අපි කැම්පස් එකේ බත් කන හැටි සහ MBA ලොකු ලොකු ඇන්ටිලා හූල්ලන හැටි ගැන මේ බොගේ තුන් හතර පාරක් විතර පෝස්ටු වැටිලා ඇතිය. ඒවා ඒ තරමට දෑසට සුන්දර කන්කලු දසුන්ය.
බැරිවෙලා හෝ ඔය ගේන බත් එකක කුකුලෙක්
හිටියොත් ඒ උගේ ජීවිතයේ ඛේදජනකම මොහොතය. මරද්දී දැනුනාට වඩා වේදනාවක් ඌ බත්
එක උඩදී විදින්නේය. කුකුල් අංශුමාත්රයක් හොයාගන්න හෙනම ගේමක් දෙන්න ඕනෑය.
ඒත් සමහර වෙලාවට කට්ටක්වත් නැත. වෙනදා වගේම එදත් කැන්ටිම මැද්දේ කෑමකට අපි
සෙට් උනේය. එකෙක්ගේ බත් මුලේ කොළ මැල්ලුමක්ය. මැල්ලුම හොදට තිබුනේය. ඒත්
කට්ටිය වැඩිය කන්නේ නැත. බත් එක ඉවර වෙලා රජයි, දුලියයි මැල්ලුම් ටික ටික
අහුල අහුල කන්නේය. ඒ අතර තුර,
දුලියා: යකෝ...මැල්ලුම් කාපල්ලා...මොනවා උනත් අපේ ඔෆිස් එකේ දෙන මැල්ලුම තරම් රහ මැල්ලුමක් නෑ බං...
කාවින්ද: එහෙනං ලැට් එක ගාවින් කඩන ගොටුකොළ වලින් වෙන්නැති හදන්නේ...
හම්මෝ......!!! අන්තිම බත් කට හප හප හිටපු
උන්ට ගිලගන්න හම්බුනේ නැත. හිනාවෙන්න ගිහින් කටේ තිබ්බ ඒවත් ආපහු බත් එකට
විසිඋනාද කොහෙදය.
බත් කාලා එහෙම ඉවර වෙලා ආපහු වට මේස
සාකච්ඡාවක්ය. ඔය අතර තුර අපේ ඩිග්‍රිය ගැන පොඩි කතා බහක්ය. ඕක ඉවරවෙන්න
තියෙන්නෙත් තව මාස තුනක් වගේ කෙටි කාලයක්ය. A/L ඉවරයි කතාව ඉවර උනෙත් ඔය
කාලෙදිමය. ඕක ගැන කතාවක් ඇදිලා ආවේය.
මඩයා: අඩෝ A/L ඉවරයි, ඉවරයි නේ බං...
රජා: ඔව් යකෝ... දැන් බලන්න එකකුත් නෑ..!
කාවින්ද: මොකද කියන්නේ... අපි ගහමුද ඩිග්‍රිය ඉවරයි කියලා එකක්???
රජා: බුහහහා.... ආතල් සීන් ටිකක් දැම්මැකි හැබැයි.. ^_^
මේ ලගදි හවස් වරුවක අපි ඔෆිස් එකට ගියේ අඩු වෙච්ච ටියුට් වගයක් පොටෝකොපි කරගන්නය. ඒ අස්සේ සුභ ආරංචියක් අරන් ආවේ කොඩිනේටර් අක්කාය.
අක්කා: ආ...ඔන්න ඔයාලව යවනවා අළුත් තැනකට. ලෙක්චර්ස් ඔක්කොම එතන තියෙයි. බේස්මන්ට් කාර් පාක්.. ලොකූ....හෝල්ස්. නියමයි තැන.
දුලියා: ඒ කොහෙටද?
අක්කා: ගල්කිස්සේ ඔඩෙල් එක ගාව ලොකු බිල්ඩිමක්...
දුලියා: වයි ෆයි දෙනවද?
අක්කා: ඔව් ඔව්... ඔක්කොම ෆැසිලිටීස් තියෙනවා...
දුලියා: එතකොට කැන්ටිම???
අක්කා: කැන්ටින් මොකටද? එහා පැත්තේ Casserole එක. මෙහා පැත්තේ Family Super එක.
රජා: ඒවයින් කන්න??? :O
කාවින්ද: හක්කේ දත් දෙකකුත් ගැලවෙයි වගේ....
අක්කගේ
මූණ ඇඹුල් වෙලා ගියාද මන්දාය. අනේ අම්මේ....ඌ ඒක කිව්ව විදිහට අපිට
නොනවත්වා විනාඩි දෙකක් විතර හිනා ගියේය. හිනාව නවතිනවා. කාවින්දයගේ මූණ
දිහා බලනවා. ආයේ හිනාවෙනවා. :D
________________________________________________________
ඔක්තෝම්බර් 9-13 වෙනකන් අපේ ඉස්කෝලේ තියෙන X BAN ප්‍රදර්ශනේට
ඕල්ඩ් බෝයිස්ලා විදිහට මොනවාහරි දෙයක් කරන්න කියලා හිතාගෙන ඉස්කෝලෙන්
අවුට් වෙච්ච බ්ලොග්කාරයෝ ටික ගම්පහ තානායමට සෙට් උනේය. 10 දෙනෙකුට එන්න
කිව්වට සෙට් උනේ 6 දෙනාය. වැඩේ කතා කරන එක කෙසේ වෙතත් වෙනම සීන් එකක් එතන
ගියේය.
