Friday, October 5, 2012

පුළුස්සා ගත්තෙමි

වර්ෂය 1999 වසරය. මං රජා හිටියේ 3 වසරේය. එනම් අර ටේබල් ටෙනිස් ගහන කාළේය. එදා තරග වලට යන්න කලින් දවසකය. අපේ මව්තුමියට යුව රජා හම්බුනේ මේ දවස් වලය. ඉස්සර තාත්තා එක්ක හයර් එකට ගත්තු වෑන් එකක හැමදාම වගේ රාගම ඉස්පිරිතාලෙට බඩ ගානවා මට මතකය. ඒ වෑන් එකේ මාමට තිබ්බේ ප්‍රියා සූරියසේනගේ මූණමය. වැඩේ කියන්නේ පොර අහන්නෙත් එයාගේ සින්දුමය. පොඩි කාලේ ඉඳන් ප්‍රියාගේ සින්දු මට කට පාඩම් වෙන්න ප්‍රබලම හේතුව මේ මනුස්පයාය. 

පෙබරවාරි මස 24 හෝ 25 වෙනිදාය. යුවරාජ්, අපේ පවුලට කැන්දාගෙන එන දවසය. තාත්තා වෑන් එකේ රාගම ගියේය. මං රජා ආච්චිලත් එක්ක ගෙදරය. අම්මව එක්කගෙන එනකල් අපි ගෙදර පිරිසිදු කළෙමු. කාමර අස් කළෙමු. මේ අපේ ගෙදරද කියා හොයා ගන්න බැරි වෙන්න ලස්සන කළෙමු. කට්ටියට තේ එහෙම හදන්න වතුර උණු කර බෝතල් වලට දැමුවෙමු. මේ දවස් වල මං රජා තනියම තේ එහෙම හදාගන්න ට්‍රයි කරන කාලේ විය. දවස් දෙක තුනක් තනියම තේ හදාගෙන බිව්වෙමි. දැන් වගේ නොව ඉස්සර බබ්බු හම්බෙන්නේ පෝලිමේ ඉන්න ඕනෙය. සති ගානකට කලින් ඉස්පිරිතාලේ පදිංචි වෙන්න ඕනේය. අම්මත් ගෙදර හිටපු නැති එකේ මම මේවා ඉගෙන ගෙන තිබීම වටිනා බව මගේ කුඩා මොලේට වැටහින.  

මං රජ හිටියේ සාලයේ පුටු සැටිය උඩ හොඳ ඇලට් එකක් දාගෙන කාටුන් බල බලය. හුරු පුරුදු රුවක් දොර ලඟින් එනවා මට පෙනුනි. වැඩිය ගණන් නොගෙන ටීවී එකට මූණ ඔබාගෙන සිටියෙමි. එක්වරම ඔහෑ....ඈඈඈ......... සද්දයක් ශ්‍රවනය විය. කවුද යකෝ අපේ ගේ ඇතුලේ මට නොකියා අඩන එකා....? මම පුටුවෙන් නැගිට්ටෙමි. හත්තිලව්වේ.......... චූටි සෝස පාට මිනිස් පැටියෙක් වඩා ගත් මව්තුමියය. වෑන්කාරයත් හොරෙන්ම වෑන් එක පාර අයිනේ නවත්වා තිබුණි.  මම බඩ ගා අම්මා ලඟට දිව ගියෙමි. යුවරාජ් තාමත් අඩන්නේය.

අඩි දෙකක් විතර උස මං රජ අම්මා ළඟ උඩ පනින්නේය.

කෝ බලන්න.....

"කෝ බ....." කෑල්ල උඩ යද්දිත්, "ලන්න..." කෑල්ල බිම වැටෙද්දීත් අසල සිටි අයට ශ්‍රවනය විය. 

හාහා.... දගලන්න එපා..... ඉන්න මම මල්ලි බබාව කාමරෙන් නිදිකරවලා එන්නම්. 

