මේ ලගදී රජ පවුලට පොඩි ඉන්විටේෂන් එකක් ලැබුනේය. පොඩි කිව්වට එහෙම්මමත් පොඩි නැත. ඒෆෝ කොළ බාගෙකටත් වැඩිය ලොකුය. කොලේ ආවේ අපේ දේවාලේ මහ කපු උන්නැහැගෙන්ය. හෙන වසයක ඩයල් එකය. පොර ගෙදරටම ඇවිල්ලා දීලා ගිය එකය. ගෙදරට ඇවිල්ලා නිකන් දීලා ගියානම් කමකුත් නැත. ඒක දීලා, අතේ කඹයක් වගේ පිරිත් නූලකුත් බැදලා ගියේය. ඒ ඉතින් නොකියා කිව්වේ පුතේ...අනිවා වරෙන් කියලාය.
දේවාලේ ගැනත් මොනවා හරි කියන්නම ඕනෑය. නැත්තන් නිකන් හරි නැත. රජා ඉපදෙන්න කලින් ඉදලම ඔය දේවාලෙට යන්නේය. ඒ කියන්නේ රජා කලලෙ ඉදන් දේවාලේ අදුරන්නේය. පොඩි රජා ඉස්සර දේවාලෙට යන්නේ මාරම කැමැත්තෙන්ය. මොකද කපු සීයා ගාථා කියන ගමන් පළතුරු වට්ටි වලින් මිදි, ඇපල් ගෙඩි එහෙම රජාට දෙන්නේය. කෑම කිව්වොත් ඉතින් අපි සත්තු වගේය. සුවද දැනුනද එතනය. ඒක ඉස්සර ඉදන් එහෙමය. අනික අපේ මව්තුමිය ගෙනියන පළතුරු වට්ටියට එහෙම් පිටින්ම වග කියන්නේද මමමය.
සිස්සත්තේ, සා/පෙ, උ/පෙ ඔක්කොම කරන්න කලින් අපි හැමදාම ඔතෙන්ට ගිහින් ආශිර්වාද ගත්තෙමු. මම නං ආසම සීන් එක පොල් ගහන එකය. ඉස්සර පොඩි රජාට පොල් ගෙඩිය ගහ ගන්න පණ නැත. ගැහුවට ඒවා බිදුනේ නැත. මම ඉතින් කලේ පැත්තකට වෙලා අනිත් මාමලා, නැන්දලා, අයියලා පොල් ගහන හැටි බලන් හිටපු එකය. ඒකත් පට්ට ආතල්ය. ලගට වෙලා හිටපුවාම ගපහු පොලේ වතුර පාර චිරිස්...ගාලා මූණෙය. ඒ පොල් වතුර අනිත් පොල් වතුර වලට වඩා මාර රහය. බාග විට දෙයියෝ මතුරලා හින්දද කොහෙදය :)
දැන්නම් පොල් ගෙඩිය ලෙසටම ගහන්න පුළුවන්ය. ෆුල් ඩම් එක දාලා පටෝ...රියන් ගාලා කෙලල ඇරපුවාම පොල් ගෙඩිය කුඩේ කුඩුය. පොල් මුඩ්ඩ විතරක් ඉතුරුය. කට්ට ලොවෙත් නැත.
ආරාධනාව ආවේ දේවාලේ ශාන්තිකර්මයක් බලන්න යන්නටය. හතට විතර අපි දේවාලෙට ගියෙමු. වැඩේ පටන්අරන්ය. වැඩි වෙලාවක් ගිහින් නැත. ඒ උනාට සූ........ගාලා සෙනගය. ඔවුන් අස්සෙ රිංගන්න ගිහින් පදේ අහගන්නවට වඩා පැත්තකට වෙලා ෂේප් එකේ බලන එක හොදය. දන්නවනේ ගම් වල ආච්චි අම්මලගෙ කටවල්!!!
නැට්ටුවෝ ටිකනං පංකාදු පහය. උන්ට නටන්න කලින් රෙඩ්බුල් දීලද කොහෙදය. උන් නටනවා නෙමේ පාවෙනවාය. බෙර ගහන උන් ඊට එහාය. මම නං හිතුවේ බෙරේ දැන් පැලෙයි...දැන් පැලෙයි...කියලාය. ඇයි දෙයියනේ මුන් කෙලිනවා ඒකට දඩ දඩ ගාලා. ඔළුව කරකෝ කරකෝ ගහන්නේ. බලන් ඉදලා මට මඤ්ඤං. ටික වෙලාවකින් පන්දමට දුම්මල ගහන්න ගත්තේය. ඒකනං පිස්සු පහර ඈ...ගින්දර පාර යනවා හෝ...ස් ගාලා. හෙන වෙලාවක් බලන් මම හිටියෙමි. කකුල් දෙක රිදෙන හින්දා පැත්තකට ඇවිත් ඉදගත්තෙමි.
