Sunday, September 23, 2012

සිගිති ආතල්... 12+

පහුගිය දවස්වල රජ පවුලට වෙඩින් වැහි වැහැලා තිබුනේය. මේ ඊයේ පෙරේදා රජාගේ මාමා කෙනෙක් බැන්දේය. කට ඇරලා මාමා කියන්නත් දුකය. ඌ තාම අයියාය. මේවා රජ මුත්තාගේ වැරදිය. ළමයි හැට හුට හමාරක් හදපුවාම මෙහෙම වෙන්නේය. කලින් ඉපදුන ළමයින්ට, ළමයි හම්බවෙනකොටත් මුත්තම්මාටද බබ්බු හම්බවෙන්නය. මේ සීන් එක පරණ පවුල් වල තියෙන ලක්ෂණයක්ය. මං රජාට මාමා, නැන්දා වන, මට වඩා බාල උන්ද අපේ පවුලේ ඇත. කොහොම කට ඇරලා නැන්දේ කියන්නද? දුකයි..... මම නං කියයි නංගිලාට නැන්දේ කියලා. හීනෙන් තමයි... ^_^

පලවෙනි දවසේ වැඩ කටයුතු එහෙම ඉවරවෙලා හෝම් කමින් එකේ වැඩ වලට පොඩි සප් එකක් දෙන්න හිතාගෙන රජා සහ යුව රජ නංගි බබාගේ නැගී ගෙවල් පැත්තට ගියෙමු. මල්හතයි.... පොඩි උන් රොත්තයි... සෙට් එකම වෙලේ බෝල ගහනවා. වෙලට හිනාව දාගෙන, කඩාගෙන ගිය බයික් එක මිදුල මැද්දේ බෘස් ගා නතර විය. ක්ෂණයකින් ඒකේ ආපු උන් දෙන්නා වෙලේය. 

වෙලට බහින කොටම වෙල මැද්දේ පත වලක්ය. ඇස් දෙක පිහිදා, ලෙන්ස් එක අල්ලලා නැවත බැලුවෙමි. සිරාවටම වලක්ය. මම ටිකක් ලගට ගියෙමි. අඩේ අප්පා... අඩි 3ක් විතර ගැඹුර වලකි.

රජා - මොකද්ද බොලේ මේ?

සූටි උන් - මේ අපේ ලිද.... අද හැරුවේ

රජා - හෑ.....? උදේද හැරුවේ?

සූටි 1 - උදැල්ලෙන් තමා හෑරුවේ..

සූටි 2 - හික් හික්... උදේද කියලා ඇහුවේ... :)

සූටි 1 - :O


ආපු වැඩේ පැත්තක තබා පොඩි උන් සමග මැච් එකකි. මම තනියමය. අරුං ඔක්කොමය. කරන්න දෙයක් නැත. මම අලි බබාය. එහා නියර ලග ගෙදර අක්කලා සෙට් එක අපේ පේක්ෂකයෝ විය. පොඩි උන් මාර බැට්ස්මන්ලා විය. නියමිත ඕවර  3 අවසානයේ ළකුණු 49ක් රැස් කර ගෙන තිබුණි. මම රජා වැඩකරු වගේ අභියෝගය බාර ගත්තෙමි. හයේ පහර අටකින් මගේ ඉනිම වර්ණවත් විය. තව හතරක් වැදුනි. මැච් එක මම දිනුම්ය.

මාගේ දිනුම මතක තබා ගන්නට ඡායාරූපයක් ගැනීමට මම සූදානම් උනෙමි. වෙලාවට කැමරාව ගෙනත් තිබුනි. ඒ ගෙදර අයට කලින් දවසේ වෙඩින් එකේ නොදුටු පොටෝ පෙන්නන්නටය. මම කැමරාව අර වෙලට බැස්සෙමි. මට තනියම පොටෝ ගහන්නට පොඩි උන් ඉඩ දුන්නේම නැත. කරන්න දෙයක් නැත. උන් එක්කම පොටෝ ගැසුවෙමි.

පිතිකරු ලැයිස්තුව



බෝල ගහන්නට ගිහින් මගේ වම් කකුලට බබා හමුවිය. එය එදා තහනම් අඩවි අස්සේ රිංගන්නට ගිහින් දූෂණය වූ කකුලය. කොර ගගහා ඇවිත් ගෙදර පොඩි පොඩි වැඩ කර අවසානයේ මම නිවසට එන්නට හැරුනෙමි. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

104 comments:

  1. උබ සිරා ආතල් ගන්නෙ නේ...

