Wednesday, July 3, 2013

රාජකීය පිස්සන්ගේ රජ ගෙදර සවාරිය - Royal Crazies Tour of Kings Palace


සාමාන්‍යයෙන් බැච් එකක් ගත්තම එක එකා ඉන්නේ එක එක පැති වලය. වෙලාවට අපේ බැච් එකේ උන් මුළු ලංකාවම ආවරණය වෙන ලෙස විසිරී පැතීරී ඇත. එකට ගෙවිලා යන අන්තිම අවුරුද්ද හින්දා සෙට් එකේ බොක්කවල්ගේ ගෙවල් වල යන එක හෙනම දෙයක්ය. මෙච්චර කල් එකට හිටපු උන් එක්ක පොඩ්ඩක් සෙට් වෙන එක මාරය. පට්ට ආතල්ය. පරණ සිද්ධි, ලව් ස්ටෝරි ඇදිලා ආපුවාම එතන ඇත්තේ පුදුමාකාර ෆන් එකක්ය. 

අපි එක පාරක් ගාල්ලේ ඉන්න අපේ යශික බොක්කලාගේ ගෙදර ගිහින් පට්ටම ෆන් එකක් ගත්තෙමු. මාළු බැද බැද, ගිණිමැල වටේ නට නට, කණ්නෙලියේ නාලා... අම්බෝ මතක් වෙනකොටත් බුරිය උල් වෙන්න හිනා යන්නේය. මේ ඊයේ පෙරේදා කට්ටිය සෙන්ටිමෙන්ටල් උනේ රජාලගේ ගෙදර එන්නය. මෙහෙ ඇවිල්ලා ඇවිදින්න යන්න තිබ්බ තැන් තෝරගන්න තිබ්බ ගේම වෙන කිසිම ට්‍රිප් එකකදී ගහන්න උනේ නැත. යශිකයාට ගෑණු ළමෝ පස්සේ යන්න තිබූ අවශ්‍යතාවය මත ලෙක්චර්ස් ඉවරවෙලා කට්ටියටම ගෙදර යන්න තිබ්බ චාන්ස් එක අහිමි වුනේය. රජා හවස ගෙදර ගියේය. අනිත් උන් සදුදා හවස ගෙදරට සැපත් විය. 

සෙට් එකම ඇවිල්ලා හොදට නෑවේය. ඕමි සමග කැරම් ගැසුවේය. කෑවේය. වෙලාව රෑ 11ටත් කිට්ටුය. තාම යශිකයා ඇවිත් නැත. කොටුවෙන් 9.30 කෝච්චියෙ ආපු මේකව එක්කන් එන්න අපිට ඒ මහ රෑ මීරිගමට යන්න උනේය. මග දිගට “අනේ මට කන්න ඉතුරු කරපල්ලා...ටිපිටිප් එකයි කාලා ඉන්නේ දවසටම“ කිය කිය ආවේය. ඇයි තෝ ගියේ... කන්න අරන් දුන්නැද්ද??? රජාගේ ප්‍රතිචාරය විය. පරක්කු වෙලා ආපු මූට කන්න කෑමත් හිග උනාද මන්දාය. මට මතක නැත. මහ රෑ වෙනකන් කලේ කාටූන් බලන එකය. අම්බෝ...ඒවනං නාකි වෙනකන් උනත් බලන්න පුළුවන්ය.


එදා රෑ හිරු එකේ අදිසි 10 යනවාය. කාවින්දයට ඒක බලන්නම ඕනෙලුය. මූ නිකන් අපිව ඒක බලන්න පෙළඹුවේ හිටගෙන චූ යන්න බයහිතෙන කතාවක් විදිහටය. කොහොම හරි කතාව පටන් ගත්තේය. හාපෝ.....හැමතිස්සෙම මෙය සත්‍ය කතාවකි. ඔච්චරමය. ඒ උනාට හිටපු කෑල්ල නම් සුපිරිය. බැලුවේ ඒක හින්දාමය. ඊයා ඕයි....ඇදන් ඉන්න නයිටිය අස්සෙන් පේනවාය. තව පොඩ්ඩෙන් එකෙක් ටීවී එක කඩාගෙන යන්නේය. 



