මේ වගේ මුළු දවසම හෝදාපාළුවට ලක්කරමින් වහින දවස් නම් ලාචෝරුය. ඒ මදිවට මේ වෙලාවට ගෙදර ඉන්න එක තරම් කාලකණ්නි වැඩක් තවත් නැත. දෙකටම නැති වෙලාවට හොදට පොරෝගෙන නිදාගන්න එකත් හරි නැත. හරි නැත නෙමේ. නින්ද යන්නේ නැත. බුක් ෆෙයා ගියෙ නැති අපිට කියවන්න වට්ටම් තියා තට්ටම් වත් තියෙන පොතුත් නැත. බයිස්කෝප් සයිට් එකේ ෆිල්ම් එක දානකොටම බාලා බලලත් ඉවරය. දැන් බලන්න ෆිල්මුත් නැත. අළුතෙන්ම ආපු එක තාම ඩවුන් වෙනවාය. ඒක ඩවුන් වෙනවා කියන්නේ වැඩිය නෙට් එකේ සැරිසරන්න බැරිය. ඒ තරම් සිරිලංකා නෙට් ස්පීඩ්ය.
පරණ පොටෝ ඇල්බම් ඇදගෙන පෙරළ පෙරළ ඉන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවටය. ඔය අතරවාරයේ මෙන්න මේ වගේ බ්ලොග් පෝස්ට් වලට මතකය අවදි වන්නේය. රජා පොඩිකාලේ 3 වසරේ ඉදන් ටීටී ප්ලේයර්ය. හැබැයි කවදාවත් ෆස්ට් ප්ලේස් එකක් නම් ගත්තේ නැත. එක්කෝ දෙක, නැත්තම් තුනය. යකෝ...මාර සීන් එක කියන්නේ. මම ඉස්කෝලේ ක්‍රිකට් ගහපු බවට සාක්ෂි ඒ ඇල්බම් වල තිබ්බේය. ඔළුව හාරලා හාරලා අඩියේ තිබූ ඒ මතකය නැවත මතුපිටට ගත්තෙමි.
සිස්සත්තේ එහෙම ගොඩ දාගෙන ගම්පහ පැත්තට වාෂ්ප උනාම හෙන කික් එකක් මට ආපු බව නොරහසක්ය. ඉස්කෝලේ තිබ්බ හැම ස්පෝට් එකකටම වගේ ඇප්ලයි කලේය. හැබැයි ඕවට ගාස්තු ගෙවන්න අපේ මව්තුමිය සල්ලිනම් දුන්නේ නැත. ටීටී පොඩිකාලේ ඉදන් ගහපු හින්දා ඒකටයි, ක්‍රිකට් වලටයි යන්න විතරක් සල්ලි දුන්නේය. 2002, 2003 වලදි මතක විදිහට ක්‍රිකට් වල මාසික ගාස්තුව 150ක්ද කොහෙදය. අම්මෝ... කට්ටිය අළුත්ම පිට හින්දා ඒ දවස් වල ක්‍රිකට් වලට සූඌඌඌඌ.... ගාලා සෙනගය. ප්‍රැක්ටිස් තියෙන දවස් වලට පිට්ටනිය නිකන් කාර්නිවල් එකක් වගේය. මොකෙක්හරි බෝලයක් උඩ දැම්මොත් ඒක අල්ලන්න දහයක විතර රොත්තක් වටවෙන්නේය.
ඔය දවස් වල හතරක් එහෙම ගහනවා බොරුය. මොකද මේකත් නිකන් අර ගම්පහ ගෙට්ටුවේ ගහපු මැච් එක වගේය. බෝලේ බිම වැටෙන්නවත් තැනක් නැත. ඒ තරමට ෆීල්ඩර්ස්ලා තොගයක්ය. අපේ කෝච්ට හිටියේ නිකන් සුද්දෙක් වගේ ඩයල් එකක්ය. බාගවිට සුද්දෙක් මොනවාහරි කරලද දන්නෙත් නැත. මට නම නං මතක නැත. අපිත් එක්ක ක්‍රිකට් ගහපු උන් නම් ඒ ගැන හොදට දන්නේය.
මිනිහා හැම තිස්සෙම කියවන්නේ දිල්හාර ප්‍රනාන්දු ගැනය. මොකද පොර දිල්හාරගෙ කෝච් වෙලා හිටියාලුය. නෝ බෝල් පප්පා කිය කිය බනින්නේය. අපිට ඕකම අහලා අහලා එපා....වෙලාය. ප්‍රැක්ටිස් එනවානම් පොරගේ නීති මාලාවට යටත් වෙන්න උනේය. ප්‍රධානම නීති දෙකක්ය.
