X BAN යනු ගම්පහ බණ්ඩාරණායකේ කොල්ලෝ අවුරුදු 5 කට වතාවක් පවත්වන දැවැන්ත අධ්‍යාපනික ප්‍රදර්ශනයකි. සාමාන්‍යයෙන් වෙන කිසිදු පාසලකින් දකින්නට නොලැබෙන ප්‍රදර්ශන කලාවක් මෙහිදී නරඹන්නට ලැබේ. එයට මෙහි පැමිණි ජනතාව සාක්ෂි දරනවා ඇත. විද්‍යාලීය 95 වන සංවත්සරය නිමිත්තෙන් මෙවරද එය පැවැත්වින. 6 වසරෙන් ඇරඹෙන 13 වසර දක්වා නායකවරුන්ගේ පාසල් කාලය තුළ X BAN ප්‍රදර්ශන දෙකකට සහාභාගී වන්නට ලැබෙන්නේ නම් එය එම මුළු බැච් එකේම පෙර පිනක් වැනිය. අපේ උන්ට ඒ චාන්ස් එක ලැබුනි. 2003, 2008 යන වසර වල පැවති X BAN වලට අපි නිර්මාණ ඉදිරිපත් කලෙමු.
මේ 2013ය. අපි ඉස්කෝලෙන් අවුට් වෙලාය. අයින් උනා කියලා එහෙම නිකන් ඉන්නත් බැරිය. X BAN කිව්වම නිකන් ඇග හිරිවැටිලා යන ගතිය 6 ඉදන් හිටපු නියම බණ්ඩාරණායක කොල්ලෙක්ට දැනෙන්නේය. කම්පියුටර් සොසයිටියේ මල්ලිලත් එක්ක ඉස්කෝලේ බ්ලොග් එකත් එකතු කරගෙන අපි බ්ලොග් යුනියන් එකෙන් පොඩි මේස දෙකක් ලැබ් එකේ ඇටෙව්වෙමු. මෙතනින් කලේ බ්ලොග් පිළිබද නරඹන්නන් දැනුවත් කිරීම, යුනිකෝඩ් කේත ක්‍රමය, සිංහල ටයිපින් වගේම අළුතෙන් බ්ලොග් කලාවට තරුණ පිරිස දිරිගැන්වීම වගේ පොඩි පොඩි දේවල් කීපයක්ය. ආ....ඒ වගේම අපේ කට්ටියගේ බ්ලොග් වලට පොඩි පබ්ලිසිටියකුත් දුන්නේය. ^_^
පුරා දවස් හතරක් අපි ඉස්කෝලෙට වෙලා මේ වැඩේට සහයෝගෙ දුන්නෙමු. උසස් පෙළ ඉවරවෙලා අවුරුදු 3ක් ඉවරවෙන්න ආවට මොකද... අපි තාම නිකන් ඉන්නේ ඒලෙවල් මානසිකත්වයේ කියන එක නියමෙටම තේරුනේ අර පොඩි උන් එක්ක පිස්සු කෙළිනකොටය. ඔය විස්තර කිරීම් අතරතුර එහෙන් මෙහෙන් මිසින් වී ගියේමු. ඕකම විස්තර කර කර ඉදලා හරියන්නේ නැත. අපිත් ප්‍රදර්ශනේ බලන්න ඕනෑය.
LEAFLET |
ගේට්ටුවෙන් ඇතුලට එනකොටම දෙයියනේ කියලා කාර් ටික සෙට් වෙන්නේය. ගට ගට ගට ගගා ඒවා පොකුණ වටේ කැරකුනේය. වෙනදට තියෙන්නේ කාර් එකයි නැත්තන් උපරිම දෙකය. මේ පාර එහෙම් පිටින්ම 7ක් තිබුනේය. මට නං ආසාවේ...බැරිය. ඕක හදන එක බලන් ඉන්නවා තරම් නම් ලේසි නැතිය. ඕක මොකද්ද ඇන්ජිමක් අරගෙන හදන එකනේ කිව්වට, ඒකේ කට්ට දන්නේ හදන උන්ය. මොකද අපිත් ඔය කට්ට 2008දී කෑවේය.