අම්මා මල්ලිව නිදි කරවන අතරේ  අහල පහල මාලිගා වල බිසවුන් වහන්සේලා අපේ මාලිගාවට සැපත් වී සිටියේය. යුවරාජ්ව නිදි කල මව්තුමිය කුස්සිය දෙසට ආවේය. කිරිඅම්මා යුවරාජ් ළඟ මුරය. අහල පහල බිසවුන්නසේලා කොරවක්කෝ වගේ හෙමින් හෙමින් කාමරේට අඩිය තියලා ගිහින් යුවරජව නරඹා ආපසු පැමිනේනේය. මම රජාත් උඩ පැන පැන අම්මා පසුපස්සෙන්ය. අපේ අනිත් කිරිඅම්මා (ආච්චි) කට්ටියට තේ හදන්න ලෑස්ති කරමින් සිටියේය. මං රජාටත් ඕනේ එතන වැඩර් වෙන්නටය. 

ආ... හදමු හදමු... මම තමයි අද ඇන්ටිලාට තේ හදන්නේ...

ලෝඩ් පකීර් වගේ ටෝක් එක දුන්නට උණු වතුර බෝතල් එහෙම තියෙන තැනටවත් මම උස නැත. සින්ක් එක යට තිබ්බ හිරමනේ උස්සගෙන ඇවිත් එක උඩට නැග්ගෙමි. මේ අතර කිරිඅම්මා ලිප පත්තු කරමින් සිටියේ බෝතල් වල තිබූ වතුර මදි වේවි යන සැකයටය. මං රජ තේ ගොට්ට අතට ගත්තේය. ලොකු කෝප්පෙකුත් ගත්තේය. අනිත් අතට උණු වතුර බෝතලේ ගත්තේය. මේ සූටි අතට කට පුරවා තිබු බෝතලේ උස්ස ගන්නවත් පණක් නැත. පුල් ඩම් එක දා උස්සා ගත් බෝතලේ කෙලින්ම තේ ගොට්ටට ඉලක්ක කර හැලුවෙමි. පුෂ්............. දුම දමමින් වතුර එලියට පැන්නේය. තත්පර කිහිපයක් ගත වෙන්නට ඇත. බුදු අම්මෝ .......... යන සද්දෙත් දාගෙන පොඩි එකෙක් කුස්සිය වටේ දුවන්නේය. ඒ මදිවට ඌ අඩන්නේය. 

ඒ සද්දෙට මුළු මාලිගාවේම සිටි ජනතාව කුස්සියේය.   

මොකද මොකද මේ? අම්මා ඇස් ලොකු කරගෙන ඇසුවේය.

අතට වතුර හැලුනෝ.......... තවමත් අර පොඩි එකා වටේට දුවන්නේය.

ක්ෂණික ක්‍රියාත්මක වූ මව්තුමිය මගේ අඟල් 4ක් පමණ වූ අල්ලක් සහිත අත වතුර බේසමක එබුවාය. රස්නේ කෙතරම්ද යත් වතුර එකෙන්ද දුම් දැම්මේය. ඒ වන විටත් ප්‍රමාද වී තිබුනේය. දකුණු අතේ මුළු පිටි අත්ලම රැලිවැටී ඇඹරි ගොස් තිබුනේය. එහා ගෙදර අක්කගේ කෝමාරිකා වගාව තිබුනේ වෙලාවටය. ඇය දුවගෙන ගිහින් කෝමාරිකා ගහක්ම ගලවාගෙන ඇවිත් මගේ අතේ උලන්නට උනේය. හම්මා... සැප කනේය. පට්ටම කූල්ය. කෝමාරිකා තවරා අවසන් විය. 

