Monday, October 14, 2013

නොබැලිය යුතු කිසිත් නොමැත්ත නැරඹුවෙමි - X BAN 2013 (Full Highlights)


X BAN යනු ගම්පහ බණ්ඩාරණායකේ කොල්ලෝ අවුරුදු 5 කට වතාවක් පවත්වන දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයකි. සාමාන්‍යයෙන් වෙන කිසිදු පාසලකින් දකින්නට නොලැබෙන ප්‍රදර්ශන කලාවක් මෙහිදී නරඹන්නට ලැබේ. එයට මෙහි පැමිණි ජනතාව සාක්ෂි දරනවා ඇත. විද්‍යාලීය 95 වන සංවත්සරය නිමිත්තෙන් මෙවරද එය පැවැත්වින. 6 වසරෙන් ඇරඹෙන 13 වසර දක්වා නායකවරුන්ගේ පාසල් කාලය තුළ X BAN ප්‍රදර්ශන දෙකකට සහාභාගී වන්නට ලැබෙන්නේ නම් එය එම මුළු බැච් එකේම පෙර පිනක් වැනිය. අපේ උන්ට ඒ චාන්ස් එක ලැබුනි. 2003, 2008 යන වසර වල පැවති X BAN වලට අපි නිර්මාණ ඉදිරිපත් කලෙමු. 

මේ 2013ය. අපි ඉස්කෝලෙන් අවුට් වෙලාය. අයින් උනා කියලා එහෙම නිකන් ඉන්නත් බැරිය. X BAN කිව්වම නිකන් ඇග හිරිවැටිලා යන ගතිය 6 ඉදන් හිටපු නියම බණ්ඩාරණායක කොල්ලෙක්ට දැනෙන්නේය. කම්පියුටර් සොසයිටියේ මල්ලිලත් එක්ක ඉස්කෝලේ බ්ලොග් එකත් එකතු කරගෙන අපි බ්ලොග් යුනියන් එකෙන් පොඩි මේස දෙකක් ලැබ් එකේ ඇටෙව්වෙමු.  මෙතනින් කලේ බ්ලොග් පිළිබද නරඹන්නන් දැනුවත් කිරීම, යුනිකෝඩ් කේත ක්‍රමය, සිංහල ටයිපින් වගේම අළුතෙන් බ්ලොග් කලාවට තරුණ පිරිස දිරිගැන්වීම වගේ පොඩි පොඩි දේවල් කීපයක්ය. ආ....ඒ වගේම අපේ කට්ටියගේ බ්ලොග් වලට පොඩි පබ්ලිසිටියකුත් දුන්නේය. ^_^

LEAFLET
 පුරා දවස් හතරක් අපි ඉස්කෝලෙට වෙලා මේ වැඩේට සහයෝගෙ දුන්නෙමු. උසස් පෙළ ඉවරවෙලා අවුරුදු 3ක් ඉවරවෙන්න ආවට මොකද... අපි තාම නිකන් ඉන්නේ ඒලෙවල් මානසිකත්වයේ කියන එක නියමෙටම තේරුනේ අර පොඩි උන් එක්ක පිස්සු කෙළිනකොටය. ඔය විස්තර කිරීම් අතරතුර එහෙන් මෙහෙන් මිසින් වී ගියේමු. ඕකම විස්තර කර කර ඉදලා හරියන්නේ නැත. අපිත් ප්‍රදර්ශනේ බලන්න ඕනෑය. 

ගේට්ටුවෙන් ඇතුලට එනකොටම දෙයියනේ කියලා කාර් ටික සෙට් වෙන්නේය. ගට ගට ගට ගගා ඒවා පොකුණ වටේ කැරකුනේය. වෙනදට තියෙන්නේ කාර් එකයි නැත්තන් උපරිම දෙකය. මේ පාර  එහෙම් පිටින්ම 7ක් තිබුනේය. මට නං ආසාවේ...බැරිය. ඕක හදන එක බලන් ඉන්නවා තරම් නම් ලේසි නැතිය. ඕක මොකද්ද ඇන්ජිමක් අරගෙන හදන එකනේ කිව්වට, ඒකේ කට්ට දන්නේ හදන උන්ය. මොකද අපිත් ඔය කට්ට 2008දී කෑවේය