CARS |
CARS CARS EVERYWHERE |
RED INDIANS |
ROO STUDIO |
Blog Set එක |
ඔය කෑලි බෑලි අස්සේ පොඩි පොඩි මඩපාරවලුත් යන්නේය. අපේ බ්ලොග් ලියන වෙඩික්කාරයා අඩුවට නම ගම තියෙන කාඩ් වගයක් ගහගෙන ඇවිල්ලාය. මූ ඕක කෙල්ලන්ට දෙන්න ගිහින් ගම කාගෙනය. ඇයි තව කවුදෝ මන්දා එකෙක් මුගේ පිටේ සිගරට් බොනකොට මෝඩ පාටයි කියලා ස්ටිකරයක් අලෝලාය. ඕක ඈතට පේන්නේ ලොකුවට තියෙන මෝඩ පාටයි කියන කෑල්ල විතරය. ඕක දැකපු කෙල්ලෝ මූට නොසෑහෙන්න හිනා උනයි කියලා ආරංචිය ඉස්කෝලේ වටේ යන්නේය.
ඇයි තව අර බිම්තැන්න ලියන මලයා, උගේ වෙබ් ඩිසයිනින් ගැන කියලා දෙන්නේ කෙල්ලන්ට විතරය. එතනම එහා පැත්තේ හිටපු අපිට ඒ කෙල්ලන්ව මූ එවන්නේ නැත. විනාඩි 20ක් විතර මුගේ බොරු අහන් ඉදලා ඒ කෙල්ලෝ දාඩිය පිහ පිහ යන්නට යන්නේය. ඔය කිව්වට අපිත් බ්ලොග් ගැන වැඩිපුර කියලා දුන්නේ කෙල්ලන්ට විතරය. කෙල්ලෝ රජාගේ තහනම් අඩවිය කියෝලා බඩ වෙලා කිය කිය එක එකා ඉස්කෝලේ පුරා දූෂමාන ආරංචි පතුරවන්නේ ඉරිසියාවටය.
බ්ලොග් ලියන උන්ගෙන් සෑමා, මුදියා නොහොත් සමියා, සසිදු කොළුවා එහෙම අපිව බලන්න ආවේය. ඇවිල්ලා ගෙස්ට් බුක් එකෙත් මොනවද ලියලා ගිහින්ය. අපේ IT මිස් ඒක දැකලා කවුද අනේ මේක ලිව්වේ කියලා අපෙන් අහනවාය. :D :D
COMMENTS |
බුකියේ පල වූ ඡායාරෑප පෙළ
ආයේ ඉතින් X BAN එන්නේ 2018දීය. ඒ බණ්ඩාරණායකයේ 100වන සංවත්සරය වෙනුවෙන්ය. ඒකට නං සෑහෙන දෙයක් කරන්න රජාගේ අයිඩියාවක් ඇත. එකෙදි හමුවෙනකං... හැමෝටම රාජ සම්පත!!!
මෙන්න රජා බටු කැමරාවෙන් වීඩියෝ කරපු Full Highlights වීඩියෝව,
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ප/ලි:
නායකවරුන්ගේ බ්ලොග් එකමුතුව
- පින්බිමක අසිරිය - බණ්ඩාරනායක විද්‍යාලීය නිල බ්ලොග් අඩවිය
- පැතුම් අයියා - අන්තර්ජාලයේ මගේ බිත්තිය
- රාජ් අයියා (පොඩි රාජ්) - RAJ
- සිරා අයියා - සිරාගේ කාමරය
- තිසර අයියා - රගහල
- සිහින අයියා - BUZZ RADIO කණ්ඩායම
- දුලාන් අයියා - හින්දි සින්දු, BUZZ RADIO කණ්ඩායම
- රුවන්ත (පවනි) - මතක වස්තුව
- ගයාන් - දුම් කවුළුව
- චොකා - වෙඩික්කාරයා
- පේලි - තනි වූ ගවේෂක
- දෙලා - කෝපි කඩේ
- සසිදු - සසිදුගේ blog අඩවිය
- චතුරංග මල්ලි - බිම්තැන්න
- සචින් මල්ලි - මතක මාවත
- ලහිරු මල්ලි - නියෝ
- මලිත් මල්ලි - ලොකු පුතා
දැන් ඉතින් ගියා වගේ තමයි .... මොකද මේ දවස් ටිකේම ඔකේ වෙච්ච දේවල් මෙතන තියනවනේ ......
ReplyDeleteවැඩේ හොදට ගිහින් නේ .. එන්න බැරි වුනේ එක නම් අපරාදේ අෆ්ෆා එත් කොහේ එන්නද අපි හද්ද දොටෙනේ ....
හෙහ් හෙහ්... :)
Deleteඒකනේ අවුල නෙහ්?
ඕක බලන්ට අපිත් ආවා පටංගත්ත දවසෙම.
