Sunday, May 27, 2012

කොල්ලෝ බය කරනවා!!! හැට්ටෙ කට්ට ගහනවා!!!


අම්මා.... අම්මා....

නිවස ඉදිරියෙන් ඇහුනු කට හඩට ප්‍රතිචාර දැක්වූ සුමනාවතී හනිකට දිව ආවාය. ඇයට එම කටහඩ හදුනා ගැනීමට ගතවුයේ සුළු මොහොතකි. ඒ තම එකම පුතු වූ සුරේෂ් ගේ කටහඩය. 

සුරේෂ් මැදපෙරදිග සේවය නිමවා ගමේ ගෙදරට එන්නේ වසර 5 කට පසුවය. සුරේෂ් යනු හුදකලාව විසු තරුණයෙකි. අවුරුදු 25 ක් වූ ඔහුගේ ජිවිතයට කිසි දිනක ගැහැණු ළමයෙකුගේ ආදරයක් ලැබී නොතිබුණි. එක අතකින් ඔහු එය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ගේ අගහිගතා බලපෑවා වෙන්නටත් පුළුවනි.

සුරේෂ් කුඩා කල සිට පුරුදු වූ එක දෙයකි. ඒ සිරිපාල නම් තම පියාගේ කුඹුර අසල ගල් පොත්ත උඩට වී බටනලා පිඹීමය. සෑහෙන කාලයකින් ගෙදර පැමිණි සුරෙෂ්ට බටනලා ගැසීමත් මදකට අමතක වී තිබුණි.

කෝ අම්මේ තාත්තා පේන්ඩ නැනේ... කොහෙද ගිහිල්ලා තියෙන්නේ?

ඕං කඩමණ්ඩිය පැත්තට ගියා

එහෙමද?

යන්න ඕන මමත් ඒ පැත්තට

ඕනේ නෑ පුතේ.... ඉදින් මම ගිහින් තාත්තට කියල එන්නම්

මෙන්න මේ බත් ටික කාල ඉනිදින්. දැන් අවා විතරනේ.

සුරේෂ් කාලෙකින් කන්නට ලැබුණු අම්මා උයපු බත් පත කාගෙන කාගෙන යන අතර සුමනාවතී, සිරිපාල හොයන්නට කඩ මණ්ඩිය දෙසට පිය මනින්නට විය. ගමේ හතර පස් දෙනෙක්ගෙන් කඩ පිල පිරී තිබුණි. සිරිපාල කඩ පිලේ දාම් ලෑල්ලට හිස ඔබාගෙන සිටියේය. සුමනාවතී කඩේ පැත්තට හදිස්සියෙන් මෙන් දුවගෙන එනු දුටු මුදලාලි...

අන්න සිරිපලයෝ ගෑනි මේ පැත්තට දුවන් එනවා කලබලෙන් වගේ. 

එහෙත් සිරිපාලට දම් ලෑල්ලේම හිත තිබුණි.

මේ එයි... අන්න පුතා ආවා... සුමනාවතී හති දමමින් පැවසුවාය...


මොනවා....ඇත්තමද? යමු ඉක්මනට 

එක්වරම ලැබුණු අරංචියෙන් ඔහු ඉපිල ගියේය. 

කොල්ල ඇදිල ගිහින්ද සුමනවතියේ?  සිරිපාල සතුටින් ඇසුවේය.

ඔහෙම ගිහින් බලාගන්න.  ඌ බත් කකා ඇති කුස්සියේ.

සිරිපාල හදිස්සියෙන් ගේ පිටිපස්සෙන්ම කුස්සියට ගොඩවැදුනේ සුරේෂ් ව දැක ගැනීමේ දැඩි ආශාවෙනි. සිරිපාල යනවිට සුරේෂ් බත් කා අවසන් වී තිබුණි. ඔහු මේසය යට තිබුණු මැටි කාලයෙන් වතුර බොමින් සිටියේය.

