Tuesday, October 30, 2012

මෙන්න මුං මට මහත්තයාලු



හා හා පුරා කියා මං රජා රස්සාවක් වගේ එකකට පය ගැහුවේ ඊයේ පෙරේදාය. වෙන්ඩ ඉන්ජෙක් ලෙස ලංකාවේ විශාලතම ඉදිකිරීම් සමාගමට බැදුනෙමි.  පොඩිකාලේ ඉදන් තාත්තාගේ අඩිපාරේ යන්න මටත් හෙන ලොකු අමාරුවක් තිබුනේය. එහි ප්‍රථිපලයක් ලෙස මම අද දොන්ත සයිස් බිල්ඩිමක් උඩ අව්වේ කරවෙමි. මෙය ෂැංග්‍රිලා, නෙළුම් කුළුණ, ක්‍රිශ් රෙසිඩන්සීස් නිමවන තුරු ලංකාවේ උසම බිල්ඩිම වනු ඇත.

සිවිල් ෆීල්ඩ් එක අමාරු බව මම හොදහැටි දන්නෙමි. ඉස්සර මම තාත්තත් එක්ක බිල්ඩිමක් හදන තැනකට ගිහින් පැයක් හිටගෙන ඉන්න බැරි එකෙක්ය. ඒකට අද... පැය 14ක් කකුල් දෙකෙන්ම හිටගෙනය. කොදු, තුනටි, යටිපතුල්, උරහිස්, හා සියළුම සන්ධි සංවේදනයෙන් තොරය. ඒ මදිවට හදපාන වගේ තිබ්බ මූණ පරණ කේතලේ වගේ වෙලාය. හෙල්මට්ටුවක් ඔලුවේ ගහන් ඉදලා ඒකේ පටිය යන පාර විතරක් සුදු පාටට මූණේ ඉතුරුය. 

වැඩ කරන අයියලා, අපේ වයසේ උන්, මල්ලිලා, අංකල්ලා අපිට කතා කරන්නේ මහත්තයා කියලාය. දවස් කීපයක් යනකන් ඒ ආමන්ත්‍රණය අතිශය ගුජුප්සාජනක විය. ඇයි යකෝ...අපිට කවුද බං මහත්තයා කියන්නේ? හිතට නැගෙන එකම වේදනාව එයය.

මෙවන් එකී නොකී දුක් කම්කටොළු මැද සයිට් එකේ පහස නිවන දසුන් දෙකකි. ගිය පළවෙනි දවසේ මං රජා විසින් අක්කේ යැයි ඇමතූ නංගිලා දෙන්නෙකි. නංගි කිව්වට මං රජාගේ වයසෙමය. එක වයසේ උනාට මම කලින් උ.පෙ කල නිසා මම බලෙන්ම අයියා උනෙමි. ඇයි මල වදේ...මම තැනකට ගියොත් එතන ඉන්න කෙල්ලෝ අක්කලාය.

සයිට් එක දැන් තහනම් අඩවිය යටතට පත්වී හමාරය. අඩවියේ මහ ඇමතියෝ තුන් දෙනාම ඉන්නේ මේකෙය. කලින් කතා වලින් කරලියට ආ ගවේෂක, වැල අශාන් සමග නිශාන්ය. රජා සුදුවට ඉන්න නංගි එක්ක කලින් කතා කීරීම හේතුවෙන් මුන් ටිකත් නංගිලාට රබර් ඇහැ දමමින් සිටින්නේය. එහෙන් මෙහෙන් යනගමන් වැඩ කරන අයියලාගෙන් නම් දෙක අසාගත්තෙමු. උන්ගේ අම්මලා උන් දෙන්නටම නම් තියලා තියෙන්නේ සින්දු වලින්ය. 