    ReplyDelete
    Replies
    1. හික් හික්... තාම පොඩි එකානේ :)

      Delete
  2. පොඩි උන්ට පෝලිමේ ඉන්න උගන්නන්නද බොලා ගියේ..

    බලපං ඉතිං රජෙක් වුනත් වල්කම :ඩී

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනං සැමාගේ වල් හිත ඈ.. :)

      Delete
  3. මටත් ඉන්නවා ඔය වගේ සුටි මල්ලිලා සෙට් එකක්..
    පංකාදු පහයි ඈ...

    ReplyDelete
    Replies
    1. පොඩි උන් පංකාදුයි බං :)

      Delete
  4. අඩේ සුපිරි ෆන් එක බන් :)

    ReplyDelete
    Replies
    1. සිරාවට බං... අපි ගන්න ඒවා වගේ නෙමේ :)

      Delete
  5. හෙහ් හෙහ් .... සිඟිති රජෙක්.

    ReplyDelete
    Replies
    1. අඩවි රජා වෙනස් කරලා සිඟිති රජා කියලා දාමුද ඈ? :)

      Delete
  6. රජෝ රජ වැඩක් කරල තියෙන්නේ මෙහෙම හරි පොඩ උන්ගේ ලෝකයේ ලස්සන දැක්ක එක මොනතරම් සතුටක්ද

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ගේ ලෝකේ අපේ ලෝකෙට වඩා සිරාවටම ලස්සනයි!

      Delete
  7. un set eka rajage pavulatama galapenava
    ado uba eda parada venna thibbe,ehema una nam davas gaanak yanakan kanak ahila inna labenne naa :-)

    ReplyDelete
    Replies
    1. හා හා.... කට කට

      එහෙම පැරදෙන්න පුළුවන්ද පොඩි උන්ට :)

      Delete
  8. සෝයි අනේ... අපේ පැත්තේ ඔහොම වෙලක් ඇත්තෙත් නෑ.. පොඩි උනුත් නෑ අප්පා..(ඉන්න උනුත් මම වගේම කාමරේ අස්සේ කී බෝඩ් මවුස් එක්ක සෙල්ලම් දාන්නේ)

    ReplyDelete
    Replies
    1. අයියූ.... :)

      (ඉන්න උනුත් මම වගේම කාමරේ අස්සේ කී බෝඩ් මවුස් එක්ක සෙල්ලම් දාන්නේ)

      මට මේ වාක්‍ය වැරදියටම පෙනෙන්නේ ඇයි?

      Delete
  9. ඉස්සරනම් අපේ අම්මගේ කට්ටිය අපේ ගෙදර ආවම අම්මලා තාත්තලා පුතාලා දුවලා ඔක්කොම දවසම ක්‍රිකට් ගහන එක තමා කරන්‌නේ.. මාර ජොලි...
    රජාටත් මාර වැඩ සෙට් වෙන්නේ.. නේද...

    ReplyDelete
    Replies
    1. අඩේ.. මරුනේ අප්පා :)

      Delete
  10. මූත් එක්ක ඉඳලා පොඩි උන් ටිකත් මූ වගේ වෙයිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උන් ඔක්කොම ඉංජෝ...

      රටටම සම්පතක් :)

      Delete
  11. උනුත් ඉවරද මන්දා.රජාට අහු උනොත් සොරිම තමයි. අනේ මන්දා මේව කියලත් බෑ නොකියත් බෑ.

    ReplyDelete
  12. රජාත් සුපිරි ක්‍රීඩකයෙක්නෙ බලාගෙන යනකොට.
    මට ඉන්නවා බං මට වැඩිය බාල මාමෙක් දෙන්නෙක්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... අන්ඩර් 14 සෙල්ලම් කලානේ :)

      Delete
  13. හෙහ් හෙහ් මුගේ රජ ගතියක් ඇත්තෙම නෑ බැලුවම.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ තියෙන්නේ... මේ.... මේ....

      Delete
  14. හනේ අපිටත් ඔහොම කාලයක් තිබුනානෙව බං...!!

