Wednesday, May 9, 2012

පුඩිමක් වූ වෙඩිමක් - A Wedding Like a Pudding

මු/ලි :


ඕ යා බේබීස්..... අයිම් බැක් ඔන් ට්‍රැක්...!!!!


සුපිරි වැසිකිළිසේ (ලැප්ටොපේ) හදවත හොරුගත් හෙයින් බොග දැමීමට හා අනුන්ගේ බොග බැලීමට නොහැකි විය. රූප කතාව අන්තරස්ධාන විය... නමුත් බිය නොවන්න. සතියක් ඇතුලත නැවත එය ලබාදෙමි.


අරා = අඩවි රජ (ශෝට් & ස්වීට්)


අද කතාව


Introduction

2012.04 05නොහොත් වෙසක් දවසට කලින් දවස.අරා ඇතුළු අපේ සබ්බ සකල කැම්පස් වාසි සියලු දෙනාට සතුටු දවසකි. මන්ද අපේ බැච් එකේ එකෙක් හාහා පුරා කියලා බදින දවසය.ඒෙකක් කීවාට ඒකියකි. ඒ අපේ අක්කාය. කට ඇරලා නම කියලා කතා කරන්න බැරි කමට  අක්කා කියන්නෙමු.මන්ද ඇය මට වඩා අවුරුදු 5ක්ද කොහෙද වැඩිමල්ය. මගේ නැන්දා හා සමානය. ඒමනිසා සබ්යත්වයෙන් යුතුව අක්කා... කියමි. අරා හැමෝගෙම මල්ලි වෙයි. ඒ මම බැච් එකේ පොඩි එකා හින්දලු. මේ වෙඩිම නිකන් පුඩිම වගේ තියෙන්නට ඕනෑය. මන්ද  යත්  ෙමය අපේ කුලුදුල් වෙඩිමය.කලින් දා බුකියේ කතා වූ පරිදි ගම්පහට  එකතු වීමට කතිකා කර ගත්තෙමු.


Chapter 01- වි‍ශේෂ තෑග්ග







මෙයට පෙට්ටි කිහිපයක් ඇතුලත්ව තිබුණි. එකක් කැඩුවහම අනික කඩන්න ඕනෑය. ඒක කඩපුහම තව එකක් කඩන්න ඕනෑය. එක කඩපුහම තෑග්ග ලැබෙන්නේය.භාවිතයට උපදෙස් කියවා බලා පරිස්සමෙන් පාවිච්චි කල යුතු වන්නේය. (මගුල් තෑගි අනතුරුදායක  සහිතය. ප්‍රවේශමෙන්  පරිහරණය  කරන්න)






Chapter 02 (ගමනට  සුදානම්  වීම )

අරාද කුරුල්ලා වගේ යාමට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය කලින්ම ලෑස්ති  කර තියා  නින්දට  ගියෙය. ඇදුමද ලෙසටම මැද්දෙමි. කමිස අතර ෂර්ට් එකක් ගමනට සුදානම් කර තිබිණි. අසාමාන්‍ය ලෙස පාන්දර 7 ට අවදි උණු මම සට පට ගා ලෑස්ති වී 8වෙනකොට කිට මරලා පාරට බැස්සෙමි. හත්වලාමය...කමිස අතර  ෂර්ට් එකේ හරස් අතට ඉරි පෙනේ. මේ  මොන උක්ත ආක්යාතයක්ද මේ? ඊයේ රෑ විනාඩි  15ක් විතර මැද්ද ෂර්ට්  එකනේ? හිමිදිරියේම ෂට්ර් මහපු එකාගේ නෑ පරපුර පින් දී සිහිපත්  කරමින් බසයකට ගොඩ උනෙමි.

අරා සමග චමියා මිරිගමින් යකඩ යකාට නැගීමට තීරණය කළෙමු 8.50 ට්‍රෙන් එකටය. මේ වැදගත් අවස්ථාවේදීවත් චමියා වෙලාවට ඒවි යයි අදහස් කලද සුපුරුදු පරිදි ඌ අදත් පරක්කුය. ඌ නැගිටලා තිබුනේද  8 ටය. ඒ ළඟ ට්‍රේන් එක 9.25ය. හිගන්නාය.


8.50 ට පමණ කෝල් එකක් ආවේ දුලියාගෙන්ය.
මචන් උබල කොහෙද?

අපි මචන් තාම මීරිගම. බලහන්කො චමියා දැන්නේ නැගිටලා තියෙන්නේ.

අනේ මුගේ  @#$#%#$^$%%^&... ඉක්මනට වරෙන් යකොව්. අපි මේ  ගම්පහ ස්ටටිසන් එකට ඇවිල්ල ඉන්නේ.

හරි හරි බන්...10 වෙද්දී එනවා අපි. පොඩ්ඩක් ඉදහන්. ගිහිල්ල අපි  එනකන් ගන්න තෑග්ගක් බලපන්.

වරෙල්ලා වරෙල්ලා ඉක්මනට.

මචන් මම හිඟන්නට එනවා. දැන් බන් නැගිට්ටේ. අනේ මල්ලි මට උදව්වක් ඕන. බ්‍රව්න් පොලිෂ් එකක් ගනින්. මගේ පොලිෂ් එක ඉවර වෙලා. අනේ ගනින් කොල්ලෝ

එල  මචන්. මම අරන් ඉන්නන්. ඉක්මනට වරෙන් :/

උදේ පාන්දර ජාතිය ඇමතීම වුවත් අප්‍රසන්න හෙයින් කිසිත් නොකියා  මම පොලිෂ් එක අරන් දුන්නෙමි.