පුතේ... සිරිපාල මද හඩකින් කතා කළේය.

තාත්තා...... සුරේෂ් ආදරයෙන් සිරිපාලව බද ගත්තේය, දෙපා වැන්දේය.

කොහොමද පුතේ රස්සාව?

වරදක් නෑ තාත්තේ... මට සැහෙන ගානක් හම්බ කර ගන්න පුළුවන් උනා. මම ඒවා ඔක්කොම බැංකුවක දාලා තියෙන්නේ ඉස්සරහට අපිට පාවිච්චියට ගන්න.

උබට වරදින්නේ නෑ මගේ පුතේ. සුරේෂ්ගේ හිස අත ගාන ගමන් සිරිපාල කිවේය.

ජනතා ඇසුරට ප්‍රිය නොකළ සුරේෂ් නිතරම සිටියේ තනියමමය. රට සිට පැමිණියද ඔහුගේ මෙම ගතිය වෙනස් නොවී තිබුණි. සුරේෂ් තනියමම ගමේ ඇවිදින්නට ගියේය. ඔහුට ගමේද මිතුරන් නොවීය. සිටි එකම මිතුරත් ඔහු සමග රැකියාව කලද ඔහු මෙවර ගමට අවේ නැත.

සුරේෂ් වැව ඉස්මත්තේ ගෙදර දෙසට පැමිණෙමින් සිටියේය. වෙලාව රෑ 7.30 පමණ වී තිබුණි. පෙර කිසිදින දැක නොතිබුණු කාන්තාවක් සුරේෂ් පසුකරමින් ගියේ ඔහුට මනමාල හිනාවක්ද දමමිනි. එක වරම සුරෙෂ්ට ඒ හිනාව හදුනා ගත නොහැකි විය. යුවතිය පසු කර මිටර් 10 ක් පමණ ගිය පසු නිකමට වගේ ඔහු ආපසු හැරී බැලුවේය. පාරේ කිසිවෙකුත් නොවීය. ඔහුට මහා චකිතයක් දැනුනි. පය ඉක්මන් කල සුරේෂ් පසු පස නොබලාම නිවසට ගොඩ වැදුනි.

අම්මේ මම වැව උඩදී ගෑල්ලමෙක් දැක්කනේ. එත් ආපහු බලද්දී හිටියේ නෑ. සුරේෂ් වෙව්ලන හඩින් කිවේය.

මොකද ඒ ළමය ගැන හිතක් වත් පහළ උනාද. හොයන්නේ? ඒ කෙල්ල වැව බැම්මෙන් බැහැල යන්න ඇති. කුසුමාවතී පිළිතුරු බැන්දාය.

අනේ මන්දා.... කියමින් සුරේෂ් තම කාමරයට වැදුනේ තරමක බියකිනි. 

___________________________________________________________

දවස් කීපයකට පසු

අම්මේ මගේ බට නලාව දැක්කේ නැද්ද?

උබ නැති ටිකේ මම එක අර පරණ පෙට්ටගමට දැම්මා. බලපන් එකේ ඇති.

සුරේෂ් නිදහස් සිතින් පෙට්ටගම දෙසට පිය නැගුවේය. පෙට්ටගමේ අඩියේම තිබී ඔහුට තම ආදරණීය බට නලාව හමු විය.

අම්මේ මම වෙලා පැත්තට යනවා. සුරේෂ් ඇදුමක් දාගන්න ගමන් කිවේය.

මේ ගොම්මන් වෙලාවේ කොහෙද පුතේ යන්නේ තනියම. ඔය සතා සරුපය ඇති බලාගෙන.

හා හා අම්මේ මම හොඳට බිම බලාගෙන තමා යන්නේ. ඔහු සෙමින් සෙමින් වෙල පැත්තට ගියේ එදා හමුවූ යුවතිය ගැන හිතමනි...