CARS
CARS CARS EVERYWHERE
රතු ඉන්දියානු ගම්මානය වෙනදා වගේම ලොවෙත්ය. වැද්දෝ ටිකත් පංකාදු පහය. වැද්දන්ට ආචාර කරන්න තියෙන්නේ හූ කියලාය. උගුරේ පොට යනකන් අපි උන්ට හූ කිව්වෙමු. අන්තිමට වැද්දෝයි රතු ඉන්දියන්කාරයොයි යන වලියත් පට්ටය. හිනාකාලා මැරෙනවාය. 6-11 පොඩි උන් සෙට් එක ඉදිරිපත් කල නිර්මාණ ටිකත් සුපිරිය. 

RED INDIANS
ලංකාවේ පාසල් මාධ්‍ය අංශයක් විසින් පවත්වාගෙන යන ප්‍රථම ගුවන් විදුලි නාලිකාව සහ රූපවාහිනී නාලිකාව මෙවරද ප්‍රදර්ශනයේ ප්‍රධානම අයිටමයක් උනේය. සියනෑසර හා සියනෑ රූ ටීවී කුටි ජනතාවගෙන් පිරී ගියේය. 103.1 Fm, Android, Apple IOS Apps හරහා FM එකද, PEO TV Channel 120 ඔස්සේ රූ ටීවීද විකාශය කෙරිනි. 

ROO STUDIO
2003දී X BAN එකට අයියලා සෙට් එකක් හදපු දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගුවන්යානය සෑහෙන්න ප්‍රසිද්ධ උනේය. ඒ දවස් වල අටපට්ටමෙත් රස කර කර පෙන්නුවේය. ඒ වගේම ගුවන් යානා 2ක් මෙවරද ප්‍රදර්ශනයේ පිට්ටනිය වටේ කැරකුනේය. හිටපු ගමන් පාර වැරදිලා ගිහින් ගස් වල ලයිට් කණු වලද පැටලුනේය. ආයෙත් නැගිටලා ඇවිත් ගින්දර වගේ වැඩය. පල්ලෙහා වීඩියෝවේ ඒ ක්ලිප් ටිකක් අඩංගුය. 
Blog Set එක
හවස් වරුවේ පොඩි පොඩි මියුසිකල් අයිටම් ටිකක් තිබුනේය. එක දවසක DJ එකක්ය. අනිත් දවසේ නිකන් බෑන්ඩ් එකක්ය. කකුල් කකියනකන් නැටුවෙමු. හැමදාම ඉස්කෝලෙට යන්න හම්බෙන්නේ නැත. ඇති වෙනකන් කෑ ගගහ රෑ වෙනකන් නැටුවෙමු. 

ඔය කෑලි බෑලි අස්සේ පොඩි පොඩි මඩපාරවලුත් යන්නේය. අපේ බ්ලොග් ලියන වෙඩික්කාරයා අඩුවට නම ගම තියෙන කාඩ් වගයක් ගහගෙන ඇවිල්ලාය. මූ ඕක කෙල්ලන්ට දෙන්න ගිහින් ගම කාගෙනය. ඇයි තව කවුදෝ මන්දා එකෙක් මුගේ පිටේ සිගරට් බොනකොට මෝඩ පාටයි කියලා ස්ටිකරයක් අලෝලාය. ඕක ඈතට පේන්නේ ලොකුවට තියෙන මෝඩ පාටයි කියන කෑල්ල විතරය. ඕක දැකපු කෙල්ලෝ මූට නොසෑහෙන්න හිනා උනයි කියලා ආරංචිය ඉස්කෝලේ වටේ යන්නේය. 

