කියන්න යන්නේ පට්ට හැපි ආරංචියක්ය. අපේ බැච් එකේ සෙට් එක රජගෙදර සවාරියට ආපු වෙලාවේ වෙන මොනවා නැතත් පට්ට පොටෝ ටිකක් නම් අල්ලගත්තේය. ඔය අස්සේ ආපු අන්තර්විශ්වවිද්‍යාලීය පොටෝ තරගෙකටත් ඔය පොටෝ එකක් දැම්මේය. කරුමේ කියන්නේ ඒ පොටෝ එක තුන්වෙනි තැන දින්නේය. ඔය පොටෝව ගහන්න අම්බලම ලග උඩ පනින්න ගිහින් එතන කඩේ අංකලයා අපිට බැන්නේය. දැන් ඉතින් ඒ ගැන දුකක් නැත. මන්ද අපි දින්නේය.
කොහොමටත් දෙවනි වටයට යන්න එකම සුදුසුකම උනේ බුකියේ වැඩිම ලයික්ස් ලබා ගැනීමය. අපිට ඉතින් ඔය හිගාකන වැඩ හෙනට පුරුදු හින්දා ලයික් හිගාකන්නම ගිහින් මැසේජ් යනවා මාසෙකට බ්ලොක් වෙලාම ගියේය. ඒත් කමක් නැත. තුන්වෙනි තැනට අදාල රුපියල් 5000 හේ තෑග්ග අපිට ලැබුනේය.
ජයග්‍රාහී පොටෝව |
ඔය 5000ට කරන්න දේකුත් නැත. සැමගේ එකම පැතුම උනේ ආයෙත් ගලධාරි බුෆේ එක සුද්ද කිරීමය.ගින්දර වගේ ඊයේ හවස ගලධාරියට කට්ටියම සෙට් උනේය. බඩට අරක්ගෙන සිටින හිගන පවුලේ සුදහගින්දර නිවා දැම්මේය. ඒ පිනම ලයික්ස් දැමූ සැමට බෙදා දිය යුතුය. උන් කිසිම ආකාරයක හිත් අමනාපයක් ඇතිකර ගත යුතු නොවේය. මන්ද අපි උන්ටත් හරියන්න කෑවේය.... ^_^
හැමදාම පොටෝ ගහලා ඇල්බම් හදන එකේ, මේ පාර අපි පොඩි වීඩියෝවක් කලෙමු. ඒකත් හැබැයි පොඩි ගතියකට ආවේය. ඩැඩීලගේ ජීවිතේ විදින්න සින්දුව ගත්තු වීඩියෝ ක්ලිප් කෑලි වලට ලෙසටම සෙට් උනේය. එහෙන් මෙහෙන් අමුණලා රජා වීඩියෝව ගොඩදැම්මේය. අපි ඉතින් වීඩියෝ එඩිටින් එක්ස්පර්ට්ස්ලා නොවේය. ඒ උනාට මේකෙ පොඩි ගතියක් නැත්තේමද නැත.
කලින් සැරේ ගලදාරි සුද්දය මෙතනින්
මේ පාර පිස්සු පීකුදු මොංගල් කෑලි විසිවෙන වීඩියෝව..........
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මෙව්වා එක මෙව්වා වෙනවා මෙව්වා වෙලා යන්න
ReplyDeleteඅම්මටසිරි ලොක්කා... යකෝ උඹ යහතින් ගෙදර ගියාද? කෝල් කරන්නත් අමතක උනා. අවුලක් නෑ ඉතින්... ලාවට මෙව්වා වෙලානේ හිටියේ :))
Deleteපට්ට ඇ.වීඩියෝ එකය් සින්දුවය් පට්ටෙට මැච් වෙනවා :)
ReplyDeleteහහහා... මමත් හිතුවට වැඩිය ගතියට ආවා! =))
Deleteඒකෙත් පොඩි ලල් එකක් නැතිවමත් නෙවෙයි... ;)
ReplyDeleteඅනිවා ඉතින් :))
Deleteයකො මුන්ට නැගිටලා හිටියොත් කට හොලවන්නම එපයි..!
ReplyDeleteකෑවොත් නිදිමතයි... නැගිට්ටොත් බඩිගිනී :))
Deleteeaye indan galadariya wahala daalalu.
ReplyDeleteවෙන්න බෑ.....!!!!! :)
Deleteඋඹලගෙ ජයග්‍රහණය ගැන මගේ සුභාශිංෂන...ෆොටෝව එළ...
ReplyDeleteඑලකිරි! :)
Deleteකෝ උඹ අපිට දෙනව කිව්ව රුපියල් දහය? ලයික් එකකට රුපියල් දහයක් දෙනව කියල කිව්වෙ. අපේ රුපියල් පහ කේවා! අම්ම ඕක....!