සුරේෂ් වෙල අසල ගල්පොත්ත උඩින් හරි බැරි ගැහී හිද ගත්තේය. සාක්කුවේ දමාගෙන ආ බට නලාව එලියට ගත්තේය. වසට ගණනකට පසු අතට ගත් නිසා ඔහුට හරි හැටි පිබ ගැනීමට නොහැකි විය. විනාඩි කිහිපයක් ඔට්ටු වූ පසු ශ්‍රැතිය අල්ල ගැනීමට සුරෙෂ්ට හැකි විය.

ටික වෙලාවක් ඔහු බට නලාව වයමින් හිටියේය. එදා වැව ඉස්මත්තේ දුටු ගෑල්ලමයා නියර දිගේ එනවා සුරේෂ් දුටුවේය. සුරේෂ් මදක් හයියෙන් ආදර ගීයක් වාදනය කරන්නට විය. ගැහැණු ළමයා තමා අසලටම පැමිනියාය. ඇය දැන් ඉන්නේ සුරෙෂ්ට අඩි පහක් පමණ වූ ආසන්නයේය.

ළඟටම  ආපු ළමයාගේ නම අහන්න ඕනා යයි සුරෙෂ්ට මදකට සිතුනි. බටනලා පිබීම පැත්තක තැබූ ඔහු ඇය දෙස නිකමට මෙන් බැලුවේය. මුහුණ එන්න එන්නම විකෘති වෙයි. මහා භයානක පෙනුමක් ගත්තාය. 



ඇස් අදහා ගන්නට නොහැකි වූ සුරේෂ් අම්මේ........ යයි මහා හඩින් කෑ ගහමින් සිහි සුන්ව ඇද වැටුණි.

සුරේෂ් ගේ කටහඩ එළියේ පත්තරේ බලමින් සිටි සිරිපාලට යන්තමින් මෙන් ඇසුනි.
ඒයි....ඒයි...සුමනෝ. කොල්ල කෑ ගැහුවා වගේ ඇහුනා වරෙන් බලන්න යන්න ඔය ටෝච් කෑල්ලත් අරන්.

දෙයියනේ....කොල්ලට සරුපයෙක් වත් කෑවද?

අව කැපෙන කතා කියන්නේ නැතුව වරෙන් මෙන්න මෙහෙ. ඉක්මන් කොරලා....

ටෝච් එක ගත් සිරිපාල සුමනාවතී සමග වෙල පැත්තට කඩි මුඩියේ දිව ගියෝය...

ඒ වන විටත් සුරේෂ් සිහි සුන්ව ගල මත ඇද වැටි සිටියේය..

දෙයියනේ මගේ කොල්ල.......සුරේෂ්ව දුටු සුමනාවතී හනිකට දිව ගොස් ඔහුගේ හිස තම උකුල උඩ තබා ගත්තාය.

මේකා සීතල වෙලා ඒයි... සුමනාවතී සිරිපාලට පැවසුවාය.

මෙහෙම ඉඳල හරි යන්නේ නෑ කෝ උස්සපන් කොල්ලව වෙද මහත්තයා ලඟට ගෙනි යන්න.

සිරිපාල අමාරුවෙන් වත්තන් කර ගත් සුරෙශ්ව වෙද ගෙදරට උස්සගෙන ගියේය. එය ගමට තිබු එකම ප්‍රතිකාර මද්‍යස්ථානය විය.

වෙද මහත්තයෝ........

ආ මේ අපේ සිරිපාල උන්නැහෙනේ. මොකද මොකද මේ?

කොලුවා ගල් පොත්ත උඩ දැපනේ දාල හිටියා මහත්තයෝ. සරුපයෙක් වත් ගහලද දන්නේ නෑ.

කෝ බලමු....... වෙද මහත්තයා සුරෙශ්ව පරික්ෂා කළේය. 

මුගේ ඇගේ නං කිසිම විසක් නෑ සිරිපාල. මක් කොරාද මේ ගොම්මන් වෙලාවේ ගල් පොත්ත උඩ?