1. ජොකෙක් ඇදගෙන ඒම අනිවාර්යයි.
2. නියපොතු හැපීම සපුරා තහනම්.
ඔක්කොමත් හරි කියමුකෝ. හැබැයි නියපොතු කන එක කෙසේනම් නවත්තන්නද? ඉපදුන දවසේ සිට මේ දක්වා නියපොතු කන එක මාගේ විනෝදාංශයය. සෑහෙන දවසක් යනකන් මූ මේ නියපොතු කන්න එපා කියන්නේ ඇයිදැයි මට වැටහුනේ නැත. කැචින් ප්‍රැක්ටිස් පටන් ගත්තේ ඔය කාලේදීමය. අන්න එතකොට මට සීන් එක තේරුනේය. බෝලේ වෙඩිල්ල වගේ ඇවිල්ලා ඇගිල්ලේ ඉස්සරහා කෑල්ලේ වැදුනම චූ බර හැදුනේය. ඒ දවස් වල හැම ඇගිල්ලකම වාගේ කළු පාට ලේ ඩොට්ය.
එදා ඉස්කෝල නිවාඩු කාලේය. ක්ලාස් එකක් ඇරිලා එන ගමන් ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියේය. වෙනදා වගේම ඔක්කොම බඩු පැක් කරගෙන ආවෙමි. අද තියෙන්නේ නෙට් එකේ බැටින් ප්‍රැක්ටිස් හින්දා ෆෙෂ් පිට බැට් කරන්න පැවිලියන් එක ලග ෂවර් එකෙන් නාලා එහෙම සුදු ෂෝට ගහගන්න ගියෙමි. අම්මටසිරි....කාලා වරෙන්කෝ. ඔක්කොම ගෙනාවත් වැඩිපුර ජොකෙක් ගෙනාවේ නැත. නෑවේ ඇදන් ආපු එක පිටින්ය. තෙත එක අදින්න විදිහකුත් නැත. මොනවා කරන්නද ඉතින්. ජොකෙක් රහිතව ක්‍රිඩාංගණයට අවතීර්ණ උනෙමි.
මගේ වාරය එනකන් නෙට් එකේ එල්ලිලා අනිත් උන් බැට් කරන දිහා බලාගෙන හිටියෙමි. කැතම සීන් එක කියන්නේ බැට් කරන්න ඉස්සරලා ජොකා දාලාද? බෝල්ගාඩ් දාලාද? කියලා කෝචා අහන එකය. ජොකා නැත්තන් සොරි ඩොට් කොම්ය. බැට් කරන්න දෙන්නෙම නැත. එහෙම එකෙක් දෙන්නෙක් ආපහු ගෙදර ගියේය.
මම එහෙම පරාජය බාරගන්න එකෙකුත් නෙවේය. කොහොමහරි බෝල්ගාඩ් එක කලිසම අස්සේ රදව ගත්තෙමි. කලිසම් කකුල් දෙකේ පූට්ටුවට ගාඩ් එක යන්තමට හිර වෙන්නේය. තව ටිකක් හිරවෙන්න කියලා කලිසම බඩ මැද්දටම උස්සාගත්තෙමි. දැන් නිකන් ජිම් පප්පාගේ මිනි වර්ෂන් එක වගේය. ඇවිදින්නෙත් හරි ආමාරුවෙන්ය. වැඩිය දැගළුවොත් ගාඩ් එක කලිසම් කකුල අස්සෙන් ඩිං... ගාලා බිමය.
හොර පූසා වගේ විකට් එකට ගියෙමි. ඕවර් දෙකක් විතර බැට් කලේය. ඒකත් මාරම අමාරුවකින්ය. ඇයි යකෝ... කොහොමද වැඩිය දගලන්නේ. එක පාරටම කෝචා කටහඩ අවදි කලේය.
කෝචා: මදි මදි...ඔහොම බෑ පුතා...ෆුට් වර්ක් මදි.... ගෙදරදි තව ප්‍රැක්ටිස් වෙන්න.
මම: යකෝ...මගුලක් කියනවා.... ෆුට් වර්ක් කලොත් බෝල් ගාඩ් එක අල්ලගන්නේ උඹද??? (හිතෙන්)
ඕක කියන්න ගිහින් බැට් එකක් බස්සවගන්නේ මොකටද කියලා මම ශේප් එකේ නෙට් එකෙන් එලියට ආවෙමි.