ReplyDeleteඑල කොල්ලෙක්නේ ඈ... එදා තමා නියම දවස. හවස් වරුවේ වැඩිය සෙනගත් හිටියේ නෑ. :)
Deleteහොදයි හොදයි හොදට කෙරුනනම් අපිටත් සතුටුයි
ReplyDeleteඔයාලට කියන්න මෙයාල මමත් බ්ලොගක් ලියනවනෙ දැන්.(අප්ඩෙට් වෙන්නෙ නැද්ද මන්දා.ඉඩ තියෙන අය පොඩ්ඩක් ඇවිල්ල යන්නකො
http://damgune.blogspot.com/
සිය නෑ කොල්ලෝ කොහොමත් එල. බුකියේ උණත්, කැම්පස් එකේ උණත් අපිත් එක්ක, ඒ කිව්වේ සත් කෝරලේ අයත් ෆිට් එකේ ඉන්නවා. ඒ පැත්තෙන් එන ගොඩක් අය නායක වරුන් තමයි.
ReplyDeleteමම ඉතින් ඔය කෝරළ දෙකේම කරක් ගහපු කොල්ලනේ....
Deleteඉන්නේ සත් කෝරළේ... ඉස්කෝලේ සියනෑවේ!!! :)
තෑන්ක්ස් වීඩියෝ එකට .. ඔක්කොමත් හරි මුදියගේ කොමෙන්ට් එකත් හරි c-)
ReplyDeleteබුහහ්හා... ඕකට ට්‍රැක්නේ කොහොමත් :))
Deleteබර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් >_<
Deleteබුකියේ තිබ්බ ෆොටෝ ටිකයි වීඩීයෝ එකයි කලින්ම බැළුවා බං..
ReplyDeleteමුදියාගේ කමෙන්ට් එක සිරා..
ෂා.. මෙයාලා මරුනේ :)
Deleteඅපිත් ආව ඕක බලන්න.. රතු ඉන්දියානුවෝ අපේ කෙල්ලෙක්ට පිහාටුවක් දුන්න.. :)
ReplyDeleteඈ.. යකෝ අපිව දැක්කේ නැද්ද????
Deleteඋන් ටික සිරා... :))
මේවා අපි බැලුවනෙ... රජෝ... නැද්ද අලුත් බඩු
ReplyDeleteතව තියෙනවා... දාන්න වෙලාවක් නෑනේ. නටන සිද්ධි එහෙම :))
Deleteසෑහෙන්න මහන්සි වෙලා කොල්ලො ටික සුපිරියටම වැඩේ කොරල.
ReplyDeleteගම්පහ බණ්ඩාරනායකේ කොල්ලො සේරටම,අසල කාන්තා පාසල් වල කෙල්ලොම ලැබිල....
රාජ සම්පත් ලැබේවා....!!!
//ගම්පහ බණ්ඩාරනායකේ කොල්ලො සේරටම,අසල කාන්තා පාසල් වල කෙල්ලොම ලැබිල....//
Deleteහම්මේ...දැනෙන සතුට =))
අර කොමෙන්ටුව නම් මරු...:))
ReplyDeleteවැඩේ හොඳටම කෙරිලා වගේ නේද?..සතුටුයි සතුටුයිg-)
හිහි... තව පොඩ්ඩෙන් මිස් ඉස්සරහා රෙදි ගැලවෙනවා :))
Deleteඅඩේ..මමත් එන්න ආසාවෙන් හිටියේ බං..ප්ලෑන් ඔක්කොම අප්සැට් උනානේ ..
ReplyDeleteඅයියෝස්... :(
Deleteප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව ඇතුලෙත් වරින් වර ලබා දුන්න තොරතුරු වලට හා බ්ලොග් අවකාශයේ සහෝදරත්වය වෙනුවෙන් කරපු මේ කාර්යයට රජා ඇතුලු බ්ලොග් නඩයට මගේ අක්මාවෙන්ම සුභ පතනවා...පොරොන්දු වූ පරිදිම ලබා දුන්න පින්තූර ටිකත් කදිමයි...ලෝකෙ කොයි මුල්ලෙ හිටියත් පාසල ශත වර්ෂ පූරණය සමරන දවසට සිරා එතන ඇති... බණ්ඩාරනායකේ කොල්ලෙක්ගෙන් පාසලට කොච්චර ආදරේද කියලා ඇහුවොත් උන් නිසැකවම කියාවි හදවතේ ගැඹුරුම තැනින් කියලා...ජයවේවා මල්ලිලා...මේ බ්ලොග් ලැයිස්තුවට කලු ජෙමාවත් දා ගන්න...
