Saturday, June 22, 2013

ශාන්තිකර්මේ ඉස්මොල්ලේ ගියා - That Ritual Touched my Trachea


මේ ලගදී රජ පවුලට පොඩි ඉන්විටේෂන් එකක් ලැබුනේය. පොඩි කිව්වට එහෙම්මමත් පොඩි නැත. ඒෆෝ කොළ බාගෙකටත් වැඩිය ලොකුය. කොලේ ආවේ අපේ දේවාලේ මහ කපු උන්නැහැගෙන්ය. හෙන වසයක ඩයල් එකය. පොර ගෙදරටම ඇවිල්ලා දීලා ගිය එකය. ගෙදරට ඇවිල්ලා නිකන් දීලා ගියානම් කමකුත් නැත. ඒක දීලා, අතේ කඹයක් වගේ පිරිත් නූලකුත් බැදලා ගියේය. ඒ ඉතින් නොකියා කිව්වේ පුතේ...අනිවා වරෙන් කියලාය.  

දේවාලේ ගැනත් මොනවා හරි කියන්නම ඕනෑය. නැත්තන් නිකන් හරි නැත. රජා ඉපදෙන්න කලින් ඉදලම ඔය දේවාලෙට යන්නේය. ඒ කියන්නේ රජා කලලෙ ඉදන් දේවාලේ අදුරන්නේය. පොඩි රජා ඉස්සර දේවාලෙට යන්නේ මාරම කැමැත්තෙන්ය. මොකද කපු සීයා ගාථා කියන ගමන් පළතුරු වට්ටි වලින් මිදි, ඇපල් ගෙඩි එහෙම රජාට දෙන්නේය. කෑම කිව්වොත් ඉතින් අපි සත්තු වගේය. සුවද දැනුනද එතනය. ඒක ඉස්සර ඉදන් එහෙමය. අනික අපේ මව්තුමිය ගෙනියන පළතුරු වට්ටියට එහෙම් පිටින්ම වග කියන්නේද මමමය. 

සිස්සත්තේ, සා/පෙ, උ/පෙ ඔක්කොම කරන්න කලින් අපි හැමදාම ඔතෙන්ට ගිහින් ආශිර්වාද ගත්තෙමු. මම නං ආසම සීන් එක පොල් ගහන එකය. ඉස්සර පොඩි රජාට පොල් ගෙඩිය ගහ ගන්න පණ නැත. ගැහුවට ඒවා බිදුනේ නැත. මම ඉතින් කලේ පැත්තකට වෙලා අනිත් මාමලා, නැන්දලා, අයියලා පොල් ගහන හැටි බලන් හිටපු එකය. ඒකත් පට්ට ආතල්ය. ලගට වෙලා හිටපුවාම ගපහු පොලේ වතුර පාර චිරිස්...ගාලා මූ‍ණෙය. ඒ පොල් වතුර අනිත් පොල් වතුර වලට වඩා මාර රහය. බාග විට දෙයියෝ මතුරලා හින්දද කොහෙදය :) 

දැන්නම් පොල් ගෙඩිය ලෙසටම ගහන්න පුළුවන්ය. ෆුල් ඩම් එක දාලා පටෝ...රියන් ගාලා කෙලල ඇරපුවාම පොල් ගෙඩිය කුඩේ කුඩුය. පොල් මුඩ්ඩ විතරක් ඉතුරුය. කට්ට ලොවෙත් නැත. 

ආරාධනාව ආවේ දේවාලේ ශාන්තිකර්මයක් බලන්න යන්නටය. හතට විතර අපි දේවාලෙට ගියෙමු. වැඩේ පටන්අරන්ය. වැඩි වෙලාවක් ගිහින් නැත. ඒ උනාට සූ........ගාලා සෙනගය. ඔවුන් අස්සෙ රිංගන්න ගිහින් පදේ අහගන්නවට වඩා පැත්තකට වෙලා ෂේප් එකේ බලන එක හොදය. දන්නවනේ ගම් වල ආච්චි අම්මලගෙ කටවල්!!! 

නැට්ටුවෝ ටිකනං පංකාදු පහය. උන්ට නටන්න කලින්  රෙඩ්බුල් දීලද කොහෙදය. උන් නටනවා නෙමේ පාවෙනවාය. බෙර ගහන උන් ඊට එහාය. මම නං හිතුවේ බෙරේ දැන් පැලෙයි...දැන් පැලෙයි...කියලාය. ඇයි දෙයියනේ මුන් කෙලිනවා ඒකට දඩ දඩ ගාලා. ඔළුව කරකෝ කරකෝ ගහන්නේ. බලන් ඉදලා මට මඤ්ඤං. ටික වෙලාවකින් පන්දමට දුම්මල ගහන්න ගත්තේය. ඒකනං පිස්සු පහර ඈ...ගින්දර පාර යනවා හෝ...ස් ගාලා. හෙන වෙලාවක් බලන් මම හිටියෙමි. කකුල් දෙක රිදෙන හින්දා පැත්තකට ඇවිත් ඉදගත්තෙමි. 

