Monday, September 10, 2012

කැෆේ ගිහින් අතේ මාට්ටු


වර්ෂය 2007 අග භාගයය. මේ දවස් වල ඉන්ටර්නෙට් කැෆේ මේනියාව විශාල ලෙස රට පුරා අධි ධාවන වේගයකින් පැතිරෙමින් තිබුනේය. ඒ දවස් වල අපි හිටියේ 11 වසරේය. හා හා පුර කියා කැෆේ එකකට රිංගුවේ මේ කාලයේය. මාව මේ අටමගලයක් අස්සට ඇදගෙන යාමේ ගෞරවය හිමිවන්නේ 6 වසරේ ඉඳන් අපේ පන්තියේ සිටි X ටය. උගේ ගෙදරට අපේ ගෙදර ඉඳන් වැඩි දුරක් නැත. තනි හුවයි බල්ටි හතර පහක දුරය. එනම් මීරිගම පැත්තේය. උගේ චරිතයට හානි වන බැවින් නම නොකියමි. ගම්පහ යනු මන් රජා වැලි කැටයක් නෑර දන්නා නගර වලින් එකකි. මේ පාර කොහෙටද, වැටෙන්නේ කොහෙන්ද, හුවක් කිව්වම හුව වැදිලා පරාවර්තනය වෙන්නේ මොන බිල්ඩින්ග් වලින්ද, මේ කඩෙන් කාපුවාම බඩ යනවද, ආයේ ඕනේ ඒකක්ය. 

ඒ සා.පෙට කලින් වාර විභාගේ දවසය. 8ට පටන් ගන්න පලවෙනි පෙපර් එක 10.30 වෙනකොට ඉවරය. වෑන් එක එන්නේ 2ටය. කරන්න දේකුත් නැත. X මාවත් ඇදගෙන සණස අලුත් බිල්ඩින්ග් එකේ කැෆේ එකකට බඩ ගෑවේය. එය මගේ පළමු කැෆේ සංචාරය විය. කලින් ඕවා ගානේ රිංගන්න ගියේ නැත්තේ මං රජා යනු ලැජ්ජා බයට හැදුනු කොල්ලෙක් නිසාවෙන්ය. 

එදායින් පසු එදහිට ඕකට මමත් ගියේය. තනියෙන් නෙවේය. X සමගය.
සාපේ ඉවර වීමත් සමග ඌපෙ පන්ති පටන් ගත්තේය. වෙන කරන්න වැඩකුත් නැති එකේ නිකමට මෙන් ඒවාටද ගියෙමු. මතකේ හැටියට එදා දුෂ්‍යන්ත සර්ගේ හෝ රාජකරුණා සර්ගේ පන්තියක්ය. 2ට ක්ලාස් එක ඉවරය. X ට කැෆේ එකට යන්නට පුදුම හදිස්සියක් හටගැනුනි. එක්කෝ හින්දි නිළියන්ගේ පින්තුර බාන්න හෝ කඩ්ඩ සින්දු බාන්නටය. මමයි තව තුන්දෙනෙක් ඇදගෙන ඌ සණස බිල්ඩින්ග් එක ලඟට ආවේය. ඔරියන්ටල් එකේ ඉඳන් ගාට ගාට වතුර මල හන්දියට ආවෙමු. අපිත් ඌට බැන බැන හෙමින් හෙමින් පස්සේන ගියෙමු. යන අතර මගදී X ගේ අම්මගෙන් කෝල් එකක් ආවේය. ඇතැම් විට උගේ අම්මා මෙසේ අසන්නට ඇත. 

පන්ති ඉවරද? ඉක්මනට එන්ඩ...

X ගේ පිලිතුරනම් අපිට ඇසුනි.

ආ... අම්මේ අපි මේ කැෆේ එකකට යනවා. එන්න චුට්ටක් පරක්කු වෙයි.

රජත් සමග පිටුපසින් පැමිණි උන් මූනට මූණ බල ගත්තේය. අනිත් උන්ට කෙසේ වෙතත් මං රජාට  නං චූචු බරක් හැදුනේය. ඕවා අස්සේ රිංගල මට අහුවෙන්න එපා ඔන්න. මව්තුමියගේ රුද්‍ර කට හඩ මට සිහි විය. උඹ කකුල් දෙකටම කලිසම ඇන්ඳට තාම පොඩී හරිද. වයසේ තරමට වැඩ කරපන්.

මිනිහා ගිය වැඩේ කරගෙන එනකන් අපි සණස ඉස්සරහට වී අව්වේ කට්ට කමින් සිටියෙමු. පැය ගානක් ගත විය. මූ තාම නැත. බැරිම තැන කෝල් කරලා එලියට ගෙන්න ගත්තෙමු. අද නම් මගේ බබා අඩු වයසෙන්ම හම්බෙන බව මට කලින්ම සනාථ විය. එදා වෙලාවට පොන් එකත් මම ගෙදර දාලා ඇවිල්ලා තිබුනේය. 2ට පන්ති ඇරුනාම පොතේ හැටියට රජා 4 වෙනකොට ගෙදර ඉන්නට ඕනෙය. එහෙන් මෙහෙන් පරක්කු වෙවී ගෙදර යනකොට වෙලාව 7ටත් කිට්ටුය. 

