නිකන් ඉන්න කොට
ඉස්කෝලෙදි වෙච්ච දේවල් සැරටම මතක් වෙනවා. තාම ඉතින් ඉස්කෝලෙන් අවුට් වෙලා වැඩි
කාලයක් ගියෙත් නෑනෙ. රජතුමා ගියෙ මොන ඉස්කෝලෙටද කියලා මතක් වන විට ඔබව පෝස්ටුවෙන් පස්සෙ දැනගත්තනෙ.
මේ සිද්දිය උනේ රජ, කුමාරයා කාලේ ඒ කියන්නෙ 8 වසරෙදි විතර,
අපිට සමාජ අධ්‍යනය හා
ඉතිහාසය උගන්නන්න හිටියා නහය ලොකුම ලොකු සර් කෙනෙක්. ඇත්තම කිව්වොත් මට එතුමාගෙ නම
නං මතකම නෑ. අපි හුරතලේට කියන නම නං මතකයි. පිනි ජම්බුවා...වෙලාවකට පිනි හැලිලා
නිකම්ම ජම්බුවා... තවත් වෙලාවකට පුකමරුවා. මෙතුමාට පුකමරුවා කියන්න එකම හේතුව තමයි
වැරුද්දක් කරලා අහුඋනොත් ගහන්නෙම පස්සට. ඒකත් ගහන්නෙ අත දිගඇරලා අල්ල වකුටු කරලා.
ෂොට් එක වැදුන ගමන් ඉතින් ආයෙ හෙන ගැහුවා වගේ පටොං!!!! ගානවා. එච්චරම රිදෙන්නෙත්
නෑ... නැත්තෙමත් නෑ...අනිවා ඉතින් එකෙක් ගුටි කනකොට පන්ති දෙක තුනක උන්ගෙ කටවල්
වලට පොඩී හිනාවක් එනවමයි.
ඒ කාලේ ජම්බු සර් තමයි
අපේ අංශභාරව හිටියෙ. මෙතුමාට නායකත්වය පිළිබද පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ප්‍රශ්නයක්
කිව්වට ප්රශ්නයකමත් නෙමේ නිකන් නායකත්ව මේනියාවක් වගේ එකක්. මොකද කියනවනං එක
පන්තියක් ගත්තොත් පන්තියෙන් බාගයක් විතර
නායකයෝ.
මේ තියෙන්නෙ නායක
පට්ටං ටික,
- විනය නායක: පන්තියට
ගුරුවරයා පැමිණෙන තුරු පන්තිය නිශ්ශබ්දව තබා ගත යුතුයි
- කලු ලෑල්ලේ නායක:
මෙතුමා දෙන පැවරුම්,රූප සටහන් නිවැරදිව
කලු ලෑල්ලේ ලිවිය යුතුයි
- කණ්ඩායම් නායක: පන්තිය
කණ්ඩායම් පහකට බෙදා තිබූ අතර එම කණ්ඩායමේ නායකයාය.
- ළකුණු දැමීමේ නායක:
මෙතුමා දෙන ඇගයීම් වල ලකුණු නිවැරදිව ඇගයීම් පොතේ සටහන් කල යුතුයි
- කුණු නායක: පන්තිය සෑම
විටම පිරිසිදුව තබා ගත යුතුයි.
- පහන තැබීමේ නායක: සෑම
උදෑසනකම අනිවාර්යයෙන්ම පහන තැබීම කල යුතුයි
- පන්ති නායක: නමට
විතරයිද මන්දා
- පන්ති උප නායක: ඇති
වැඩක් නැත. හිටියත් නෑ වගේ
මං රජතුමාටත් පට්ටං
දෙකක්ම හම්බෙලා තිබුනා. එකක් තමා පහන තැබීමේ නායක. අනික කලු ලෑල්ලේ නායක. මේ ලෑලි
පට්ටම දෙන්නෙ පන්තියෙ ලස්සනටම අකුරු ලියන එකාට. මගෙ අකුරු ලස්සනයිලුනේ. සර් අපේ
පන්තියට ඇවිත් ලෑලි පට්ටම දෙන්න අහනකොට අපේ පන්තියෙ උන් වැඩේ දෙල් කලානේ... එකෙක්
ඉදගෙන සර් සර් මේ රජතුමාගෙ අකුරු මාර ලස්සනයි කියපි.
