Thursday, July 4, 2019

මියුසික් කෙරුවාව - Musicmania



මේ දවස්වල පට්ට කම්මැලිය. ඔෆිස් එකේ කරන්න දේකුත් නැත. නිකන් ඉන්න ගමන් වාගේ මේ බ්ලොග් ගල් කෑල්ල කුරුටු ගන්න හිතුනේය. දැන් ඉස්සර වාගේ නෙමේය. රජා දැන් බැදලාය. ඉස්සර දාපු සෙල්ලන් දාන්න බැරිය. පරිනත වෙලා එන්නන් කිව්වට එච්චර දවස් කම්මලිකමේ ඉන්න බෑ බෑ වගේය. මේ කතාව මතක් උනේ රජ බිසව් තොමෝ එක්ක කොටුවේ ඉඳන් ගෙදර යන ගමන් ඉන්න වෙලාවකය. පොඩි කාලේ වෙච්ච සීන් කොන් එකක්ය. මේක බ්ලොග් පොස්ට් එකක් දාන්න ඒ දවස් වල මට අමතක උනේ කොහොමද කියන එක හෙන ප්‍රශ්නයක්ය. රජ බිසව නං මේක යේ ලියන්න ගන්න එකට කොහොමත් කැමති නැතිය. 

ආ.. යේ පටන් ගන්නද යන්නේ? 

හොදා.. පාරේ බැහැල යන්න බැරි තැනට වැඩේ කරනවකෝ. 

රට වැස්සා අපි ගැන හිතන්නේ ඔන්න ඔහොමය. එහෙම කියද්දී මට මතක් වෙන්නේ අර ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ කියන සූටි නංගියාවය. සමහර ගති නං හදන්නම බැරි සීන් එකක් තියෙනවා වාගේය. 

මං රජාට ඒ කාලේ ඉඳන් පොඩි මියුසික් පිස්සුවක් තිබුනේය. පිස්සුව තිබුනට සින්දු නං කියන්න කොහොමත් බැරිය. ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් ගහන්න ලොවෙත් බැරිය. ඉස්කෝලෙදි වෙස්ටර්න් මියුසික් ගෑනිගෙන් අම්බානට බැනුම් ඇහුවෙත් ගුටි කෑවෙත් රජාට තිබු මේ උත්කුරුස්ට වූ හැකියාව නිසාය. ඒ දවස් වල ඕගන් එකක් ගන්න මන් රජාට තිබ්බේ තිබුනේ පුදුම අමරුවක්ය. මැද්දේ ඩිස්ප්ලේ එකක් තියෙන ඕගන් එකක් ඕනේ කියා රජා ගෙදර කනපිට ගැහුවේිය. ඒ දවස් වල ඉදන් එක එක ජාතියේ ඉත්තෑවෝ ප්‍රභේද ඒ ඒ අදාල ස්ථාන වල හොදට දගලපු බව වැටහෙන්නේ දැන්ය.

රජාට ඕගන් ගහන්න උගන්නන්න සර් කෙනක් ගෙදරටම අපේ පිය රජා ගෙනල්ලා දුන්නේය. පොර ඇවිල්ලා නිකන් මණ්ඩුක භවනේ මණ්ඩුකයා වගේ ඩයල් එකක්ය. මෙහෙක් වෙච්ච කණ්නාඩි දෙකක් දාගෙන ස...රි...ග...මපා... ගාන්නේය. පොර එන්න කලින් මම තනියම නිල් අහස් තලේ ගැම්මට ගගහා හිටියේය. මේ වස්තු බීජේ ඇවිල්ලා මගේ ඒ ආතල් එක සුනු විසුනු කර දැමුවේ එක මොහොතකින්ය.

සර්: පුතා මොනවද ගහන්න දන්න සින්දු..

රජා: ආ.. මම නිල් අහස් තලේ ගහන්න දන්නවා...

සර්: ඕවා ගහලා වැඩක් නෑ පුතා.. මං කියලා දෙන්නං සුපිරි සින්දු..