මිගමුව කුරුනෑගල ප්‍රධාන මාර්ගයෙන් පැත්තකට විහිදී ගිය ආනත බිම් තීරුව ඔස්සේ මම ගෙදෙට්ට ඇතුළු වීමේ දොරටුව සොයා ගෙන ගියෙමි. කිසිම හැල හොල්මනක් නැත. මහා කුණාටුවකට අර අදින කාන්තාරයක ඇති නිහඩ බව මට දැනුනි. තමන්ගේ හුස්ම, තමන්ට ඇහෙන තරම් කරුමයක්? හිත හදාගෙන හෙමිහිට දොර ඇරියෙමි. දෙපා පණ නැති විය. ඇස් උඩ ගියේය. අම්ම යක්ෂ වෙස් ගෙන දොර කෙලින්ම තිබු හාන්සි පුටුවේ හිදගෙනය. අහිංසක බලු කුක්කෙකුගේ වෙස් ගත මම හොරැහින් බලමින් බිම බලාගෙනම කාමරයට යන්නට හැරුනේය.

ඔහොම ඉන්නවා. අම්මාගේ වේගවත් හඩ අවදි උනේය.

ඉද්ද ගැහුවක් මෙන් රජා අඩියයි අඩියේ ටයිල් කැටයක් උඩ නිසොල්මනේය.

මොකද මෙච්චර පරක්කු? කොහෙද ගියේ?

බොරු කීමෙන් පලක් නැති බව මම දැනගෙන හිටියේය. අනිවා අපේ අම්ම ෂ් ගේ අම්මාට කෝල් කරන බව මම දැනගෙන හිටියේය. 

අර අරු එක්ක පොඩි ගමනක් ගිය අප්පා. කොහෙද ඌටත් වෙන වැඩ නැනේ. හරි නැනේ ඉතින් පොඩ්ඩක් ගිහින් ආවා.

ආ..... කට්ටිය එක්ක ගිහින් කොපි බිව්වද?

හෑ? කොපි? මාව මඤ්ඤං උනේය.

මට X ගේ අම්ම කිව්වා කට්ටිය කෝපි බොන්න කැෆේ ගිහින් කියලා. පුතේ මේ... X එයාගේ අම්ම තැම්බුවට උඹට බෑ මාව තම්බන්න. මම එයාට කියල දුන්න කැෆේ එකේ ගිහින් කෝපි බොන හැටි. ඔය පත්තර වල එහෙම තියෙන්නේ. 

X ටත් ගෙදර ගිහාම කෙළවෙන ලයින් එකට අපේ මව්තුමිය ගේම ඇද තිබුණි. අම්ම හෙමිහිට ලගට පැමිණ කනෙන් අල්ලාගත්තාය. 

මට රජ සීයාගේ දඩුවම් ක්‍රම එකින් එක සිහියට නැගෙන්නට විය. ඒවා වැඩිපුර දුන්නේ ඉස්සර අපේ මහ ගෙදර බල්ලන්ට හා පුසන්ටය. උන් ගේ ඇතුලේ හෝ සීයාගේ ඇදුම් උඩ චූ හෝ කක්කා කර තිබුනොත් මේ දඩුවමට අනිවා ලක් වෙනවාමය. උගේ බෙල්ලෙන් අල්ල ගන්නා ඔහු ඌ කගහද්දී ඇදගෙන ගොස් චු ගොඩේ හෝ කක්කි ගොඩේ උගේ මූණ තදින් අතුල්ලන්නේය. තෝ ආයේ මෙතන මෙහෙම කරනවද? වයසක අයගේ භාෂාවත් හෙන ආතල්ය. තෝ ආයේ මෙතන *ජ්ජ කරනවද? ගූ දානවද? ඔය වෙලාවට බට්ටා රජත් කට ඇරගෙන හිනා වෙවී ඕක දිහා බලාගෙනය. බල්ලෙක් නං නැ..හි නැහි නැහි යනුවෙන්ද පූසෙකි නම් නැඤෑව්..... නැඤෑ....ව් යනුවෙන්ද පිළිතුර ලැබෙන්නේය. අනේ අතින් ආයේ කවදාවත් ඒකා ගේ ඇතුලේ උගේ ශරීර කෘත්‍ය මලත් කරන්නේ නම් නැත. 