හරි!! ඒ පට්ටමත් මට..
දැන් ඉතින් කරපන්කෝ. මේක ලේසි පහසු කර්තව්‍යක් නෙමේ. පිස්සු හැදෙනවා.. හුණු නාගෙන
ලියන්නත් ඕනා හරියටම අකුරු ටික තියෙන්න ඕනා. මේ මගුල් පට්ටම හින්දා මට ඒ කාලේ
පීනසේ වගෙත් තිබ්බා. ඇයි ඒ මදිවට සර්තුමාගේ අකුරු...හාපෝ!!! ඒවා හොයන්න පරණවිතාන
මහත්තයා ගෙන්නන්න ඕනා.
ඔන්න දවසක් සමාජ අධ්‍යනය
පීරියඩ් එකවෙලාවක්...ජම්බුතුමා ආවා පන්තියට ටිකක් වෙලා පාඩම ගැන පොඩි හැදින්වීමක්
කලා. ඊට පස්සෙ..
රජතුමෝ මෙන්න මේ
ආසියානු සිතියම බෝඩ් එකේ ඇදලා මේ විස්තර ටික ලියලා දානවා මම ඔෆිස් එකට ගිහින්
එනකං...
හරි සර්..
මම පන දාගෙන සිතියම නං
ඇන්දා කොලිටියටම, ඒත් මට කොලිටියට පෙනුන සිතියම සර්ට පෙනිලා තියෙන්නෙ රුවිතෙට.මම
ඔක්කොම ඇදලා කරලා ඉවර වෙලා ඒ ටික මගේ පොතේ ලිය ලිය ඉද්දි සර් ආවා...
මොකද්ද ඕයි මේ ඇදලා
තියෙන්නෙ? බලනවා ලංකාවයි ඉන්දියාවයි ඇදලා තියෙන කැත... නිකන් එළදෙනක්ගේ තනේකින්
කිරි බිංදුවක් වැටෙනවා වගේ මෙහෙමද සිතියමක් අදින්නෙ?
කෝ මේ කලු ලෑල්ලේ
නායක? මෙහෙට එනවා...මෙහෙට එනවා..
හරි රජතුමාට සම්මා
සම්බුදු සරණයි!! මම දැන් ගුටි කන්න යන්නෙ කියලා මට හොදටම ෂුවර්. තිස්තුන් කෝටියක්
දෙවියන්ගෙන් පස්සට අධිපති දෙයියෝ (පල්ගස් යට දෙයියෝ) සිහිකරගෙන මමත් ගියා සර්
ගාවට..
ගිය ගමන් මොකද උනේ
කියලා මට තාම නිච්චියක් නෑ...ඒත් එක පාරට මාව ගුරු මේසේ දිහාට ඇදිලා ගියා
මතකයි...ඒත් එක්කම පටාස් පටාස්!!! ගාලා සද්දයක් ආවා. මට රිදුනෙ නෑ...හිරිවැටුනා
විතරයි. ගුටි කාලා ඇවිත් පන්තියෙ ඉදගෙන ඉද්දි තමයි ගුටියේ අතුරු ආබාධ එන්ඩ ගත්තෙ.
අම්බෝ....නිකන් පුකට කටු අයිනවා වගේ, ඉන්ඩ බෑ. මතක් වෙද්දිත් නිකන් පුක නෑ නෑ වගේ.
එදා ඉදන් මේ පිනි
ජම්බුවාව මට පෙන්නන්න බැරි සත්වයෙක් උනා.. මේ යකා තාමත් ඉස්කෝලෙ ඉන්නවා
නොවැ...මීට් එක බලන්න ගිය වෙලාවෙ දැක්කෙ. මම කෝකටත් ටිකක් ඇතින් හිටියා. එදා දෙයියොන්ටත් මාව බේරගන්න බැරිඋනානං අද කවර කතාද?
ප/ලි:
- පුක යනු කුණුහරපයක්
නොවන වග බ්ලොග් අවකාශයේ ඔප්පු කොට ඇති හෙයින් කිසිදු ලැජ්ජාවකින් තොරව
පුක ප්‍රසිද්ධියේ භාවිතා කලෙමි.
- මෙම පෝස්ටුව
ජම්බුතුමාට අපහාස කිරීමක් නොවේ.