Friday, May 25, 2012

නීත්‍යානුකූල අවසන් ට්‍රිප් එක හා හොම්බ තලා ගැනීම.. (චුට්ටක්වත් 18+ නෙමේ)


වර්ෂ 2010 ය.......
රජ A/Lකල අවුරුද්දය. දැන් ට්‍රිප් එකක් යන්න ඕනෑය. මේ අපි ඉස්කෝලෙන් යන අන්තිම ට්‍රිප් එකය. බුදු ෆන් එකක් ගන්නට ඕනෑය. සයන්ස් එකේ උන් යන්නේ එක එක දිහාස් වලය. අපේ පන්තියේ උන් රිවස්ටර්න් යන්න කතිකා කර ගත්හ. බුදු ආතල් එකේ ගමන ගියෙමු. නකල්ස් යන පාමුල මොකද්ද ඔයක් ඇත. නම මතක නැත. නාන්න ලෑස්ති වේලාමයි ගියේ මෙතනමය.


කොල්ලා නළු බට්ටා වගේ හිටියා

රජට නාන්නට මහාම මහා කම්මැලි කමක් දැනුනි. අනික එතන නාන්න තිය කකුල් දෙක හොදා ගන්නත් වතුර මදිය. හිට ගත්තහම වතුර තියෙන්නේ වළලුකර ගවටය. ඉද ගත්තත් පුක සම්පුර්ණයෙන් තෙමෙන්නේ නැත.


වතුර ගොඩා................යි

කට්ටිය නානකන් අපි පොටෝ ගැහුවෙමු. හදිස්සියේම කොහේදෝ තිබ්බ ආතල් එකක් ඔලුවට ගහල නනා හිටපු උන් අපිට වතුර ගැහුවෝය.රජට කෙලඋනේ මෙතන දිය.

වතුර ප්‍රහාරයෙන් බේරෙන්න කට්ටිය දිව්වෝය. මම රජත් පන එපා කියල දුවන්නට පටන් ගත්තෙමි. හැරෙනවාත් සමගම දිය සෙවෙල බැදුන ගලකි. රජට පල්ගස්යට දෙයියන්ගේ පිහිටය. ඉතාමත් අලංකාර බැලේ ඩාන්ස් එකකට තනියම වටයක් කැරකුණු මම ගල උඩ නිදා ගත්තෙමි. (වැටුනේ එහෙම නෑ හරිය...) පොටෝ ගහලා ගහලා හරි මහන්සිනේ එකයි.... කොයි තරම් වේගයෙන් නිදා ගත්තද කියනවා නම් යට තොල්පොටේ උච්චම චර්ම කොටස ගල උඩය... කට නෑ වගෙය. රතු පාට දියරයක් ශර්ට් එක දිගේ වැක්කෙරෙයි. වැටුනට වඩා ඉක්මනින් මම නැගිට්ටෙමි. කටට අමුතු ටෙස්ට්  එකක් දැනෙයි. තුහ්... මම කෙල ගැසුවෙමි. බුදු අම්බෝ... එලියට පැන්නේ නෙක්ටෝ බිල කෙල ගැහුවා වගේ කෙල බෙට්ටක්ය. 

ඒ අස්සේ එකේ දුවගෙන ඇවිත් මචන් උබ පට්ට වෙලාවේ බං වැටුනේ. මේ බලහන් උබ වැටෙන හැටි. නියමෙට වැදුනා බන්. මම මෙහෙ ලේ පෙරනවාය, මු ඇවිල්ල උක්ත ආක්‍යාත පද කියනවාය. ඌට මොකුත් කියන්නට මට කට ඇරුනේ නැත. මන්ද කට චොප්පන් වී ඇත. 

රාජකීය කරනම

වහාම බස් රථයට ගිය මම බොන්න ගෙනාපු වතුර බෝතලෙන් කට හොදා ගෙන වහාම වෙන ෂර්ට් එකකට මාරු උනෙමි. අරක ඇඳන් ගියානං මිනිස්සු බය වෙන්නේ ඩ්‍රැකියුලා එනවා කියාය. කටත් මනාව හැදිලා තිබුනේ ඒ කැරැක්ටුවටමය.