මේ හා සමාන දඩුවමක් ලැබෙන බව මටත් ඉවෙන් මෙන් තේරුනේය. ආයේ ඕව අස්සේ රිංගන්න යනවද? ඇහෙනවත් සමගම ක්‍රිස් ගේල්ගේ බැට් එක හා සමාන මව්තුමියගේ ශ්‍රී හස්තය මගේ බැක්වුඩ් පොයින්ට් කලාපය හරහා දැවැන්ත හයේ පහරකට ඇදී ගියේය. ලෝන්ග් ඕන් ලෝන්ග් ඕෆ් කලාප හරහා ඇදුනු හතරේ පහරවල් බෞන්ඩ්‍රි රෝප් එකේ වැඩි උඩ විසි වී කෙලින්ම බඩේ වැදුනි. විනිසුරුගේ හිසට මදක් ඉහලින් එල්ල කල ස්ට්‍රේට්‍ හයේ පහර කෙලින්ම කනේය. පිටිය පුරා දුවමින් පන්දු රැකීමේ නිරත වූ මං රජාගේ සමේ රතු පැහැ පැල්ලම්ය. බැට් එකයි බොලේයි ඇගේ වැදිලා හරි අමාරුය. 

ආයේ යනවද?

අනේ නැතෝඕඕඕඕඕඕ.......

වෙලාවට මෙන් ඔවරේ ඉවර වීම නිසා ස්ට්‍රැටෙජික් ටයිම් අවුට් එක ලැබුණි. 

අපේ මව්තුමියගේ තදබල ප්‍රකාශ හේතුවෙන් ෂ් ගේ අම්මාද කුපිත වී ඌට හොඳවයින් දෙසා තිබුණි. පහුවෙනිදා ඉඳන් මූ වැඩිය මාත් එක්ක කතා කලේද නැත. මූනත් හරියට බැලුවේ නැද්ද මන්දාය. ඉස්කෝලේ උන් එක එක කතා හැදුවේය. අන්න අරුං දෙන්න තරහ වෙලා. මාස ගානක්ම යනකම්ම ඌව පවා දුන්නා වගේ හැගීමක් මගේ හිතේ තිබුනේය.  කෙසේ හෝ කාලයත් සමග හිත අමනාප පහව ගිහින්ය.  ඌ තාමත් මගේ බොක්කක්ය. කතාව මතක් උනේ මීරිගම ස්ටේෂන් එකේ කෝච්චියක් එනකන් හොර ගල් අහුල අහුල ඉද්දි ඌව සෙට් උන වේලාවේදීය. 

එදායින් පස්සේ මම කවදාවත් කැෆේ එකක් ලගින්වත් ගියේ නැත. මේ වෙන තෙක් ගියේ නැත. ආ... ඊයේ පෙරේදා බෝඩිමට හැලපේ ගෙනියන්න බැරි වෙලා එසයිමන්ට් එකකට කරුණු වගයක් හොයන්න ගල්කිස්සේ එකකට ගියා. හැබැයි ඒකත් Communication එකක්. තිබ්බෙත් මැෂින් දෙකයි.  :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!


131 comments:

  1. අම්මප ඔව්.. ඉස්සර කැෆේ යනව කියන්නේ කුඩු ගහනවටත් වඩා අන්ත වැරැද්දක් තමා

    ReplyDelete
    Replies
    1. කුඩු ගහන එක තව නම්බුයි :)

      Delete
  2. ඕලෙවල් කාලේ පන්ති කට් කර කැෆේ ගිය හැටි සිහිවේ!:)
    දවසක් ගාල්ලේ ප්‍රසිද්ධ කැෆේ එකක වැල බල බල ඉඳල කොල්ලෝ දෙන්නෙක් පොලිසියෙන් අල්ලගෙන මහ පාර අයිනේ දැනගසවල නොන්ඩි කරනවා ඇස් දෙකෙන් දැක්කට පස්සේ තමයි අපි කැෆේ ගියේ නැත්තේ!

    ReplyDelete
    Replies
    1. සිරාවට... ඉස්සර ඕවට පැනලා කොල්ලෝ අල්ලං ගිහින්, අම්මලාට එන්න කියනවා පුතන්ඩියව අරං යන්න.

      අපේ අම්මනං කියලා තිබ්බේ මගෙ මලගෙදර බලන්න ඕනේ නං ඕවයේ ගිහින් අහුවෙයන් කියලා

      කොහොමද සැප? :)

      Delete
  3. raja iskole yana dawas wala oka maha waraddak unaata dan nam 5 ,6 wasara wala inna unuth cafe gane ringanawa. kisi awulak ne. :)

    ReplyDelete
    Replies
    1. මේ ලගක් වෙනකං යුනිෆෝම් යන උන්ට ප්‍රින්සිපල්ගේ අවසරේ ඕනෙද මොකද්ද තිබ්බා... ඕවා උනාද දන්නෑ ඉතින් :)

      පොඩි උන්නං යන්නේ ගේම් ගහන්නනේ ;)

      Delete
  4. කැෆේ එකකින් නෙට් ගිහින් තියෙන්නෙ එකම එක පාරද කොහෙද? කැම්පස් යනකල් ඕවගෙ වුවමනාවක් දැනුනෙ නෑ නෙ.අම්මට කියන්න එපෑ අපි ඇතුලට ගියේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. කිව්වා.... කොහෙද අහන එකක්යැ :)

      Delete
  5. මාත් ගිහින් තියනවා, අටේ නමයේ විතර...වෙන මොනාටවත් නෙමේ..කාටූන් බලන්ඩ...:P

    ReplyDelete
    Replies
    1. කූඹිච්චි එහෙම ආවෙ ඒ කාලෙනේ නෙහ් ;)

      Delete
  6. හොද වැඩේ රජාට.