මු විලවත්තෙන් හිගන්නාගේ පාත්තරේට වැටිලා තියෙන්නෙත් නොවැටී  අනූ  නවයෙනි. තව පොඩ්ඩෙන් මගුල් නොව අවමගුල්ය. කෙසේ හෝ  මු මිරීගමට සැපත් විය. අරාද එකට පාත් විය.

ඒ අස්සේ චමියා උගේ වෙන්ඩ වයිෆ් එක්ක පොඩි වලියක් දාගෙනය.  ඌ ලෑස්ති වෙන අතරේ කෝල්ස් වලට ආන්සර් කලේ නැති හේතුව මත  එතුමියට පුෂ්ප මකරන්දය එලියට පැන ඇත. චමියාටද එසේමය. කෝච්චියට නැග්ග ගමන් මු එතුමියට කෝල් එකක් ගත්තේය.

ඔයාට තේරෙන් නැද්ද සුදු. මට පරක්කු වෙලා තිබ්බේ, ඔය දන්නවනේ  මම හැමදාම කෝච්චියට ටක්කෙටම තියලා එන මිනිහා කියලා. එක  හින්දා ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න. මට ආන්සර් කරන්න බැරි උනේ  මට හද්දීස්සි හින්දා..... ( අනිත්වා කෝච්චියේ පාපුවරුවේ ගමන් කිරීම හේතුවෙන් සුළගට ගසා ගෙන යන ලදී )

බලහන් බන් උබල ඒ අතින් වාසනාවන්තයි උබලට මේ වගේ කරදර නැනේ. බලහන් බන් උක්ත. මට දැන් එපා වෙලා තියෙන්නේ.


ඇත්ත ඇත්ත. (ඌට හිත හැදෙන්නේ කිව්වට... මම මේ කෙල්ලෙක්  නැතුව හෙන අමාරුවෙන් ඉන්න එකා.අල්ලේ රේකාත් මැකෙන්න කිට්ටුයි)

අපි ගම්පහට සැපත් උනෙමු. චමියා අර විශේෂ තෑග්ගත් උස්සගෙන බංකුවක් කරා දිව ගියේ සපත්තු දෙක පොලිෂ් කර ගැනීමේ අදහසිනි. ඇත්තම කිව්වොත් එය පොලිෂ් කිරීමට සුදුසු තත්වයක නැත. හැම තැනම හම ගිහින්ය. නමට සපත්තු දෙකක්ය. ඌට පොලිෂ් ගගා ඉන්න  කියලා  මම  අපේ  සෙට් එක ඉන්න තැනට ගියෙමි.

මොනවද  @#$##$  කරන්නේ? දැන් වෙලාව කියද? උබල මෙච්චර වෙලා  @#$#%#$?

එව්වා චමියා එක්ක බලා ගනින්. මම වෙලාවට ආවා. අර හිපාටුවා තමා පරක්කු උනේ. මට කරන්න දෙයක් නෑ ....

හරි හරි යමන් තෑග්ගක් ගන්න.

අපි කෙලින්ම පිය නැගුවේ රන්ජන් ලංකා එකටය. බඩු පට්ට ගණන් බව  දැන් දැනත් කරන්න දෙයක් නැති කමට එකට රින්ගුවෙමු. කාන්තා පාර්ශවය නොසිටි හෙයින් පැය 1/2 ඇතුලත සියලු තෑගි අරන් අවසන්  කළෙමු.

තෑගි ඔතනකන් අපි සෙල්ලම් බඩු පිළිබද බැරෑරුම් වුත් සංකීර්ණ වුත් වැදගත් අධ්‍යයනයක යෙදුනෙමු. රිමොට්ර් හෙලිකොප්ටර්  (Rs.6500) සුටි  බබාලට ලෑන්ඩ් රෝවර් (Rs.22500,16000). ඕවා අපි මලාට ගන්නේ නැති හෙයින් පොඩ්ඩක් සුක්කානම කරකවන්නටද අමතක  නොකලෙමු. කාර් එක යට එබී එබී මේක මොටරෙන්ද දුවන්නේ? පදින්න ඕනෙද? ආදී ඇග කිලිපොල යන ප්‍රශ්න වලට විසදුම් හොයා  ගත්තෙමු .

මේ අතර ඔතා අවසන් වූ තෑගි අපිට ලැබිණි. ඒවත් රැගෙන අපි වහාම  එලියට පැමිණියෙමු.

කාර් 1 ,ත්‍රීවීල් 3කින් 13 දෙනෙක් අක්කගේ නිවහන වෙත සේන්දු උනෙමු.

වෙල් යායක් අසබඩ ලස්සන ස්ථානයක රසා අක්කගේ නිවහන ස්ථාන  ගත වී තිබුණි. අපි ක්ෂණිකව ඇතුලට ගොස් තෑගි බෝග ලබාදී එලියට  ආවෙමු. විනාඩි 5ක් විතර කැරකුනෙමු.ඉදගත්තෙමු. කයියකට  සෙට්වෙගෙන එනකොටම කවුදෝ යුවතියක් අපිට වතුර අල්ලන ලදී. ඒ  හෙයින් අපි උදේ කෑම අනුබවයට නිවෙස් ගත උනෙමු.