කොහොමද තොලේ සයිස්?


මට පට පට ගා සෙට් එක එක්ක කන්නට බැරිය. එකෙන් පාඩුව උනේ උන්ටමය. මව්තුමිය මස් කුට්ටි කුට්ටි දාලා 4කට 5කට කන්න ඔතලා දීපු බත් එක මම තනියම හිවලා වගේ කාගෙන කාගෙන ගියෙමි. (හයියෙන් නෙමේ... හෙමින්... රස කර කර....මගේ ලේ රහත් තියෙනවනේ)

රිවස්ටන් උඩ හීතලට කටේ ඉදිමුම් ටිකක් අඩුවිය. ට්‍රිප් එක ගැන ලියන්න මතක නැත. එනිසා ඒ ගැන නොලියමි. මතක වැටුන සීන් එක විතරය. මේකත් මතක් උනේ මේසේ අස් කරද්දී මගේ ට්‍රිප් ඇල්බම් එක දැකලාය.

ආ....... එකක් කියන්න බැරිඋනානේ අපි පලා පොලගෙක් දැක්කනේ බහිනකොට... මේ................ :-)



ප/ලි:

පිටවල පතන උඩ ගහපු අපේ පවුලේ ඡායාරූපය.

මේ ගෑල්ලමයා අපේ පන්තියෙ නෙමේ ඈ..
මට මේ යාළු මාළුවෝ ඔක්කොම මගඇරිලා..ආසාවට එකෙක් නෑ.  මොකද මං ඉන්නෙ ඩොටේ නේ. අනේ.... මට ආයෙ ඉස්කෝලෙ යන්ඩ ඕනෑ බං... :-(  



ප/ප/ලි :

යක්ස කතා වලින් කෙල්ලො බය කෙරුවා. දැන් බහුතරය කොල්ලො බය වෙන්න ලෑස්ති වෙලා ඉන්න ඈ....  :-)

කළු කුමාරයා පට්ට ගැහුවට කමෙන්ටු 100කින් උපකාර කල සැමට ස්තූතියි!!! (පළමු කමෙන්ටු 100)

70 comments:

  1. පට්ට ෆොටෝ එක ඈ....

    ReplyDelete
    Replies
    1. ලස්සනා...............යි නේ? :-)

      Delete
  2. මට මොකුත් එපා අරඑක්ස්ටනල් එකේ 250 දෙන්න ඒ හොදටම ඇති..අලේ මේ පැත්තෙන් යන ගමන් විහිළුවට වගේ දාන් යන්න...හලී...බෝරින් මේ බෝඩිමේදි.... ;) ;) ;)

    ReplyDelete
    Replies
    1. අනී.......චූටි තරූ නලක් උනාද කුක්කු පුතා... (1000 රුපීස් ඕනා හැබැයි)

      Delete
  3. සාමාන්‍යයෙන් මිනිස්සු වැටෙන විට සිඳුට හිනා යන්නේ නැත. එහෙත් මේකා වැටී ඇති ආකාරය දකින විට හිනා නොවීත් බැරිය..........
    ඒක නෙමේ, ඒ කාලෙත් ඔයා කැතයිනෙ මල්ලි...... ආ සොරි සොරි, පස්වාන්දහසකට බුදු වෙන්න රජතුමෝ..... ඒ අවධියේදීත් ඔබතුමාට තිබී ඇත්තේ හපු‍ටුම හපු‍ටු මූණක්ය

    ReplyDelete
    Replies
    1. හපුටු තියා කොකටු උනත් ඔහොමත් මූණටම කියනවද ඈ...?

      ආ....මම දන්නවා. ඒ කිව්වෙ මම හැන්සම් කියලා. අත්දැකීමෙන් කියන්නෙ. දවසක් මට ගෑල්ලමෙක් ඔහොම කියලා ඊට පැයකට විතර පස්සෙ....