කොල්ල බට නල පිබින්න කියල ගියේ මහත්තයෝ... කුසුමාවතී හඩ අවදි කලාය.

තනියම? වෙද මහත්තයා පුදුමයෙන් ඇසීය.

ඔව් මහත්තයෝ.. පිළිතුර සිරිපාලගෙනි.

උබලට පිස්සුද බොලන්. මේ ඉලන්දාරි තනි පංගලමේ බටනලා ගහන්න යවන්න. වෙදා මුහුණ දෙක කරමින් කෑගැසුවේය.

ඇයි ඇයි මහත්තයෝ? සිරිපාල කලබලෙන් ඇසීය.

මුට කාල ඇති සරුපයෙක් නෑ... මුට දැන් බලියක් අරින්න වෙන්නේ. වෙදාගේ ප්‍රතිචාරය විය.

හත්තිලව්වේ ඒ මොකද ආයුබෝවන්ඩ? සිරිපාල පුදුමයෙන් ඇසුවේය.

මේකට ගහල තියෙන්නේ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

මදන යක්සනී
(මෝහිණී) 


ප/ලි:

පෝස්ටුව කියෝලා මෙව්වා වෙලා ගිය උන් මේ සින්දුව අහලා නිවෙන්න....

තව ටික දවසකින් මෝහිණී නිරුවත් කරමු... සාරිය ඔලුවෙ ඔතමු...කට්ටිය ලෑස්ති පිට ඉන්න ඈ... :D  :D 



සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! 


දෙවෙනි කොටස මෙතනින්...

82 comments:

  1. හප්පෝ තෝ නම් මහා වල් රජෙක්.. මොකද්ද යකෝ අර පහලින් කියල තියන කුප්ප කතාව.. සික් ඒ.... :D :D :D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ.... මෝහිණීට සාරිය අන්දපන් කිය කිය අපේ උන් පස්සෙ යන්න හොදා හැමදාම..
      අපි ඔය වගෙ එකක් එක දවසක් කිව්වම මොකෑ වෙන්නෙ.... :D :D :D

      Delete
    2. ඕං බලහන්... උදේ පාන්දර උඹත් වචනයක් අල්ලලා දීලා මට දෙහි කපන හැටී :(

      Delete
    3. අඩේ අප්පා.. රජා මාත් එක්ක තරහ වෙලාද? :D බය බෝයි.. මං ඉතින් ඔය හිතට ආව දේ ඔන්නොහෙ කොටාන ගියා. දැන් ඉතිං අවකාසේ ඉන්න හොඳම ළමයා අඃ... සොරි සොරි .. රජ පැටියා වෙලා නේ නේද?...
      ඕං.. බලන්ඩකෝ මැණිකේ...... ඒකෙත් හැටි!

      Delete
  2. නෙදකින් ඉතරක්! බයක් හිතුනෙම නෑ..

    ReplyDelete
    Replies
    1. හෑ............? නෙදකින් ඉතරක්!

      Delete
  3. අහල තියෙන විදියට බට නලාව නැවැත්තුවොත් මෝහිනී හුගක් දරුණු වෙනවලු ආයෙ මෙහෙ බත් කන්න ඉතුරු කරන්නේ නෑලු... අනික මෝහිනී ඔය බට නලාවට නටන්න එන්නේ මධ්‍යම රාත්තිරියෙ... කවුරු හරි නවත්තන්නේම නැතුව එළිය වැටේනකන් බට නලා වාදනය කලොත් මෝහිනී එම වාදනයෙන් වශීවෙලා ආපහු යන්න බැරුව පිංසේන්ඩු වෙනවලු යන්න දෙන්න කියලා..