හය දෙනාටම බුදියන්න රජාගේ රාජකීය සිරියහන් ගබඩාව වෙන් කර දුන්නේය. රජාට සිදුඋනේ අර මාරක කාමරේ බුදියන්නය. මං හිතන්නේ වෙලාව හොදය. පහුවදා උදේ මට පණ පිටින් ඇහැරුනේය. පහුවදා උදේම මැද්දේපොළ පන්සල, පනාවිය අම්බලම, කරගහගෙදර අම්බලම බලන්නත් හවස් වරුව කුරුණෑගල ගිහින් නාලා ඇතුගලට නැගලා එන්නත් යොදාගත්තේය. 



දැන් සෙට් එකට එහෙ මෙහෙ යන්න වාහන නැත. රජාගේ බයිසිකලෙයි, නාඔටුවගෙ වීල් එකයි ඇත. තව දෙන්නෙක්ට ඉඩ නැත. බයික් එකක් තිබ්බොත් නම් ගොඩේ ගොඩය. රාජ වැඩපොලේ වැඩකරන අයියා කෙනෙක් ගෙන් බයික් එකක් ලැබුනේ  වෙලාවටය. කට්ටිය ෂින් ෂින් ගාලා ෂෙඩ් එකක් හොයාගෙන ගියේය. සීය සීය දාලා වීල් එකටයි, බයික් වලටයි තෙල් ගැසුවේය. ඉල්ලගත්තු බයික් එකේ තෙල් ගහන්න පියන ඇරෙන්නේ නැත. ෂෙඩ් එක ඇතුලේ හෙනම ගේමක් දුන්නේ ඒක ඇරගන්නය. වැඩ කරන උනුත් වට වෙලා අපි දිහා බලාගෙනය. 




දුලියා: යකෝ අපිට හම්බුනොත් හම්බෙන්නේ ඔහොම එකක්මනේ...

යෂිකයා: උඹලා චෙක් කරලා නෙමේද යකෝ ගෙනාවේ?

ගයාෂාන්: මේකේ බ්‍රේකුත් නෑ බං...

රජා ක්ෂණිකව අයියට කෝල් එකක් ගත්තේය

රජා: අයියේ මේකේ පියන අරින්නේ කොහොමදෝ.....????

අයියා: පොඩ්ඩක් සීන් ඕක. ඔයාලා පන්සලට ගිහින් එන්න. තෙල් ඇති. එනගමන් වැඩපොලෙන් නවත්තන්න. මම ඇරලා දෙන්නම්

රජා: හා හා..එල!!

අපි කෙලීන්ම පන්සල හොයාගෙන ගියෙමු. පාර දිගේ බෘ....න් ගාලා ගියේය. බයික් වල පිටිපස්සේ යන උන්ට සයිකෝ ගහනවද කොහෙදය. එක එක සද්ද කටින් එන්නේය. හූ.......අයින් අයින්...පීක් පීක්. හප්පා...ප්‍රාථමික අංශය වගේය. හොද වෙලාවට හද්ද කැලේය. වැඩිය මනුස්පයෝ පේන්න නැත. අනේ මන්දාය. අපි ගියාට පස්සේ පන්සලත් නිකන් එළිය වැටුනා වගේ එකක් උනාය. පන්සල වටේ ඇවිදලා පොටෝ ගහලා එහෙම අපි ආයෙම අම්බලම් බලා පිටත් උනෙමු. 



පැය කාලක, බාගෙක විතර රවුමකින් අනතුරුව අපි සුප්‍රකට පනාවිටිය අම්බලමට කඩාගෙන පතිත උනෙමු. එතකොටම වගේ පට්ට වැස්සක් වැටුනේය. පැය කාලක් විතර වහින්න ඇතිය. ටයිමින් හොදකම නිසා අපි නෑවේ නැත. කැටයම් වල පොටෝ වැදුනේය. රාජකීය අම්බලමේ පවර්ස් රජාට ලැබුනේය. මම නිකන් යමාමහ පෙළහර සංදර්ශනයක් එතනදී දුන්නෙමි. නරඹන්නන්ට සෑහෙන අමාරු උනේය. කොදු නැත. අම්බලම ඉස්සරහ කඩේ අංකල් ඒකට බය උනේය. 