      නෑ අනේ ඔයා හරි ෂෝයි.... මට එකපාරට ඒක කියාගන්න බැරි උනා කිව්වා... :-) :-)

      Delete
  4. අපිත් ඔය ඉස්කෝලෙම සයන්ස් එකේ ඔය ට්‍රිප් එකම තමයි ගියේ. රිවර්ස්ටන්. මරු ආතල් වැඩේ උනේ ගිය බස් එකේ බ්‍රේක් හෝස් එකක් පුපුරල. පාරෙ තිබුන තාර අරගෙන හෝස් එක වටේට තියල රත් කරල රෙදි වලින් බැඳල තමයි බස් එක පහලට ගෙනාවෙ. අල්විස් සර් (තාම ඉන්නවං) කියයි හරියටම විස්තරේ.

    ReplyDelete
    Replies
    1. මම ඉස්කෝලෙන් එද්දි නං සර් හිටියා... දැන්නං කොහොමද දන්නෙ නෑ.

      අපෝ...දෙබර වංගුනෙ තියෙන්නෙ.. :-)
      අපිත් බස් එක යට වදිනවට ගල් තියලා උස්ස උස්ස ගෙනාවේ... ආතල් ගංගාවයි :-)

      Delete
  5. මොනවද බං අර 250 කම තියන අරව. :)
    250 කම දාගෙන ඉඳලත්, උඹ තාමත් අර උඩ ෆොටෝ එකේ ඉන්න බුවා වගේ මහතයි ද බං. අයියෝ ෂල්ලි ... :)

    ReplyDelete
    Replies
    1. ඔය හෙන ඉස්සරනේ බං.... ඒ කාලෙ ඉදගෙනම ඉදලා තමා ඔය.. :-)

      අම්බානට කෙට්ටු වෙලා හිටියා.... ගිය සතියේ බෝඩිමට ලැප ගෙනිච්චෙ නැති හින්දා ආයෙ මහත් වෙලා :-)

      Delete
  6. 2010 A/L අප්පේ මූ කිරිසප්පයෙක් නෙව..

    අපිත් ඉස්කෝලෙ කාලේ අතල් ගත්ත බං, ග්‍රෙගරි වැව ඉහත්තාවෙ රෝස ක‍ටු පඳුරු බදාගෙන සමහර උන් ආතල් ගත්තේ...

    ReplyDelete
    Replies
    1. හිකිස්.... :-)

      මම තාම පොඩි එකා බං ලොක්කයියේ

      Delete
  7. උබටත් වෙන වැඩ
    ඒක නෙවේ උබ වලා කියලා පි කියන්නේ නැහැ බන් වලෝ
    ඇත්තමයි උබ පල්ලා වලාට අපි ආයේ වලා කියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඉතින් හා වලෝ... වලාට වලා කියන්නෙ නැතුව වෙන මොකාට වලා කියන්නද?

      Delete
  8. කැඩුන් නැනේ දත්දෙකක්

    ReplyDelete
    Replies
    1. පූරුවේ පිනකට දත් ටික විතරයි ලස්සනට පිළිවෙලකට තියෙන්නෙ :-)

      Delete
  9. උඹ 2010 A/L කලේ.. ශික්. උඹ එහෙනම් පොඩි රජෙක්නේ බං... :)

    ReplyDelete
    Replies
    1. උඹලා හිතන් හිටියේ මම හෙන ලොකු එකා කියලද? වයසෙන් වගේම ඇගෙනුත් මම සූටි එකා.. :-)

      Delete
  10. බලාගෙන යද්දී මේකා රජ පටියෙක්නේ , ඇත්තමයි 2010 උ.පෙළ කිව්වා නිසා තමයි පොඩි එකෙක් කියලා දැන ගත්තේ, නැත්නම් තියෙන වල් කමේ හැටියට මම හිතන හිටියේ නාකි වල් රජෙක් කියලා

    ReplyDelete
    Replies
    1. ෂික්කේ........ මං ගැන හිතන් ඉන්න හැටි ඈ? :-)

