Monday, November 4, 2013

අයියා මල්ලී වාගේ...අයියා මල්ලී.........!!!! - Brotherhood Forever


ගෙදර ලොකු අයියා උනාමත් හෙනම කරදරේය. පොඩි මලයා ලොකු වෙන්නේ නැතුව අර පොඩිකාලේ හිටියා වගේ බෝල ගෙඩියට, කිරිදත් දෙකක් විතරක් කටේ තියෙන විදිහට දිගටම හිටියානම් හොදය. මේවුන් ලොකු වෙන ඒකෙත් පොඩි පොඩි වාසි නැතුවාම නොවේය. හදිස්සියට මේස් දෙකක්, බැනියමක්,බෙල්ට් එකක්, පර්ෆියුම් එකක් උනත් උස්සන්න පුළුවන්ය. මොකද රජා ඕක කරනවාය. සමහරදාට ඇදන් යන ඒවායින් හතරෙන් තුනක් විතර මල්ලිගෙය. ඔක්කොමත් හරිය. ඒ උනාට ගමකට ගහන්න වගේ දෙන ටෝක නම් උඩින්මය. කරගන්න පුළුවන් ඇති මගුලකුත් නැත. කතාවනං මහාවංශෙන්ය. 

ඔය මල්ලි කියන හෝතඹුවට මම ෆිල්ම් බලන වෙලාවක් එහෙම පේන්නම බැරිය. ඌට ගණන් අහගන්න මතක් වෙන්නේ, ඉංග්‍රීසි රචනා ලියන්න මතක් වෙන්නේ ඔය වගේ වෙලාවටය. ඒකත් ෆිල්ම් එකේ හොදම කෑල්ලක් යන වෙලාවටය. එක්කෝ සුපිරි වලියක්, නැත්තම් හොද කෑල්ලක් ඉන්න හරියක වගේ ඇස පින පිනා කදුළු වගුරුවමින් ඉන්න වෙලාවටය. හෙඩ්ෆෝන් එක ගහගෙන හිටියත් මුගෙ යටිගිරියෙන් කරන අයියේ........... කෑගැහිල්ල මට ඇහෙන්නේය. ඇහුනේ නෑ වගේ හිටියත් අම්මා ඇවිල්ලා අන්න අර ගාන කියලා දෙනවා මල්ලිට කිව්වහම ඒක කරන්න ඕනෑය. නැත්තං ඉතින් යන ගමන් Main එක ඕෆ් කරගෙන ගිහාම ෆිල්ම් තිය මොන ලබ්බක්වත් බලන්න වෙන්නේ නැත.ඒක හින්දා කතා කරන වෙලාවට යන එක ඇගට ගුණය.

ඔය ගානක් කියලා දෙන එක තරම් අමාරු වැඩක් නම් ලොවෙත් නැත. මොකද මම කියලා දෙන එක ඌට තේරෙන්නේ නැත. ඌ හදන විදිහ මට තේරෙන්නේ නැත. ඔය වෙලාවට ඉතින් හෙනම කාලගෝට්ටියක්ය. ඌ මට බයින අතරම මම ඌට බයින්නේය. ඔය වෙලාවට අම්මා සද්දයක් දැම්මේ නැත්තන් දෙන්නා අනිවාර්යෙන් ගහගන්නවාය. 

මේ ඊයේ පෙරේදා සාධක වෙන් කිරීමේ ගානක් හදනවාය. මූට ඒක සුළුකරන්න බෑ කියලා මට කතා කලේය. එතන තියෙන්නේ පොඩි සීන් එකක්ය. දැක්ක ගමන් පේනවාය. ඒ උනාට ඉතින් පොඩි උන්ට ඕක පේන්නේ නැත. අපිත් පොඩිකාලේ ඔය බෝට්ටුවෙම නිසා ඒක දන්නේය. ඒත් මූ සුළු නොකර බලාගෙන ඉන්නකොට මට මල පනින හැගීමක් එන්නේය. පොදු සාධක විදිහට 3x එළියට ගන්න පුළුවන්ය. මූ ඒක නොකර බලාගෙන ඉන්නේය. 

රජා: මොකද්ද යකෝ කරන්නේ... 3 එළියට ගනින්...

යුව: මොන 3ද ඕයි....

රජා: යකෝ ඔය තියෙන්නේ... 

ඔය වෙලාවෙම වගේ පිය රජා ඔය අසලින් ගියේය.

පිය: දැන් 3 නැද්ද? කලිසම ගලෝලා තමා බලන්න වෙන්නේ...

හම්බෝ...මුළු කෑම මේසෙම හෙල්ලුනාද කොහෙදය. ඒකට නම් අර කූඩුවේ හිටපු බල්ලත් හිනාවුනාද කොහෙදය. රජා යුවාට හොද ටොක්කක් ඇනලා එහෙම ගාන හදන හැටි කිව්වේය. හෙනට පදිරි වෙලා ඉන්න වෙලාවේ ඇනපු ටොක්කට මිනිහට තද උනේය.