ඇයි තව අර බිම්තැන්න ලියන මලයා, උගේ වෙබ් ඩිසයිනින් ගැන කියලා දෙන්නේ කෙල්ලන්ට විතරය. එතනම එහා පැත්තේ හිටපු අපිට ඒ කෙල්ලන්ව මූ එවන්නේ නැත. විනාඩි 20ක් විතර මුගේ බොරු අහන් ඉදලා ඒ කෙල්ලෝ දාඩිය පිහ පිහ යන්නට යන්නේය. ඔය කිව්වට අපිත් බ්ලොග් ගැන වැඩිපුර කියලා දුන්නේ කෙල්ලන්ට විතරය. කෙල්ලෝ රජාගේ තහනම් අඩවිය කියෝලා බඩ වෙලා කිය කිය එක එකා ඉස්කෝලේ පුරා දූෂමාන ආරංචි පතුරවන්නේ ඉරිසියාවටය. 

බ්ලොග් ලියන උන්ගෙන් සෑමා, මුදියා නොහොත් සමියා, සසිදු කොළුවා එහෙම අපිව බලන්න ආවේය. ඇවිල්ලා ගෙස්ට් බුක් එකෙත් මොනවද ලියලා ගිහින්ය. අපේ IT මිස් ඒක දැකලා කවුද අනේ මේක ලිව්වේ කියලා අපෙන් අහනවාය.  :D :D


COMMENTS

බුකියේ පල වූ ඡායාරෑප පෙළ


ආයේ ඉතින් X BAN එන්නේ 2018දීය. ඒ බණ්ඩාරණායකයේ 100වන සංවත්සරය වෙනුවෙන්ය. ඒකට නං සෑහෙන දෙයක් කරන්න රජාගේ අයිඩියාවක් ඇත. එකෙදි හමුවෙනකං... හැමෝටම රාජ සම්පත!!!

මෙන්න රජා බටු කැමරාවෙන් වීඩියෝ කරපු Full Highlights වීඩියෝව,



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! 


ප/ලි:

නායකවරුන්ගේ බ්ලොග් එකමුතුව

73 comments:

  1. දැන් ඉතින් ගියා වගේ තමයි .... මොකද මේ දවස් ටිකේම ඔකේ වෙච්ච දේවල් මෙතන තියනවනේ ......
    වැඩේ හොදට ගිහින් නේ .. එන්න බැරි වුනේ එක නම් අපරාදේ අෆ්ෆා එත් කොහේ එන්නද අපි හද්ද දොටෙනේ ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... :)

      ඒකනේ අවුල නෙහ්?

      Delete
  2. ඕක බලන්ට අපිත් ආවා පටංගත්ත දවසෙම.

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්නේ ඈ... එදා තමා නියම දවස. හවස් වරුවේ වැඩිය සෙනගත් හිටියේ නෑ. :)

      Delete
  3. හොදයි හොදයි හොදට කෙරුනනම් අපිටත් සතුටුයි

    ඔයාලට කියන්න මෙයාල මමත් බ්ලොගක් ලියනවනෙ දැන්.(අප්ඩෙට් වෙන්නෙ නැද්ද මන්දා.ඉඩ තියෙන අය පොඩ්ඩක් ඇවිල්ල යන්නකො
    http://damgune.blogspot.com/

    ReplyDelete
  4. සිය නෑ කොල්ලෝ කොහොමත් එල. බුකියේ උණත්, කැම්පස් එකේ උණත් අපිත් එක්ක, ඒ කිව්වේ සත් කෝරලේ අයත් ෆිට් එකේ ඉන්නවා. ඒ පැත්තෙන් එන ගොඩක් අය නායක වරුන් තමයි.

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඔය කෝරළ දෙකේම කරක් ගහපු කොල්ලනේ....

      ඉන්නේ සත් කෝරළේ... ඉස්කෝලේ සියනෑවේ!!! :)

      Delete
  5. තෑන්ක්ස් වීඩියෝ එකට .. ඔක්කොමත් හරි මුදියගේ කොමෙන්ට් එකත් හරි c-)

    ReplyDelete
    Replies
    1. බුහහ්හා... ඕකට ට්‍රැක්නේ කොහොමත් :))

      Delete
    2. බර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් >_<

      Delete
  6. බුකියේ තිබ්බ ෆොටෝ ටිකයි වීඩීයෝ එකයි කලින්ම බැළුවා බං..

    මුදියාගේ කමෙන්ට් එක සිරා..