විනාඩි දෙකක් ගතවෙන්නට ඇත. නැවතත්  නිදා සිටි ගිනි කන්දක් අවදි වෙනාවක් මෙන් ටිකෙන් ටික දැවිල්ල අල්ලන්න පටන් ගත්තේය. ඒ පාර කෑගහපු කෑගැහිල්ලට සිවිලම උඩ නිදා ගෙන හිටපු කලවැද්දෙකුත් පන කඩාගෙන දුවනවා මට ඇහෙන්නට විය. ඒ මදිවට යුවරාජුත් කාමරේ ඇතුලේ කෑගසන්නට විය. ඒ නම් සුවර් එකටම ඒකා මට හිනා උනාමය. උගෙත් තියෙන්නේ මහා කුප්ප අදහස්ය. අනුමානයක් නෑ ඌ ඒ කිව්වේ හොඳ වැඩේ ඕකට කියාමය.

මලයාව කැන්දාගෙන ආ පළමු දවසෙම මට සිදු වුයේ ෆෑන් එකට අත අල්ලාගෙන සිවිලිමේ කොටු ගනින්නටය.  එදා මෙදා තුර කාලය තුළ ඌ නිසා මා විදි කම්කටොළු අප්‍රමාණය. අම්මාගෙන් ගුටි කෑ අවස්ථා අනන්තය.

යුවරජා හුරතල් කරන රජ
අයිම් ද කින්ග්
සූකිරි බෝ.......ලේ

ඒත් මේ බෝලගෙඩිය දැන්?????? :/

මූව උස්සලා පොලේ ගැහුවෑකි

මූ දැන් යන්නෙත් උඩින්... වෙලට බාන්නයි එන්නේ

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

136 comments:

  1. හිකිස්‌!!! මරු රජ දෙකට්ටුව... :D :D :D

    ReplyDelete
  2. ඒ යුවරජාට වයස කීයද බං?????????

    ReplyDelete
    Replies
    1. මන්දා බං...ගාන හදලා බලහන් 99 ඉදලා :)

      Delete
  3. pawudgalika chaayaroopa bhawitaa kireemen walakinna...haniyak wiya hakke oba nodanuwatwama wiya hakiya....nadeesh - ICBT

    ReplyDelete
  4. මම හිතුවා මෙයාගේ වැඩ වල හැටියට අඩුගානේ 10 -11 වසරේ වත් ඇති කියලා.... හපොයි මේ පොඩි එකෙක්වනේ රජා තියාගෙන චාටර් කරලා තියෙන්නේ.....

    අපේ මල්ලිව ගෙනාපු දවස්වල මට රජ මඟුල්.. කට්ටියට මං ගැන වගේ වගක් නෑ.... හි හි...

    ReplyDelete
    Replies
    1. :)

      ඔයා ගනන් ගන්න ඕනේ කෙනෙක්යෑ... ;)

      Delete
  5. වෙලට බාන පින්තූරෙ නම් මරු..

    ReplyDelete
  6. //"කෝ බ....." කෑල්ල උඩ යද්දිත්, "ලන්න..." කෑල්ල බිම වැටෙද්දීත් අසල සිටි අයට ශ්‍රවනය විය. //
    මේ කොටස නම් මරු!
    පව් යුවරජ! තාම පොඩි එකෙක්නේ!

    ReplyDelete
  7. වෙලට බාන්නෙ කොහොමද බන් ? ඌ මන්ත්‍රාචාර්යද ?

    ReplyDelete
    Replies
    1. දන්නවනේ ඉතින්.... ඌ මගෙන් මන්තරේ උස්සලා

      Delete
  8. මම මේ බ්ලොග් එක හැමදාම කියවනවා ..
    ඔන්න අද comment එකක් දැම්මා ..
    ඔයාගේ භාෂා ශයිලිය නම් සුපිරි ....
    දිගටම ලියන්න ................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචන්....
      දිගටම එන්න

      රාජ සම්පත!!!

      Delete
  9. ඒ මචං උඹලගේ පැත්ත රජ ස්කීම් එකක්ද බං වටේ මාළිගාවල බිසෝඋන්නාන්සේලා ඉන්නේ

    ReplyDelete
  10. රජ පැටියෙක්

    ReplyDelete
  11. කවුද යකෝ අපේ ගේ ඇතුලේ මට නොකියා අඩන එකා....? :P පව් අප්පේ.. මගේ ප්‍රශ්ණය?? තවමත් අතේ පැල්ලම තියද ඈ??..ඔයා නම් රජෝ ඉස්සර‍නෙ උස නැත්තෙ..මම තාමත් ෆ්‍රිඩ් එක උඩ බලන්නෙ පුටුවක් උඩට නැගලා :(

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ යුව රජාද හැබෑටම????