කේක් කෑලි 1, කැවුම් ගෙඩි 1යි කොකිස්  1යි, පතරංග ආනමාලු  ගෙඩියකට හා කට පුල් වූ බීම විදුවකට අරා  වග කියන ලදී (වැඩිය කන්න හොද නෑනෙ). කාපු තැන වැඩි වෙලා ඉන්න හොඳ නෑ කියලා  කතාවක් තියෙන නිසා අපි ටින් ගාලා ගෙයින් එලියට ආවෙමු. දැකුම්කළු  යුවතියක් පෙන තෙක් මානයේ නැත. හිටියේ රසා අක්කා පමණි. (අපිත්  එක්ක ගිය අයත් හිටියා  එයාලා  හැර ඈ...). පොඩි පොඩි කෙලි පැටික්කියෝ ටිකක් අපගේ ඇස ගැටුණි. නමුත් බාල අපරාද වලට වසර  5ක් සිර දඩුවම් විඳිය නොහැකි බැවින් හිත හදාගෙන වෙල පැත්තට ගෑටුවෙමු.

වෙල් යාය නම් ඉතාමත් ශුංගාරය දනවන ලෙස අති රමනියය. වත්තේ  හුලං නොව වෙලේ  හුලන් අලංකාර ලෙස අප ගත දැවටුණි. ඇත්ත වශයෙන්ම මෙතෙන්ට ආවේ වෙල බැලීමට නොව ජිවන බරෙන්  නිදහස් වීමටය. කොහෙද? එකට අපි සමග ආ ලලනාවන්ගෙන්  අවසරයක් නොවිය. ඔවුන්ද අප සිටි ස්ථානයට කඩන් පාත් විය. බරෙන්  නිදහස් වීම පැත්තක තබා අපි පොටෝ ගැසීම ආරම්භ කළෙමු. මෙහිදී සම්භාව්‍ය ලෙස කුජීත වූ පොටෝ කිහිපයක්ම දුලියා විසින් ගනු ලැබීය.


මේ අතර අපේ මනාල අක්කාගේ  අයියා අපිට උණු පැන් සංග්‍රහයකට  ආරාධනා කළේය. අපි එතනට ගියේ ඔහුගේ ආරාධනාව ඉවත දැමිය  නොහැකිකමට මිස කිසිසේත්ම බොන්නට නොවන වග තරයේ සඳහන්  කරමි. ලෑස්තිකර තිබූ ස්ථානය නම් විශිෂ්ඨය... එය සෙනග නොගැවසෙන වැසිකිලි පහසුකමු සහිත කුඩා කාමරයකි. 

කෙසේ හෝ අපි යන විටත් මෙසය මත ඩෙවල් දමන ලද කුකුලෙක්, කුනිස්සෝ දමන ලද  කඩල පිරිසියක්, කෝක් බෝතලයක්, බියර්  බෝතල් දෙකක්, මතකේ හැටියට ටිල්බරි බෝතලක් බැබලි බැබලි  තිබුණි.


වාඩිවෙනකොට මිනිස්සු.... පස්සෙ කාටූන්.....



අපි ධර්ම රාජ්ජයේ දොරටුවට ඉතා ආසන්නයේ සිටින උන් බැවින් මේසය ලගින් හෙමිහිට වාඩි උනෙමු. මං පැනපු ගමන්  කුකුලගේ  පස්චාත් බාගයේ කුඩා කොටසකට වග කියන ලදී. එත් සමගම සැන්ඩියට තිබු කෝක් එකටද වග කියන ලදී. මේසෙට 8ක් සෙට්වී තිබුණි.ඉන් 3 ක් බොන්නේ නැත. මම ඉන් එකෙකි.අපි බොන්නේ  වතුරය.ඇයි තව කෝක්ද බොයි. ගේන ගේන බයිට් එකට වග  කියන්නේ අපි 3 දෙනාය. බොන උන්ට කන්නට බයිට් නැත.

එක මොහොතක මම දුලියා දෙස බලන කල ඌ පිරිසියක් බදාගෙන අර  කූරටෙන් එය පිරයි. ටිකක් සැලකිල්ලෙන් එදෙස බැලු කල පෙනුනේ චිකන් කැල්ලක් හොයාගන්නට මහා සප්ත සාගරය පීරන්න සේ වලි  කන දුලියාය.



Chapter 03 - ආෆ්ටර් ඉෆෙක්ට්ස්


ගොනෝරියා - මොහු ශරීර කුඩුවෙන් දැවැන්ත පුරුෂ රත්නයකි. ඇගේ හැටියට  බිව්වා නම් හරිය. සුරතල් නාමය සුදු බින්දු හෙවත් ගොනොරියාය. 2 වෙනි බෝතලේ  3/4 කට වග කිව්වේ මුය. තවද බියර් බෝතල් 2 කට  නම් වගකිව්වා සිකුරු. මුට අම්බානට වැදිලාය. පුටුවේවත් ඉදගෙන  ඉන්නට බැරිය. එත් තවත් බොන්ඩ ඉල්ලයි. අවසානයේ තද බල ඉල්ලීම  මත බීම නතර කරන ලදී . නමුත් බෝතලයක් ටින්  ගානවා  ඇහෙන්නට   බැරිය. තොපි මට දෙන්නැතුව බොනවා නේද @$@$# කියයි.





ගොනෝරියාගේ 
තදබල ඉල්ලීම මත
මෙතන තිබූ සේයාරුව 
ඉවත් කරන ලදී








එක පාරට පුටු පෙරලෙන සද්දයක් ඇසුනි. නාලාගිරි ඇතා වැසිකිලියට  දිව්වේය. ඔහු පිටිපස්සෙන් තව අලියෙක් වූ  හසියා දිව්වේය. කබරයෝ  එලියට පැන්නේය. උන් අල්ලන්නට බාල්දි මදිය. වැසිකිලිය තිබ්බේ  වෙලාවටය.


