Monday, May 6, 2013

සීඩී සීට්ටුව



සාමාන්‍යයෙන් කොල්ලන්ට නව යෞවන විය පිස්සුව තද වෙන්නේ අට වසර අග භාගයේදීය. ඊට ප්‍රධානම හේතුවක් වන්නේ නමය වසර සෞඛ්‍ය පොතය. ඉස්සර නමය වසරට පොත් දෙනකන් ඉන්නේ පුදුමාකාර අසහනයකින්ය. හා හා පුරා පෙරලන පිටුව මම කියන්න අවශ්‍ය නැත. අපේ කාලයේ ඕනෑම කොල්ලෙක් එය දන්නේය. අනේ හැබෑටම ඒ කාලේ තිබ්බ මෝල...ඒ ගැන හිතන විට ඇති වෙන්නේ දුකක්ය. ඒ කාලේ තිබිච්ච මෝල කර වෙලා දුම කන් වලින් පවා පිට උනේය. හරියට අත්වැඩක් කරගන්නත් බැරිය. කරන්න පුළුවන්ය. නමුත් භාණ්ඩ හා සේවා ගාස්තු නැත. විදුලි කොටනවා පමණය.

නමය වසර අවසන අපේ පන්තියේ සෙට් එකකට මහ අමුතු පිස්සුවක් ගැහුවේය. ඒ සීට්ටුවක් දමන්නය. අනේ නොදකින්...මේක බාලිකා පාසලක්ද යකෝ? රජා කිහිපවිටක්ම අදාල පාර්ශවයන්ට ප්‍රශ්නය යොමු කලේය. සීට්ටුවට සහභාගිවන්නන් ගණන 5ය. එකෙක්ගෙන් 100ය. ඔක්කොම 500ය. සීට්ටුව දාන්නේ ගේම් සීඩී වලටය. රජා මේකට සහභාගී නොවුනේ මුදල් හිගතාවය නිසාමය.  

හිගතාවය කියන්නේ මෙහෙමය. ගෙදරින් දවසට රුපියල් 50ක් හෝ 100ක් දෙන්නේය. ඕක ඉවරවෙනකන් කැන්ටිමෙන් කෑම රජාගේ විනෝදාංශය විය. උදේ ගිය ගමන් රුපියල්  25ක පාන් බාගෙකට වග කිව්වේ නැත්තන් දවසම කුජීතය. ඒ කාලේ කැන්ටිම පිටිපස්සේ හෙන පත සල් ගහක් තිබ්බේය. ඒක ලග තියෙන මේසේ තරම් පොට් එකක් පාන් කන්න සෙට් වෙන්නේම නැත. පාන් එකට දෙන පරිප්පු හොද්ද ගැන කිව යුතුමය. හොද්දේ පරිප්පු ඇට සෙවීම අවුරුදු උත්සවේක තරගෙකට පංකාදුය. මන්ද හොද්ද බොර වෙනකන් පීනුවත් සමහර දවස්වලට ඇට හෙවීම නං කල නොහැකිය. 

සතියකට සැරයක් විතර හාල්මැස්සෝ හොද්දක් එන්නේය. හාල්මැස්සෝ නැතත් හොද්දට මාළු මිරිස් කෑල්ලක් නම් සෙට් වෙනවාමය. බාග වෙලාවට ඔය මාළු මිරිස් කෑල්ල අස්සේ ඉතා කුඩා හාල්මැස්සෙක් ඉන්නේය. අන්න එදවස එම හොද්ද අයිතිකාරයාගේ වාසනාවන්තම දවසය. නමුත් හාල්මැස්සාගේ අවසානයය. මන්ද ඒ හාල්මැස්සා කැන්ටිමේ එහා කෙලවරේ සිට මෙහා කෙලවර දක්වා වූ ජනී ජනයාගේ බඩ පුරවන නිසාය. බැරි වෙලා හෝ  හාල්මැස්සාට බඩේ අමාරුවක් තිබ්බේ නම් ඉස්කෝලේ කොල්ලෝ 15කට 20ක් සදා සොත්තිය.