යුව: මුගේ ආච්චිට හාල් ගරන්ඩ........

ඕක කුස්සියේ උය උය හිටපු අම්මට ඇහුනේය.

අම්මා: දෙන්නගෙම එක ආච්චි නේද ඉන්නේ? ආච්චිට ඕනේ නෑ...ඇවිල්ලා මට හාල් ටික ගරලා දෙන්නකෝ චූටි පුතේ...

හයියෝ...මලයා ආයෙත් කිච උනේය. දැන් නම් මිනිහට අම්බානටම තද වෙලාය. ඇස් දෙකත් හීනි කරගෙන තද මිටි කකා ගාන හදන්නේය. 

සාමාන්‍යයෙන් මේ පන්ති යන වෙලාවට ඇහෙන සාමාන්‍ය වදන් මාලාවක් ඇත. 

මට තේරෙන්නෑ ඕයි...
පලයන් යන්න මෙතනින්...
මම තනියම හදාගන්නන්...
මොකද්ද ඕයි තමුසෙගෙ ඉස්කෝලේ?
අම්මේ........මෙන්න ගහනෝ......
ටොකු අයින්න එපා ඕයි...
කෝ මේ මාකර් එක?
තණකොළද කන්නේ...?
යකෝ මෙතන තිබ්බ මක්කේ කෝ??


මෙන්න ගණිත රජා සමග ශිෂ්‍ය යුවරජා රගන වසරේ චාටර්ම වීඩියෝ ක්ලිපය,



ප/ලි:

අපේ අම්මා නම් කියන්නේ මම ගුරුවරයෙක් නොවුනේ හොද වෙලාවටලුය. නැත්තන් ළමයි මගෙන් බැනුම් අහලා ගුටිකාලා ඉවරයක් නැත. නැත්තන් මම ළමයින්ගෙන් ගුටි කනවාය. 

ඔය මල්ලි කියන එකා ඉපදුන දවසේ ඉදන් මට දෙන්නේ වදමය,

යුව රජ සිද්ධි

 

අපේ තවත් පොඩි ආතල් එකක්,



සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

66 comments:

  1. ^_^ ayya wagema nathai malayath.... :D :P

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවනේ ඉතින් සිද්ධිය...නැද්ද හා :X

      Delete
  2. අඩෝ අපේ ගෙදරත් ඔය සීන් එකම තමා, අපේ එකත් මගෙන් මොනාහරි අහගන්න ආවම මගෙන් බැනුම් අහගෙනමයි යන්නෙ :D

    ReplyDelete
    Replies
    1. පව් ඉතින් ඒ පොඩි වුන්ගේ හිතේ උසට ඉන්නකොට මොළෙත් ඒ වගේ ඇති කියලා ,, =D>

      Delete
    2. ඇයි බං අපිට එහෙම තද වෙන්නේ? h-(

      Delete
    3. මේ... අපූරුයි ඔමායා... තමුසේ ගුටි කනවා ඈ දැන් මගෙන් :))

      Delete
    4. @රජා උන්ගෙයි අපෙයි අදහස් ගැලපෙන් නෑනෙ බන් ඒකයි එහෙම වෙන්නෙ, උබට වගේමයි මටත්, අපේ එකත් මට වඩා අව්රුදු 8ක් බාලයි :D

      @අ.ඔමාය උසෙන් මහතෙන් බුද්දිය මනින්ඩ බෑ කියල බොගෙ එලදෙන් මොලේට තේරෙන් නැද්ද, අපි මෙහෙම හිටියට සුපිරි කොල්ලො හරිද, නැද්ද රජෝ :D

      Delete
    5. උසෙන් මොලේ මයිනවානම් බං.... මේ ඔමායට මොලයක් ඇත්තෙම නෑනේ. ඇයි මටත් වඩා මිටීනේ... =)) =))

      Delete
    6. හු ඈ ඉදගෙන ... මං රජාට වඩා උසයි w-)

      Delete
  3. අඩේ අන්තිම ටෝක්කනම් පව් යකෝ,අපේ එකාටවත් මම ඔහොම කෙලින්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකනං මටත් රිදුනා ඕයි :)

      Delete
  4. මට ඒ පොඩි එකාගේ අනාගතේ අඳුරු වෙන හැටි බලන්න බෑ.ඒක නිසා වීඩියෝ බැලුවේ නෑ