    එහෙම කරද්දිත් බටනලාවාදනය කලොත් මට යන්න දෙන්න.. වරයක් දෙන්නම් කියනවළු.. ඉතින් ඔන්න එළිවෙනකන් නොනවත්වා බටනලා වාදනය කරන්න පුලුවන් කවුරු හරි ඉන්නවනම් ගිහින් වරයක් ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. සිරාවට???? ශික්.....මට ගහන්න බෑනෙ බට නලා :(

      Delete
  4. ක්සැන්ඩර්ගේ කතාව නම් මටත් හිතුනා. අර බෑන්ග් බෑන්ග් එක අනේ අම්මාපල්ල මෙහෙමත් රජෙක්. අපේ හිටිය තරමක් හිටියේ එහෙම රජාල තමයි. දුට්ට ගාමිණීගේ ඉඳලම. පිට පැන්න නේද? කමෙන්ට් එක ඔක්කොම කියවලාම දෙන්නම් රජාට දුං විසිවෙන්න.

    ReplyDelete
    Replies
    1. අන්ත:පුරයක්ම තියන් ඉන්නෙ ඒ වගේ වැඩ වලට තමා... :-)

      //දෙන්නම් රජාට දුං විසිවෙන්න.// හෑ......??????

      Delete
  5. මීට පස්සේ සෑමා මෙහෙ එන්නෙ නැහැ..

    මෙයා අපිව බය කරනවා..

    අඩෝ නිරුවත් කොරනව කිව්ව නේද? එහෙනම් එක පාරක් බලලා යන්න එන්නම්..

    ජය වේවා.. රාජ්ට සම්පත් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. /මීට පස්සේ සෑමා මෙහෙ එන්නෙ නැහැ..//
      එහෙම කරන්න එපා ඉතින්.... :-)

      Delete
  6. වලා රජාගේ පස්සෙන් මෝහිනී එයිද දන්නේ නැහැ කොමන්ට් කරන උන්ටත් අර මොනාද කරන්න.
    මාත් ඊලග පාර අනිවා එන්නම්කෝ ඈ

    ReplyDelete
    Replies
    1. එව්වා අපි දන්නෑ.... :-)

      Delete
  7. අද නම් අපිට බය වෙන්ඩ කාරණයක් නෑ...

    ReplyDelete
    Replies
    1. හිකිස්...... ඒදා බය උනානේ........... :-)

      Delete
  8. මං බය .......... වුණා.

    ReplyDelete
    Replies
    1. හොද..........................පුතා.

      Delete
  9. අම්මෝ ...මේං අපි බය උනා.....

    ReplyDelete
  10. මචන් ඔය මදන යක්ශනී නැත්තන් රාගිනි කියන කෙනාට නෙවෙයි ඇත්තටම මෝහිනී කියන්නේ.මදන යක්ශනී වැහුනම සිහි නැති වෙන්නේ නෑ අර කළු කුමාරයා වැහුන ගෑනු ළමයින්ට වෙනවා වගේ ලිංගික ක්‍රියාවන් හීනෙන් අත් විදීමට වෙන ඒක තමයි වෙන්නේ . ඒකෙන වෙන්නේ හැමදාම අර යක්ශනී කොල්ලගේ ඇදට එනවා අර අහවල් වැඩේ හීනෙන්ම කරනවා . ඒකෙන වෙන්නේ මදන යක්ශනී වැහුන කෙනාට කෙල්ලෝ ගැන නැත්තන් කසාදයක් ගැන තියන ආසාවල් නැතුව යනවා . මදන යක්ශනී කියන්නේ දිශ්ටියක්........

    හැබැයි අර ගෑන්ග් බෑන්ග් කතාව නම් හරි .. ඕකිට ඔහොමම තමයි කරන්න ඕනෑ ...... :D

    ReplyDelete
    Replies
    1. මේ කට්ටිය මට බයිනවා බං.... බෑන්ග් බෑන්ග් ඉවත් කලා :-(

      Delete
  11. අර අන්තිමට කිව්ව එක් කරනකොට මාත් එනවා හොදේ...