ඉතුරු 25න් හවසට තෝසේ 3කට වග කියන්නේය. 100ක්  හම්බුන දවසට කිරිහලේ එළකිරි වීදුරු දෙක තුනකටත් බඩ හොදට ඉඩය. තෝසේ හොද්දට මොකුත් කිව නොහැකිය. මන්ද එය කන්න වෙන්නේ අංශු වශයෙන් නිසා රසක් කිව නොහැකිය. පිගාන කැන්ටිමෙන් ගන්නවා පමණක් පෙනෙන්නේය. තප්පර කීපයකින් පිගානත් නැත. කාපු උනුත් නැත. (පදුරු තැලීමකි)

ආ...සීට්ටුව දැන් මෙහෙමය...සීට්ටුවේ භාණ්ඩාගාරික සිටියේ රජාට අල්ලපු පුටුවේය. රජා සීට්ටුවට සහභාගි නොවුනේ හම්බෙන ගේම් ඔක්කොම රජා ලග තිබුණු නිසාවෙන්ය. V Cop, Delta Force, NFS Hot Pursuit ඒ කාලේ මේ ගේම් ගහලා නැත්තන් ඌ ලොවෙත් නැත. ගහපු එකා හෙන පොරය.


තුන්ඩු දාලා එහෙම දවසක් සීට්ටුව පටන් ගත්තේය. භාණ්ඩාගාරිකයාට ආවේ නොම්බර එකය. හහ්...රජත් දැන් වෙන්නේ මොකද්ද කියා බලාගෙනය. සතියකින් විතර අදාල සීඩී 5ක් මූට ලැබුනේය. ඉස්සර ගේම් සීඩී රුපියල් 100ට තිබ්බෙය. ඉන් කිරි කිරි දිලිසෙන සීඩී පහක්ම දැන් මූ අතේය. අඩෝ අපේ ගෙදර යන්ද කට්ටියම? යෝජනාව භාණ්ඩාගාරිකතුමාගෙන්ය. යක්කල පන්ති යනගමන් හය දෙනෙක්ගෙන් සමන්විත සෙට් එකක්ම මුගේ ගෙදරට කඩන්පාත් උනේය. ගෙදර උනුත් හොල්මන්ය.    

කට්ටියම දැන් මැෂින් එක වටේට ඉදගෙන සීඩී දදා බලන්නේය. ආ මචන්....ඕකේ එක සීඩී එකක තියෙන්නේ ෆිල්ම් හොදේ...ගෙනාපු එකා කීවේය. මොනවද දන්නෑ තියෙන්නේ? දන්නෑ බං...මං පැකින් කැඩුවෙවත් නෑ. ගෙනාපු ගේම් නම් ඔක්කොම වැඩය. අන්තිමට තියෙන්නේ ෆිල්ම් සීඩී එකය. ඒකත් චෙක් කරන්න දැම්මේය.

ආව් ආව්....මචන් ෆිල්ම් 5ක් තියෙනවා! 

සුපිරි ආ... දාහන් දාහන් මොනවද බලන්න.

දැන් එකින් එක ප්ලේ වෙන්නේය. පලවෙනි දෙක කාටූන්ය. තුන්වෙනි එක ප්ලේ කලේය. අහා....ආහ් ඌයි.... බෆල් වලින් මහා වේදනාත්මක ශබ්ද වගයක් පිටඋනේය. ඩෙල්ටා ෆෝස් ගගහා වෙලාවය. නිකන් සිරාවටම යුද්දේ ඉන්නවා වගේ දැනෙන්න සබ් වූෆර් සෙට් එක තිබ්බේ නහුතෙටම වැඩිකරලාය.

පුතේ...කවුද ඒ? මොකද්ද උනේ? ඒ අරූගේ අම්මාගේ කටහඩද කොහෙදය.

මැෂින් එක වටේ හිටපු එකෙක්වත් පේන්න නැත. එකෙක් පුටුවක් උඩ පොතක් දිග ඇරගෙනය. එකෙක් මොනිටරේ ඔෆ් කරන්නේය. අනිකා රී ස්ටාට් බටන් එක ඔබනවාය. තව එකෙක් කර්ටන් එකක් අස්සේ හැංගිලාය. රජා මේ සියල්ල දැක්කේ ගෙදරින් එළියට දුවන අවස්ථාවේය. මම කෙලින්ම නැවතුනේ ගේ ඉස්සරහා මාළු පොකුණ ලගය. නිකමට වගේ පොකුණට එබී සිටියෙමි.

ෂා....ලස්සන කාෆ්ලා ටික. මම නැවතත් ගෙට එන ගමන් කීවෙමි. නැන්දා ඒවෙන කොටත් මැෂින් එක ලගය.