ඒ දවස් වල තනිකරම ක්‍රිකට් පිස්සුවය. ගේ ඇතුලේ ඇවිදිනකොටත් ක්‍රිකට් ෂොට්ස්ය. ඉස්කෝලේ තිබ්බ පෑඩ්ස් වල ගද ඉවසන්න බැරිම තැන හා, ඒ බැට් හෙන බර වීම හේතුවෙන් රජා වෙනම කිට් එකක් ගත්තේය. රජා එහා ගෙදර ඇන්ටිලෑ ගෙදරටත් යන්නේ ඕක දාගෙන බැට් එක අතේ තියාගෙනය. තාමත් ඔය බැට් කටුව අපේ ගේ මුල්ලේ ඇත. දැන් ඕකෙන් යුව රජා ක්‍රිකට් ගහන්නේය. ලෙදර් බෝලයක් සතොසෙන් උස්සගෙන ඇවිත් ගෙදර වලං මුට්ටි හිටං හිල් කරලා අම්මාගෙන් ගුටි කන්නේය. අර පිස්සෝ ටික අපේ ගෙදර ආපු වෙලාවේ ඔය බැට් එක උස්සගෙන පිස්සුවක් නැටුවේය. බැට් එක, එක එකාට තෑගි කර කර පොටෝ ගැහුවේය.
ඔය මොන බයිලා ගැහුවත් රජා එච්චර බැටා නෙමේය. අඩුගානේ ටීම් එකටවත් සිලෙක්ට් උනේ නැත. 6 වසරෙන් පටන් අරන් 9 වසර වෙනකන් ප්‍රැක්ටිස් ගියේ කිරිකට් වලට තිබූ ආසාව නිසාමය. අන්තිමට අම්මාගේ දැඩි විරෝධය මත ක්‍රිකට් නැවතුන අතර උ/පෙ දක්වා ටීටී කරගෙන ගියේය.
Raja's Profile
Batting: Right Hand Bat
Bowling: Left Arm Off Spin
Average: 20.3
Best Bowling: 3/12
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
This comment has been removed by the author.
ReplyDeleteAnda uda batting puluwanda malli ?
Deleteපුළුවන් අයියා... මොන ෂොට් එකෙන්ද ඕනේ? :))
Deleteඉන්සයිඩ් අවුට්????
ඕර්............
හුක් ෂොට්??? =))
Cricket kiwwama ape Cricket Kapila wa kohoma amathaka karannada??
ReplyDeleteඅනේ අම්බේ....සිරාවට නේ බං? සුපිරිම බුවෙක්!! :)
Deleteඅපේ මලයාත් කිරිකැට් පිස්සා රජෝ... අපේ මලයා රජාගේ ඉරියව්වේ හිද ගත් පොටෝ කීපයක්ම මා සන්තකයේ ඇත
ReplyDeleteTT යනු ටේබල් ටෙනිස් වේ :)
තව එකක්... මට ක්‍රිකට් ඇලජික්ය... කර ඇත්තේ කරාතේ හා ටෙනිස් විතරකි :)
Deleteක්‍රිකට් ඇලජික්????
Deleteඋඹ ගිය ආත්මේ හිටියේ ඉතියෝපියාවෙද?
ෂා..... මරු ෆොටෝ ටික .....ඈ රජෝ අර අනිතිම ෆොටෝ එකේ ගෑලු ළමය කව්ද? බොලාගේ පොඩි කාලේ අන් තප්පුරේ බිසවක්ද?;)
ReplyDeleteහා හා... කට කට... ඒ අපේ නංගි! :)
Deleteහේ උබ මගුලක් කියනවා මට බෝල් ගාර්ඩ් දාන්න ගොඩක් වෙලාවට අමතකවෙනවා.මැච් ගහලා තියනවා ඇති තරම් බෝල් ගාර්ඩ් නොදා.:D එක මැච් එකක් ගැහුවා මතකයි ගාර්ඩ් නොදා එකේ 79 ද කොහෙද ගැහුවා .මේ ඊයේ ගහපු එකකත් බෝල් ගාර්ඩ් දැම්මේ නෑ කියලා මතක් උනේ පිට්ටනියට ගියාට පස්සේ ඉතින් එදත් නොදා නිකා හිටියා.තව දවසක් පැක්ටිස් මැච් එකක බැට් කරන්න ගියා ෆෝන් එක සාකුවේ දාගෙන.:D තව කවදාවත් හෙල්මට් දානෙම නෑ
ReplyDeleteඔක මොකක්ද උබට කියන්න මචන් මට බැට් කරන්න යන්නෙත් අමතක වෙනව නෙ
Deleteඅනේ බෝලේ වැදිලා එක ඇටයක් තැලියන්...ඔළුව පැලියන් :))
Deleteකවර් කරගන්න මොනවත් නැතෙයි ?