    සුභ වේවා. රාජ සම්පත් ලැබේවා !!! තව තව මව්තුමියගෙන් ගුටි ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. හාපූ..... මෙයාලා නං හොද නෑ :(

      Delete
  7. මම නම් කැෆේ එකකට මුලින්ම බඩගෑවේ 2001 වසරේ ය. ඒ වෙද්දී අපි උසස්පෙළ කරන කොල්ලන් වීමු. ඒ කැෆේ බඩගෑවේ මගේ ලොකුම ෆිට් එකක් වූ සුපර්ස්ටාර් කෙනෙක් සහ තවත් බුදු ෆිට් එකක් එක්ක ය. ගියපු හැටිද අපුරුය. මේ උදේ ඉස්කෝලේ ආපු අපි සුදු කිට පිටින්ම ගේට්ටුවෙන්ම පිටව ගොස් නුවර ටවුමේ කතරගම් මුස්ලිම් පල්ලියට යාබද ලංකා කොම් කැෆේ එකට උදේ 10 පමණ ගොඩ වැදී එතැන් සිට දවල් 12 විතර වනතුරු ඒ කාලයේ නම් යාහු මැසෙන්ජර් එක හරහා චැට් කරමින් මේල් කරමින් සින්දු බාමින් සිට නෙට් එකේ රවුන් ගසා ආපහු 12:20 වෙද්දී විවේක කාලයේ ඉස්කෝලෙට යාමයි.

    කිසි දා මාට්ටු නොවූ කිසිදා අවුලක් නොවූ කැෆේ සංචාර අපි උසස්පෙළ ඉවර වෙනතුරුත් තිබුණි. පසුව ඩයල් අප් නෙට් කනෙක්සන් එක ගත්තායින් පස්සේ කැෆේ යාමට හේතු නොතිබුණු අතර SLT දෙවියන්ගේ පුර්ණ බැල්ම ඇතුව මට නොමිලේ වසර 4කට ජාල පහසුකම් ලැබුණි. (උන් බිල එව්වේ හැමදාම 0.00 කියායි.)ඉන්පසු ADSL එකට මාරු වූ අතර අදද ගෙදර ඇත්තේ ඒ කනෙක්සන් එකයි..

    ReplyDelete
    Replies
    1. කතරගම් කෑල්ල වැරදි වැටී ඇත.

      Delete
    2. දැනුත් බිල එන්නෙ 0.00 කියලද?

      Delete
    3. පිස්සුද.. දැන් උන් හරියට වෙලාවට 1200 කියලා බිල එවනවා. උන් තව පොඩ්ඩෙන් වහ කනවා මගේ කේස් එකට. අන්තිමේ එකපාර මට ලොකු බිලක්‌ එව්වාම මම කිව්වා ගෙවන්න බෑ කියලා. මට කිසි බිලක්‌ ඇරියස් නෑ කියලා අවුරුදු 4 කම 0.00 බිල් සෙට් එක පෙන්නුවා.

      Delete
    4. ඔය නිකන් දීපුවා කොහෙන් කොහෙන් හරි අල්ලලා ඇති :)

      Delete
    5. ආඃ ... ක්සැන්ඩර් හරි වාසනාවන්තයිනේ. මට ඔහොම කනෙක්ෂන් එකක් ලැබුණ නම් ඇත්තටම SLTලට වහකන්න වෙනව. :)

      Delete
    6. ක්සැන්ඩර් අම්මෝ උඹහරිම වාසනාවන්තයෙක්

      Delete
    7. මං හිතන විදියට SLT දෙයියන්ට මහලොකු පාඩුවක් නැ. මොකද ඒ කොම්පැණි වලින් ලීස් ලයින් ක්‍රමේට කනෙක්ෂන් එක ගන්න හින්දා ‍උන්ගෙන් පිටරට කොම්පැණි කාරයෝ සල්ලි ගන්නේ පාඩිච්චි කරන කාලයට. දත්ත ප්‍රමාණයට නෙමෙයි. දැන් හැම එකක්ම කරන්නේ ඉතිං වවාගෙන කන එකනේ. අපිට ගිගාබයිට් එකක් 200-300 ට වික්කට උන්ට ඒක නිකන් හම්බ වෙන්නේ. අනිවාර්ය ගාස්තුව මාසෙට ලක්ධ 10ක 15ක් ගෙවනවා ඇති. එච්චරම තමයි.