ඒකේ කාෆ්ලා නෑ පුතේ. නැන්දා කීවේය.

ආ එහෙමද? මම සිවිලිම දෙස බලමින් කීවෙමි.

කවුද ඒ කෑගැහුවේ? නැන්දා භාණ්ඩාගාරිකාගෙන් ඇසුවාය.

නෑ අර අරූ කකුල වද්දගත්තා පුටු කකුලක. 

පුටුව උඩ පොතක් කියෝ කියෝ හිටපු එකාව මද්දට අහුකලේය. 

කෝ බලන්න පුතා... නැන්දා ඒ පැත්තට ඇදුනේය. 

ලොවෙත් සීන් එක අරූ නැන්දා එක්ක හිනා වෙන එකය. යකෝ කකුල වැදුනා. අපි පිටිපස්සේ ඉදන් අරූට රහසින් මෙන් කියන්නෙමු. කෙසේ හෝ නැන්දාගෙන් බේරී පාරට බැස්සේ පන්තියට ගොඩවෙන්නය. ඒ යන අතරමග පිටුපස කලාපයෙන් මෙවන් වදන් සමූහයක් ඇසුනේය.

මොකද්ද යකෝ ඒ දැම්මේ? වැලක් නේද? තව පොඩ්ඩෙන් මාට්ටු තොපේ අම්මට...

ඒ වැලක් නෙමේ බොල....ගෑණියෙක්ව රේප් කරන්න හදන සීන් එකක් ෆිල්ම් එකේ...

එහෙනං තෝ මොකටද මැෂින් එක වැහුවේ?

තොපි මොකටද පණ කඩන් දිව්වේ? මාවත් බය උනා උඹලා දිව්ව දිවිල්ලට.

එතකොට ඒක වැලක් නෙමේද? අම්මෝ...වෙලාවට නැත්තන් මගෙ අධිෂ්ඨානේ කැඩෙනවා!

හෑ...ඒ මොකද්ද?

ඒ ලෙවල් ලියලා ඉවර වෙනකන් වැල නොබැලීම...(මෙහෙම කියපු ඌ අද...? )

එකිනෙකා මුහුණ දෙස බලාගනිමින් පන්තියට ගොඩවැදුනි.

පසු කාලීනව සීට්ටුව නැගලම ගියේය. පන්තිභාර සර්ට මාට්ටු වී පස්දෙනා පන්තිය ඉදිරියේ පජාත වීම එකල ඉතාමත් ගුජුප්සාජනකම සංසිද්ධිය විය. 

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

106 comments:

  1. ඇදෙ උබට 50 හරි 100 දෙනවද.අඩේ මට තාම දෙන්නේ 20 අප්පා

    ReplyDelete
    Replies
    1. හිකිස්... තව කීයක් හරි වැඩිපුර ඉල්ලගන්! :)

      Delete
  2. අර ඇන්ටිට මාට්ටු වෙන්න නේ තිබුනේ :/

    ReplyDelete
    Replies
    1. අපි පව් නැද්ද ඕයි..? :-O

      Delete
  3. 1st Comment 1!
    Apith 9 wasare honda honda pissu tikak natuwa. E dawaswala game nam gahanna une na computer katuwak thibbe nathi nisa.
    9 warare year end test 1 iwara unu dawase bicycle padinna gihin giya wege madi wela watila handi leli gahagaththu ewage kalali thawama thiyanawa :-D
    E kaale aayeth enawa nam....

    ReplyDelete
    Replies
    1. හහහා...හොදවැඩේ! y-)

      අනේ ඔව් බං.. :((

      Delete
  4. "හරියට අත්වැඩක් කරගන්නත් බැරිය. කරන්න පුළුවන්ය. නමුත් භාණ්ඩ හා සේවා ගාස්තු නැත. විදුලි කොටනවා පමණය." O.o
    ඇත්ත නේන්නම්...
    :P

    ReplyDelete
    Replies
    1. මම එහෙම එකක් ලියලා තියෙනවද? c-)

      Delete
  5. මෙහෙම කියපු ඌ අද...? රජෙකි ද? c-) :)) :P

    ReplyDelete
  6. Ewwa asaadaranayi harida? Mama comment 1 type karaddi kawruth comment karala thibbe na...
    Kotiyama kaapiyaw.