    ReplyDelete
    Replies
    1. ෂා.. මෙයාලා මරුනේ :)

      Delete
  7. අපිත් ආව ඕක බලන්න.. රතු ඉන්දියානුවෝ අපේ කෙල්ලෙක්ට පිහාටුවක් දුන්න.. :)

    ReplyDelete
    Replies
    1. ඈ.. යකෝ අපිව දැක්කේ නැද්ද????

      උන් ටික සිරා... :))

      Delete
  8. මේවා අපි බැලුවනෙ... රජෝ... නැද්ද අලුත් බඩු

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා... දාන්න වෙලාවක් නෑනේ. නටන සිද්ධි එහෙම :))

      Delete
  9. සෑහෙන්න මහන්සි වෙලා කොල්ලො ටික සුපිරියටම වැඩේ කොරල.
    ගම්පහ බණ්ඩාරනායකේ කොල්ලො සේරටම,අසල කාන්තා පාසල් වල කෙල්ලොම ලැබිල....
    රාජ සම්පත් ලැබේවා....!!!

    ReplyDelete
    Replies
    1. //ගම්පහ බණ්ඩාරනායකේ කොල්ලො සේරටම,අසල කාන්තා පාසල් වල කෙල්ලොම ලැබිල....//

      හම්මේ...දැනෙන සතුට =))

      Delete
  10. අර කොමෙන්ටුව නම් මරු...:))

    වැඩේ හොඳටම කෙරිලා වගේ නේද?..සතුටුයි සතුටුයිg-)

    ReplyDelete
    Replies
    1. හිහි... තව පොඩ්ඩෙන් මිස් ඉස්සරහා රෙදි ගැලවෙනවා :))

      Delete
  11. අඩේ..මමත් එන්න ආසාවෙන් හිටියේ බං..ප්ලෑන් ඔක්කොම අප්සැට් උනානේ ..

    ReplyDelete
  12. ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව ඇතුලෙත් වරින් වර ලබා දුන්න තොරතුරු වලට හා බ්ලොග් අවකාශයේ සහෝදරත්වය වෙනුවෙන් කරපු මේ කාර්යයට රජා ඇතුලු බ්ලොග් නඩයට මගේ අක්මාවෙන්ම සුභ පතනවා...පොරොන්දු වූ පරිදිම ලබා දුන්න පින්තූර ටිකත් කදිමයි...ලෝකෙ කොයි මුල්ලෙ හිටියත් පාසල ශත වර්ෂ පූරණය සමරන දවසට සිරා එතන ඇති... බණ්ඩාරනායකේ කොල්ලෙක්ගෙන් පාසලට කොච්චර ආදරේද කියලා ඇහුවොත් උන් නිසැකවම කියාවි හදවතේ ගැඹුරුම තැනින් කියලා...ජයවේවා මල්ලිලා...මේ බ්ලොග් ලැයිස්තුවට කලු ජෙමාවත් දා ගන්න...

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක බැලුවෙ පස්සෙ...උඹේ කැමරාකරණය, එඩිටින් වගේම පවනියගෙ ඇක්ටිනුත් පට්ටයි...2018 ප්‍රදර්ශනයට දැනෙන යමක් කරමු.

      Delete
    2. අනිවාර්යෙන්ම... 100ට වැඩේ දෙන්න ඕනේ උපරිමෙන්ම!!!

      Delete
  13. සුබ පැතුම් අපෙනුත්! සෑහෙන මහන්සි වෙලා තියන පාට යි.

    ReplyDelete
    Replies
    1. ටැංකෝ ටැංකෝ... අපිට නෙමේ අර පොඩි උන්ට තමා සුභ පතන්න ඕනේ :)

      Delete
  14. නොබැලිය යුතු කිසිත් නොමැත්ත නැරඹුවෙමි////

    රජාගේ බ්‌ෙලාග් එක ඇර අනිත් ඒවා නං බැලුවට කමක් නෑ... හි හි...

    ඇති යන්තං ඉවර උනාද... මේ ටිකේම පුදුම වදයක් තිබ්බෙ මෙයාගෙන්.... කමක් ඇහිලා ඉන්න නෑ නේ කොයි වෙලාවෙත් X Ban කියාගත්ත ගමන්මයි.. හාපෝ....