මේ නැට්ටුවා එක විදිහකට හිටියෙම නෑනේ |
කුලප්පුව...පොටෝවට අහුවෙලත් නෑ :/ |
ඉදගත්තෙත් එසේ මෙසේ තැනක නොවේය. ඒකත් තේ මේසෙ ලගමය. පොඩි පොඩි කෙල්ලෝ තේ උස්සන් එහෙ මෙහෙ යන්නේය. මමත් ඉතින් බලන් හිටියේ දැන් එකක් අල්ලයි දැන් අල්ලයි කියලාය. කොහෙද...මෙච්චර ලග ඉදලා එකෙක් මට තේ එකක් දුන්නේ නැත. බැරිම තැන A/Level ඉවරයි එකේ සින්දුව මුමුණු මුමුණ හිටියෙමි. ඒක අර බෙර කාරයෝ ගහන තාලෙටම සෙට් උනේය.
මං ගමේ කොල්ලා....
ගම එපා වෙලා....
කොළඹට ආවේ....
පෙට්ටගම කඩලා...
වෙලාව දහයටත් කිට්ටු උනේය. තාම කන්න නැත. මම කපුමහත්තයගෙ අම්මට කියලා හැෂ්ටැග්(#) එකක් දාන්න හදද්දිම අන්න එනවා ලස්සන අක්කා කෙනෙක් වතුර අල්ලගෙන. මට වතුර අල්ලන්නත් කලින්ම මම ගිහින් පෝලිමේද කොහෙදය. එච්චරට බඩිගිනිය. කෑම ටිකනං පංකාදු පහය. හත්මාළුවක් තිබ්බා...ලොවෙත් ඈ. දැක්කහමනං හිතෙන්නේ ක්ෂණික බඩයෑමක් සෙට් වෙයි කියලාය. ඒ උනාට මාරම රහය.
දෙයියන්ගේ කෑම හින්දා අහක දාන්න හොද නැත. උස්මුරුත්තාවට එනකං කාලා කාලා වතුර බොන්න ආවෙමි. සින්ක් එක ලග එකම හිනා සාගරයය. ශාන්තිකර්මේ කවි කියන ගුරුන්නාසෙට වඩා හයියෙන් කට්ටිය හිනා වෙන්නේය. මමත් වතුර එකක් බිබී පොඩ්ඩක් ඔළුව දැම්මේ පෝස්ට් එකකට හරියන කතාවක් සෙට් වේගෙන එනවා වගේ ඉවක් ආපු නිසාය. පොඩ්ඩක් අස්සෙන් ඔළුව දැම්මෙමි.
අම්මටසිරි ලෙසටම ගහපු වයසක ඩයල් එකක් බෙර පද තාලෙට නටන්නේය. කන සාක්කුවට පෝඩ්ඩක් උඩින්ය. සරමත් කැහැපොට කවාගෙනය. සරම තව ටිකක් ඉස්සුනානන් එහෙම ආච්චිලා ටික ඌව උස්සගෙන යන ලයින් එකක් තිබුනේය. අඩෝ මූ හෙන ශාස්ත්‍රීය ලෙස නටන්නේය. එක පාරටම බෙර ගහන උන්ගේ ටෙම්පෝ එක වැඩි උනේය. දැන් දඩි බිඩි ගාලා බෙර පද යන්නේය. සීයාකාරයා නටාගෙන නටාගෙන ගියේය. අම්බෝ....ඒකනං සිරාම ලොල්ය. කොච්චර පජාතද කියනවානම් මට වතුර ඉස්මොල්ලේ ගියේය. වතුර නහයෙන් ආවේය. බත් ඇට දෙකකුත් නහයෙන් ආවාද කොහෙදය.
බොහොම අමාරුවෙන් අනිත් උන්ගේ ඇගේ වතුර හලන්නේ නැතුව මම මාරු උනෙමි. එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා ගෙදර ආවෙමි. ශාන්තිකර්මේ බැලුවට වඩා කලේ අහල පහල වෙච්ච විකාර බැලුව එකය. අර බෙර සද්ද අස්සේ ඉදලා තාම නිකන් කන ඇතුලේ එකෙක් බෙර ගහනවා වගේය.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කියවන්න කම්මැලි බාන්ස්
ReplyDeleteමේකේ කිසි ආතල් එකක් නෑ වගේ
Delete=D>
Deleteඅපරාදේ ඔයාට තිබුනෙ රජ නැටුමක් නටන්න අර සීයා එක්ක ... :v
ReplyDeleteවිලි ලැජ්ජයි හලෝ...w-)
Deleteඅපිනම් ඉදලා හිටලා ඕවට සෙට් වෙනවා බන්... කියන්න සන්තෝෂයි මටත් දැන් නම් පොලේ බිදෙන්න ගහන්න පුළුවන් ඉස්සරත් පුළුවන්ලු ඉතින් හැ
ReplyDeleteමට පුළුවන් උනේ පහ වසරෙන් පස්සෙද කොහෙද :)
Deleteමාරයා මේවට කියන්නේ... බල්ලන්ට පොල් ලෙලි දානවා කියලා...
ReplyDeleteසුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !
මාරයි නේ ඉතින්...
Delete"දෙයියා පල්" ය...
ReplyDeleteපල්ගස් යට දෙයියාය :))
Deleteපේන විදිහට නම් ලස්සෙක විතර වැඩක් වෙලා තියෙන්නේ...
ReplyDeleteකවුදෑ දන්නේ :)
Deleteශාන්ති කරුමෙට ඉස්සෙල්ලා ගිහින්
ReplyDeleteපොඩ්ඩක් හොයලා බලන්න වෙනවා :)
Deletesarama kadune nadda yako ?? haiyooo
ReplyDeleteනෑනේ බං... මං බලන් හිටියේ දැන් වැටෙයි දැන් වැටෙයි කියලා =))
Delete// ෆුල් ඩම් එක දාලා පටෝ...රියන් ගාලා කෙලල ඇරපුවාම පොල් ගෙඩිය කුඩේ කුඩුය. පොල් මුඩ්ඩ විතරක් ඉතුරුය. කට්ට ලොවෙත් නැත. // :D :D :D :D
ReplyDeleteහා නැද්ද? :))
Deleteමෑතකදී ඔය වගේ බලි තොවිලයක්වත් බලන්න ලැබුණේ නෑ. බෙර වැයිල්ලනම් කියලා වැඩක් නැ. කොහොමද දෙවොල් බෙරේ වදිනකොට ඉබේ නැටවෙනවා.
ReplyDeleteමාර ගති නේ... දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත වගේ ගහනවා :))
Deleteලඟදි නම් ඔය වගේ සීන් එකකට එන්ටර් උනේ නෑ....
ReplyDeleteඋඹේ එන්ටර් කී එකේ අවුලක් ඇති! :)
Deleteපිරිතට හාමුදුරුවරු වැඩම්මනකොට ගහන බෙරෙටත් නටන එවුන් ඉන්නවා ඕයි,
ReplyDeleteහෙහ්...අම්බෝ =))
Deleteමටත් බෙර ඇහෙනකොට , නිකන්ම නැටවෙන / සැනහෙන ගතියක් තියෙනවා ... සමහර විට එක අපේ හදගැස්මට ළඟ ඇති .
ReplyDeleteහැබැයි අර මාතෘකාව නම් මරු , ගොඩක් අයට මේ දවස් වල ශාන්ති කාර්ම ඉස්පොල්ලේ ගිහින් තමයි ඉන්නේ ...
වෙන්ඩෑ වෙන්ඩෑ... :))
Deleteඔව් ඔව්... මොලේ කුණු වෙලා!!
රජ පවුලම ගිහින් නෑ වගේ.. රජා විතරද ගියේ? යුව රජාත් ගියානම් මීටවඩා කතා තියෙන්න ඕනි....
ReplyDeleteගියා ගියා.. මිනිහා සද්දේ වහලා හිටියේ :)
Deleteපහත රට බෙරේ මට හොඳින් ගහන්න පුලුවනි..අපේ මාමා කෙනෙක් තොවිල්වල බෙර ගහන්න ඉස්සර ගියනිසා..! දැන්නම් පුලුවන්ද මන්දා බෙරයක් දැක්ක කාලයක් නෑ..යක් බෙරය කියල කියන්නෙ.
ReplyDeleteඅපේ ගම්වල ඉස්සර හරියට තිබුන රජෝ..!
නෑ... සුපිරි බෙර පළුවක්ද එතකොට? :)
Deleteකෑල්ලක් ටෝක් කරේ නැතෙයි
ReplyDeleteසෙට් වෙන කෑල්ලක් හිටියේ නෑ ඕයි. අනික මහ රෑනේ :((
Deleteඅපේ වෝඩ් එකෙත් (59) මේ දවස්වල පොඩි කොල්ලෙක් ඉන්නවා ඌට අනුංගෙ හිත් කියවන්ඩ පුළුවං, හිතේ බලෙං එක එක එව්වා එහෙ මෙහෙ යවන්ඩ පුළුවං.හැබැයි බේත් ටිකක් ඇඟට වැටුනම ඔක්කොම පවර්ස් නැතිවෙලා ගියා.ඔය කපු මහත්තයවත් එවපං බං.