      Delete
    2. දැන්නං නැත.

      සිරාවට? හිහී..... පව්!! :)

      Delete
  12. රජු නම් පොඩි කලෙත් නසරානි රජෙක්ම තමයි...

    ReplyDelete
  13. යුව රජාට බ්ලොග් එකක් හදලා දීපං.. උඹේ කුප්ප වැඩ සේරම ඌ ලෙසටම ලියාවි...

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ.......එතකොට බැරිය උගෙන්ම අහගන්න එදා ඇඳුවෙ කුප්ප කමටමද කියලා............

      Delete
    2. අඩේ සිරාවැටම මම මේ පොඩි එකාට බ්ලොගක් හදල දීපන් කියන්න ඔනේ කියල හිතාගෙන කමෙන්ට් කියවගෙන පහලට ආවේ

      Delete
    3. ඌම එකක් පටන් ගනී මගෙ හිතේ... :)

      Delete
  14. අන්තිම පින්තූරෙ නං එළ

    ReplyDelete
  15. හී හී.....ෂෝක්.....ක්සැන්ඩර් අයියත් හරි :)

    ReplyDelete
  16. අර ඉදලක නැගල වෙලට බාන සීන් එක නම් මරු ආ... :D

    ReplyDelete
  17. අනේ බොල රජෝ, මට හිනා ඇවිත් මැරෙන්න යනෝ. :D^10000

    අඩේ රජා 1999දී 3ද? මී ටූ ඈ :D
    එතකොට යුව රජ හම්බවුණේ 1999ද? ෆිට් ඈ (Y) අපේ මලයන්ඩිද 1999යේය. දැන් 8 වසරේය. :D :D :D :D :D

    ReplyDelete
  18. මී මොකද යුව රජා ගැන ඔහොම කට කරන්නේ, ඔටුන්න ඉස්සුවද නට්ටන් රජ බිසවට ටොකෙ කරාද......

    ReplyDelete
  19. මොකද මේ යුව රජා බට කොල සීයා වගේ? ඒක සිරා ෆොටෝ එක. නියම ටයිමින්.

    මේ ලියන පෝස්ට් වල සැඟවුන අරුත මට තේරෙන විදියට නම්, රජා , යුව රජා කෙරෙහි ඇති අප්‍රමාණ බය පක්ෂ පාතකමයි, ආදරයයි වගේ

    ReplyDelete
    Replies
    1. මාද එය එක හෙලා අනුමත කරමි...

      මට සිතුනේ හැරී පෝටර් කියාය...
      ඔතන රජ සිටියේ නම් අන්න එවිට Bambooleafgrandfather වේ. :D LoL

      Delete
    2. මමත් හෙන ආස පොටෝවක්.. :)

      බය??? පස්ස පාත??? ඒවා හදේ...

      Delete
  20. අනේ අනේ රජෝ....

    මම පොඩිකාලේ අපේ අයියා මට කන්න කන්න කිය කියා ලුණිමිරිස් තලි එක්ක කිරිබත් කවලා තියෙනවලු..හැබැයි ඉතින් එදා නම් උන්දැගෙ පස්ස පැත්ත අපේ මව්තුමී හම ගැහැව්වලු. තව දවසක් කොට්ටෙකින් මූන වහලලු...මම නොමැරී ඉතුරු උනා පුදුමයි...

    හිංචි පිංචි කාලේ අර පින්තූර ටික නියමයි

    ReplyDelete
  21. මාවත් පිච්චුනා බං පුංචිකාලේ

    ReplyDelete
  22. අර අන්තිම ෆොටෝව නම් මරු, හැරී පොටා වගේ.