ReplyDeleteවීඩියෝ එක බැලුවෙ පස්සෙ...උඹේ කැමරාකරණය, එඩිටින් වගේම පවනියගෙ ඇක්ටිනුත් පට්ටයි...2018 ප්‍රදර්ශනයට දැනෙන යමක් කරමු.
Deleteඅනිවාර්යෙන්ම... 100ට වැඩේ දෙන්න ඕනේ උපරිමෙන්ම!!!
Deleteසුබ පැතුම් අපෙනුත්! සෑහෙන මහන්සි වෙලා තියන පාට යි.
ReplyDeleteටැංකෝ ටැංකෝ... අපිට නෙමේ අර පොඩි උන්ට තමා සුභ පතන්න ඕනේ :)
Deleteනොබැලිය යුතු කිසිත් නොමැත්ත නැරඹුවෙමි////
ReplyDeleteරජාගේ බ්‌ෙලාග් එක ඇර අනිත් ඒවා නං බැලුවට කමක් නෑ... හි හි...
ඇති යන්තං ඉවර උනාද... මේ ටිකේම පුදුම වදයක් තිබ්බෙ මෙයාගෙන්.... කමක් ඇහිලා ඉන්න නෑ නේ කොයි වෙලාවෙත් X Ban කියාගත්ත ගමන්මයි.. හාපෝ....
( හි හි..)
ඒම තමා ඉතින්... ඉස්කෝලේ වැඩේ ප්‍රොමෝට් කරන එක අපේ වගකීමනේ :)
Deleteඑල එල රජාගේ වීඩියෝ එඩිටින් සුපිරිනේ බලන් යද්දි
ReplyDeleteඒ අවුලක් නෑ නෙහ්? :)
Deleteකොහෙද බං අතුරුදන් වෙලා හිටියේ???
එල එල...
ReplyDeleteg-)
Deleteනියමයි !!!
ReplyDeleteබලාගෙන ගියහම බණ්ඩාරනායක විද්‍යාලයේ සෑහෙන බ්ලොගර්ලා ගොඩක් ඉන්නවානෙ !
ඉන්නවා නේන්නං... තව ඇති හැංගිලා.. අහුලගන්න ඕනේ :))
Deleteඋඹ සමියට කීයක් දීලද අරක ලියෝගත්තෙ.
ReplyDeleteවැඩේ නියමෙට කෙරිල තියෙනව. සුබ පැතුම් !!
සමියයි මමයි තව සෙට් එකකුයිනෙ ඕක බලන්ඩ ගියෙ, රජා ලෝස් නැතුව අත දිග ඇරල 500ක් දුන්නනෙ සමියට ඌ ගැන මොනහරි ලියල යමන් කියල... :D
Deleteකට කට ... ශ්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
Deleteයකෝ ඔහොම බොරු කිවිවොත් මොනිටරේ පලාගෙන යමපල්ලෝ එයි...!!!
Deleteඇත්ත කියන්න මක්කැයි බයවෙන්නෙ :P
Deleteඅඩෝ අර හදපු කාර් වලට මක්කෙයි බං කරන්නේ.. පට්ට කාර් ටික බං
ReplyDeleteපරිස්සමට තියයි බං. අපි හදපු එක තාම තියෙන්නෙ ඔය. දැන් අවුරුදු 5ක් නේ :)
Deleteඊලග පාර අපිත් සෙට් වෙනව, පට්ටම වැඩක් දෙමු...
ReplyDeleteඊලග පාර එද්දී යයි .. බැදලා දරුවොත් ඉදියි ,,, යයි එතකොට w-)
Deleteඑකෙන්ම සසිදුවා...
Deleteඇයි ඔමා අවුල්ද??? ළමයවත් එක්ගෙන එනවා... :))
@ඔමයා 2018 වෙද්දිනම් බැදල ඉදී...එත් ළමයිනම් එහෙම බැදපු ගමන් හදන්නේ නෑ :P
Deleteඅනික ඉතින් බැන්ද කියල මේ වගෙ දෙයකට සෙට් වෙන්න බැරි නෑනෙ :D
@රජා එල ඈ (y)
:))
Deleteඑල කිරි.. වීඩියෝ එකයි ෆොටෝ ටිකයි දාපු එක ලොකු දෙයක්... 100 වෙනි එකේදී සෙට් වෙලා සිරා දෙයක් කරමු..
ReplyDeleteඅනිවාර්යෙන් පැතුම් අයියා!!!