භවයෙන් භවේ...
පැතුමන් පුරා ආවේ සොයා මා හද ආදරේ... 
නදීශානී//

මගෙ නෙත් මායිමේ ඉදන්...
මට ඉගි කරනා... පුංචි සමනළී//

අපි දෙන්නෙක් එකට ඉන්න තැනකින් මේ දෙන්නා ඇදී ගියොත් උන්ට නෑසෙන්නට මෙම ගීතය අලංකෘතව වාදනය වන බව වැඩකරන උන්පවා දන්නේය.

අපි ඉන්නේ මහරජතුමාගේ ගෙටත් උඩින්ය. මුළු කොළඹම අපේ දර්ශන පථයට අහු වෙන්නේය. පැත්තකින් බේරේ වැව ටිප්ටොපේට පෙනෙන්නේය. මේකත් සිරා සීන් යන තිප්පොලක්ය. ඉල ඇදෙන සීන් වැහි වැහැලාය. එකක් දෙකක් මෙසේය. 

වැඩකරන උන් ටිකක් 18වෙනි තට්ටුවේ පලංචි වගයක් ගහමින් සිටියේය. සේෆ්ටි ඔෆිසර් කෙනෙක් ආවේය. උන්ගේ වැඩේ අර දාඩිය පෙරාගෙන වැඩ කරන උන්ට බනින එකය. වැරදි හොය හොය වද දීමය. සේෆ්ටියා ආවේය.

සේෆ්ටියා - ඔය ඉතින්...අන්සේෆ් නේ....

වැඩකරන එකා එකපාරට ආ වදන් මාලාවෙන් අන්ද මන්ද විය. මිනිහා බේරේ වැව දෙස බලමින්, හංසයෝ නං නෑ මහත්තයෝ.... කීවේය. ආරංචියේ හැටියට එදා හිනා වල සද්දේ මුළු කොල්ලුපිටියටම ඇසී ඇත.
  
මං රජා 19වන තට්ටුවේ කොලම් වල කම්බි බදින හැටි බල බල හිටියේය. කම්බි අවසන් වීම හේතුවෙන් වැඩ පැයකට පමණ නැවතුනේය. වෙලාව 5.30ට පමණය. වැඩකරන උන් රජා සමග කතාවට වැටුනේය. අංකල්කාරයෙක් පහල තියෙන කලම්බෝ ස්විමින්ග් ක්ලබ් එක දිහා කට ඇරගෙන බලාගෙනය. මමත් ලගට කිට්ටු කලේය. සුද්දියෙක් වත් හිටියොත්.... මට මීටරේට වැටුනේය. 

අංකල් - බලන්ඩකෝ මහත්තයා... ඔය සුදු කකුල් තිබුනට ඔවුන් ලංකාවේ. හැමදාම එනවා ඔතන පීනන්ඩ.

කූඹිච්චියෝ වගේ උඩට පෙනුනට දිලිසෙන සර්වාංගය 19වෙනි තට්ටුවටම මනාව දර්ශනය වෙන්නේය. 

රජා - ආ... එහෙමද? සල්ලිකාරයෝනේ... ( හිතෙන් - පට්ට කෑල්ල යකෝ...)

අංකල් - ඔව් මහත්තයා... උන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති වෙලා.

රජා - හ්ම්ම්... ( හිතෙන් - ශික්... අද කලින් වැඩ ඉවර වෙන්නේ නෑනේ)
මේ ඊයේ පෙරේදා ආයෙත් පාන් මිල වැඩි කලේය. ඊට පහුවෙනිදා එකෙක් වැඩ කරන වෙලාවේ හිටගෙන අරලිය ගහ මන්දිරේ දිහා බලාගෙනය. මම ලගට ගියෙමි. 

වැඩර් - මහත්තයා... මම කැන්ටිමට ගිහින් පාන් ගෙඩියක් අරං එන්නද?

රජා - ඇයි බඩිගිනිද? 

වැඩර් - නෑ මහත්තයා... මට ආං අර වත්තට වැටෙන්ඩ පාන් ගෙඩිය විසික්කරන්න. මූ මන්දිරේට අත දිගුකරමින් කීවේය.