      Delete
    8. ඔව් බං.. ඒ කාලේ හැටියට මම හෙන ලකී පොරක් බං.. අපේ ගෙදරින් ඒ කලේ කොල්ලෝ කීයක්‌ ගොඩ යන්න ඇත්ද??

      @ තශිල: මේ ගෙදර කනෙක්ෂන් එක... :)

      Delete
  8. අනේද මන්ද... බොරුවට නේ ගිටි කෑවේ... නිදහසට කාරණා කියන්න වෙලාවක් හම්බෙන්නේ නැතුව ඇති නේ... හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද... හැරෙන කොට වැඩේ වෙලා ඉවරයි :)

      Delete
  9. මම දවසක් ඉස්කෝලෙ 10 වසරේ ඉද්දි ළඟ තිබුණ කැෆේ එකකට රිංගුවා විභාගයක් කලින් ඉවර වුණ ගමන් වගේ තව එකෙක් එක්ක.

    බැලින්නම් කැෆේ එක කළුවර ගුහාවක් වගේ ප්ලේස් එකක්. අපේ කොල්ලොම 15,20 විතර මැශින් 4 ක් වටකරගෙන හෝ ගාලා වැල බලනවා.

    මමත් එකකට සෙට් වෙලා බලන්න පටන් ගත්තා. විනාඩි 10කට විතර පස්සේ මම කෑගැහුවා

    "මෙන්න මේකෙ ප්‍රවීනා ඉන්නවා කියලා! "

    අර වටේ හිටපු එවුන් ටික ඔක්කොම දුවගෙන ආවා කියහන්කෝ මම ඉන්න මැශින් එක ගාවට!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඒ කාලේ එයා ඉන්න ඒවා හොය හොයනෙ බැලුවේ :)

      Delete
  10. කැෆේ ගිහින් කෝපි බිව්ව එකත් පට්ට කතාව හැබැයි. නිහඬතාවය නම් පට්ට ම භයානකයි!

    ReplyDelete
    Replies
    1. අම්මපා බං..

      අපේ හුස්ම අපිටම ඇහෙන තරම් කරුමයක්!

      Delete
  11. අයියූයූයූයූයූ
    රජා අන්ත පරාද වෙලානේ..
    :)

    ReplyDelete
    Replies
    1. පරාදයි කියන්නේ.. රෙදිත් නෑ :)

      Delete
  12. ඔ්ලෙවල් කාලයේ සිට කෝපි බීම පුරුද්දකි! :D දැන්නං කෝපි කඩ වල හොදකම මතක් උනාම මැරෙන්න හිතෙනවාය!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තාමත් බඩ රිදිල්ල ලාවට තියනවා එහෙනං :)

      Delete
  13. පට්ට රජෝ...!
    බොලාගේ මව් බිසව ක්‍රිකට් වලට දස්සයි නොවැ ;)
    අපිත් කැෆේ ගියේ 11 වසරේදී මුලින්ම ;)

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා ඒ ගැන කියලා වැඩක් නෑ...

      අපිත් 11දි තමා :)

      Delete
  14. බල්ලෙක් නං නැ..හි නැහි නැහි යනුවෙන්ද පූසෙකි නම් නැඤෑව්..... නැඤෑ....ව් යනුවෙන්ද පිළිතුර ලැබෙන්නේය.- හී හී :)

    නියම පෝස්ට් එක :) :)

    ඉතින් කවදත් පතන විදිහට රජාට ජය! :)

    ReplyDelete
    Replies
    1. හිරු ඉතින් අපේ බොක්කනේ :)

      රාජ සම්පත!!!

      Delete
  15. එම්බල රජ තුමෙනි....තා කිමෙක් අරබයා කැෆේ අස්සේ කරක් ගැසීද. X සමඟ XXX බලන්න කැෆේ ගියා යැයි මව් බිසව අනුමාන කරන්න ඇති...තට හැකිය නැතෙයි කියන්න....

    ReplyDelete
    Replies
    1. බේගල් කුමටද? අනුමානය ටක්කෙටම නිවැරදිය :)

      Delete
  16. අපි A /L කරන කාලේ ගම්පහ තිබුනෙ එක කැෆේ එකයි. ඒ :මහජන කැෆේ : එක. එතනට සූ.... ගාල පන්ති යන සෙට් එනවා තොසේ කන්න.

    ReplyDelete
    Replies
    1. හික්ස්....