මේ නැට්ටුවා එක විදිහකට හිටියෙම නෑනේ

කුලප්පුව...පොටෝවට අහුවෙලත් නෑ :/
ඉදගත්තෙත් එසේ මෙසේ තැනක නොවේය. ඒකත් තේ මේසෙ ලගමය. පොඩි පොඩි කෙල්ලෝ තේ උස්සන් එහෙ මෙහෙ යන්නේය. මමත් ඉතින් බලන් හිටියේ දැන් එකක් අල්ලයි දැන් අල්ලයි කියලාය. කොහෙද...මෙච්චර ලග ඉදලා එකෙක් මට තේ එකක් දුන්නේ නැත. බැරිම තැන A/Level ඉවරයි එකේ සින්දුව මුමුණු මුමුණ හිටියෙමි. ඒක අර බෙර කාරයෝ ගහන තාලෙටම සෙට් උනේය. 

මං ගමේ කොල්ලා....
ගම එපා වෙලා....
කොළඹට ආවේ....
පෙට්ටගම කඩලා... 

වෙලාව දහයටත් කිට්ටු උනේය. තාම කන්න නැත. මම කපුමහත්තයගෙ අම්මට කියලා හැෂ්ටැග්(#) එකක් දාන්න හදද්දිම අන්න එනවා ලස්සන අක්කා කෙනෙක් වතුර අල්ලගෙන. මට වතුර අල්ලන්නත් කලින්ම මම ගිහින් පෝලිමේද කොහෙදය. එච්චරට බඩිගිනිය. කෑම ටිකනං පංකාදු පහය. හත්මාළුවක් තිබ්බා...ලොවෙත් ඈ. දැක්කහමනං හිතෙන්නේ ක්ෂණික බඩයෑමක් සෙට් වෙයි කියලාය. ඒ උනාට මාරම රහය. 

දෙයියන්ගේ කෑම හින්දා අහක දාන්න හොද නැත. උස්මුරුත්තාවට එනකං කාලා කාලා වතුර බොන්න ආවෙමි. සින්ක් එක ලග එකම හිනා සාගරයය. ශාන්තිකර්මේ කවි කියන ගුරුන්නාසෙට වඩා හයියෙන් කට්ටිය හිනා වෙන්නේය. මමත් වතුර එකක් බිබී පොඩ්ඩක් ඔළුව දැම්මේ පෝස්ට් එකකට හරියන කතාවක් සෙට් වේගෙන එනවා වගේ ඉවක් ආපු නිසාය. පොඩ්ඩක් අස්සෙන් ඔළුව දැම්මෙමි. 

අම්මටසිරි ලෙසටම ගහපු වයසක ඩයල් එකක් බෙර පද තාලෙට නටන්නේය. කන සාක්කුවට පෝඩ්ඩක් උඩින්ය. සරමත් කැහැපොට කවාගෙනය. සරම තව ටිකක් ඉස්සුනානන් එහෙම ආච්චිලා ටික ඌව උස්සගෙන යන ලයින් එකක් තිබුනේය. අඩෝ මූ හෙන ශාස්ත්‍රීය ලෙස නටන්නේය. එක පාරටම බෙර ගහන උන්ගේ ටෙම්පෝ එක වැඩි උනේය. දැන් දඩි බිඩි ගාලා බෙර පද යන්නේය. සීයාකාරයා නටාගෙන නටාගෙන ගියේය. අම්බෝ....ඒකනං සිරාම ලොල්ය. කොච්චර පජාතද කියනවානම් මට වතුර ඉස්මොල්ලේ ගියේය. වතුර නහයෙන් ආවේය. බත් ඇට දෙකකුත් නහයෙන් ආවාද කොහෙදය. 