රජා - හිකිස්.. 

අපි ඉන්න තට්ටුවට උදේ මීදුම එන්න කලින් සිරීපාදේ පවා දර්ශනය වෙන්නේය. මේ ගැන රජාව දැනුවත් කලේ මගෙ පැත්තේ හෙඩ් බාස්ය.
මේවට ගිහින් හරියට කන්නවත් දෙන්නැති වෙයි කියා සිතූ අපිට දවසට රුපියල් 70ට මුළු වේල් 3ම ලැබෙන්නේය. උදේ 10ට හා හවස 4ට කිරි තේ එකකි. එක එක දවසට එක එක ජාතිය. බදාදා රෑ කෑම එක නං ලොවෙත් නැත. අනිත් දවස් වල මොනවා තියෙනවාද දන්නේ නැත. තාම කෑවේ නැත.

බදාදට - බටර් ගාපු පාන් පෙති 8යි, සොසේජස් 2යි, බිත්තරයයි, තම්බපු අල ගෙඩියයි, කැරට් 1, ගෝවා ¼, බෝංචි කරල් 5යි.

වැඩ කරන්න සුපිරිම වෙලාව රෑ 6.30ය. සිරාවටම මෙච්චර ලස්සනට මම කවදාවත් කොළඹ දැක නැත. එක පැත්තකින් ගෝල්ෆේස්, හෝටල් සෙට් එක, වරායය. අනිත් පැත්තෙන් එකිනෙකට සමාන්තරව දිවෙන ගෝල් රෝඩ්, ඩුප්ලිකේෂන් සමග මැරීන් ඩ්‍රයිව් එකය. පාට පාට ලයිට් වැහි වැහැලාය. සුරපුර පරාදය. මංරජා වැඩි වෙලාවක් ඉන්නේ ඒ පැත්ත බලාගෙනමය.

වැස්ස වෙලාවටත් කොළඹ හරි ලස්සනය. ඈත ඉදන් වැහැගෙන එද්දි මාර හැගීමක් හිතට දැනෙන්නේය. වැස්සට පස්සේ කොළඹ ලස්සන නොවුනට උඩ ඉදන් වහින හැටි බැලීම නං වටින්නේය. අනිත් පැත්තෙන් මහ මුහුදය. මුළු දවසම වහින බව මුහුද දිහා බලලා කියන හැටි කියන්න මංරජාට කියා දුන්නේ හෙඩ් ෆෝමන් මහත්තයාය. මූදේ කුණාටු තත්ව පවා උඩය පැහැදිලිව පෙනෙන්නේය. පැහැදිලි කිව්වාට අපැහැදිලිය. කළු පාටය.

කට්ට කාගෙන මාස 3ක් හෝ 6ක් මේක ඇදගෙන යා යුතුය. කවර් කල යුත්තේ පැය 300ක්ය. ඒක එක මාසෙන් විනාස කල හැක. නමුත් මේ ගන්න අත්දැකීම අපිට සෑහෙන්න වටින්නේය. ඉදිරි ගමනට මහත් රුකුලක් විය හැක්කේය.

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

122 comments:

  1. අනේ උඹේ ජීවිතේට රුකුල.මම කිව්වා කියලා හිතා ගනින්.

    මොනවා උනත් උඹට ළමයි ඉන්න කාලෙක උඹට පුළුවන් පොඩි එකාට පෙන්නන්න බබා තාත්ති මේක හදනකොට මේකේ වැඩ කරා කියලා.

    ReplyDelete
    Replies
    1. වල් රජාගේ කතාවටත් වැඩියෙන් කමෙන්ටුව සිත්ගත්තෙය. හිකිස්.... කියලා වැඩක් නෑ.... නියමයි අෆ්ෆා..

      Delete
    2. ඒ මුට බදින්න කෑල්ලක් හම්බුනොත් නේ...............