    ReplyDelete
    Replies
    1. එපා බං.... මම දැන් ධර්මිෂ්ඨ උනා...
      එහෙම කිරීම පවක්... මෝහිණී උනත්.

      Delete
    2. අඩෝ හෙන ගහනවා බං...මං හෙන හෝප්ස් තියාගෙන හිටියේ...

      Delete
  12. රජතුමාට බටනලා ගහන්න දැනගන්න ඔනේ නැහැ, ගිටාර් ගහන්න පුලුවන්නම් එත් මොහිනි එනවා...(මම බොහොම බයවුනා මගෙ පන එපාවුනා සිංදුවෙ ගායකයටත් මොහිනි හම්බවෙලාතියෙන්නේ ගිටාර් එක අරන් යනකොට) රාජ සම්පත් ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. හිකිස්.... ඒකත් බෑනෙ බං :-)

      Delete
  13. ඔක්කොමත් හරි බොල.. මොකද්ද අර අන්තිමේ කියලා තියෙන කැත කතාව.. මේක ඇත්තටම තහනම් උනොත් ඔන්න අපි නෑ..

    ReplyDelete
    Replies
    1. මැකුවා මැකුවා..... :(

      Delete
    2. අඩේ මකන්න තරම් දෙයක් නෙමෙයි නේ බොල කිවුවේ...

      Delete
    3. අවුලක් නෑ සනා.... ඒක සබ්‍යත්වයට පටහැනී කියලා කීපදෙනෙක්ම කිව්වා..

      එක්කෙනෙක් එකපාරයිලු. :-)

      Delete
  14. අනේ අම්මප රජෝ මෝහිනී අක්කට ඔහොමත් සලකනවද :ප
    තවත් බය වෙන එකක් ලියන්න ශක්තිය දෛරිය ලැබෙවා !!
    අන්තඃපුර ස්ත්‍රීන් වැඩි වේවා !! :ඩ්

    ReplyDelete
    Replies
    1. උඹටත් කියන්නෙ මම දැන් ධර්මිෂ්ඨයි!!!

      මෝහිණී යෙහෙන් බෙලෙන් වැජබේවා..... අපි මොකුත් කරන්නෙ නෑ.. :-)

      Delete
  15. හවසට උරුවම් බබා තනියම යන්න එපාය කියල අපේ ආච්චි අම්ම කියන්නේ මේ නංගි එන හින්ද වෙන්න ඇති මයේ හිතේ. දන්නේ දන්නේ කතාව. නිරුවත් කතාව කොටු කොටු ඒවිද ?

    ReplyDelete
    Replies
    1. අපේ පියතුමත් කියනවනේ ඕක...

      Delete
  16. හෑෆූ...........මෙයානම්.......

    ReplyDelete
  17. මටත් ආශයි ඔය මෝහිණීව බලන්න....මූණ විරූපී කරගෙන දඟලන්න හදනකොටම අනිනවා හොම්බ කුඩුවෙන්නම..!!! :(

    ReplyDelete
    Replies
    1. ඇයි ගෙදර කන්නාඩියක් නැද්ද....

      Delete
    2. Skyman125 - ++++

      වින්චැට් කිරිල්ලි - ගෑල්ලමයිට පේන්නෙ නැතෝ.............

      Delete
  18. දන්න කියන්න කාලෙ ඉඳලම කෙල්ලො පස්සෙ ගිය හින්දද කොහෙද මෝහිනී මගෙ පස්සෙ එන්නෙ නැත්තෙ... ඒකිට උනත් බය හිතෙනව ඇතිනෙ...

    ReplyDelete
    Replies
    1. හිකිස්... එච්චරටම කොටු පැන්නද? :-)

      Delete
    2. Skyman125@....මෝහිණී ගරා යක්කු පස්සෙන් යන්නෙ නැතිලු...:D

      Delete
  19. අම්මෝ හරි බයානකයි ... හික් හික් ...