කබරයාගේ වල්ගේ අල්ලන් සිනාසෙන හසී



දැන් නම් බින්දුට පුටුවේ ඉන්නට කොහොමත්ම බැරිය. බිමට රෙද්දක්  එලා ඒ මත දැමුවෙමු. 






රා බිවු නාලාගිරි




අපි ඌ මෙහෙම බොන්නට වූ හේතුව ඇසුවෙමු. එය පපු  කැනැත්ත උන්නු වී බිම පතිත වූ සිද්දියකි. වෙරි මර ගාතේ  මෝහනය වූ අලියෙක් මෙන් අපට ලබා  දුන් පාපොච්චාරණය මෙසේය.

ගොනෝරියා පාසල් සමයේ සිට කෙල්ලෙකුට ලව් කර ඇත. නමුත් ඒ  කෙල්ල මුට කැමති වී නැත. හේතුව ඇයට වෙන කොල්ලෙක් සිටීමය. පසු කාලීනව එය කැඩී ඇත. මැය රට ගොස් ඇත. දැන් ඇය රට සිට මු  සමග බුකියේ චැටදායි. මුත් චැටදායි.බිව්වේ ඒ දුකටය. එකී වෙසගනක්   බං ඌම පවසයි.

ඉතින් එකී බඩුවක් නම් ඇයි  #%$&^ තෝ ඒකිට ලව් කරන්නේ?

මම එකීට විතරයි බන් ලව්. මම ආදරේ කරන්නේ ඒකිට විතරයි.

මේ  අතරතුර විශාල හරස් ප්‍රශ්න සංඛ්‍යාවක් අසන ලද අතර ඒවා බලදාරිය විසින් කපා හරින ලදී.

මු කබරයා කටින් විතරක් නොව තව කොහෙන්ද දැම්මෙලු. එහෙම  කිව්වේ කවියා.

ඒ වෙලාවේ ගොනෝරියා වැසිකිලියේ මුනින් අතට වැටීම වැලැක්වීම සදහා කවියා බිංදුගේ පස්සෙන් සිට කලිසමෙන් ඇදගෙන සිටියේය.

අඩෝ මු  @#$#th කබරයා දානවා බන්. මේ බලහන් අම්බෝ ...
පොටෝක්  ගෑවා.

බලහන් උබේ ඇගිලි ටික තියෙනවද කියලා... ඇහෙම  කිව්වේ හසියාය.

මේකාව දෙහි බෑ දෙකකින්වත් ගොඩගැනීමට නොහැකි විය.

__________________________________________________


චමියා - මේ අපේ කළු හින්දරී සහෝදරයාය. මුටත්  සැහෙන්න  බොන්න වෙන  ප්‍රශ්නයකි. උගේ වෙන්ඩ වයිෆ්ට ප්‍රොජෙක්ට්  මැනේජර්කාරයා ප්‍රොපොසල් ගේනවලු. මු බීල  තියෙන්නේ  ඒ  දුකට. මුටත් ටිකක් සැරටම වැදුනා.


අපි  සින්දු  කියන්න  පටන්  ගත්තා.ජොලියට. හැබැයි විරහ ගීත  කියන්න  ගත්තේ.

මෙන්න යකෝ චමියා අඩනවා  ගයියව බදාගෙන. අපි ටිකක්  සැර විරහ   ගීත කියන්න ගත්තා.

අවසන් ලියුමයි ඔබට ලියන්නේ...

ආවාට තිබුනත් නිසසල සඳ මත...

මේ නගරය මා ඔබ මුණගැසුණු...

තව  සැර  සින්දු ටිකක් කිව්වා මතක නෑ බන්. අනේ චමිය හැපී හැපී   අඩනවා.


කදුලු පෙරන චමියා

ටික වෙලාවකින් ඌ අඩලා ඉවර උනා. කෙලි න් පුටුවේ ඉඳගෙන හිටියා. ඔහොම ඉන්නකොට එක පාරට උගේ ඇග ඇතුලේ හැංගිලා ඉන්න  ජාතික  වීරයා එලියට ආවා. මුස්ලිම් ප්‍රශ්නේ ඇදලා ගත්තා.

යකොව්!!! තොපි දන්නවද 2089 වෙද්දී මේ හම්බයෝ ප්‍රතිෂතේ අපේ  සිංහල උන්ට වඩ වැඩි වෙනවා. ඒක හින්දා මම කියන්නේ තොපි ලමයි  4ක් වත් හදපියව්. මම හදනවා 4ක්. මෙතන සල්ලි ප්‍රශ්න සැරටම  තියෙන උන්  නැනේ. තොපි  4ක් හදපියව්.





මේ කතාව යන අතරතුර දුම්  බට කිහිපයක් අපිට ලැබුණි. කට්ටිය ඒක  ගසන ගමන් කතාවය. ඒ අස්සේ මනාලියගේ අයියා ඇවිත් කියපි


මල්ලි මම සිගරට් බොන එක නැවැත්තුවා. මගේ කාමරේ තිබ්බා පැකට් එක අපේ තාත්තට මාට්ටු වෙලා බිම දාලා චෝක් ගාලා  පෑගුවා.එදා  ඉඳන් මම සිගා ගහන්නේ නෑ බන්.