Deleteකොමන්ට් මොඩරේට් කිරීම් හෙලා දකිමි :( කෝ එකේ තිබ්බ අනිත්ව :D
ReplyDeleteඔය තිබ්බ ඒවා තමා බං.. :))
Deleteමට ඉතින් බලන්න යන්න වෙලාවක් තිබුනෙ නෑ.. මං මුදියට කිව්ව ගිහින් හොම්බ දාලා වරෙන් කියල.. ඌ කිව්ව ඌත් ටිකක් බලල වැඩක් සෙට් උන නිසා ඉක්මනට ආවය කියලා... එස්කිබිතං එක පට්ට කියලත් කිව්වා .. ඔව්
ReplyDeleteඅනේ පව්... :))
Deleteඅපි ආව ඈ බලන්න...මට වැඩි වෙලාවක් තිබ්බෙ නෑ බලන්න නම්...පැයෙන් ඇවිල්ල චුට්ටක් බලල ගියෙ.....ඒ බලපු ටික සුපිරියටම තිබ්බ ඈ :D
ReplyDeleteඅයිෂෝ... එහෙමද? ඔක්කොම බලන්න තිබ්බේ :)
Deleteවැඩේනම් පදිරියට කරලා තියෙනවා.පවනියගේ ඩාන්ස් එක තමා මාරු.මොකෝ ඌ ඔටෝ චුන් වෙලාද බන් ? :p
ReplyDeleteඒවා කියන්න ගියොත් මඩ නාන්න වෙනවා බං =))
Deleteඋඹේ වීඩියෝ එඩිටිං සහ ග්‍රැෆික්ස් හැකියාව බොහොම හොඳයි... පළවෙනි X-Ban එක්ක තිබ්බේ 91ද 92ද? හරියටම මතක නැහැනේ... මාත් පොඩි වැඩ කෑල්ලක් හැදුවා ඒකට....
ReplyDeleteමාවත් ලිස්ට් එකට දැම්මට තැන්ක්යූ...
ග්‍රැෆික්ස් කෑල්ල කලේ මම නෙමේ.... :)
Deleteඒක හැදුවේ සොසයිටියේ පොඩි මල්ලි කෙනෙක්!
අපිත් බ්ලොග් ගැන වැඩිපුර කියලා දුන්නේ කෙල්ලන්ට විතරය. කෙල්ලෝ රජාගේ තහනම් අඩවිය කියෝලා බඩ වෙලා කිය කිය එක එකා ඉස්කෝලේ පුරා දූෂමාන ආරංචි පතුරවන්නේ ඉරිසියාවටය.
ReplyDeleteලෝකය ඔහොම කතා කියන්නේ බොරුවට කියන්නත් බෑ ඉතින් රජාගේ හැටියටනේ විමනේ කියලා අපේ ආදී මුතුන් මිත්තෝ කිව්වේ බොරුවට නමෙනේ
පල පල තඩියා :))
Deleteරජා X Ban එකට බුකියෙන් හෙනම පබ්ලිසිටියක් දුන්න හින්ද මටනං ගෙදර ඉදං බැළුව වගේ... වැඩේ එළ.. BU එකේ වැඩෙත් අගය කරනව... 2018දි වත් එන්ට බලන්ඩ ඕනි... එත්කොට ඉතිං රජා.... අම්බේ.... බලමු බලමු... සුපිරි ඈ...
ReplyDeleteවරෙල්ලකෝ එහෙනං එදාටවත්. :)
Deleteසිරාවට පවනිය(එළුව වගේ එකා) ඌටමොනාද උනේ?? කාපු මොනාහරි විස උනාද? නැත්නං උඹල ඔටු කිරි පෙව්වද?
ReplyDeleteකාපුවා විස වෙලා :))
Deleteමගෙ කමෙන්ට් එක ???
ReplyDelete*මම කමෙන්ට් කලාද මතක නැහැ බං. දවස් 3ක් එක දිගට හදේ හිටියෙ..
ජය වේවා..
හෑ...???
Deletevideo eke link eka hari YouTube chanel eka hari wenama denna berida
ReplyDeleteආ මෙන්න ---- http://www.youtube.com/watch?v=H-UfaLAvFM8
Deleteඅන්තිමට හරි උඹට මාව මතක් වෙලා තිබ්බ එක ලොකු දෙයක්... :/
ReplyDeleteඋඹව චුට්ටක්වත් මතක් උනේ නෑ බං.. සිරාවටම!!!
Deleteහරි හරි කමක් නෑ.. උඹලා අපිට සලකන්නේ ඔහොමනෙ.. :(
Deleteයකෝ රජා කෙල්ලොන්ට ලයින් දාපුවා මෙතන නැහැනේ????? සේම පෙර පෙර බලන් හිටපුවා?
ReplyDelete