    ( හි හි..)

    ReplyDelete
    Replies
    1. ඒම තමා ඉතින්... ඉස්කෝලේ වැඩේ ප්‍රොමෝට් කරන එක අපේ වගකීමනේ :)

      Delete
  15. එල එල රජාගේ වීඩියෝ එඩිටින් සුපිරිනේ බලන් යද්දි

    ReplyDelete
    Replies
    1. ඒ අවුලක් නෑ නෙහ්? :)

      කොහෙද බං අතුරුදන් වෙලා හිටියේ???

      Delete
  16. නියමයි !!!
    බලාගෙන ගියහම බණ්ඩාරනායක විද්‍යාලයේ සෑහෙන බ්ලොගර්ලා ගොඩක් ඉන්නවානෙ !

    ReplyDelete
    Replies
    1. ඉන්නවා නේන්නං... තව ඇති හැංගිලා.. අහුලගන්න ඕනේ :))

      Delete
  17. උඹ සමියට කීයක් දීලද අරක ලියෝගත්තෙ.

    වැඩේ නියමෙට කෙරිල තියෙනව. සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. සමියයි මමයි තව සෙට් එකකුයිනෙ ඕක බලන්ඩ ගියෙ, රජා ලෝස් නැතුව අත දිග ඇරල 500ක් දුන්නනෙ සමියට ඌ ගැන මොනහරි ලියල යමන් කියල... :D

      Delete
    2. කට කට ... ශ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

      Delete
    3. යකෝ ඔහොම බොරු කිවිවොත් මොනිටරේ පලාගෙන යමපල්ලෝ එයි...!!!

      Delete
    4. ඇත්ත කියන්න මක්කැයි බයවෙන්නෙ :P

      Delete
  18. අඩෝ අර හදපු කාර් වලට මක්කෙයි බං කරන්නේ.. පට්ට කාර් ටික බං

    ReplyDelete
    Replies
    1. පරිස්සමට තියයි බං. අපි හදපු එක තාම තියෙන්නෙ ඔය. දැන් අවුරුදු 5ක් නේ :)

      Delete
  19. ඊලග පාර අපිත් සෙට් වෙනව, පට්ටම වැඩක් දෙමු...

    ReplyDelete
    Replies
    1. ඊලග පාර එද්දී යයි .. බැදලා දරුවොත් ඉදියි ,,, යයි එතකොට w-)

      Delete
    2. එකෙන්ම සසිදුවා...

      ඇයි ඔමා අවුල්ද??? ළමයවත් එක්ගෙන එනවා... :))

      Delete
    3. @ඔමයා 2018 වෙද්දිනම් බැදල ඉදී...එත් ළමයිනම් එහෙම බැදපු ගමන් හදන්නේ නෑ :P
      අනික ඉතින් බැන්ද කියල මේ වගෙ දෙයකට සෙට් වෙන්න බැරි නෑනෙ :D

      @රජා එල ඈ (y)

      Delete
  20. එල කිරි.. වීඩියෝ එකයි ෆොටෝ ටිකයි දාපු එක ලොකු දෙයක්... 100 වෙනි එකේදී සෙට් වෙලා සිරා දෙයක් කරමු..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් පැතුම් අයියා!!!

      Delete
  21. කොමන්ට් මොඩරේට් කිරීම් හෙලා දකිමි :( කෝ එකේ තිබ්බ අනිත්ව :D

    ReplyDelete
    Replies
    1. ඔය තිබ්බ ඒවා තමා බං.. :))

      Delete
  22. මට ඉතින් බලන්න යන්න වෙලාවක් තිබුනෙ නෑ.. මං මුදියට කිව්ව ගිහින් හොම්බ දාලා වරෙන් කියල.. ඌ කිව්ව ඌත් ටිකක් බලල වැඩක් සෙට් උන නිසා ඉක්මනට ආවය කියලා... එස්කිබිතං එක පට්ට කියලත් කිව්වා .. ඔව්