මේක  ඇහුන  චමිලයා...
අයියේ මමත් මගේ පලවෙනි ළමයා හම්බුන ගමන් සිගා බොන එක  නවත්තනවා.

පිරිස  - එහෙනං මචන් උබට බොන එක නවත්තන්න වෙන්නේ නෑ. කොහොමද බන් උඹ ලමයි හදන්නේ? පිස්සුද බන් උබට ඕක  නවත්තන්න වෙන්නේ නෑ මේ ආත්මෙදි.

හවස  4.30 ට විතර මුගේ වෙන්ඩ  වයිෆ් කෝල් කාලාය. ආන්සර් කලේ  මුය.

අනේ බබෝ මට වැඩි බන්. ඔයා ගෙදර යන්න. (එතුමිය කොලඹ සිට  ගම්පහට  කෝච්චියේ එන ගමන්ය)

එන වෙලාවක එනවා. මම ගම්පහ ඉන්නවා තමුසේ එනකං. ඇගේ  පිළිතුර විය.

බලහන් බන් @#$##$%#$% මේ  ගෑනුන්ට කියන එකක්  තේරෙන්නේ  නැනේ.


අනේ බබෝ මට වැඩි බං 



අනේ බබෝ මට වැඩි බං . තවත්  එක  දවසේ  කතාවකි. වෙරි  1/2 ක්  හින්දෙනකන්  මුව  සාටර්  කරන  ලදී.


______________________________________________________

ගයියා- මේ  අනිකා. නෑ නෑ කිව්වට මුටත් සුට්ටක් විතර වැදිලා හිටියේ . වැදිල්ල කොච්චරද කියනවනම් කන්න දීපු බයිට්  එක ගෙදර  ගෙනියන්න සක්කුවෙත් දාගෙන. අපි පෙන්නුවහම තමා දැක්කේ. එම  අවස්ථාව නම්  ඉතාමත් සංවේදී ලෙස ලොල් සහගත විය.


ද සාක්කුව
වෙඩිම අවසානයේ රසා අක්කාට කමිසය හෝදා දීමටද සිදුවිය.



Chapter 4 (ගෙදර යෑම)

ගැහැණු දරුවෝ ටික දුලියා සමග කාර් එකේ ගෙදර යන ලදී . ඒ අතර  කවියා සමග ගොනෝරියා සිටියෝය.

මමයි  චමියයි  ගයියයි හසියයි අපේ අක්කගේ, අයියගේ ටුක් ටුක්  එකෙන් ස්ටෙෂන් එකට සැපත් වුනෙමු . හසියා  6.20 කැන්ඩියෙන් ගෙදර  ගියේය . ඒ කෝච්චියෙම වෙන්ඩ වයිෆ් ගම්පහට ඇවිත් තිබුණි. අපි ඇය සොයා සිග් සැග් ක්‍රමයට ෆ්ලැට් ෆෝම් එකේ ගියෙමු. අරාට   දැක පුරුදු ගැහැණු රුපයක් පෙනුනි.


මලලසේකරය ඒ අපේ චමියගේ සුර දුතියය. බොහොම අමාරුවෙන්  චමියව අල්ලාගෙන ඇය ලඟින් තබා මම කෝකටත් කියා එහා  බංකුවට  වී හිද ගත්තෙමි. ඒ අවස්ථාවට අනුකුලව ටිකක් ඈතින් සිටීම නුවනට   හුරු බව මට කනාවට වගේ මතකයට නැගුණි.

6.40 ට විතර පොල්ගහවෙල  ට්‍රේන් එක ගම්පහට සැපත් විය. එකේ  නැගුනු අපි මීරිගම බලා ආවෙමු. චමියා  වයිෆ් ගේ උර බදු අරන් බුදිය.


තව ඩිංගෙන් මට දරුණු නිය ප්‍රහාරයක්


ඇගේ  ප්‍රශ්න සියල්ල මගේ කර උඩය. අහන ඒවාට මටත් හොල්මන්ය. බොන උන් ලග ඉදලා මටත් වෙරිය. යන්නේ කොහෙද මල්ලේ පොල්  වැනි උත්තර මගෙන් ඇයට ලැබුණි. එ අස්සේ මම පොන් එකෙන් ඕමි  ගහයි. ඇතැම් ප්‍රශ්න මට ඇහෙන්නේද නැත.

කෙසේ හෝ 7.25 ට පමණ අපි මිරීගමට සැපත් උනෙමු. අරා ගෙදර  යනවිට මධ්‍යම රාත්‍රී  8.00 ට පමණ වී  තිබුණි. දඩ බඩ ගා  නා ගත් මම  අම්මා දුන් බත් වගේ එකක් කා නින්දට වැටුණි. මන්දයත් හෙට  ප්රීති  වෙසක් සැමරීමට ඇති හෙයිනි.

______________________________________________________


ප/ලි :

එකට ගොස් එකට හිද සම්භාව්‍ය ලෙස පජාත වූ සැමට රසා අක්කා වෙනුවෙන් මාගේ ස්තූතිය!!! 



73 comments:

  1. යකෝ මද ගහනවා කියල ඔහොමත් ගහනවද?.. දැන් උඹ කබරු ඇත අරුපුව ගැන ලියන්නේ අර අක්කා වෙන්න ඇති නේ.