      Delete
  11. //500 එක්ස්ටර්නල් එකේ 250කම අරවා//

    මදි! :P

    ReplyDelete
    Replies
    1. මදි?
      මට ඔක්කොම බලාගන්න විදිහක් නැතුව ඉන්නේ... :-)

      Delete
  12. ඕක තෙල්ගමු ඔයයි. තව ඉස්සරහට ඇල දිගේ උඩට ගියානම් නාන්න පොට් ඕනාතරම්. පූල් එකක් තරම් විශාල තැනකුත් තියෙනවා.. කොහොමටත් නාන්නෙ නැතිවුන්ව වතුරට තල්ලු කරත් නාන්නෙ නෑ කියනවනෙ..

    රිවර්ස්ටන්, පිටවල පතන, තෙල්ගමු ඔය මම ගිය ආතල්ම ට්‍රිපකි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...තිබ්බා තමා.
      කොහෙද අපේ මිස් කෑගැහුවනේ යන්න එපා....යන්න එපා. මට වගකීම් බාර ගන්න බෑ කියලා :-(

      Delete
  13. තොගෙ බ්ලොග් එක ගෙදර උන් දැක්කොත් තමා කෙල වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිකිස්.... එයාලා මේක බලන්නෙ නෑ.
      කවුරුහරි පෙන්නුවොත් තමා කෙල වෙන්නෙ :-)

      Delete
  14. ඔය උඹ වැටුන තැන තමයි කොහොම ඇඩ් එක ගැහුවේ. මතකද කොහොඹ රුක් සෙවනැල්ල සිසිල දෙන සින්දුව එහෙම තිබ්බේ? අනික දෙවැනි එක, ඔය වැටුන තැනට ටිකක් උඩින් තියන මහා ගල ගාව නම් වතුර කර ගාවට විතර යටය. උඹලා නාපු තැන ගල් විතරනේ තියෙන්නේ..

    රිවර්ස්ටන් ගිහින් වෙච්ච ආතල් වෙනම පොස්ට් එකක් දැමීමට තරම් ඇත.. එත් පොටෝ නැත.. හාඩ් එකට කෙලවීම නිසා මගේ වටිනා පොටෝ සියගානක් ඉවරය.

    ReplyDelete
    Replies
    1. සිරාය...එතන පට්ට පොට් එකය....

      හාඩ් එකට කෙලවීම තරම් ‍ඛේදජනක ඉරණමක් තවත් නැත...මගෙ එකටත් සති 2කට උඩදී කෙලවිය..

      Delete
  15. අපිත් කැම්පස් එකෙන් ගියා රිවස්ටන්. ඔය ඔතන ඉදන් ඉතිරි කන්දම නැග්ගේ අපි පයින්. ඩ්‍රයිවර් උඩට යන්නම බෑ කීවනේ... හොද ගනන් ඉතිං...
    :)
    මේ පෝස්ට් එක දැක්කම ආයෙම ඒ ගමන මතක්වුණා.

    මරු කරනම. මොනව වුනත් 4,5 දෙනෙක්ට ඔතල දීපු බත් එක තනියම කෑවනේ. ඉතිං නරකද කරනමක් ගහපු එක...

    ReplyDelete
    Replies
    1. අපිත් පයින් අක්කෝ උඩට ගියේ.... අෆ්ෆා වහ ඈ....

      කරණම ගහලා ඉවර වෙලානෙ කෑවෙ.. :-)

      Delete
  16. අඩේ චූටිත් ඉන්නවා චූටිගේ දුවත් ඉන්නවා !

    ReplyDelete
    Replies
    1. හිකිස්... කැලෑ චූටි :-)

      Delete
  17. හෆොයි මට මැරෙන්න හිනා අර වැටෙන පින්තුරේ දැකලා. හැක හැක හැක නිකන් ඩාන්ස් කරනවා වගේ රජෝ :පි

    දෙවෙනි පින්තුරේ කස්ටිය ගොඩ පීනනවා හිකිස්‌

    ReplyDelete
    Replies
    1. මේව්වා අක්කෝ රාජ බ්‍රෙක් ඩාන්ස්...
      හැමදාම නෑ.. හැමතැනම නෑ... :-)

      Delete
  18. අනේ රජෝ මටත් ආයිත් ඉස්කෝලෙ යන්න හිතෙනවා. මොනවා කරන්නද ? දැන් අපිව බාර ගන්නේ නැතිවෙයි නේද???????