      Delete
    3. ඕං බලහන්... මම සම්භාව්‍ය වචනයක් ලිව්වම උඹලා ඒකෙන්ම මට ගහනවනේ ;)

      Delete
  2. all the best rajo....4to ekak wath damma nam ithin oya kiwwa ewa apitath balanna tibbane....

    ReplyDelete
  3. අප්පේ...මමනං සිවිලෙක් නොවුනේ ඔය කම්බි කුරු අස්සේ කට්ට අව්වේ පිච්චීම මට අල්ලන්නේ නැති නිසාය..ඒත් තාමත් අපේ අප්පච්චි කාරයා ඒ රැකියාවේ අරුමේ කියා මට වද දෙයි!
    මොනවා උනත් රජෝ ඔච්චර උඩට වෙලා ඉන්නේ බලාගෙනය! හෙන ගහන්නට පුළුවන්ය!

    ReplyDelete
    Replies
    1. හෙන ගහන්නෑ පුතා.. අකුණූ සන්නායක ඇත :)

      Delete
  4. හිකිස්... (හිනා ගියේ මානවක කිවුව එකට ඈ...)

    ඒ ඔයා මාර ලකී අප්පා.. ඕම කියද්දී මට ඉලිසියයි... ඔය සුන්දරත්වය මට විඳින්න නෑ නේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  5. සතුටුයි මචං උබ ගැන .. ඉස්සරහටම පලයන්.. ( ස්ලැබ් එකේ ගැට්ටට ආවහම හරියන් ඈ . තට්ටු ගානක්නේ )

    ඔයි අර කිව්වා එව්වයේ ෆොටෝ දානවකෝ.. මං කිව්වේ සමනලී , නදීෂානී

    ReplyDelete
  6. බොට ජයම වේවා මලේ... බොලාත් ඉතිං අපේ එකෙක් නොවැ...

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සිරා අයියේ... :)

      Delete
  7. පැනිකම ඉස්සරහට දාගෙන කෙලවගන්න නම් එපා මචන්.මම බොක්කෙන්ම උඹට සුභ පතනවා උඹේ අනාගතේ ලස්සන එකක් වේවා කියලා.

    ReplyDelete
    Replies
    1. උඹලා හිතන් ඉන්න තරම් අපි නරක නෑ බං :)

      Delete
  8. කතා වනං ලස්සනය මේ පාර උ.පේ. fail උනාම මාවත් ගනින් පුළුවන් නම් ඔතන කොන්ක්‍රීට් අනන්න
    {සුදුසුකම් ගැන සලකා බලලාවත් මාව ගන්න මහත්තයෝ}
    01 උපේ fail
    02 සාපෙ ලාවට සමත්
    03 7 days පළපුරුද්ද
    04 උස අඩි 5 .3
    05 උප්පැන්න සහතිකේ හා මොන්ටිසෝරි සහතිකේ

    ReplyDelete
    Replies
    1. සුදුසුකම් වල හැටියට MBBS දෙන්න පුළුවන් :)

      Delete
  9. අඩේ අප්පා... රජා මේ ටික දවසටම මහත්තයෙක් වෙලාද..... මරුනේ.. හි හි...

    අනේ මහත්තයෝ.. යන යන තැන ඇදගෙන යන ඔය අග්‍ර පුරෝහිතයෝ දෙන්නවත් පරිස්සම් කරගෙන 300 ඇදගන්න බැලුවොත් හොඳා.. මොකෝ උඩට නඟින කොට තුන්දෙනාම හිටියට පහලට බහින කොට හතරදෙනක් එහෙම වෙලා තිබුනොත් විනාසයි.. හි හි...

    ReplyDelete
  10. සිරා අත්දැකීම් ටිකක් නොවැ විදින්ට ලැබිලා තියෙන්නේ.සතුටුයි ඒ ගැන.