Deleteආ....හරි හරි... මුන් ගහන්නේ සොෆ්ට් බෝල්නේ :)
Deleteමට නම් ගාඩ් එක දාලත් වැදිලා තියෙනවා චූ යන්න.. මාර සනීපයක් තියෙන්නේ..
ReplyDeleteසනීපනම් දිනපතා බෝලෙකින් පාරක් කෑවනම් නරකද :D
Deleteහහහා... සේම් හියර්.. තප්පර ගානක් යනකං වටපිටාව නිල් වෙනවා!!! :))
Deleteහොඳ වෙලාවට උඹ ක්‍රිකට් ගහන එක නැවැත්තුවේ! නැත්නම් ඔය මාලිංගලාට එහෙම තැන නැතිව යනවනේ!
ReplyDeleteඒකනේ කියන්නේ...!!! :))
Deleteඋඹ ගෙදර ගියෙත් ජොකා නැතුවද බන් :D
ReplyDeleteනැතුව ඉතින් :)
Delete//1. ජොකෙක් ඇදගෙන ඒම අනිවාර්යයි.
ReplyDelete2. නියපොතු හැපීම සපුරා තහනම්.//
කෝචා් මේව තහනම් කරන්න හේතුව අනිවාර්යෙන් දිල්හාර කරපු වැරදි වෙන්න ඇති.. :)
තොගෙ නියපොතු කෑම මම දැක්කා එදා මැච් එකේදිත්.. උබ ගහන මැච්.. බෝලස් දාන සාමාන්‍ය පන්දුවක් පවා පොඩ්ඩක් පාත් වුනොත් උබට නෝ බෝල් කියල ගන්න පුලුවන් වෙයි :පී
ජය !
අර බංකුව උඩ ඉදගෙන නෙහ්??? =))
Deleteඅනිවාර්යෙන්......!!!!
ගාඩ් එක දැම්මත් බෝලෙ වැදුනාම හරීම සනීපයි...පාවෙනවා වගෙ දැනෙනවා...ප්‍රීතිය ප්‍රකාශ කරන්න ඕන උනත් කට ඇරියට සද්දෙ එන්නෙ නෑ...
ReplyDeleteකැමිලස්ගෙ ගජමෑන් කතාවල තරු විසිවෙන විදිය ඇඳල තියෙන්නෙ නිකම්ම නෙමෙ කියල මම දැන ගත්තෙ ස්පින් බෝලෙකට Face කරන්න ගිහින් බෝලෙ මට Face කරපු වෙලේ...කහම කහපාට තරු දෙකක්ම එලියට පැන්න..ලස්සනේ බෑ...
එදායින් පස්සෙ නම් headgear එක නැතිව Pitch එක පලාතේ ගියෙ නෑ..
බුහහ හහහා........ :))
Deleteදවසක් බෝලේ මගෙ බඩේ වැදුනා නිල් වෙන්න. අර මැජික් ස්ප්‍රේ එකෙන් චූ..ස් ගාලා දෙකයි ගැහුවේ. කොල්ලා කෙලින්!!
අපේ මල්ලිත් උඩපැනගෙන ප්‍රැක්ටිස් කලාට ටීම් එකට සිලෙක්ට් උනේ නැහැ.. ඔයා බෝල් ගාඩ් එක කියද්දී මට එකපාරට අපේ මල්ලිව මතක් උනේ.. හි හි 8 වසර ඉද්දි ඕකක් අරන් තිබ්බා ,, ගෙදරට එන මිනිස්සුන්ට පේන්න හින්දා බැට් , පෑඩ්ස් ,එහෙම සාලේ තමයි තියන්නේ ,,දවසක් බෝල් ගාඩ් එක අපේ ආච්චි අම්මා දැකලා අල්ලා අල්ලා ඉදල මගෙන් ඇහුවා මොකක්ද කියලා එයා ඒක නහයට තියලා කිඋවා ආ මේ අර නහයට දාන එකක් කියලා ,, එයා හිතුවේ මාස්ක් එකක් කියලා ,,,
ReplyDeleteසුවද ඇති නේද? :D
Deleteඔහොම හිනස්සන්ඩ එපා බන්...