ReplyDeleteඅපරාදේ බොල පොල් නිකං පොළේ ගහන්නේ.කාට හරි ගිහිං දීපං උයාගෙන කන්ඩ කියලා.තොපිත් අපේ මහරජා වගේමයි.නාස්තියමයි.
සිරාවට???? අඩේ ඌට දැන් පවර්ස් ඇත්තෙම නැද්ද? කොළ පාට ක්‍රිප්ටොනයිට් ටිකක් පෙව්වනං පවර්ස් එන්නේ ඩබල් වෙලා!!! (ස්මෝල්විල් එකේ වගේ) :))
Deleteඋඹට තාම ඔලුවෙ වැඩ කරන්නේ ඔය ස්මෝල්විල් එකද... හයියො.....
Deleteසීසන් 10ක් එක දිගට බැලුවාම එහෙම වෙනවා හලෝ :)
Deleteකොල්ලෝ, තව ටිඅක උත්සාහ කළා නම් අර දෙවෙනි ෆොටෝ එක නියමෙට ගන්න තිබුනා.
ReplyDeleteමොන උත්සහාකිරිලිද අප්පා. සූ ගාලා සෙනග. ඕකත් ගත්තේ අස්සෙන් රිංගලා :)
Deleteඑහෙම බැහැ, කම්මැලියා , උඹ කම්මැලියා.
Deleteඋඹට අර කාපුව දිරෙව්වද බං.
ReplyDeleteනැතුව... අපිට ජරාව දිරොලා පුරුදුයිලු :))
Deleteහපොයි එහෙන්ම රජා සිස්සත්තේ , සා /පෙ, උ /පෙ ඔක්කොම ගොඩ ගොඩ ද ගත්තේ දෙවලෙට පින් සිද්ද වෙන්න වෙන්ටෑ , රජෝ ඔය දේවාලේ කොහෙද තියෙන්නේ . මතත් තියනවා කොරගන්න ලොකු කාරියක් ...
ReplyDeleteපොඩි උන්ව ගන්නේ නෑලු :))
Deleteයකෝ තෝ නැටුවේ නැද්ද ඈ...
ReplyDeleteපිස්සුද යකෝ =))
Deleteaparade rajatath natanna thibbe
ReplyDeleteමෙයා පිස්සු කතා කරනවා. මම නැටුවනං අර සීයට චාන්ස් නැතුව යනවනේ c-)
Deleteපට්ට මචන් පට්ට..
ReplyDeleteමමත් ගොඩ කලෙකින් සෙට් උනේ නෑ...
එහෙමද? :)
Deleteඅනේ බං රජෝ. පට්ට සිද්ධිය ඕයි!
ReplyDeleteකෝ බන් රජෝ අර ඉස්සර ලියපු රසවාට් ලිපි.
ReplyDeleteහිටට වදින යමක් ලියපන් රජෝ .
ජයවේව
හැමදාම එකම දේ සෙට් වෙන්නේ නෑ මෙයා :)
Deleteඔයවගේ එව්වගේ කටේ දෙපොට පැලෙන දෙපැත්ත කැපෙන සුපිරි කතා කියනවා..නෑදෑයෝ කවුරු හරි එක්ක ගියොත් අපිට එව්වා අහලා හිනා යනවා..නෑදෑයෝ අපි දිහා බලලා රවනවා.
ReplyDeleteමරු ලිපියක්. ස්තුතියි.
ReplyDelete:)
Deleteලොකු බිල්දිමකට කොන්ක්‍රීට් දාන්න කලිනුත් ඔය දේවාලෙට ගියොත් නරකද?
ReplyDeleteඒ මොකටද? :)
Deleteඅනේ මන් දන්නේ නැත.. රජා තොයිලෙකට ගියොත් එතනත් ආතල් සීය කෙනෙක් හෝ ඇත. රජාටම මේ හැම එකම සෙට් වෙන්නේ ඇයි කියා මට වැටහෙන්නේ නැත :P
ReplyDeleteකරුමේ කරුමේ..... :))
Deleteමදැයි රජා මල්ලිටත් වෙන වැඩ....ගියොත් ගිය තැන මොකක් හරි.. :-)
ReplyDeleteඔව් ඈ.. :))
Deleteela kiri rajo...
ReplyDeleteඑලෝ...
Deleteමේකා කන්නනේ බොලේ ගිහින් තියෙන්නේ.... මෙහෙමත් රජ්ජු....
ReplyDeleteමොක කරන්නත් කාලා ඉන්න එපෑ.. :)
Delete