    ReplyDelete
  11. දැන් දැන් 3 මාර විදිහට මාර්කට් වන්නේය.. විමල් 13 ගැන ලතවෙද්දී රජා 300ක් සොයන්නේය...
    හි හි.. අත්දැකීම් බහුල වේවා.. කරන කියන කටයුතු සාර්ථක වේවා...
    නදීශානී හෝ සමනලී සෙට් වේවා..

    ජය...

    ReplyDelete
    Replies
    1. 3 කොහොමත් මාකට් නේ බං :)

      Delete
  12. රජාට හොඳ වැඩේ මෙච්චර කාලයක් සිංහාසනයක් උඩ නිකං ඉඳගෙන හිටියට.:)

    රජතුමාට සුබ පැතුම්!!!

    ඉතින් ඔය බිල්ඩිම උඩ ඉඳන් 'රජ්ජුරුවෝ උඩයි උඩයි ' කියනවද? අර සුදු ගෑනු ලමයි දිහා බලනකොට ඔය කෙලවරවල් වලට යන්ට එපා ඕං...පරිස්සමින් ඈත ඉඳන් බලනට.:D

    ReplyDelete
  13. අප්පටසිරි, රජා හදිසියෙ මහත්තයෙක් වෙලා, ගෑනු ලමිස්සියො හදිසියෙ වැඩිවියපත් වෙනව වගේ.

    එහෙනම් අළුත් ජොබට සුභ පැතුම් මචං.

    මට ඒත් මැවිල පේනව මූනෙ සුදු පාට ඉරි දෙකක් එක්ක කළු කොල්ලෙක්, බණ්ඩා කොළඹ ගියා වගේ කට ඇරන් කොළඹ බලන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. උඹලා මට කින්ඩිය දානවා නෙහ් :)

      Delete
  14. ආ රජා මහත්තයෝ. රජ මාලිගාව කිට්ටු නං බලාගෙන පොළොං පැටියෙක් කියල හිතාවි. බොගේ පැය 300 න් පැය 200 ක් වත් මේ පැත්තෙන් තියපිය. (වැරදුනා. තියා ගනු මැනවි චූ රජතුමනි)

    ReplyDelete
  15. පලමුව සුබ පැතුම් රජාට. කැලි බල බල ඉදලනම් හරියන්නේ නැ රජෝ..

    ReplyDelete
  16. රජ වත්ත පැත්තට ස්නයිපර් පාරක් දාන්න සුදුසු පොට් එකක වගේ උඹ ඉන්නෙ . ජයවේවා..

    ReplyDelete
  17. මට මැවිල පේනවා රජා නදීශානී.....නදීශානී..... කියගෙන අර පරණ සිංහල ෆිල්ම් එකක නළුව වගේ ඇස් දෙක පියාගෙන ගිහින් කොන්ක්‍රීට් ගොඩක වැටෙනව. :D

    ReplyDelete
  18. ආහා.... සිවිල් සයිට් එහෙකට ගිහින් වගේ. හික්ස් :)

    ReplyDelete
  19. කවුද බොල රජාට මහත්තය කියන්නෙ දේවයන්වහන්ස කියන්නෙ නැතුව.

    ReplyDelete
  20. වැඩේ හොඳින් කරගනින් මචෝ. ජයවේවා!!

    ReplyDelete
  21. මේ උඹ නංගිලා දිහා බැලුවට අවුලක් නෑ. පොඩ්ඩක් ඔය උඹම කියල තියන කේතල් පෙනුම උන්ටත් පේනවා කියල හිතාගනින්. :) මොකෙන් හරි කමක්නෑ වෙන්ට ඉංජා ගමන හරියට යන එකයි ඇත්තේ.. නදීෂානි ගාගෙන කොන්ක්‍රීට් තට්ටු වලින් වැටෙන්නේ නැතුව. මොකෝ සමනලී කිව්වට එයා පියාඹන්න යෑ උඹ වැටුනොත්..