      හප්පේ...අපි ගිය කැෆේ එකෙත් සූ....ගාලා ඉන්නවා හතර පස්දෙනෙක් වටේට ඉදගෙන :)

      Delete
  17. Replies
    1. අහවල් එකෙන් ස්වායක්ත විචල්‍යයකි :)

      Delete
  18. අඩෙ අප්පා ඒ කාලේ මං තරුවත් පුංචි සන්දියේ ඕවට ගෑටුවා ක්ලාස් වලට පොල්ල තියලා හිටන්. අපේ ගෙදරින් නම් අවුලක් නෑ...මම ඔය නරක එව්ව කරන්න නෙවෙයි යන්නෙ කිවල අපේ මව් තුමී දන්නවනේ...අපි උඹලා වගේ නරක නෑනෙ..අපි ලැජ්ජ බයට හැදුනු කොල්ලොනේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්... උඹ බබා කියලා අපිත් දන්නවනේ ;)

      Delete
  19. මාත් මුලින්ම කැෆේ එකකට ගිහිං බෑවා නෙව හෙන පින්තූර තොගයක්... පට්ට රෙසලූෂන්... නාසා එකෙන් අවුට් කරපු ග්‍රහලෝක වල ඉමේජ් වගයක් බං...

    ReplyDelete
    Replies
    1. අගහරු ජීවින් එහෙම දකින්න ඇති මයෙ හිතේ :)

      Delete
  20. අප්පේ ගම්පහ.....

    ReplyDelete
  21. හික්ස් .... අම්ම උඹේ බ්ලොග දැකපු දවසට, ජයසූරිය 96 දි නෙලපු වගේ බොට නෙලන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේද ගේල් අයිපීඑල් ගහන හැටි... අම්මෝ.... :0

      Delete
  22. කැෆේ ගිහින් ඔහොම ගුටි කෑවනම් රජෝ බොගේ මේ බ්ලොග් එක කියවපු දාට බොගෙ අම්මා බොට නෙලන හැටි මට මැවි මැවී පේනවා.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව.....

      Delete
    2. එදාට මගෙ මලගෙට එනවලා ඈ.. :)

      Delete
  23. රජාට රාජ දඩුවම් ලැබිලා.... හොද වැඩේ ද මන්ද...

    ReplyDelete
  24. ඇත්තට කැෆේ යන එක වැ‍රැද්දක්ද?

    දැන් රජා හරි හොඳයි . කැෆේ යන්නෙම නෑ. මොකද දැන් කැෆේ එක ගේ ඇතුළෙ කාමරේමනෙ.
    ඒක නෙමේ රජා මල්ලි, අම්ම ලැප අරන් දෙද්දි චයිල්ඩ්ස් ලොක් කරලද දුන්නේ?

    ReplyDelete
    Replies
    1. නෙට් නැනී කියලා සොෆ්ට්වෙයාර් එකත් දාලා දීලලු තියෙන්නේ.. හිකිස් :)

      Delete
    2. නෙට් නැනි බයිපාස් කල හැකි.. මුට දීල තියෙන්නේ නැනි අනි කියලා.. :)

      Delete
    3. @සිදු අක්කා - ඒ කාලේ අනුව දැවැන්ත වැරුද්දකි. ඒකනේ පොලිසියෙන් පැන්නේ :)

      @ක්සැන්ඩර් & මධූ - මම කිව්වා කියලා හිතා ගනින්.. නැනී :)

      Delete
  25. මමත් එක පාරක් කැෆේ එකකට ගිහින් තියෙනවා. ඒත් එකෙක්ට එකවුන්ට් ටිකක් හදලා දෙන්න. මටත් ඕවට රිංගලා එච්චර පුරුද්දක් නැහැ.

    ReplyDelete
  26. X කියලා විචල්‍යයක් දාලා හරියට සරල සමීකරණයක් වගේ !

    ReplyDelete
    Replies
    1. සමගාමී එකක් :)

      රජා කියන්නේ චිචල්‍ය තොගයක්නේ

      Delete
  27. හෆොයි රාජ දඬුවම් විඳලා තියෙන්නේ නිකරුනේ නොවැ ..:)
    අපි නම් කැෆේ ගිහින්ම නැහැ ඕන්..

    ReplyDelete
  28. online wal baluwe nadda ????

    ReplyDelete
    Replies
    1. සික්... අහන කතා
      ,
      ,
      ,
      ,

      රහසින් - බැලුවා බං :)

      Delete
  29. අපේ සෙට් එකක් එක දවසක් මාව කැෆේ එකකට එක්ක ගියා වැල බලන හැටි අහ ගන්න.ඒ ඇරුණාම මමනං කැෆේ ගිහිල්ලා නැත.මට අන්තර්ජාල මෙව්වා තිබුණේ නැතත් මගේ මිත්‍රයින්ට තිබුණු නිසා නිරපරාදේ සල්ලි වියදම් කිරීමට උවමනා නොවීය.

    ReplyDelete
    Replies
    1. හෙහ්... එතකොට උඹද පන්තියේ හිටපු වැල පප්පා :)

      Delete
  30. මු නම් කුජිත රජෙක්...........

    ReplyDelete
  31. මා නම් කැෆේ ගෙහින් නැත. සිරා කතාවකි. අර පූස්, බලු දඩුවම් මාද දැක ඇත. ඔහෙ පූසා හින්දිද? මෙහෙ සිටි පූසා සුද්ද සිංහලෙන්ම "නෑ" යයි කියයි.