අංකල්: පුතාලා ඇයි ඔච්චර දගලන්නේ? දගලන්නැතුව පොටෝ ගන්නකෝ.

අපි: හා හා...

රජා: ඒ මුගෙද දන්නෑ අම්බලම...බලහන්කෝ @#$%

ගයාෂානයා වැටිලා තිබ්බ වැටමාර පොල්ලක් අහුල ගත්තේය.

ගයාෂාන්: අඩෝ ගහමුද කියහන්කෝ..ගහමුද? එහෙම කොහොමද?
විහිළුවට වගේ (දන්නවනේ අර බොරුවට ලයින් එකක් දෙන්නේ)

අපි මිනිහව අල්ලා ගනිමින් අඩෝ එපා බං...එපා!!!

ටිකකින් අපි ගයියාව අත ඇරියෙමු...

ගයාශාන්: එහෙම කොහොමද බං...ගහමු!!!

අමිල අයියා: ආ...ගහපන් ගිහින්.. ගහපන්!!!

ගයාශාන්: එහෙම කරන්න එපා ඉතින් ^_^

අපි එතනින් මාරු වෙලා කරගහගෙදර අම්බලම බලන්න ගියෙමු. ඒකෙ ගල් බෝල බලන්න කට්ටිය හෙන ආසලුය. අපි බයික් දෙකේ විදගෙන ගියෙමු. ඔටුවාගේ වීල් එක පරක්කුය. රජාගෙ බයික් එකේ පිටිපස්සේ යෂිකයාය. මේකට නං මොංගල් තද වෙලාය. අපි දෙන්නා ගියේ නිකන්  ඇමති ආරක්ෂකයෝ වගේය. මේක පිටිපස්සේ ඉදන් ටිපර් වලට හිටන් පී...ක් පී..ක් කියන්නේය. හයියූ....හද්ද පජාතය. 




දැන් ඔටුවා එනකන් අපි මග නවත්තන් බයික් එකේ ඉදන් පොටො  ගැසුවෙමු. ඕක බලන් හිටපු ඒ ළග තිබ්බ ගෙදර කෙල්ල එළියට ආවේය. 

කෙල්ල: අයියේ ඔයාලා ලස්සනට පොටෝ ගැහුවා ඈ....

අපි නිකන් ෆුල් හින්දුස්ථාන් වෙලා ගියේය.

රජා: ටැන්කියු ඈ....

ඒ ටැන්කියු කිව්ව එකාගේ බයික් එක ක්ෂණයකින් එතනින් අතුරුදහන් උනේය. ඇයි යකෝ ගූ හතයි වැලි දෙකේ සීන් එකය. ඊයා!

කොහොම හරි අපි අනිත් අම්බලමටත් සැපත් උනෙමු. සුපුරුදු පරිදි ඒකත් උස්සන්න හදලා බැරිම තැන එතනම තියලා ආවෙමු. සාමාන්‍යයෙන් ඕක උස්සන එක රජාට ගේමක්ම නැත. ඒත් මේවා ආරක්ෂා කල යුතු ස්මාරක නිසා එතනම තබා ආවෙමු. 



එනකොට මගෙ නංගිව එලෙව්වේ යෂිකයාය. හා......පෝ ආයේ නම් මගෙ ජීවිතේට ඕකා එක්ක නං බයික් එහෙක යන්නේ නැත. තව ඩිංගෙන් මේ සුදු රජා ටිපර් එකකට අඩයක් වෙන්නේය. මේකා අසූවටත් වඩා වේගෙන් යන්න හදන්නේය. සයිකෝ එකෙත් හොදම එකය. බොහොම අමාරුවෙන් ගෙදරට ආවේය. මට ලේ ටිකක් ඉනුවේ එතකොටය.  අපේ යෑම ගැන ඒ වෙනකොටත් අපේ අම්මාගේ කනට වැටිලාය. මොකෙක් හරි අපේ වැඩකරන අයියා කෙනෙක් ඕක දැකලාය. 