    ReplyDelete
  23. හික් හික්... ශෝයි පින්තූර ටික!!! මායි මල්ලියි පුංචි කාලෙ මතක් වුනා..

    ReplyDelete
  24. රජු එදත් සූරයා අදත් සූරයා.හැබැයි යුවරජ නැත්නම්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්....

      ආ....නෑ නෑ :)

      Delete
  25. මචන් උඹලට කුරුල්ලොත් එක්ක මොකක් හරි නෑදෑ කමක් වත් තියනව ද.. මං දැක්ක ෆොටෝස් කීපයකම උඩින් යන සීන්. :))
    ෆොටෝ ටික මරු..!!

    ReplyDelete
  26. පට්ට ගතියට ලියලා තියෙනවා ඈ... මේකත් ඉතින් මහ එකාගේ නැකතටමයි ඉපදිලා ඇත්තේ.තව තව සෙල්ලම් බලාගන්න ඇහැක් වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න මුගෙයි මගෙයි ලග්නෙත් එකමයි බං... :)

      Delete
  27. අන්තිම photo එක එල!!!!!

    ReplyDelete
  28. උඹත් දාගනින් සහෝදර සමාගමක්. එතකොට උඹ නැති අතරේ අඩවියේ වැඩ බලන රජ කෙනෙක් පත්කරගන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. ඌ එයි තව ටික දවසකින්... :)

      Delete
  29. වෙලාවට වෙන තැනක් පුච්ච ගත්තෙ නැත්තෙ.....

    ReplyDelete
    Replies
    1. වෙලාව කියන්නේ..... :)

      Delete
  30. වෙලට බාන පින්තූරේ පට්ට

    ReplyDelete
  31. මචෝ...., හපොයි සමාව බජනය කරත්වා
    රජෝ..., උඹ ලියන විදිහ නම් මරුය. මරුමුස් නොවේ.
    අර අන්තිම පින්තූරය බැලුවාම මතක් වුනේ ඉස්සර
    මිහිර පත්තරේ ගිය බටකොල ආච්චි හිටිය කතාව .
    .දැන් කතාවේ නම මතක් නැත.

    ReplyDelete
    Replies
    1. මටත් ඒකේ නම නං මතක නෑ.. :)

      Delete
  32. අර අන්තිමට දාපු බටකොට කොල්ලගේ ෆොටෝ එක නම් සිරා හරිද? මාර ක්‍රියේටිව් අයිඩියාර් එක....

    ReplyDelete
    Replies
    1. කාගෙද අදහස? කාගෙද ෆොටෝග්‍රැපි පාර?

      Delete
    2. අයිඩියා එක - පොටෝ ටෝක් එකෙ අයියලාගෙන්

      පොටෝව - මගෙන්

      Delete
  33. මට පොඩි කාලේ කරන්ට් එක නම් වැදුනා !

    ReplyDelete
    Replies
    1. මටත් කරන්ට් එක නම් වැදිලා තියෙනවා.... ඔලුවෙ කෙස් ගස් ටික කෙලින් හිටගන්නම.... හි හි... අප්පා... ඒක මතක් වෙනකොට ප්ලග් එකක්වත් ගහන්න ගලවන්න බයයි තාම....

      Delete
    2. අප්පේ... කරන්ට් සීන් නං ලෝකයයි :)

      Delete
  34. ලෙසටම ලියලාය. පොඩි එකා ලියන්න ගත්ත දවසක රජාට කෙලවෙනවාය. මන්ද යත් මුගේ කුජීත වැඩ ඌ ලොවටම හෙලි කරන නිසාය. සුභවේවා..! සාජ සම්පත්ම ලැබේවා..!!

    ReplyDelete
    Replies
    1. මූගේ මූනට වඩා , නසරානී පාටයි පොඩි එකාගේ මූණ අනිවා කොල්ලා රජාට වඩා නසරානියෙක් වෙනවා.

      එයි රං ගොජෝ උඹ මෙව්වා කොල්ලට දකින්ඩ තියන් නැ හරිද

      Delete
    2. බලමුකෝ බලමුකෝ... :)

      Delete
  35. උඹලා දෙන්නා කසාද බැන්දයින් පස්සෙත් ඔය විදියටම සහෝදරකමින් ඉන්න ලැබේවා.