    ReplyDelete
    Replies
    1. හික් හික් ... භයානකයි බං :-)

      Delete
  20. මන් බොහොම බය වුණා.... බය වුනු පර රජෝ මන් පස්සෙනුත් පන්නනාවෝ හේ හේ ...........

    ReplyDelete
    Replies
    1. බලාගෙන කොල්ලෝ........කඩාගෙන යයි :-)

      Delete
  21. තුහ් වලත්ත රජා... :D මේ අරක ගලවද්දි අඬබෙරයක් ගහපන් රජෝ හොඳේ ;)

    ReplyDelete
    Replies
    1. ගලවන්නේ නෑ... මම ඒකිට ලව් කරනවා :-)

      Delete
  22. හැම එකාම හොල්මං කතා දානවා.මම එව්වට බයයි යකූනේ

    ReplyDelete
  23. ආ බෝල රජෝ උඹ ඒ ගමන ඒ අහිංසක කෙල්ලට මඩ ගහන්නද හදන්නේ ? ඕව සහගහන අපරාධ රජෝ... උඹට මොහිනිම ගහපියව්...

    ReplyDelete
  24. මට මතක් වෙන්නෙම වෘෂභ රාජ.... ඒක නෙමේ බං කෝ බබා මෝහිණී තනියමද ඇවිල්ලා තියෙන්නේ නැත්තං බබෙක් ඉල්ලං යන්නද ඇවිත් තියෙන්නේ.... මොකාක් හරි එකක් දාලා තිබිලා මං එද්දි අයින් කරලනේ... රජා වල් වෙන්න හේතුවා හොයා ගත්තා ගලක් උඩ වැටිලා මොකක් හරි වෙලා තියෙනවා මයෙ හිතේ ඒකයි මේ

    ReplyDelete
    Replies
    1. ඔය බබා හම්බුවෙන්න කලින් කතාවක් ;)

      Delete
    2. @ ගැමී - එයා බබා නැතුවත් එනවලු බං

      @සාතන් - +1

      Delete
  25. උබ කොරන වැඩෙන් යක්කුත් ඔරොප්පු වෙනවා රජෝ.පරිස්සම් වෙයන් ඕං. ජය..!

    ReplyDelete
  26. මම අද ඔරුව හබල් ගානකොට දැක්ක කවුද සුදු සාරි ඇදගත්තු ගෑනු මනුස්සයෙක් පොඩි එකෙකුත් වඩාගෙන පණ බයේ දුවන් ඇවිල්ල ගඟට පනින්න යනව. මම ඉතින් ඇහුවා මොකද සීන් එක කියල. එතකොට ඒ මනුස්සය කියාපි අර වල් රජා මගේ රෙදි ගලවන්ඩ එනව ඊට කලින් ගඟට පැනල මැරෙන එක සැපයි කියලා. ඒ ගෑනු කෙනා තවත් කිව්වා රජා රෙදි ගැලෙව්වත් කමක් නෑ මූ ඒක බ්ලොග් එකෙත් ලියන එක තමා ඉවසන්න බැරි කියල හික්ස්ස්

    ReplyDelete
    Replies
    1. හෑ... ඒකි එහෙම කිව්වද? හිටු මම ඕකිගේ පොටෝ දානවා ඉන්ටර්නෙට් එකේ...
      ඕකි දන්නෙ නෑ මගෙ හැටි.. :/

      Delete
    2. @ තොටියා,
      ඒ විතරක් නෙවි බං, මූ කලින් කිව්ව මෝහිනීගෙ සාරිය ගැලෙව්වම අපිට අර ගැන්ග් බෑන්ග් එකක් දාන්න එන්න කියලත්. දැන් මූ ඒක මකල. අපි එයි කියල හිතල වෙන්න ඇති. කමක් නෑ ඔන්න අපි එන්නෑ. රජා මෝහිනීගෙ පස්සෙන් එද්දි දැන් උඹ ඉස්සරහනේ ඉන්නෙ. ඔන්න ඔහේ උඹල ත්‍රිසම් එකක් වත් දාපල්ල. :-)

      Delete
  27. ඕකි මට සෙට් වෙන්නෙම නෑනෙ... කොහොම හරි මග ඇරල යනව... අහුවුනොත් නම් උඹ කිව්ව වගේ සාරිය ඔලුවෙ ඔතනව...