    ReplyDelete
  23. අපි ආව ඈ බලන්න...මට වැඩි වෙලාවක් තිබ්බෙ නෑ බලන්න නම්...පැයෙන් ඇවිල්ල චුට්ටක් බලල ගියෙ.....ඒ බලපු ටික සුපිරියටම තිබ්බ ඈ :D

    ReplyDelete
    Replies
    1. අයිෂෝ... එහෙමද? ඔක්කොම බලන්න තිබ්බේ :)

      Delete
  24. වැඩේනම් පදිරියට කරලා තියෙනවා.පවනියගේ ඩාන්ස් එක තමා මාරු.මොකෝ ඌ ඔටෝ චුන් වෙලාද බන් ? :p

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්න ගියොත් මඩ නාන්න වෙනවා බං =))

      Delete
  25. උඹේ වීඩියෝ එඩිටිං සහ ග්‍රැෆික්ස් හැකියාව බොහොම හොඳයි... පළවෙනි X-Ban එක්ක තිබ්බේ 91ද 92ද? හරියටම මතක නැහැනේ... මාත් පොඩි වැඩ කෑල්ලක් හැදුවා ඒකට....

    මාවත් ලිස්ට් එකට දැම්මට තැන්ක්යූ...

    ReplyDelete
    Replies
    1. ග්‍රැෆික්ස් කෑල්ල කලේ මම නෙමේ.... :)
      ඒක හැදුවේ සොසයිටියේ පොඩි මල්ලි කෙනෙක්!

      Delete
  26. අපිත් බ්ලොග් ගැන වැඩිපුර කියලා දුන්නේ කෙල්ලන්ට විතරය. කෙල්ලෝ රජාගේ තහනම් අඩවිය කියෝලා බඩ වෙලා කිය කිය එක එකා ඉස්කෝලේ පුරා දූෂමාන ආරංචි පතුරවන්නේ ඉරිසියාවටය.

    ලෝකය ඔහොම කතා කියන්නේ බොරුවට කියන්නත් බෑ ඉතින් රජාගේ හැටියටනේ විමනේ කියලා අපේ ආදී මුතුන් මිත්තෝ කිව්වේ බොරුවට නමෙනේ

    ReplyDelete
  27. රජා X Ban එකට බුකියෙන් හෙනම පබ්ලිසිටියක් දුන්න හින්ද මටනං ගෙදර ඉදං බැළුව වගේ... වැඩේ එළ.. BU එකේ වැඩෙත් අගය කරනව... 2018දි වත් එන්ට බලන්ඩ ඕනි... එත්කොට ඉතිං රජා.... අම්බේ.... බලමු බලමු... සුපිරි ඈ...

    ReplyDelete
    Replies
    1. වරෙල්ලකෝ එහෙනං එදාටවත්. :)

      Delete
  28. සිරාවට පවනිය(එළුව වගේ එකා) ඌටමොනාද උනේ?? කාපු මොනාහරි විස උනාද? නැත්නං උඹල ඔටු කිරි පෙව්වද?

    ReplyDelete
    Replies
    1. කාපුවා විස වෙලා :))

      Delete
  29. මගෙ කමෙන්ට් එක ???

    *මම කමෙන්ට් කලාද මතක නැහැ බං. දවස් 3ක් එක දිගට හදේ හිටියෙ..

    ජය වේවා..

    ReplyDelete
  30. video eke link eka hari YouTube chanel eka hari wenama denna berida

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න ---- http://www.youtube.com/watch?v=H-UfaLAvFM8

      Delete
  31. අන්තිමට හරි උඹට මාව මතක් වෙලා තිබ්බ එක ලොකු දෙයක්... :/

    ReplyDelete
    Replies
    1. උඹව චුට්ටක්වත් මතක් උනේ නෑ බං.. සිරාවටම!!!

      Delete
    2. හරි හරි කමක් නෑ.. උඹලා අපිට සලකන්නේ ඔහොමනෙ.. :(

      Delete
  32. යකෝ රජා කෙල්ලොන්ට ලයින් දාපුවා මෙතන නැහැනේ????? සේම පෙර පෙර බලන් හිටපුවා?

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)