    ReplyDelete
    Replies
    1. මේ පොඩි එකා ඕවා කටේවත් තියන්නෙ නෑ බං :-)

      Delete
  2. "අනේ බබෝ මට වැඩි බං" . එහෙම කිව්ව එකා යහතින් ඉන්නවද බං තාමත්

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා... තව ටිකකින් කමෙන්ට් කරයි. :-)

      Delete
    2. :D :D යහතින් ඉන්නවෝ..දුක සැප හොයා බැලුවට ස්තුතියි හොදේ......

      Delete
    3. මොනා උනත් උබනම් මාරම බුවෙක් බන්. මට නැනේ ඔහොම චාන්ස් එකක්

      Delete
  3. මූණු ටික ලස්සනයි
    :)

    ReplyDelete
  4. කෝ යකෝ අර මැදපු සපත්තු....? කමිස අතරින් තෝරගත්තු ෂර්ට්....? වෙලෝනා බැනියමත් ඇඳගෙන පපුවට තඩිබාගන්නනම්....මොකටද ඒවා මැද්දෙ.....හයියෝ ෂල්ලී...

    කොහොම උනත් අර අයියා කට්ටියව දාලා තියෙන්නෙ නියම තැනට....වැදගත් මිනිස්සුත් ඇවිල්ල ඉන්න ඇතිනෙ....:(

    ReplyDelete
    Replies
    1. සිරාවට... කාටවත් පේන්නෙ නෑ ඇතුල :-)

      Delete
    2. මැදපු සපත්තු කිව්වහම මතක් වුනේ ..ඈ රජෝ කෝ බන් එදා ගත්තු පොලිෂ් එක...මම ඒක කාටහරි දුන්නා බන් ගෙදර ගෙනල්ලා නම් නෑ....අපි තෑග්ගත් එක්ක ඒක දුන්නේ හෙම නෑ නේද බන්....

      Delete
  5. උඹලා මගේ වෙඩිමටනම් එන්න එපා..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ තිබ්බෙ නැත්තන් කොහොමටවත් එන්නෙ නෑ... කවුද දන්නෙ උඹ ඔහෙ වෙඩිම ගනීද කියලා :-)

      Delete
    2. අපි පැනලා යනවාත ඒ නිසා එන්න වෙන්නෙ නෑ. හිකිස්....

      Delete
  6. හික්ස්....හයියූ...සිලාවතම ඔයාල ගෙඩල ගියා මඩෑ......;)

    “අනේ බබෝ මට වැඩී බං“....හික්ස්.....හයියෝ හිනා කාල පණයනව අප්ප.....

    ReplyDelete
    Replies
    1. අපිත් ඕකට හිනා කෑවා අග්ලියෝ.. :-)))

      Delete
  7. අදමයි මේ පැත්තෙ ආවෙ, ආව එක ගැන ෆුල් හැපි. නියමයි මේ පෝස්ට් එක හෙමීට පරණ ඒවත් කියෝල බලන්න ඕනෙ :-))

    ReplyDelete
    Replies
    1. හෑ........ ඔබා මාමා කලින් එකකට කමෙන්ට් කලාද මන්දා. හරියටම මතක නෑ..
      කමක් නෑ.
      හෙමීට පරණ ඒවත් කියෝල බලන්නඩකෝ එහෙනං :-)

      Delete
  8. හෙහී මට මේක කියවද්දී අපේ එක්කෙනෙක්වත් මතක් උනා..කවද හරි ඔයාලට මතක් කර කර හිනා වෙන්න පුළුවන් කතා ටික.

    ReplyDelete
    Replies
    1. සිරාවට... :-)
      තව පාටියක් තියනවලු.. බලමු ඒකෙ වෙන ඒවා :-))

      Delete
  9. අද තමයි මුලින්ම මේ පැත්තේ ආවෙ. නියම පෝස්ට් එක. දිගටම ලියන්න...

    ReplyDelete
  10. රජුන් ඇසුරු කිරීම අනතුරුදායකයි කියලා කියන එක මේ රජාගේ වැඩෙනුත් ඔප්පු වෙනවා. රජා මොනවද කලේ කියලා කාගෙන්ද දැනගන්නේ...

    ReplyDelete
    Replies
    1. ලොල්ය.... මම බිව්වෙ නෑතෝ.......................

      Delete
  11. ලස්සනට ලියලා. කතාව හොඳටම රස වින්දා.....:)

    ReplyDelete
    Replies
    1. තෑන්කියු මැඩම්.... :-)

      Delete
  12. අනේ බබෝ මට වැඩී බං................... මමත් වෙලාවක කියලා බලන්න ඔනෙ.. :පී

    ReplyDelete
    Replies
    1. කියලා බලහන්කෝ... හැබැයි පසු ප්‍රථිපල වලට අපි නෑ...

      Delete
    2. හපොයි වෙඩික්කාරයත් වෙඩි කයි වගේ...

      Delete
  13. නියමයි. ආතල් කෝටියයි. බොන තැන්වලට ඇවිල්ල බයිට් එක කන ෂැන්ඩි එක බොන එවුන්ව මට නං පේන්න බෑ. :-)

    ReplyDelete
    Replies
    1. මටත් පේන්ඩ බෑ.. :-))

      Delete
    2. සිරාවටම.මුන්ගෙන් බයිට් එක බේරගන්න බැරිම තැන තමයි ඔය ගයියා හැකි පමණින් බයිට් පීරිසිය සාක්කුවට හලාගත්තේ....:D :D

      Delete
    3. හා හා.... දැන්ම එපා :-)

      Delete
  14. හෆොයි මරු කට්ටිය. බොනවා කියලා ඇත්තට ඔහොමත් බොනවද?
    …කිව්වත් වගේ අර බබා එක පාරට බං වෙච්චි හැටියට ගුටි නොකා බේරුනා ඇති.. :P

    ReplyDelete
    Replies
    1. හිකිස්... සිරාවට.. :P

      Delete
  15. එලටම ලියලා. ඔහොම ආතල් නම් ඕන තරම් මටත් හම්බ වෙලා තියෙනවා. කට්ටියම වෙන්න වයිෆ්ලාගෙන් බේරිලා ආව නම් එච්චරයි.........