කස් කස් ගාලා බත් කෑවෙමු. කුරුණෑගල යන්න වෑන් එකක් දැන් ලග ලගම එන්නේය. ටිකක් වෙලා හිටපු අපි වෑන් එකට නැගලා ඉදගත්තෙමු. යෂිකයා ඉස්සරහම සීට් එකේය.

අශාන්: ඒ යෂික...උඹ දන්නවද දැන් යන පාර? ඔය අයියට කියහන් ඈ..

දුලියා: අයියේ මෙයාගෙන් පාර අහගන්න ඈ...

වෑන් එකේ ස්ටිකරය අපේ ගමනේ සාර්ථකත්වය කියා පෑවේය. 



නාරම්මල දිහාට යනකොට ලව් ස්ටෝරියක් ඇදිලා ආවේය. ඒ යෂිකයාගේ ට්‍රයි එකක් ගැනය. කොච්චර ඇහුවත් කැමති වෙන්නේ නැහැල්ලුය. ඒ අස්සේ අශානයා මුගෙ ළමයින්ට දාන්න නම් හිටන් හදලාය. ඒ දෙන්නගෙ නම් මික්ස් කරලාය. 

අශාන්: උඹලා දන්නවද මුගෙ ළමයි දෙන්නගෙ නම්?? 

අපි: කියහන් බලන්න...

අශාන්: යලණි, කෂික. 

අපි: බුහහහා.....


කාවින්ද: නෑ බං...අපි ලොකුපුතාට දාමු කාණු කියලා

රජා: මොකා??? 

අමිල අයියා: කාණු බං කාණු... ට්‍රෙන්ච්!!

ගයාෂාන්: එහෙනං දුවට දාමු වැහිපීලී කියලා

රජා: අම්බෝ...කාණුයි වැහිපීලියි... පට්ට යකෝ!!! 

ඔහොම ටික වෙලාවක් ඉස්සරහට ගියේය. පාර හදන නිසා ට්‍රැෆික් එක වැදිලාය. එතනම පන්සලක්ය. ලෙන් විහාරටක්ය. කරලා තියෙන්නේ වළගම්බා රජතුමාය. 

දුලියා: යකෝ ලෙනක් තිබ්බද ඒක වළගම්බා...

ගයාෂාන්: බොරු වෙන්නැති බං... කියනවට කියනවා!!

රජා: යකෝ වළගම්බට පිස්සුද බං... බලහන් දැන් මීරිගම, ගිරිඋල්ල, නාරම්මල වටේම මූ ලෙන් හොය හොය ගිහින්. වෙන වැඩක් තිබිලා නෑ....

ගයාෂාන්: ඩයල් එක අන්ත:පුරෙත් එක්ක කොටු පැන්න තැන්ද කොහෙද බං.... 

අපි: බුහහහහා...සිරා ඕයි!

කොහොම හරි කුරුණෑගලට ලගා වෙමින් තිබුනේය. මුළු දවසෙම මොකාක් හරි පජාත කතාවක්, වැඩක් කරපු යෂිකයාම ආයෙත් වැඩේ කෑවේය. 

යෂික: ඒ අපි දැන් මේ යන්නේ කුරුණෑගල නේ බං... එතකොට අර ඇතුගල්පුරද කොහෙද තියෙන්නේ කොහෙද බං???

ඩ්‍රයිවර් අයියටත් හිනා ගියේය. 

අපි: ඒක තමයි #$%^ මේ....අනේ උඹනං!!!



කුරුණෑගල වැව එහෙම බලලා වටේ කැරකිලා එනකොට මහාම කැත බඩිගින්නක් ආවේය. ආප්පම කන්න ඕනේ හින්දා කැරකිලා කැරකිලා ග්‍රේඩ් බී කඩේකට රිංග ගත්තෙමු. අනේ වේටර්ට හිටියේ හෙන වයසක සීයා කෙනෙක්ය. අහිංසක මූණය. හැබැයි සර්විස් නම් හද්ද පරක්කුය. පැයක් විතර ඉදලා බිත්තර ආප්ප එකකුයි, නිකන් ආප්පා දෙකකුයි කාලා ටී එකක් ගහලා සල්ලිත් දීලා ආවෙමු. තව පොඩ්ඩෙන් සීයගෙ ටිප් එකට තිබ්බ රුපියල් 10ත් ටොපි කන්න හැදුවේය. 