බොහොම අමාරුවෙන් අනිත් උන්ගේ ඇගේ වතුර හලන්නේ නැතුව මම මාරු උනෙමි. එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා ගෙදර ආවෙමි. ශාන්තිකර්මේ බැලුවට වඩා කලේ අහල පහල වෙච්ච විකාර බැලුව එකය. අර බෙර සද්ද අස්සේ ඉදලා තාම නිකන් කන ඇතුලේ එකෙක් බෙර ගහනවා වගේය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

66 comments:

  1. කියවන්න කම්මැලි බාන්ස්

    ReplyDelete
  2. අපරාදේ ඔයාට තිබුනෙ රජ නැටුමක් නටන්න අර සීයා එක්ක ... :v

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජයි හලෝ...w-)

      Delete
  3. අපිනම් ඉදලා හිටලා ඕවට සෙට් වෙනවා බන්... කියන්න සන්තෝෂයි මටත් දැන් නම් පොලේ බිදෙන්න ගහන්න පුළුවන් ඉස්සරත් පුළුවන්ලු ඉතින් හැ

    ReplyDelete
    Replies
    1. මට පුළුවන් උනේ පහ වසරෙන් පස්සෙද කොහෙද :)

      Delete
  4. මාරයා මේවට කියන්නේ... බල්ලන්ට පොල් ලෙලි දානවා කියලා...

    සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
  5. "දෙයියා පල්" ය...

    ReplyDelete
    Replies
    1. පල්ගස් යට දෙයියාය :))

      Delete
  6. පේන විදිහට නම් ලස්සෙක විතර වැඩක් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  7. ශාන්ති කරුමෙට ඉස්සෙල්ලා ගිහින්

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා :)

      Delete
  8. sarama kadune nadda yako ?? haiyooo

    ReplyDelete
    Replies
    1. නෑනේ බං... මං බලන් හිටියේ දැන් වැටෙයි දැන් වැටෙයි කියලා =))

      Delete
  9. // ෆුල් ඩම් එක දාලා පටෝ...රියන් ගාලා කෙලල ඇරපුවාම පොල් ගෙඩිය කුඩේ කුඩුය. පොල් මුඩ්ඩ විතරක් ඉතුරුය. කට්ට ලොවෙත් නැත. // :D :D :D :D

    ReplyDelete
  10. මෑතකදී ඔය වගේ බලි තොවිලයක්වත් බලන්න ලැබුණේ නෑ. බෙර වැයිල්ලනම් කියලා වැඩක් නැ. කොහොමද දෙවොල් බෙරේ වදිනකොට ඉබේ නැටවෙනවා.

    ReplyDelete
    Replies
    1. මාර ගති නේ... දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත වගේ ගහනවා :))

      Delete
  11. ලඟදි නම් ඔය වගේ සීන් එකකට එන්ටර් උනේ නෑ....

    ReplyDelete
    Replies
    1. උඹේ එන්ටර් කී එකේ අවුලක් ඇති! :)

      Delete
  12. පිරිතට හාමුදුරුවරු වැඩම්මනකොට ගහන බෙරෙටත් නටන එවුන් ඉන්නවා ඕයි,

    ReplyDelete
  13. මටත් බෙර ඇහෙනකොට , නිකන්ම නැටවෙන / සැනහෙන ගතියක් තියෙනවා ... සමහර විට එක අපේ හදගැස්මට ළඟ ඇති .

    හැබැයි අර මාතෘකාව නම් මරු , ගොඩක් අයට මේ දවස් වල ශාන්ති කාර්ම ඉස්පොල්ලේ ගිහින් තමයි ඉන්නේ ...

    ReplyDelete
    Replies
    1. වෙන්ඩෑ වෙන්ඩෑ... :))

      ඔව් ඔව්... මොලේ කුණු වෙලා!!

      Delete
  14. රජ පවුලම ගිහින් නෑ වගේ.. රජා විතරද ගියේ? යුව රජාත් ගියානම් මීටවඩා කතා තියෙන්න ඕනි....

    ReplyDelete
    Replies
    1. ගියා ගියා.. මිනිහා සද්දේ වහලා හිටියේ :)

      Delete
  15. පහත රට බෙරේ මට හොඳින් ගහන්න පුලුවනි..අපේ මාමා කෙනෙක් තොවිල්වල බෙර ගහන්න ඉස්සර ගියනිසා..! දැන්නම් පුලුවන්ද මන්දා බෙරයක් දැක්ක කාලයක් නෑ..යක් බෙරය කියල කියන්නෙ.
    අපේ ගම්වල ඉස්සර හරියට තිබුන රජෝ..!

