්සමින් කොලුවෝ... උඹලගේ තියෙන දාංගලේ හින්දා ගානක් නැති උනාට ඕවා අනතුරු දායක තැන්....

    ReplyDelete
    Replies
    1. අපි ඉන්නේ කම්බි බදින අංශයේ.. අපි බදින්නේ නෑ.. වැඩ කරන උන්ව දාලා බන්දවන්න ඕනේ :)

      Delete
  28. හෑහ් රල් වජා එහෙනම් දැන් ඉන්ජෙක්!!එල එල ඈ ඔහෙදිවත් පාඩුවේ හිටු

    ReplyDelete
    Replies
    1. තාම නෑ..... තාම වෙන්ඩ ඉංජා :)

      Delete
  29. කරෝල වේලන දර්ශනේ බලන්න වෙන විදිහක් නැද්ද !!!! @ හෙන උවමනාවෙන්

    ReplyDelete
    Replies
    1. තියෙනවා.... වැලක් බලහන් :)

      Delete
  30. සයිට් එකේ නම කිව්වනම්...

    මරු කතා ටික...

    ReplyDelete
    Replies
    1. HYATT REGENCY COLOMBO (HRC PROJECT)

      මෙන්න මේක... ( http://www.maga.lk/?page_id=137 )

      දැන් නම වෙනස් කරලා උඩ තියෙන විදිහට.

      Delete
  31. මේ දිනවල ගාලු පාරේ යාම අනතුරුදායක බැවින් විකල්ප මාර්ග අනුගමනය කරන්න

    නොදන්නා හින්දමයි අහන්නේ මොකක්ද බං මේ කොටු පනිනවා කියන්නේ....

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑ මෙයා ;)

      Delete
  32. රජෝ ඔය පුවක් ගහේ ගියත් දෙබලක් කියන එක යොදාගෙන තියෙන විදිය වැරදියි.

    ඍජු - පැහැදිළි නිරවුල් තීරණයක් ගන්න හැකියාව තිබියදීත් දෙපැත්තට වැනෙන අවස්ථාවකදි තමයි "අපි පුවක් ගහේ ගියත් දෙබලක්" කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මමත් කියන්නේ... මම මේ ඉන්නේ කෙල්ල ටෝක් කරනවද නැද්ද කියලා හිතාගන්න බැරුව :)

      Delete
  33. කරෝල වේලනවා බලන්න මීගමු යන්න ඕනේ නෑ එහෙනම් හෙහ් හෙහ් හෙහ්...මම ඔය ළඟ පාතින් ගියෝතින් හුවක් කියාගෙන යන්නකෝ රජෝ....ඈ

    ReplyDelete
    Replies
    1. එල ඈ.... ඕං මං බලන් ඉන්නවා!

      Delete
  34. හි හි... පට්ට පට පට..

    ජය..

    ReplyDelete
  35. ඔය අධි අරක්ෂක කලාපේනේ පොටෝ නොගැහුවට කමක් නෑ. මොකද පේන පේන තැන්වල හයි සෙකියුරිටි ඇහැ දාගෙන ඉන්නනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... සයිට් එක ඇතුලෙත් මහරජාගේ ආරක්ෂකයෝ :)

      Delete
  36. මුන් හෙන පැනියෝ සැට් එකක්නේ.

    ReplyDelete
  37. අම්මපා මේකා වැඩ කරනවා කියලා කරන ඒවා..

    ReplyDelete
    Replies
    1. හා...හා... වැඩ වැඩ වැඩ!!!!

      Delete
  38. රජෝ උඹට ඔයි ටික කරල ඉවර වෙනකොට වෑඩක් කරන්න වෙලාව එහෙම ඉතුරු වෙනවද?

    ReplyDelete
    Replies
    1. මේවට එව්වර වෙලා යන්නෑ බං :)

      Delete
  39. මේ අර කොටු කොටු එව්ව බලපු එකාට මගේ නම්බර් එකත් දීපන්කෝ.......

    ReplyDelete
  40. යකෝ උබ එතනද ඉන්නේ. මම ගිය සතියේ දවස් 5ම ටාජ් එකේ හිටියේ. අපේ කම්පැනියේ ට්‍රේනිං සෙෂන් එකක් තිබ්බා. උබ එතන කියල දන්නව නම් දවස් 5ම කවනා ටාජ් එකෙන්..

    ReplyDelete
    Replies
    1. හයියෝ මගෙ බඩ.... ඇයි යකෝ දැන්ද කියන්නේ? :(

      Delete
  41. අපි මල් වඩමක් දැන්මම ඕඩර් කරලා තියන්නද ? මොකද උඹ ඔය මගුල් බලාගෙන ගිහින් අර කාටුන් වල වගේ පොලොව නෑ කියල දැනුනම "සිහිල් සුලන් රැල්ලේ" කියාගෙන පහලට එන කාලේ අත ළඟ වගේ.

    ඇත්තටම රජෝ උඹ කරවල කාලම නැද්ද ? අඩු ගානේ මාළුවත්?

    ReplyDelete
    Replies
    1. හිකිස්... :) :)

      හැමදාම කනවා මෙයා

      Delete
  42. අඩෝ real live බලන්න පුළුවන් මරු නේ.....{ඇහේ පොට යයි ඕවා බලලා}

    ReplyDelete
  43. හිකිස්‌....
    මාත් දැක්ක රජා ඉන්නවා සෝස පාට සීසොට් එකක් ඇඳගෙන... කතා කලාට ඇහුනේ නෑ නේ ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  44. කෝ බොල මගේ කොමෙන්ටුව කෑවද බදාම අන්න ගත්තද? හ්ම්ම්ම් කළු කන්නාඩි දෙකක් දාගන්න කියල මම යෝජනා කොරනවා. ඔය එක එක ඒවා පෙන්නේ නැති වෙන්න.

    ReplyDelete
    Replies
    1. යෝජනාව ස්ථිර කරනවා!!

      Delete
  45. මේ බ්ලොග් එක සඓට් එකේ කව්රු හරි බලුවොට්නම් උඹ ඉවරි රජෝ........

    ReplyDelete
  46. හිහ් හිහ් පට්ටයි සජෝ..හෙන කාලෙකින් ආවේ...
    මාලු කතාව තමා මරු අනික්වත් එල..

    ReplyDelete
  47. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete

  48. රාජ අවවාදයයි!
    දවස් 2ක් එකදිගට පැමිණීමෙන් ඇබ්බැහි විය හැක.

    ස්තූතියි නැවත එන්න...



    ඇබ්බැහි උනෙමි!!! මේක ආතල් ලෝකයක් නොවෑ :D

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)