    ReplyDelete
  5. අඩෝ උඹයි මල්ලි හෙන වෙනස් ඕයි.. උගෙ ඇ‍ඟේ මයිල් ගහක් නෑ.ඒකට උඹේ, ZOO එකෙ ඉන්න වලහගෙත් ඔච්චර නැද්ද කොහෙද. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. මයිල් නැති එකා කියන්නේ....
      වැඩිය කෑ ගහන්න එපා. අර පොටෝව දානවා... අපේ ගෙදර පුටුව උඩ බුදියන් ඉන්නේ මස් වැද්දා වගේ. මයිල් ගුහාවක් යකෝ ඒක

      ලොල්... :))

      Delete
  6. මල්ලිට දෙන්නෙ නැතිව අයියා තනියම මාරි එකටත් කෙලිනවා...මරු හොදේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ...බඩිගින්නට කන්න ඕනේ හොදට :))

      Delete
  7. උඹලට කියන්ඩ මූ ගොඩක් වෙලාවට මගෙ ජොක්කුත් ඇදන් යනව..මූ ඇදලම මගෙ ජොක්කු ඇදිල ගිහින් දැන් :/

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් යකෝ යන්න :))

      Delete
  8. අයියාට මේ රජගේ මල්ලි සදාලා
    මරු ඩබල ඈ!

    ReplyDelete
  9. අපෙත් එමමයි එසේමයි බං! නංගි දැන් මං ඉන්න වෙලාවට ප්‍රශ්නයක්වත් අහන්නේ නෑ! මොකෝ ඉතිං ටොකු කන්න වෙනවනේ!

    ReplyDelete
    Replies
    1. මේක හෙන අවුලක් බං... කාටවත් මොකුත් කියලා දෙන්න බෑනේ බං අපිට!

      Delete
  10. පව් පොඩි මල්ලියා අප්පා ,, අපි මේකට ෆොටෝ කොමෙන්ටුත් නිර්මාණය කලානේ එකසිය ගානට බුකියෙදී

    ReplyDelete
  11. ආ බං, මේකේ දෙබස් එක්ක ඔරිජිනල් එක දැම්මනම් මක් වෙනවද මං අහන්නේ.. පොඩි එකා ඔළුව කස කස ඉනට අත්දෙක තියන් බලාගෙන ඉද්දී අපි හිටපු හැටි මතක් වුනා ඉස්කෝලේ කළු ලෑල්ල ලග..

    ReplyDelete
    Replies
    1. ඒවා දාන්න බෑ බං..අර ස්පීඩ් කලාම ඒවා ඇහෙන්නේ නෑ හරියට :)

      Delete
  12. අපේ ගෙදරත් ඔහොමම ත්මයි බන්... දැන් අපේ නන්ගිට මම ගණන් කියලා දෙනකොට නින්ද යනවාලු...

    ReplyDelete
  13. රජෝ අර සින්දු කියන විඩියො එක නං එපා වෙන්නෙ නෑ බං.. අපේ මහත්තයත් මේ ළඟදි මතක් කරල, මං හෙන අමාරුවෙන් හොයලා දාලා දුන්න... හි හි.....

    අපෝ දන්න අඳුනන උන්ගෙන් ගනං අහගන්නවා කියන්නේ පුදුම කරුමයක්... මං පහේ විතර ඉන්දැද්දි අපේ මාමා දොළහෙද දහතුනේද කොහෙද.. දවසක් මට ධන රින කතන්දරයක් කිය කිය ගානක් කියලා දෙන්න ගිහින් එතනින්ම එයාගේ ගනං පාඩං මට එපා උනා.. ඇයි වදේ.. හතරේ පහේ එවුන්ට මොන ධන රින ද....

    ReplyDelete
    Replies
    1. හයියූ...එහෙමද? ඒක තමා ඒකට හෙන වීව්ස් ගානක් තියෙන්නේ :))

      අපේ එකාටත් තාම බෑ හරියට ධන සෘණ

      Delete
  14. අඩේ මට මතක් වෙන්නෙ මම අයිය්ගෙන් ගනන් එහෙම අහ ගනිද්දි ඔය සෙතේම තමා මටත්....

    ReplyDelete
    Replies
    1. මල්ලි වී ඉපදීම අනතුරුදායකයි වගේ :))

      Delete
  15. උඹේ මල්ලි උඹට වඩා උස යයි වගේ නේද? ටොකු අනින්න තියෙන්නෙ තව සුලු කාලයයි.

    ReplyDelete
  16. නියම ඩබල. උඹ ඔය ඉංජිනියරිං ටෝක් දීල හදන ගණං අර පොඩි එකාට තේරෙන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...ඌට මම ෂෝට්කට් කියලා දුන්නේ!

      Delete
  17. mama ape mallita wadak kiyala denakota oi vidiyama thama anthimata denna mara gannawa ahinsaka mama ammagen hodata banum ahanawa habai malli pau rajo

    ReplyDelete
    Replies
    1. සේම් හියර් ඕයි..බැනුම මට :))

      Delete
  18. යකෝ යුවරජව ඔහොමත් නොන්ඩි කරනවද බන් වැදගත් රජාලා

    ReplyDelete
  19. මටනම් පේන්නෙ රජෝ මලය බොට කින්ඩි දානවා වගේ..