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දොස්තර මහත්තයෝ...ගන්නෙ නැතිවෙයි නේ.. :-(

      Delete
  19. ඇති ඔයින් ගියා...අම්මෝ ලිස්සන ගල් තලාවක්?? තව ඩිංගෙන් රජතුමාගෙ ශ්රී මුඛය නාලු වෙනවා...

    ReplyDelete
    Replies
    1. තව ඩිංගෙන් නෙමේ.... නාලු උනා.. :-)

      Delete
    2. හිහි..නාලු රජා....
      ඔය නාලු අංක 1...මම කීවෙ නාලු අංක 5 විතර....
      ඒ තරම් අවධානම් තෑනක නේ කරණම ගහලා තියෙන්නේ.....ඒකයි......

      Delete
    3. නාලු අංක 5.... අම්බෝ...!!! :-) :-)

      Delete
  20. මරුපින්තූරේ හොඳේ ,රජාටත් වෙන වැඩ :ප
    //යක්ස කතා වලින් කෙල්ලො බය කෙරුවා. දැන් බහුතරය කොල්ලො බය වෙන්න ලෑස්ති වෙලා ඉන්න ඈ.... :-)//
    ලියන්ඩ ලියන්ඩ රජතුමනි අපි බයවීම සඳහා බැඳී සිටිමු :ප

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..... බය වෙයල්ලා ඈ... :-)

      Delete
  21. pixu hadei ban. Sirawatama he***ya ekema kiwwada watuna welawe?
    Koheda ban ape un dan trip ekak wath yanna set wenne nane. Okkoma katin witharai wada. ;(

    ReplyDelete
    Replies
    1. ඇහුවා නේන්නං....සිරාවට... :-)

      අඩෝ සෙට් වෙලා යමුකෝ එකක්... බොක්කෙන්ම!!!

      Delete
  22. වැටෙන හැටි දැක්කම ජොන්ටි රෝඩ්ස්ව මතක් වුනේ පට්ට පිම්මක්නේ පැනලා තියෙන්නේ ඇයි රජෝ ගල් උඩ සපත්තු දාගෙන දිව්වම ලිස්සනවා කියලා දන්නැද්ද බොල.... ආහ් අනික අයියා කීවේ අපරාදේය මේකාද 2010 A/L පොරකි....

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා බං...හදිස්සියට මතක් වෙන්නෙ නෑ බං

      ඒකනේ මම උඹට කවදාවත් මල්ලි කිව්වෙ නැත්තේ... :-)

      Delete
  23. අ..අවසරයි....ර්..ර්...රජ තුමනි....
    හොඳ වෙලාවට ඔ‍ටුන්න ගලවල ඉඳල තියෙන්නෙ...

    අසාවේ බෑ රජ තුමනි වතුර ටික දැකල....

    ReplyDelete
    Replies
    1. කොහොමද ජලස්කන්ධය.... :-)

      Delete
  24. තව ජූන්ජෙන් වැටෙනවා

    ReplyDelete
    Replies
    1. තව ජුන්ජෙන් වැටිලා ජුන්ජා චොප්පං වෙනවා :-) :-)

      Delete
  25. අරු නියම පැපරසියෙක් නේ. උඹේ කටේ හැටියට පුදුමයි කට උහොමවත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තාමත් රිදෙනවා බං මතක් වෙද්දි.. :-)

      Delete
  26. අපරාදේ.... මම ගෙදරින් කේස් එකක් ඇදගත්ත හින්දා එන්න බැරි උනානේ....

    ReplyDelete
    Replies
    1. සිරාවට???? උඹ ආවෙ නැද්ද? මට ඒකවත් මතක නෑ බං. :0

      Delete
  27. "රාජකීය කරනම"ගහල වෙලාව හොදනිසා බේරුනා
    නැත්නම් සොරි.කොම් තමා කිංට......