දවසේ අවසාන වශයෙන් කරන්න තිබ්බේ ඇතුගල නගින එකය. රෑ උන හින්දා ගල මුදුනට වෑන් එකේම ගියෙමු. දෙපැත්තේ ඝණ කැලෑවය.  දවසේ කතාව සිදුඋනේ මෙතනදිය. 

ගයාශාන්: ඇයි බං මේකට ඇතුගල කියන්නේ? 

නාඔට්ටා: මේක නිකන් ඇතෙක් වගේ....අපි දැන් මේ යන්නේ ඇතාගේ නැට්ට දිගේ...

ගයාෂාන්: ඒ කියන්නේ අපි ඇතාගෙ පුක දිගේ යන්නේ....

කාවින්ද: ඒක තමා මේ දෙපැත්තෙ මෙච්චර කැලේ...ඇතා ෂේව් කරලා නෑ හරියට. ඇතින්න කැමති නැතුව ඇති!!

බඩ නං කොර උනේය. බුරියටම හිනාවේ සැර වැදුනි. වෑන් එක එහෙට මෙහෙට හෙල්ලුනේ ඇතුලේ හිටපු උන් පෙරළි පෙරළි හිනා උන හින්දාද කොහෙදය. 

ගල උඩ රෑට හද්ද සීතලය. කට්ටියට ඔලුවේ කැක්කුම හැදෙනකන්ම සීතලේ ඉදලා ගලෙන් පල්ලෙහාට බැස්සෙමු. සමහරු පොඩි ලයිට් කණුවක් බදාගෙන, බටඋඩ නැග නැග පොටෝ ගැසුවෝය. අර හෙන බුදු පිළිමේ දිහා බලාගෙන මුන් කුණුහරපෙන් බැනගන්නේය. අනේ මන්දාය. නිකන් බීලා වගේය. 



ගල උඩදී එකෙක්ගෙන් කෝල් එකක් එන්නේය. ඒ ජාතික වීර චමිලයාය. 

ජාතික වීරයා: මචන් මම දැන් ගිරිඋල්ලේ ගෙදෙට්ට එන පාර කියපාන්....

රජා: යකෝ අපිතාම කුරුණෑගල...

ජාතික වීරයා: රෑට මොනවාහරි කරනවා නේ???

රජා: අපි අරන් එන්නං. තෝ ගෙදරට පලයන්...

ජාතික වීරයා: හා හා... උඹලා වරෙන්කෝ!!

රෑ නමය වෙන්න කලින් ෆුඩ් සිටියක් හොයාගෙන ඇදුනෙමු. මගදී පොඩි කඩයක් සෙට් විය. ඒකෙන් මොනවාහරි සමග කොත්තුවක් අරගෙන කෙලීන්ම රජ ගෙදර බලා මාරු විය. කැමරා බෑග් අස්සේ කැමරා නොවීය. කැමරාව අතේ විය. 

රාත්‍රිය සමග දෙවන දවස හා පොටෝ ඇල්බමය ඊළග කොටසට 

 රජ ගෙදර දෙවන දවස - Second Day in Royal Palace (click here)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

61 comments:

  1. කැමරා බෑග් එකේ දැම්මෙ කාලෙ බෝතල්ද බං?

    ReplyDelete
    Replies
    1. :-O කවුද බෝතල් ගත්තේ??? c-)

      Delete
  2. යකෝ උඹ ජුන්ඩක් විතර අතිනුත් දාපු හැඩයි

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ... ඔය ඔක්කොම උනා!! =))

      Delete
  3. ඔච්චර අම්බලං තියෙන්නේ බොලාගේ ගෙවල් පැත්තේ ඉන්නේ අම්බලං පාලුවොද බං

    ReplyDelete
    Replies
    1. එහෙම තමා රාජධානියක ඉපදුනාම s-)

      Delete
  4. ඇත්තට ඇයි බං අම්බලංම බලන්ඩ යන්නේ???