    ඒක නෙවෙයි බොල.//දැන් වගේ නොව ඉස්සර බබ්බු හම්බෙන්නේ පෝලිමේ ඉන්න ඕනෙය. සති ගානකට කලින් ඉස්පිරිතාලේ පදිංචි වෙන්න ඕනේය.// මොකක්ද බං ඒ කතාවෙ තේරුම? හලේ උඹයි මායි දන්න බබ්බු හම්බවිල්ල!:D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++

      Delete
    2. මේකට මට මැරෙන්න හිනාය...

      මටම හූඌඌඌඌ.......

      Delete
  36. මමත් මේ මෑතකදි පිච්චුනා, උනුවතුරට නෙවෙයි ගින්නට. කකුල් දෙකම දැවීගියා. උඩබිම ඉන්න බැරි වුනා. දුවලා ගිහින් දොලට පැන්නා. දොලේ මාළු(ගල්පාඬි) දිය බුබුළු කනවා එතකොට ගොඩට පනිනවා-ගොඩට ආවම දැවිල්ලයි ආයෙ දොළට පනිනනවා එතකොට මාළු කොටනවා, එක විකාරයයි. අන්තිමට කෝමාරිකා එක්ක කුකුළ් තෙල් ගාලා ෆෑන් එක දාගෙන තමයි සන්සුන් වුනේ.

    ReplyDelete
    Replies
    1. දුක හිතුන ඇත්තටම සුමිත් අයියේ....

      ඒත් අර නාට්ටිය හිතේ මැවිලා පෙනුන නිසා හිනා ගියා.... හි හි...

      Delete
    2. කුකුළ් තෙල් නියමයි බං , කැළලක්වත් හිටින් නැ

      Delete
    3. මොනවද අනේ දුක හිතෙන ඒවා හිනා යන විදිහට කියන්නේ... මට නං හිනා තමයි ගියේ

      Delete
    4. රන්දිල් ++++

      @අටමා - ආ..දවසක් මගේ කකුළ සයිලන්සරේට පිච්චිලා කුකුල් තෙල් තමා ඇතිල්ලුවේ. ලොවෙත් ගොඩ ඈ...

      Delete
  37. යුව රජා රජාට හපන් එකෙක් වෙන බවට ලකුණු පහල වී තිබේ!!

    ReplyDelete
  38. රජ පරදියි වගේ...තවත් රාජ බ්ලොග් එකකින් මෙහෙම දෙයක් අහන්න ලැබෙයි වගේ..

    ReplyDelete
  39. ෆොටෝ ටිකනම් එළ ආ.. මාත් කකුල පුච්ච ගවන තියෙනවා පොඩි කාලේ මැටි වැඩක් කරන්න ගිහින්.:)

    ReplyDelete
    Replies
    1. තාමත් එහෙමයි කියන්නේ :)

      Delete
  40. ජොලිම ජොල් පෝස්ට් එකක් රජා.උඹලගේ සමගිය ඔය විදියටම තියාගන්න ඕනෑ දිගටම.

    ReplyDelete
  41. නියමයි ඈ.ආ.. පොඩි පොඩි ව්‍යාකරණ දෝෂ ටිකක් දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඒවා ගනන් ගන්න එපා මෙයාලා... :)

      Delete
  42. රජා පොඩිකාලෙ මාර වැඩනෙ කරගෙන තියෙන්නෙ.

    ReplyDelete
  43. ලස්සන පොටෝ ටික වගේම රජාගෙ ලස්සන සූටිකාලෙ කථාව....

    ReplyDelete
  44. "Uwa Raja" dan job ekak karanawada? igana ganwada?
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්නවා බං... ඌ තාම 8

      රාජ සම්පත!!!

      Delete
  45. අත විතරද පිච්චුනේ ඈ....