![]() |
ආපු 6 දෙනාගෙන් ටිකක් |
ඔතන හිටපු මල්ලි කෙනෙක් අපිට අළුත්ය. ඒ
වගේම වැඩියෙන්ම සූර් වෙලා හිටියෙත් ඌමය. දැන් කට්ටිය බ්ලොග් එකේ නම දන්නේ
නැති උන්ට නම කියන්නේය. දැන් පොඩි පුතා මල්ලිගේ වාරයය...
රජා: ඒ උඹ ලියන්නේ මොකද්ද බං... ෂුවර් මම කියවලා නෑ... කියෙව්වනං මට අනිවා මතකයි.
පොඩි පුතා: මම ලියන්නේ..........................
ඒ මගේ බ්ලොග් එකේ නම මොකද්ද බං??? (එහා පැත්තේ එකාගෙන් අසයි)
කාපුවා බීපුවා උගුරට එන්න ආවේය. ඇයි යකඩෝ ඔහොමත් ප්‍රශ්න අහනවද මේ වගේ වෙලාවට. විලි හැත්තෑවේ සීන් කෑලිය.
ඔය අස්සේ එතන හිටපු එකෙක් බොන්න බෑමයි
කියලා එකම එක තේ ෂොට් එකක් විතරක් දාගත්තේ හවස 5ට විතරය. කොහොමහරි ඒ
වීදුරුව හවස 7 විතර වෙනකනුත් ඉවර උනේ නැත. ඌ නම් පට්ට වාසනාවන්තයෙක්ය. ඇයි
යකෝ බොනවා බොනවා තේ එක ඉවර වෙන්නේ නැත. මම නං හිතන්නේ ඌ නැගිටලා එහෙ මෙහෙ
යන යන සැරේට කවුරුහරි එතන හිටපු අසමජ්ජාතියෙක් වීදුරුවට අළුතෙන් අමු තේ
වක්කරලාය. මොනවා උනත් කොහොම හරි සැර නොමරා වැඩිම තේ බීලා තියෙන්නේ ඌය.
![]() |
තේ බෝතලේ |
ඔය ජර මර හාල් කෑලි අස්සේ අපේ නිල ආතල්
සැපයුම්කරු හෙවත් අටම් ගොයියාගේ සීන් එකකුත් ඇදිලා ආවේය. එදා අවුරුදු
උත්සවේ දවසේ සෙට් වෙච්ච තැනදි, මෙතන හිටපු එකෙක් ලේන්සුවක් හිල් කරලා පෑනක්
දාන විදිහේ මැජික් එකක් අටමගේ දුවට කියලා දීලාය. දුව ගෙදර ගිහින් මේක
ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ අටමගේ ජොක්කු ටිකක් එක්කය. මොනවා උනත් දවස
අවසානයේ ජොක්කු ඔක්කොගෙම හිල් හැදිලාලුය (මැජික් එක වැරදිලා). පහුවදා උදේ
අසූ හාරදාහට තද වෙච්ච අටමා අරෑට දාගෙන බනිනවලු. රජා කෝකටත් ඕක අටමාගෙන්
විමසුවේය. ඇයි යකෝ සැර සීන් එකනේ.......
රජා: මේ මොකද්ද බං අටමා, අර දුව ජොක්කු ටික හිල් කලා කියන කතාව??? :D :D
අටමා: නැ
බං රං ගොජෝ, පෑනක් රෙද්දක් අස්සෙන් රිංගවන මැජික් එකක් පෙන්නලා අපේ
කෙල්ලට අර අසමජ්ජාති පවනි තරංගා, ඒ දවස් ටිකේ කෙල්ල පෑණක් අරං විලිවහගන්ඩ
තියන හැම වස්තරයක්ම හිල් කර කර හිටියා, මැජික් එක මොකක්ද කියලා මාත් හරියට
දන්නේ නැ, අර අසමජ්ජාතියගෙන්ම තමා අහන්න ඕන...
ඒ කියන්නේ අටමා අදින්නේ හිල් විච්ච ජොක්කු කියන කතාව ඇත්තය. අනේ හම්මෝ....හිනා වෙලා පණ නැත. ඒක හින්දා අදට මේ ඇතිය. :D :D
ප/ලි:
මේ පාර X-BAN එකේදි අපේ Bloggers' Union
එක IT Unit එකේ මල්ලිලත් එක්ක සහයෝගෙන් පොඩි සුකුරුත්තම් අයිටම් එකක්
දාන්නයි යන්නේ. ප්‍රදර්ශනේ බලන්න එන අය ඒ පැත්තටත් එන්න හොදේ... ;)
X BAN විස්තරේ මෙතනින්
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!