    ReplyDelete
    Replies
    1. උඹලට තේරෙන්නෑ බං...ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා! :P

      Delete
  5. කැමරා බෑග් ඇතුලේ තිබුනේ බියර් නේ? :v ;)

    ReplyDelete
  6. කැමරා බෑග් ඇතුලේ තිබුනේ බියර් නේ? :v ;)

    ReplyDelete
  7. අඩෝ අපිවත් එක්කං පලයන් බං...!!

    ReplyDelete
  8. කලින් කීවා නම් බෝම්බයක්වත් ගස්සවන්න තිබ්බා බොලව් :D

    ReplyDelete
    Replies
    1. ඕවා කැත වැඩ ඕයි...b-(

      Delete
  9. ෂෝයි අනේ.... රජාලගෙ ගෙදර ලොකූ........................ ටීවී එකක් තියෙනවා. :D

    හැබෑටම උඹලා මොකටද බං ෆොටෝ ගන්න අච්චර උඩ පැන්නෙ. අනකල් දැක්කයින් හොඳට ගියා, වෙන මනුස්සයෙක් එහෙම දැක්කනම්.....

    හරි මචං එහෙනම්, කැමරා බෑග් ටික මෙහෙට ගත්ත නම්. d-)


    ReplyDelete
    Replies
    1. උඹත් මොකාක් හරි මුල්ලක මගුලක් ඇදල ගන්නවා නේ?

      එහෙම තමා ඕයි...පොඩි ගතියක් තියෙන්නේ :))

      Delete
  10. වාහනෙන් ඇතුගල උඩට ගියා කියලා හරි යන්නේ නෑ රජෝ..

    අර අම්බලම උස්සන ෆොටෝ එක ක්ලැසික් හොඳේ...අනිත් එව්වානම් අනේ මන්දා :) නිකන් වෙඩින් ෆොටෝ වගේ

    ReplyDelete
    Replies
    1. කොහෙද අනිත් උන්ට නගින්න බෑලුනේ :))

      බුහහහා.... එහෙම තමා කලාත්මකව පොටෝ ගහපුවාම

      Delete
  11. ඇතුගල නැගලා වැදිච්ච සීතල යන්ඩද රජෝ කැමරා ඇතේ අරන් ආවේ? ගල උඩට ටවුම සුපිරියට පේනවා ඇති නේද රෑට?

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි... පට්ට ඕයි!!! ඊලග එකේ පොටෝවක් දාන්නම්කෝ!

      Delete
  12. hodama kathawa adisi 10 thama mama repet eka beluwa :-D mamath assen dakka oi ;-)

    ReplyDelete
    Replies
    1. චාටර් නේද කියහන්කෝ??? ඇදුම් නෑ වගේ =))

      Delete
  13. එතකොට් අර ගෑල්ලමයාගේ පොටෝ කෑල්ලක් ගත්තේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. අපෝ ඒක චොර කෑල්ලක්! :)

      Delete
  14. පුදුමයි වෙලාවක් තිබබා මෙහෙම අපිට අපේ බෝඩිමේ සෙට් එකේ ගෙවල් වල යන්න තාම වෙලාවක් හොයාගන්න බැරි උණා.

    ReplyDelete
    Replies
    1. අපිටත් මේ හෙට අනිද්දට මොකද්ද එකක් තියෙනවා. හදන්න බෑ ඉතින් මුන්ව :))

      Delete
    2. පූමත් ඔය ඉසව්වෙම නේද?

      Delete
    3. ඔව් නේ...මටත් මතකයි දවසක් ඔහොම එකක් කිව්වා! :)

      Delete
  15. කෙල්ල: අයියේ ඔයාලා ලස්සනට පොටෝ ගැහුවා ඈ....
    ඇයි යකෝ බොලාල ඇඳුං නැතුවද ෆොටෝ ගැහුවෙ.

    දැං ඉතිං කැමරා බෑග් වලින් මතුඋන දේවල්වලින් පස්සෙ සිද්ධ විච්ච දේත් දාහංකො.