    ReplyDelete
  22. නියමයි නියමයි මලයෝ :)
    "හදපාන වගේ තිබ්බ මූණ පරණ කේතලේ වගේ වෙලාය." හිකිස්‌ :ඩි

    ReplyDelete
    Replies
    1. සිරාවටමයි කිව්වේ :)

      Delete
  23. සුභ පැතුම් පලමු රැකියාවට රජ මල්ලි කොහෙද වැඩ? අපිත් ඉන්නෙ ඔය අවටම තමයි. WTC එකේ. පරිස්සමින් රජෝ තට්ටු ගනන් උඩ නැගලා ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ ඕක නියමෙට පේනවා අපිට... ඔළුව දාලා හූවක්වත් කියන්ඩකෝ :)

      Delete
  24. අඩේ රජෝ මුලින්ම මගේ සුභ පැතුම් අලුත් රස්සාවට. මුලින්ම කන්න ඕනේ කට්ට ඕව මොනවද බොල මම කෑව කටුවල හැටියට. ලන්කාවේ රස්නෙත් රස්නයක්ද? http://chithula.blogspot.com/2012/10/blog-post.html බලපන් මේක මලේ කටු කන තරමට ඉහල ඒමේ ප්‍රවනතාව වැඩියි. සීනි බොල වගේ ඉන්න උන්ට වඩා දරාගැනීමේ ශක්තිය වැඩියි. එතන ගිහිනුත් ගෑනු ගැන හොයන්නේ නැතිව රස්සාව හරියට කරපන්. best of luck.

    ReplyDelete
  25. ජයවේවා! ඔන්න ඔහොම ෆීල්ඩ් එකේ කතා ටිකක් දාපං.
    //නෑ මහත්තයා... මට ආං අර වත්තට වැටෙන්ඩ පාන් ගෙඩිය විසික්කරන්න. මූ මන්දිරේට අත දිගුකරමින් කීවේය//
    පට්ට කියමන ඕයි!

    ReplyDelete
  26. සුභ පැතුම් මචං ...හොඳින් කරගෙන පලයන්..!
    අත්දැකීම් හරි වටිනව සිවිල් වල.
    බාස්ලගෙන් උනත් කමක් නෑ නොදන්න එක ලැජ්ජ නැතිව අහ ගනින්..ඉහලට යන්න පුලුවන් එතකොට..අත්දැකීමෙන් කියන්නෙ.(මම ඩ්‍රාෆ්ට්ස්මන් නෙ.)
    ඇත්තටම සිවිල් වල...සයිට් වල වැඩබලන එකනම් පවක් තමයි..ඕවයෙ මහන්සිවෙලා වැඩකරන් උන්ට ඉක්මනින්ම මල පනිනව පරිස්සමින්..!
    කොහොම උනත් උඹට හොඳතැනක් හම්බවෙලා නැත්නම්..එපාවෙනව සමහර ඒවායෙ.

    ReplyDelete
  27. නියමයි රජ පුතා මහත්තයා සර්.
    අලුත් ජොබ් එකට සුබ පැතුම්.
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් මාමේ මහත්තයා සර්...
      රාජ සම්පත!!!

      Delete
  28. පොඩි මිනිස්සුන්ගේ දුක තීරෙන්න උන් එක්කම වැඩ කරන්න ඕනේ. කොහොම හරි, අලුතෙන් ලැබුන ජොබ් එකට මගෙන් උණුසුම් සුබ පැතුම්.......

    ReplyDelete
    Replies
    1. මට ඒක තේරෙනවා බං... පොඩිකාලේ ඉදන් හිටියේ මේ වගේ මිනිස්සු එක්කනේ

      Delete
  29. ඔයා දැන් ගොඩක් උසස් වෙලා රජෝ... කොලබ උඩම බිල්ඩිමක නේද වැඩ කොරන්නේ..එළ.. තව තව උඩට යෑමේ වාසනා මහිමය ලැබේවා..දරු මල්ලන් ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. දරු මල්ලෝ???

      හයර් කරන්න තමා වෙන්නේ :)

      Delete
  30. නියමයි! සතුටුයි! හොඳින් වැඩ ටික කරගන්න..ජයම වේවා රජ!