    ReplyDelete
    Replies
    1. අඩේ පව් බං අඟහරුවා! :P

      Delete
  7. සයියෝ.. වැල බලලා.. අපෙ මාමාගේ පුතායි.. මායි.. තව පොඩ්ඩෙන් චොර වෙනවා... ඒක ලියන්න බැරි කතාවක් බං :(

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙං සෑම මාමගෙ පුතාට මොනවහරි කරන්න යන්න ඇති. :))

      Delete
    2. මේ වගේ කමෙන්ට් දාන්න එපා බං... =))

      Delete
  8. //හරියට අත්වැඩක් කරගන්නත් බැරිය. කරන්න පුළුවන්ය. නමුත් භාණ්ඩ හා සේවා ගාස්තු නැත. විදුලි කොටනවා පමණය.//

    අපොයි මොකක්ද වෙලා ගියා ... =)) =)) =))

    ReplyDelete
    Replies
    1. මම ඔහොම එකක් ලියලා නෑ බං... c-)

      Delete
  9. මම තහනම් අඩවිය කරා නිතර නොඑමි. එහෙත් වාසනාවකට අද එවුනි. පාන් බාගයක් 50ක් වන අතර කාල 25ක් වී හමාරය. කැන්ටිම ළඟ සල් ගසක් තියා තණකොළ ගසක්වත් දැන් නැත.මම සිතන ආකාරයක අපෙන් පසු(2011 o/l)9 වසරේ ඒ සුන්දරත්වයද නැත. 8 දී රජා අත්කම් හපනෙක් යෙයි මගේ තුන් හිතකවත් තිබුනෙම නැත(නොදකින් මු තම අපි වගේ මල් කොල්ලන්වත් වල් කලේ). අඩෝ රජෝ. පට්ට ඔයි.... රජා ගේ ඒරියා එක වැජබේවා.... ( @හිතින් ඕකගේ ඒරියා එකට කෙල වෙයන් යි සිතමින්) සිරා ඔයි මචන් රජෝ................

    ReplyDelete
    Replies
    1. හෑ...? මයිනා අපේ ඉස්කෝලෙද? :-O

      දැන්නං ඊටත් වැඩි ඇති බං!

      Delete
  10. ටොප් රජෝහොඳටම හිනාවුණා...අර සර්ට පජාත වෙච්ච කතාවත් ආයෙ ලියනව නේද.

    ReplyDelete
    Replies
    1. හහහා...බලමු බලමු...

      මතකත් නෑ කිව්වේ මොනවද කියලා! :-SS

      Delete
  11. අපිත් ඉස්සර පාන් කෑවා බන් කැන්ටිමෙන්.පාන් කාල 10දෙනෙක්වත් කනවා.පරිප්පු හොද්ද නැත්තම් පොල් සම්බෝල අපේ කැන්ටිමේ ඇන්ටි දුන්නේ.ඕවා කාලා හිටපු ගමන් අපේ උන් ටොයිලට් එකේ දොර ගාව පෝලිං හැදිලා ඉන්නවත් මට මතකයි.මම ඉස්කෝලේ යන කාලේ ගේම් ගැහුවේ කාට්‍රිජ් වලින් බන්.ෆිල්ම් නම් හොරෙන් හොරෙන් සීඩි මාරු කරා.ඒ දවස් වලත් රෙස්ලින් තමයි නැගලා ගියේ!

    ReplyDelete
    Replies
    1. ඒ බං..මම කාට්‍රිජ් ගේම් ගැහුවේ පහේදිනේ :)

      අම්මට සිරි...රෙස්ලින් පිස්සුව නම් තාමත් ඒ පදමටම තියේ. මතකද පොකට් කාඩ් පිස්සුව d-)

      Delete
    2. පොකට් කාඩුත් රෙස්ලින් උන්ගේ ඒවා තාම මන් ගාව තියෙනවා බන් :D.

      Delete
  12. චික් ‍තෝ මහ බඩජාරියෙක්නෙ..!
    රජවරු කනවද,....පාන්!

    ReplyDelete
    Replies
    1. පාන් තරම් සෙට් වෙන කෑමක් තියේද ආයුබෝවන්! :D

      Delete
  13. හපොයි සීට්ටු... මට තාමත් ඕවයේ අගක් මුලක් තේරෙන්නේ නෑ...