සුවද නෙමේ අනේ ඒකෙ හැඩේ ,,හෆෝ මාර කටවල් තමයි මේවා
Deleteමල්ලිට එකක් අරන් දෙනකොට මේකිත් එකක් ඉල්ලල ඇඬුව ලු.
Deleteහි හි හි
Deleteඅම්මෝ බඩ...
Deleteආච්චි අම්මට නිකන් ICU එකට ගියා වගේ දැනෙන්න ඇති නේ??? :))
බුදු අම්මෝ..... බුහාහාහාහා...
Deleteහොද වෙලාවට මගදී නතර කොරල දිගටම ඉගන ගත්තෙ.
ReplyDeleteඒකනේ :)
DeleteCricket කෙරුවනම් හරිනෙ දිගටම
ReplyDeleteවැඩක් නෑ.. :)
Deleteමම ක්‍රිකට් ගැහුවෙ නැති උනාට වතාවක් ඉස්කෝලෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් නෙට් එකේ...කිසිම ආරක්ෂක උපාංගයක් නැතුව වතාවක් එකෙක් මට වේග පන්දුවක් එව්වා...අම්මෝ මම පණ භයේ අහකට පැන්නෙ කකුල් දෙක බේර ගන්න.
ReplyDeleteඅපරාදේ... කකුල් දෙක කුඩු වෙන්න වැදෙන්න තිබ්බේ :))
Deleteකොල්ලන්ට ඔයවයසෙඩී හැදෙන ලෙඩක් තමයි ක්‍රිකට් පිස්සුව......ඇයි ගෑල්ලමයින්ටත් එහෙමම තමා ඉතිං :D
ReplyDeleteඅඩේ එහෙමද??? ක්‍රිකට් පිස්සුව හැදෙනවා කෙල්ලන්ට??? :))
Deleteඇත්තටම රජො උබ ඔය ගාඩ් එක දැම්මෙ මොකටද
ReplyDeleteදාන්නම කිව්වනේ.. ඒකයි =))
Deleteපක්සියාද ඒ කාලයේ කිරිකට් ගැසුවෝය........ගැසුවා කිව්වට නොම්බර එකේ බෝලර් කෙනෙකි.........
ReplyDeleteකවදාවත් මැච් එකක බැට් කොලා මතකයක් නැත.... හැ එකදිනක් බැට් කොලේය පන්දු 6 කදී ලකුණු 20ක් මහා අභීත ලෙස ලබා ගත්තා මතකය
හැබැයි එක මැච් එකකදී අනෙක් ටීමයේ එක පිතුකරුවෙකුට මහා බව්සර් පන්දුවක් එල්ල කර ක්‍රීඩාගාරයට හරවා යැව්වද මතකය, අපගේ කඩුලු රකින්නාගේ තොලටද එදා මනරම් පන්දු පහරක් ලබා දී කුනුහබ්බ අසා කෝචර් ගෙන් අති විසිස්ඨ වච්න සැට් එකක් ද අසා ගත්තෙමි එදා පටන් බව්න්සර් මා හට තහනම් වූයේය...........
මතකය අවදි කොලාට ස්තූතියි රජෝ ඉඳගෙන අන්න ඒකයි මම කියන්නෙ
හහහා.... මෙයත් නිකන් දිල්හාර වගේනේ ඈ... :))
Deleteහිටගෙන =))
Deleteමම හිටගෙන දාපු එක බෝල යක් බැට්ස්මන්ගෙ මූනෙ අනික ඉඳගෙන උන්නු කීපර්ගෙ තොලේ ඉඳගෙන තාමත් හිනා.....කීපර් වැටිල මට අම්මා ඕනේ කියල කෑ ගැහුව හැක හැක
Deleteරජා එහෙනම් කිරිකටුත් කාලයක් ගැහුවා ඈ... ඒ දවස් වල සැහෙන්න වහින්න ඇතිනේ ,,,
ReplyDeleteගැහුවා නේන්නං....
Deleteවැස්ස වැස්ස... හෙන ගහනවා දුම දාගෙන :))
ඔය ගාර්ඩ් එක නැතුව කිරිකට් ගහපු සමහර එවුන් දැන් මේ බ්ලොග් වලට කොමෙන්ට් දානවා නම ඇනෝ කියල දා ගෙන .......
ReplyDeleteලොල් සීන්.... :))
Deleteරජ ක්‍රිකට්
ReplyDeleteඑකෙන්ම!