ReplyDeleteහහහා...... මම එහෙම කිව්වද? මට මතක නෑනේ :))
Deleteඅඩුම ගානෙ ලයික් දාපු උංට කඩල ඇටේ ගානෙවත් දෙන්න තිබ්බ නේද.
ReplyDeleteවීඩියෝ එකනං කොලිටි. උඹල ගිලල දාපු ටික ඇදල අර වේටර් කාරයට එපා වෙන්න ඇති.
මොකටද බං උඹල ඔච්චර ටොයිලට් යන්නෙ බියර් බීලද?
වේටර්කාරයා කියන්න එපා ඒ අක්කට........... :(
Deleteහරි ලස්සන කටහඩක් තිබ්බේ..
අපි එක වටයක් ඉවර උනාම ලගට එනවා ආ යූ ඩන් සර්??? කියලා අහනවා. දහ පාරක් විතර ආවා කෝම හරි... අනේ තාමත් ඒක ඇහෙනවා වගේ :((
Bada yanawa sure ekata umbalata !!
ReplyDeleteඋඹ වරෙන් අපේ බඩ එකතු කරන් යන්න :))
Deleteකන එක ඇරෙන්න වෙන දෙයක් කල්පනා වුණේ ම නැද්ද?
ReplyDeleteවෙන මොනවා මතක් වෙන්නද :)
Deleteබඩරාජී මහ රජ......yakO ඕකට mamatH ලයික් demmA බොල.....පින අනුමෝදන් කෙරුවට නමස්තේ....
ReplyDeleteහහහා.... එල හොදේ!!! :)
Deleteවිඩියෝ එක නියමයි.... හුජ්ජ කෑලි නැත්නම්.....උඹලා වගේ සෙට්වලට හෝටල් ට්‍රේඩ් එකේ කියන්නේ බලු කපුටෝ කියලා. දානෙට ලෑස්තිවෙයන් කියලා තමයි උන් පටන්ගන්නේ.:D
ReplyDeleteමොකද්ද යකෝ හුජ්ජ හුජ්ජ ගාන්නේ. ලස්සනට චූ කියලා කියනවකෝ!!!
Deleteබුහහා... බලු කපුටෝ??? සැර සීන් එක :))
suppawatma thiyanwa rajoo
ReplyDeleteදන්නවනේ ඉතින් අපි වැඩක් කලොත් :)
Deleteවීඩියෝව පට්ට හොඳේ.....
ReplyDeleteමහ පිස්සු මොංගල් ඩයල් ටිකක් මුං නම් :D
කමන්නෑ ඉතිං දානයක් දුන්නා හා සමානයිනේ ඉතින් මුං ටික කෑවා කියන්නේ :D
:))
Deleteපින් හොදේ....!!!
අපිත් එහෙනම් දානෙකට සම්මාදන් උනා ඕං :D
ReplyDeletevideo එක සුපිරියට speed control කරලා තියෙනවා එල ඇඃ ;)
අනිවාර්යෙන් :))
Deleteමම හිතුවේ චොර වෙයි කියලා. පොඩ්ඩක් ගතියට ආවා!
යකෝ ගලදාරියෙන් 5000ට පුලුවන් උනාද මේ ඔක්කොම කරගන්ඩ? පට්ට ඈ
ReplyDeleteනෑ බං.. අතිනුත් ටිකක් ගියා :)
Deleteවීඩියෝව ගති
ReplyDeleteඑල! :)
Deleteරජෝ උබලා හිගකාලා සල්ලි හොයන අපු බවක් පෙන්න නැ වීඩියෝවේ
ReplyDeleteඈ...? එහෙම පේන්නේ නැද්ද? ලොකු දෙයක් :))
Deleteයකෝ ගලදාරි එක සතියක් වහල තිබ්බෙ මේ සීන් කෝන් එකනිසාද ඈ මම හිතුව ඉඳගෙන
ReplyDeleteතවත් වහලද??? හපුයි... :))
Deleteඑල එල වැඩේ හොදයි
ReplyDeleteඑලකිරි!!! :)
Deleteවීඩියෝව එල.. ජයග්‍රහණයට සුභ පැතුම්..
ReplyDeleteහයියූ ගලධාරී.... (අවධානයට ගන්න... ජීවිතේට රජා ඉන්න පැත්තක හෝටලයක් පටන් ගත්තාට බුෆේ නොදමන්න)
ReplyDeleteආ යූ ඩන්... :v
ගලධාරිය ඊට පස්සේ දවසම වහල තිබ්බ කියල සී නිවුස් එකේ කියල තිබ්බ.මොනවද ඔයි උබල කනවට වඩා වොස් රුම් වලනේ ඉන්නේ.විලි ලැජ්ජාවේ සන්තෝසේ බඩගිනි :පි
ReplyDeleteela ae
ReplyDelete