    ReplyDelete
  15. රජාට ඇතිවී ඇති ගැටළුව අවතාර්ටද ඇත.අවතාර්ට වැඩිමල් උන් අවතාර්ට මාමේ කියයි තනි ඇහැට ඇඩෙනවාය

    ReplyDelete
  16. mu podi unta gahapu 6e ewa kiyanawane lejja nethuwa.

    Man ehema nam match 1 peththakin thiyala podi un ekka linda kapanawa. He he

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... අන්න ඒකත් සිරා වැඩක් ඈ :)

      Delete
  17. ඇච්චෝ බැච්චෝ ගොඩක් අස්සේ අලි බබෙක් හිහි

    ReplyDelete
  18. ලාමක ටිං ටිං ......... ආහ් අමතක උනා .... උඔ තාම පැටියනේ ( අලි )

    තිත් දෙකයි ඩී

    _- ඩී. කුරුප්පුආරච්චි _-

    ReplyDelete
    Replies
    1. කවුද බං කුරුප්පු? :)

      Delete
  19. විකට් එකේ ඉදලා බවුන්ඩ්‍රියට අඟල් කීයද....(6 පාරවල්ම 8 ක්නෙ-සෙල්ලං නෙවෙයි)

    ReplyDelete
  20. මාත් ආසයි ඔය ඇච්චං උන් එක්ක සෙල්ලම් කරන්න. මගේ ඇනෙක්සිය එහා ඇත්තෙ ගෙදර පොඩි උන දෙන්නෙක් ඉන්නවා. මාත් නිවාඩු පාඩුවේ ඉද්දී උන එක්ක ක්‍රිකට් ගහනවා. මා....ර ජොලි.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...

      මා..........ර ජොලි නේන්නං :)

      Delete
  21. ඔක්තෝම්බර් 1 ළඟයි යකෝ!!!!!අපරාධ වැඩ කරන්න එපා!

    ReplyDelete
    Replies
    1. උඹලගේ හිතේ තියෙන ඒවා තමා ඔය :/

      Delete
  22. රජතුමා සිගිති ආතල් අරන් වගේ....

    ReplyDelete
  23. ෂෝයි ඒකත්.. පොඩ් බබාලා එක්ක ලොකු බබෙක්..සික් ළග පාතක හිටියනම් හූ කියනවා.. :පී

    ReplyDelete
  24. පිතිකරු ලැයිස්තුව එල නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං පිත්ත. බලපන් ඒක දිහා.

      Delete
    2. යකෝ කුකබුරා බැට් එක!

      Delete
  25. රජෙක් කියන්නේ නිකන්ද?ලස්සන ෆොටෝ ටික.

    ReplyDelete
    Replies
    1. පොටෝ මමනේ ගැහුවේ :)

      Delete
  26. අනේ මරු හලෝ :) :)

    ReplyDelete
  27. රජා පොඩිඋන් ටිකක් අල්ලං කඩේ යවලා බෝල දාගෙන ...

    ReplyDelete
    Replies
    1. උන් මාව වටේ යැව්වා.. ඇයි මම විතරනේ ෆීල්ඩර් :)

      Delete
  28. //පහුගිය දවස්වල රජ පවුලට වෙඩින් වැහි වැහැලා තිබුනේය.//

    රජ පවුල්වල ඉපදුනාම මෙහෙම තමයි ඉතින්...:D

    ReplyDelete
    Replies
    1. :) :)

      එපා වෙනවා අප්පා.. බෙල්ට් හිර කරන් බත් කන්න ගිහාම

      Delete
  29. හූ ඈ ... මෙ රජාගෙ බ්ලොගිය කම්බ යන්න ස්ලොව් නෙ බන් .. මුකැක්ද උනේ

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ මගේ අඩවියේ හූ කියන්නේ ;)

      සිරාවට?? :0

      Delete
  30. පොඩි උන් ව ඔහොම රවට්ටන්න එපා බොල...

    ReplyDelete
  31. මචන් මමත් සුපිරි මාමෙක් තමයි. මම කලින් වැඩ කරපු තැනක ලොක්කත් මගේ පුතා නෑදෑ කමට. මම මාම. ඕකට ඉතින් අලුතෙන් වැඩට එන එවුන් ඔක්කොටමත් මම මාම.මන් ඉතින් ඕන එකක් කියාපන් කියල හා කියාගෙන ඉන්නවා. අදටත් උන් මට කියන්නේ මාම කියලම තමයි.
    ඔය පොඩි එව්වෝත් එක්ක සෙල්ලම් කරන කොට නම් මාරු ආතල්...