    සුභ වේවා !
    රාජ සම්පත් ලැබේවා!!
    මහජන චන්ද ලැබේවා!!!
    අඩවිය සරු සාර වේවා!!!!
    එසේම වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. නයාගේ පෙනේ සිංහලෙන්ම ප යන්න ගහලා තියෙන්නේ කිව්වලු :)

      එසේම වේවා!!!

      Delete
  32. කියන්නතිබුනේ අම්මේ ඒ කෝපි කැෆේ නෙමේ මේ නෙට් කැ‍ෆේ ලොග් වෙන්නම වෙලා යනවා. නෙට් හරිම ස්ලෝ කියලා. කොහොම කියන්නද එතකොටත් රජාට අම්මා නෙලලා ඉවරයි.

    ReplyDelete
  33. අම්මටසිරි කැෆේ කතානං එමටයි...
    හික්ස්...
    අපි මුලිංම කැෆේ ගියේ 10දි...
    පට්ට ඈ...

    ReplyDelete
    Replies
    1. ඇයි උබත් live බැලුවද

      Delete
    2. මූ Highlights බලලා තියෙන්නේ :)

      Delete
  34. අපොයි.... බොලා උ/පෙ කරනකොටත් අම්මගෙන් ගුටි කෑවද බන්....
    අපි නොදන්න ගම්පහ...

    ReplyDelete
    Replies
    1. මල්ලිත් එක්ක වලි දාගෙන තාමත් හිටපු ගමන් වදිනවා බං... ඒත් ඒවා දැනෙන්නේ නෑ. :)

      Delete
  35. අපෝ උඹ අම්මගෙ හුරතලාද බං....!!!
    හොඳ වැඩේ ...!!

    ReplyDelete
  36. sadu sadu sa........du! :D

    ReplyDelete
    Replies
    1. මම සාදු කෙනෙක් නෙමේ අරලියෝ.. :)

      Delete
  37. මටත් ඕය ශාන්ති කර්මයම තමා රජෝ. අපේ අම්මත් මට කැෆේ එක තහනම් අඩවියක් කොලා. සොකයි හලෝ

    ReplyDelete
  38. හප්පා , රජා සහෝදරයා මාරු අත්දැකීම් තමා .මමට් කල්පනා කොරේ කොය් කාලේද මමට් මුලින්ම කැෆේ ගියේ කියල.AL කාලේ තමා මතක.class නොයත් යන තරමට වැඩේ නැගල ගිය හැබය්.

    ReplyDelete
    Replies
    1. අප්පේ... මටනං එච්චර දරුණුවට ගියේ නෑ :)

      Delete
  39. අනේ මම නම් නෙස්කැෆේ වගෙ බිව්වොත් මිසක් ඉන්ටර්නෙට්කැෆේ නම් බොන්නෙ නෑ වැරදිලාවත්. මගෙ බඩ වේලෝනවා!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඩූඩ් වගේමයි මමත්.... නෙස්කැෆේ මගෙ ප්‍රියතම පානය උනාට නෙට් කැෆේ නම් බීල නෑ :P

      Delete
    2. මේ කැෆේ බිව්වාම මගෙත් මුළු ඇගම රිදෙනවා.. ආයෙ නං බ්ව්වේ නෑ එදායින් පස්සේ :)

      Delete
  40. මම ඉස් ඉස් සෙල්ලම කැෆේ එකකට රින්ගුවෙ රට ඇවිල්ලා.. මට තාම මතකයි ඇස්වලින් කඳුලු පෙර පෙර මේල් ගැහුවා..

    මීරිගම මටත් මිහිරි ළමා මතකයන් තියන ස්ටේෂමකි..කද මලු බැඳගෙන මීරිගම ස්ටේෂමෙන් බැහැලා ආච්චි සීයා බලන්ඩ අවුරුද්දට ගමේ ගිය මතකයේ මිහිර තාමත් හිතේ තියනවා..

    ReplyDelete
    Replies
    1. අනේ.....

      සෙන්නා බබා කාලෙටත් ගිහින් :)

      Delete
  41. මමත් කැෆේ ගියා මොකටද බොරු කියන්නේ 10,11 දී තමා මොකටද කියලා දන්නැද්ද ඉතින් ඒකාලේ වයසේ problem thama

    ReplyDelete
    Replies
    1. අන්න ඇත්තම කිව්වා :)

      Delete
  42. එහෙම බලද්දි උඹට කලින් මම කැෆේ ගිහින් තියෙනවනේ.. :)

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹ මට වඩා කොච්චර වැඩිමල්ද? :)

      Delete
  43. :ඔ අපි නම් කැෆේ ගිහින් නෑ.O/L රිසාල්ට් බලන්න කොමියුනිකේෂන් එකකට ගියා මතකයි තාත්තා එක්ක.. අර පූසා නම් ඉන්දියන් නෑකමක් තියන කෙනෙකි විය යුතුයි යන්නයි මගේ අදහස ;)
    ජය ශ්‍රී!!!