    ReplyDelete
  20. යකෝ මං හිතන් හිටියේ බාල සහෝදරයො නිසා දුක් විදින්නෙ මං විතරයි කියලා. මොකද කියන්නෙ හදමුද සංගමයක් මේ බාල පරපුරට විරුද්ධව. :-)

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... හදමු... මම එනවා!!! =))

      Delete
  21. සහෝදර ප්‍රේමය උතුරායන රජ පෝස්‍ටුවකි. ‍තෝ වැනි සොහොයුරෙකු ලබන්නට ඒකා කුමන පාපයක් කලාද ගිය ආත්මේ? කුකුලන් කෙටෙව්වද?

    ReplyDelete
    Replies
    1. මොකක් කලා??? කුකුල්ලු කෙටෙව්වම මෙහෙම වෙනවද? :))

      Delete
  22. වීඩියෝ ටිකත් ලෝඩ් උනානං පෝස්ට් එක තවත් ගතියට තියෙයි.. ඒත් කොහේ.. අපේ නෙට් ස්ලෝ නෙ !

    ReplyDelete
  23. අර වුඩා කියන්න වගේ මෙ පොඩීකා නම් කරල තියෙන්නෙ එසේ මෙසේ පවක් නෙමෙයි.තාත්තයි අම්මයිත් මරු නෙ
    මේ මට ආරන්චි හැටියට උබ අපෙ පැත්තෙ එන්නෙ නැද්ද කොහෙද.මෙ අවසාන දැනුම් දිම.රජකමටෙ කෙලො ගන්න හදන්න එපා

    ReplyDelete
    Replies
    1. ආවා ආවා ලොකු සෑර්... :)

      Delete
  24. පව් බං යුව රජා. අසරණ යුවා.

    ReplyDelete
    Replies
    1. බොරු අනුකම්පාව... :))

      Delete
  25. උඹල දෙන්නත් මරු ආතල් ගන්නේ නේ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. දන්නැද්ද ඉතින් :))

      Delete
  26. හොද වෙලාව මන් පවුලේ බාලයා උනාට කාගෙන්වත් ගුටි කාලා ගනන් හදලා නෑ වැරදෙන්න හරි ,හරි යන්න හරි තනියම ගනන් හැදුවා.පව් බොල යුවාට ගැහැව්වට ටොකු අනින්ඩ එපා....ලබන ආත්මේ යුවා උබේ අයියා වෙලා ටොකු අනි

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඔය අලගෙඩිය වගේ ඉන්නේ =))

      හෙහ්... එහෙම වෙන්නෑ....

      Delete
  27. පොඩි එකා පවු අප්පා

    ReplyDelete
    Replies
    1. පවු??? උඹ දන්නෑ ඌ ගැන :))

      Delete
  28. යුව රජ වෙන එකත් මහ එපා කරපු වැඩක් බං...මමත් මහරජාගෙන් හොදට ටොකු කාල ඇති....

    ReplyDelete
    Replies
    1. හහහා... මෙන්න තවත් ගුටිකාපු මාමා කෙනෙක් :))

      Delete
  29. මහ කකුලුවා ඇදට යන ගමන් පොඩි වුන්ට කෙලාන් යන්න කියනවා කියන්නේ ඕවට තමයි

    ReplyDelete
  30. රජා ලබන ආත්මේ යුවරජා වී, යුවරජා රජා වී මීටත් වඩා ලොකු ටොකු කෑමට වාසනාව ලැබේවා!!!
    හැබැයි අපේ ගෙදර නම් නිතරම ඇඩුවෙ අක්කා, මගෙන් ගුටි කාලා. (පාඩම් කියලා දෙන්න ගිහින් නං නෙමේ. මොකද මං ගෙදර වැඩ කියල ජාතියක් ගෙදරදි කරන නරක ලමයෙක් නෙවීනෙ)

    ReplyDelete
  31. ඕනෑම ගෙදරක වැඩිමලා ගේ තත්වය ඔබ තුමාගේ තත්වයම තමා..

    ReplyDelete
  32. මාත් අපේ මලයට මේ දවස් වල කෙමිස්ට්‍රි කියල දෙනවා. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට වෙන්නෙ මලය මට කෙමිස්ට්‍රි උගන්නන්න එන එක තමයි. අය්යට මල්ලිට ටොකු අනින්න පුලුවන් වුනාට අක්කට මල්ලිට ටොකු අනින්න අමාරුයි. මොකද මල්ලිලත් අයියල වගේනෙ.

    ReplyDelete

කමෙන්ටුවක් දාලම යමු...ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි.....(හොදින් කිව්වෙ)

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)