    ReplyDelete
    Replies
    1. සිරාවටම වයිෆ්ලා හොදයි...
      වෙන්ඩ වයිෆ්ලාගෙ සැර.. :0

      Delete
  16. එල පොස්ට් එකක් ..... උඹලා බැඳපු අක්කාගේ නමත් කාලම එන්ඩ ඇති .......

    ReplyDelete
    Replies
    1. නම????

      එව්වා වෙලේ... :-)

      Delete
  17. නියම ලිවිල්ල අයියේ හිනා වෙවී බැලුවේ අර බබාගෙන් අම්බානක කන්න ඇති මයෙ හිතේ මාර පොරවල්නේ මේ.... මොනා උනත් රජා නොබිව්ව එක ගැන සතුටුයි...

    //මම මේ කෙල්ලෙක් නැතුව හෙන අමාරුවෙන් ඉන්න එකා.අල්ලේ රේකාත් මැකෙන්න කිට්ටුයි//

    මේ වාක්‍යය දැක්කම හිතුනු දේ හිතාගන්නකෝ බොහෝම අමාරුවෙන් හිනාව තද කරගත්තේ එලියට පනින්න නොදී.නරකද අත් ග්ලවුස් දෙකක්වත් ගත්තොත්... ඒක නෙමේ මේ වාක්‍යයේ තේරුම කංපනා කලාම නම් කියන්න තියෙන්නේ කෙල්ලෙක් එක්ක යාළුවුනොත් පට ගාලා බැඳපන් කියලා තමා.:D

    අර උපදෙස් ටික නම් පංකාදුයි.රින් ද හොඳ සර්ෆ් එක්සෙල්ද??

    //උගේ වෙන්ඩ වයිෆ්ට ප්‍රොජෙක්ට් මැනේජර්කාරයා ප්‍රොපොසල් ගේනවලු.//

    මේකට දුක් වෙන්න හේතුවක් නෑ මොන මගුලක්ද බලෙන් බැඳගන්න බෑනේ.ඕකගේ හොම්බට දෙකක් ඇනලා කෙල්ලව රස්සාවෙන් අස්කරවලා වෙන එකකට දැම්මනං හරි පහු පහු වෙද්දි කොහු කොහු වෙන්න නොදී.

    අර ප්‍රතිශත කතාව සෑහෙන්න ඇත්ත.තව ටික කාලෙකින් මේකත් බංග්ලාදේශයක් ඇෆ්ගනිස්ථානයක් වෙයිද මන්දා මෙහෙම ගියොත්.

    සුපිරි ලිවිල්ල අයියේ.ඒක නෙමේ චිත්‍ර කතාව කොයි ලෝකෙන් හරි ඕනේ.නැත්තම් රජා කියලා බලන්නෑ.... හරිය

    ReplyDelete
    Replies
    1. අයියෙ ගාන්ඩ එපා බං...මං හැමෝගෙම මල්ලි කොත්තමල්ලි වගේ එකෙක්.

      1) //නරකද අත් ග්ලවුස් දෙකක්වත් ගත්තොත්/ හොද අදහසක්....
      2) රින් රින්...
      3) ඒක තමා දැන් ඌ කරන්න ඉන්නෙ
      4) අනේ මන්දා බං..
      5) එල එල.. කතාව මග එනවා
      :-) :-)

      Delete
    2. ගැමියා මල්ලිගේ කතාව සම්පූර්ණ ඇත්ත දැන් වැඩේ කොහු කොහු වේගෙන එන්නේ...නාකි විසේ ගෙටත් උසේ කිව්වලුනේ නේද..මිනිහා එන්නේ මොකාටද කියලා මම පොඩි සමීක්ෂන ගවේෂණ පාරක් දාලා තක්කෙටම හොයාගත්තා...මේ මාසෙ ඉවරවෙනවත් එක්කම ජොබ් එකට ආයුබෝවන් කියන්න කියලා මම ගර්ල්ට කිව්වා...මල්ලිට අයියා කියනවා ඇහුවමයි ඔය :D :D ගැමියා මල්ලියේ බැරිද අපේ මේ කොත්තමල්ලි රජතුමාට අක්කපාන වගේ බිසවක් හොයලා දෙන්න...රජාට නංගිලා හොයන එකත් හරි අමාරුයිනේ...අඩුම ගානේ සාස්තරයක් වත් අහගන්න රේඛා ටික බේරගන්න එපෑ මං අහන්නේ...

      Delete
  18. ලක්ෂණයට ලියා ඇත..

    ReplyDelete
    Replies
    1. බොහොත් බොහොත් ඉශ්තූතී හේ!!!

      Delete
  19. හ්ම්මියෝ.......
    අඩවියට ගොඩබෑවෙ අදයි ඉස්සෙල්ලම....ආයි එන්නම්කෝ ඈ...
    කොහොම උනත් පට්ට පෝස්ට් එක....