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් කිව්වා....
      ඔලුව වත් වැදිලා සොට්ටපොච්චි උනානං කෝමද??? :-)

      Delete
  28. ඇයි යකෝ මේ ඇටිකිච්චටද මෙච්චරකල් අපි රජා රජා කීවේ.? පෙනේද මුගේ තරමටද වැඩ.වල් රජා. ජය.!

    ReplyDelete
    Replies
    1. ආ.......... නරකක් වෙලා තියෙයි. හික් හික්... :-)

      Delete
  29. හයියෝ..... හිතාගෙන හිටිය ට වඩා තූති රජෙක්නේ මේ...... :D :D

    නියම රාජ නර්තනය... රාජ නර්තන කණ්ඩායමේවත් නෑ මේ තරම් ලස්සන ට බ්‍රේක් ඩාන්ස් දාන්න පුළුවන් අය. නියමයි වල් රජෝ.....

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. අනේ...... මෙයත් මට වලාලු... මං අඩනවා ඈ.... :(

      Delete
  30. අනී සාඩු...ඕම වෙලා මඩි......

    ReplyDelete
  31. මාර ෆොටෝග්‍රපි බන්.. ගත්තු එකා මොනා වුනත් සිරාවට උගේ වැඩේ කොරල තියනව..
    කෝ මේ රජා දිය කෙලියට යනකොට අන්තප්පුරේ එක්ක නෙවිද යන්නේ. එකෙක් වත් නෑ නෙව

    ReplyDelete
  32. අපරාදේ අර කරනමේ උච්චතම අවස්ථාවේ තව හොද හොද ෆොටෝ ටිකක කට්ටියට්ය ගන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. sequence දාල ගත්ත නම් ෆට්ට ෆොටෝ ටික..!!

      Delete
  33. මෙතනට කියන්නේ ඉලුක්කුඹුර කියලා.නකල්ස් අඩවිය අයිති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි කාර්යාලය එහෙමත් පිහිටලා තියෙන්නේ මේ ඉසව්වේම තමා.මම අන්තිම වතාවට මෙතනට ගියේ මීට 1995 අවුරුද්දේ අපේ පාසලේ පරිසර සංගමය සංවිධානය කරපු ගවේෂණ චාරිකාවකදී.පිටවල පතන පිග්මිවනාන්තර වගේම මීට අවුරුද දහස ගණනකට කලින් අපේ ආදී මුතුන් මිත්තන් යකඩ කර්මාන්තය සඳහා භාවිතා කල උඳුන් (ස්වාභාවික සුළං ශක්තියෙන් බලගැන්වුණු) පිහිටි ප්‍රදේශයත් ඒ ගමනේදී අපේ අවධානය දිනාගත්තු විශේෂ ස්ථාන.මගේ ඒ මතකය ආයෙත් අලුත් වුනා රජෝ.

    ReplyDelete
  34. අඩේ පව්ලේ පොටෝ එකේ මමත් ඉන්නවනේ රජෝ පොඩි නිවැරදි කිරීමක්
    2010 ගියේ පේරාදෙණි බන් 2009 තමයි රිවස්ටර්න්

    ReplyDelete
  35. කැලා කුමාරිගේ දූ සිගිත්තියව දන්ගල්ල මහතාට යෝජනා කරලා තිබ්බ මතකද,,,,,,,

    ReplyDelete
  36. හෙහේ...
    අපිත් නුවරඑළි ගියා මතකය....

    වික්ටෝරියා පාක් එකේදී මොනවදෝ උනාත් මතකය..!!

    ReplyDelete
  37. ඔයාගේ බැලේ ඩාන්ස් එක දැකල මගේ බඩ සිදෙනවා අයියෝ...

    ReplyDelete
  38. ලස්සන ඩාන්ස් එක අනෙ සුට්ටක් එහෙ මෙහෙ උනා නම් දත් ටික බඩේ :v

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)