    මොකද බං අර ටීවී එක ගාව අවන් එකක් තියල තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒවා ඊලග එකේ..

      කුස්සියේ ඉඩ නෑ බොලං... ඒක ඕනෙ වෙලාවට විතරයි එහෙට උස්සන් යන්නේ :))

      Delete
  16. අම්බලම්පාලුවෝ!

    ReplyDelete
  17. ශා ...එකටම කැපෙන මේ වගේ සෙට් එකක් ඉද්දි ගමන හරි ජොලි :)

    ReplyDelete
  18. ගමකට වැද්ද ගන්න හොඳ නැති ගම් පාලුවෝ සෙට් එකක් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හහහා....... හයියෝ ඩොලර් =D>

      Delete
  19. එල එල දැන් යන ගමනක් තමා ඔයිට පස්සේ ඉතින් ඔය වගේ අතල් පිට ගමන් යන්න අමාරුයි. යන්න බැරිකමකුත් නැහැ!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්..පස්සේ මුන්ව හොයාගන්නත් නැති වෙයි :))

      Delete
  20. අර මොකෝ දන්නැනේ කැමරාව බෑග් එකෙන් අතට ආවේ..... :-?

    ReplyDelete
    Replies
    1. අනේ අපිනං දන්නේ නෑ.. :)

      Delete
  21. කාලෙකට පස්සේ ටිකක් හිනා උනා ...හක හක... හක

    ReplyDelete
    Replies
    1. හහ්... මෙන්න මෙයා... :-f

      Delete
  22. ayiyo salli :)
    faswaan dahasakata buduwanda rajo ,fatta blogiya , mama aniwa kiyawanawa eth methek kalekata comment ekak hariyata danna bari wuna
    mamath blogiyak patan gaththa welawak athoth awit balanna
    http://vidura-weerasinghe.blogspot.com/

    Suba wewa raja sampath labewa!!!

    ReplyDelete
    Replies
    1. අහ්...එලකිරිස් ආ!!
      මම එන්නං :)

      Delete
  23. නමයට ඉස්සර පුඩ් සෙටියට යන්න ඇත්තේ "පාන්" ගන්න..

    ReplyDelete
    Replies
    1. නැතුව... පාන් රාත්තල් 5ක් කියන්නේ දැන් කාලේ සෑහෙන ගානක්නේ නැද්ද? :))

      Delete
  24. හෆ්ෆා... මහ පජාති රජෙක්නෙ මේකා.. අඩ්ඩෝව්... මං කාගෙන කාගෙන යනෝඌයි මේ කීබෝඩ් එක...... (ඉරිසියාවට ඈ.......)

    ReplyDelete
  25. අඩේ මරු ට්‍රිපක්නේ. අපේ රාජධානිය හරහා ගිහින් තියෙන්නේ. යකා බැඳි ඇල්ල පැත්තේ ගියේ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක බලන්න වෙලාවක් සෙට් උනේ නෑනේ. අනික මේ දවස් වල වතුරත් වැඩී!!! :)

      Delete
  26. ade patta machan eda ra kattiya gatta athal dala hoda part 2 ekak dapan.

    ReplyDelete
  27. munta wada nathuwata karana ewa balahallako....

    ReplyDelete
    Replies
    1. බුහහහා...එහෙම තමා බං. නිදහස් වෙලාවට ආතල් එකේ ඉන්න ඕනේ :)

      Delete
  28. බලපංකෝ මුංගේ ආතල්.. හිටහන්කෝ අපිත් නිවාඩුවට එනකන්..

    ReplyDelete
    Replies
    1. ඒ දැන් එන්න ලගයි නේ බං??? එල එල..... :))

      Delete
  29. ආසාවේ බෑ මේ වගේ සෙට් වෙන කතා අහනකොට......
    සෙන්සර් කරපු කෑලි එහෙම නැතුව ඇති මයේ හිතේ....?

    ReplyDelete
  30. ඔය කාලේ යන ගමනක් තමයි මල්ලි... තව ටික කාලෙකින් ඉතිං බිසවුන් වහන්සේ එපා කිව්වම උඩ බාලාගෙන ඉන්නයි තියෙන්නෙ...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)