    ReplyDelete
  20. මුල ඉඳන්ම පටන්ගත්තොත් හිඟන්නගෙ ගමන් යන්නෙ කවුද බන්.. ඊට හොඳයි නොයා ඉන්නව...

    බබෝ මට වැඩි බං කිව්ව පොර ගැන නම් කතා කරල වැඩක්ම නෑ...

    උඹ ඉන්න තැනක කීයටවත් සෙට් වෙන්නෙ නෑ මොකද කෝක් ටිකයි බයිට් ටිකයි බේරගන්න ඕන හින්ද ;)

    අම්මෝ... උඹලව වෙඩිමකට ගෙන්නන උන්ට ගහන්න ඕන... වෙන වෙලාවක සෙට් වෙලා බිව්වත් වෙඩිමකදි ඔහොම බොනවද මං අහන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. අරූ පරක්කු උනා බං... ඒකයි හිඟන්නගෙ යන්ඩ උනේ.

      :-)

      මං පව් නැද්ද බං :-(

      ඒක තමා මාත් කියන්නේ

      Delete
  21. යකෝ මේක කියෙව්වම මට එදා සීන් මතක් වෙලා ආයෙ වෙරි වගේ...

    ReplyDelete
    Replies
    1. වෙරි උනාට කමක් නෑ දුලියෝ එදා වගේ කබරයා දානව හෙම නෙමෙයි ඕන්...

      Delete
    2. මේක ලියලා මටත් වෙරි වගේ බං :-)

      Delete
  22. පට්ට බන් ලියලා තියෙන විදිය නම්
    සුපිරි ඈ ආයේ කතා දෙකක් නැහැ.
    උබ ඇත්ත කිව්ව එකට මං ගරු කරනවා ඈ අර අල්ලේ රේකා මැකී යනවා කිව්වේ :D

    ReplyDelete
    Replies
    1. බොරු කියන්ඩ ඕං නෑනෙ ඉතින් :-)

      Delete
  23. විනාසයි...

    අප්පේ.. මේ වෙසක් සතියේ.. මම නිරාමිස සුවයෙන් ඉන්නේ..

    සෑමාගේ වෙසක් කලාපයට එරෙහිව ලියවුනු ලිපියක්.. ජාත්‍යන්තර කුමන්ත්‍රන පරදමු.. :))

    ReplyDelete
    Replies
    1. හික් හික්....

      වලත්ත ඇමරිකාවෙ කුමන්ත්‍රනයක් :-)

      Delete
  24. මේක දැකපුහම ආයෙමත් ඇඩෙනවා බන් :D එදා රෙදි ගැලවුනේ කාමරය ඇතුලේ අවකාශයේ..අද රෙදි ගැලවුනේ සයිබර් අවකාශයේ.....හෆොයි. කොහොමවුනත් මල්ලි ලස්සනට වැඩේ කරලා තියෙන හැඩයි...ෂෝක් ෂෝක්..මෙවන් පාටි දස දහස් ගනනින් ලැබේවා කියලා එක හිතින්ම ඔන්න මමත් ප්‍රාර්තනා කලා එහෙනම්....(චමිල්- අර වෙන්ඩ වයිෆ්ගේ සැමියා :D :D )

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!

      වෙරි වේවා!!!!

      Delete
  25. මේ..මේ..රජතුමා..අපේ අයියලත් එකතු වෙලා ඔහොම පාටිදානවා..බැල්කොනි එකේ කැබාබ් එහෙම හදාගෙන බොනවා කටිටිය...මම හොඳ ලමයනෙ එක්කෙනෙකුටවත් පේන්න එලියට එන්නෙ නැහැ මගෙ කාමරෙන්...ඒත් කට්ටිය මදපමනට ආවාම වටපිට පෙන්නෙවත් තේරුමකුත් නැහැ කට්ටිය නිකම් අඤ්ඤෑං මැඤ්ඤැං නෙ...ඒ වෙලාවට මරු අෆ්ෆා...මම හොරෙන් ගිහින් අහගෙන ඉන්නවා......

    ReplyDelete
    Replies
    1. කැබාබ් කිව්වෙ මස් ජාති පුච්චල හදන කෑමකට හොඳේ? බාබකිවු කියලත් කියනව.

      Delete
    2. වෙලාවට කිව්වේ... :-)

      මටත් අඤ්ඤෑං මැඤ්ඤැං උනා :-)

      Delete
  26. කට්ටිය ස්ටෙලා වෙද්දි බොනවට වඩා ආතල්, බොන තැන ඉන්න එවුන් කරන වැඩ සහ කියන කථා බලාගන හා අහගන ඉන්න එක..

    ReplyDelete
  27. mona unath patta pata pata wenna uba liyala tiyenawa malli

    ReplyDelete
  28. අඩවි රජෝ....... අනේ මන්දා. හිනා වෙලාත් බෑ මේවට නොවීත් බෑ. හිනා වුනොත් සුරාවට සපොර්ට් වගේ. හිනා නොවුනොත් හීනෙන් හිනා යයි අද රෑට මේක මතක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ හිනා වෙලා යන්න අනේ... :-))

      Delete
  29. ela ela wechadewal mula idanma matal karata... gayashanta thawa tikak mada gahanna thibba :p

    ReplyDelete
  30. මෙහෙමත් ජීවිත :D

    ReplyDelete
  31. උබ මරුවටම ලියනවා..:)

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. අපො මෙහෙමත් බෙබද්දො :P මටත් ඔය වගෙම වැඩක් වුනා බං...

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)