    ReplyDelete
  31. ජය වේවා වැඩකටයුත්තු වලට,,,
    නරකද හොද පොටෝ දෙක තුනක් අරගෙන දැම්මොත්.

    ප:ලි:- අමාරුයි කියල හෙල්මට් ගලවන්න එපා මලය.

    ReplyDelete
  32. බොහොම හොඳයි..කුනුහරුප කිය කිය හිටිය මදැයි....දැන් ඉතින් සිහිකල්පනාවෙන් මහත්තැන් කොම මහත්තයෙක් විදිහටම කොරන්න..අත්දැකීම් අරගන්න..මූදෙන් එතෙර වෙන්න ඔය ටික හරි වටිනව...
    සිංදු දෙක අමතක කොරන්න...

    ReplyDelete
  33. රජා, කියන්න අමතක වුනා.
    කැමරාවක් අරන් ගිහිල්ලා ඇතිවෙන්න කොළඹ පේන හැටි ෆෝටෝස් අරං අපිටත් බලන්න දාපං. එකෙ එක ලයිට් කන්ඩිෂන් වලට, දවසේ එක එක වෙලාවට ට්‍රයි කරපං. තව අර වැස්ස එන හැටි, වහිනකොට, වැස්සට පස්සෙ හෙමත් ගනිං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans


    ReplyDelete
    Replies
    1. අනිවා, මේක නම් හොඳ යෝජනාවක්.

      Delete
    2. නියම යෝජනාවක් තමයි.
      මෙන්න යෝජනාව ස්තීරයි.

      Delete
    3. මෙන්න මමත් අනුමත කරනවා!!

      Delete
    4. යෝජනාවනං එල...

      හැබැයි පොටෝ ගහනවා සයිට් එකේ සේෆ්ටි ඔෆිසරයෙකුට අහුඋනොත් ඇටත් නැතුව තමා එන්න වෙන්නේ :)

      Delete
    5. ඒ එද්දී උගේ පොටෝ එකකුත් අරගෙන වරෙන්.. :)

      Delete
  34. පුහ්....උඹේ රුකුල පරෙස්සම් කර ගනින් ඈ... :දිව දොට්ට....සුබ වේවා...

    ReplyDelete
  35. සේෆ්ටියා - ඔය ඉතින්...අන්සේෆ් නේ....
    හංසයෝ නං නෑ මහත්තයෝ....

    හික්ස්...ඔය වගේ වැඩක් ඉස්කෝලේ යන කාලේ අපිටත් වුනා.මට මේක දැක්කම ඒක මතක් වුනේ.හී...හී...
    අළුත් රස්සාවට සුභ පැතුම්.....!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල... මෙන්න සමනළී :) :)

      Delete
  36. අනේ මහත්තයෝ.............අපිටත් තෙමෙන්නැති ගේ කෑල්ලක් ගහලා දීපංකෝ.........

    ReplyDelete
  37. ළඟදීම මටද ඔය කට්ට කන්නට වනු ඇත

    ReplyDelete
  38. ඉස්සෙලම සුභ පැතුම් අළුත් ජොබට..

    රජාට මහත්තයා කිවුව හන්දද කොහෙද මේකා මේක ලියලා තියෙන්නේ.. උඹ වල් රජා කියලා දන්නේ අපිනේ බං.. :)

    ReplyDelete
  39. හදවතින්ම සුබපැතුම් මචං.
    අර උබ ගුජුප්සාජනකය් කිවා නේදැ,ඒ මොකද්ද හැබැටම ?