    ReplyDelete
    Replies
    1. නෑ... සුපිරි බෙර පළුවක්ද එතකොට? :)

      Delete
  16. කෑල්ලක් ටෝක් කරේ නැතෙයි

    ReplyDelete
    Replies
    1. සෙට් වෙන කෑල්ලක් හිටියේ නෑ ඕයි. අනික මහ රෑනේ :((

      Delete
  17. අපේ වෝඩ් එකෙත් (59) මේ දවස්වල පොඩි කොල්ලෙක් ඉන්නවා ඌට අනුංගෙ හිත් කියවන්ඩ පුළුවං, හිතේ බලෙං එක එක එව්වා එහෙ මෙහෙ යවන්ඩ පුළුවං.හැබැයි බේත් ටිකක් ඇඟට වැටුනම ඔක්කොම පවර්ස් නැතිවෙලා ගියා.ඔය කපු මහත්තයවත් එවපං බං.
    අපරාදේ බොල පොල් නිකං පොළේ ගහන්නේ.කාට හරි ගිහිං දීපං උයාගෙන කන්ඩ කියලා.තොපිත් අපේ මහරජා වගේමයි.නාස්තියමයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට???? අඩේ ඌට දැන් පවර්ස් ඇත්තෙම නැද්ද? කොළ පාට ක්‍රිප්ටොනයිට් ටිකක් පෙව්වනං පවර්ස් එන්නේ ඩබල් වෙලා!!! (ස්මෝල්විල් එකේ වගේ) :))

      Delete
    2. උඹට තාම ඔලුවෙ වැඩ කරන්නේ ඔය ස්මෝල්විල් එකද... හයියො.....

      Delete
    3. සීසන් 10ක් එක දිගට බැලුවාම එහෙම වෙනවා හලෝ :)

      Delete
  18. කොල්ලෝ, තව ටිඅක උත්සාහ කළා නම් අර දෙවෙනි ෆොටෝ එක නියමෙට ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මොන උත්සහාකිරිලිද අප්පා. සූ ගාලා සෙනග. ඕකත් ගත්තේ අස්සෙන් රිංගලා :)

      Delete
    2. එහෙම බැහැ, කම්මැලියා , උඹ කම්මැලියා.

      Delete
  19. උඹට අර කාපුව දිරෙව්වද බං.

    ReplyDelete
    Replies
    1. නැතුව... අපිට ජරාව දිරොලා පුරුදුයිලු :))

      Delete
  20. හපොයි එහෙන්ම රජා සිස්සත්තේ , සා /පෙ, උ /පෙ ඔක්කොම ගොඩ ගොඩ ද ගත්තේ දෙවලෙට පින් සිද්ද වෙන්න වෙන්ටෑ , රජෝ ඔය දේවාලේ කොහෙද තියෙන්නේ . මතත් තියනවා කොරගන්න ලොකු කාරියක් ...

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ව ගන්නේ නෑලු :))

      Delete
  21. යකෝ තෝ නැටුවේ නැද්ද ඈ...

    ReplyDelete
  22. Replies
    1. මෙයා පිස්සු කතා කරනවා. මම නැටුවනං අර සීයට චාන්ස් නැතුව යනවනේ c-)

      Delete
  23. පට්ට මචන් පට්ට..
    මමත් ගොඩ කලෙකින් සෙට් උනේ නෑ...

    ReplyDelete
  24. අනේ බං රජෝ. පට්ට සිද්ධිය ඕයි!

    ReplyDelete
  25. කෝ බන් රජෝ අර ඉස්සර ලියපු රසවාට් ලිපි.
    හිටට වදින යමක් ලියපන් රජෝ .
    ජයවේව

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම දේ සෙට් වෙන්නේ නෑ මෙයා :)

      Delete
  26. ඔයවගේ එව්වගේ කටේ දෙපොට පැලෙන දෙපැත්ත කැපෙන සුපිරි කතා කියනවා..නෑදෑයෝ කවුරු හරි එක්ක ගියොත් අපිට එව්වා අහලා හිනා යනවා..නෑදෑයෝ අපි දිහා බලලා රවනවා.

    ReplyDelete
  27. මරු ලිපියක්. ස්තුතියි.

    ReplyDelete
  28. ලොකු බිල්දිමකට කොන්ක්‍රීට් දාන්න කලිනුත් ඔය දේවාලෙට ගියොත් නරකද?

    ReplyDelete
  29. අනේ මන් දන්නේ නැත.. රජා තොයිලෙකට ගියොත් එතනත් ආතල් සීය කෙනෙක් හෝ ඇත. රජාටම මේ හැම එකම සෙට් වෙන්නේ ඇයි කියා මට වැටහෙන්නේ නැත :P

    ReplyDelete
  30. මදැයි රජා මල්ලිටත් වෙන වැඩ....ගියොත් ගිය තැන මොකක් හරි.. :-)

    ReplyDelete
  31. මේකා කන්නනේ බොලේ ගිහින් තියෙන්නේ.... මෙහෙමත් රජ්ජු....

    ReplyDelete
    Replies
    1. මොක කරන්නත් කාලා ඉන්න එපෑ.. :)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)