    ReplyDelete
  14. ඔය කියන්නෙ අශෝක අයියගෙ හොද්දෙ වරුණ වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. හප්පේ...මතක් කරන්න එපා! නම ඇහෙනකොටත් බඩ දගලනවා. :))

      හොදම පරිප්පු හොද්ද තිබ්බේ අශෝක අයියලාට කලින් හිටපු කට්ටියගේ. ඇට ඇත්තෙම නෑ!!! d(

      මතකද??? 2001/2002 විතර කාලේ

      Delete
    2. 2001/2002 කාලෙ තමයි බන් අශෝක අයියා හිටියෙ..ඊට පස්සෙ හිටපු උන් ගැන මම නම් දන්නෙ නෑ...අශෝකයා ඉන්න දවස් වල සිකුරාදා හැන්දෑවට උදේ බැදපු රෝල්ස් හැන්දෑවෙ 3 ට විතර සෑහෙන අඩුවට දෙනවා. ඒවා කන්න අපි කාලයක් බලා හිටියා...අශෝකයා තමයි අපි හිටිය කාලෙ වැඩිපුරම කාලයක් අපේ පෝෂණ වගකීම භාරගෙන හිටියෙ.

      Delete
    3. නම් මතකත් නෑ අප්පා! :-SS

      එතකොට ඊට පස්සේ හිටපු අයියගෙ නම මොකද්ද? :-?

      නැතුව නැතුව... මට මතකයි අපි ක්‍රිකට් වල ඉන්න කාලේ හවසට තෝසේ එක රුපියල් 5යි. කනවා ඉස්මුරුත්තාවටම එනකන්. කනාවට වගේ රුපියල් පහේ ඒවා බිමත් වැටිලා තියෙනවා. එදාට ඉතින් ලොවෙත්!!! :))

      Delete
  15. අඩේ මටත් මතක් උණා අපි 10 වසරේ කරපු දෙයක්. වාර මැද ටෙස්ට් එක ඉවර වෙලා කොල්ලෝ 13 ක් අපේ එකෙක්ගේ ගෙදරට සෙට් උණා මෙව්වා එකක් බලන්න. පට්ට ආතල් බන් දැන් නම් මතක් වෙද්දීත්

    ReplyDelete
    Replies
    1. හහහා...ඔය හොර අහුවෙන්නේ... w-)

      Delete
  16. ඔන්න 250 000 වෙනියට මාත් ආවා. අපේ අක්කා නවය වසරට එන විට මම හත වසරේ. :)

    ReplyDelete
    Replies
    1. එල එල එල....

      ඒ ඔයාලා ඉස්කෝලේ ගියේ ගල් යුගයෙනේ... =))

      Delete
  17. උඹේ මෝල් අමාරුවටත් බලාගෙන ගියාම සෑහෙන ඉතිහාසයක් තියෙනවා නේ? :)

    ReplyDelete
    Replies
    1. සංසාරගත බැදීමක්ද කොහෙද :)

      Delete
  18. හපෝ මුන් හරිම ....... එක්කො ඕන්නෑ

    ReplyDelete
  19. මේ විදුලි බිල වැඩිවීම නිසා දැන් නම් පොඩි උන්ට හිතේ හැටියට ගේම් ගහන්න වෙන්නේ නැත

    ReplyDelete
  20. ඈ රජෝ ඔබතුමාටත් මාරම විනෝදා0ශනේ තිබිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපෝ අක්කේ...ඔබතුමා??? :))

      ඔහොම කියන්න එපා අප්පා!

      Delete
  21. //හරියට අත්වැඩක් කරගන්නත් බැරිය. කරන්න පුළුවන්ය. නමුත් භාණ්ඩ හා සේවා ගාස්තු නැත. විදුලි කොටනවා පමණය.//

    දැන් කියා වෙනසකුත් පෙනෙන්නට නැත ..

    ReplyDelete
    Replies
    1. ස්කයිප් එනවකෝ පෙන්නන්න.. b-(

      Delete
  22. සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!! :D

    ReplyDelete
  23. //කොල්ලන්ට නව යෞවන විය පිස්සුව තද වෙන්නේ අට වසර අග භාගයේදීය.//
    අඩවි හොඳ විස්තරයක් දීලානේ. :)

    ReplyDelete
  24. හික්ස්.... අනේ අර ඇන්ටිට මාට්ටු උනා නම්...