    ReplyDelete
    Replies
    1. ආපෝ...ඉන්දියන් උන් අපිට පේන්න බෑ...

      උන් ඔර්ජිනල් හෙළු පූසෝ :)

      Delete
  44. IDEAL 59 ද? බුහහා... අපිත් දනී... :D

    ReplyDelete
    Replies
    1. හක හක හක.... අංකේ නං මතක නෑ...

      සෙකන්ඩ් ඕර් තර්ඩ් ෆ්ලෝර් :)

      Delete
  45. අනේ අපිට ඔහොම ඒවා උ‌නේ නෑ නේ..... කැෆේ යන්න තහනමක් තිබුනෙත් නෑ.. යන්න ඕනෙ කමක් තිබුනෙත් නෑ....

    ඕලෙවල් ඉවර උනාට පස්සේ තමයි ඉස් ඉස්සෙල්ලාම කොම්පීතරයක් අතගෑවේ.... කොරල්ඩ්‍රෝ එකට වහ වැටුනට පස්‌සේ නෙට් යන්න ආසාවක් තිබුන් නෑ....

    ReplyDelete
  46. අපේ කාලේ ඉතින් දෙකට කැපේ තමා

    ReplyDelete
  47. X කියලා දැම්මෙ ව්එන නමක් තිබ්බෙ නැද්ද හෆ්ෆා?? :/

    හික්ස්ස්.. රජාට හොද වැඩේ!!!! :පී

    -හිතුවක්කාරී(හිතූ) -

    ReplyDelete
  48. අපි නම් ඉස්කෝලේ ලගම තිබුණු යාලුවෙක්ගෙ ගෙදරට තමා නිතරම ගියේ ..

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට.. අපිත් ගියා කාලයක්..

      උගේ අම්මා එතනම එහා කාමරේ නිදි. අපි මෙතන හෝ ගාලා බලනවා :)

      Delete
  49. බල්ලෙක් නං නැ..හි නැහි නැහි යනුවෙන්ද පූසෙකි නම් නැඤෑව්..... නැඤෑ....ව් යනුවෙන්ද පිළිතුර ලැබෙන්නේය// --- අපේ ආච්චිත් ඔය වැඩේම කරනවා ඒ කාලේ.. මේක කියවලා මටත් පණ යනනං හිනා. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. පරණ අයගේ ට්‍රික් එකක් වෙන්ඩැති... :)

      Delete
  50. මමත් ගියා කැෆේ එකකට කොෆි බොන්න. හෙහ් හෙහ් හෙහ්. කාට බොරු කලත් ළමයි ගැන හිතන අම්මලට බොරු කරන්න බෑ රජෝ

    ReplyDelete
  51. දැන් නම් කොල්ලෝ වැස්සකට රිංගන්නෙත් කැෆේ එකටනේ. මම දන්න පොඩි එවුන් ටිකක් ෆෝන් එකේ වැල බල බල ඉඳල පාරට වෙලා. උන් දන්නේ නෑ උන් එකෙක් ගේ පියතුමා පිටිපස්සෙන් ඇවිල්ල ඔක්කොම බලා ඉඳල කනේ පාරක් දෙනකල්.

    ReplyDelete
  52. අපේ අම්මත් මට හෑහෙන්න ගුටි පූජා දීලා තියෙනවා. ඒත් 9 දි විතර උගුරු දණ්ඩ හෙම කැඩිලා කටහඩ ගොරෝසු වෙලා එන කොට, ඒ ගැම්මෙන්ම මාත් ගොරෝසුවට සද්දෙ දාලා මගේ ස්වෘධිනත්වය තහවුරු කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. මම සද්දේ දාලා ගුටි කෑවා :))

      Delete
  53. තෝත් ගම්පහද? මමත් ඉස්සර සණස පැත්තේ ගාටනවා.සමහර මැෂින්වල උඩින් 'අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම තහනම් ' කියලා ස්ටිකරයක් අලවලා තියනවනේ.....හොඳ වැඩේ.රාජ සම්පත්ම ලැබියන්.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඔව් බං..තිබ්බා නේන්නං :)

      Delete
  54. කැෆේ එකට කෝපි බොන්න ගියා නම් අවුලක් නහැනේ බං :ඩී

    ReplyDelete
    Replies
    1. එහෙනං ෂේප් ඉතින් :)

      Delete
  55. ඒතරමටම ඕවා බයානකද

    ReplyDelete
  56. දැන් කැෆේ මොකටද ? දැන් රට දියුණුයි නේ :D

    ReplyDelete
  57. බුදු රජො මගෙ බඩ හම්මෙ

    ReplyDelete
  58. අවුලක් වෙන් නෑ මන් ගෙදරට කියලනේ යන්නේ.. අපි එල කොල්ලො නාක වැඩ කරන්නෙම නෑ.... ;)

    ReplyDelete
    Replies
    1. අනේ උම්මා මගෙ පැටියා :)

      Delete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)