    ReplyDelete
  46. හප්පේ... අත වතුරට දැම්මම වතුරෙනුත් දුම් දැම්මලු... මාර රස්නයක්නේ තිබිලා තියෙන්නේ?

    ReplyDelete
  47. මලයට බ්ලොග් ලියන්න කියල දෙන්න එකක් නැද්ද හැබෑටම.. එහෙම උනානම් මුගේ ගැන දැන ගන්න තිබ්බ.. ඒත් ඉතින් මුගේ තව මොනා දැන ගන්නද?

    ReplyDelete
    Replies
    1. ඌ හදනවා කියලා තියෙන්නේ...

      Delete
  48. යුව රජාට ඉදලකින් උඩිං යනව, එතකොට රජා මොකෙන්ද උඩිං යන්නෙ.

    ReplyDelete
  49. අම්මට සිරි...රජ 99 තුන වසරේ වෙන්නේ කෝමද..මාත් ඒමනේ..

    ReplyDelete
  50. අඩෙ අප්පේ.... පොඩි බට්ටෙක් ගැනනෙ මේ විකාර කියලා තියෙන්නෙ කලින්...
    පව් මලයා උඹ වගේ අයියෙක් ලැබුනට... :P

    ReplyDelete
    Replies
    1. බලමුකෝ නේද?

      පින්ද, පව්ද කියලා :)

      Delete
  51. ඇස් වහක් කට වහක් නැත පින්තුර ටිකනම් මරේ මරුය.අපේ ලොකු මලයාගේ ආගමනයනම් මගේ මතකයක් නැත.පොඩි එකාගේ ආගමනයනම් අද වගේ මතකය.එදා මමත් 3 වසරේය.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්

      නියමයි... :)

      Delete
  52. hoda wade pandithakam karanna yanawata. :)
    anthima 4to ekanam godak lassanai ayya...........

    ReplyDelete
  53. පස්වාන් දහසකට සමාව අවසර,
    බටකොළ ආච්චි උඹලැයි නෑදැයොද බං?

    ReplyDelete
    Replies
    1. ආ..එයා අපේ මාලිගාවේ රෙදි හෝදනවා බං :)

      Delete
  54. hmm 1999 thamai mama A/L kale :-)

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ..... මාමා කෙනෙක්ද මන්දා :)

      Delete
  55. එල යුවරජ මහරජ සහෝදර බැම්ම ගැනනම් සතුටුයි
    අවතාර්ටත් ඔය දේ පොදුයි
    අර අන්තිම ෆොටෝ එකනම් පස්ටයි

    ReplyDelete
  56. මුල් පොටෝ එක නම් මාරු .

    ReplyDelete
  57. අඩි දෙකක් විතර උස මං රජ අම්මා ළඟ උඩ පනින්නේය.

    අනේ ළමයෝ අවුරුදු 8ක් වෙද්දිත් අඩි දෙකද උස? වෙන කෙනෙක් කිව්වා නං කමක් නැහැ ... මං ඉංජෙක් මං ඉංජෙක් කිය කියා ඉන්න කෙනෙක් ම කිව්ව එකයි දුක.......... :D

    අවුරුදු 3 වෙද්දිත් ළමයෙක් 2'-6" ට වඩා උසයි බොලේ

    ReplyDelete
    Replies
    1. අර වෙලට බාන්න යන පිංතුරේ නං කියලා වැඩක් නැහැ..... රඟ පැමත් උපරිමයි... හරියටම බබායිගා යකින්න උඩින් යනවා වගේ........ ඡායාරූපකරණයත් උපරිමයි..... :)

      Delete
    2. ඒ අනිත් ළමයිනේ.... මං ලමයා හෙන චූටී. :)
      බොරුනං අර ටේබල් ටෙනිස් පින්තූරෙ බලන්ඩෝ......

      ස්තූතියි... ස්තූතියි...

      Delete
  58. ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්‍යාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ www.gurumag.blogspot.com

    ReplyDelete
  59. හප්පටසිලි යුව රජා මගේ ව‍යසෙ නොවැ :v

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)