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒක වැලක් නෙමේනේ! s-)

      Delete
  25. තොපි පොඩි කාලේ ඉදලම මහජනයා හුරං කන්න නෙව පුරුදු වෙලා තියෙන්නේ...

    ReplyDelete
  26. පට්ට රජෝ... මටත් ඔය වගේ මතකයන් ගොඩක් තිබුන පාසල් අවදියේදී..... මේ වගේ දේවල් අහද්දි දකිද්දි ආපහු පාසල් කාලයට යන්න හිතෙනව බන්...

    ReplyDelete
  27. ඒ කෑගැහිල්ලත් ගේම් එකේම කෑල්ලක් කියන්නනෙ තිබුණෙ. රජාට මාලු ටැංකියෙ නැති කාෆ්ලත් පෙනිල.
    පන්තිභාර සර්ට මාට්ටු වෙච්ච කතාවත් ලියහං.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න කාෆ් කිව්වලු :))

      එකත් ඕනෙද? බලමු බලමු :)

      Delete
  28. ඒවා බලනකොට නම් ඒ කාලේ අන්තිමට සුබ වෙලා රාජ සම්පත් ලැබෙනවා ඕයි,

    ReplyDelete
    Replies
    1. හහහා.......අකුණු ගහනවා නෙහ්? :))

      Delete
  29. Api yaluwak Gedarata set wela XXX baluwa
    Yaluwage Amma- "Puta monawda Balana?"
    Api- "Brusli ge film ekak"
    Y:Amma- "kauda kediri ganawa ahane?
    Api- "ea Brusli gen guti kapu eaun"
    (attama sidiyak..ada matak wenakot hina yanawa)
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. බෘස්ලිගෙන් ගුටිකාලා??? හම්මෝ බඩ =))

      Delete
  30. අනේ අපි නොදන්නා වැල!!!

    ReplyDelete
  31. හෙහ් හෙහ් මගෙත් ප්‍රතිපත්තියක් තිබුණා ඕලෙවල් ඉවර වෙනකම් බලන්නේ නෑ කියලා. අමාරු වුනාම මොන ප්‍රතිපත්තිද බං.. ඕලෙවල් වලට දවස් දෙකක් තියලා කැඩුව ප්‍රතිපත්තිය කුඩු වෙලා යන්නම

    ReplyDelete
    Replies
    1. යකෝ නියම කාලෙනෙ කඩලා තියෙන්නේ! :-O

      Delete
  32. :-f අයියො වැල :D

    ReplyDelete
  33. වල් යකෙක්නෙ මූ බණ කීවට ශික්..

    ReplyDelete
    Replies
    1. ඈ...මම බණ කිව්වද?

      හිකිස්.. :))

      Delete
  34. //පිගාන කැන්ටිමෙන් ගන්නවා පමණක් පෙනෙන්නේය. තප්පර කීපයකින් පිගානත් නැත. කාපු උනුත් නැත. (පදුරු තැලීමකි)//

    මෙන්න මෙයාටත් බෝවෙලා :D

    ReplyDelete
    Replies
    1. ඒ ඡේද කීපයම පදුරක්...

      බෝ වෙන්නැද්ද අර මොනාලිසා කියවද්දි.. y-)

      Delete
  35. අහා....ආහ් ඌයි.... බෆල් වලින් මහා වේදනාත්මක ශබ්ද වගයක් පිටඋනේය aaaaaaaaaaaaaaaa

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්ද? හහහා... s-)

      Delete
  36. සීට්ටු ගැන ඇත්තේ දරුණු මතකයකි ......... කථා නොකර සිටීමට වඩා කැමත්තෙමි

    ReplyDelete
    Replies
    1. d( අපිට හිතාගත්තැකි..