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා... ඒකනං මාර සීන් එක :)

      Delete
  32. මේ උඹ පිතිකරු ලැයිස්තුවට තැඹිලි ටීෂට් ඇඳගන ඉන්න පොඩ්ඩා දෙපාරක් දාල... මොකද ඌ උඹව අවුට් කලේ නැතුව හිටියද??

    ReplyDelete
    Replies
    1. නෑ බං.. නැත්තන් පොටෝව චොර වෙනවා :)

      Delete
  33. ෂහ් ලස්සන පින්තූර පෙලක් - පොඩි උන්ගේ ලෝකයේ අව්‍යාජ හිනා..!!
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි!!! :)

      රාජ සම්පත!!!!

      Delete
  34. හයියෝ මටත් ඉන්නවා මට වඩා බලා නැන්දලා මාමලා.මරු වැඩේ ඒකනම්

    ReplyDelete
  35. මොනවා වුනත් ශෝයි පොඩ්ඩො ටික.ගැලපෙන්නෙ නැති කෙනෙකුත් සමහර තැන් වල පේනවානෙ.

    ReplyDelete
    Replies
    1. අමුතු සතෙක්... අමුතු සතෙක් :)

      Delete
  36. යට ඉඳං 3 වෙනි පින්තුරේනම් මරු'

    ReplyDelete
    Replies
    1. කොහොමද පෝස් එක... ඔන්න මතක තියාගන්න :)

      Delete
    2. කවදාහරි මමත් ඔහොම එකක් ගනනවා ඔව්ව් :/

      Delete
  37. මෙහෙම එකෙක්වද අෆ්ෆෙ අපි කලින්ම බුක් කලේ.... හයියු සල්ලි. @හිතමින්.

    ReplyDelete
  38. රජ බබා.. හික්ස්...
    ජය වේවා..!!

    ReplyDelete
  39. අඩේ එළ සෙට් එකක්නෙ....ඔය වයසෙ සූටි උන් එක්ක වාද කරලා එහෙම දිනන්න වෙන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ ඒකනං ඇත්ත ඈ :)

      Delete
  40. උඹට වෙන්නෙම ඔහොම වැඩම තමයි. හඃ හඃ

    ReplyDelete
  41. රජා පොඩි උන්ට වැඩ පෙන්නලා එක දාගෙන... අෆෝ.......

    ReplyDelete
  42. ali babatama hariyana podi babala tika....... :)

    ReplyDelete
    Replies
    1. පොඩි බබාලට හරියන අලි බබෙක් :)

      Delete
  43. ඉස්සර අපි ඔහොම බෝල ගහද්දිත් අයියල ඇවිත් තනියෙන් සෙල්ලම් කරනවා. අපිනම් ඒ කාලේ උන්ව දකින්නේ අපේ සෙල්ලම පජාත කරන්න ආව මුස්පෙන්තුවෙක් හැටියට...

    සුටි එවුන් ටික නම් රජාට කැමතියි වගේ. හෙහ් හෙහ් නියම පොටෝ සෙට් එක රජෝ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ඒකනං ඇත්ත බං. :)

      Delete
  44. අෆෝ උඹේ වැඩනම්...

    ReplyDelete
  45. මෙහෙම සරළව සුන්දරව ජීවිතය දකින වීදින උඹවත් පතුරු ගහන උන් එක්කනේ බං කොල්ලෝ අපි මේ කෙරැවාව කොරන්නේ.

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති බං....

      එක එකා මොනවා කිව්වත් අපි සැලෙන්නේ නෑ බං අයියේ!

      Delete
  46. උඹට කියන්න, ඔය මාමලාගේ කසේ එක මට්ට් තියනවා ඔඉ. මේ මාගෙ ඉන ගාවට ඉන්න උන්ට මම මාම කියන්න ඕනෙනේ. ඊටට් වඩා මට්ට් වැඩිය බාල කෙල්ලෝ මාගෙ පුංචි අම්මලානේ....

    ReplyDelete
  47. වෙලාවට අපේ නං පොඩි උන් නැහැ නැන්ද කියන්ට. ඒකත් වෙලාවකට ආතල් වැඩක් වෙයි. පොඩි එකියක්ට නැන්දා කියද්දී

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)