අම්මට සිරි.. මං හිතුවේ පොර ඇවිල්ලා මාව නිකන් SUNFLOWER (ඒ කාලේ සහරා පෑස් තිබ්බේ නෑනේ) එකේ කීබෝඩ් ගහන එකා වගේ හදලා ගනී කියලාය. හරි... පොර දැන් පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ වත් ගහන්න උගන්නයි කියලා දත කට මැදගෙන රජා නොයිවසිල්ලෙන්ය. හිටපන්කෝ.. දෙල් ගෙඩි ටික පාරට වැටෙන්න ගහන්නේ සින්දුව ආ... රජා දැන් මනෝ පාරෙන් සර් දිහා බලාගෙනය. 

සර්: හරි පුතා පළවෙනි සින්දුව.. ලොවේ සැමා එකම දැයේ

කෙලියනේ ඉතින්.. ඈ බං සර්.. මේ ලොන්ත පතුර ගහන්න කියලා දෙන්නද මනුස්සයෝ මෙහෙ ආවේ. රජාට දැන් ඌරු ජුවල් නැග්ගේය. මොනවා කොරන්නද මිතුරේ ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවා  වගේ ඒක ගගහා හිටියේය. කමක් නෑ ඊලග එක තවත් රසවත්ලු. ඉවසපන් පපුව. රජා ඉවසුවේය. තත්වය වඩ වඩාත් සෝකජනක උනේය. ඊලග සින්දුව උනේ අන්න බලන් ඉදිකඩ ලග කොක්කු රෑන වගේ ඇවිත් අම්මපා දැන් නං මේ පාලං කොකාට ඉගිලිලා යන්න එකක් දෙන්න රජාට ඕනෑය. කොහොම පටන් ගෙන මොනවා කරන්නද කියා මට වැටහුනේ නැත. සති දෙක තුනක් ගෙවී ගියේය. සංගීත මාස්ටර්ගේ දූ දරුවන්ගේ දක්ෂතා එලි දක්වන උත්සවයක් පැවැත්උනේය. රජාගේ දක්ෂතාවය කොච්චරද කියනවානං  ඒකට රජාටත් ආරාධනා ලැබුනේය. මට තිබ්බේ ලොවේ සැමා එකම දැයේ කට්ටිය එක්ක ගහන්නය. ඩ්‍රම් සෙට් එක ගහන්න එකෙක්ද, ගිටාර් එක ගහන්න තව එකෙක්ද, වයලින් ද අරවද මේවද හෙනම සීන් එකක්ය. සිරාවටම කියන්න රජ එහෙම තැනක ඕගන් එකක් ගහනවා තියා හයියෙන් විසිල් එකක් වත් ගහල තිබුනේ නැත. උන් ටික දැක්කම රජාගේ හිත මිලින වී වත සලිත වෙලා ගියේය. හරි.. දැන් එලබී ඇත්තේ ලොවේ සැමා එකම දැයේ ගහන වෙලාවය. රජ ගැම්මට ඕගන් එක බදාගෙනය. අනිත් උන් ටික උන් උන්ගේ ඒවා බදාගෙනය.



වන්.. ටූ.. ත්‍රී... ආ... ගැම්මට සින්දුව පටන් ගත්තේය. බිස්කට් කුඩු බීට් එකට සින්දුව නැගලම යනවාය. සෙට් එකක් හෝ ගාගෙන සින්දුව මලවමින් සිටියේය. හැබැයි රජ ගහන එක නොට් එකක්වත් මට ඇහුනේ නැත. මන් හිතන්නේ උන් ලොවේ සැමා ගහද්දි මම පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ ගහලද කොහෙදය. පියරජ මන් දිහා ඔරොගෙන බලන් ඉන්නවා මට ඇස් කොනෙන් වගේ පෙනෙන්නේය. අනිත් උනුත් හොරෙන් හොරෙන් මේ පැත්ත බලනවා වගේය. මොකාක් හෝ හුට්ටප්පරයක් වෙලා කියල මට තේරුණේය. ගහන නෝට්ස් ඔක්කොම වැරදි බවක් මට හැගී ගියේය. පිය රජා නෝට්ස් තියෙන තැනට යතුරක් දැම්මේය. හම්මටසිරි සින්දුවේ නෝට්ස් යන තැන හරියට රජා දැක්කේ එතකොටය. සින්දුවේ මුල් ටිකේ නෙලුම් මල් පිපෙයි පිට කසයි වගේ සින්දුව ගහලා තිබුනේය. තවත් නං චාටර් වෙන්න කොහොමත් බැරිය. රජා ඕගන් එකේ සද්දේ හොදටම අඩු කළේය. වැඩිය කවුරුත් දැක්කේ නැත.  කොල්ලා දැන් නිකන් ඕගන් එක උඩ නැගගෙන උඩ පැන පැන සෙල්ලම් කරන්නේය. අනිත් උන් සින්දුව ගහන හින්ද වැඩි සීන් එකක් නැත. විනාඩියකින් විතර සින්දුව ඉවර උනේය.

රජාගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොටය. ඇයි අප්පා චාටර් වෙනවා කියල ඔහොමත් වෙන්න කොහොමත් බැරිය. එයින් පස්සේ තිබ්බ සංගීත මේනියාව ටිකෙන් ටික හොද වෙන්න පටන් ගත්තේය. සර් කාරයව හෙමිට හෙමිට රජා මග ඇරියේ මුණ දෙන්න තිබු ලැජ්ජාව නිසා නොවේය. වෙන ලමෙකුට ඉගෙනගන්න තියෙන චාන්ස් එක නැති කරන එක හොද නැති හින්දාය. ඒ පින් බලෙන් අදටත් රජාට කිසිම සින්දුවක් ගහගන්න බැරිය.

ප/ලි: උත්සවේ පොටෝ වගයක් තිබ්බා. පස්සේ වෙලාවක දාන්නං :P 


සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

18 comments:

  1. අර ගරාජ් එක ගාව කලු වීදුරු දාල හදපු වෙස්ටර්න් මියුසික් රහස් මාලිගාව කොහොම අමතක කරන්නද? එකේ ඉදපු යක්ෂණී කිසිම වැරැද්දක් නැතුව වාර විභාගයකදී 00 ප්‍රධානය කරපු හින්දා මම පෙරදිග සංගීතයේ පිහිට පැතුවා සුනන්ද සෑර්ගෙන්
    (වික්‍රමාරච්චි පාරේ තිබ්බ පන්තිය ගැන මුකුත් නොකියා ඉන්නම්)

    ReplyDelete
  2. රජ බිසවට පාරේ බැහැලා යන්න වෙන්න පියන්න රජෝ...නැත්තම් රජා කපෝතියි...දත් නැතුව බත් කනවට වඩා මේක ශේප් එකේ ලියන එක හොදයි

    ReplyDelete
  3. ආපහු ලියන්න ගත්ත එකට රජා අයියට පිං

    ReplyDelete
    Replies
    1. ගොඩකාලෙකින් නේද..

      Delete
  4. අඩෝ සෑහෙන කාලෙකින් පරණ ස්ටයිල් එකට හිනා වෙලා කතාවක් කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. හහහා.. ලියන්න පුරුදුත් නෑ වගේ බං

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඉස්සෙල්ල කමෙන්ට් එක දාලා මැකුවේ මම. කව්ද පාහරයෙක් මගේ මැසින් එකෙන් ලොග් වෙලා ලොගවුට් නොවී ගිහින්. හැක්.

    නොදකිං. මං හිතුවේ සනි ලියොන් ගැන ලියලය කියලා. හැක්

    ReplyDelete
    Replies
    1. ඒවා ලියන්න බෑ දැන්..

      Delete
  7. පිය රජාට දං ගෙඩියට බෙල්ල තියන්න හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හිහී.. කොල්ලගේ හැකියාව!

      Delete
  8. බ්ලොග් රෝලෙනුත් නෙරපලා හිටියේ... ඕන් ආයෙ දා ගත්තා... දිගටමු ලියමු බිසවගේ කාඩ් කුඩු නොකර ඔන්න ඔහෙ

    ReplyDelete
  9. අම්මපා බන් සිංදු කෙරුවාව කරන්න ගිහින් උන නෝන්ඩි වැඩ ගැන කියල ඉවර කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අපිටත් කියහන් ඉතින්

      Delete
  10. නවත්තපු එක 10 පාරක් විතර කියවිවට පස්සේ මෙන් මෙියා ලියලා සංතෝසයි..සං⁣තෝසයි..

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)