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. මේක කියවලා කැම්පස් කාලේ එකෙක්ට උනාය කියන සිද්ධියක් නොලියා යන්න හිතෙන්නෑ. ඔන්න එකෝමත් එක කාලෙක වියතුන් සභා මැද ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් එකක් ආරම්භ වෙනවලු. ප්‍රසන්ට් කරන එකා ටයි එකක් එහෙමත් දාල ප්‍රොජෙක්ටරේ ඔන් කරලා ප්‍රසන්ටේෂන් එක සේව් කරලා තිබුන පෙන් එක කම්පීතරේට ගහනවලු. හැබැයි ඌ දන්නේ නැතුවට කම්පීටරේ වීඩියෝ පෙන් ගැහ්හුවම ඔටෝ ප්‍ලේ වෙන්න හදලා තිබිලා තියෙන්නේ. පෙන් එකේ කොහේදෝ මුල්ලක තිබුණ 'අහවල්' වීඩියෝවක් මහහඬ නඟමින් පුළුල් තිරයේ විකාශය වෙන්න ගන්නවා. ඉතුරු ටික රජාගේ පෝස්ට් එකේ වගේ තමා.. ඌ සටාස් ගාල පුරුද්දට මොනිටරේ ඕෆ් කරනවා. පස්සේ මතක් වෙන්නේ ප්‍රොජෙක්ටරේකුත් තියනව කියලා. ඊලඟට ඒක අතින් වහනවා. ඒත් සද්දේ නතර වෙන්නෑ. පස්සේ අතකින් ප්‍රොජෙක්ටරේ වහන් අනිත් අතින් රීස්ටාර්ට් කරන්න යනවා.... ඊස්ටාර්ට් වෙනකොට පෙරහැර ගිහින් ඉවරයි

    ReplyDelete
    Replies
    1. අම්මෝ... =D>

      අපිනම් ප්‍රසන්ටේෂන් කරද්දී පෙන් එක හතර පස් පාරක් චෙක් කරගෙන තමා යන්නේ :))

      Delete
  39. නියම සිට්ටුවක් නොවැ.

    ReplyDelete
    Replies
    1. හැමදාම නෑ..හැමතැනම නෑ :)

      Delete
  40. අන්තිම කෑල්ල කිව්වෙ රජා

    ReplyDelete
    Replies
    1. පල පල... උඹ හිටියේ අපේ පන්තියේ ඈ ඒ කාලේ :))

      Delete
  41. අපිටත් මේවා බලන්න වුනානේ අම්මපා.. :/

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකටෑ බැලුවේ =))

      Delete
  42. මට පංති ගාස්තුම දුන්නේ 100 යි බං.

    මම සීට්ටුවක් දැම්මා සීට්ටුව එකතු කලේ මම 8 වසරේ ඉඳල 9 වසරට ආව කට්ටිය විසුරුනා එකතකරපු සල්ලි අහිංසක මටම අයිතිවුනා.

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු.. ඒ කියන්නේ උඹලත් දැම්මද සීට්ටු? පිනා චාන්ස් නේ :P

      Delete
  43. යසයි :D

    ReplyDelete
  44. අඩෝ අඩවි රජෝ හැමදාම ඇවිත් ගියාට කමෙන්ට් එකක් දාන්නේ නෑ ඔන්න අද කමෙන්ට් එකක් දාලම යනවා :)

    ReplyDelete
    Replies
    1. හූවක් වත් කියලා යමන්...නැත්තන් ඉතින් ආවාය කියන්න අපි දන්නෙ නෑනේ :)

      Delete
  45. අනේ මේ ධර්මද්වීපේ මෙහෙම රජ්ජුත් ඉන්නවනේ :/

    ReplyDelete
    Replies
    1. ඇයි කලිනුත් හිටියේ =))

      Delete
  46. හපොයි දෙයියනේ.... මේක කියෝලා මට හිනාව නවත්ත ගන්න බැරුව පණ ගියා බොල..... =))

    ReplyDelete
    Replies
    1. ආ එහෙනං තෑග්ගක්.. :-f

      Delete
  47. හයියෝ සල්ලි කිව්වලු. තව ටිකෙන් ඉල්ලං කනවා. මේ මලේ IGI එහෙම තිබ්බේ නැද්ද බොලාගේ ලිස්ට් එකේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ IGI තිබ්බද? මට මතක නෑනේ :)

      Delete
  48. අරහෙමත් අදිශ්ඨාන කරනවද බං.. කරත් වැඩි වෙලා ඉන්න පුළුවන් එකක්යැ..

    ReplyDelete
  49. මම හිතුව හතුරෙක්ගේ දුවෙක් වත් මූට සෙට් වෙන්න එපා කියලා... ඇයි දෙයියනනේ මූ කන විදිහට ගෑනිට කුස්සියෙම තමයි ඉන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හහහා...ඇයි අප්පා ඕම කියන්නේ =))

      Delete
  50. ලෙඩ වෙලා ගෙදෙට්ට වෙලා ... එකත් හොදයි සෑහෙන්න බ්ලොග් ... තැන්කියු වේවා රජෝ......

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)