    ReplyDelete
    Replies
    1. සා........තන් කිව්වම මෝහිණිත් බයයිලු බං :-)

      Delete
  28. මට නම් හිතෙන්නෙ රජෝ මෙතන මොකාක් හරි වෙන හුට පටයක් තියනව උඹෙයි මොහිනී කෙල්ලගෙයි...

    මේ යකාට දෙනටමත් මොහිනී ගහලද මන්ද... ;)

    ReplyDelete
    Replies
    1. අපේ නැන්දත් කිව්වා... ;-)

      Delete
  29. දෙයියනේ කියල වැඩේට යද්දි කැම් එක අරං පළයං කොල්ලො! :D

    ReplyDelete
    Replies
    1. එහා ගෙදර එකාගෙ එක තමා ගන්න වෙන්නෙ :-)

      Delete
  30. පස්වාන් දහසකට කට්ට ගහන්න ගිහින් දිස්ටිය වැටුනොත් රජතුමනි...? බඩුම තමා කට්ටියට මෙ දෙක විතරද කරන්නේ... ;-)

    ReplyDelete
    Replies
    1. කට්ට ගහලම බලමු.... :-)

      Delete
  31. දැන් මෝහිනී එලියට බහින්නේ නැත්තේ කොල්ලොන්ගෙන් බේරේන්න බැරි නිසාලුනේ

    ReplyDelete
    Replies
    1. ඒකයි මේ රහස.... උඔලා නං හදන්න බෑ බං... :-)

      Delete
  32. ඇයි බොල.......ඔය ගෑණි වෙන මිනිස්සු හොයාගෙන යන්නෙ ඒකිගෙ මිනිහගෙ මොනවහරි අඩු නිසා වෙන්න ඇතිනෙ බං.......එහෙව් එකේ ඒකිගෙ සාරිය ගලවල ඔළුවෙ ඔතන එක හරි වැඩක්ද බොල.......උඹනම් මහම මහ නරක සමනලයෙක් ඩෝ

    ReplyDelete
    Replies
    1. ඌගෙ අඩු එක අපි ලග දිගට තියෙනවලු :-)

      මම සමනළයා නෙමේ බං... රජා :-)

      Delete
  33. අපේ අම්මත් හවස ඉර බැහැගෙන යද්දී කරන්න එපා කියල ලොකු ලිස්ට් එකක් කියල තිබ්බ එයින් එකක් තමා මේ බටනලා ගහන්න එපා කියලා. එහෙනම් මේකයි රහස.

    ReplyDelete
    Replies
    1. ආහා................ඔය කියවෙන්නේ....

      Delete
  34. මට යක්ශ කෙන්තියි කතාවේ හොදම හරිය වෙන්න ඉරි ටිකක් ඇදගෙන ගිහින් තියෙන හැටියට... :D

    පව් දෙයියනේ රට ඉදන් ආපු කොල්ලා..මදැයි ඉතින්..දැන් බලියකුත් නටන්නයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කෝ... :-)

      අපි නටමු ප්‍රීති වීලා...

      Delete
  35. අපේ රජා ඒ කාලේ මෝහිනී පස්සේ ගියානේ ඒ දවස් වල වෙන්ටෑ ඕව කියන්ට ඇත්තේ අන්තිමට බූට්‌ එක වැදුනට පස්සේ ටරහට රෙදි ගලවන්න හදනවා උබ නම් මහා අවලං රජෙක් බන්

    ReplyDelete
  36. රජෝ පරිස්සමෙන් ඉදපන්.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)