    ReplyDelete
  40. උබ 19 වෙනි තට්ටුවෙන් උඩට යනවනම් 5 කිලෝ තරාදි පඩි දෙකක් අරන් කකුල් වල ගැට ගහ ගනින්

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද බං? මම හොද සයිස් කොල්ලා ;)

      Delete
  41. රජතුමා කවදත් ඉහලින්මනේ ඉන්නේ..ඒ හින්දා අවුලක් නෑ

    ReplyDelete
  42. හේ හේ රජාට දුකට කරුණ තමාට රජා නොකිය මහත්තය කීමය.රජාගේ තනතුර නැතිවී මහත්තය තනතුර ලබිලාය. :P

    ReplyDelete
  43. සන්තෝසයි සන්තෝසයි රජෝ, බොක්කෙන්ම සන්තෝසයි, කට්ට කෑවොත් මස් කන්න ගේමක් නෑ, අර පාන් ගෙඩියේ කතාව පට්ට යකෝ. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  44. ඔය වැඩබ්ම්වල තියන්න සුන්දර පැත්තට වඩා අසුන්දර පැත්ත ගොඩක් වැඩියි.

    මිනිස්සුන්ගේ දාඩිය සුවද .කදුළුවල ලුණු රස හදුනන ඉන්ජෙක් වෙයං මචං,

    උඹට රාජ සම්පත් ලැබේවා


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
  45. අඩෝ උබ අර බන්දුල මහත්තයට කින්ඩිය දානවා නේද ? උබ 70 ගානේ දවසට කාල සල්ලි ඉතුරු කරලා ඇමතිතුමාට කෙලින්නද හදන්නේ ?

    ReplyDelete
  46. සුභ පැතුම් ජොබ් එකට!!!

    හික්ස්ස්.. රජාට මහත්තයා කියල අහරියන්නෙ නෑනෙ..:O රාජ දඬුවම් දෙන්න නියම කලේ නැද්ද රජා?? ;)

    ReplyDelete
  47. වරාය දිහා බලන් ඉන්නකොට මාව දැක්කොත් ඇත වනපන් :පී - ඩොක්යාර්ඩ්

    ReplyDelete
  48. පුහුණු වීම සාර්ථක කරගන්න සුභ පැතුම්..

    ReplyDelete
  49. උඩ ඉදන් බලන ෆොටෝ දකින්න අපිත් ආසයි රජ අයියේ ...
    දවසක දාන්නකෝ අපිටත් බලන්න ....

    ReplyDelete
  50. හොදන්ට කරගෙන යමන්. අපි නම් කොම්පිතර ඉන්ජෝ හින්ද අව්වේ කට්ට කන්න නෑ. ජයවේවා.....!

    ReplyDelete
  51. ජයවේවා රජතුමෝ...

    ReplyDelete
  52. පස්වාන් දහසකට බුදු වෙන්ඩ!...

    ReplyDelete
  53. රජ්ජුරුවෝ උඩයි උඩයි... රජාට වටේම සීන් කර කර ඉන්න නියම තැන තමා හම්බ වෙලා තියෙන්නේ. කෝ අර පැපරාසි කැමරාව? අලුත් ජොබට සුභ පැතුම් මලේ...!

    ReplyDelete
  54. රජාට රජා නොකියා මහත්තයා කිව්ව එකටයි මල පැනලා තියෙන්නේ :P

    ReplyDelete
  55. රජාට හොද අත්දැකීම් ටිකක් හම්බ වෙලා තියනවනේ ,,,
    ඉදිරියටත් හම්බ වෙන අත්දැකීම් අපිට කියන්න
    ජයෙන් ජය !!!

    මීට ,, රාජ අඩවියේ ,, මුරකරුවන්ට පගාව දී ඇතුල් වූ මම
    http://theachcharuptuwa.blogspot.com/

    ReplyDelete
  56. ජයම වේවා රජෝ... හොදට වැඩ ටික කරගෙන යන්නකෝ... ලස්සන අත්දැකීම් ටිකකුත් එකතු කරගෙනම...!!

    ReplyDelete
  57. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  58. පහලින් පෙනෙන සීන් කෑලි TL/TS වලින් හොන්දටම බෑලිය හෑක... පලපුරුදු වෑඩ කරුවෙක්මි..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)