Deleteඉස්කෝලේන් නම් ගාඩ්ස් තියලා තිබුනා. හැබැයි අදින්න ජොකෙක් තිබුනේ නැහැ. පස්සේ තමයි ආච්චි එක්කන් ගිහිල්ලා Wear-Well කියන පුක එලියේ ජුන්ඩා කවර් එකක් අරන් දුන්නේ.
ReplyDeleteපටි ජොකෙක්???
Deleteඅප්‍රසන්නයි ඕයි!!! :))
අඩේ වැඩේ කියන්නේ නියපොතු කන එක මටත් නවත්තන්න බෑ නේ. මට දවසක් අපේ මිස් කෙනෙක් කිව්වා නියපොතු කන්නේ මානාසික ලෙඩ තියන උන් කියලා
ReplyDeleteනැහැ හීන මානේ ,,
Deleteහරි ඉතින් ඇත්ත තමා :))
Deleteඇවරේජ් 20.3 කියන්නේ උස අඟල් වලින්ද?
ReplyDeleteඅඩෝ ඒ කියන්නේ මම සෑහෙන්න උසයිනේ :)
Deleteමේ වගේ සිද්ධි ගොඩක් එක පාරට මතක් වුණා. දැන් තමයි ඔය බෝල් ගාඩ් එක නිකම්ම එන්නේ. ඉස්සර ඕකට ස්ට්‍රප්ස් ගොඩක් තිබ්බා. ඔක්කොම ලෙදර්, බකල් යකඩ. ඒවාට අහු වුණාම තරු පේනවා.
ReplyDeleteහෑ....??? බකල් යකඩ???
Deleteහම්මෝ...!!! :-O
මේ වගේ හෙඩිමක් දැම්මම යකෝ කෙලින්ම කරන්න තියෙන්නේ ස්ක්‍රොල් කරගෙන ඇවිත් “උඹේ ඇට දෙක තාම තියෙනවද“ කියල අහන්න විතරයි. තුක් විතරක් මෙහෙම රජවරු..
ReplyDeleteඇයි නැත්තන් උඹේ දෙක දෙන්නද? :))
Deleteපහේදි හයේදි විතර ඔය බැට්එකක් වැනුව මිසක්ක මමනං ක්‍රිකට් ගැහීම කොහෙත්ම කරල නැත. අදටත් ක්‍රිකට් මැච් බැලීම මගේ විනෝදාංශයක් නොවේ.
ReplyDeleteවැඩක් නෑ හොදේ... අපිටනං ක්‍රිකට් කිව්වොත් බතුත් එපා! :)
Deleteඅනේ උඹ ගහන කිරිකට්
ReplyDeleteආ..... ඇයි අපිට බැරිද? :))
DeleteCricinfo යවන්න වෙයි profile එක update කරන්න :D
ReplyDeleteඅනිවාර්යෙන්ම!! :)
Deletekawda me rajata ko chok karana nangi
ReplyDeleteහෙහ් හෙහ්.. ඒ අපේ නංගි කෙනෙක් බං :)
Deleteමම එක දිගට බලපු එකම මැච් එක තමා වර්ල්ඩ් කප් එක... මම මැච් බලන්න ආස නෑ බොල.. කම්මැලියි නෙ.....
ReplyDeleteහාපූ.. මේ මොකෙද්ද මේ? :)
Deleteඒ ඒක මරුනේ බං , බෝල පාරක් මැද්දට වැදෙනකොට නිකන් මාර අතල් එකක් ඇති නේද....
ReplyDeleteඋඹට වැදිලා නැද්ද? පට්ට යකෝ... සැප කටේ!!! :))
Deleteක්‍රිකට් හොදයි ටී ටී හොදාආආආආයි ^_^
ReplyDeleteඔය ජොකා සීන් එක මටත් උනා බං..
ReplyDeleteහොකී මැච් එකක් අතරතුර..
ඒක පස්සේ බ්ලොගේ දාන්නං..
බයිද වේ අර පස්සෙං තියෙන්නේ උබලෑ තාත්තා බොට ඉස්කෝලෙ යන්නම ගත්ත වෑන් එකද???
මට සුපුන් කිව්වා විස්තරේ... ^_^ නෙදකිං පොඩියා....
යා යා.. ඒක තමා. ඇයි මම කියලා තියෙනවා කලින් පෝස්ට් වල!!
Deleteපොඩියා නෙමේ යකෝ... පොඩ්ඩියා :))